Tuesday, December 7, 2010

ඉදලා හිටලා හරි සිංහලෙන් කතා කරද්දි කඩුව වැනෙනවද?

අපේ ගොඩාක් කට්ටිය කතා කරද්දි භාෂා කිහිපයක් පාවිච්චි කරනවා.... ලොකුවට කිව්වට මමත් එහෙමයි.... ඒ කියන්නෙ අපි සිංහලෙන් කතා කර කර ඉන්න ගමන් ඉංග්‍රීසි වචනත් පාවිච්චි කරනවා..... සමහරුන්ට නම් දරුණුවට ඕක තියෙනවා... බොහොම ස්වල්ප වශයෙන් එහෙම කරන අයත් ඉන්නවා.... ගොඩාක් වෙලාවට යෙදෙන්නෙ යා යා කියන යෙදුම... ය(ර්)ස් කියන එකනෙ ඔය යා වෙලා තියෙන්නෙ... අපේ වැප් මල්ලි, බ්ලොගී, සංසාරෙ අපි ලියන නංගි එහෙමනම් නිතරම මේ යා යා කියන වදන පාවිච්චි කරනවා.... මේක අහලා මට මතක් උනා පොඩි කතා දෙකක්... එකක් අපේ යාළුවෙකුට සිදු උන සත්‍ය සිදුවීමක්... අනික මම කියෙව්වෙ මහින්දගෙ ආගිය කතා තීරයෙන් හෝ පත්තඬුවන අහපු කියපු කතා කියන තීරු ලිපි දෙකින් එකකදි...



අපේ යාළුවෙක් හිටියා... නම අංජන... පාසැල් කාලයෙත් හොද කථිකයෙක්.. රැකියාව කලෙත් නම ගිය කල්බදු සමාගමක.... පොඩි කඩු උණකුත් නොතිබුනා නෙමෙයි... පොඩ්ඩක් දා ගත්තහමනම් ඩේලි නිව්ස් පත්තරේ පෑගුනා වගේ... ඉංග්‍රීසියෙන්මයි කතාව.... ඉතින් මේ අංජන මලයා දවසක් ගියා තමන්ගේ ප්‍රධානියා ලගට.... ඔහුත් ආයතනයේ වැඩ ගැන ලොකු කතාවක් කියලා අංජනගෙන් මෙහෙම ඇහුවා.....


තේරුනා නේද අංජන....?


යා බොස් යා යා......


යා කිව්වේ අංජන................?


අපේ එකා ප්‍රධානියාගෙ කාමරෙන් වාශ්ප වෙලා ගියාලු...


දෙවෙනි කතාව මේකයි.. සමහරවිට කට්ටිය අහලත් ඇති....


ඔය ලොකු ලොකු කාර්යාලවල තියෙනවනෙ එක රැස්වීම්... ඉතින් මේවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයිනෙ පැවැත්වෙන්නෙ.... දවසක් සාකච්ඡා කාමරේ මේ වගේ බර සාකච්ඡාවක් යනවා.... ලොක්කත් ඉතින් එතනනේ... ලොක්කගේ කාර්යාල සහායක සිරි මල්ලි, ලොක්කගේ කාමරේ පාළු කප කප නිදි කිර කිර ඉන්නවා... එක පාරටම දුරකථනය නාද වුනා.... සිරි මල්ලි දුවලා ගිහින් ගත්තා රිසීවරේ.....  කතා කලේ ලොක්කගේ නෝනා.... දැන් දෙබස මෙහෙමයි....


හලෝ.........



ආ..සිරි මල්ලිද? කෝ සර් ඉන්නවද?


ආ. සර් නෑනෙ මැඩම්..... හදිසි මීටින් එකකනෙ.....


අහ් එහෙමද? සිරි..... සර්ට එහෙනම් පණිවිඩයක් කියනවද?


කියන්නම් මැඩම්, මොකක්ද පණිවිඩේ......?


දුව වැඩිවියට පත්වුනා කියලා ඉක්මණට ගෙදර එන්න කියනවද එහෙනම්.....


හරි මැඩම්... මම ඉක්මනට කියන්නම්.......


දැන් සිරි මල්ලිටත් සතුටුයි... ලොක්කගේ ගෙදර පාටියක්... පේන්ට් කරන වැඩ ටිකක් එහෙම කරලා දීලා ගානක් කඩා ගන්න පුළුවන්නෙ.... පොර දුවලා ගියා සාකච්ඡා කාමරේට... ගිහින් හිට ගත්තා පැත්තකින්... දැන් පොරට ඇහෙනවා ඉංග්‍රීසි එහාට යනවා..මෙහාට යනවා.... එන්න එන්නම පොරටත් ආවා ටිකක් මේ කඩු කික් එක ඇඟට. අන්න ඒ වෙලාවෙ තමයි ලොක්කා දැක්කෙ සිරීව.... මොකක් හරි පණිවිඩයක් තමයි කියලා දැනගත්ත ලොක්කයි සිරියි අතරෙ දෙබස යනවා මෙහෙම.....



ආ සිරී.... වයි(why)?


මූත් දැන් කඩු කික් එකේනෙ ඉන්නේ..... දන්න විදිහට ඉංග්‍රීසි වචන දාලා මෙහෙම උත්තර දුන්නා.....


ආ සර්.... සර්ගෙ වයිෆ්(Wife) කෝල් කලා.....


ආ මොකටද සිරී.....


අජන්ට්(Urgent) මැසේජ්(Massage) එකක් සර්......


ආ මොකක්ද සිරී.....


සර්ගෙ ඩෝටර්(Daughter) එන්ලාජ්(Enlarge) වෙලා කියලා ගෙදර එන්න කිව්ව ඉක්මනට...


මීටින් එකට වෙච්ච දේ ඔයාලම හිතාගන්න.....




ප.ලි. ඉංග්‍රීසි වචන සිංහල යුනිකෝඩ් වලින් ගහද්දි තමයි ඇඬෙන්නෙ.....

26 comments:

  1. ඔය වගේ කඩු උන තියෙන එකෙක් මල ගෙදරක ගිහින් එද්දි යාලුවෙක් හම්බ වෙලා.

    යාලුවා : කොහෙද මචං ගියේ
    කඩු උන කාරයා : murder එකකට ගිහින් එන ගමන් මචං

    ReplyDelete
  2. අභීතයෝ, නියම කාතාව.

    යෙප්.... යෙප්.... අහා...

    දෙවනි කතාව දුකාත් කමෙන්ට් එකක දාල තිබුනා "oneonezerowords" එකේ.

    ReplyDelete
  3. ඔය වගේම වැඩක් අපෙ එකෙකුටත් උනා ලඟදී

    අපි යාපනේ ගියා රාජකාරී වැඩකට අපේ සහයට දමිල නිලදාරීන් දෙදෙනෙකුත් ලැබුනා. මුන් දෙන්න ඉතින් හොඳට සිංහල කතා කරනව.අපි අතරත් හිටිය ඔය වගෙ ඉන්ගිරිසියෙන් කතා කරන්න කැමති එකෙක්.
    ටිකකින් අපිට් සිද්ධ උනා තැන් දෙකකට යන්න.

    අපෙ එකා අර කොල්ලගෙන් අහපි

    පුතා do you have mobile phone කියල

    කියපු ගමන් කොල්ල කිව්වෙ නැතා

    ඔව් සර් ලියා ගන්න බිංදුවයි හතයි හතයි XXXXXXXX කියල.
    ආයෙ මොනවද එනකන් ඌ ඉවරයි

    ReplyDelete
  4. ඕන් මාත් ටිකක් හිනා වුනා... මාත් මේ කල්පනා කර කරා හිටියේ මේ ලඟදී දුමි අයියාගේ බ්ලොග් එකක දුකා මේක කොමෙන්ට් කරලා මං කියෙව්වානේ කියලා... හරිනේ දුමි අයියා කිව්වහමයි මතක් වු‍නේ...

    කොහොම වුනත් හොඳ කථාව...

    ReplyDelete
  5. හික් හික් හික්

    මට මතක් වුනේ අර මම මගේ බ්ලොග් එකේ ලිව්ව තංගච්චී ටන් දාන්න එලියට ස්ටෝරි එක.

    හික්ස්

    ReplyDelete
  6. හික් හික්!! නියමයි මචෝ!!!

    ReplyDelete
  7. මරු ස්ටොරි එක මෙයා. එන්ලාර්ජ්..හරි ෆනී නේද.. යා යා

    ReplyDelete
  8. බස් එකේදී දෙන්නෙක් හමුවෙලා කතා කර කර යනවලු
    කොල්ලා "ඈහැව්වලු, ඔයා චච් ද ටෙම්පල්ද?" කියලා
    කෙල්ල ගත් කටටම කිව්වලු නැ ඈනේ මම "ක්‍රිස්මස්" කියලා

    ReplyDelete
  9. @ බුද්ධි

    ඒ කතාව මම අන්තිම පේළියේ දැක්කේ මෙහෙමයි.

    කොල්ලා කෙල්ලගෙන් අහනවාලු "නංගී ක්‍රිස්මස්ද ?" කීයලා. කෙල්ල කිව්වාලු "නැහැ අයියා මම ටෙම්පල්, ඇයි ඔයා එහෙම ඇහුවේ" කියලා. කොල්ලා කිව්වාලු "බෙල්ලේ චර්ච් එකක් තියෙන නිසායි එහෙම ඇහුවේ" කීයලා.
    ------------------------------------------------------------------------------

    කතාව නම් මැක්සා අයියා. කොහොමත් කඩු අමාරුවෙන් කොටන්න යන පොරවල් රොබින් හුඩ්ටත් වඩා හොඳට විදිනවා කියන්නේ. අම්මෝ කතා කරලා වැඩක් නැහැ

    ReplyDelete
  10. බු හා හා... ෂොට් එක දාලා කඩු වනන එකා තමා නියම කඩු කාරයා.. මොකද බිව්වමනේ මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපට එළියට එන්නේ. හැකිස්!

    ReplyDelete
  11. මෙතන වෙලා තියෙන්නෙ නම් ඇත්තටම කඩු උණ කාරයෙකුට වෙච්ච දෙයක් නෙවෙයි,කතා නායක තුමා ඇවිල්ලා වයස්ගත, පැන්සන් යන්ඩ කිට්ටු, ඉතාම අහිංසක, ඉංගිරිසි සිංහලට වඩා පුරුදු කෙනෙක්,

    නමත් ඇවිල්ල බොහොම පරණ තාලෙ නමක්, මොකක්ද ඊටිං,

    දවසක් කන්තෝරුවෙ ඊටිං මහත්මයා විතරක් ඉන්න වෙලාවක, (අනික් උදවිය දවල් කෑමට ගෙහුං ) ආපි කෝල් එකක්, මිස්ටර් ඊටිං ගත්තා ටැලිපෝන් එක,

    "Hello, how can I help you?"

    "මම මේ ප්‍රධාන කළමනාකාර කතා කරන්නෙ, කවුද ඔය?"

    අප්පටසිරි, ජෙනරල් මැනේජර් නෙව කතා කරන්නෙ, ඊටිං පුටුවෙනුත් නැගිට්ටා,

    "Yes, sir, I am Eating here sir"

    "හරි, හරි, සොරි, කාල ඉන්නවා, කාල ඉන්නවා " ලොක්ක ෆෝන් එක තිබ්බා,

    ඊටිනුත් ආයෙම වැඩ, තව විනාඩි විස්සකින් විතර ආයෙම ලොක්කා කතා කලා,

    "Sir, I am still Eating here sir"

    "'මෙච්චර වෙලා කනවද අයිසෙ?, හා, හා, කමක් නෑ "ලොක්ක ආයෙත් ෆෝන් එක තිබ්බා

    ලොක්ක මේ පාර කෝකටත් කියල පැය බාගයක්ම දුන්නා,

    "Sir, I am still Eating here sir"

    "මොකක්ද ඕයි මේකෙ තේරුම, කනවයි කියල ඔහොමත් කන සිරිතක් තියනවද, තමුසෙල ඔතන කොරන්නෙ රාජකාරි කරන එකද කන එකද? "ලොක්කට උපරිම මල, ගිනිකන්දක් පිපුරුවා වගේ

    මිස්ටර් ඊටිං අතිං ටැලිපෝං එක අත ඇරුනා බයවෙච්ච පාර,මිනිහ එහෙම්මම පුටුවෙ ඉඳගෙන තුස්නිම්බූත වෙලා හිටියා, මේ මොකක්ද දෙයියනේ මේ උනේ කියල තේරුම් ගන්ඩ බැරුව,

    ReplyDelete
  12. hilarious!

    සිංහල වචනේ මතක් කලා. මතක් උනේ නෑ. කඩු විතරයි පුලුවන්.

    ReplyDelete
  13. කතා ඔක්‌කොම එල...
    මමත් අහල තියෙනව මෙහෙම කතාවක්‌...

    1956 බණ්‌ඩාරනායක මහත්තය දිනපු දිනිල්ලට, රත්තොට පැත්තෙ තැපැල් පියුන් මහත්තයෙකුත් දිනල පාර්ලිමේන්තුවට ආව නෙ..
    ඉතින් ඔය මන්ත්‍රී තුමා ජීවිතේ පළමු වතාවට පිටරට ගිහිනුත් නෑනෙ... කොහොමින් හරි මෙයාට මාල දිවයිනට යන්න ලැබුන, ඒ කාලෙ අද වගේ ප්ලේන් වලින් යනව අඩුයි ලු .. ඉතින් මෙයා මාල දිවයිනෙ ගියේ නැවෙන්ලු. නැව මාල දිවයින ඇතුලට ගන්න බෑනෙ යට වදිනවනෙ
    ඒ නිසා පේන තෙක්‌ මානෙ නවත්තල බත්තල් වලින්ලු බඩු අදින්නෙත්..
    නැවේ කට්‌ටිය කඩියො වගෙ බඩු අර ගෙන දුවගෙන දුව ගෙන ඇවිත් බත්තලට පටවනවලු.. නැව්ව් කැප්ටන් පොතක්‌ අර ගෙන ඩොක්‌ එකේ ඉඳන් ඒවා ලකුණු කර ගන්නවලු... ඔන්න බොලේ එක පාරටම වේට්‌ටියත් අමුඩෙ ගහගෙන පියුන් මහත්තය බෑග් එකකුත් අරගෙන නැවේ කොනට දූවගෙන එනකොට නැවේ කැප්ටන් "wait..wait" කිවලු, පියුන් මහත්තයත් නවතින්නෙම නැතුව " හන්ඩ්‍රඩ් ඇන්ඩ් ට්‌වෙන්ටි පවුන්ඩ්ස්‌" කියල මුහුදට පැන්නලු...

    මෙ මිනිහ හිතල තියෙන්නෙ නැව ගිලෙන්න යනව කැප්ටන් අඩු වෙන බර ලියාගන්නව කියල,... ඒකයි මිනිහ "Weight " කියනකොට මිනිහගෙ බර රාත්තල් 120 යි කියල මුහුදට පැන්නෙ.

    නරක නෑ නේද?

    ReplyDelete
  14. කතා ඔක්‌කොම එල...
    මමත් අහල තියෙනව මෙහෙම කතාවක්‌...

    1956 බණ්‌ඩාරනායක මහත්තය දිනපු දිනිල්ලට, රත්තොට පැත්තෙ තැපැල් පියුන් මහත්තයෙකුත් දිනල පාර්ලිමේන්තුවට ආව නෙ..
    ඉතින් ඔය මන්ත්‍රී තුමා ජීවිතේ පළමු වතාවට පිටරට ගිහිනුත් නෑනෙ... කොහොමින් හරි මෙයාට මාල දිවයිනට යන්න ලැබුන, ඒ කාලෙ අද වගේ ප්ලේන් වලින් යනව අඩුයි ලු .. ඉතින් මෙයා මාල දිවයිනෙ ගියේ නැවෙන්ලු. නැව මාල දිවයින ඇතුලට ගන්න බෑනෙ යට වදිනවනෙ
    ඒ නිසා පේන තෙක්‌ මානෙ නවත්තල බත්තල් වලින්ලු බඩු අදින්නෙත්..
    නැවේ කට්‌ටිය කඩියො වගෙ බඩු අර ගෙන දුවගෙන දුව ගෙන ඇවිත් බත්තලට පටවනවලු.. නැව්ව් කැප්ටන් පොතක්‌ අර ගෙන ඩොක්‌ එකේ ඉඳන් ඒවා ලකුණු කර ගන්නවලු... ඔන්න බොලේ එක පාරටම වේට්‌ටියත් අමුඩෙ ගහගෙන පියුන් මහත්තය බෑග් එකකුත් අරගෙන නැවේ කොනට දූවගෙන එනකොට නැවේ කැප්ටන් "wait..wait" කිවලු, පියුන් මහත්තයත් නවතින්නෙම නැතුව " හන්ඩ්‍රඩ් ඇන්ඩ් ට්‌වෙන්ටි පවුන්ඩ්ස්‌" කියල මුහුදට පැන්නලු...

    මෙ මිනිහ හිතල තියෙන්නෙ නැව ගිලෙන්න යනව කැප්ටන් අඩු වෙන බර ලියාගන්නව කියල,... ඒකයි මිනිහ "Weight " කියනකොට මිනිහගෙ බර රාත්තල් 120 යි කියල මුහුදට පැන්නෙ.

    නරක නෑ නේද

    ReplyDelete
  15. යා...යා... ප.ලි කතාවත් ඇත්ත තමා....

    ReplyDelete
  16. පිස්සු හැදෙන කඩුව...සමහර ඇන්ටිලායි කජු කිරි නංගිලායි තැනැක් නොතැනක් නෑ බලන්න ඕනි ඇලේට අල්ලලා කඩුව වනන හැටි. අයිස් වලට ටියර්ස් එනවා....සමහර ඈයන්ගේ හා...යි එකට බය හිතෙනවා.යාර සීයක් විතර ඇදෙනවා නොවැ.

    ReplyDelete
  17. අයියේ මට හිතෙන්නේ සිරීගේ කනත් enlarge වෙන්න ඈති කියලා.

    ReplyDelete
  18. හික්ස්...ලොල්ස්....අයි කැන් සී , ද ෆෑන් ඉස් understanding ද සීලින්!!! :)))

    ReplyDelete
  19. පොඩ්ඩක් දා ගත්තහමනම් ඩේලි නිව්ස් පත්තරේ පෑගුනා වගේ...

    මේක නම් නියම වදන බොල... හික් හික්

    මක්කට බොරු කියනවද... මටත් ඔය සීන් එක නම් ලාවට වගේ තියෙනවා. ටිකක් අර සීරියස් කතා බහක යද්දි වගේ ටිකකින් කඩුව වැනෙනවා... නැති කර ගත යුතුය.

    බීවම නම් ඉතින් කඩු නැත... පිරිසිදු සිංහල තමා හික් හික්.

    කොමෙන්ට් වල කතා ටිකත් එලකිරිය

    ReplyDelete
  20. හික් හික්...
    මතකද එදා මට කෝල් කරලා වෙච්ච දේ අභීත අයියා..??
    :D

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...