Meemure Jungle Resort

Tuesday, August 31, 2010

විභාග දෙපාර්තමේන්තුව ගැන ලියවුන ලිපියට පිළිතුරක්.......

අපි ඉතා අසාවෙන් කියවන සිංහල බ්ලොග් කලාවේ තිබෙන එක් බ්ලොග් අඩවියක් වන Beyond Frame බ්ලොග් අඩවියේ විභාග කොමසාරිස්ගේ ජනතා හිතෛෂීත්වය කියන ලිපියට පිළිතුරක් ලෙස සහ තවත් කාරණා කිහිපයක් පිළිබදව ලියන මෙම ලිපිය හුදෙක් ඔබ දැනුවත් කිරීම පිණිස ලියවෙන්නක් මිස කිසිවෙකුට මඩ ගැසීමේ හෝ කඩේ යෑමේ අවශ්‍යතාවයක් මත නොලියන බ්ලොග් පෝස්ට් එකක් වන අතර මෙහි සදහන් වන්නේ මම විසින් ඉතා නිවැරදිව දන්නා කරුණු බවද වැඩි දුරත් පවසමි....

පළමුව ඉහත කිවු බ්ලොග් පෝස්ට් එකට අවශ්‍ය පිළිතුර ලබාදී ඉතුරු කාරණා ගැන කතා කිරීමට අදහස් කරමි..... පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුවකින් තොරව විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමේ පහසුව ඔවුන් විසින් සලසා තිබේ... සතියේ වැඩ කරන ඕනෑම දිනයක පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඡායාපිටපත් ගාස්තු පමණක් ගෙවා එම ප්‍රශ්ණ පත්‍ර ලබා ගත හැකියි... ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන රජයේ රැකියා උසස්වීම් වලට අදාල විභාගවල මෙන්ම කාර්යක්ශමතා කඩඉම් විභාගවලද පසුගිය ප්‍රශ්ණ පත්‍ර ද විභාග දෙපාර්තමේන්තුවෙන් ඔබට ලබා ගත හැක.. විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගත නොහැක්කේ එම දෙපාර්තමේන්තුව විසින් පවත්වන භාහිර ආයතන වල විභාග වලට (Ex. CIMA, CIM, University Exams, Etc.) අදාල ප්‍රශ්ණ පත්‍ර හා රජයේ සේවයට බදවා ගැනීමේ විභාගවල ප්‍රශ්න පත්‍ර පමනි... වැඩි විස්තර ඔබට 0112784201 කියන දුරකථනයෙන් ලබා ගත හැකි වේවි... දැන් ඔබට හිතෙන්න පුළුවන් කොළඹින් විතරද මේ සේවාව ලබා ගත හැක්කේ කියලා.. නෑ.. අධ්‍යාපන ප්‍රකාශණ දෙපාර්තමේන්තුවේ වෙළද කුටි වලින් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ ජංගම ප්‍රදර්ශණ කුටි වලින්ද මේ සේවාව ඔබට ලබා ගත හැකි වෙනවා... නමුත් මේ සේවාවට පිටින් සමහරුන් නීත්‍යානුකූල නොවන අයුරින් ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය කිරීම සම්භන්දයෙන් විවිද ගැටළු පැන නැගී ඇති අතර එම ගැටළු සම්බන්ධයෙන් විය හැකියි විභාග කොමසාරිස් ජනරාල් වරයා විසින් සදහන් කර ඇත්තෙ.... උදාහරණ එකක් මම කියන්නම්.. පුද්ගලික පන්ති මෙහෙයවන රජයේ ගුරුවරයෙක් තමන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්ණ පත්‍ර ඇගයීමට එන්න කියලා එවපු ලිපිය ඡයාපිටපත් කරලා ඔහුගේ දැන්වීම් පත්‍රිකාවට යොදනවා වගේම ඔහු වෙත නිකුත් කරණ ළකුණු දීමේ පටිපාටිය අනිසි විදිහට පාවිච්චි කරනවා... මම හිතන්නෙ ඔබට තේරෙනවා ඇති මම කියන දේ...

විභාග දෙපාර්තමේන්තුව ගැන මාධ්‍ය තුලින් ඔබට අහන්න ලැබෙන්නෙ එතරම් සෑහීමකට පතවිය හැකි ප්‍රවෘත්ති නෙවෙයි කියලා මමත් දන්නවා.. මම ඒ ගැන තමයි දැන් කියන්න යන්නෙ... මදකට හිතන්න ඔබ අ.පො.ස. (සා/පෙළ.) ලියන සිසුවෙක් කියලා... මෙන්න මෙහෙම ක්‍රියපටිපාටියක් නෙ ඔබට වෙන්නෙ...

1. ඔබට ප්‍රවේශ පත්‍රයක් සමග කාල සටහන එනවා
2. ඔබ ඒක රැගෙන විභාග මධ්‍යස්ථානයට යනකොට එය හොදින් සැකසී තියෙනවා.. ඔබට ප්‍රශ්ණ පත්‍ර ලැබෙනවා... ඔබ පිළිතුරු ලියලා ආපසු එනව..
3. මාස 4ක් ඇතුලත ඔබට ප්‍රථිපල ගෙදරට එනව..

එතකොට ඔබ වගේම සිසුන් 400000ක් පමණ භාෂා මාධ්‍ය තුනකින්, ලංකාව පුරා පිහිටි මධ්‍යස්තාන 1500ට වැඩි ප්‍රමාණයක මේ විභාගය පැවැත්වෙන අතර ප්‍රථිපලත් අදාල පාසලට හෝ නිවසට යැවෙනවා...

මේ වගේ විභාග 3 වසරකට පැවෙත්වෙනවා.. ඒ 5 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙ.) හා අ.පො.ස. (උ.පෙ.). ඊට අමතරව තවත් විභාග 700කට වඩා වැඩි ප්‍රමානයක් විභාග දෙපාර්තමේන්තුව විසින් වසරකට පවත්වනව... ඒ විභාග වලත් පැවැත්වෙන ආකාරය මම පෙර කීව විලසමයි... මීට අමතර සේවාවන් ලෙසට තමයි ප්‍රශ්ණ පත්‍ර ඡායාපිටපත් සේවය, සහතික පත්‍ර නිකුත් කිරීම හා පරිවර්ථනය කරලා දෙන සේවා මෙන්ම ඉලක්කගත ප්‍රශ්ණ පත්‍ර බෙදා හැරීම්, ඇගයීම් වාර්තා සැකසීම් වගේ තවත් වැදගත් වැඩ රැසක් වෙන්නෙ....

හිතා ගන්න පුලුවන්ද මේ සියලුම වැඩසටහන වෙන්නෙ 750කටත් අඩු පිරිසක් අතින් කියලා... ඒත් මොවුන් දිවා රෑ නොබලා මේ වැඩ කටයුතු කරනවා... විභාගයක් ලං උනාම මොවුන්ට ගෙවල් දොරවල් පවා අමතක කරන්න වෙනවා...

පහුගිය කාලයේ විභාග දෙපාර්තමේන්තුවට විරුද්ධව නැගිච්ච චෝදනා ගැනත් මට හිතෙන හැටි ඔබට කියන්නම්...

එක ශාලාධිපතිවරයෙක් යතුරු පැදියක පිටිපස්සෙ ගැට ගහලා ගෙනිච්ච ප්‍රශ්ණ පත්‍ර බිම වැටිලා ත්‍රීවීල් රියදුරෙක් එක අරන් පොලීසියට දීලා තිබ්බා.. එක වාර්තා කරපු එක මාධ්‍යයක් මෙහෙම කිව්වා...

මෙහෙම නොසැලකිලිමත් විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් කුමටද?
පසුබිම මෙහෙමයි.. යතුරුපැදිවල රහස්‍ය ලේඛන ප්‍රවාහනය තහනම් කියන එක ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.. ඒත් සමහර මිනිස්සු මේවගේ මෝඩ වැඩ කරනවා.. එතනින් එහාට මම ඔයාලට ඒ සිද්දිය ගැන කියන්න දෙයක් නෑනෙ...

ඊලගට මේ ලගදි පත්තරේක ශීර්ෂ පාඨයක් තිබ්බා මෙහෙම

Z - Score ක්‍රමය හරිදැයි මා තුලත් සැකයක් ඇති වී තිබෙනවා... විභාග කොමසාරිස් කියයි...
ලිපිය කියවගෙන ගියාම තේරෙන්නෙ විශ්ව විද්‍යාල වල තියෙන සිසු ගැටුම් ආදියේදී සිසුන් හැසිරෙන ආකාරය නිසා විශ්ව විද්‍යාලයට ඇතුල් වූ සිසුන් තෙරුනු අකාරය පිළිබදව කියපු කතාවක් ලෙස තමයි ඒක තියෙන්නෙ කියලයි... නමුත් ශීර්ශ පාඨය කියවන පුද්ගලයෙකුට එන්නෙ වැරදි අදහසක්...

ඔන්න ඔය වගේ තවත් කරුණු ගොඩායි... මම හිතන්නෙ තවත් ප්‍රශ්න රාශියකට මට කමෙන්ට් හරහා උත්තර දෙන්න සිද්වේවි....

ප.ලි. මේකට නම් ටිකක් හිනාවෙන්න යන්න එපා ළමයි...... ඒ වගේම මෙහි තිබෙන කරුණු ගැන තර්ක කිරීමේ අවශ්‍යතවක් මා හට නොමැති අතර ඔබගේ දැන ගැනීම පිණිස අසන ගැටළු වලට පිළිතුරු දීමට මම සැරසී සිටින බවද කිව යුතු වෙනවා...

පින්තූරෙ ගත්තෙ මෙතනින්... මෙතනට ගිහාමත් බලා ගන්න පුලුවන් එක ශාලාධිපතිවරයෙකුගෙ නොසැලකිල්ල නිසා විභාග දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත් වෙන තරම.....

බීමත්ව රිය පැදවීම හා ලොක්කන්ට කතා කරලා ඇන ගැනීම 2....


මේකෙ දෙක කතාව පරක්කු උනාට සමාව දෙන්න ඕන ඔයාලා.. පැය 7ක් විතර පරක්කු උනා දාන්න තිබ්බ කාර්යබහුලත්වය නිසා.... 1 කොටස නොකියවපු අය ඔන්න මෙතනින්
ඔන්න දැන් පොලීසියේ රාළහාමි මුගේ ලයිසන් එක ඉල්ලපුහම තමයි ආයෙත් එලි උනේ මිනිහා ලග තියෙන්නෙ තාවකාලික රියැදුරු බලපත්‍රයක් කියලා... ඒකත් දවස් දෙකක් කල් ඉකුත් වෙලා... දැන් ආයෙත් පොලීසියේ රාළහාමිලාගෙන් බර බරේ.... ඒත් මූ අඩලා අඩලා කේස් එක ශේප් කරගන්න තරමටම ගෙනාවා... දැන් බයික් එකත් ගෙනියන ගානටම පොලීසියේ මහත්තැන් ටික ශේප් කරලා ගොඩ දා ගත්තා... මොකද බීලා අහු උනාම වාහනය දෙන්නෙ නෑනෙ... ඊට පස්සෙ අර ගෙනිහින් දාපු වැල්ලම්පිටියෙ යාළුවට එන්න කියලා ඇපත් අරගෙන රිලීස් කරගෙන බයික් එක ගෙනියන්න ෆුල් ට්‍රයි එක දෙනකොටම අපේ ලෝයර් බණ්ඩාර එතනට ආවා.. මිනිහයි පොලීසියයි අතරෙ වෙච්ච දෙබස තමයි මේ.....

බලන්න... වැඩි කතා නැතිව කතාවට යමු...කෝ මොකද රාළහාමි තත්වේ.....

සර්... අපි මෙයාව ඇප පිට රිලීස් කරලා තියෙන්නෙ.... බයික් එක රිලීස් කරන්න පුළුවන්.. පොඩ්ඩක් අපේ සාජන්ට් මහත්තයා එනකන් ඉන්න ඕන...


ආ.. ඕන නෑ.. මම මෙයාව ගෙදරට දාන්නම්..


කියලා ලෝයර් මහත්තයා අපේ එකා ලගට ආවා... ඇවිත් මෙහෙම කිව්වා..


මචන් වරෙන් යන්න... හරි ඔක්කොම.. ඉතුරු ටික හෙට උදේ බලාගමු...

ඒ පිස්සුද බන්... හිටපන් බයික් එක අරන් යන්න...

උන් අද බයික් එක දෙන්නෙ නෑ බන්... නිකන් බොරුවට චාටර් වෙලා වැඩක් නෑ... වරෙන් යමු යමු...

කියලා අපේ පොරව ගෙදරටම දාලා මිනිහා ආපහු ගිහින්...


අපේ මනුස්සයත් ඉතින් බයික් එක ගන්න පහුවදා පොලීසියට ආවා... දැන් පොලීසියේ ඕ.අයි.සී. මහත්තයත් ඇවිත්..පොලීසියෙන් කිව්වා ඕ.අයි.සී. මහත්තයත් එක්ක කතා කරලා බයික් එක ගෙනියන්න කියලා.. දැන් අපේ පොරයි ඕ.අයි.සී. මහත්තයයි අතරෙ යන දෙබස තමයි මේ....

සර්... මම අර බයික් එක අර ගන්න කියලා..ඊයෙ බීලා තමයි ඇතුලට ගත්තෙ...

ආ.. ලයිසන් එක තියෙනවා නෙද? කෝ ඉල්ලගෙන එන්න අතනින් ලයිසන් එක...

දැන් අපේ පොරත් ඒක ගෙනිහින් දුන්නා...


මේ මොකක්ද මේ... මේක ටෙම්පරියක්නෙ... ආ.. කාලෙත් පැනලනෙ... මේකට බයික් එක දෙන්න බෑ.. කෝ ඔරිජිනල් ලයිසන් එක...


සර් ඒක මිරිහානෙ පොලීසියේ..

ආ.. ඒ මොකටද ලියුවෙ...

ආදායම් බලපත්‍රය කල් පැනලා කියලා....

එහෙනම් මිරිහාන පොලීසියට ගිහින් දඩෙ ගෙවලා ලයිසන් එක අරගෙන එන්න.. අපි බයික් එක දෙන්නම්....

ඔන්න ඉතින් අපේ යාළුවා සේරම කරලා පහුවදා බයික් එක රිලීස් කර ගත්ත.. සතියකට පස්සෙ උසාවි එන්න කියලා දවසකුත් දුන්න.. උසාවි ගියාට පස්සෙ 5000ක් දඩ ගහලා මාස තුනකට රියදුරු බලපත්‍රයත් තහනම් කලා.....

කොහොමහරි එදා බයික් එක රිලීස් කරගෙන ආපහු එද්දි කලින්ම දවසෙ හිටපු රාළහාමි කෙනෙක් අපේ මිත්‍රයාට මෙහෙම කිව්වා...

අයියෝ මහත්තයා.... එදා තව විනාඩි 15ක් හිටියනම් බයික් එක අරන් මේ මොන ප්‍රශ්නයක්වත් නැතුව ආතල් එකේ යනවනේ... කොහෙද ඔයාලා ලොකු ලෝයර්ස්ලා එක්කරගෙන ඇවිත් කෑවා නේද චාටරේ.....

අපේ එකාට හිතිච්ච දේ හිතාගන්න පුළුවන් නේද?

ප.ලි. : මම මේ
යෙමත් කියන්නෙ.. බීලනම් වාහන පදවන්න එපා මේ ලංකාවෙ... තමන්ට විශ්වාස උනාට පොලීසියට අහු උනොත්නම් ඉවරයි.... 500ක බීල 15000ක විතර චාටරයක් කන්නයි වෙන්නෙ....

Monday, August 30, 2010

බීමත්ව රිය පැදවීම හා ලොක්කන්ට කතා කරලා ඇන ගැනීම 1


අද දවසම ඉතාම කාර්ය බහුල වෙලා හිටපු නිසා කතාවක් ලියන්න උනේ නෑ... ඒත් දැන් තමයි පොඩි විවේකයක් ලැබුනෙ... ආ... මගේ පුංචි කොම්පැනිය ගැනත් අලුත් ආරන්චියක් තියෙනවා කියන්න... අපි ලංකාවේ තියෙන හෝටල් පිළිබදව තියෙන විශිෂ්ඨ වෙබ් අඩවියක් එක්ක අපි අත්වැල් බැද ගත්තා... දැන් ඔයාලට අවශ්‍ය නවාතැන් එතනින් බලලා අපෙන් ගමන යන්න පුළුවන්... මේ වැඩ වලට අපේ වැප් මල්ලි තමයි සෑහෙන උපදෙස් දුන්නෙ... උඹට මගේ ආචාරය මලේ...

අද කතාව බීමත්ව රිය පැදවීම හා ලොක්කන්ට කතා කරලා ඇන ගැනීම ගැන කියලා උඩම තියෙනවනෙ... මේ දවස්වල ලංකාව ඇතුලෙ බීමත්ව රිය පදවනවා කියන්නෙ පොලීසියට ලොකු ගානක් දෙන්න වෙනවා කියන එක නෙමෙයිනම් මාස තුනකට රියදුරු බලපත්‍රය තහනම් කරගන්නව කියන එක... අපේ රියදුරු බලපත්‍රය තහනම් කලොත් ඉතින් හම්බ කරගෙන කාලත් ඉවරනෙ... ඒක නිසා මමනම් ඔය වැඩෙන් වැලකිලා ඉන්නෙ කියන එකට මගෙ බ්ලොග් එක කියවන තිලාන් සමරකෝන් මල්ලි සාක්කි ඕං...

දැන් ඔන්න අපේ පොරක් බියගමට ගිහින් තව යාළුවෝ දෙන්නෙක් එක්ක ගැහුවා බ්ලැක් ඕපල් බෝතලයක්.... යතුරු පැදියෙ දෙන්නවම දාගෙන එන්න ආවා.. කොල්ලට දෙයියනේ කියලා කණ සාක්කුවට වැටෙන්න ඔන්න මෙන්න ගානට වැදිලා හිටියෙ... තුන්දෙනාම ඩබල් දාලා බියගම කලර් ලයිට් එක ලගට ඇවිත් එක යාළුවෙක් හැලුවා... දැන් අනිත් පොර දාන්න මිනිහා යන්න ඕන වැල්ලම්පිටියට.. දැන් දෙන්න ඇවිත් අනිත් යාළුවත් වැල්ලම්පිටියෙන් හලලා ඉවරයි.... ඊලගට අපේ යාළුවගෙ නවාතැන වෙච්ච රාජගිරියට යන්න තමයි හැරුනෙ... වැල්ලම්පිටිය පොලීසිය ඉස්සරහින්ම තමයි රාජගිරියට යන්න හැරෙන්න තියෙන්නෙ කියලා ඔයාල දන්නව ඇතිනෙ... මූට ඒත් ෂුවර් නෑ පාර... වැඩි හොදට පාර ඇහුවෙ කාගෙන්ද කියලා දන්නවද? ඔන්න හිනා යන තැන... අනේ පොලීසිය ඉස්සරහ හිටපු ට්‍රැෆික් රාළහාමිලා දෙන්නගෙන්..


දැන් සංවාදය මෙහෙමයි උනේ

රාළහාමි... රාජගිරියට යන්නෙ කොහොමද?

ආ මහත්තයා ... ඔතනින් වමට හැරිලා කෙළින්ම........ මේ මහත්තයා පොඩ්ඩක් බැහැලා එන්නකො...
ඇයි රාළහාමි... හරි මම මෙතනින් හැරිලා යන්නම්...

කොහෙ යන්නද? බීලා නේද ඉන්නෙ... මෙහෙ එනවා ඕයි අපිට පව් නොදී... ඇත්ත කියනවා බීලා නේද ඉන්නෙ?

පොඩ්ඩක් බීව රාළහාමි.. ඒත් අවුලක් නෑ... ශේප් එකක් දාගමු...
මොන ශේප්ද මේ පොලීසිය ඉස්සරහා.. මෙහෙ එනවා යන්න.. සුබේ ඔය බයික් එක ගනින්...

ඔන්න අපේ එකා ඔලුව පාත් කරගෙන යනවා.. රාළහාමිලාටත් ඉතින් අර කන්න ඕන උනාම ඉබ්බා තුනපහ පිටේ බැදගෙන ආවා වගේ...

දැන් අපේ පොර දන්න ඔක්කොම උන්ට කතා කරනවා.. ඒ අතරෙ පොලීසියෙ උන්වත් ෂේප් කරනවා.... පොලීසියත් දැන් ටිකක් ෂේප් වගේ.. වැඩි හොදට කතා කලා පොරත් එක්කම එකට ඉගෙන ගත්ත බණ්ඩාර නීතිඥ මහත්තයට.... එතුමායි අපේ පොරයි අතරෙ වෙන දෙබස මෙහෙමයි... ආ.. කොහොමත් අපේ නීතිඥ මහත්තැන් වැඩිය බලය පෙන්නන පොරක් නෙමෙයි... දන් දෙබස..

මචන් බන්ඩා පොඩි සීන් එකක් උනා බන්

ඇයි මොක්ද මචන්..

පොඩ්ඩක් බීලා එද්දි අහු උනා බන් වැල්ලම්පිටිය පොලිසියට

අම්මට සිරි උඹ කොහෙද දැන් ඉන්නෙ.. ඇතුලට දැම්මද?

නෑ බන් මම මේ කටින් ශේප් කරගෙන ඉන්නෙ... උඹ කතා කරනවද පොඩ්ඩක්..

හරි හරි දීපන්කො ඔතන ඉන්න රාළහාමි කෙනෙකුට..

දන් මූත් ආඩම්බරෙන් දුරකථනය රාළහාමිට දුන්න.. ඔන්න ඒ දෙන්නගෙ දෙබස..

මොකද රාළහාමි වෙලා තියෙන්නෙ.. මම ලොයර් බන්ඩාර.. හිස්තැනක් උසාවියේ....

ආ සර්.. මෙයා බීලා ඇවිල්ලනෙ.. අපෙන්මනෙ සර් පාරත් ඇහුවෙ...

දැන් මොකද කලේ මිනිහට?

දැන් සර් බැලුම පුම්බන්න දීලා ඇන්ට්‍රය් එකක් ලියගෙන පොලිස් ඇප දෙනවා...

හා එහෙම කරන්න එහෙනම් රාළහාමි.. ඇතුලට දාන්න එහෙම එපා.. මම දැන් එනවා... කෝ දෙන්නකො ඒ මහත්තයට ෆෝන් එක..

දැන් රාළහාමි අපේ මිත්‍රයාට දුන්න ෆෝන් එක..

මචන් බන්ඩා කියපන්.. මොකද සීන් එක..

අවුලක් නෑ මචන්.. උඹ ඔය දෙන බැලුම පුම්බලා ඇන්ට්‍රි එකට අත්සන් කරගෙන ඉදපන්.. මම එනවා දැන්.. මම කිව්ව ඇතුලට දාන්න එපා කියලා ..

අංක 1 කොටස ඉවරයි... 2 කොටස අද රෑම බලාපොරොත්තු වන්න...

Saturday, August 28, 2010

නාරාහේන්පිට බෝඩිම සහ එන්ජිම.......

බෝඩිම් කතා කිහිපයක් ලියපු එකේ මම හිටපු තවත් එක බෝඩිමක් ගැන කියන්න තමයි හදන්නෙ... අමුතු පහේ අත්දැකීම් රාශියක් එකතු කල මේ බෝඩිම මට විවිධාකරයේ මිනිසුන් රැසක් ඇසුරු කරන්න අවස්ථාව සලසලා දුන්න බෝඩිම.... බෝඩිමේ සංයුතිය උනේ මෙහෙමයි... කාමර 5ක් තිබ්බා... පලවෙනි කාමරේ පුද්ගලික සමාගමක ගිනුම් ලිපිකරුවෙක් සහ කම්කරු අමාත්‍යාංශෙ ලිපිකරුවෙක් හිටියා... දෙවෙනි කාමරේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිලධාරියෙක් හිටියා.. තුන්වෙනි කාමරේ මම සමග කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් වරයෙක් හිටියා... හතරවෙනි කාමරේ හිටියෙ CIMA පාඨමාලාව හදාරන ගාල්ල, නුවර ගම් ප්‍රදේශ වෙච්ච මගෙ වයසෙම කොල්ලො තුන්දෙනෙක්.. අවසන් කාමරේ හිටියෙ 141 මාර්ගයෙ රියැදුරු මහතෙක් සහ පහල තිබුනු දුරකතන කඩේක වැඩ කරපු මල්ලි කෙනෙක්.. තරතිරම කෙසේ වෙතත් අපි ඉතා සමගියෙන් හිටියා කියන එක කියන්න ඕන.. ආ බෝඩිම ඔයාලත් දන්න තැනක තමයි... නාරාහේන්පිට 141 බස් නැවතුම්පල දන්නවනෙ.. හරියටම ඒක ඉස්සරහ තියෙනවා තුන් මහල ගොඩනැගිල්ලක්... ඒකෙ උඩම තට්ටුවෙ තමයි බෝඩිම...

දැන් ඒකෙ දිවි ගෙවපු හැටි... මට 4.30 වෙද්දි කාර්යාලය ඉවරයි... ටක් ගාලා බෝඩිමට ඇවිත් බොටමක් ටී එකක් දාලා බාටා දෙකකුත් දාගෙන ෆෝන් එකයි පර්ස් එකයි අතට අරන් එනවා පහලට.... රන්ජිත් අයියගෙ ටර්න් එක එනකන් (රන්ජිත් අයියා කියන්නෙ අල්ලපු කාමරේ ඉන්නවා කියපු 141 බස් එකේ රියැදුරු මහත්තයා) නාරාහේන්පිට හන්දියේ ඉන්න ලොතරැයි අයියලයි, තැඹිලි මල්ලිලයි, පත්තර අක්කලයි අනිත් නංගිලයි ඔක්කොම එක්ක සිරා චැටක් දාගෙන පොඩි චාටරයක් කනවා... රන්ජිත් අයියගෙ බස් එක එනවා.. මම නගිනවා.. යනවා වැල්ලවත්තට.. ගිහින් බීච් එකේ ටිකක් ඇවිදිනවා... දන්න එකෙක් හිටියොත් පොඩි බියර් පාරකුත් දානවා... රන්ජිත් අයියගෙ ඊලග ටර්න් එකේ නැගලා ආපහු එනව බෝඩිමට... ඉතින් නාරහේන්පිට ටවුම ගෙදර වගේ....

ඉතින් අපේ කාමර වලට උඩින් තිබ්බෙ ස්ලැබ් එක විතරයි... රෑ වෙද්දි කාගෙ හරි පාටි එකක්.. ස්ලැබ් එකේ උඩ තමයි පාටි පැවැත්වෙන්නෙ.. එතන තියෙන නිදහස නිසා අපේ උන්ගෙ යාලුවොත් පාටි දාන්නෙ අපේ බෝඩිමේ උඩ තට්ටුවෙ.. ඕන පිස්සුවක් නටලා සිංදු කියලා කාටවත් පේන්නෙ නැතිව යන්න පුළුවන් නිසා පාටි වලට අපේ බෝඩිමට තිබ්බෙ හොද ඉල්ලුමක්... වාසනාවටද අවාසනාවටද මන්දා ඉතින් බෝඩිමේ උන්ගෙ පාටි වලටයි උන්ගෙ යාළුවන්ගෙ පාටි වලටයි සහභාගී වෙන්න උනාම ඉතින් ඒ කාලේ ටිකක් වැඩිපුර වැනෙන සීන් එකක් තමයි තිබ්බෙ... වැඩිපුර කිව්වට ඉතින් එච්චරම නෑ.. වැඩිම උනොත් සතියට දවස් හතකට වඩානම් වැනිලම නෑ...

පාටි ඉවර වෙලා රෑ 11ට විතර අපේ කාමර තියෙන තට්ටුවට ඇවිත් බැල්කනි එකේ ඉදන් පාර දිහා බලාගෙන ඉන්නවා කට්ටියම පෝලිමට... ඒ වෙලාවට තමයි නාරාහේන්පිට හන්දියේ අප්සෙට් ඩයල් ටික එහෙ මෙහෙ යන්නෙ.. අපි කරන්නෙ උඩ ඉදන් උන්ට අනන්මනන් කියන එක... හැමදාම අපේ බයිට් එක වෙන පොරවල් වගේම ඉදලා හිටලා එක පාරට අපේ බයිට් එකට සෙට් වෙන පොරවලුත් ඉන්නවා කරුමෙට වගේ... නිතරම අපිට සෙට් වෙන ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ කරත්තෙ අන්කල්... කරත්තෙ අන්කල් කියන්නෙ හවසට නද වෙන්න ගහලා කරත්තෙකුත් එක්ක ගෙදරට යන පොරක්... ගොනා පුරුද්දට ගෙදර යන නිසා පොරත් කරත්තෙ අල්ලගෙන විසිවි විසිවි පරන ග්‍රෑම්පෝන් තැටියකුත් හයියෙන්ම දාගෙන තමයි යන්නෙ... අපි සහ පොර අතර වෙන දෙබසකින් එකක් තමයි මේ.....

හලෝ අන්කල්... කොහොමද...? අදත් රෑ වෙලා වගේ නේද?

ඔව් කොල්ලනේ... ඔ.. ඔ.. ඕන්න අපේ ර.. ර..ස්.ස්..සාවේ හැටි.. එන්ජිම ගෙදරට යන හින්.. හින්ද.... මමත් යනවා....

අන්කල් එන්ජිම කිව්වෙ හරකට.. ඇයි ඌනෙ කරත්තෙ එන්ජිම...

ඒ අතරෙ අපේ එකෙක් මෙහෙම ඇහුව...

මේ අන්කල්... දවසක සෙට් වෙලා එන්ජිම කමුද?

මොකක්........................? උඹේ *$####!%^()** ***#$$$$##@$#@@@$$Q###$$$@#4$$

පාලුවට ගිහින් තිබ්බ නාරාහේන්පිට හන්දිය දෙවනත් වෙන කොට අපි කාමරවල දොරවල් වහගෙන නිදාගන්න ගියෙ බඩවල් අල්ලගෙන....

ප.ලි. 1. දැන් මේ වැඩේ වැරදියි සහ පව් කියලා තේරෙනවා... ගොඩක් වැරදි වැඩ වැරදි කියලා තේරෙන්නෙ පහු වෙනකොටනෙ...

ප.ලි. 2. කවි ලියන කේස් එක දැන් එලටම යනවනෙ.. සොදුරු සිතෙයි විහග ගීතයෙයි කවි වලට දාන කමෙන්ට් වලින් තමයි පොඩි ආතල් එකක් හිතට එන්නෙ... ලියන්න වෙනවා තව තවත්.....

Wednesday, August 25, 2010

ආ පුතා.... මම ඉන්නෙ කොළඹ....

ගොඩාක් අය කැමතියිනෙ තමන් නාගරිකයි කියලා පෙන්නන්න.. ගෙදර විදුලි පංකාවක් නැති සමහරු ඔෆිස් එකට ගිහින් ඒසී මැෂින් එක පොඩ්ඩක් වැඩ කලේ නැත්නම් බෙරිහන් දෙනවා... කොහෙද ඉන්නෙ අහපුවම කියන්නෙ ලගම තියෙන නගරයේ නම... බලපුවම ගෙදරට එතන ඉදලා කිලෝමීටර් 40ක් විතර යන්න ඕන... මම මෙන්න මේ වගේ දෙයක් ගැන තමයි අද කියන්න යන්නෙ....

මම කොහොමත් කතාවට අදාල පසුබිමත් පොඩ්ඩක් කියන නිසා මේ ටිකත් කියලම ඉන්න ඕන... මේ සිද්ධිය වෙද්දි මගේ වයස අවුරුදු 18ක් විතර ඇති. අපේ ගෙදර (කුරුණෑගල.) පිටිපස්සෙ පොඩි වත්තක් තියෙනවා. එකම වත්ත උනාට පොඩි කන්ඩියකින් නැගලා තමයි මේ වත්තට ගොඩ වෙන්න තියෙන්නෙ... අපි පොඩි කාලෙම අම්මලා මේකෙ නානාප්‍රකාර පලතුරු එලවලු වවලා තිබ්බ නිසා අදටත් ගෙදර වත්තෙ අවුරුද්ද පුරාම කුමක් හෝ පළතුරක් ඵල දරන නිසා අපිත් ගෙදර ඇතුලෙ ගත කරන කාලෙට වඩා වත්තෙ පිටියෙ ගෙවුනු කාලය වැඩියි... වෙන කතා යනවනෙ.. හරි මෙන්න කතාව....

දවසක් වත්තට ගිහින් ආපු අපේ අම්මා අර කණ්ඩිය ලගදි ලිස්සලා වැටුනා.. එකේ ප්‍රථිපලය උනේ අම්මාගෙ කකුලෙ අස්ථි දෙකක් හොදටම පුපුරලා ගිය එකයි... ඉංග්‍රීසි බෙහෙත් කරලා නිට්ටාවට සුව නොවුනු තැන හැමෝම වගේ අම්මත් සිංහල බෙහෙත් වලට යොමු වෙන්න තීරණය කලා... මේ සදහා අම්මා තෝරගත්තෙ ගලේවෙල ඉදලා මාතලේට යන පාරෙ කොබ්බෑවැහැර කියලා ගම්මානෙක හිටපු වෙද මහත්තයෙක්.. එතුමාගෙ විශේෂත්වය තමයි එතුමා බෙහෙත් කරන්න පටන් ගන්නෙ මධ්‍යම රාත්‍රී 12ට... මිනිස්සු දවල් 12 විතර ඉදන් පෝලිමේ ඉන්නවා... ගෙදර කොල්ලෙකුට ඉන්නෙ මම විතරක් නිසාත් අම්මගෙ කකුල අමාරු නිසාත් මට තමයි සෙට් උනේ පෝලිමේ ඉන්න වැඩේත්.. මමත් දැන් 1ට විතර ගිහින් බංකුවක ඉද ගත්ත.... අම්මවත් වත්තන් කරගෙන ඇවිත් මගෙ කිට්ටුවෙන් බිම වාඩි කෙරෙව්ව.. එක එක නානාප්‍රකාර කට්ටිය ඉන්නවා පෝලිමේ... මට කලින් හිටියෙ හොද පොශ් විදිහට හිටපු ආන්ටි කෙනෙක්... මම හිතන්නෙ වයස 35ක් විතර වගේ වෙන්න ඇති... 35 කට්ටිය ඒ කාලෙ ආන්ටිනෙ.. දැන් අක්ක උනාට.

කොහොම හරි පැයක් විතර වෙද්දි මේ ආන්ටි මාත් එක්ක කථාවට වැටුනා.. මාත් ඉතින් කැමැත්තෙන්ම ආන්ටිත් එක්ක චැට දාගෙන හිටියා.. එක වෙලාවකදි ගියා මෙහෙම දෙබසක්...

ආ.. පුතා.. වෙද මහත්තයා කීයට විතර එයිද දන්නෙ නෑ නේද?

12ට තමයිනෙ ආන්ටි එනව කියන්නෙ.. සමහර වෙලාවට පරක්කුත් වෙනවලු..


ඒක තමයි.. මොකද පුතා අම්මට..


කකුලෙ ඇටකටු දෙකක් පිපිරලා.. ඉංග්‍රීසි බෙහෙත් කලා.. ඒත් හරි ගියෙ නෑ... ඒකයි මෙහෙ ආවෙ... ආන්ටි කොහෙද?


මම කොළඹ..


ආ... ඇත්තද ආන්ටි.. කොළඹ කොහෙද?

ඇත්තම කියනවනම් මම ඒ කාලෙ කොළඹ පැත්තෙන්ම දැනගෙන හිටියෙ බොරලැස්ගමුව විතරයි... ඒත් අපේ ලොකු පුංචිලා හිටපු නිසා.... දැන් තමයි දන්නෙ බොරලැස්ගමුවත් කොළඹ නෙමෙයි කියලා... අර ප්‍රශ්නෙ ඇහුවෙත් හදිස්සියේවත් බොරලැස්ගමුවෙවත් කිව්වොත් තවත් ටිකක් කථාව ඇදගෙන යන්න තිබුනනෙ... ආන්ටිගෙ උත්තරය උනේ මේකයි..

කොළඹ කිව්වට පුතා මම ඊට ටිකක් මෙහා... මම යක්කල.. (ඔව් ඔව් පූසන්ගෙ ගෙවල් පැත්තෙ තමයි)පුතාලා කොහෙද?

ඔන්න ඉතින් මට හිනා යන්න පටන් ගත්තා... ඒ කාලෙත් මට කොළඹයි යක්කලයි අතරෙ තිබ්බ දුර ගැන අවබෝධයක් තිබ්බා... අර අහිංසක පුතා චරිතය මොහොතකට නැවතිලා කොලුකම ඉස්සරහ ආවා.... මම ආන්ටිට දුන්න උත්තරේ මෙහෙම එකක්..

ආ.. ආන්ටි අපිද? අපිත් කොළඹ...

ආ..... ඇත්තද පුතා... කොළඹ කොහෙද?


කොළඹ කිව්වට ඊට ටිකක් මෙහා ආන්ටි.. අපි කුරුණෑගල..


සුදු පාටට හිටපු ආන්ටි රතු පාට වෙන්න ගියේ විනාඩියකටත් අඩු කාලයක්... තවත් විනාඩි දෙකක් යන්න කලින් ආන්ටි එතනින් ගිහින් එයාලගෙ වාහනේ ආපු පිරිමි කෙනෙක් මම ලගින් වාඩි උනා... අම්මාත් මගෙ දිහා කන්න වගේ බලාගෙන හිටියට හැංගිච්ච හිනාවකුත් මූනෙ තිබ්බ වගේ මතකයි... කොහොමත් ආපහු එනකම්ම අම්මගෙන් නොසෑහෙන්න බැනුම් නම් ඇහුවා මතකයි...

Tuesday, August 24, 2010

කල්පනාව.........


ඊයෙ හවස දෙකට විතර දුරකථන ඇමතුමක් ආවා. හවස පහ විතර වෙද්දි කෑගල්ලට එන්න කියලා.. මගෙ පුංචි කොම්පැණියෙ කටයුත්තක් සදහා කලින් කරපු ඉල්ලීමකට එක්තරා පුද්ගලයෙක් මුන ගැහෙන්න අවස්ථාවක් ඉල්ලපු එකක ප්‍රථිපලයක් ලෙසට තමයි මේ දුරකථන ඇමතුම ලැබුනේ... කලාතුරකින් හිමි වෙන අවස්ථාවක් නිසා කාර් බූම් එකට තෙල් ටිකක් ගහගෙන එවෙලෙම පිටත් උනා... මාත් එක්ක සහයට ආවෙ අලුතෙන් අපේ කාර්යාලයට ආපු මගේ සගයෙක්.. නමින් ඔහු මුදිත..

අපි දෙන්න කාර්යාලයේ ඉන්නෙ පිස්සො වගේ.. සිනාවෙන් විහිලුවෙන් කාව හරි බයිට් එකට අරගෙන පොඩි ආතල් එකක් දාගෙන තමයි වැඩිපුරම ඉන්නෙ... (ආ මම මේ දැන් කියන්නෙ මම වැඩ කරන රජයේ කාර්යාලය ගැන.) කොච්චර වැඩ තිබුනත් අපි දෙන්න ඒවට මුල් තැන දීල වැඩ කරන ගමන් මූනෙ හිනාව තියාගන්න පොඩ්ඩක්වත් අමතක කරන්නෙ නෑ... ඒ නිසා අපේ ප්‍රධානීන් අපිට වැඩක් පවරන්නෙත් මේ වැඩෙ හරියට කරයි කියන විශ්වාසය ඇතුව වාගේම මුන් දෙන්න මොන රටක් පටලවයිද දන්නෙ නෑ කියන පුංචි චකිතයකුත් එක්ක.... වෙන වෙන කතා යනවනෙ.. බැක් ටු කතාව...

අපි දෙන්න දැන් යනවා... මම පදවනවා.. මුදිත ඉදිරිපස අසුනෙ... අපි කාර්යාලයෙ ජීවිතේට සිරා ටෝක් දීලා නෑ.. ඒත් ඊයෙ අපි දෙන්නා සිරා ටෝකකට සෙට් උනා... මම ඌට කියපු දේවල් ගැන ඌ මොනවා හිතනවද මම දන්නෙ නෑ.. ඒත් ඌ මට කියපු සමහර දේවල් ගැන තව පාරක් හිතන්න මගෙ හිත මාව පෙළඹෙව්වා... ඒ අතරින් මගේ හිතට වැදිච්ච හොදම කතාවක් සහ ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන කථාවක් තමයි මේ කියන්නෙ... මට ඒ දෙබස් ටික හොදට මතකයි... ඒ නිසා සංශෝධනයකින් තොරවම ඒ ටික මම පහළ දානවා.. මුදිතයා කතා පටන් ගත්තෙ මෙහෙම...

මචන් අභියා... මම මචන් සෑහෙන්න කල්පනා කරන මිනිහෙක්... අපි ආතල් එකේ ඉද්දි මිනිස්සු අපි ගැන එහෙම හිතන්නෙ නෑ..

මොනාද බන්
උඹට ඔච්චර කල්පනා කරන්න තියෙන්නෙ....

කල්පනා කරන්න ප්‍රශ්ණ ඕනද බන්.. ඕක තමයි අපේ උන්ට වැරදිච්ච තැන.. උඹ හිතපන් පහු ගිය සතියෙ උඹ හිටියෙ නයා මැරිච්ච අහිකුන්ඨිකයා වගේ.. උඹේ බිස්නස් කේ
ස් අවුල් වුන නිසා උඹ කොච්චර කල්පනා කර කරද හිටියෙ... එත් අද උඹ කිසි කල්පනාවක් කරන්නෙ නැතුව ආතල් එකේ ඉන්නවා...
ඉතින්..

ඉතින් නෙමෙයි බන්... අපේ මිනිස්සුන්ගෙ තියෙන වැරැද්ද ඕක නෙමෙයිද? උඹ උනත් බලපන්.. උඹේ බිස්නස් එක දියුනු කරගන්නකම් උඹ මාර කල්පනාවෙන් වැඩේ කරගෙන යනවා... උඹේ අතට සල්ලියි අනිත් දේවලුයි උඹට සෑහෙන ප්‍රමාණයට එන්න ගත්තම උඹත් කල්පනා කරන එක නවත්තාවි.... මම හිතන්නෙ මචන්.. උඹ ඒත්
කල්පනා කරන්න ඕන කියන එකයි...

ත්ත කථාව මචන්...

ඒත් මචන් අපි ඉන්න හැටියට අපි වටෙ ඉන්න උන් අපිට කල්පනා කරන්න දෙන්නෙ නෑ... අපි නිකමට කල්පනා කරන්න පටන් ගත්තොත් ලගම ඉන්න එකා අහනවා "මොනාද බන් ඔච්චර කල්පනා කරන්නෙ" ඉවරනෙ බන් පටන් ගත්ත තැනින්ම... බොරුනම් බලපන්.. ඔෆිස් එකේදි උඹලා, බෝඩිමේදි යාළුවෝ, ගෙදර ගියාම අම්ම.. මේ කවුරුත් අපිට කල්පනා දෙන්නෙ නෑ...
සිරාවට බන්.. උඹ කියද්දි තමයි මටත් සීන් එක මැවෙන්නෙ..

නෑ උඹ හිතපන් අභියා..... දැන් අද මමයි උඹයි ගොඩක් දේ ගැන කතා කලා... මම ඒ ගැන කල්පනා කර කර ඉන්නවා.. එක පාරටම එකෙක් ඇවිත් මගෙන් ඇහුවොත් "මොනාද බන් උඹට තියෙන ප්‍රශ්ණෙ ඔච්චර කල්පනා කරන්න.." දෙන්න හිතෙනවනේ ඌට කණ පුපුරන්න... ඇයි බන්... කල්පනා කරන්න ප්‍රශ්ණ තියෙන්න ඕනද? නෑනෙ බන්...
මට නිකන්ම හිනා ගියා...

ඇයි උඹ හිනා වෙන්නෙ... පොඩ්ඩක් හිතලා බලපන්..

නෑ මචන්.. මට හිනා ගියෙ උඹ කියපු ස්ටයිල් එකට... කතාව ඇත්ත මචන් අපි කල්පනා කරන්නෙ අපිට ප්‍රශ්ණයක් ආපුහම තමයි...

මට හිතෙන්නෙ මේ ගැනත් කල්පනා කරන්න දෙයක් තියෙනවා වගෙයි...

Sunday, August 22, 2010

පනස් වෙනි සටහන.... මට මාගේ සුභ පැතුම්


කතන්දරයගෙ පිටුව දැකලා මටත් ආසා ඇති උනා..
ලියන්නට ගත් විටදි කෙලවර හොයාගන්නට බැරි උනා..
දැන් තිබේ වාතයක්, ඇණයක්, ෆන් එකක් ආතල් වෙලා...
පනස්වෙනි සටහනත් අම්මපා ලියමි සිවුපද ගලපලා....

හසිත චාමර රනිල් මල්ලිලා යන පාර මට එලිකලා...
සින්ඩියේ ඇතුලටත් මගෙ හොට රිංගවන්නට හැකිවුනා...
මාව දිරිමත් කරන අදහස් එකින් එක මෙහි දිස් වුනා..
බ්ලොග් කලාවේ මිතුරු මිතුරියො මට අලුත් පවුරක් වුනා..

කතන්දර, මකරා, හසී සහ වැම්පයර් මල්ලිත් ඇවිත්...
හා පැටික්කිත් සමග කොක්කට පිස්සු හසියත් මෙහි ඇවිත්...
සිහින දකිනා ස්වපනා සහ සොදුරු සිත ඇති කෙල්ල වත්...
බ්ලොග් ගඩොල්, සන්සාරසිදු , මාරයා සමගින් සම්පතුත්...

හැමදාම ප්‍රථමයෙන් නරඹන හේමලයා මල්ලී අපේ...
නිශ්, හරී, වාගෙම තවත් නම් නොකී අය මෙය නරඹතේ...
සදා සක්කිලි කමෙන්ට් දමනා ඇනෝනිමස් මල්ලිත් අපේ...
දුන්න දයිරිය මගෙ සිතින් නම් සදා නොමැකෙයි මිතුරනේ.....

වැප් ශෙෂානී වගේ තව ඇත විහග ගීතය මාතලේ.....
පළවෙනිම අදහසත් පලකල තරිදු මල්ලිත් මතකයේ....
බ්ලොග් නොලියා මගෙ පස්සෙ දැවටෙන උදවියත් ඇත කස් වගේ....
හැම දෙනාටම පුදමි බැතිමල් දුන් සහය මිණිමුතු වගේ....

ඇවිත් යන එන ගාන නම් මෙහි දහස් ගනනක් පහුවෙලා....
පසුපසින් එන උදවියත් මගෙ පනස් එකකට වැඩිවෙලා....
තිබේ කරුනක් පවසන්න මට සොයුරු සොයුරනි හිස නමා...
ලියමි තව දුරටත් නුඹේ මුවෙ, නැගී එන මදහස තකා..........

නම් නොකියවුනු සොයුරු සොයුරිනි තරහ ගන්නට නම් එපා...
ඇවිත් ගොඩවී යන්න මදහස මගේ බ්ලොගයෙ තවරලා....
බ්ලොගය නරඹන ඔබ හැමෝටම හදේ තුතිමල් දෙමි පුදා...
ඔන්න එහනම් යනව මම අද පනස් එක ගැන සිත සිතා....

මගෙ අදහස වෙනස් කරගත්තා..

පුංචි එකාගෙ උපන් දිනයට මම ලියපු කවියට ඉහලම ප්‍රතිචාර හිමි වෙලා තිබුනා... එයා වෙනුවෙන් ලබා දීපු සුභ පැතුම් වලට ඔහු වෙනුවෙන් මගේ ස්තූතිය ඒ ඔක්කොටම පිරිනමන්න කැමතියි.... ඔන්න එහෙනම් ස්තූතියි... ඒ වගේම මගේ පුංචි කොම්පැණියත් මේ දවස්වල හෝ ගාලා වැඩ නිසා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තියෙන කාලය ඉතාම අඩුයි... රූපවාහිනී වැඩසටහනකටත් සහභාගී උනා නොවැ විනාඩි 20කම....

ඒව මේව කතා නැතුව බහිමුකො අද කතාවට... අද ලියන්න යන්නෙ මිත්‍රත්වයේ නාමෙන් කාපු කටු ගැන... උදවු කරන්න ගිහින් මටත් තව යළුවන්ටත් වෙච්ච දේවල් කිහිපයක් තමයි මේ පහළ තියෙන්නෙ.. දන්නවනේ ඒ කාලෙ... ජංගම දුරකතන නෑ... ගෘහස්ථ දුරකතනත් ඉතාම සීමිතයි.. කෝල් ගන්නෙ තැපැල් කන්තොරුවට ගිහින්... සන්නිවේදන පහසුකම් අවම මට්ටමේ තියාගෙනත් අපේ උන් ආදරේ බාධක ජය ගත්තේ ඉතාම සූක්ෂම අන්දමින්.... තව එක දෙයක් කියන්න බැරි උනා... ප්‍රවාහන පහසුකමුත් ඉතා අඩු යුගයක තමයි මේ දේවල් සිද්ද උනේ.... ගම්බද පාරවල් වල එක පැත්තකට ගිය බස් එක ආයෙත් ආපහු එන්නෙ පැය දෙකකට විතර පස්සෙ.... මේවා මතක් වෙද්දිත් දැන් හිනා යනවා... ඔන්න එක කතාවක්... අපේ ගැන්සියේ පොරක් සාමන්‍ය පෙළ කාලෙම දාගත්ත අපේම බාලිකාවට යන ටිකක් ගම්බද පැත්තක ටිකක් ලස්සන ගෑණු ළමයෙක්.... මම හිතන්නෙ ඒක තමයි අපේ ගැන්සියේ එකෙක් ඉස්සෙල්ලාම ගොඩ ගිය සීන් එක.. අපිත් දැන් පට්ට සපෝට්... හරියට අපි දාගත්ත වගේ... අපිටත් කෙල්ලෙක් නැති එකේ අපිටත් වැඩක් තියෙන්න ඕනනෙ... (මේ ගෑණු ළමයා දැන් මගේ බ්ලොග් එකේ හොද පාඨකයෙක් කියලා තමයි ආරංචිත්.. තරහා වෙන්නෙත් නැතිවෙයි.) දැන් ක්ලාස් ඉවර වෙලා අපේ කොල්ල නගිනවා කෙල්ලගෙ බස් එකේ.. එ පිටිපස්සෙන් අපිත් නගිනවා.. දැන් උන් දෙන්නා ලව් කරගෙන යනවා.. අපිත් ගැන්සිය පිටින් පට්ට පිස්සුව්ක් කෙලගෙන යනවා...ගෑනු ළමය බහින හෝල්ට් එකට පස්සෙ හෝල්ට් එකෙන් අපිත් බහිනවා.. බස් එක තවත් කිලෝමීටර් 7ක් විතර යනවා.. දැනටත් කිලෝමීටර් 10ක් විතර ඇවිත්... බස් එක ආපහු එන්න තව පැය දෙකක් වත් යනවනෙ... අපි ඉතින් පටන් ගන්නවා පයින්ම ආපහු එන්න... අර ගෑණු ලමයගෙ ගේ ලගින් එද්දි එයත් මොකක් හරි බොරු වැඩකට එලියට එනවා... අපේ එකත් ඉතින් අවසන් වතාවටත් උගේ ප්‍රේමියව බලලා ආපහු අපිත් එක්ක සෙට් වෙනවා... අපහු කුරුනෑගලට එනකන්ම අපේ වැඩෙ අරුගෙ පලු යන්න බනින එක... කොච්චර බැන්නත් පහුවදාටත් අපි ඌත් එක්ක ආයෙ යනවා... මොකද අපේ එකෙක්නෙ දෙයියනේ කියලා.... ගුටි කෑවොත්වත් අඩුම ගානෙ ඌත් එක්ක එකට දුවන්න හරි පුලුවන්නෙ... කොහොමහරි ඒ ආදරෙ සංක්‍රාන්ති සමය එනකම්ම අපේ පාද චාරිකාව ඉවර උනේ නෑ....

රත්නෙ.. අපිත් එක්ක හිටපු සිරාම පොරක්... කිසි දෙයක් ගනන් ගන්නෙ නෑ... ෆුල් ෆුන් එකේ තමයි හිටියෙ... කෙල්ලන්ගෙන් අහන්න ටිකක් භයයි වගේ හිතෙන උන් ඌට තමයි කියන්නෙ මචන් අරකගෙන් අහපන්කො මට කැමතිද කියලා.. ඌ නෙවෙයි දෙපාරක් හිතන්නෙ.. ගියා ලගට .. ආයෙ ඌට වගේ ටෝක් දීලා තමයි අහන්නෙ.... ඉතින් දවසක් මූ කලා මරුම වැඩක්... ගෑණු ලමයි දෙන්නෙක් හිටියා එකටම... ක්ලාස් එන්නෙත් යන්නෙත් ඉදගන්නෙත් හැම මගුලක්ම එකටම තමයි කරන්නෙ.. එකක් කලුයි.. අනික සුදුයි.. අපෙත් එකෙක් හිටියා අර කලු ගෑණු ළමයට බැල්ම දාපු... දැන් ඌ රත්නෙට කිව්වා මචන්.. අර කෙල්ලගෙන් මට කැමතිද කියලා අහපන්කො... රත්නෙයාට මොනාද ඕවා... ගියා කෙල්ලො දෙන්න ගාවට... ගියාට පස්සෙ මුට හිතුනා කලු කෙල්ල අරූට ගැලපෙන්නෙ නෑ කියලා.. ගිය එකේ ආපහු එන්නත් මොකක්ද වගේ හින්දා ඇහුවා සුදු පාට කෙල්ලගෙන්... එයත් කිව්වලු හිතලා බලල කියන්නන් කියලා... රතනෙයා වීරයා වගේ ආවා.. ඇවිත් අරූට සීන් එක කිව්වා... අම්මා සිරි හෙන කොක්ක... හොදම සීන් එක පහුවදා අර ගෑණු ළමය කැමතියි කිව්වා.... මොනා කරන්නද? ඔරුව පෙරලුනු පැත්ත හොදයි කියලා අරුත් අවුරුදු තුනක් යනකම්ම වැඩේ කරගෙන ගියා..

ධනේ.. මෙන්න තවත් පොරක්.. මේක තමයි හොදම කතාව.. බතලගොඩ වැව රාජධානිය කරගෙන වාසය කරපු අපේ කොල්ලෙක් තමයි... උසස් පෙළ කරද්දි හැමෝටම එනවා වගේ මූටත් විද්දා මල්සරා... පාසැල් බස් රථයේ ගිය ගෑණු ළමයෙක් තමයි මුගෙ මීටරේට අහු උනේ... ඉතින් දවසක් පට්ටම දුකක් විදලා අපි කාටත් හොරෙන් මූ ඇහුවා අර ළමයගෙන් කැමතිද කියලා.... ගෑණු ළමයි වැඩිපුරම දෙන උත්තරේ වෙන හිතල බලල හෙට කියන්නම් කියන එක තමයි මුටත් ලැබුනේ.... කොල්ලත් ආපහු ආවා.. හෙට උදා උනා... උදේම බස් එකට නගිද්දි අර ගෑණු ළමයා මූත් එක්ක ආදරෙන් හිනා වුනා.. වැඩෙත් හරි වගෙයි... මූටත් එහෙම හිතුනා... එතකොටම තමයි මල්සරා විදපු හීය ආපහු ගත්තෙ.. පොර ගෑනු ළමයට කිට්ටු කරලා මෙහෙම කිව්වා...

නංගි.. මම මගෙ අදහස වෙනස් කරගත්තා.. ඔයා මට කැමති උනත් දැන් කරන්න දෙයක් නෑ..

වීරයා වගේ පොර ආපහු එද්දි ගෑණු ළමයා තක්බීර් වෙලා බලාගෙන හිටියා කියලා තමයි දැකපු උන් කියන්නේ....

Thursday, August 19, 2010


ඔන්න හැමෝගෙම ඉල්ලීම හින්දා මම කවියක් ලියන්න හිතුවා.. ඒ කවියෙ තියෙන විශේෂත්වය වෙන්නෙ මේකයි.. මගෙ පුංචි පුතාගෙ පළවෙනි උපන් දිනය යෙදෙන්නෙ හෙට... මේ කවිය ඒ වෙනුවෙන්......

පොඩි සිහින මතු කරන් නිදි වදින මා පුතේ...
නුඹයි මගෙ ලෝකයම එකලු කල මිණිකැටේ...
නුඹේ මව ආදරෙන් තිලිණ කල හොදම දේ...
වේය නුඹ කිරුලු ලා වැජඹියන් මේ ලොවේ...

අහිංසක මිනිසුන්ව පාගලා සැප විදින...
නරුමයින් ගෙන් වෙන්ව දිවි ගෙවාපන් දිනෙක..
නරක දේ නරක යැයි නුඹට හැගෙනා දිනෙක..
එරෙහි වී හඩ දියන් එකග වී සිත් මලට....

නුඹේ ලෝකය පුරා සිල්වතුන් හමුවේවි...
ඒ වගෙම නරුමයින් නුඹ වෙතට පැමිනේවි...
නුඹ ගනින් හරි පැත්ත එවිට නුඹ බැබලේවි..
පසු පසින් ඉදන් අපි නුඹට දිරි වෙර දේවි..

පුංචි අත් පා පුතේ නිතර එහෙ මෙහෙ කරන...
මිනිසුන්ට වැඩ සදන ලෙස හසුරපන් දිනෙක..
අහස අල්ලනු පිණිස නොයොදවා නුඹේ සිත...
ලොවට බර නැති එකෙක් ලෙසට ගෙවපන් දිවිය...

පුංචි මුව විවර කර කිරි සුවද විහිදෙනා........
ඉදන් මව් උකුල තුල හිනැහෙමින් දෙසට මා.........
නුඹ මගේ ලෝකයේ ඉදිරි සිහසුන දරා........
බැබලියන් මගෙ පුතේ ගුණ සුවද විසුරලා....





Wednesday, August 18, 2010

හාල්මැස්සො වලිය


අද මේ කියන්න යන්නෙ මුහුදෙ ඉන්න හාල්මැස්සො ගැන නෙවෙයි.. මම කොහොමත් කතාවක් කියද්දි ඒකෙ පසුබිම ගැනත් පොඩ්ඩක් කියන නිසා අදත් ඒ පසුබිම ගැන පොඩ්ඩක් කියන්නම්.... මම කාලයක් වැඩ කලා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ.... ඒකෙ ස්වයං රැකියාවලට මිනිස්සුන්ව පොළඹවන, විවිධ ආහාර වර්ග විජලන ක්‍රියා වගේ පාඨමාලා නොමිලේ ජනතාවට දෙන සේවයකුත් තිබුනා.. ඊට අමතරව විසිතුරු මල් පැල, බ්ලොග් ගල් නිෂ්පාදනය (අපේ පූසො ටිකත් යැව්වහැකි තමයි) වගේ ඒවත් තිබ්බා.... කතාවට අදාළ වෙන්නෙ අර කලින්ම කියපු විජලන සීන් එක තමයි.. ඉතින් ඔය අපේ අමාත්‍යංශෙ උදව්වෙන් පොඩි පොඩි බිස්නස් පටන් ගත්තු සමහර අය එනවා එයාලගෙ නිෂ්පාදන අපිටත් විකුනන්න... ඒවා ඉතාම පිරිසිදුයි,,, ඒකෙ දෙකක් නෑ..... කිතුල් හකුරු, පැනි, කරවල වගේ දේවල් අනර්ඝ තත්වයෙන්ම තියෙනවා.. මොකද අපිට දෙන එක අවුල් උනොත් වැඩෙත් හබක් වෙනවනෙ... හරි.. දැන් ඉතින් කතාවට බහිමු...

ඔන්න ඉතින් එක දවසක් ගෙනාවා වේලපු හාල්මැස්සො... අඩු ගානට හොද බඩු.. ඒ වගේ දෙයක් රජයේ කාර්යාලයකට ගෙනාපුහාම ඉතින් අහන්න දෙයක් නෑනෙ.. දැන් කට්ටිය වට වෙලා ගන්නවා... මම වැඩ කලේ ගිනුම් අංශයේ.. අපේ සෙට් එකත් ඉතින් දුවගෙන ගිහින් හාල්මැස්සො ගෙනාවා... අපේ කරු අය්යත් පිඹගෙන ගිහින් පැකට් එකක් අරන් ආවා.... අපි ඉතින් බෝඩින් කාරයොනෙ.. අපිට මොකටද හාල්මැස්සො... අපි ඉතින් යන්නෙ නෑ ඕවට... කඩෙන් දෙන දෙයක් කාලා පාඩුවෙ ඉන්නවා...

ඔන්න ටික වෙලාවක් යද්දි මම කරු අයියගෙ මේසෙ ලගට වෙලා වෙන වැඩක් කර කර ඉන්නවා... වෙන වැඩක් කිව්වට කාත් එක්ක හරි කදයක් තමයි ඉතින්... ඒ කදේ දාන අතරෙ කරු අයියගෙ හාල් මැස්සො පැකට් එකත් මගෙ අතේ තිබ්බා. ඒ වෙලාවෙම එතනට පාත් උනේ අපේ ආදරණීය මිසිස් මැටිල්ඩා ඇන්ටි... ආපු ගමන් මගෙන් ඇහුව ප්‍රශ්නයක්..ඒකත් එක්ක මමයි මැටියි අතරෙ පහල තියෙන ආකාරයේ දෙබසක් ආවා...

ආ... අභීත, මොකද හාල්මැස්සො පැකට් එකක් අතේ තියන්

ආ මිස්.. හාල්මැස්සො ගෙනාවනෙ විදාතා ළමයෙක්... එයාගෙන් ගත්තා..

ඔයා
බෝඩ් වෙලානෙ ඉන්නෙ.. ඔයා දැන් උයාගෙනත් කනවද?

අනේ නෑ මිස්.. මම මේ ඉනෝකටත් කිව්වෙ ඕනනම් මේක අරන් යන්න කියලා... මම ඉතින් ඒ ළමයා පව් කියලා ගත්තේ.. රුපියල් 100 නෙ..

ආ.. මට ගන්න ගන්න බැරි උනානෙ අභීත.. එහෙනම් මට දෙනවද? මම රුපියල් 100ක් දෙන්නම්..

ආ.. කමක් නෑ මිස්.. මෙන්න ගන්න... මම කොහොමත්
මේක කාට හරි දෙන්න හිටියෙ...

ඔන්න ඉතින් මිසිස් මැටිල්ඩා මට 100ක් දුන්නා... මම දෙයියනේ කියලා කරු අයියගෙ හාල්මැස්සො පැකට් එක මිසිස් මැටිල්ඩට විකුනුවා...


ඔන්න කථාවෙ වීරයා ආවා.. ඒ කියන්නෙ අපේ කරු අයියා ආවා.. බැලුවා .... හාල්මැස්සො පැකට් එක නෑ... ඇද්දා කොක්ක...

කවුද ගත්තෙ මගෙ හාල්මැස්සො එක..

දැන් ඔක්කොම ඉන්නව බිම බලාගෙන... පොඩි අවුලකට උනේ මැටීට එක පාරම පත්තු උනා සීන් එක.. එයාගෙ ඔලුවට ආවා මම ගුලියක් තමයි අඹරලා තියෙන්නෙ කියලා.. එයා හාල්මැස්සො එක කරු අයියට දීලා මෙහෙමෙ කිව්වා..

මම ඕක අභීතගෙන් ගත්තෙ... අනිවර්යයෙන්ම ඔයාගෙ එක තමයි එයා දෙන්න ඇත්තෙ කියලා..

ටිකක් නැගල යන්න තිබ්බ සීන් එකක් ඒ විදිහට ශේප් උනා.. මමත් ගිහින් හිනාවෙලා මැටීගෙ රුපියල් 100 දීලා ආවා.... පොඩ්ඩක් ඇහේ කොනෙන් බලපුවාම කරු අයියා මම දිහා ඔරෝගෙන බලන් ඉන්න හැටි නම් මම අපූරුවට දැක්කා.......

ප.ලි. මට දැන් කවි ලියන්නත් පුළුවන් කියලත් හිතෙනවා.. ඒත් ටිකක් ලැජ්ජයි වගේ.. තව ටිකක් කල්පනා කරලා බලලම ලියනවා..... එක එක අයගෙ කවි පෝස්ට් වලට මම දාපු කමෙන්ට් දැක්කම කවියක් ලියන්නම හිතෙනවා.. බලමුකො ඉස්සරහට...

Friday, August 13, 2010

මෙන්න මගෙනුත් කක්කි කතාවක්.....


කොහොමත් සිංහල කතා බ්ලොග් එකේ ලොක්කා වෙන කතන්දර සීයා තමයි අලුත් අලුත් මාතෘකා අපිට දෙන්නෙ.. මොකද මේ කක්කි කතා සීරීස් එකත් පටන් ගත්තෙ. ඊට පස්සෙ ඉතින් බ්ලොග් ගඩොල්, පිස්සා ඇතුළුගොඩාක් දෙනෙක් කක්කි කතා ගොඩාක් ලිව්වා... මමත් එකක් නොලියන එක හරි නෑනෙ කියලා හිතුනු නිසා ඔන්න මමත් ලියනව කක්කි නොවුනත් කක්කි වගේ කතාවක්.... මේක ටිකක් ප්‍රායෝගිකවත් හොද කතාවක් වගේ කියලා තමයි මට හිතෙන්නෙ...

අපි යනවනේ ඉතින් ඉතින් එක එක වැඩ වලට එක එක තැන් වලට... එහෙම ගියාම කතන්දර සීයා කියන පරිදි 1 වැඩෙයි 2 වැඩෙයි කරන්නත් හිටපු ගමන් නේක දුරකථන ඇමතුම් ගලාගෙන එනවනෙ අහසින් වැටෙනව වගේ.. ඒ වෙලාවට කවුරුත් අන්ත අසරන වෙනවනෙ... දුවන්න ඕනේ ඉතින් වැටවල් කඩාගෙන... පුද්ගලික අංශයේ තැන් වලට ගියාම නම් අවුලක් නෑ. ඒත් පාසැල්, සමහර රෝහල් වගේ එවට ගියොත් නම් බඩුම තමයි... සමහර පාසැල් වල ගුරුවර, ගුරුවරියන් සදහා වූ වැසිකිලි වුනත් අපායට යනව වගේ යන්න වෙන ඒවා...

මේ ලගදි.. (ලගදි කිව්වට අවුරුද්දක් විතර වෙනවා..) මම ගියා කුරුණෑගල තියෙන නිශ්ශංක මහා විද්‍යාලයට... ඔන්න අර වගේ කෝල් එකක් ආවා.. ගියා ටොයිලට් එකට.... බිම කෑම දාගෙන කන්න තරම් පිරිසිදුයි... හේතුව දැක්කෙ ඊටත් පස්සෙ... අතුලට ගිය ගමන් පේන බිත්තියෙයි අර වට භාගයක් කැරකුනාම පේන දොරෙයි මරු වාක්‍යයක් ගහලා අලවලා තිබ්බා.. මම හිතන්නෙ ඒ ඉස්කෝලෙ ඔක්කොම ටොයිලට් වල මේක ගහල ඇති... මොකක්ද දන්නවද ඔය ලොකුවට කියපු වාක්‍යය.... මෙන්න මේකයි..

වැසිකිලියෙ පිළිවෙල...
කියයි පෙලපත...


යන එකා අනිවාර්යයෙන්ම හොදට ක්ලීන් කරල තමයි එන්නෙ...



Thursday, August 12, 2010

කල්පනා කරලා ලියන්න හිතුන දේ...


මම දන්නෙ නෑ මට විචාර ලියන්න පුළුවන්ද කියලා.. ඒත් මේක විචාරයක්ද නැද්ද කියන එකත් මම දන්නෙ නෑ... ඒත් මේ බ්ලොග් කලාවේ ඉද්දි දකින සමහර දේවල් ගැන ඇයි මම කට වහගෙන ඉන්නෙ කියලා මට හිතෙන වෙලාවල් එනවා.. මේ දවස්වල ඒක වැඩියෙන්ම දැනෙන්නෙ සිරකරුවාගෙ බ්ලොග් එකේ තිබ්බ ආන්දෝලනාත්මක පෝස්ට් දෙකක් නිසා... සහ ඒ බ්ලොග් එකේම තියෙන මත විමසුමක් නිසා.. ඒ වගේම අපේ බ්ලොග්වලට සමහරු දාන කමෙන්ට් නිසාත් මට මේ ලිපිය ලියන්න හිතුනා...

බදුල්ලෙ මහ ඉස්පිරිතාලේ වෛද්‍යවරයෙක් විසින් කරන ලද පාපතර ක්‍රියාව වගේම ඒ වෙනුවෙන් පැමිණි මරණීය තර්ජන පිළිබදව සිරකරුවා අපිව දැනුවත් කරලා තිබ්බා... ඔහුට මේ වෙලා තිබෙන දේ නම් ඉතාම ශෝචනීයයි.. කලකදී විප්ලවකාරයෙක්ගෙ චරිතය රග පෑ ඔහුට යුක්තිය, සාධාරනය ගැන කතා කිරීමට ගොස් මානසිකව ඉතාමත් පහලට ඇද වැටෙන්නට සිදු වී තිබීමට වග කිව යුත්තේ කවුද කියන එක අපි සැවොම තනි තනි වශයෙන් අපේ සිත් වලටම විග්‍රහ කල යුතු වෙනවා.. මට සිරකරුවට එකක් කියන්න ඉතුරු වෙලා තියෙනවා.... මචන්.. දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලුගොසුවනේ එල්ලාපන් කියල දාලා තියෙන්නෙ උඹමයි.. ඒ නිසා මේ එක එකා කියන මොඩ කතා වලට උඹ මානසිකව ඇද වැටෙන්න ඕන නෑ... උඹ උඹේ ගමන පලයන්... ඒත් උඹ ඉන්නෙ යුක්තිය සාධාරනය වෙනුවෙන් ඉඩක් නැති පුංචි රටක කියලත් හිතේ කොණක තියා ගනින්.. මොකද උඹට කුමක් හෝ දෙයක් උන දාට උඹේ තනියට ඉන්නෙ උඹේ දෙමවුපියෝ විතරයි...

තව දෙයක් ගැන මම කියන්න ඕන... මගෙම ලොකු අක්කට දරුනු හිසේ අමාරුවක් හැදිලා කොළඹ ජාතික රොහලේ 64 වාට්ටුවට ඇතුලත් කලේ අපි හැමෝම අසරන කරමින්.... ඒ වාට්ටුවේ හිටිය ප්‍රධාන වෛද්‍යවරිය වන වෛද්‍ය පද්මා ගුණරත්න, වෛද්‍ය පාදෙනිය ඇතුලු කාර්ය මණ්ඩලය අක්කා ලගට ආවෙ දුවගෙන... ඒ වෙනකොට අක්කගේ ඇස් දෙපැත්තට ගිහින් කට පැත්තකට වෙලා බලන්නත් භය පෙනුමක් ඇවිත් තිබුනා.. වහාම ක්‍රියාත්මක වෙච්ච රෝහල් කාර්ය මණ්ඩලය දින තුනක් ඇතුලත සියළු වෛද්‍ය වාර්තා ලබාගෙන අක්කාව ශල්‍යකර්මයක් සදහා ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතාකේ වාට්ටුවට ඇතුලත් කලා.. ඒ පැය 8කටත් වඩා වැඩි කාලයක් ගතවෙන ශල්‍යකර්මයක් සදහා.. ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මැතිතුමා අපි ලගට ඇවිත් අපේ සිත් සනසවලා දින දෙකක් ඇතුලත අක්කාගේ ශල්‍යකර්මය සාර්ථකව අවසන් කලා....

මම මේ කතාව කිව්වේ මේ වගේ දෙවියන් ඉදිරියේ අර වගේ අමනයන් සිටීම පවට කාරණයක් ලෙස හදුන්වන්නයි.. ඒ නිසා පව්කාරයා පව්කාරයෙක් ලෙසටත් පින්වන්තයා පින්වන්තයක් ලෙසටත් අප විසින් හදුනා ගත යුතු වෙනවා... ඒ නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින සියලු දෙනා මේ තොප්පිය හිස ලා ගත යුතු නෑ... තමන්ගේ හිතට එකගව තමන් කරන රාජකාරිය පිළිබදව ඔබ සෑහීමකට පත් වී ඇත්නම් කවුරු කාට මොනව කිව්වත් එය කාටවත් ගැටළුවක් නෙමෙයි.... ඒ නිසා සිරකරුවා මේ කිව්වෙ ඔබටයි කියා සිතෙනවනම් ඔබ ඔබ ගැනම තව එක පාරක් සිතන්න...

අනිත් කාරණය තමයි සමහර පුද්ගලයින් අපේ බ්ලොග් පෝස්ට් වලට දාන කමෙන්ට්... සෑහෙන සිංහල බ්ලොග් සංඛ්‍යාවක හීරෝ නමින් හැදින්වෙන පුද්ගලයෙක් ඉතාම ජුගුප්සාජනක කමෙන්ට් දාලා තිබුනා මම දැක්කා.. උදාහරනයක් ලෙස ගත්තම (ඔහු දාලා තියෙන කමෙන්ට් වලින් උපුටා ගත හැකි එක කමෙන්ට් එකක්...) සිරකරුවාගෙ පෝස්ට් එකක් යටින් මෙහෙම එකක් දාලා තිබ්බා...

"අපි උඹලා වගේ හිගන්නො නෙමේ රජයේ ඒවාට යන්න... අනිත් එක මූ මේ කිසිම සාක්ෂියක් නැතුව බොරුවක් දාන්නෙ "

මේ පළවෙනි වාක්‍යය පිලිබදව මට ඔහුට කිව යුතු එක දෙයක් තියෙනවා....

මහත්තයෝ... හිගන්නද පොහොසතාද මනින්නෙ සල්ලි වලින් නෙමෙයි... කටින් පිටවෙන වචන වලින්.. සමාජයේ හැසිරෙන විදිහෙන්... මේ කමෙන්ට් එක කියවන ඕනම කෙනෙක් දැනගනීවි ඔබතුමා හිගන්නෙක්ද? එහෙම නැත්නම් පොහොසතෙක්ද කියලා..

මම මේ ලිව්වෙ මට හිතුනු දේ... කාගෙ හරි රිදුනනම් සමාවෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටින්නත් මම මැලි වෙන්නෙ නෑ....


Tuesday, August 10, 2010

අපූරු ක්‍රීඩා උත්සවය සහ ආදි බාලදක්ෂයින්ගේ මීටර් 200....




ඔන්න ඉතින් මම කලින් කතාවක කිව්වනෙ අපිට ගැට්ට දාපු බාලිකා විද්‍යාලයක් ගැන ඒ කාලෙ... අහ්.. මතක නැද්ද? එහෙනම් මෙතනින් ගිහින් බලන්නකො... මේකත් ඒ සිද්ධියට කලින් එයාලගෙ ස්කෝලෙම ප්‍රොග්‍රෑම් එකකට ගිහින් වෙච්චි සිද්ධි කීපයක්.... මේකත් මගෙ බාලදක්ෂ ජීවිතේ අමතකම නොවෙනම දවසක් තමයි.... ඉතින් මේ බාලදක්ෂිකාවො ක්‍රීඩා සැණකෙලියක් සංවිධානය කලා.. තිබ්බෙ තිඹිරිගස්යායෙ හෙන්රි පේද්‍රික් ක්‍රීඩාංගනයේ... සංවිධානය කරලා තිබ්බෙ බාලිකා විද්‍යාලයක් නිසා ලංකාවෙ හතර දිග් භාගෙන්ම ආපු කොල්ලන්ගෙන් නම් කිසිම අඩුවක් තිබ්බෙ නෑ...

ඒ අතරෙ ලංකාවෙ හොද නමක් දිනාගෙන හිටපු අපේ ආදි බාලදක්ෂයෝ සෙට් එකත් හිටියා.. ඒ කියන්නෙ මගේ කතා වලින් ඔයාලට මුන ගැහුනු දමියා.. උපුල්.. චින්තක.. අමිල.. ඩැනී.. චන්දරේ වගේ සහ නොකියපු තවත් ගොඩාක් දෙනෙක් හිටියා.. අපි ටික හිටියා කියන්නෙ එතන රස සාගරයක් වෙන්න තත්පරෙන් පංගුවක්වත් යන්නෙ නෑ කියන එකයි.. ඉතින් ගිය ගමන්ම අපිව group කලා එයාලගේ ජාත්‍යන්තර නිවාස වගේක නම් වගයක් දාලා... ඉස්සෙල්ලම තිබ්බෙ පිරිමි මීටර් 200.. මමත් ගියා පොර වගේ.. මෙන්න මම ලග හිටපු පොර බොටමක් ගලවලා අර දුවන්න දාන සපත්තු දෙකක් දානවා.. ඇයි යකෝ මේක ස්පෝට් මීට් එකක් වෙලානෙ.. මම දැන ගත්තා දෙනෝ දාහක් ඉස්සරහා මාගේ වටින කියන රෙදි ටික ගැලවෙන්නයි යන්නෙ කියලා.... රේස් එක පටන් ගත්තා මම දුවනව අන්තිමේට පාත් වෙවී මගෙ ඩෙනිම පිහ පිහ.. දැන් අර ගෑණු ළමයි අහනවා

"අපෝ අය්යෙ, මොකද මේ අන්තිමට?"

"කොහෙද නන්ගි මුන් ගාල කඩා ගත්ත හරක් වගේනෙ.. මගෙ ඩෙනිම ඉවරයි... මේ බලන්න මඩ"

ඕන්න රෙද්දෙ පිහිටෙන් මගෙ රෙද්ද බේරුනු හැටි...."

ඉතින් ඊට පස්සෙ මේ වැඩෙ නැගලා යනවා.. අපිට අල්ලපු හවුසෙ එකෙ නම CABANA අපේ හවුසෙ එකේ නම CHALET පොඩි පොඩි ඉවෙන්ට් යද්දි උන් කෑ ගහනවා

සී..... ඒ..... බී... ඒ..... එන්..... ඒ..... කබා)))))නා))))))))))))))))))) කියලා.....

අපි ඔටුවොද? ඔන්න අපිත් දෙනව චියර් එක මෙහෙම ....

සී.... එච්..... ඒ.... එල්... ඊ... ටී....... චා))))ලට්............. කියලා...

මෙහෙම කියලා ටිකක් වෙලා යද්දි මෙන්න නංගි කෙනෙක් එනව නහයෙන් කටින් පිඹගෙන අපේ හවුස් එක පැත්තට.. ඇවිත් කියනව මෙහෙම...

"අයියෝ අයියෙ, චාලෙට් නෙමෙයි.... ෂැලේ.. ෂැලේ..."

හරිනෙ.. සනීපනෙ... අපිටත් වෙන්නෙ මෙන්න මෙහෙමයි එකේ මයියට වෙන වැඩ..... වස විලි ලැජ්ජාවයි කොල්ලො සෙට් එකටම..

ඔන්න ඊලගට තමයි ප්‍රධාන කතාව.... මේ කට්ටිය ප්ලෑන් කරපු ඉවෙන්ට් ටික ටක් ගාල ඉවර උනා.. ඉතින් සංවිධායක කමිටුව තීරණය කලා අර ඇවිත් ඉන්න අපි වගේ ආදී බාලදක්ෂයන් වෙනුවෙන් වූ විශේෂිත තරගයක් තියන්න... ඔන්න පිට්ටනියෙ මීටර් දෙසීයක් දුවන සීන් එකක් තමයි තියෙන්නෙ... ඕක සංවිධායකයින්ට ප්‍රශ්ණයක් නැති උනාට අපේ උන්ට නම් අහස පොළව ගැටලන කේස් එකක්... ඇයි ඔක්කොම මේ ෆීල්ඩ් එකේ පොරවල්... පැරදුනොත් ඌට අයෙ ආත්මයක් නෑ.. කවුරු පරදියිද කියලා කියන්නත් බැරි ඔක්කොම එතන ඉන්නෙ හොදම වැඩ කාරයෝ නිසයි... ලොකුම සීන් එක වෙන්නෙ මේක සංවිධානය කරන්නෙත් කෙල්ලො.. දැන් කට්ටිය ඔක්කොම කතා වෙනවා මෙන්න මෙ වගේ දෙබස්

අඩෝ හිමින් දුවමු බන්.. අරකිත් බලන් ඉන්නවා මට නම් බෑ පරදින්න..

ඔව් බන්.. මේ හයියෙන් දුවලා පිස්සුනම් කෙළින්න එපා.. විළි ලැජ්ජවයි.. හෙට වෙද්දි මුන් පත්තරේ දායි..

මේ මචන්.. උඹලා හයියෙන් දුවනවානම් කියපල්ලා.. මම පොඩ්ඩක් හන්දියට ගිහින් රේස් එක ඉවර උනාම එන්නම්...


මේ වගේ තවත් ගොඩාක් කතාවල ප්‍රතිඵලය උනේ ඔක්කොම එහෙනම් එකට දුවමු කියලා තීරනය කරපු එක... මේකෙ විශේ
ත්වය උනේ මේකයි.. පාසැල් 20කින් විතර ආපු කට්ටියට එකම හේතුවයි බලපෑවෙ.. අන්තිමට ඔක්කොම එකට පටන් ගෙන එකටම ඉවර කරන්න තීරණය කලා...

තරගය ඇරඹුනා.. මෙන්න එකෙක් විතරක් දුවනව පණ කඩාගෙන.. පිටි පස්සෙ උන් ඌට මෙහෙම කෑ ගහනවා දුවන අතර තුර...

අඩෝ හිමින් දුවපිය... අඩු කඩනව රේස් එක ඉවර උනාම..

කොහොමහරි අන්තිමට රේස් එක ඉවර උනේ මෙන්න මේ පහල තියෙන විදිහට.. උඩම පින්තූරෙ තියෙන්නෙ රේස් එක පටන් ගත්ත විදිහ.. ඒකෙ ඉස්සරහින් ඉන්නෙ අර පන කඩාගෙන දුවපු මෑන්...



ඔන්න එහෙමයි එදා අපේ පොරවල් ජාමෙ බේර ගත්තෙ...




Sunday, August 8, 2010

උපුල් මල්ලිගෙ හොදම කතාව.....


හිනා වෙන්න කතාවක් නැතුව ඉද්දි හොදම කතාවක් ආවනෙ ඔලුවට... මේකෙ කතා නායකයා වෙන්නෙත් අපේ උපුල් මල්ලිම තමයි... ඔව්, ඔව්, ඒ උපුල් තමයි.. එයාගෙ කතා කියවලා නැත්නම් මෙතනින් බලන්නකො... මම කියලා තියෙනවනෙ උපුල් ගාල්ලෙ කියලා.. බාලදක්ෂ ලෝකයේ ටිකක් ජනප්‍රිය පුද්ගලයෙක් වගේම හොද වැඩ කාරයෙක්... ඒ වගේම හොද විනෝදකාමී පුද්ගලයෙක්..... හිත හොද මිනිසෙක්.. අටුවා ටීකා වැඩක් නෑනෙ.. කතාවට බහිමු...

පාසැල් කාලය ගැන කියන්න දෙයක් නෑනෙ.. ගෑණු ලමයි ගැනත් ටිකක් උනන්දුයිනෙ.. ඉතින් උපුල්ටත් මේ ධර්මයේ වෙනසක් උනේ නෑ... මිනිහත් ඔය නුගේගොඩ පැත්තෙ ප්‍රසිද්ධ බාලිකාවක ගෑණු ළමයෙකුට ඇහැ දැම්මා... ගාල්ලෙ එකෙක් කොහොමද නුගේගොඩ කෙල්ලෙකුට ට්‍රයි කරන්නෙ කියන ප්‍රශ්නෙ ආව අයට දෙන්න තියෙන උත්තරේ මේකයි... විවිධ බාලදක්ෂ කටයුතු වලින් තමයි දැන හදුන ගෙන තියෙන්නෙ.. ඉතින් කෑම්ප් එකක් හයික් එකක් එනකම් බලාගෙන ඉන්නෙ මේ කෙලීව මුණ ගැහෙන්න... මේ ගෑණු ලමයගෙ නම දැනට අපි දිල් කියලා කියමුකො...

දිල් කොළඹ.. එයාලට දුරකථන පහසුකම් තිබ්බා.. මූට කොහෙද ගාල්ලෙ ටෙලිෆෝන්.. කොයින් බොක්ස් එකකින් සෑහෙන මාරු කාසි ගොඩක් දාල තමයි මල් කඩන්නෙ... කොටින්ම දිල් දන්නෙවත් නෑ මූ ට්‍රයි කියලා.. ඒත් මූ හෙන උනන්දුව.... දැන් තමයි කතාවෙ හොදම හරියට එන්නෙ.... දවසක් උපුල් මිනිහගෙ යාලුවෙක් වෙච්ච කොතලාවලත් එක්ක ගියා කොයින් බොක්ස් එකක් ගාවට.. එබුවා දිල්ගෙ නොම්මරේ... ෆෝන් එක ඉස්සුවේ දිල්ගෙ අම්මා... දැන් යනවා මෙහෙම දෙබසක්....

උපුල් : හෙලෝ.... ආන්ටි, දිල් ඉන්නවද?

අම්මා : දිල් ගෙදර නෑනෙ පුතා.. කවුද මේ.......?

උපුල් : මම ගාල්ලෙන් උපුල් කියලා කෙනෙක් ආන්ටි... කොහෙද දන්නෙ නෑ නේද ආන්ටි දිල් ගියේ...

අම්මා : දිල් abroad ගිහින් නෙ පුතා..

උපුල් : අහ්.. ඇත්තද ආන්ටි.. ගොඩක් හවස් වෙයිද දන්නෙ නෑ නේද එද්දී......?

මූ අප්සෙට් එකෙන් ෆෝන් එක තියලා කොත්තුවාගෙන් මෙහෙම ඇහුවලු..

ඒ කොහෙද බන් abroad තියෙන්නෙ.. දිල් එහෙ ගිහින් කියන්නෙ....

කොත්තුව මේක ලංකාව පුරා පතුරවන්න වැඩිපුර එක විනාඩියක්වත් වැය කලේ නෑ.... තාමත් මේ සිද්දිය අපි අතරෙ කතා වෙද්දි උපුල්ගෙන් අහන්න වෙන වචන ගැන ඔයාලට අමුතුවෙන් කියන්න වෙන්නෙ නැති වෙයි....

Tuesday, August 3, 2010

කෙටුවනෙ කඩුවෙන් අපෙ කමල් මල්ලිට........


දැන් කාලෙ වගේ ඉස්සර ස්කෝලෙ යන කොල්ලන්ට කෙල්ලන්ට ලොකු ඉංග්‍රීසි උනක් තිබ්බෙ නෑ.. අපිට කොහොමත් හොද ඉංග්‍රීසි දැනුමක් ඒ කාලෙ තිබ්බනෙ... විදුහල්පතිතුමා come with your father කියල කියපුහම අම්ම අඩ ගහගෙන තමයි ස්කෝලෙට යන්නෙ.... ඉංග්‍රීසි හින්ද මුහුණ දුන්න අපූරුම අත්දැකීමක් ගැන තමයි දැන් ලියන්න යන්නෙ....

සම්පත් රණවක ගවේශණ තරගය කියන්නෙ අපේ විද්‍යාලයේ බාලදක්ෂයෝ අඛණ්ඩව වසරක් පාසා සංවිධානය කරන ඉතා සංකීර්ණ වැඩසටහනක්.. කොටින්ම කියනවනම් එය තමයි අපේ විද්‍යාලයේ දැනට තියෙන සංකීර්ණම වැඩසටහන.. ඔන්න ඉතින් පිට පනිනවනෙ.... හරි ඉතින් ඔය කියන ගවේශණ තරගෙට ලංකාවේ නන් දෙසින් බාලදක්ෂ බාලදක්ෂිකාවන් 750ක් විතර සහභාගි වෙනවා.. දිවයිනේ නම ගිය පාසල් වගේම ප්‍රාදේශීයව තිබෙන කුඩා පාසල්වල දරුවනුත් මේ සදහා සම සමව සහභාගී වෙනවා... ඉතින් මෙහි ශූරතාවය දිනා ගන්නත් මේ පාසල් අතරෙ තියෙන්නෙ ප්‍රබල තරගයක්... මේ ටික කිව්වෙ මේ කතාවෙ පසුබිම ඔයාලට තේරෙන්නයි.. හරි දැන් පටන් ගමු කතාව...

ඉතින් මේ කියන තරගෙට සහභාගී වෙන්න ආවා නුගේගොඩ පැත්තෙ තියෙන ප්‍රධානම බාලිකා පාසලක බාලදක්ෂිකාවො වගයක්... පරණ වාහනේකින් උනත් ටිකක් පොශ් විදිහට බැහැපු නිසා ගමේ කොල්ලන්ගෙ ඇසුත් ඒ පැත්තට ගියා කියන එක තමයි ඇත්ත... කොහොමත් මේ අපු ගෑණු ළමයින්ගෙන් කීප දෙනෙක් කලින් කදවුරු වලදි මුන ගැහිලා හොද මිත්‍ර සබදතා ඇති කරගෙන හිටියෙ අපි.. නමුත් තවත් ඉතින් කීප දෙනෙක් ටිකක් එහාට මෙහාට ඇඹරිලා... දන්නෙ නැද්ද ඉතින් කොල්ලො විතරක් ඉන්න ස්කෝලකට කෙල්ලො ටිකක් ආපුවාම.... උනුත් වැඩ දානවා මුනුත් වැඩ දානවනෙ... කොල්ලොත් ඉතින් මැරීගෙන මේව කරන්නෙ ඉතින් හිත යට තියෙන මනා යහපත් චේතනාවල් නිසානෙ....

කොහොමහරි මේ කියන උත්සවේ දවසෙ අපිට අර කියන විද්‍යාලයට දිවා ආහාර දෙන්න සෑහෙන පරක්කු උනා.... ඒක නිසා මේ ගෑණු ළමයින්ට අසූ හාරදාහට තද වෙලා තමයි තිබ්බෙ.... ඉතින් අපෙන් වෙච්ච පුංචි පුංචි අඩුපාඩු පවා එයාලට ටිකක් ලොකුවට පෙනුනා.... කොහොමත් ගෑණු ළමයි වහා ගිනි ඇවිලෙන සුළුයි නෙ... පෙට්‍රල් බවුසර් වගේ තමයි..... ඉතින් මේ Event එක ඉවර වෙනකන් පිපිරි හිටියා මේ කට්ටිය.... හැබැයි අපිත් දැනගෙන හිටියා ඉවර වෙච්ච ගමන් මේ අය බෝම්බයක් පත්තු කරන්න තමයි ඉන්නෙ කියලා.... ඒ නිසා Closing Ceremony යන අතරෙ අපි ඒකටත් සූදානම් උනා... කොහොමත් පශ්චාත් කොකු වලට මුහුණ දෙන්නෙ මමයි කමල් මල්ලියි... අපි දෙන්න ඉතින් මොකක් හරි ෂේප් එකක් දාල හිත් රිදෙන්නෙ නැති වෙන්න ඕන ප්‍රශ්ණයක් ගොඩින් විසදල දානවා...

දැන් වැඩේ ඉවරයි.... අර ළමයි පිඹගෙන ආවා අපේ සර් ලගට... සර් කමල් පෙන්නලා අරාධිත අමුත්තොත් එක්ක ගියා තේ පැන් සංග්‍රහයට... මම වට කර ගත්තා වෙන පාසලක ගෑණු ළමයි වගයක්.... දැන් ඉතින් බනිනව අපි දෙන්නට දෙගොල්ල පලු යන්න... කොහොමත් මගෙ සීන් එක එච්චර දරුණු උනේ නෑ.. ඒක ඉක්මනට ශේප් කරලා මමත් ගියා කමල්ට පොඩි හෙල්ප් එකක් දෙන්න.... අම්මෝ........ එතන එකම ගාලගෝට්ටියයි.. ගෑණු ළමයි බෙරිහන් දෙනවා... අපිට ඔයාල මෙහෙම කලා.. අරහෙම කලා.. එක සද්දෙ... කමල් කිව්වා මෙහෙම..

හරි නංගි.. එක්කෙනෙක් කතා කරන්න.. අපි බලමු මොකද කරන්න පුලුවන් කියලා...

දැන් එක ගෑනු ලමයෙක් කතා කරනකොටම කමල් එයාලත් එක්ක ආපු මිස් ගෙන් මෙහෙම ඇහුවා..

මිස්, අපි අතින් කුමක් හෝ........

එච්චරයි කියන්න ලැබුනෙ එතන හිටපු එක ගෑනු ළමයෙක් කෙටුව කඩුවෙන් අපේ කමල් මල්ලිට

දැන් ඉතින් බය වෙන්න එපා.. කඩුවෙන් කෙටුවා කිව්වේ ඒ ලමයා ටිකක් තද ස්වරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් මොකක් හරි කිව්ව කමල්ට.... මිස් එක්ක කතා කර කර හිටපු කමල්, කතාව නවත්තලා ඒ ළමයා දිහා රවලා බලලා අර කිව්වට වඩා දැඩි ස්වරයෙන් මෙහෙම කිව්වා...

You Shut Up .......................

ඒ ස්වරය අභිබවා යන්න ඒ ලමයට හැකි උනේ නෑ..... මිස් එක්ක කතා කරලා වැඩේ ගොඩ දාපු කමල් අපි ලගට ඇවිත් මෙහෙම කිව්වා...

යාන්තන් දන්න වචන දෙකෙන් ශේප් උනා....... තව පොඩ්ඩෙන් විනාසයි...



ප.ලි. මේ කතාව මට මතක් උනේ ඒ ගෑනු ළමයින්ගෙ කණ්ඩායමේ හිටපු නපුරු ගෑණු ළමයෙක් (ඒ කාලේ) අද මට මහරගම සම්පත් බැංකුවෙදි මුන ගැහිලා කතා කලා... එයා ඉතාම කාර්ය බහුල ඌ නිසා අපිට මේ සිද්දිය මතක් කරල හිනා උනේ නෑ.. ගෙදර ඇවිත් ඒ කල්ලියෙ තවත් ගෑනු ළමයෙකුට කතා කරලා මේ සිද්දිය මතක් කරලා හිනා උනා... ඒ කාලෙ කරපු වැඩ කොච්චර සුන්දරද කියලා අහන්නත් අපිට අමතක උනේ නෑ..... ඔය පින්තූරෙ ඉස්සරහම පේලියේ ඉන්නෙත් පැමිණිලිකාර පාර්ශවයයි විත්තිකාර පාර්ශවයයි එකට ඉදගෙන :)





Monday, August 2, 2010

කොළු කාලෙ වැඩ තමයි වැඩ.............

පාසැල් කාලය කොච්චර සුන්දරද කියලා මතක් වෙන්නෙ දැන් ඒවා මතක් වෙනකොට.... මේක මතක් උනෙත් බාලදක්ෂ සීන් ලියන්න ගන්නකොට.. ඕනම පාසලක ඉන්නවනෙ අමුතුම කණ්ඩායම් කිහිපයක්.. ශිෂ්‍ය භටයො.. බාලදක්ෂයෝ වගේ අය.. මෙයාලා පාසල ඇතුලෙ පෙරලි කාරයො.. හැබැයි පාසල නියෝජනය කරන්න එලියට ගියාම අතිශය විනීතයි, අහිංසකයි.... ක්‍රීඩා කණ්ඩායම් තියෙනවනෙ ක්‍රිකට්, රග්බි, පාපන්දු වගේ ඒවා.. උන් ඇතුලෙත් පිටත් දෙකේම පෙරලි කාරයො... චෙස්.. රතු කුරුස සංගමේ, සිංහල සංගමේ, බෞද්ධ සංගමේ වගේ ඉන්න කොල්ලො ඇතුලෙත් අහිංසකයි.. පිටත් අහිංසකයි...

අපි අයත් උනේ ඕකෙන් පළවෙනි කොටසට.. ඒක තහවුරු කරන්න තියෙන හොදම සාධකය තමයි අපේ විදුහල්පතිතුමා මාව ඉලක්ක කරලා කියපු කතාවක්.. 1999 කුරුණෑගල දිස්ත්‍රික් බාලදක්ෂ කැම්පරියෙ ප්‍රථම ස්ථානය සහ සෑම අතින්ම දක්ෂ බාලදක්ෂ කණ්ඩායමට හිමි සම්මාන දෙකම දිනා ගත්තෙ මගේ නායකත්වයෙන් යුතු අපේ බාලදක්ෂ කණ්ඩායම.... සාමාන්‍යයෙන් එහෙම ජයග්‍රහණ ගත්තම පාසලේ ඊලග රැස්වීමෙ ඒක නිවේදනය කරලා අර ගත්ත කුසලාන විදුහල්පතිතුමා අතින් ළමයි ඔක්කොම ඉස්සරහා නැවත දෙනවා.. මෙන්න මේකත් ඒ විදිහට දුන්න.. මම පොර වගේ ගිහින් විදුල්පතිතුමා අතින් ජයග්‍රහන ටික අරන් වේදිකාවෙන් බැහැල එනකොට එතුමා මෙහෙම කියනවා මට ඇහුනා....

මට ඔය ළමයින්ට කියන්න එක දෙයක් මතක් උනා.. සමහර ළමයි ඉන්නවා පාසලෙන් පිටට ගියාම, එහෙම නැත්නම් පාසල නියෝජනය කරන්න ගියාම පාසලේ ගරුත්වය මනාව රකිනවා.. ඒත් ඇයි ඒ ළමයින්ට පාසල ඇතුලෙ ඒ විදිහට හැසිරෙන්න බැරි........

රෙදි බිමනෙ ඉතින්...........