Meemure Jungle Resort

Sunday, August 28, 2011

අසේල හෙවත් මගේ ලෝකයේ රංග ගැන තවත් ඔබ නොදන්න කථා රැසක්........

මේ ලඟදි ඒ කියන්නේ පසුගිය සිකුරාදා අපේ කට කහන දුමී අයියලාගේ ගෙදර තිබ්බා පැදුරු පාටියක්.... සර්ව රාත්‍රික පැදුරු පාටියට ප්‍රධාන වශයෙන් සහභාගි වුනේ ගූගල් බස් පදින සෙට් එක... බස් පදින සෙට් එකේ වැඩි දෙනෙක්ම බ්ලොග්කරුවොත් වෙච්චි.... ඉතින් ඒ නිසා ඒක ඉතාම විනෝදජනක සාගරයක් උනා..  අමරසිරි පීරිස්, කපුගේ, වික්ටර්, දීපිකා, නීලා, ටී.එම්., සුනිල්, වගේ ප්‍රබුද්ධ ගායක ගායිකාවන්ගේ ගීත එක්ක ලාවට ගිය මදුවිත එක්ක සුපිරි විනෝදයක් ලබන්න එදා අපට හැකි වුනා... අසේලත් ආවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. අසේල කල ලොකුම වැරැද්ද තමයි ඔහුගේ කර්‍යාලයේ සහ බෝඩිමේත් හොඳම යහලුවා වෙච්ච චමිඳුවත් මෙතනට එක්ක ආපු එක.... චමිඳු මගේ බ්ලොග් එකේ රසිකයෙක්.. ඉතින් මම ලඟින්ම ඉඳගෙන අසේලගේ රසකථා කියන්න පටන් ගත්තා... ඔයාලට කිව්වේ නැත්නම් හරි නැති නිසා ඔන්න සංස්කරනයත් නැතිවම ලියලා දානවා....


පලවෙනි කථාව....


මචන්, ඊයේ  කාල්ටන් එකේ අපි සෙට් වුනානේ.... මගේ කාර් එකේ අසේලයාවත් දාගෙන මම යනවා... මූ පිටි පස්සේ ශීට් එකේ හිටියේ.... එක පාරටම නිසාන් පැට්‍රල් ජීප් එකක් මගේ ඉස්සරහට ආවා... ඒක සිරාවටම මොඩිෆයි කරලා තිබ්බේ.. අපි ඉතින් ඒ ගැන කථා කර කර යද්දි අසේලයා මෙන්න මෙහෙම ඇහුවනේ බන්....


අඩේ චමිඳුවා... මේක නිසාන් පැට්‍රල් කියලා කියන්නේ මේකෙම නිසාන් ඩීසල් එකත් තියෙනවද බන්? ඒකනම් පට්ට ගනන් ඇති නේද බන්......


අනේ අම්මේ... බීපු අරක්කු ටික හිරවෙලා මැරෙන්නේ තව පොඩ්ඩෙන්....


දෙවෙනි කථාව...


චමිඳු අසේලත් එක්ක වැඩ කරන්නෙත් එකට... ඉතින් මෙයාලා වැඩ නැති වෙලාවට කරන්නේ මෝටල් කම්බැට් කියන ගේම් එක සෙල්ලම් කරන එක.... (අසේලගේ අන්තිම පෝස්ට් එකෙත් තිබ්බේ මේ ගැන...) මෝටල් කම්බැට් කියන ගේම් එක කවුරුත් දන්නවනේ.. අර සුප්‍රසිද්ධ ගහමරා ගන්න සෙල්ලම... ඉතින් එක් දිනක අසේල මේක සෙල්ලම් කරද්දි ඔහුගේ ක්‍රීඩකයාට ප්‍රතිවාදියාගේ ක්‍රීඩකයා විසින් සුපිරි පා පහරක් (කික් එකක්) එල්ල කලා... අසේලටත් එම පහරම එල්ල කරන්න ඕන උනත් ඊට අදාල කීස්(Keys) හොයාගන්න බැරි වුනා... ඒ ගැන අසේල චමිඳුගෙන් ඇහුවේ මෙන්න මෙහෙමයි....


ඒ බන් කොහොමද බන් අරූ අර කකුලෙන් පන්ච් එකක් දුන්නේ...


හයියෝ....... අනේ අම්මේ.... :D


තුන්වෙනි කථාව....


අසේල දිනක් බෝඩිමට ආවේ ටිකක් ලෙඩ ගතියකින්... බෝඩිමේ සගයෝ මේ ගැන ඔහුගෙන් විමසුවා... මේ අසේල සහ ඔහුගේ සඟයින් කිහිප දෙනා අතර වෙච්ච දෙබස...


අඩෝ අසේලයා... මොකද බන් උඹ ලෙඩින් වගේ....


සනීප නෑ බන්.. හෙට ඊඑන්ටී ස(ර්)ජන්ට් කෙනෙක් හම්බෙන්න යන්න හිතන් ඉන්නේ....


මොකෝ බන් ඒ... මොකද අවුල...


නෑ බන්.. මගේ නිකන් ඇහැ පොඩ්ඩක් අවුල් වගේ..... පොඩ්ඩක් ඇස් දෙක බලවා ගන්න ඕන....


පැදුරු පාටිය විනාඩියකට විතර නැවතුනේ මගේ හිනාවේ සද්දෙට වෙන්න ඇති..... 



මේ ටික බ්ලොග් එකේ දානවා කියපුහාම අසේල කිව්වේ මෙහෙම දෙයක්....


දාපන්.. හැබැයි මගේ එකට ලින්ක් එකත් දාපන්.. කාලෙකින් ලිව්වේ නැති නිසා මට හිට්ස් ටිකක් හරි ඒවි.... ඒ උනත් අසේලයා.. ආයෙත් ලියපන්... මට නිකන් තනියි වගේ බන්. කාලෙකට කලින් අපිව හිනස්සපු කථා කියවන්න යන්න මගේ ලෝකයට මෙන්න මෙතනින්...


ප.ලි.  මේකට ෆොටෝ එකක් දාන්න මුළු ගූගල් එක පුරා හෙව්වත් නිසාන් ඩීසල් ජීප් රථයක්වත්, කකුලෙන් දෙන පන්ච් එකකවත්, ඇස් වලට බෙහෙත් කරන ඊඑන්ටී ස(ර්)ජන්ට් කෙනෙක්ගෙවත් ෆොටෝ එකක් සොයාගන්න බැරි උන නිසා රත්ගමයා මල්ලි අනුග්‍රහය දක්වපු ෆොටෝ එකක් අසේලගේ අනුදැනුම පිටම දැම්මා මෙන්න....

ප.ප.ලි. සයිබර් සැණකෙලියට පස්සේ ඔන්න ආයෙත් අපි සෙට් වෙනවලු දෙසැම්බර් මාසේ දෙවැනි සතිය දිහා.... දැනට ඉතින් මෙච්චරයි කියන්න වෙන්නේ.....

Tuesday, August 23, 2011

පාසැල් කාලයේ මත්පැන් භාවිතය.. ශිහ්.. කනත්තක් තිබ්බේ නැත්නම් අපිත් හොඳ මිනිස්සු....

මේ කථාව මතක් උනේ සඳරූ මල්ලිගේ හිස් අහසේ තිබ්බ මිනී කනත්ත රැයක් පහන් කිරීම පිළිබඳව ඔහු ගේ සටහන කියවපු වෙලාවේ.. කියවපු මටත් ඉබේම මතකෙට ආවේ කුරුණෑගල පොදු සුසාන භූමියේ ලස්සන පිඟන් ගඩොල් ස්මාරකයක් උඩට වෙලා රැය පහන් කරපු ආකාරයයි... අවුරුදු 15ක් 16ක් කාලයේ කොල්ලො රංචුවක් එක්ක අනන්තවත් රාත්‍රීන් ගත කරලා ඇති කනත්ත උඩ ඉඳන්.... හරි කෙළින්ම කථාවට බහිමු....


සාමාන්‍යයෙන් ඕනෑම පාසලක (මම දන්න තරමට) කොල්ලො සෙට් එකක් ඉන්නවා 8 වසරේ ඉඳන් බීමට පුරුඳු වෙච්ච... මේක ගොඩාක්ම ව්‍යාප්ත වෙන්නේ විෂය භාහිර වැඩ සහ නේවාසිකාගරවල ඉන්න ලමයි අතරේ... මමත් ඔය දෙකටම අහු උනත් බීවේ නෑ... හික්.. (මොකද හිනා වෙන්නේ... මම කියන්න 8 වසර ගැන) 8 වසරේ ඉන්නවා කියන්නේ වයස අවුරුදු 13යි... ඒත් ඉතින් කොතනද බොන්නේ... කොතන බීවත් කෂ්ටිය මාට්ටු... අපි මේකට යොදාගත්තේ කුරුණෑගල පොදු සුසාන භූමිය... හදිස්සියේ පොලිසියේ එකෙක් වෙපන් එකක් අරන්වත් ඇතුලට එන්නෙ නෑ...


අපිත් එක්ක හිටියා රාජා.. පොර හිටියේ වැහැර. වැහැර වත්තෙ රාජගුරු කිව්වොත් ඕන එකෙක් දන්නවා.. ඒ ගමේ සෙට් එකට තිබ්බ වෙනම ලැන්ග්වේජ් එකක්... කනත්තේ මුර කාරයාත් වැහැර. ඉතින් රාජා මුරෙයව ඈත දකිද්දිම මෙහෙම කියනවා...


සුමනේ අන්කල්.. අප්පි පොඩි වෙඩක් ආ... අවුලක් නෑනේ.. ශේප් ආ...


වචන හසුරවන හැටියෙන් සුමනේ දන්නවා කවුද කියලා... රාජාට ගමේ උන් කිව්වේ චූටි මහත්තයා කියලා...


අරී චූටි මහත්තයා... මම තාත්තට කියන්නේ නෑ... ඒ උනාට ඔය වයසට බොන්න එපා #$%&%*.. ඔය පැත්තේ මාපිලෝ ඉන්නවා.. පරිස්සමින් ඉන්දලා පලයල්ලා...


මේ දෙබසින් පස්සේ කොල්ලො පාන්දර දෙක තුන විතර වෙනකන් තමන්ගේ වැඩේ කරගෙන ගිහින්.. සමහර උන් ඇත්තටම මල මිනී වගේ... නොබොන අපි මාර කට්ටක් කන්නේ මේ සෙට් එක පොලීසියෙන් බේරගෙන ආපහු ඉස්කෝලෙට දක්කන්න.. ඒවට කොහොමත් කෙටි මාර්ග තියෙන නිසා අපි කවදාවත් අහුවෙලා නෑ....


ඔහොම ඉතින් අවුරුදු ගානක් කරගෙන යන වැඩේ අදටත් කාටවත් මාට්ටු නෑ.. අපිටත් නොබී ඉදල වගේම වෙරි වෙච්ච උන් ඇදලම එපා වෙලා තිබ්බේ... ඔන්න ඉතින් අපිත් පටන් ගත්තා පොඩ්ඩ පොඩ්ඩ.. පස්සේ කාලෙක කොල්ලන්ගේ බොන කැපැසිටි එක වැඩි වුනා වගේම කල්ලි වෙනස් වෙනවනේ.... එක එකාට හොරෙන් කනත්තට ආවට 10 විතර වෙද්දි ඔක්කොම උන් කනත්ත ඇතුලේ.... මෙන්න මෙතනින් පස්සේ තමයි කතාවේ විසිල් හා බල්ටි...


එදා තමයි අපි කනත්තෙ බීපු අන්තිම දවස.. බීවා කිව්වට බොන්න හම්භ උනේ නෑ.. සුමනේ අන්කල් රෑට බොනවා කියලා මොකෙක් හරි එකෙක් නගර සභාවට පෙත්සමක් ගහලා... මේක අල්ලන්න නගර සභාවෙන් පැන්නා කනත්තට.... අපේ උන් ඔක්කොම අතටම අහු වුනා.... එතකොට අපි උසස්පෙළ පන්තිවල උනත් ඒ සෙට් එක අපේ උන් අල්ලගෙන, හෙන ලෙක්චර් එකක් දීලා තමයි අත ඇරියේ.. ඒ උනාට ගෙනාපු බෝතල්, බයිට්, සැන්ඩි, සිගරට් සියල්ල නගර සභා නිළධාරීන් සතු වුනා... මේ වෙලාවේ පොඩි මූත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවයකට කට්ටියගෙන් මිදිලා හිටපු මමයි ජනකයි ( ඔව් අර වෙසක් කූඩු කතාවෙයි තව කථා සීරීස් එකකමයි හිටියේ..) මේ සෙට් එකට අහු වුනේ නෑ... දැන් අපි දෙන්නා කණුවකට මුවා වෙලා මේ සිද්දිය බලාගෙන ඉන්නවා.... කකුල් ගැහෙනවා... දාඩිය පෙරෙනවා... කවුද දන්නේ පොලිසියෙන්ද කියලා... බනිනවද? අම්මලාට එන්න කියනවද? ස්කෝලෙට මාට්ටු කරලා දෙයිද මේ වගේ අනන්තවත් දේවල් හිතේ පිරිලා....


අහු වුන උන් කාකි පාට ඇද ගත්ත තුන් දෙනෙක් එක්ක පිට වුනා... නගර සභා මහත්වරු අදාහනාගාරයේ ඉඳන් අපේම උන් ගෙනාපු බෝතල් ටික වට කරගෙන සෙට් වුනා.. ඒ පාටිය නැගලා යනවා... මමයි ජනකයි පාළු සොහොන් බිමක් උඩ මදුරුවෝත් නොතලම උන්ට කටින් පිඹ පිඹ හැන්ගිලා හිටියා... ඒ අතරේ අර මිනිස්සුත් එහා මෙහා යන නිසා අපිට පැනලා දුවන්නත් බෑ... අන්තිමේදි රෑ බොනවා කියපු සුමනේ අන්කලුත් නගර සභා නිළධාරී කට්ටියත් එක්ක එකතු වෙලා මෙන්න බොනවා.... අම්මපා එහෙමත් පරීක්ෂන..


අන්තිමට මේ වැඩේ ඉවර උනේ පාන්දර තුනට විතර....  අපි දෙන්න හතර විතර වෙනකොට කනත්තේන් පිටවුනා.. කෙටි පාරකින් ඇවිත් බෞද්ධාලෝක පාරට එද්දිම ඔන්න පොලීසියේ ජීප් එකකින් අපිව අල්ල ගත්තා... මෙහෙමයි දෙබස...


කොහෙද යකෝ යන්නේ උදේ පාන්දර *&(^% වන වනා...


සර්... මේ අපි ප්‍රැක්ටිස් යනවා....


පාන්දර හතර හමාරට මොන ප්‍රැක්ටිස්ද යකෝ....


ලබන මාසේ නුවර ***** එකේ හයික් එකක් තියෙනවා... ඒකට උදෙ 5ට ප්‍රැක්ටිස් පටන් ගන්නවා.. බස් නැති හිංදා පයින්ම යනවා...


කොහෙද ගෙවල්... එනවා මෙතන අපිට අරින්න...


මම වැහැර නිශ්ශංක මාවතේ... මෙයා අපේ ගෙදර නැවතිලා ඉන්නේ...


නිශ්ශන්ක මාවතේ කොතනද?


නොම්මර 40.


හොඳයි.. පලයල්ලකො අදට... ආයෙ අහුවෙන්නේ නෑ.. යන තැනකට තොපෙ මහ එවුන්ට කියපියව් ගිහින් දාන්න කියලා.. මෙතන අපිට වද නොදී.. නැගපියව් ජීප් එකට ගිහින් දාන්න ඉස්කෝලෙට.... තොපිව බල්ලෙක්වත් හැපුවොත් මිනිස්සු නගින්නෙ අපේ කරේනෙ....


ඔන්න ඔහොම කියලා පොලිස් අන්කල්ලා අපිව ජීප් එකේම ඉස්කෝලෙට ගෙනත් දැම්මා..... 



මේ ඔක්කොම කිව්වේ ජනකයා... අපි එනකොට කොල්ලො ටික අන්ද මන්ද... ඇයි අපට මොනා වෙලාද දන්නේ නෑනේ...... රාජා ඉන්නවා ඉස්කෝලේ ගේට්ටුවට හේත්තු වෙලා උඩ බලාගෙන....  පොලිස් ජීප් එකෙන් බැහැපු සාජන් මහත්තයා රාජගුරු ගාවට ගියා.... ගිහින් රාජගුරුට මෙහෙම කිව්වා.... 


චූටි මහත්තයා.... මෙන්න මුන් උඹලගෙ ගෙදර කියන්නේ ඉන්නේ... මුන්ට කියපන් ආයේ පාරෙදි මට අහුවෙන්න එපා කියලා....


හරි වීරෙ අන්කල්... තැන්ක් යූ... අපි භයේ හිටියේ මුන් දෙන්නා කොහෙද කියලා....


පොලිසියේ ගියාට පස්සේ රාජ අපෙන් විස්තරේ ඇහුවා...


කොහෙද ***** තොපි ගියේ.... වීරේ අන්කල් හම්බුනේ කොහෙන්ද?


අපි ඉතින් මුළු කථාවම ඌට කිව්ව....


අනේ ****, වීරෙ අන්කල් ඉන්නේ අපේ අල්ලපු ගෙදර. අනේ තොපි වගේ ගොන් හරක්.....


හප්ප... ජරමර අස්සේ බර කරත්ත.... හතර විලි ලැජ්ජාවේ ආඩම්භරේ බෑ.... 


එදා තමයි කනත්තේ සෙට් උන අන්තිම දවස.... අපි සෙට් නොවුනට තවමත් රාත්‍රියට  කනත්තට ඇදෙන තරුන පිරිස් මම මේ ලඟදි කුරුනෑගල ගිය වෙලාවෙත් දැක්කා...


ප.ලි. මේ දවස්වල කළුබෝවිල දුමී ලංකාවට ඇවිත් ඉන්න නිසා වැඩිය මොකවත් ලියන්න වෙලාවක් නෑ... ලංකාවේ ඉන්න ටික දවසට උනත් ඔහුගේ මිත්‍ර සමාගමය වෙනුවෙන් අපි ඇප කැප වෙලා ඉන්නවා..... :D :D :D



Sunday, August 7, 2011

ඔෆිස් එකෙන් එන අ(ර්)ජන්ට් කෝල් සහ ඔව(ර්)ලිමිට් පැන්න ගමන් වදින ඔටෝපයිලට්.......

මොන තරම් සුදු කොඩි දැම්මත් එක පාරට කථා මතක් වෙනකොට නොලියම බෑ... මේ මාතෘකාව දැකපු ගමන් අපිත් එක්ක ගොඩාක් වෙලාවට සෙට් වෙන අය දන්නවා කවුරු ගැනද මේ කියන්නේ කියලා.... කථා තුන හතරක්ම මඩ නැතිව ගිය නිසා අද පොඩ්ඩක් මඩ තියෙන පෝස්ට් එකකට යමු... මේ කථාවේ ඉතිහාසය සයිබර් ෆෙස්ටිවල් එකෙනුත් එහාට දිවයනවා.... ඔෆිස් එකෙන් එන හදිසි දුරකථන ඇමතුම් ඉතිහාසයනම් ඊටත් එහා දිව යන්නක් කියලා තමයි මට මතක..... 


කාලෙකට පස්සෙ විවේකී ඉරිදාවක් ලැබුන නිසා මම බ්ලොග් දෙකක් මුල ඉදලා අගට කියෙව්වා.. එකක් මගේ බ්ලොග් එක... ඒකේ හොදම කථා ටික ඔබ අතරට ගිහින් නෑ කියලා තමයි මට හිතුනේ... වෙලාවක් තිබ්බොත් මගේ බ්ලොග් එකේ මුල් කාලයේ කථා කියවලා බලන්න... කතන්දරට පිංසිද්ද වෙන්න අමුතු ගැජට් එකකුත් යටින් එන නිසා ඔයාලට ඒ කථාත් කියවන්න හැකියාවක් ලැබේවි. අනිත් බ්ලොග් එක තමයි මගේ ලෝකය. ඒ බ්ලොග් එකේ මෙන්න මේ කථාව කියවද්දි තමයි මේ පහල තියෙන කථා ටික මගෙ ඔලුවට ආවේ...



අර අවුරුදු උත්සව පවත්වන්න සංවිධායක මණ්ඩලය රැස්වෙච්ච දවසක රංගට වෙච්ච අලකලංචිය මතකනේ... අපි අර මහ රෑ වෙනකන් කට්ටක් කෑවේ.. මතක නැත්නම් කියන්න මම ඊලඟ පෝස්ට් එක වෙනුවට ඒ කථාව ආයෙත් දාන්නම්... ඉතින් එදා ඉඳන් රංග අපිත් එක්ක සෙට් වෙන්නේ ඉතාම පරිස්සමින්.... ඒ අපි මඩ ගහයි කියලා බයට... අපිටනම් මොන මඩ ගැහුවත් අපි නවත්තයි කිසිම දෙයක්... ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය දවසේ අපි සෙට් වුනේ රංගගෙ දෙල්කඳ ජොයින්ට් එකේ.... හිටියේ ජීවිතය වචනයෙන් ලියන සෝරෝ මල්ලියි, ඕනයාගෙ බ්ලොග් එක ලියන දුලිප් අයියයි, මගේ සඳ ලියන පසන් මල්ලියි.... රංග ආවෙත් හොදටම පරක්කු වෙලා... දැන් පරක්කු වෙලා ආපු රංගයි අපියි අතරෙ යන්නෙ මෙහෙම කථාවක්....


අහ් මචන්, මොකද පරක්කු උනේ....,


ඔෆිස් එකේ පොඩි වැඩක් තිබ්බා බන්.. ඒකයි


අපිනම් එකක් ගත්තා.... මොනාද ඕඩර් කරන්නේ....


නෑ මචන් මම ගල්... මම වෙනම ගන්නම්...


මෙන්න මෙහෙම කියපු මේ පොර වෙනම ඩ්‍රින්ක් එකකුයි වෙනම බයිට් එකකුයි දාගෙන අපි ලඟ ඉදන් වෙනම පානය පටන් ගත්තා... ඉතින් ඔහොම මෙහෙම යද්දි අපට පේනවා කොල්ලගෙ සීමාව පනිනවා.... එක පාරටම රංග අපිට මෙහෙම කිව්වා....


මචන් අභියා, මම යනවා මචන්..... ඔෆිස් එකට මේල් එකක් දාන්න ඕන 11ට කලින්.... මම ගියා ඕනයා... මම යනවා සෝරෝ.... 


අපි උඩ බිම බැලුවා... මූත් ගියා.... අපි අපේ වැඩේ ඉවර කරලා ගෙවල් වලට ගියා....


ඊලඟ දවස උදා වුනේ මේ මෑතකදි. ඒ දුමී අයියා ලංකාවට ආපු දවසක. දුමී අයියයි, මමයි, රංගයි, සෝරෝයි, ඕනයයි, දුමී අයියගේ යාලුවෙකුයි එදා සෙට් වුනේ ඔටර්ස් ක්ලබ් එකේ... එදාත් මට මතක විදිහට මොකක් හරි මැච් එකක් තිබ්බා... සුපුරුදු විදිහටම රංගයා එදාත් 11ට විතර නැගිට්ටා... මචන්, මට යන්න තියෙනවා.. ඔෆිස් එකට මේල් එකක් දාන්න ඕන 12 වෙන්න කලින්.. මම යනවා මචන්... කියලා ගියා...


ඊලඟ දවසේ අපි සෙට් උනේ දුමි අයියාගේ සමුගැනීමේ පාටිය දවසේ... යන්නේ අද රෑ කියලා ගිනි දවාලේ ඔන්න සෙට් වෙලා.. එදා හිටියේ මමයි දුමි අයියයි, රංගයි... වැඩේ යන අතරේ අපි අතරේ මෙහෙම කථාවක් ගියා...


දුමී අයියේ උඹට බෑ කියන්න බැරි හිංදා ආවේ... මම අද රෑ හැටන් යන්න ඕන... රංගයා හෙට සෙනසුරාදනේ... යමුද?


හරි යන් බන්.. මට වැඩකුත් නෑ.....


දැන් එතන වැඩේ ඉවර වෙලා හැටන් යන්න පිටත් උනේ රංගවවත් කාර් එකේ දාගෙන.. මහරගම හරිය පහු කරද්දි අපි අතරේ යනවා මෙහෙම දෙබසක්...


මචන් අභියා කොහෙද බන් යන්නේ....


හැටන් යන්නේ එකෙක් ඉන්නවා හොයන්න....


කොහෙ ඉන්න එකෙක්ද? නවතින්නේ කොහෙද?


ඌ ඉන්නෙ කොහෙද දන්නෙ නෑ බන්..ඒකනේ හොයාගෙන යන්නේ.. නවතින්න තැන් මටද බන් නැත්තේ මේ ලංකාවේ....


ඉතින් බන් ඌව මහ රෑ කොහෙ කියලා හොයන්නද අභියා..


හරි හරි... උබ භය නැතිව වරෙන්කො.. මමනේ එක්ක යන්නේ...


ඔන්න එතකොටම මූ ගත්තා කෝල් එකක්... ඔෆිස් එකට කියලා තමයි ඇගෙව්වේ... දැන් කථාව යනවා මේ විදිහට...


මචන්, අර මගේ ඩොකියුමන්ට් එක අර කස්ටට මේල් එකක් දාන්න පුළුවන්ද? (මද වෙලාවක් අසා සිටියි..)


අහ්.. උඹ ඔෆිස් එකේ නෙවෙයිද ඉන්නේ.. කවුද බන් මේ වෙලාවේ ඔෆිස් එකේ ඉන්නේ.... (නැවතත් සවන් දෙමින් සිටින බව අඟවමින්..)


අහ් එහෙනම් කවුරුත් නැද්ද? මටම යන්න වෙයිද බන්? (නැවතත් සවන්දෙමින්)


හරි මචන්, එහෙනම් මම යන්නම්... මොනවා කරන්නද? (කෝල් එක කට් කරන බවක් අඟවමින්...)


මචන් අභියා.. මට හදිස්සියේ ඔෆිස් යන්න වෙලා... මාව ඔය ලඟින් දාපන්....


මට ඉතින් මර්සිය කියලා තේරුනත් මම මහරගමින් රංගයාව හලලා මගේ ගමන ගියා....




ඔන්න ඔහොම තමයි රංග අයියා මොකක් හරි අවුලක් උනහම, එහෙම නැත්නම් පොඩ්ඩක් තමන්ට වැඩියි වගේ තේරුනාම ඔටෝ පයිලට් දාලා ඔෆිස් එකේ කෝල් එකේ පිහිටෙන් මාරු වෙනවා.. ඉදිරියේ දවසක ඔයාල මුහුන දුන්නොත් මේ සිදුවීමට අහිතක් හිතන්න එපා රංග ගැන.. ඒ කියන්නේ ඌ ලිමිට් එකේ ඉන්නේ.....

Friday, August 5, 2011

ජීවිතය දැන ගන්න එන්න.... මෙන්න රියල් ජීවිත කතා.....

ගොඩාක් දෙනෙක් ගොඩාක් දෙනෙක්ගෙ ජීවිත කතා කියවනවා.. තම තමන්ගෙ ජීවිත කතා ලියනවා.. ඒ තමන්ගෙ ලොකුකම් ප්‍රදර්ශනය කරන්න තමයි ගොඩාක්ම.... ඒ වගේමයි හිත්වල ඇති අධිෂ්ඨානයෙන් මොන බාධක තිබුනත් නැගී සිටින අය ඉන්නවා.. මේත් එවැනි කතාවක්.. අපිත් එක්ක සමීප අපිත් එක්ක බ්ලොග් ලියන අපේම එකෙකුගෙ කථාවක් තමයි මම ලියන්නේ... අවසර අරගෙන ලියුවත් නම නොදා ඉන්නම් යැයි මගේ යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කල නිසාත් නම නොදා ලියන්නයි සිද්ධ වෙන්නේ... කථාවෙ පසුබිම කිව්වේ නැත්නම් වැඩකුත් නෑනේ...


මතකයි නේද මගේ ලෝකය ලියන රංග තමන්ගේ වෘත්තීය ජීවිතේ ගැන ලියුවා... ඉතින් ඊටත් වඩා වැදගත් සුපිරි අත් දැකීමක් මේක.. අද දවස පුරා එක්තරා  අන්තර් ජාල මිතුරු හවුලක ගෲප් චැට් එකක ගිය කතාවක කොපි පේස්ට් එකක් තමයි මම මේ දාන්න හදන්නේ... රතු පාටින් හැදින්වෙන්නේ අදාල කෙනා වගේම විවිධ පාට වලින් කියන්නේ අපේ  සමහර අයගේ උත්තර සහ අච්චර වැදගත් කතාවක් ඇතුලෙත් දෙන ආතල්.... එකම ප්‍රශ්නේ මේක දැක්ක ගමන් භාෂා විලාසයෙන්ම අදුර ගනීවිද දන්නේ නෑ කවුද මේ පිරිස කියලා... හරි මෙන්න කතාව.. 


උම්මා එකක් කිව්ව ගමන් හෙලුවත් දාලා කඩ්ඩ උස්සන් දුවන් ආපු හැටි මේ xxxxxx



Tikak hitapan filter ekak daanne kohomada kiyala sodisi karala balanakam.  :D Sent via my Samsung Galaxy SII


හා කලින් කීවනම් හරිනේ සැම්සුන් ගැලැක්සි එස් 2 එකක් ගතිතා කියල...:P


ඔය සැම්සුන් ගැලැක්සි කියන පෝං එක ගොඩක් ගනන්ද xxxxx නගේ... ලංකාවේ වොරන්ටි දෙනවාද..? හරියට වර්ණනාවල් ඇසේ ඕක ගැන...


Ow aiya phone eka sira. Lakshayayi gaana. :) Ow, ohoma thamai sinhala penney. Mage phone eka kohomath wikunanawa. Aragena maasayayi eeyeta. Iphone 5 eka labana maase release wenawa. Eaka thamai aluthma heenaya. :D


හපොයි ලංකාව දාලම යනවද නංගී..?????


Ow aiya, danatamath mata lankawe purawasikamath ahosi wela iwarai. Lankawe inneth visiting visa ekakin. Maasa 3k athulatha mama yannama ona. Job eka november 1st indan mata eaka nisa ea wenakam lankawe. Anika mea loku wedaka committee eke maath innawa. Eake wada. Ehe gewal, car aragenath iwarai, yanna witharai thiyenne. Aapahu awurudu 15kata passe lankawata enna wenne mata. :)


මඩක් ගහන්න නම් මරුම නයෙක්..... ඒත් ඉතින් ඇත්ත නිසා මොනා කරන්නද? 


මට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? කොහොම අපේ රටේ කෙනෙකුගේ සිටිසන් ඔය විදිහට නැති වෙන්නේ කියලා?


මං ඇප්ලයි කලේ skilled migrants category එක යටතේ අක්කා.
මං කිව්වෙ මගේ මේ අධ්‍යාපන සුදුසුකම්, experience තියේ මං ඒ රටට වැඩදායි කෙනෙක් මට ඒ රටේ වැඩ කරන්න අවසර දෙන්න මං මගේ Ph.D එකට එහෙ එනවා කියලා. ඒ වෙනකොට මට ජොබ් එකක් හරි ගිහින් තිබ්බෙ නෑ, මං මගේ Ph.D එකට ඇප්ලයි කරලා තිබ්බෙ. ඒ යුනියෙන් මට කිව්වා ආවොත් රස්සාව දෙන්නම් කියලා ලෙක්චරර් කෙනෙක් හැටියට. ඒත් කටවචනෙ විතරයි. මං ඒකේ එක්ස්පීරියන්ස් වලට තමයි ලංකාවෙ නැගෙනහිර විශ්වවිද්‍යාලෙ ලෙක්චරර් කෙනෙක් හැටියට වැඩ කලේ. මං හිතුවෙ මං හම්බකරගත්ත සල්ලි වලින් එහෙ ගිහින් Ph.D එක කරලා පස්සෙ PR ඇප්ලයි කරන්න කියලා..

ඊටපස්සෙ ඒ අතරවාරයෙ ඔහොම ඉතින් ඉන්ටර්වීව්, ඒ රටේ ඉතිහාස විභාග අනං මනං තිබ්බා.. ඒවාත් පාස් උනා..
ඉන් පසුව ඒ රටෙන් මගේ සියලු සුදුසුකම් අද්‍යනය කරලා කිව්වා.. ඒ රටේ පුරවැසිකමම දෙන්නම් අවුරුදු 15කට ගිවිසුමක් ගහන්න ඕනා ආයෙ ලංකාවට යන්න බෑ, ඔබගේ හොඳම වයස මේ රට වෙනුවෙන් දැනුම, ශ්‍රමය වැය කල යුතුයි හැබැයි කියලා.. කොටින්ම මෙඩිකල් ඉන්ශුවරන්ස් ඔක්කොම වගේම මට රස්සාවක් කරන්න ඕන නෑ එහෙන් දෙනවා කිව්ව ඩෝල් එක [dole] කාලා බීලා මාසෙකට සැරයක් ලංකාවටත් ඇවිත් යන්න ඇති තරමෙ මුදලක් ඒ ආණ්ඩුවෙන් දෙන්නම් කිව්වෙ. ඔහොම ඉද්දි මං අවුරුදු 5ක් එකදිගට ඇප්ලයි කල, ඇප්ලිකේශන් 272ක් යවා ඒත් රිජෙක්ට් උන, ලෝකේ සුප්‍රසිධම ආයතනයක [ඒ රටේ තමයි ප්‍රධාන ශාඛාව තියෙන්නෙ] Chief commercial finance analyst හැටියට රස්සාව හම්බ උනා. ඒක නම් දෙයියො බැලුව වගේ උනේ. මගේ ප්ලෑන් එක තිබ්බෙ ගිහින් dole එකෙන් ජීවත් වෙන ගමන් Ph.D එක කරන්න. ඉතින් මං ඒ රස්සාව බාර ගත්තා.. මං තමයි දැන් #### ආයතනයේ Chief commercial finance analyst. ඒ රටේ සියලු කොන්දේසිවලටත්  එකඟ උනා එහෙ මං අවුරුදු 15ක් ඉන්නම් කියලා. ඉතින් මගේ ලංකාවෙ පුරවැසිකම අහෝසි වුනා. මට ඒ රටින් visiting visa එකක් [6 මාසයක් වලංගු] නිකුත් කරල තියෙන්නෙ. මං ලංකාවට අයිති පුද්ගලයෙක් නෙමෙයි දැන්. මං ඒ කාලෙ ඇතුලත නොගියොත් ලංකාවට අවසර තියෙනව මාව deport කරන්න. මගේ ජාතිය ශ්‍රී ලාංකික කියල නෙමෙයි දැන් තියෙන්නෙ.


සන්තෝෂයි සන්තෝෂයි... අප්‍රමාන සන්තෝෂයි... ### කියල සමාගම් තියේද එහේ... මාරයි ඈ......  :D


#### නෙමේ ආදර්සෙට ගනු...!
ජීවිතේ අමාරුම අවස්ථවල් පසු කරලා ජයගන්න හැටි..



මගෙන් පසු කිසිම කෙනෙක් එහෙට එනව කියලා මං සඳහන් කරල නෑ, එහෙම ගෙන්න ගන්න කෙනෙකුත් නෑ, මං විතරයිනෙ. මගේ ලේ නෑකම් තියෙන කිසි කෙනෙක්ටවත් එන්න අවසර නැති කරල තියෙන්නෙ ඒ රටට මගේ නෑකම් කියාගෙන. තනි පුද්ගලයෙක් උනාම ඔන්න තියෙන වාසි.. :D #### එහෙම ආයතනයක් තියේ, උඹලා ඔක්කොමල්ලාම ඉතාම කැමති. ගිහාම ආරංචි වෙයි කොහොමත් මං එහෙ ඉන්නෙ කියලා.. :D ඒ ආයතනයෙන් මගේ CIMA අවසන් වසර විභාගය සඳහා ස්පොන්සර් කරනවා [ඒක විතරයි කරන්න ඉතිරි] Ph.D එක නම් මං ගෙවාගෙන කරන්නෙ. වාහනය සල්ලි දීලා ගත්තෙ. ගෙදර 25% mortgage කලා, ඒක ඒ ආයතනයෙන් අත්සන් කලේ මට. ඉතිරිය ගෙව්වා අත්පිට. කොටින්ම මට හැම අවුරුද්දකම සති දෙකක් සියලු වියදම්, ඉඳූම් හිටුම්, ගුවන් ටිකට් ඇතුලුව ඒ ආයතනයෙන් නිවාඩුවක් ලබා දෙනවා මං කැමති ඕනම රටකට. ඒත් ඒකටවත් ලංකාව ඒ සදහා තෝරා ගැනීම තහනම්. :( අවුරුදු 15ක් යනකම් ලංකාව මට තහනම් කලාපයක් විය.


හදපතුලේ ගැඹුරු විලෙන් උඹ ගැන ආඩම්බරයි නංගී, අපි පත්තරේ ප්‍රහේළිකාවක් පුරවලා දාලා, ඊ ලඟ සතියේ ගිෆ්ට් වව්චර් එක ලැබුනේ නැත්තං, ආයේ ප්‍රහේළිකා දිහා බලන්නේවත් නැති අතරේ, උඹ මේ වගේ ඇප්ලිකේෂන් 272 අවුරුදු 5ක් තිස්සේ යැව්වා කිව්වහම........... මට පපුව පැලෙන්න වගේ බං.................. ඇත්තටම සතුටුයි, ඇත්තටම සතුටුයි, ඇත්තටම ගත්තොත් උඹ මේ රටේ පුරවැසියෙක් නෙමෙයි තමයි.......... :D


ආයෙ හංගන දෙයක් නෑනේ. හැමෝම දන්නවනෙ යන්නෙ ඇමරිකාවට. නිව්යෝක් වල ගෙයක් ගත්තෙ. Columbia university එකේ Robot technology & E- commerce තමයි Ph.D එක. වැඩකරන්නෙ Mars Global Chocolates වල USA හෙඩ් ඔෆිස් එකෙ Chief commercial finance analyst හැටියට. :)


නගේ... මන් උඹෙ ජීවිත කතාව ලියනවා කවද හරි... (දෙනවද ?)   U r a legend !!!!!!!!! ආඩම්බරයි නංගී.... අපි මීට අවුරුදු එකසිය ගානකට එපිට උන්නු වීරය් ගෑන කතා කරද්දි උඹ පොඩි වයසෙන් මේ කොරපු හරිය , උබව වීරයෙක් කරනවා.. අනිවා... තව තවත් ඉදිරියටම යා !!!!!! 


එලකිරිස්.... මරු පොරක්නෙ උඹත්.. ඔහොම එවුන් සිම්පල් වෙන තරමට තමයි දිනන්නේ... අපිත් එනවා දවසකට හරි උඹව බලල යන්න.. 


අභී අයියා හදන පැකේජ් එකක් අඩුවට හදාපන් ඈ නිව්යෝක් යන්න


ඔයාට එහෙදී බ්ලොග් එක ලියන්නත් බැරි වෙයිද?


බ්ලොග් ලියන්නෙ නෑ අක්කා මං දැන්. කියවනව වෙලාව ලැබුනම. මං සෑහෙන්න සෝශල් නෙට්වර්ක් වලින් අහක් වෙලා ඉන්නෙ, කාලෙ නාස්ති වෙනව අක්කා නැතිනම් සෑහෙන්න ඕවට ඇබ්බැහි උනාම. මේ අද නම් ඔන්ලයින් දඟල දඟල ඉන්නෙ අද සිකුරාද නිසා. සිකුරාදාට පමණයි මං නෙට් එකේ පිස්සු කෙලින්නෙ. :D



දවසේ හොදම කතාව අද මමයි සෝරෝයි අතර වුනා... මම ලංකාවේ තියෙන තරු තුනකහෝටලයක කලමණාකාර අධ්‍යක්ෂක කෙනෙකුට කතා කලා.... මම මෙහෙමයි ඇහුවේ... මචන්, මට සන්ඩේ ඩේ රූම් එකක් රිසර්ව් කරගන්න පුළුවන්ද බලපන්කෝ.... ඉතින් කතාව ඉවර කරලා මමයි සෝරෝවයි අතර වෙච්ච දෙබස තමයි මේ...
මම : බලපන් මම ට්‍රයිස්ටාර් හොටෙල් එකක ජීඑම්ට කතා කරපු විදිහ... ආයෙ මචන් කියලා කතා කරන්නෙ දන්...
සෝරෝ: ඕවනම් මොනාද අයියේ.. අපි මචන් කියන්නේ ඔහොම උන්ටද?
මම : ඒ කවුද බන් ඒ මම නොදන්න පොර...
සෝරෝ : අපි මචන් කියන්නේ අයියේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් වල Mars Global Chocolates  එකේ Chief commercial finance analyst ට..


බලපන්කො ඉස්සරහට මචන් කියන්න දෙයිද කියලා. දැක්කද දැන්මම කිව්වා ඩෝක්ටර් කියන්න කියලා. :D


අඩේ නෑ බං, කවදා හම්බ උනත් මචං තමයි මම.. :D මං මෙතනට ආවෙ ලේසියෙන් නෙමෙයි බොලව්. අමාරුවෙන්.මගේ අම්මා මාව ගෙනියන්න අපුලුවන් තරම් දුර ගෙනිච්චා, ඊට පස්සෙ මං අද යම් තැනක ඉන්නවද ඒක මං උපයාගත්ත දෙයක්.
මං අවුරුදු 17දි ඉස්කෝලේ යනගමන් රස්සාවක් කරල A/L කලේ. කැම්පස් තේරුනට ගියේ නෑ, අම්මාව බලාගන්නා තිබ්බ නිසා. එයාගෙ කකුල කැපුවෙ මට අවුරුදු 17දි. මගේ තාත්තා නෑ, මට සහෝදර සහෝදරියො නෑ. මං කාපු දවස් වලට වඩා මාසෙ නොකාපු දවස් වැඩියි. කන්න බොන්න වෙලාවක් නෑ, ඉස්කෝලේ යන්න වැඩට යන්න, අම්මගෙ වැඩ රාජකාරි කරන්න ගියාම. නිදාගන්නෙ පැය දෙකයි. ඊට පස්සෙ කාලයක් තිබ්බා රස්සා 3ක් කරපු. මෑතක් වෙනකනුත් මං රස්සා 3ක් කලා. මං මගේ පලවෙනි ඩිග්‍රිය කලේ APIIT එකේ ලක්ස 25යි Student loan එකක් දාලා. මං මේවා කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ කවදාවත්.

අද මං අතේ බඳීන ඔරලෝසුව ලක්ස 4ක්.. මගේ ෆෝන් එක ලක්සයක්. මං පාවිච්චි කරන BMW එක ලක්ස 200ටවත් ලංකාවෙ ගන්න බෑ. [ඔය බොහොම ටිකක් විස්තර කිව්වෙ. ආදායම් බදු එකෙන් පනියි ඊගාවට :D :D] මං ඒවා ගැන ආඩම්බර වෙනවා. ඒත් මං හිටපු xxxxxම තමයි. උඹලා මේවා කියනකම් දැනන් උන්නෙ නෑනේ. දැනුත් දන්නේ නෑ වගේ ආශ්‍රය කරපල්ලා මාව එච්චරයි..
:D :D



නංගි ඔරලෝසුව දෙන්න බැයිද ටිකකට අතගාලා බලන්ට............ :) විහිලුවට බං කිව්වේ, ඇත්තටම ඔයාගේ අම්මා හිටියා නං අද මේ තත්ත්වය දෑහින් දැක ගන්න...........



මම මොකක්ද කියන්නේ කියලා හිතුවේ... උඹ ඇත්තටම අපිට වඩා දුරගමනක් ඇවිත් තියෙනවා... අපේ ජීවිත කතා කියවන ගොඩාක් අය දන්නෙ නෑ මචන් අපි හිනා වෙන්නෙ ඇයි කියලා... කොහොමද කියලා... සුභ පැතුම්... තවත් ගොඩාක් දුර යන්න.....

පස්ට :) සුරන්ගනා කතා කියන්නෙ ඈත්ත නේද :) ජයෙන් ජය නගේ.. ඈස් වලට කඳුලු ආවා මේ විස්තරය කියවලා... 


ඔන්න ඔහොම තමයි කතාව සිද්ධ වුනේ අතරින් පතර තව කථා තිබ්බත් පුළුවන් තරම් කෙටි කරලා දැම්මේ මේක කොටස් වශයෙන් කියන්න අකමති නිසා.. අන්තර්ජාලය නිසා වෙන වැඩ අත ඇරලා පිස්සු නටන තරුණ පැටවුනේ.... මෙන්න මේවා හිතට ගන්න.....

එහෙනම් ආදරණීය සොයුරිය.. දිගු ගමනකට සුභ පැතුම්........ !

ප.ලි. කියවන සමහරුන්ට මේ කවුද කියලා දැනෙන්න පුළුවන්... කමෙන්ට් හැටියට නම භාවිතා නොකරන්න වග බලාගන්නා මෙන් ඉල්ලා සිටිනවා ආදරෙන්......

ප.ප.ලි. පිටරට යනව... රට අත ඇරලා යනවා කියලා කෑ ගහන කට්ටියට තමයි මේ චැට් කොපිය...


 me:  mama yanawa dhawalta kanna.. ehenam jaya
 a:  ජය
:)
 me:  ekama eka prashnayak..
 a:  කියන්න
 me:  avurudhu 15kin passe uba lankaawata enawadha
a:  ඔව්
එනවා