Meemure Jungle Resort

Thursday, September 29, 2011

පොඩි ප්‍රශ්ණ කීපයක්, චණ්ඩි ඉන්නවානම් උත්තර දෙන්න....

මේ මාසේ ටිකක් වැඩිපුර පෝස්ට් දානවා කියලා හිතුවට දැම්මේ දාන්න පුළුවන් වුනේ පෝස්ට් මේකත් එක්කම දොලහයි.. අනේ මංදා දවසට එක ගානේ දාන අය කොහොම දානවද කියලා... මේ පෝස්ට් එකට වස්තු බීජය දුන්නේ යසිත නුවන් ද සිල්වා මල්ලි.. ගොඩාක් දෙනෙක් දන්නේ පිස්සු දඟයා කියලා.. පොර චන්ඩියා වගේ අපෙන් ප්‍රශ්ණ ටිකක් ඇහුවා.. ඒ බ්ලොග් අවකාශයේ මිතුරෝ එකේ ගෲප් චැට් එකේ..... මම පස්සේ පොරට කථා කරලා ඇහුවා, මල්ලි මම මේ ප්‍රශ්ණ ටික මගේ බ්ලොග් එකේ දැම්මට කමක් නැද්ද කියලා... මිනිහත් ගත් කටටම හා කිව්වා....


ඉතින් ඊට පස්සේ මම කිව්වා අනේ මල්ලි, පුළුවන්නම් මට ඔය ප්‍රශ්ණ ටික මේල් එකක් දාන්න කියලා... අනේ ඒ මල්ලි කොච්චර හොඳද කියන්නේ විනාඩියෙන් එව්වානෙ මේල් එක.. බලද්දි ඒක එයාටත් ආපු මේල් එකක්.. අයියෝ සල්ලි.... :D :D


හරි, සමහරවිට ඔයාලටත් මේ මේල් එක ඇවිත් ඇති.. ආපු නැති අයට තමයි මේ ප්‍රශ්ණ වැල... බලන්න මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුළුවන්ද කියලා....  



ප්‍රශ්ණ අංක 1.  


ඔබට දිය යටදී අඬන්න පුළුවන්ද? 
(මේක අහපුහම ගීතික දිල්රුක් මල්ලි කිව්වේ එයාට ඔලුවෙන් හිටගෙන කන්න පුළුවන් කියලා.... ඉතින් ඇයි මල්ලි නිකන් දුක් විඳින්නේ කකුල් දෙකක් තියාගෙන?)


ප්‍රශ්ණ අංක 2.


මාළුවන්ට වතුර තිබහා හැඳෙන්නෙ නැද්ද?
(මේක ප්‍රසන්න කරුණාරත්නට.. මේ නම දන්නෙ නැද්ද? සරලව කිව්වොත් ගෝල්ඩ් ලීෆ් මාළුවා..)


ප්‍රශ්ණ අංක 3.


ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිමට වැටෙන්නේ නැත්තේ?
(ගිනි කුරුල්ලා මල්ලි දන්නවද හේතුව...?)


ප්‍රශ්ණ අංක 4.


ඇයි බිල්ඩිමක් හදලා ඉවර උනාට පස්සෙත් ඒකට Building කියන්නේ...?
(නිසූගේ කතා ලියන නිසූපාවත් දන්නවද?)


ප්‍රශ්ණ අංක 5.


ඇයි රවුම් පීසා හතරැස් පෙට්ටිවල එන්නේ.....?
(මේකනම් ලේසියි නේද?)


ප්‍රශ්ණ අංක 6.


ඇයි ගම්. ඒවා දාලා තියෙන බෝතල්වල නොඇලෙන්නේ....?


ප්‍රශ්ණ අංක 7.


මම ඔයාට ආදරෙයි (I love you) කියන එක ප්‍රශ්ණයක් නොවුණත් ඇයි ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ..?


අනේ මංදන්නේ නෑ මේකට ඔයාලා මොනවා කියයිද කියලා... සමහර ඒව ටිකක් ලාමක වගෙයි තේරුනාට කල්පනා කරන්න දේකුත් නැතුවා නොවෙයි.... හරි දෙන්න බලන්න එහෙනම් උත්තර, කට්ටිය පෝලිමේ....


ප.ලි. මතකනේ අද රෑ කතා බස් තුලින් ඔබ හමුවට එන්නේ මාරයාතුමා.... එක්වෙන්න ඔක්කොම රත්‍රී 8.30 වෙද්දි බස් රේඩියෝ වටේ..... 


ප.ප.ලි. ප්‍රශ්ණ වල අයිතිය, හිමිකම හා ගරුත්වය එහි නිර්මාණකරුවන් සතුය...

Monday, September 26, 2011

මෙන්න නියම මාකටින්.. අපේ ඒවා මොනාද?

ලිපියට යන්න කලින් පොඩි ශෝක ජනක ආරංචියක් තියෙනවා කියන්න... මම මේ බ්ලොග් ක්ෂේශ්ත්‍රයට ආපසු අපෙන් සමුගත්ත තුන්වැනි බ්ලොග් සහෘදයා ගැන.. පළවෙනි දෙන්නා තවමත් අපේ සිත් තුළ සදා අමරණීයව ඉන්නවානේ.. ඒ දිලුම් දිසානායක සොයුරා සහ ආදරණීය කුමුදු පිංතු ගුරුතුමා... අද දිනයේත් ඉතා අවාසනාවන්ත අයුරින් අපේ සහෘදයෙක් අපි අතරින් වෙන් වුනා... ඒ තමයි ඇසිපියක මහිම බ්ලොග් එක ලියපු මහේශ් හසාන්ත ද සිල්වා සොහොයුරා... අපිත් එක්ක ආදරය ගැන ඉතා සංවේදී ආකාරයට ලියපු ඔබට සුබ ගමන් සහෘදයාණනි......!


හරි අපි කථාවට යමු.. හසාන්තගේ සිද්ධියත් එක්කම ලියන නිසා හිනා යන කතා ලියන්න බෑ.. ඒත් මේ කථාව කියවන ඔබට හිනාවෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බැරි වේවි... මමත් මේ පෝස්ටරය දැක්ක ගමන් හිනාවෙන්නද අඬන්නද කියලා හිතුවා....


මම ටික දවසකට කළින් රක්ෂනයක් දැම්මා... ඒකෙ මෙඩිකල් එකේදි එයාලා කිව්වා මට කොලස්ට්‍රෝල් වැඩියි කියලා.. ඒත් ඉතාම ස්වල්ප ප්‍රමාණයකින් තමයි ඉහළ ගිහින් තියෙන්නේ.. ඉතින් කෝකටත් පරිස්සම හොඳ නිසා මම දැන් කාර්යාලයේ ඉදන් ගෙදර යන්නේ පයින්.. කිලෝමීටර් එක හමාරක් විතර තියෙනවා... මේ යනකොට තමයි මම මේ සිද්ධිය දැක්කේ....



ව්‍යාපාරයකට අත ගහද්දි අද ලංකාවේ හොඳයි කියලා කියන ක්ශේත්‍ර තුන තමයි අධ්‍යාපනය, සෞඛ්‍යය හා සංචාරක ව්‍යාපාරය කියන තුන.. මොකද ලමයින්ට උගන්නන එකවත්, ලෙඩට බෙහෙත් ගන්න එකවත්, මොන ප්‍රශ්න තිබ්බත් ට්‍රිප් යන එකවත්, මිනිස්සු නතර කරන්නේ නැති නිසා... මේ සිද්ධියත් අධ්‍යාපන ක්ශේශ්ත්‍රයට අදාල එකක්.... ටියුෂන් ගුරුවරු ගහලා තියෙන පෝස්ටර් දැක්කම ඇඩෙනවා...


හරි වැඩි කතා වැඩක් නෑ.... මෙන්න ලයිට් කණුවේ ගහලා තිබ්බ අළුත්ම පෝස්ටරේ.......





ප.ලි. බස් රේඩියෝ අහන්න ඔයාලා තවම පෙළඹිලා නැද්ද? අළුත්ම ඔන්ලයින් රේඩියෝ අත්දැකීම තමයි එය... හැම මාසෙකම දෙවෙනි සහ හතරවෙනි සඳුදා රාත්‍රී 8.30ට අපි එන්නේ බස් රේඩියෝ සවාරිය අරගෙන... පුංචි ශ්‍රී ලංකාවේ සුංදරත්වය අරන් එන මේ වැඩසටහන් මාලාවේ අද රෑ 8.30 ඉඳන් ඔබ හා එක් වෙන්නේ යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කොටස් ගැන ඔබට විස්තර කියන්නට..... එකතු වෙන්න බස් රේඩියෝ සමඟ මෙතනින්....

Wednesday, September 21, 2011

සදාදරණීය ජෝ අංකල්ට ටිකක් හිනාවෙන්න ලියන අභීතගෙන් ලියුමක්....

ආදරණීය ජෝ අන්කල්,


ඔයා දන්නවද? මම ෆිල්ම් වලට පොඩ්ඩක්වත් ආස වෙච්ච පොඩි එකෙක් නෙවෙයි ඒ කාලේ.... ටයි මහත්තයාගේ හඳයා කියන ලමා චිත්‍රපටිය තමයි පොඩි පෙළබවීමක් කලේ අපිව චිත්‍රපටි බලන්න.. ඊට පස්සේ පාරේ දැක්ක චිත්‍රපටි පෝස්ටර් අපිට චිත්‍රපටි එපා කලා.... අම්මලා වුනත් කැමති වුනේ නෑ අපි බයිස්කෝප් පිස්සෝ වෙනුවට... ඔන්න ඔහොම ඉන්න දවසකදි ගමේ හිටපු පොහොසත්ම මුදලාලිගේ ගෙදරට වීඩියෝ පීස් බලන පෙට්ටිය ගෙනාවේ.. මිනිහගේ පුතාගේ යාළුවෝ වෙච්ච අපට පිනා චෑන්ස් එකක් වැදුනා ජෝ අන්කල්, වීඩියෝ පීස් බලන්න.. ජෝ අන්කල් දන්නවද, මොකක්ද අපි බලපු බයිස්කෝප් එක කියලා ඒ පෙට්ටියෙන්... ඒක තමයි අර සුද්දිගේ වණ්ඩු ආප්පේ තිබ්බ කොළඹ සන්නිය.... වීඩියෝ පීස් එක ඉවර වෙද්දි මමත් අපේ පොඩි උන් ටිකත් ඔයාගේ රසිකයෝ උනා.....


ගෙදර තිබ්බ ටීවී පෙට්ටියේ අද තරම් බයිස්කෝප් යන්නේ නෑනේ ඉස්සර. මාසෙකට දෙකක් විතර යන්නේ... ඒකෙ කමිං කෑල්ලේදි ජෝ අන්කල්ගෙ මූණ පෙනුනොත් අපි මහ රෑ නිදි මරාගෙන ඒක බැලුවා... 



කඩවුන පොරොන්දුව, සුද්දිලාගේ කථාව, සාරවිට, කපටිකම, හොරුන්ගෙත් හොරු වගේ පරණ චිත්‍රපටි ඔයාගේ රඟපෑම් නිසා අපි කට ඇරගෙන බලාගෙන හිටියා... ගාමිණී ෆොන්සේකා එක්ක ඔයා හිටපු බයිස්කෝප්වලට  නිළියෝ නොහිටියත් සෙනග එන බවක් තමයි අවුරුදු 15, 16 කාලේ මට වැටහුනේ... මම ලොකු සිනමා විචාරකයෙක් නෙවෙයි ජෝ අන්කල්... ඒත් ඔයාගේ නික්ම යෑම ශ්‍රී ලාංකික සිනමා ක්ශේත්‍රයට දරා ගන්න අමාරු පාඩුවක් වේවි.... 


අයියෝ තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ.... බැද්දෙගම... අන්කල් ඔයාට පේනවද මගෙ ඇස් දෙකේ කඳුළු... දුව කසාද බඳිනවා කිව්වම ඔයා පොතෙ තිබ්බටත් වඩා හොදට ඒක අපට දන්නපු හැටි.. තව ටික කාලයක් හිටියනම් ජෝ අන්කල්.... ඇයි පුරහඳ කළුවර.. ඒ මුළු චිත්‍රපටියේ දෙයක් කලේ ඔයා විතරයි කියලයි මට හිතෙන්නේ....


මම ආයෙත් කියන්නේ ජෝ අන්කල්, මම මහ ලොකු සිනමා විචාරකයෙක් නෙවෙයි, මහේන්ද්‍ර, ශ්‍රියන්ත, පාලිත, කමල් මේ කවුරු හිටියත් ඔයාගේ පාඩුව මකන්න පුළුවන් වෙයිද ජෝ අන්කල්... මම හිතන්නේ නෑ....... ඔයාගේ රඟපෑම් දැකලා අපි ඉල කැඩෙන්න හිනා වුනා...., ඒ වගේමයි උපෙක්ෂාවෙන් බලාගෙන හිටියා.. තවත් වෙලාවක ඇස්වල කඳුළු පුරෝගෙන ඇඩුවා... තවත් මොහොතක අත් නිකටට තියාගෙන අනෙ අම්මේ කියලා හිතුවා.... ඒ හැම වින්දනයක්ම අපිට එක ලෙස ලබා දුන්න ඔබ අද අපේ ඇහැට කඳුලක් නංවමින් නික්මිලා...


ආයෙත් මතක් වෙනවනේ ජෝ අන්කල්.. මේවත් නොලියම බෑනේ.. සකිසඳ එලියස් වගේ ටෙලි නාට්ටි.. බඩ පැලෙනවානේ ඒවා බලලා..... අනේ මට තවත් කියන්න දේවල් ගොඩායි ඔයා ගැන.. ඒත් මේක ඉවර කරන්න ඕනනේ... පහුගිය කාලෙ අසනීපෙන් සිටි බවක් දැන ගත්තත් මම ඔයාව දැකපු හැම වෙලාවෙම මූනෙ හිනාවක් පුරවගෙන හිටියේ.... මට තවත් ලියන්න බෑ ජෝ අංකල්.. බෞද්ධයෙක් හැටියට මම ප්‍රාර්ථනා කරන්නම්...


සදාදරණීය ජෝ අංකල්.. අපව පිනවූ සැනසූ පිනෙන් ඔබට නිවන් සුවම අත් වේවා...


මීට, 


ටිකක් හිනාවෙන්න එකේ දුකෙන් පෝස්ට් එකක් ලියපු පුතා
අභීත.

Monday, September 19, 2011

ඉට වැඩිය උඩින් යන ඈයෝ හුඟක් ලොව ඇතේ....

ටිකක් හිනාවෙන්න කියන තීම් එකත් එක්ක නොයන පෝස්ට් තුන හතරකුත් මම ලියලා තියෙනවානේ.. ඔක්කොම එහෙමද දන්නේ නෑ.. බ්ලොග් ලියන්න පටන් අරන් මාස දෙක තුනක යනකන් හිනා යන කථා ලියලා ඒ කථා ඉවර උනාම ඉතින් තව තව දේවල් ලියන්න ගත්තානේ.... ඒ අතරින් මම ඉඳලා හිටලා සිංදු කීපයක් ගැනත් ලිව්වා.. අදත් ලියන්න යන්නේ සිංදුවක් ගැන... හිනාවෙන්න වගේම හිතන්නත් දෙයක් මෙහි තියෙන නිසා ඔන්න යාළුවනේ ලියන්න හිතා ගත්තා ටිකක් හිනාවෙන්න එකේ.....


සිංදුව ඔළුවට වැටුනේ අපේ පුංචි පුතාගෙන්... එයාට එයාගෙ ආච්චි අම්මා තමයි කියලා දීලා තියෙන්නේ.. මිනිහා ඕක නිතරම කියවද්දි තොල අඹර අඹරා ගොත ගගහා කියනකොට මම බැලුවා මොකක්ද මේ කියන්නේ කියලා... ජනප්‍රිය ගායකයෙක් වගේම හොඳ විකට නළුවෙක් වෙච්ච ෆ්‍රෙඩී සිල්වා මහත්තයාගේ ගීතයක් තමයි මේ.... කියැවෙන්නේ බොරු කකුල් කාරයෙක් ගැන...


පද රචනය මම කියලා වැඩක් නෑනේ... ඒ නිසා සිංදුව අහලම බලන්න.. මෙන්න මෙතනින් අහන්න පුළුවනි... අහලා බලලා දෙන්න කමෙන්ට්ස්....


මෙන්න ආයෙත් සිංදුව...


බලපුහාම මේ කථාවත් ඇත්ත නේද?


ප.ලි. ගිනස් පොතට යන්න හිතන් කමෙන්ට් කරන මූනුපොතේ ස්ටේටස් එකක් නිසා ඊයේ ගියානේ පොත් ප්‍රදර්ශනේට... එක පොතක්වත් ගත්තේ නෑනේ..... හයියෝ.. සල්ලි.. කට්ටිය ඇවිල්ලා හෙන පච ගොඩාක් කියලා විසිරිලා ගියා.... ඉතින් පොත් ප්‍රදර්ශනේට යන්න කලින් කට්ටිය සෙට් උනානේ බොරැල්ලට... දියත් කුලේ අපි කියන බ්ලොග් එකත් ඇතුලුව බ්ලොග් 20ක් ලියන ලසියා කීවේ මෙහෙමයි.... මොන පොත් ප්‍රදර්ශනද බන්.. ඔන්න ඔහෙ මෙහෙට වෙලා ඉමු... හයියෝ.. බුක් ෆෙයාර්.....


ප.ප.ලි.අනේ චූටිම චූටි පෝස්ට් එකක්....

Tuesday, September 13, 2011

ප්‍රිය බිරිඳට බ්ලොග් එක හරහා ගහන පළවෙනි මඩ පහර.... අයියෝ..... සල්ලි..... සුනිල් අයියා හින්දා රටේ නැති කරදර.......

ඉස්සෙල්ලම කියන්න ඕන මම කමෙන්ට් වලට රිප්ලයි කරන්න පටන් ගත්තා කලින් පෝස්ට් එකේ ඉදලා.. ඔන්න ඔක්කොටම උත්තර දීලා තියෙනවා... දැන් දිගටම කරන්න හිතාගෙන ඉන්නේ... මෙච්චර කල් මම මගේ බ්ලොග් එකෙන් එක එක වැඩ කරා නොවැ... හිනා කථා, ගීත විචාර, යාළුවන්ට මඩ වගේ ලොකු ලොකු කථා ගොඩාක් දාලා ගිය සතියේ පොඩි සමීක්ෂණේකුත් කරලානේ නැවැත්තුවේ.... අද ජීවිතේට නොකරපු වැඩක් තමයි කරන්න යන්නේ.. ගෙදර යන්න බැරිවෙයිද දන්නේ නෑ... ඔටෝ පබ්ලිශ් දාලා තියෙන නිසා  අද තමයි මේක පබ්ලිශ් වෙන්නේ... අද මම ඉන්නේ යාල නිසා අනිද්දා වෙනකන් තියෙනවා තරහා ගියොත් නිවෙන්න.... (දන්නවනේ ඕනේ චන්ඩියෙක් ගෑණිට බයයිනේ..... : D) රංජුලා... බ්ලොග් අවකාශයේ ගොඩාක් දෙනෙක් අදුරනවා... එක්සෙල් වර්ල්ඩ් එකේදිත්, ගල්කිස්සේ බීච් එකෙදිත්, කිතුල්ගල ට්‍රිප් එකේදිත්, දුමියාගේ ගෙදර තිබ්බ පැදුරු පාටියේදිත්, බ්ලොග් කරුවන් හා හමු වුනා... ඒ නිසා සමීප බ්ලොග් කරුවන් කිහිප දෙනෙක්ගේ හොඳ යාළුවෙක්... රන්දිල්ගේ බ්‍රැකට් එකක්.... :D. හරි කථාවට යමුකෝ එහෙනම්....


අපි දෙන්නා හමු වුනේ මම කලින්ම වැඩ කරපු අමාත්‍යාංශෙදි.. මම එතනින් අයින් වෙලා තවත් රජයේ දෙපාර්තමේන්තුවකත් වැඩ කරලා රස්සාවෙනුත් අයින් උනත් රංජු තවම එතන රැකියාව කරනවා.... ඉතින් මේ අමාත්‍යාංශයේ සුභ සාධක සංගමයක් තියෙනවා.... පටන් ගත්තෙත් අපි ඉන්න කාලෙම තමයි.. මූලිකයා උනේ මම නායකත්ව ගතිගුන ප්‍රායෝගිකව ඉගෙන ගත්ත ඊ. ජිනදාස මහත්තයා... ඔව් එයා තමයි, අර ආගමන විගමන පාලක වෙලත් ඉඳලා, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙලාත් ඉඳලා, ධීවර අමාත්‍යාංශයේ ලේඛම් වෙලාත් ඉඳපු පරිපාලන සේවයේ සොඳුරු මිනිසෙක්... ආයෙත් පිට ගියානේ කථාව... ඉතින් මේ සුභ සාධක සංගමේ මේ අවුරුද්ද සඳහා වූ නිලධාරි මණ්ඩලයට මැයත් පත්වෙලා... කරුමේ තමයි.. අයියෝ.... සල්ලි... :D



ක්‍රියාකාරීව ඉන්නේ කාන්තාවන්ම හතර දෙනෙක්.... ඔන්න ඉතින් අපේ එක්කෙනත් ඒකට අයිතියි... පළවෙනි වැඩේ විදිහට මුදල් සෙවීමේ වැඩසටහනක් තමයි කරන්න හදන්නේ... මොකක්ද කරන්නේ කියලා තීරණය කරපු දවසේ රාත්‍රියේදී අපි දෙන්නා අතර ගියේ දෙබස තමයි මේ...


අප්පච්චි, මේ පාර වෙල්ෆෙයා එකෙන් අපි මියුසිකල් ශෝ එකක් කරන්න යන්නේ....


අප්පට සිරි.. ඔයාල සිංදු කියනවද? බඩුම තමයි....


අයියෝ නෑ අනේ... සුනිල් එදිරිසිංහගේ "සඳකඩ පහන" ගෙන්නනවා....


ආ ඒක හොඳ ශෝ එක....


හොඳ ශෝ එක නෙවෙයි.. අපිට ඇඩ්වටීස්මන්ට් ටිකක් හොයලා දෙන්න... නැත්නම් කොහොමද අපි ෆන්ඩ් එක වැඩි කරන්නේ....


මේ පිස්සුනම් කෙලින්න එපා... මට මේ දේවන්ස් බෑෂ් එකට ලක්සෙක ඇඩ් හොයන්න වෙලා.. ඒ ටික ඔයාට දීලා කොහොමද?


අනේ මේ.. ඔයාගේ දේවන්ස් බෑෂ් වගේ නෙවෙයි අපේ "සඳකඩ පහන".. 


අමාරුවෙන් ඉතින් දන්න ශිල්ප ඔක්කොම දාලා (ඒ කියන්නේ පුළුවන්තරම් නිහඬව ඉඳලා :D) යන්තම් ඇඩ් වැඩෙන් ගැලවුනා...



ඔන්න දැන් සඳකඩ පහනේ වැඩ ටික කෙරීගෙන යනවා...  ඒ අතරේ දවසක් මහ රෑ නින්දෙන් බිරිඳ නැගිටිනවා.. පහත තියෙන්නේ දෙබස..


ආයි ආයි.. අප්පච්චි... කෙණ්ඩ පෙරලෙනවා...


මොකෝ මොකෝ.... කොතනද? කොහෙද රිදෙන්නේ....


දනහිසට පහලින්.... අනේ රිදෙනවා අප්පච්චි....


හරි ඉන්න ඉන්න.. ඔයා නිදා ගන්න.....


දැන් ඔන්න මම පොඩි මසාජ් එකක් දීලා සැලෝන්පාස් ප්ලාස්ටරේකුත් අලවලා බැන්ඩේජ් එකකින් ඔත ඔත ඉන්නකොට ආයෙත් කතා කරනවා මෙන්න...


මේ....


ඇයි.. තවම රිදෙනවද?


අපි එක්දාස් පන්සීයේ ටිකට් විතරක් ගහමුද?


ඈ?


ඈ නෙවෙයි... පොඩි ටිකට් ගහනවාට වඩා ඒවා ලාභ වෙයි නේද නිලූ.. මැඩමුත් එහෙම කතාවක් කීවා...


මට තේරුනා ට්‍රැක් පැනලා හීනෙන් තමයි මේ දෙන්නෙ කියලා....


හරි හරි.. ඔක්කොම එක්දාස් පන්සීයෙන් ගහමු.... ඉතින් කොහොමද අපි මේවා විකුනන්නේ...


සරසවි එකටයි තව තැන් දෙක තුනකටයි දෙමු....


කොහොම හරි මුළු කාරක සභා රැස්වීමම තියන්න පුළුවන් උනා නින්දෙන්ම... මට හිනාව නවත්ත ගන්න බැරි උන නිසා ඒ සද්දෙට ඇහැරිලා මගෙන් අහනවා 


මොකද මේ හිනාවෙන්නේ අප්පච්චි....?


නෑ.. නෑ... අපි එක්දාස් පන්සීයේ ටිකට් ගහලා සරසවියට දාලා විකුනමු....


එතකොට තේරුනා මොකක් හරි අවුලක් කියලා... පහුවදා උදේ අම්මත් එක්ක කියලා තිබ්බ මෙහෙම...


අයියෝ.... මේ සඳකඩ පහනක් හින්දා මම ඊයේ රෑ හීනෙන් කියවලාද කොහෙද ටිකට් ප්‍රින්ට් කරන කථාවක්....



පහුගිය සෙනසුරාදා හවස එක පාරටම රංජු මම උඩයන ප්‍රශ්ණයක් ඇහුවා... ඒ දෙබසත් දාන්නම්කෝ දෙබසක් විදිහට...


මේ අද රෑ 8ට විතර ගෙදර ඉන්නවද අප්පච්චි ඔයා...?


ඔව්..... ඇයි?


BMICH එකට ගිහින් එමුද පොඩ්ඩක්....


හා යමු අම්මා.. මොකද්ද සීන් එක....


අද වික්ටර්ගේ "ස" තියෙනවනේ.... ඒකට පොඩ්ඩක් ගිහින් එමුද?


ඈ.. රෑ 8ට මෙහෙන් ගිහින් හරියනවද "ස" බලන්න.. 6.30ට විතර පටන් ගන්නේ....


අයියෝ "ස" බලන්න නෙමෙයි අනේ....


ඈ...? එහෙනම්..... ?


අපි handouts වගයක් ගැහුවා සඳකඩ පහණේ.... ගිහින් "ස" බලලා යන කට්ටියට බෙදන්න ඕන....


අප්පට සිරි.. මේ තියෙන්නේ.. රංජුගේ තව යාළුවෝ දෙන්නෙකුයි, එයාලගේ හබියෝ දෙන්නයි, මමයි ඔය බෙදන්නේ handouts ටියුෂන් ගෝලයෝ වගේ.... විලි ලැජ්ජාවේ ආඩම්බරේ බෑ... මොනවා උනත් පවුල බේර ගන්නත් ඕනනේ.....



අන්තිම සිද්ධිය... ගිය සතියේ එනවා මට මගේ පරණ යාළුවෙක්ගෙන් කෝල් එකක් කාලෙකින්......


අඩේ අභියා..


ඔව් මචන්.... කාලෙකින් මොකද මතක් වුනේ....


උඹේ ගෑණි කොළඹ නගර සභාවෙද වැඩ කරන්නේ....


හික් හික්.. ඒ මොකද බන්.....


අන්න සාරිය ඉනේ ගහගෙන තව ගෑණු තුන් දෙනෙක් එක්ක කොල්ලුපිටිය හන්දියේ බැනර් වගයක් එල්ලනවා....


හප්පට සිරි.... ගත්තා එසැනින් කෝල් එකක්...


මේ කොහෙද ඉන්නේ....? ( පසුබිමින් ගාලගෝට්ටි, රථ වාහන ශබ්ධ ආදිය.... )


අපි මේ කොල්ලුපිටිය හන්දියේ....


ආ.. මොකද කරන්නේ....?


මමයි, ශ්‍රියානි අක්කයි, තරංගනියි, නිලුයි සදකඩ පහනේ බැනර් එල්ලනවා....


කිරි අප්පට බල්ලො පැනපි.... කවදා කාපු ටකරන්ද? මට හිනාව නවත්ත ගන්න සෑහෙන්න වෙලා ගියා...


මෙහෙමත් සිද්ධි වෙලා බ්ලොග් එකෙත් නොදා හිටියොත් මොන අපරාදයක්ද මගේ ප්‍රේක්ෂ්කයෝ වෙනුවෙන්.... ඔන්න කාලෙකට පස්සේ හිනාවෙන්න... මට අඩන්න වෙයිද දන්නේ නෑ....


අහ්.. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.... ප්‍රවීන ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය වන "සදකඩ පහණ" 2011 සැප්තැම්බර් 18 දින පස්වරු 06.30ට බිශොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා... රුපියල් 1500.00 ටිකට්, රුපියල් 1000.00 ටිකට්, රුපියල් 500.00 ටිකට්, රුපියල් 300.00 ටිකට්, තමයි තියෙන්නේ.. මේ ටිකට් ගන්න පුළුවන් මහරගම, දෙහිවල හා නුගේගොඩ තියෙන සරසවි පොත්හලේ ශාඛා වලින්, සලාකා එකෙන්, බොරැල්ලේ සදීපා පොත්හලෙන් වගේම එදින දොරටුවෙන්... 



මම නම් කියන්නේ 1500 ටිකට් එකක් අරගෙන "මේ තරම් සියුමැලිද කළුගල්" ගීතය විතරක් සජීවීව ඇහුවත් පාඩු නෑ.. සුනිල් එදිරිසිංහයන්ගේ මම ආස ගීත අතර "දුවේ නුඹ මගේ ප්‍රාණයයි" සිංදුවටත් සහ "දෙවෙනි බුදුන් ලෙස" සිංදුවටත් හිමි වෙන්නේ විශේෂ තැනක්...


ප.ලි. රංජු, මේ මොනවා කිව්වත් මේ වැඩේට කරන කැපවීම දැක්කම මට උඹ ගැන ආඩම්බරයි මචන්....


ප.ප.ලි. කමෙන්ට් දදා අහන්න දෙයක් නෑ... තියෙන බය හින්දා තමයි යටින් ඇඩ් එකක් දැම්මේ ඒක පිටින් දාලා හරි ශේප් කර ගන්න....  

Saturday, September 10, 2011

ටැබුයි, ඇනොනිමසුයි, කතන්දරයි එක්කෙනෙක්ද? අංක දෙක කොටස..

මේකේ පළවෙනි කොටස.. කියවපු නැති අය ඉන්නවද? එහෙනම් කියවලා එන්න මෙන්න මෙතනින්... මෙතනින් එහාට මම මෙහි දෙවෙනි කොටස කියන්න යන්නේ... ටැබූ, කතන්දර හා ඇනොනිමස් කියන්නේ මේ බ්ලොග් අවකාශය තුල කවුරු හෝ හමු උනාම අනිවාර්යයෙන්ම කතා කරන මාතෘකා තුනක්... මම මගෙ කලින් පෝස්ට් එකක්දි කියලා තියෙනවා වගේම බ්ලොග් කරුවන් අතර සිදු වූ සමාජ සේවා ව්‍යාපෘති, එක එක සුහද හමුවීම්, විද්වත් සාකච්ඡා, පැදුරු පාටි, හදිස්සියේ බොන්න සෙට් වීම්, ට්‍රිප් ආදී එකී මෙකී ගොඩාක් දේවල් වලට සහභාගී වෙලා තියෙනවා... ඒත් එක අවස්ථාවකදීවත් මේ වචන තුන කණට නොඇසී මම ඒ එක තැනකින්වත් පිටවෙලා නෑ.... මේ කියවුන ඕනෑම හමුවකදිම වැඩිපුරම කියවුන වාක්‍ය තුනක් තමයි මේ පහත තියෙන්නේ....


මේ වැඩේට පබ්ලිසිටියක්ද? කතන්දර වගේ ලින්ක් ගොඩාක් දාල ලියමු....


අඩෝ ටැබුවද? වැපානේ බන් ටැබූ ලියන්නේ.. ඌනේ නුවර පාරත් ලියන්නේ....


පරිස්සමින් කතා කරපියව්.. ඇනෝ බලාගෙන ඇති කොහෙ හරි ඉදන්.. අනික මේ රචියයි චමිලයයි ලසියයිත් ඉන්නව මෙතන.....


මේ හැම වාක්‍යයක්ම කවුරු විසින් කියවුනත් අන්තිමට උනේ අපි ටිකක් හිනා වුන එක විතරයි....  



ඒ වගේම මේ නම් කියවුන පුද්ගලයින් විසින් ඒ බ්ලොග් පිටු රචනා කරනවයි කියලා එතන කවුරුත් හිතුවෙත් නෑ.. ගොඩාක්ම විනෝදය සඳහා කියූවක් වූ අතර හිනාවකින් ඒ හැම දෙයක්ම අවසන් උනා... කොටින්ම කිසි දවසක මටවත් මේ තුන් දෙනා කවුද කියලා හොයන්න උවමනාවක් වෙලා තිබ්බේ නෑ... කතන්දරවනම් හමු වෙලා තිබුනනේ කලින්ම....


එහෙනම් මොන මගුලකටද ඕයි අර වගේ එකක් ලියුවේ....?


මේ සුභාශ් අයියා (දුකා) චැට් එකෙන් මගෙන් අහපු ප්‍රශ්ණේ... 


මෙන්න නිධාන කථාව.....


අපි පහුගිය දවසක රේල් පාර දිගේ පයින් ගියානේ.. ගමන ගැන විස්තර මගේ ලෝකයේ දාලා තිබ්බනේ... ඔය යන ගමන් බ්ලොග් හිට්ස් ගැන කතාවෙවී ගියා...  අපි තුන් දෙනාම හිට්ස් ගැන බලාගෙන බ්ලොග් ලියන අය නොවෙන බව කවුරුත් දන්නවනේ.... ඒත් අහස උසට හිට්සුත් තියෙනවනේ.... ඉතින් අපි කතාවුනා එක ලිපියක් හිට්ස් ටාර්ගට් කරලා ලියලා බලමුද කියලා... අපේ බ්ලොග් වලට ගොඩ වදින අයට අපි සිරා ටෝක් දුන්නොත් මමනම් පෞද්ගලිකව හිතුවේ වෙන පෝස්ට් වලට වඩා මේ මිනිස්සුන්ට හිනා යයි කියලා.... ගොඩාක් අය බිම පෙරලි පෙරලි හිනා වෙලා තිබුනත් ගොඩාක් අය සංකීර්ණ මාතෘකාවක් විදිහට ඒක අරගෙන තිබුනා.... මෙන්න ඒ පිළිබඳ සමාලෝචනය හා තවත් දේ....


කලිනුත් කිව්වා වගේ මේක හිට්ස් වැඩිවෙනවද කියලා බලපු තවත් එක පෝස්ට් එකක් විතරයි... හරියට නන්දා මාලිනීගේ "නාන්න නන් නාන්න නෝනා" වගේ... නමුත් එහි තිබ්බ කමෙන්ට්ස් කිහිපයක් අපේ බ්ලොග්ස් ලියන හැමෝම වෙනුවෙන් අරන් පෙන්නන්න මම කැමතියි....


කමෙන්ට් ගොඩක අද බ්ලොග් ලෝකයේ ඉන්න හොදම රචකයා අහවලා ලෙස තම තම නැන පමනින් අදහස් දක්වලා තිබා... මාරයාට, සදරුට, නලිනිට හොද අවස්ථාවක් ඒකෙන් හම්බෙලා තිබ්බ.... නමුත් මගේ අදහස ඒක සාපේක්ශයි කියලයී... මෙන්න මෙහෙම කමෙන්ට් එකක් නිසා මම හිතුවා හැමෝගෙම ශෛලීන් වෙනස් නිසා මේක තමයි ඇත්ත කියලා.... 


සදරුවා ලියන එව්වා ඌ ලස්සනට ලියනවා... ඒක වෙන කතවක්. ඒත් ටැබුවා කියන්නෙ ලව් කරප්වයි බූට් කාපුවයි ලියපු එකෙක් නෙමේ. ඔව්ව ලියල ටැබුවට ලං වෙන්ඩ ඔය එකෙකුටවත් බෑ. උඹලා නිකං මාරයට සදරුවට ලනුදීල උංව විනාස කරන්ඩ එපා.


ඇනෝ කෙනෙක් ලියපු ඉහත කමෙන්ට් එකේ අන්තිම වාක්‍යය විතරක් සැලකිල්ලට ගන්න... අනිත් ඒවා අදාල නෑ මම හිතන්නේ.... නලිනි හා මාරයා මේකෙන් වෙනස් වෙන්නෙ නෑ.. සඳරූත් වෙනස් වෙන්නෙ නැතිවෙයි... මොකද දෙන්නම් සරල මිනිස්සු... නමුත් සඳරූ වයසින් බාල නිසා ඔහුගේ ජනප්‍රියත්වය කෙසේ නඩත්තු කල යුතුද යන්න ගැන ඔහු තව පාරක් සිතිය යුතු බව මගේ අදහසයි.... 


සුජීව කොකාවලයින්ගේ කමෙන්ට් එක ගිහින් බලලා එන්න... මොකද ඒක දිග වැඩියි.. මගේ අදහස හරියටම වටහගෙන වෙන කෙනෙකුට කණ පුරවලා ගැහුවද කියලයි මට සැක මචන්....


තවත් එක දෙයක්... මේක චමිල, එහෙම නැත්නම් පිටස්තරයා මට දුන්න අවවාදයක්ද, එහෙම නැත්නම් මට ගහපු කණේ පාරක්ද කියලා හිතා ගන්න බෑ... ඒත් අලුතෙන් බ්ලොග් ලියන්න ආපු හැමෝටම ඉතාම වැදගත් වාක්‍යයක්... ලියන්නන් වාලේ බ්ලොග් ලියන හැමෝම ඉතා තදින් හිතට ගත යුතු වාක්‍යයක්.. මෙන්න ඒක...


උඹල ලියන දේවල් බලල ආතල් එකක් අරන් අපි යනව. ඒත් ලියන දේවල් වලට වගකියන්නත් ඕනෙ මචං. 


දැනට වැටුන අන්තිම කමෙන්ට් එක අසේලගෙන්.. එහෙම නැත්නම් රංගගෙන්... ඒක තමයි ඇත්ත කථාව.... ඒකෙ රංග හිතන එක දෙයක් විතරක් වැරදි.. මම මේ පෝස්ට් එක දාලා තමයි කතන්දරගෙන් කමක් නැද්ද කියලා ඇහුවේ..... කතන්දර කමක් නෑ කිව්ව ඉතින්....



දැන් තේරෙනවනේ.... කලින් පෝස්ට් එක නිශ්චිත හිට් සංඛ්‍යාවක් බලාගෙන අභියෝගයකට ලියපු පෝස්ට් එකක්.. ඒත් මම පරාදයි... ඒකෙන් වෙන්නේ ලබන බ්‍රහස්පතින්දාට පසු දිනකදී ඕනයාටයි අසේලයාටයි මගෙන් හක්කෙන් දතක් දන් දෙන්න වෙන එක.. 


මීට පස්සේ විහිලුවටවත් මතාභේදාත්මක පෝස්ට් ලියන්නෙ නෑ කියලත් හිතා ගත්තා... මොකද විවිධ ව්‍යාපාරික කටයුතු අතරේ පීඩණයකින් ඉන්න මට මගෙ බ්ලොග් එකේ කමෙන්ට් වලින් තවත් පීඩණයක් එනකොට මගෙ බ්ලොග් ලිවීමේ පරමාර්ථය එලියට යන නිසා.. මෙහි පලවෙනි ලිපියෙත් තුන් හතර තැනකදිම ටිකක් හිනාවෙන්න කියන වචනේ මතක් කලේ ඔයාලට මගේ අරමුණ වැටහේවි කියලා.... ගොඩාක් අයට වැටහිලා තිබුනත් සමහර අයට ඉතාම සංකීර්න පෝස්ට් එකක් වෙලා තිබ්බා....


ඊලඟ ලිපියේ ඉදන් ආයෙත් ගොඩ වදින්න ටිකක් හිනාවෙන්න බලාගෙන... මේ ලිපියෙන් කාගේ හරි සිත් රිදවීමක් උනා නම් සමාවෙන්න.. මේ ලිපියටත් මුවඟට නැගෙන මඳ සිනාව ඔහොමම පිට කරලා දාන්න.....


ප.ලි. මේ ටිකට රංගයා තව කමෙන්ට් එකක් දාලා... අන්තිම හරියේ එක ලඟ තියෙන කමෙන්ට් එකෙන් උඩ තියෙන කමෙන්ට් එක ගැන තමයි මම ඉහත සඳහන් කරලා තියෙන්නේ...... හැබැයි දෙවෙනි කමෙන්ට් එකේ තියෙන කොකා කියන එකෙන් අදහස් වෙන්නෙ කොකාවලද? :D


ප.ප.ලි. මේකෙන් සිදු වුන දුකම සීන් එක එතෙක් මෙතෙක් කල් මගේ බ්ලොග් එකේ මම ලියපු මම ආසම කථාව වෙච්ච "නවම් මචන්, ආයෙ ලියන්න එපා බන් මේ වගේ කථා.... මේ කථාව ටිකක් හිනා වෙන්න නෙවෙයි" කියන කථාව ටොප් ටෙන් එකෙන් එළියට විසි වෙච්ච එක.....

Wednesday, September 7, 2011

ටැබුයි, ඇනොනිමසුයි, කතන්දරයි එක්කෙනෙක්ද?

මාතෘකාව දැක්ක ගමන්ම ටිකක් හිනා යනවා නේද? මටත් හිතුන ගමන් ටිකක් හිනා ගියා.... ඒත් වෙලාවකට හිතුනා මේක ඇත්තක්ද කියලා... කවුද ඇනොනිමස්, කවුද ටැබූ, කියලා මෙච්චර කලක් නොහිතුවාට අද උදේ කතන්දරගේ පෝස්ට් එක කියවනකොටම බ්ලොග් කරුවෙක්ගෙන් ආපු ඇමතුමත් එක්කම මට හිතුනා එක පාරටම අම්මපා මේක ඇත්තක්ද කියලා..... ඉතින් හිතන්න හිතුනා.. එක එක ජාතියේ ඒවා හිතලා දැන් හිතට නිවනක් නෑ මේක ලියනකන්....


කතන්දර.... කියන පුද්ගලයා තමන්ගේ බ්ලොග් එකට ගොඩ වෙන්නේ තමන්ගේ බ්ලොග් එකේ හිට් වැඩි කර ගැනීමේ උන්මාදයෙන් කියලා ගොඩාක් දෙනෙක් කියනවා... ඒක කමෙන්ට් කියවනකොට නිතරම කියැවිලා ගොබෙල්ස් න්‍යාය වගේද මන්දා, දැන් මටත් එහෙම හිතෙනවා..... ඒ වගේමයි ඔහු මාකට් කරන්නේ ඔහුගේ ජීවිතේට වඩාත් සමීප ස්ථාන, පොත්, පුද්ගලයෝ වගේ දේවල්.. විශේශයෙන්ම රසික සූරිය ආරච්චිගේ කවි, යාළුවන්ගේ පොත්, වගේ දේවල්. අද පෝස්ට් එකෙත් තිබ්බේ ඒ වගේ දෙයක්... ඩෙස්මන්ඩ් මොරිස්ගෙ නේකඩ් ඒප් පොත ගැන මීට කලින් කිව්වේ කවුද අපිට.... ටැබූ.... අද කතන්දර ඒකේ දාලා තිබ්බේ එම පොතේ සිංහල පරිවර්ථනය ගැන.... ඉතින් එහි තියෙන කතා අපිට කියවන්න ටැබූ වෙනුවට, කතන්දර අපිට ඉස්සරහදි ඉඳීවි....


අනිත් එක තමයි ටැබූගේ පෝස්ට් වල තිබ්බ කථා වල සහ කතන්දරගේ සම්භාව්‍ය පෝස්ට් වල තියෙන භාශා සමානාත්මතාවය.... උදාහරණ රාශියක් දෙන්න පුලුවන් උනත් හැමෝම තම තම නැණ පමණින් මේ ගැන සිතා බලාවි... ක්ෂේත්‍ර රාශියක දැනුමත් ඕනෑම කුණුහරපයක් කූල් පිට ප්‍රකාශ කරන්නට හැකි ලිවීමේ හැකියාවත් දෙදෙනාගෙම පොදු සාධක ලෙස තමයි මම දකින්නේ.....


එතකොට කතන්දරයි ඇනොනිමසුයි සම්භන්ධ වෙන්නේ කොහොමද? මම දන්න විදිහට සහ මට පෙනෙන විදිහට මේ බ්ලොග් අවකාශයේ පහත තුන් විදිහටම ලිවිය හැකි එක පොරයි ඉන්නේ.. ඒ තමන් පොර කියන කතන්දර විතරයිද මන්දා....


1. තමන්ගේ වෘත්තීය මට්ටමෙන් පිට ඇති විෂයයන් සම්භන්ධයෙන් එහි වෘත්තීය මට්ටමට ලන් වෙන්නට සුදුසු පරිදිම එම විශය කරුණු ගොනු කරමින් ලිවීම


2. තමන්ගේ තියෙන සරල සුගම බවට හරි යන පරිදි නිකන් ඔහේ ලියන්නට හැකි වීම...


3. තමන්ගේ මට්ටමටත් වඩා අන්ත පහලට බසිමින් අමු චාටර් පෝස්ට් පල කිරීමේ හා කමෙන්ට් දැමීමේ හැකියාව...


ඉතින් මෙහෙම හිතාගෙන යනකොට මට ඇනොනිමස් පෝස්ට් එකක තිබ්බ වෛද්‍ය වචන වගයක් ඇහැ ගැටුනා..එම වචන ඒ ලෙසට කියන්නනම් වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරයෙකුට අතිශය සමීප පුද්ගලයකු විය යුතුයි කියලා මට හැඟුනා... ඒක දිගේ කල්පනා කරගෙන යද්දිත් අන්තිමේ ට හිත නැවතුනේ කතන්දර ලඟ..


මේ හේතු සහ තවත් ඔය වගේ පොඩි පොඩි ගැජමැටික් නිසා මට හිතුනා මුන් තුන් දෙනාම එකෙක් කියලා... ඇනෝයි ටැබුයි දන්නේ නැති නිසා සැකේ බර උනේ කතන්දරගේ පැත්තට......


මේක කියවලා ඕනනම් හිතන්න පුළුවන්... නැත්නම් අනේ මූට පිස්සු කියලා හිනාවෙන්න පුළුවන්.. අමතක කරන්න එපා... මගේ බ්ලොග් එකේ නම ටිකක් හිනාවෙන්න..


ඇත්ත නමින් සභ්‍ය වචනයෙන් විතරක් කමෙන්ට් කරන්න... පුද්ගලික පලිගැනීම් මෙතන කරන්න එපා.. එහෙම උනොත් මට කමෙන්ට් මොඩරේට් කරන්න වෙයි....


ඡායාරූපය කතන්දරගෙන්....

දෙකයි දිඹුලෝ කෙහෙල්ගෙඩි කේලි.....

මේ දවස්වල සංචාරකයින් එන කාල සීමාව නිසා ආපි පොඩ්ඩක් ලෑස්ති වෙනවා.. අළුත්ම කිරි ටොයියා වෙබ් සයිට් එකක් එළියට දාන්න හිතාගෙන මේ දවස්වල රෑ වෙනකන් වැඩ නිසා පොඩි වෙලාවක් තියෙනවා බ්ලොග් පෝස්ට් එකක් ලියන්න... මේ කථාවත් මගේ පළවෙනි රැකියා ස්ථානයේ සිද්ධියක්.. එහි තිබ්බා වෙනම අංශයක් ඇල්බීසියාවලින් ඉන්ධන නිපදවීම කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කරපු... මෙහි අධ්‍යක්ෂ තුමා සිංහල ජාතිකයෙක් නොවන නිසා චතුර නැහැ සිංහල කෙරෙහි.. ඒ වගේමයි කෑම ඉතා අඩුවෙන් ගන්නේ.... බෙහෙත් වලින් තමයි පෝශ්‍ය පදාර්ථයන් ඔක්කොම ගන්නේ....


වටේමනේ යන්නේ.. ඒත් ඉතින් කථාවේ පසුබිමත් ඔක්කොම දැන ගන්න ඕනනෙ නේද? ඉතින් මෙයාලට අයිති සයිට් තියෙන්නේ කොළඹින් ගොඩාක් ඈත... හිටපු ගමන් මේවා අධීක්ෂනය කරන්න සුදු මහත්තැන්වරු එනවා... ඉතින් මේ අධ්‍යක්ෂ තුමා තමයි මෙයාලත් එක්ක යන්නේ රට වටේ... රියැදුරු නිහාල්.( අපි අතරින් සමුගත් සොඳුරු මිනිසෙක්..) ඔහු ඉතින් ගමන අවසන් වෙලා මම ලඟට ඇවිත් දෙනවා රස සිද්ධි ඔක්කොම...


දින පහක විතර රවුමක් ගිහින් ඇවිත් නිහාල් මගේ ඉදිරියෙන් වාඩි වුනා... 


අභීත මහත්තයා... මරුම සිද්ධියක් උනානේ මේ පාර...


ඇයි මොකක්ද ඒ පාර..


අපේ සර් මරුම වැඩක් කරානේ සේනාරත්න මහත්තයාට.... අපි අඟුණකොල පලැස්සේ සයිට් එකට ගිහින් ආවේ ගාලු පාර දිගේ... වැලිගම හරියෙදි අළුත්ම හාල්මැස්සෝ තිබ්බා විකුනන්න පාර අයිනේ. සේනාරත්න මහත්තයා කිව්වා පොඩ්ඩක් අයින් කරලා නවත්තන්න කියලා හාල්මැස්සෝ ගන්න... මෙන්න අපේ සරුයි සේනාරත්න මහත්තයයි අතරේ ගිය දෙබස.... 


මොකද ශෙනේරත්න නවත්තන්න කිව්වේ.....


හාල්මැස්සෝ ටිකක් ගන්න සර්.. අළුත්ම ඒවා ලාබෙට ගන්න පුලුවන්නේ..


ලාබෙට? කීයක් වෙනවද ශේනේරත්න?


කිලෝ එකක් 160ක් විතරවත් වෙයි සර්....


අනේ ශේනේරත්න, කැල්සියම් පෙත්තක් ගන්නවකෝ.. ශත පේයි....


හරිනේ.... මල පැනපු සේනාරත්න මහත්තයා කිව්වේ මෙච්චරයි....


ඔන්න ඔහෙ යමන් නිහාල්.. මොන හාල්මැස්සොද?



හරි දෙවෙනි කථාවට යමු... තවත් දවසක සුදු මහත්තැන් කෙනෙක් එක්ක ගියා සයිට් එකක් බලන්න.. අපේ සර්ගේ කෑම අඩුවෙන් ගන්න පුරුද්ද සුද්දට හරියනවයෑ... අන්තිමේදි සුද්දා උදේ එකොලහට කිව්වලු බඩගිනියි කියලා.. ලඟම තිබ්බ තේ කඩේ නවත්තලා දැන් කට්ටිය කනවලු.. සුද්දාත් සර් දෙන ඒවා රස ගුණ වයමින් කෑවලු.. බිල ගෙවන තැනට ආපු අපේ සර් මුදලාලිට මෙහෙම කිව්වලු...


දෙකයි දිඹුලෝ කෙහෙල්ගෙඩි කේලි දෙකයි....


කඩේ මුදලාලි උඩබිම බැලුවලු මේ මොනාද මේ කියන්නේ කියලා.. කෙහෙල්ගෙඩි කෑලි විකුනන කඩයක් දන්න අහල පහලකවත් නෑනේ ඉතින්.....


මොකක්ද මහත්තයෝ....


දෙකයි දිඹුලෝ කෙහෙල්ගෙඩි කේලි දෙකයි....


මුදලාලි උඩ බිම ගියා.... අන්තිමේදි නිහාල්ගේ පිහිට තමයි මුදලාලිට තිබ්බේ...


කිඹුලා බනිස් දෙකකටයි කෙහෙල්ගෙඩි දෙකකටයි බිල දාන්න මුදලාලි.. ඕකට සිගරට් පහකටත් එකතු කරන්න....


කෙහෙල් ගෙඩි කේලිත් එක්ක දිඹුලෝ තමයි මේ මනුස්සයා සුද්දටත් කවලා තියෙන්නේ.... අන්තිමේට සිගරට් පහකටත් ගෙවපු එකෙන් නිහාල්ගේ ගානකුත් ශේප් උනා....


ඡායාරූපය මාරයාගේ බුකි පිටුව...

Tuesday, September 6, 2011

බ්ලොග් කරුවෝ වැඩිම ගානක් දැනට මුණ ගැහිලා තියෙන්නේ මමද?

අද හවස ත්‍රිරෝද රථයකින් කාර්‍යාලය කරා එද්දි මට මෙහෙම හිතුනා.... ඇත්තටම මමද කියලා මට හිතුනා.. ඒ ගැන ලිපියක් ලිව්වොත් හොදයි කියලත් හිතුනා.. මේකට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා කියලා දැන දැන උනත් මම හිතාගත්තා ඔන්න ඔහේ ලියනවා කියලා.. ලින්ක්ස් දමන්නත් බලාපොරොත්තු වෙනවා... ඒත් කවුරු හෝ අමතක වුනොත් තරහා වෙන්න එපා... කමෙන්ට් එකක් විදිහට "ඇයි මම එදා මුණ ගැහුනේ" කියලා යන්න අමතක කරන්න එපා....


බ්ලොග් එක ලියන්න පටන් ගද්දිම මට උදව් කරපු කීප දෙනෙක් හිටියා... චාමර, රනිල්, හසිත. මේ හැමෝම මට පාසැල් කාලයේදීම හෝ ඊට පසුව මුණ ගැහුණ බාලදක්ෂයින්.... ඊට පස්සේ යම් යම් කටයුතු වලදි මට මුණ ගැහුනේ වැප් නිශාන්ත. ඔන්න ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ෂණය ආවනේ.. ඒකෙදි මුණ ගැහුනා බ්ලොග් කරුවෝ රාශියක්.. ගොඩාක් දෙනෙක් මුණ ගැහුණු පළවෙනි අවස්ථාව තමයි ඒ... රන්දිකා, පසන්, කසුන්, ගීතික, බුද්ධි, අනුරාධ, දිල්ශාරා, පුරසඳ, මැරියන් මේ අය හමු වුනා..... 


ඊට පස්සේ අපි හමු වුනේ ගූගල් බස් වලට පිංසිද්ද වෙන්න එක්සෙල් වර්ල්ඩ් එකේදි... මේකෙදි නම් අර කට්ටියට අමතරව මුණ ගැහුනේ අසංක, ජේඩී, කුශාන්, ෆා, වාසල කියන අය.. ෆා සහ කුශාන්ගේ පරිඝණක පන්තියක් කට් කරලා අපි ආයෙත් සෙට් උනේ ගල්කිස්සෙ මුහුදු වෙරලේ.... මෙතනදි නවකයෝ උනේ නදීශා, අසන්කා,ජනිතා, ප්‍රියන්ත සහ රසික නානායක්කාර. මෙන්න ඊටත් පස්සේ අපි ගියානේ ට්‍රිප් එකක් කිතුල්ගලට...ඒකෙදි අළුතෙන්ම මුණ ගැහුනේ තිස්ස අයියා, රන්දිම, තුශාර රවීන්ද්‍ර, නුවන් කියන අය... ඒකනම් හරිම විනෝද සාගරයක් වුනා...  


ඊට පස්සේ අපි සෙට් වුනේ විහාර මහාදේවී එකේදි.... එත්නදි රචින්ත, හශිකා, චමිල, දුලිප්, පහන්, අසේල, ලසිත, ජනිත්, ලිශාන්ගෙහාන්, ගයාන්, යොහාන්, කණිශ්ක, හසිත කියන අය මුණ ගැහුනා.. දෙවෙනි රැස්වීමට නලීන්, චාපා නංගීත් ආවා.. අමතක වෙච්ච දෙයක්.. ඊට කලින් අපි ගියානේ කතන්දරගේ තාත්තගේ අවමංගල්‍යයට..එතනදි මුණ ගැහුනා කතන්දර. කොහොම කොහොමහරි අවුරුදු උත්සවේට කලින් දිළුම්, සුභාශ්, වරුණ, තුශර, සනත් අයියා, ඉන්ද්‍රනාත් අයියා, චින්තක අයියා කට්ටියත් මුණ ගැහුනා..


ඔන්න දැන් තමයි නාන අවස්ථාව.... සයිබර් සැණකෙළිය.... කොහොම නම් කරන්නද? මමත් එක්ක කතා කරලා ගියා වගේ යන්තම් හරි මතකයක් තියෙන හැමෝවම මම මෙතන දානවා.... අනේ දෙවියනේ.. මට එක්කෙනෙක්වත් මඟ නොඇරේවා...... ඔන්න එහෙනම් පටන් ගන්නවා.. මෙච්චර කල් මුන ගැසුන අය ඕන නැහැනේ... ඉස්සෙල්ලාම බැස්සේ නුවර ගැන්සිය... කාවින්ද්‍යා, සන්ජු, දර්ශන, බනියා, ගීත්, කට්ටියත්, තනෝජා අක්කාඉනෝශා, නෙරන්ජි, නිලුශා, ප්‍රසන්න, ඉරු, ඉශාර, සංජීව, පැතුම්, සුපුන්, කෝසල, සුමුදු, හසිත, චේතිය, ශිරෝශි , ප්‍රවීන් සහ තවත් ගොඩක් අය මුණ ගැහුනා.. අනේ දෙවියනේ කියලා මට අමතක වෙලානම් සමා වෙලා යටින් කමෙන්ට් එකක් විදිහට දාන්න... හිතුවට වඩා පොඩ්ඩක් ලේසියෙන් වැඩේ ගොඩ දාගත්තද කොහෙද මම හිතන්නේ...


අම්මෝ. මටනම් දැන් ඇතිත් වගේ.. කොහොමහරි ඊට පස්සේ අළුත් බ්ලොග් කරුවෙක් මුණ ගැහුනේ අම්පාරේ ගිහින්... ඒ තමයි සඳරු... ඊටත් පස්සේ මේ ලඟදිම ලඟදි දුශාන්... බොහොම ලඟදි කඩුගන්නාවේ යන්න ගිහින් මුන ගැහුනා අමිල සහ තිසර... අද හවසත් තවත් අගේ ඇති බ්ලොග් කරුවෙක් මුණ ගැහිලයි ආවේ.. ඒ රෝහන අයියා..... එදා මෙදා තුර මට හමු වූ බ්ලොග් කරුවෝ තමයි මේ....



අද බෝනස් එකක් විදිහට මට අළුතින් දකින්නට ලැබුන බ්ලොග්ස් 4ක් දෙනවා.... සමහර ඒවා පරණයි.. කරුමේ කියන්නේ මට ලඟදිනේ ඇහැ ගැටුනේ.... ඒවත් අගේ ඇති බ්ලොග්ස් හතර.. මෙන්න ඒ බ්ලොග් ටික...



එකේ වාට්ටුව
වයිට් කණ්ණාඩි
මාළිගාව
වෙනී


ප.ලි. බ්ලොග් වල ලින්ක් සොයා ගැනීමට අපහසුවෙන් මා හතර අතේ ඇඹරෙද්දී මගේ පිහිටට ආ හශිකා හෙට්ටිගේ සොයුරියට මාගේ ආදර ස්තූතිය.....


ප.ප.ලි. මේකේ නම් තියෙන සමහර අයට මෙතනින් ගියාම තමයි මතක් වෙන්නෙ මග නමට බ්ලොග් එකක් තිබ්බනේ කියලා... එහෙනම් ගිහින් ආයෙත් මකුළු දැල් එහෙම කඩලා නමෝ විත්තියෙන්ම පටන් ගමු....

Sunday, September 4, 2011

ඔබ ව්‍යාපාරිකයෙක්නම් නෑදෑ හිතවත්කම් සියල්ල අමතක කරන්න... අංක 3 කොටස.


මේ ලිපිය මම ලියුවේ ගොඩාක් අයට පාඩමක් ඉගෙන ගැනීමේ අදහසින්... මේක විතරක් කියවලා වැඩක් නැති නිසා ගිහින් මේ සීරීස් එකේ පළවෙනි ලිපිය මෙතනිනුත් දෙවෙනි ලිපිය මෙතනිනුත් කියවලා එන්න... ඉතින් අපි අවසන් කොටස නැවැත්තුවේ සෙනසුරාදා දවල් මගෙ අතිජාත මිත්‍රයා සල්ලි අරන් එනකන් නේ..... ඒත් ඔන්න ආවේ නෑ.... නමුත් මට තරහා ගිහින් කරපු තර්ජන හමුවේ වාහනේ විතරක් රෑ එවලා තිබුනා... මට කරන්න දෙයක් නැතිකමටම මම කාර් එක පදවන් ආපු එයාගේ යහළුවත් එක්ක මහ රෑම ගියා මේ මනුස්සයාගේ ගෙදර.. යද්දි ගෙදර නෑ.. හිටියේ ඔහුගේ අම්මයි අක්කයි විතරයි.. මම විස්තරේ කියද්දි තමයි එයාගේ පවුලේ කට්ටිය දන්නේ මේ කාර් එක ඔහුගේ නෙවෙයි කියලා... මෙච්චර කල මිනිහා ගෙදර අයට කියලා තිබිලා තියෙන්නේ කාර් එක මිනිහගේ කියලා... ඉතින් මම ඔහොම කතා කරලා ආවා....


ඒත් සල්ලි දෙයි කියලා මම බලාගෙන ඉන්නවා.. මිනිහත් නෑ.. සල්ලිත් නෑ... ඉදලා හිටලා එස්එම්එස් එකක් එනවා අයියේ මම සල්ලි දෙනවා කියලා... කොහොමහරි ඊලඟ බදාදාත් උදා වුනා.. මෙන්න පොලිස් මාමලා දෙන්නෙක් ආවා අපේ ගෙදර... කොළ කෑල්ලකුත් දුන්නා... ඒකෙ තිබ්බේ අහවල් පුද්ගලයා විසින් ඔබට විරුද්ධව අහවල් පොලිසියේ පැමිනිල්ලක් කරලා තියෙනවා... ඒ නිසා සෙනසුරාදා උදේ 9ට අහවල් පොලිසියට වාර්ථා කරන්න කියලා....


හත් දෙයියනේ... මූ මටම පොල්ල තියලා මට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලකුත් දාලා.....


කොහොමහරි සිකුරාදා දුමී අයියලාගේ ගෙදර තිබ්බ පැදුරු පාටියෙනුත් කලින් ගිහින් සෙනසුරාදා උදේ මමයි බිරිදයි පොලිසියටත් ගියා... පොලීසියයි අපියි අතර ඇතිවෙච්ච දෙබස මෙන්න. ඉස්සෙල්ලාම මගෙන් තමයි අහන්නේ....


දැන් තමුන් මේ පුද්ගලයාට සල්ලි දෙන්න එකඟද?


මම මොකටද සල්ලි දෙන්නේ? මෙයානේ මට සල්ලි දෙන්න තියෙන්නේ....


එතකොට තමුන්ද මේකේ පැමිණිළි කරු....


නෑ. මම නෙවෙයි... මෙයා මට සල්ලි දෙන්න තියෙනවා.. මෙයාම පැමිණිල්ලත් කරලා තියෙනවා....


ඇත්තද මේ කියන්නේ.... තමුන් මොකටද මේ පැමිණිල්ල දැම්මේ... 


බලපුහාම මිනිහා පැමිණිල්ල දාලා තියෙන්නේ මම පොරට මරණ තර්ජන කරනවා කියලා... මම පෙන්නපු අගරු චෙක් පිටපත් දැක්කම පොලිස් මහත්තුරුන්ටත් වැඩේ තේරුනා.. දැන් කොහොමහරි මිනිහා පැමිනිල්ල ඉල්ලා අස් කර ගත්තා ඊට දවස් දෙකකට පස්සේ මට සල්ලි ගෙවනවා කියලා... ඒකත් භාගයයි.. ඉතිරි ටික තවත් මාස දෙකකින් ගෙවනවා කියලා.....


මමත් මිනිහත් එක්ක හොඳින් කතා කරලා එදා ගෙදර ආවා....


ඊටත් දවස් තුනකට පස්සේ ආයෙත් කෝල් එකක් ආවා... ඒ පොලිසියෙන්....


අභීත මහත්තයෝ.. හෙට උදේ ආයෙත් පොලිසියට එන්නකො.. මේක බේරුමක් කරගන්න.. මේ මනුස්සයා ආයෙත් පැමිනිල්ලක් දාන්න ඇවිත්....


ඔන්න බදාදා ආයෙත් ගියා....


මිනිහා ගෙවන්න තියෙන්නෙ භාගයයි..ඕනනම් ඒක දෙන්නම්.. නැත්නම් නඩු දාන්න කියලා මිනිහා මිනිහාගේ ගොඩ පෙරකදෝරුවෙකුත් අරන් ඇවිත් දැන් හෙන පොරේ.... පොලීසියෙන් ඇහුවා මොකද කරන්නේ කියලා.. නඩු කිව්වොත් මීට වඩා පාඩු වෙන නිසා මම මෙහෙම කිව්වා.....


හරි දෙන්න කැමති කීය හරි දෙන්න.. හැබැයි පොලිස් පොතේ ලියන්න මීට පස්සේ අපි දෙගොල්ල අතරේ කිසිම ව්‍යාපාරයක් කරන්නේ නෑ කියලා... 


මෙන්න මෙහෙම ඒ ප්‍රශ්ණය විසදුනේ 50%කට වඩා වැඩි පාඩුවක් සිදු කරමින්.. ඊට වඩා පාඩුව උනේ මගේ හිටපු පාසල් මිතුරෙකුත්, තවත් හොඳම යෙහෙලියකුත් මේ සම්භන්ධ සිදුවීම් නිසා නැති වෙච්ච එක. 


ප.ලි. මේ කාලයේ මම මානසිකව වගේම ආර්ථික අතිනුත් සෑහෙන්න පහලට ගියා.... ඒත් මට වැටෙන්න නොදී අත් වාරුව දුන්න මගේ බිරිඳ වගේම යහළුවෝ ගොඩාක් දෙනෙක් හිටියා... බ්ලොග් යහළුවොත් කිහිප දෙනෙක් හිටියා... ස්තූතියි හැමෝටම.... 


ප.ප.ලි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් නෑදෑ හිතවත්කම් අමතක කරන්න.. මම නම් මින් මතුවට ඕනෑම හිතවතෙකුට උදව් පෞද්ගලික මට්ටමින් පමණි. 


ප.ප.ප.ලි. ගමක කථා තියෙනවා ලියන්න.. කෙටියෙන් මේ සිද්ධිය ඉවර කලේ ඒකයි....

Thursday, September 1, 2011

ඔබ ව්‍යාපාරිකයෙක්නම් නෑදෑ හිතවත්කම් සියල්ල අමතක කරන්න... අංක 2 කොටස.

මේකෙ අංක 1 කියවපු නැති අය ඉන්නවානම් මෙන්න මෙතනින් යන්න...  කලිනුත් කිව්ව වගේ මේක නොසැලකිලිමත් වැඩ නොකරන්න වැදුනු වේවැල් පාරක්... ඒ නිසා කියවලා හිතේ තියාගන්න.


ඉතින් මේ ගනුදෙනුව එදා සිද්ධ උනා... මේ අතරේ ගණුදෙනු කරුවන්ට තවත් වාහනයක් ඕන උනා.. මට දුරකථන ඇමතුමක් දීලා සමාගම් හිමිකරු මෙහෙම කිව්වා...


අභීත අයියා.. හදිස්සියෙන්ම වියොස් එකක් ඕනේ.. මාසෙකට.. ජපන් කපල් එකක් අරන් යන්න තියෙනවා... 


මම ඉතින් කතා කරලා දුන්නා.. කුරුණෑගලින්ම හොයලත් දුන්නා... දාලා කෝල් එකක් දීලා මෙන්න මෙහෙම කිව්වා....


මල්ලී.. මේක මගේ සම්භන්ධයක් තියෙන කාර් එකක් නෙමෙයි.. ඒ නිසා ටක් ගාලා එයාලට සල්ලි දෙන්න....


හරි අයියේ.. මම හෙට උදේම බෑන්ක් එකෙන් සල්ලි අරන් දානවා.. එතකන් මොනා හරි කරන්න....


මම මගේ අතේ තිබ්බ සල්ලි වලින් අදාල මුදලින් භාගයක් ගෙවලා කාර් එක අයිති යාළුවාට කිව්වා "මචන් හෙට අරූ ඉතිරි සල්ලි ටික දෙයි..." කියලා.. ඌ මාත් එක්ක ගොඩාක් කල් ඉදලා වැඩ කරන නිසා මිනිහට මම ගැන කිසි අවිශ්වාසයක් තිබ්බේ නෑ.. නමුත් පහුවදාත් ඊට පහුවෙනිදටත් ඒ සල්ලි ලැබුනේ නෑ... ඊට පස්සෙ මම කුශාන්තට කිව්වේ වාහනේ අයිතිකාරයාට ආපහු භාර දෙන්න.. දවස් ගානට ගෙවලා ඉතිරි සල්ලි ටික අරගෙන මගෙ බෑන්ක් එකවුන්ට් එකට දාන්න කියලා.... 


දැන් මිනිහා ගිහින් වාහනේ බේරලා සල්ලි වල ඉතුරු ටිකත් අරන් ආවා... ඒක මට දුන්නෙත් නෑ..... සති දෙකකට පස්සෙ නහයෙන් අඩල අඩලා ඒ සල්ලි ටික මගේ ලඟට එව්වා... දැන් පළවෙනි චෙක්පත තැන්පත් කිරීමේ දිනය උදා වුනා.... මෙන්න දෙයියනේ කියලා ඒක අගරු උනා... ඉන් අනතුරුව දුන්න චෙක්පතත් තැන්පත් කලා... ඒකත් අගරු වුනා.... මේ ගැන දන්වපු ගමන් පොර කඩාගෙන බිඳගෙන ආවා... මම සල්ලි දෙනකන් කාර් එක ආපහු ගත්තා.... දැන් ඌ අඩනවා මගෙ කාර්යාලයට වෙලා...


අනේ අයියේ.. පොඩි චෙක් වගයක් රිටර්න් උනා... සෙනසුරාදා වෙද්දි සල්ලි ඔක්කොම දෙනවා.. හෙට වෙඩින් එකකට දෙන්න කාර් එකක් ඕන.. අනේ කොහොමහරි සුදු කාර් එකක් හොයාගන්න ඕන.. අනෙ අයියෙ හෙටට විතරක් කාර් එකක් හොයලා දෙන්න....


අනේ මූව මම ආයෙත් විශ්වාස කරලා රියදුරු සමඟ කාර් එකකුත් හොයලා දීලා අර පාවිච්චි කරපු කාර් එකත් දීලා මෙන්න කියලා යැව්ව.. ඒත් ලියුමක් ලියව ගත්තා සෙනසුරාදා සල්ලි ටික අරන් එනවය එහෙම නැත්නම් මට නීතිමය මාර්ගයකට යෑමේ හැකියාව තියෙනවය කියලා....


ඉතින් බලාගෙන හිටියා මම මේ කියපු සෙනසුරාදා සල්ලි අරන් එනකන් මගේ අතිජාත පාසැල් මිත්‍රයා....


ඊලඟ කොටසින් හමුවෙමු..... ඒකෙ තමයි විසිල් හා බල්ටි තියෙන්නේ......


ප.ලි.. බස් රේඩියෝ එකේ කතන්දර කතා කරන එක අහන්න ඉන්න හින්දා මෙන්න එක දවසට පෝස්ට් දෙකක් පළවෙනි වතාවට මගේ බ්ලොග් එකේ.... ඔයාලත් 8.30ට අහන්න කතන්දරගේ කතන්දර....

ඔබ ව්‍යාපාරිකයෙක්නම් නෑදෑ හිතවත්කම් සියල්ල අමතක කරන්න... අංක 1 කොටස.


අද කියන්න යන්නේ හිනා යන කථාවක් නෙවෙයි... මට වෙච්ච අපූරු සිදුවීමක්.. මීට කලිනුත් මම ජීවිතයට වැදගත් රණ්බන්ඩා සෙනෙවිරත්නයන්ගේ කථාවක් ගැන සීරීස් එකක් කරගෙන ගියා.. අදත් කොටස් තුනක පමණ සීරීස් එකක කථාවක් කියන්න යන්නේ... සමහර විට ලියලා ඉවර වෙද්දි මේක මේ ලිපියෙන්ම ඉවර වෙන්න පුළුවන්... බිස්නස් පටන් ගන්න ඉන්න පොඩි මල්ලිලා නංගිලාට මේක අපූරු පාඩමක්.... කොටින්ම මටත් මේක හරි අපූරු පාඩමක් වුනා....


බ්ලොග් එක කියවන කවුරුත් දන්නවනේ.. මම පුංචි පහේ බිස්නස් කාරයෙක් කියලා.. ලොකුම ලොකු අරමුණු නැති උනත් පුංචි පහේ ඉලක්කයන් ලාවට ලාවට එකතු කරගනිමින් හෙමින් හෙමින් තමයි යන්නේ... ගොඩාක් ලොකු ප්‍රචාරන ක්‍රම නැති උනත් යාළුවන්ගේ සම්භන්ධතා වලින්ම දුවන ව්‍යාපාරයක් තමයි කරන්නේ... මෙහෙව් දවසක මගේ යාළුවෙක් මට දුරකථන ඇමතුමක් දුන්නා....


අභීත.. කාර්ස් දෙකක් තියෙනවා කිව්වා නේද රෙන්ට් කරන්න. මගේ යාළුවෙක්ගේ ටුවරිස්ම් කම්පැනි එකකට කාර්ස් තුනක් හොයනවා....


හරි මහේශ් අයියේ.. ඇලියොන් එකකුයි ඇක්සියෝ එකකුයි තියෙනවා.. දෙන්න පුළුවන්.. ඔයාට විශ්වාසයි නේද?


ඔව් මමත් එක්ක කලින් වැඩ කරපු යාලුවෙක්.. අනිත් එක කම්පැනි එකක්නේ මල්ලි.. මම අහලා දිනයක් කියන්නම්....


හරි අයියේ....


අනතුරුව ආපු දුරකතන ඇමතුමත් සමඟ දිනය වෙලාව තීරණය කෙරිණ.. අදාල දවසේදී දෙපාර්ශ්වය හමුවිය..... දැන් අදාල සමාගම හා මා අතර දෙබස පහත වෙයි....


යූ ආර් මිස්ටර්?


මම කුශාන්ත. අයියා අභීත අයියනේ....


ම්ම්... ඔව්.. මල්ලි කොහොමද දන්නේ.. මම කලින් මුණ ගැහිලා තියෙන්වද....


බිස්නස් වලදි නෙමේ අයියේ.. මමත් මලියදේවේ.. අයියා ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටියනේ.. ඒ කාලේ හෙන චන්ඩි පාට් දැම්මේ අපිට... බ්ලා.. බ්ලා.. බ්ලා...


අහ් එහෙමද? හොදයි එහෙනම් දැන අදුන ගත්ත එක.... හරි අපි මේ වැඩේ ඉවර කරමු.. මගේ කොන්දේසි මේවයි මල්ලි... ඔයා කැමතිනම් අපි මේ වැඩේ කරමු....


මෙහෙමයි අයියේ.. මම අවුරුදු හයක් යූ. කේ. ඉඳන් ආවේ... මමත් මේක පටන් අරන් ගොඩ කාලයක් නෑ... ඒ නිසා මට මාසේ අන්තිමට චෙක් එකකින් ගෙවන්න සෙට් කරලා දෙන්න. මොකද මමත් පොඩි රෝල් එකක් ගහන්නේ... අනික වැඩිපුර දුවන කිලෝ මීටර වලට ගෙවන්න තියෙන ගානත් පොඩ්ඩක් අඩු කරල දෙන්නකො....


හරි එහෙනම් එහෙම කරමු.. මම මල්ලි මේ විදිහට එකඟ වෙන්නේ ඔයා මගේ ඉස්කෝලේ නිසාත් දියුනු වෙන්න හදන කොල්ලෙක් නිසාත්... හරි එහෙනම් ඇග්‍රිමන්ට් සයින් කරමු...


වැඩේ ඒ විදිහට ඉවර උනා..... එක කාර් රථයක් පමණක් මාස තුනකට දුන්නා... ගනුදෙනු හොඳනම් කාර් රථ හයක් දෙන ගිවිසුම මත... අපිත් සතුටු සිතින් ගෙදර ආවා....


ඉතිරිය ඉදිරි කොටසින්.....


ප.ලි. දැන් බස් රේඩියෝ එකේ යනවනේ කථා බස්... ඔන්න අදත් පොරක් එනවලු සෑහෙන දුරක ඉඳන්. හරියටම රෑ 8.30ට බස් රේඩියෝ අහන්න... ගිය සැරේ මඩයාගේ එක අහන්න ඕනනම් මෙතනින් යන්න.