Sunday, November 27, 2011

සර්පයින් සමඟ වාසේ... ඔබට බොහොම ප්‍රයෝජනවත් වේවි.....

ගොඩාක් කාලයක් තිස්සේ ලියන්නේ නැතුව ඉදලා පරන එකක් දවස් දෙකකට පස්සේ පබ්ලිශ් කලා.. පහුගිය දවස් ටිකේ අති විශාල බැහැරගත පුහුණු වැඩමුලු දෙකක් නිසා සෑහෙන්න කාර්යබහුල වෙලා හිටියේ... එකක් ගැන නම් ලිපි දෙකක්ම දාලා තිබ්බේ මගේ ලෝකයේ රංග. දැන් තමයි ටිකක් ඔලුව උස්සන්න පුළුවන් ගානකට ආවේ... හරි... ඒ කථා පැත්තකින් තියලා අද කියන්න යන කථාවට යමු.. මේ කථාවත් ටිකක් හිනාවෙන්න නෙමෙයි. ඔබගේ ආරක්ශාව උදෙසා.....


ටික දවසක ඉදන් මේ කථාව ලියන්න හිතුවත් ඉක්මනටම ලියන්න හිතුනේ ආගිය කතා ලියන හසිත චාමිකර මල්ලි දාපු අලුත්ම පෝස්ට් එක වෙච්ච සුදු නෙළුම කෝ කියන පෝස්ට් එක කියෙව්වට පස්සේ... මේ පෝස්ට් එක කියවලා එක්කෙනෙක් හරි මේ ගැන දැනුවත් උනොත් ඒ පිනම අති නොවැ.... ඔන්න එහෙනම් කථාව පටන් ගමු....


පසුගිය බ්‍රහස්පතින්දා දවසක මගේ ත්‍රීවීල් රථාචාර්ය ඉන්දික මල්ලිගෙන් කෝල් එකක් ආවා... දෙබස සිද්ධ උනේ පහත ආකාරයට


අභීත අයියා.. කොහෙද ඉන්නේ....


ගෙදර ඉන්නේ.. මොකෝ කලබලේ...


අපේ මාමලාගේ ගෙදර අලුතෙන් කපපු ටොයිලට් වලට නයෙකුයි පොළගෙකුයි වැටිලා.. දෙන්නම් හෙන පත සයිස්...


අනේ බොරු නොකියා හිටපන්.. නයයි පොළඟයි කොහොමද එකටම වැටෙන්නේ වලට...


නෑ.. නෑ.. ලෑස්ති වෙලා ඉන්න.. මම දැන් එන්නම් ගෙදරට... ගිහින් බලමු බොරුද කියලා..


හරි වරෙන්....


කෝකටත් මගේ සගයා ජීවිතය වචනයෙන් ලියන සෝරෝටත් කැමරාවත් අරගෙන ලෑස්තිවෙන්න කියලා දුරකථන ඇමතුමක් දීලා මම ගමනට සූදානම් වුනා... නයි පොලොන් කතා කිව්වොත් ගෙදරින් යන්න ලැබෙන්නේ ප්‍රශ්ණ පත්තරේකට උත්තර දීලා නිසා මම රාජකාරී ගමනක් යන මුවාවෙන් ඉන්දිකත් එක්ක එලියට බැස්සා... ගිහින් බලපුහාම ඇත්ත නේන්නම් මේ ඉන්නේ දෙන්නම එක වලේ.... කෝ කියලද අහන්නේ... ඔන්න පින්තූරේ....



අලෝක තත්ත්වය නිසා ඡායාරූපවල ගුණාත්මක භාවය ගැන තරහා අවසර....  මේක ඇත්තටම හරිම භයානක තත්ත්වයක්.... ලංකාවේ වෙසෙන සර්පයෝ අතරින් විස වැඩිම ලෙස පෙල ගැස්සුලෑත් මේ ඉන්නේ පළවෙනියයි පස්වෙනියයි.. දෙන්නම මාරාන්තික විෂ සහිත සර්පයින්.... නයා අඩි හත හමාරක් විතරත් තිත් පොළඟා අඩි හතර හමාරක් විතරත් දිගයි... තිත් පොළඟා ගෑනු සතෙක්.. ඇයගේ උපරිම ප්‍රමාණයට වැඩී තියෙනවා... මේ කොට්ටාව නගරයේ ඉඳලා කිලෝමීටරයක් ඈතින් සිද්ද වෙච්ච සිද්ධියක්... ඔබට මතක ඇතිනෙ මීට මාස දෙකකට කලින් බත්තරමුල්ලේ පැලවත්තේ පොළගෙකු දශ්ඨ කිරීම නිසා කාන්තාවක් මිය ගියා... ඉන් අනතුරුව කල සොයාබැලීම් වලදී පොලොන් පැටවුන් 8 දෙනෙක් හමුවෙලා තිබුනා... ඒ නිසා මේ පින්තූර දිහා බලලා හාස් හූස් ගානවාට වඩා මෙහි තිබෙන අවධානම වටහා ගැනීමයි වැදගත්..

කොහොම හරි අපි දෙහිවල සත්වොද්‍යානය දනුවත් කරලා එහි උරග අධීක්ශණ නිලධාරී ප්‍රේමසිරි පේරිස් මහත්තයාව එක්කගෙන ආවා.... ඔහුනම් කරන්නේ මිල කල නොහැකි සේවයක්.. ඔහු මේ දෙන්නව අල්ලගත්ත හැටි තමයි පහත ඡායාරූපවල තියෙන්නේ....    

තත්ත්වය පිරික්සා බලමින්

පළමුව ගොඩට එන්නේ නයා.. අඩි හත හමාරක් පමණ දිග එක්කෙනෙක්....

ආරක්ෂිත ප්‍රදේශයකට..... 

පේනවනේ.. පෙනෙන්මයි අල්ලගෙන ඉන්නේ....


මල්ලක් ඇතුලට නයානම් ගියා ඔන්න....

මෙන්න පොළඟා.. අඩි හතර හමාරක් විතර... පීරිස් මහත්තයා කියපු විදිහට
 මෙයා අවුරුදු 12ක විතර ගෑණු සතෙක්.. දැනටත් මෙයාගේ කුසේ පැටවුන්
 හතලිහක් විතර ඉන්නවා.... එයාලා එලියට ආවානම්...

ලංකාවේ විෂ වැඩිම සර්පයාගේ ලොකුම ප්‍රමාණයේ එක්කෙනෙක්
 බෑග් එකට යන්න ඔන්න මෙන්න කියලා...

ඔබ කරනා මෙහෙය මිළ කළ නොහැකියි.. මැතිතුමනි....

විෂඝෝර සර්පයින් දෙන්නෙක් අත් දෙකේ
තියාගෙන ටිකක් හිනාවෙමින්...

සත්වෝද්‍යානයට මුදාහරින සර්පයින්....

ඉතින් මේ කාරිය අවසන් වෙලා පීරිස් මහත්තයාත් එක්ක ලඟ තිබ්බ කඩේකට වෙලා නූඩ්ල්ස් එකක් කමින් කතා කරන්නට මට අවස්ථාව ලබුනා.... ඔහු දුන්න උපදෙස් වලට අනුව ඔබට වැදගත් දේවල් කිහිපයක් සටහන් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ..... ඒ කියන්නේ ඔබට හෝ ඔබ දන්න කියන අයෙකුට සර්පයෙකු දෂ්ඨ කලොත් කල යුතු ප්‍රථමාධාර ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සුදානම් වෙන්නේ...

මූලික ප්‍රථමාධාර
  ගලා යන වතුරෙන් තුවාලය සේදීම
  රෝගියාගේ භය නැති කිරීම (ඇත්තටම ඒක භය වෙන්න කාරණයක් නෙමෙයි... අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ හැකියාව මත හා සිතේ තියෙන සවිමත් බව නිසා ගොඩාක් දේවල් තීරණය වෙනවා.)
  රෝගියා නොසොල්වා තැබීම
  හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත රැගෙන යෑම (සර්පයාත් එක්ක රැගෙන ගියොත් හොඳයි... ඒත් ඉතින් ගොඩාක් අය සර්පයා රැගෙන යන්න ගියොත් උගේ ජීවිතය ගැන කථා කරලා වැඩක් නෑනේ...)
  
දෙවන ප්‍රථමාධාර

  සුදු පිටවක්කා කොල කොටලා ඉස්ම පානයට දීම (දැන් ඉතින් සුදු පිටවක්කා කොහෙන් හොයන්නද අහන්න එපා.. ඔබේ නිවසේ පැලයක් පැල කර ගන්න තවමත් ප්‍රමාද නෑ...)
  කරපිංචා කොල කොටලා ඉස්ම පානයට දීම
  කිතුල් හකුරුත් සමඟ  එළඟි තෙල් ආහාරයට දීම
  රුක් අත්තන ගහේ පස් පංගුව කොටලා බොන්න දිය යුතුයි.. ( පස් පංගුව කියන්නේද? පොතු, ගෙඩි, මල්, කොල, මුල්)

නොකල යුතු දෑ...

  ප්‍රෝටීන අඩංගු හාර නොදිය යුතුයි. (සර්ප විෂ කියන්නේ අධි ප්‍රෝටීන. එය ශරීරයට දරාගන්න අමාරුයි.. ඒ අතරට තවත් ප්‍රෝටීන දුන්නොත් මොකද වෙන්නේ කියලා මම කියන්න ඕන නැහැනේ ඉතින්)
  
  හැම දේටම ඔසුවක් වෙන බ්‍රැන්ඩි උගුර මේකට හරි යන්නේ නෑ... මද්‍යසාර දීමනම් නොකල යුතුමයි.. (දන්නවනේ අපි බීපුහාම අපේ ශරීරයේ ලේ ගමනය වේගවත් වෙනවා කියලා.. ඉතින් බීමත් පුද්ගලයෙකුගේ ශරීරයේ විෂ පැතිරෙන වේගය ඉතා ඉහලයී)

සර්ප දෂ්ඨයකදී දල පහරවල් වලින් සර්පයා ගැන මූලික හඳුනා ගැනීම් කල හැකියි... උදාහරණයක් විදිහට නයකු දශ්ඨකලොත් එම දල පහරවල් පීල්ලක ආකාරයෙන් තමයි පිහිටන්නේ... නමුත් පොළගෙකු දශ්ඨ කලොත් දල පහරවල් පිහිටන්නේ ඇතුල හෑරී ගිය විදිහට.... ඔබේ නිවසේ සර්පයෙක් ඉන්නවා දැක්කොත් එයාව අල්ලගන්න ලේසි විදිහත් දැන ගන්න ඕනනම් මේන්න.. සර්පයා තරම්ම දිග පීවීසී බටයක එක කෙළවරක් වසන්න... හොදම විදිහ අපි අර එන්ඩ් කැප් (Endcap) කියලා කියන්නේ.... අනිත් පැත්තෙ විවරය සර්පයාගේ මුහුන අසලින් තියන්න... කලබල නොවී ඔහුට ඒ ඇතුලට රිංගන්න දෙන්න.... උන් අදුරට කැමති නිසා හෙමින් එතුලට රිංගනවා... ඉන් අනතුරුව අනිත් කොන වසා ආරක්ෂිත ප්‍රදේශයකදී මුදා හරින්න...

හරි එහෙනම්... මේවා තමන් දැනගත්ත වගේම අනිත් අයටත් කියලා දෙන්න... සර්පයෝ ගැන තවත් විස්තර ඕනන අපේ ප්‍රියන්ත අයියගේ මගේ මතක බ්ලොග් එකට මෙතනින් යන්න.... ඔබ මෙයින් යමක් ගත්තානම් මගේ සතුට එයයි....

ප.ලි. අද දින තම 34වෙනි විය පසු කරණ මගේ ලෝකයේ රංගට සුභ උපන් දිනයක් වේවා..... සුභ පැතුම් මචන්.... ජය වේවා... 

Friday, November 25, 2011

පිටරට යන ඔබට උපදෙස්...... අපේ එකෙක් පිටරට ගිය හැටි...

ජීවිතේ කාර්යබහුලම සතිය ගත කරපු නිසා බ්ලොග් එකක් තියෙනවද කියලා අමතක වෙලයි හිටියේ... කතාව ලියන්න කලින් අපේ ආදරණීය බ්ලොග් සහෘදයෙක් වන වැප් නිශාන්ත මිතුරාගේ පියාගේ වියෝව වෙනුවෙන් මගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරනවා... බ්ලොග් කරුවන් වගේම බස් කරුවන් රාශියක්ම එතනදිත් මුණ ගැසුනා.. හරි අපි කතාවට එමු...


මීට මාස දෙකකටවිතර කලින් මගේ හිටපු හොදම යාළුවෙක් (මිතුරෙක්) පිට රටකට ගියා.... ඔහු මීට කලින් ගුවන් ගමන් වල නිරත වෙලා තිබ්බෙත් නෑ.. ගියෙත් ලොකු දුරකට නෙමෙයි... දකුණු ආසියාවටම අයත් මාළු වෙළදාමට ප්‍රසිද්ධ රටකට. මොකක්ද ඇහුවේ බ්ලොග් ලියනවද? ඔව් බ්ලොග් එකකුත් ලියනවා තමයි... ඉතින් මේ මනුස්සයා රට යන දවසේ මමයි අර අවංක පැට්ටා කියන එකයි ගියා මෙයාට ටිකක් උදව් කරන්න...හවස තමයි ගමන.. ඉතින් දවල් ඉදන් එක එක සිද්දි....


ටිකකින් බලද්දි මේ පොර වැසිකිලියට යනවා, එනවා, ආයේ යනවා, ආයේ එනවා.... අපිත් ලංවෙලා ඇහුවා මොකද බන් මේකෙ තේරුම කියලා...



දැන් දෙබස යන්නේ මෙහෙමයි...


මාර සීන් එක මචන්.. ෆ්ලයිට් එකේ යනවා කියලා මතක් වෙද්දි ටොයිලට් යන්න ඕන වෙනවා බන්....


හරි හරි.. තව ටිකක් බලලා ඩොකෙක් ගාවට යමු.. දැන් ඉවසමු.....


මොන ඉවසිලිද? යනවා එනවා.. අන්තිමේ ත්‍රී වීල් එකකුත් අරන් ගියා... ඩොක්ටර් සේලයින් එකක් දුන්නා.... ඔන්න හිතත් හැදුවා.. අපිට එලියට යන්න කියලත් මොකක්ද කලා... ඔන්න දැන් ඒ ප්‍රශ්ණේ ඉවරයි....


ඔක්කොම වැඩ ඉවර වෙලා අපි යනවා එයාර් පෝට්.. කොල්ලව බස්සන්න... මූ ඉතින් අපේම එකානේ කියලා.. ජා-ඇල කිට්ටුවට යද්දි මූ කිව්වා මචන් ෆුඩ් සිටි එකක ලඟින් නවත්තපන් කියලා.... රට යන උන් ඉතින් ගොඩාක් දේවල් ෆුඩ් සිටිවලින් ගන්නවනේ.. ඔන්න නැවැත්තුවා ෆුඩ් සිටි එක ලඟ.. එතුලට ගිය අපේ කොල්ලා ආපහු එද්දි අතේ මොනවද තිබුනේ.....


ලීටර් 2 වතුර බෝතලේකුයි ප්‍රින්ගල්ස් ටින් එකකුයි.... එසැනින්ම අපේ එකෙක් ඇහුවා මොකටද බන් මේ කියලා...


පැය දෙකක් විතර යන්න ඕනනේ බන් ප්ලේන් එකේ... කන්න බොන්නත් මොනවාහරි ඕනනේ මචන්.....


මොකුත් නොකියපු අපි ඉදිරිය බලාගෙන ගමන ගියා...

Tuesday, November 1, 2011

DEVANS BASH 2011,,,,, සියළුම ආදී මලියදේවයන් වෙත..... එකතු වෙන්න අපිත් එක්ක.....

අද ලියන්න යන ලිපියනම් එක්තරා පිරිසකට පමණක් සීමිතයි.... බස් රේඩියෝ කතාබස් වැඩසටහනේදී වැප් නිශාන්ත සහෘදයා මගෙන් ඇහුවා ඔබේ සමහර පෝස්ට් එක්තරා කොටසකට පමණයි නේද කියලා... එහෙම ඇහුවා කියලා අපිනම් සැලෙයි... මොකද එහෙම ඇහුවා කියලා නොලියා ඉන්නද? හරි කථා වැඩක් නෑනේ.... අද ලිපිය වෙන්වන විශේෂ කොට්ඨාශය තමයි මලියදේව ආදි ශිෂ්‍යයෝ සියලු දෙනා....


මලියදේව විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන සුහද හමුව පිළිබඳ විස්තර තමයි පහත දැක්වෙන්නේ..... අපි අතර තියෙන සම්භන්ධතා වර්ධනය කරගන්නටත් අවුරුද්දකට දවසක් පරණ යාළුවොත් එක්ක කතා කරලා හිනාවෙලා විනොද වෙලා යන්න හැමෝම එන්න.. කථා ඕන නෑනේ වැඩිය.. මෙන්න විස්තර....



දිනය                      : 2011 නොවැම්බර් මස 05 වන දින


ස්ථානය                 : කොළඹ ගලධාරී හෝටලය


වෙලාව                   : පස්වරු 7 සිට පසුද උදෑසන දක්වා...


සංගීතය                  : සොහාන් ඇන්ඩ් එක්ස්පරිමෙන්ට් සහ සී ඇන්ඩ් සී


ආරාධිත ගායන ශිල්පී   : නලීන් පෙරේරා (මේරියන්ස්)


ඇදුම                     : ජාතික ඇදුම හෝ සම්පූර්ණ යුරෝපීය ඇදුම


ප්‍රවේශපත්   : තනි පුද්ගල   - රු.4500.00
                     යුගල              - රු.8000.00
    
තවත් ගොඩාක් අංග කෑම බීම ඇතුලත්.... විස්තර දැනගන්න කථා කරන්න


නිශ්ශංක   - 0714720103
නිශාන්ත  - 0714767234
අභීත       - 0714449162




ප.ලි. මොකක්ද ඇහුවේ? තියෙනවද? ඔව් ඔව්.. නැතුව නැතුව....

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...