Meemure Jungle Resort

Tuesday, December 27, 2011

උසස් පෙළ ප්‍රථිපල වලට මෙහෙම වුනේ ඇයි? මම දන්න හැටි හා මට හිතෙන හැටි...




කාලයක් තිස්සේ විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරපු නිසාත් මේ දවස්වල විභාග දෙපාර්මේන්තුව ගැන හැමෝම කථා වෙන නිසාත් මම මේ ගැන ලියන්න හිතුවා... ඊයේ දාපු පෝස්ට් එකේ අන්තිමට මම ආයෙත් පෝස්ට් එකක් දාන්නේ ජනවාරි පලවෙනිදා කියලා.. ඒත් ඉතින් මේක කාලීන මාතෘකාවක් නිසා වගේම ගොඩාක් අය මගෙන් චැට් එකේදි එහෙම අහපු නිසා මම මේ ගැන ලියන්න හිතුනා... ඒ නිසා මම දන්න තරමින්  මේ පිළිබඳ පූර්ණ විස්තරයක් දෙන්න තමයි හදන්නේ....



විභාග පැවැත්වීම සඳහා දෙපාර්තමේන්තුව සතුව අංශ දෙකක් තියෙනවා.. ඒ පාසැල් හා ආයතනික වශයෙන්... මේ  අංශ දෙක සතුව වෙන වෙනම සංවිධාන, ඇගයීම්, ප්‍රථිපල හා රහස්‍ය ලෙස ශාඛාවන් තියෙනවා... මේ දෙකටම පොදුවේ පරිඝනක ශාඛාවක් හා දත්ත ඇතුලත් කිරීමේ ශාඛාවක් තියෙනවා.... පෞද්ගලිකව මම දන්න සහ හිතන විදිහට මේ සංවිධාන, ඇගයීම් හා රහස්‍ය ශාඛාවන්  විභාගයක් සාර්තකව පැවැත්වීම උදෙසා ඉතා සාර්ථක සේවයක නිරත වෙනවා... ඔවුන් හැම වෙලේම තමන්ගේ සේවය ඉතා විශිෂ්ඨ අයුරින් කරන්න කැප වෙනවා.... ඔබ විභාග දෙපාර්තමේන්තුව අසල ගැවසෙන කෙනෙක්නම් විභාගයක් ලංවෙනකොට එහි ඒ ගොඩනැගිල්ලේ පස්වන මහලේත් බී ගොඩනැගිල්ලේ සිව්වන මහලේත් විදුලි බුබුලු පැය විසි හතර පුරා දැල්වෙනවා දකින්න පුළුවන්... පරිඝණක වලින් එන මුද්‍රිත සටහන් පවා ඔවුන් පරීක්ශා කර බලනවා....


එහෙනම් කොතනද වැරැද්ද තියෙන්නේ..? ඔබටත් වෙන කාටත් තියෙන ගැටළුවක් තමයි ඒ... මට වගේම විභාග දෙපාර්තමේන්තුවේ ගොඩාක් දෙනා හිතන ආකාරයට ඒ වැරැද්ද තියෙන්නේ පරිඝනක අංශව සතුවයි... මගේ අදහස අනුව අලුතින් විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත් වෙන ජයන්ත පුෂ්පකුමාර මහතා පළමුවෙන්ම කල යුත්තේ මේ පරිඝණක අංශය නැවත සැකසීමයි... අනුර එදිරිසිංහ ලබපු අපවාද ඔබට නොඇසීමට එයම ප්‍රමාණවත් වේවි...


දැන් ඔබට තිබෙණ ප්‍රශ්ණය ඇයි මේ පරිඝණක අංශයේ ප්‍රශ්ණය කියලනේ.... මේ අංශයේ සේවය කරන පරිඝණක දත්ත විශ්ලේශක කියන තනතුර තියෙන අයගේ සුදුසුකම් පිළිබඳ ලොකු ගැටළු තියෙනවා.. තනියම ප්‍රෝග්‍රෑම් එකක් ලියාගන්න පුළුවන්ද කියන මූලික කරුණේ ඉඳන් ඉදිරියටම ඒ කාරණය එලෙසමයි.... මේ අංශයේ ඉන්න කණිශ්ඨම නිළධාරියා විතරයි ඒකේ වැඩකරුවෙකුට ඉන්නේ... අනිත් අයට වඩා හැකියාවක් විභාග දෙපාර්තමේන්තුවේ වෙන අංශ වල සේවය කරන කිහිප දෙනෙකුටත් තියෙනවා...  මම අර ඉහත කියපු කැපවීමෙන් දිවා රෑ නොබලා වැඩ කරන පිරිසගේ අප්‍රතිහත උත්සාහය මොවුන් දවස් දෙක තුනක් ඇතුලත නන්නත්තාර කර දමනවා....



උදාහරණ ලෙස ගත්තොත් මීට කලින් අවස්ථාවල විභාගත් ගන්න පුළුවන්.. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා වූ බඳවා ගැනීමේ විභාගය ඔබට මතක ඇති.. එම විභාගය නැවත පැවැත්වීම සඳහා වියදම් කරපු මුදල් කාගේද? මහ ජනතාවගේ මුදල්.. ඉතින් මේ ප්‍රශ්ණය නිසි අයුරින් නොවිසඳා ඉදිරියට ගියහොත් ඊලඟ විභාගයේදීත් විභාග දෙපාර්තමේන්තුවට අඹ සරණයි....


නායකත්වය ගැනත් කියන්න ඕන.... අනුර එදිරිසිංහ යනු සාර්ථක නායකයෙක් කියලා මම හිතන්නේ නෑ.. මුළු විභාග දෙපාර්තමේන්තුවට බලපාපු පොදු නීති ඔහුගේ හිතවතුන්ට බල නොපාපු අවස්ථා ඕන තරම්... ඒක ඉතින් මේ රටෙත් හැටිනේ.... නමුත් ඉදිරියට මේ  දෙපාර්තමේන්තුව භාරගන්න ඉන්න ජයන්ත පුෂ්පකුමාර කියන්නේ ටිකක් කෙළින් වැඩ කරන මිනිහෙක් කියලා තමයි මට හිතෙන්නේ... ඒ නිසා ඔහුට මේ ගැන කටයුතු කරන්න පුළුවන් කියලත් හිතෙනවා...


බලාගෙන ඉමු.. කවුරු මොනවා කලත් ඒ දේ බලපාන්නේ රටේ පොඩි දරුවන්ගේ අනාගතයට කියන එක අමතක කරන්න හොඳ නෑ....


ප.ලි. අපි විභාග අසමත් වුනේ විභාග දෙපාර්තමේන්තුවේ වරදින්දෝ කියලත් හිතෙනවා.. (මේ ටික දැම්මේ කට්ටියට ටිකක් හිනාවෙන්න..)  



පින්තූරය මෙතනින්..

Monday, December 26, 2011

අරක්කු ජුංඩක් ලාබෙට බීපු හැටි... ඊට පස්සේ වෙච්ච දේ... අයියෝ...

දැන් හිතන්න එපා මේ කථාව ලංකාවේද කියලා.. ලංකාවේ පුළුවන්ද අරක්කු බොන්න ලාබෙට... මම කියන්නේ එක්තරා කාලයක් ගැන.... හයියෝ මිනිස්සු අරක්කු බීපු තරමක්.... බත් පාර්සල් ලාබෙට දෙනවා කියපු තැනකවත් එහෙම පෝලිමක් නෑ... කියවන් ඔබටත් මේ ආරංචිය ලැබුනොත් කට්ටිය පිම්මේ උනන්දු වෙනවනේ.. පාවිච්චි කරන්නේ නැති වුනත් කවුද දෙවියනේ මේ මිනිස්සුන්ව මරන්න හදන්නේ කියලා හරි.... ඉතින් මේ ආරංචිය ආපු දවසේ අපට හිතුනෙත් මෙහෙමයි.... මේ කියන සති දෙකේ මිල ගනන් මෙන්න මේ විදිහට තමයි උනේ.... මට මතක හැටියට මේ 2003 වසරේ මැද භාගයේ....


අති විශේෂ           බෝතලය රුපියල් 140යි භාගය රුපියල් 70 යි
රෙඩ් රම්              බෝතලය රුපියල් 240යි භාගය රුපියල් 125 යි
වයිට් රම්             බෝතලය රුපියල් 220යි භාගය රුපියල් 110 යි
ලෙමන් ජින්        බෝතලය රුපියල් 220යි භාගය රුපියල් 110 යි
ඩ්‍රයි ජින්              බෝතලය රුපියල් 240යි භාගය රුපියල් 125 යි
වොඩ්කා             බෝතලය රුපියල් 260යි භාගය රුපියල් 140 යි


දැන් ඔයාලා බලනවනේ කොහෙන්ද බොලේ මෙච්චර ලාබෙට මෙහෙම ලැබෙන්නේ කියලා.. ඒවත් ලැබෙන්නෙ පින් පව් පලදෙන හැටියට... මම කියලා තියෙනවනේ මම කාලයක් විද්‍යා හා තාකෂණ අමාත්‍යාංශයේ සේවය කලා කියලා.. ඉතින් මේකට එක කාලයකදී ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා එකතු කලා රටේ තිබෙන මූල්‍යමය වටිනාකම් තිබෙන ආයතන ටිකක් පැවරුවා පුද්ගලීකරණය කරන්න.. හිඟුරාණ සීනි කර්මාන්තායතනයත් මේකට අයිති වෙච්ච නිසා එහි තිබුන සියලුම මත්පැන් බෝතල් වෙන්දේසි කරන්න අමාත්‍යාංශය තීරණය කලා... විකිණීමේදී අමාත්‍යාංශයේ කර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වයක් දෙන්නත් තීරනය කලා.... කරුමෙක මහත කියන්නේ මේ හිඟුරාන එකේ ප්‍රධාන කාර්යාලයයි අපේ කාර්යාලයයි තිබ්බෙ එකම ඉඩමේ.... ඉතින් පිරිමි ඔක්කොම ඒ දවස්වල නාගසලන් වෙලා හිටියේ.... මගේ බෝඩිම (අර නාරාහේන්පිට බෝඩිම ) තිබ්බෙත් එතන ඉදන් මීටර 50ක විතර ඉතා පොඩි දුරක්... තේරෙනවා නේද පිහිටීමේ භයානක කම... 



මේ මත්පැන් ගැනත් යමක් කියන්න ඕන... හිගුරාන සීනි කර්මාන්තායතනය ඒ කාලේ අක්‍රීය වෙලා තිබ්බ නිසා එහි සේවකයන් පැවසුවේ මේ මත්පැන් අඩුම තරමේ අවුරුදු 30කට වඩා වැඩි කාලයක් එහි ගබඩාවල පරණ වෙමින් තියෙන්නට ඇති බවයි... ඒක පානය කරන විට අපේ අය ඒ කතාව අත් වින්ද අපූරුව ගැනනම් මතක සටහන් ගොඩායි.. පලවෙනි වීදුරුවට බොන ඕනම කෙනෙක්ගේ ඇස් දෙක 50%ක් පියවෙනවා.. දොඩමලු වෙනවා... දෙවෙනි වීදුරුවට ඕන කෙනෙක්ගේ තොල් දෙක වේලෙනවා... ගොත ගැහෙනවා... තුන්වෙනි වීදුරුවට බෙල්ල කඩා වැටෙනවා.. සිංදුවක් තනියෙන් මිමිනෙනනවා.. හදිස්සියේවත් හතරවෙනි වීදුරුව පානය කලොත් කෙලින්ම ඩෙඩ් බොඩි.. කරේ ගෙනියන්න වෙන්නේ.. මේ ප්‍රථිපලය නැගලම ගියේ ඔතන තිබ්බ වොඩ්කා බෝතලේ....


ඉතින් ඕක බෝඩිමේ හිටපු රූමාත් එක්ක එක දවසක් පානය කලා... මෙන්න පහුවදා මූ රුපියල් 10000ක් දීලා කියනවා මේකෙම අරන් වරෙන් අද එද්දි කියලා... මටත් මොකෝ... මම ගෙනත් දුන්නා.... නියම බඩු ටිකක් තියෙනවා අරි අයියාගේ කාමරේ කියලා නාරහේන්පිට හන්දිය වටේ ඉතින් පොඩි කතාවක් එහෙමත් ගිහින්... දවස් දෙකකට විතර පස්සේ කාර්යාලය ඇරිලා බෝඩිමට එද්දි මිනිස්සු පෝලිමක් ඉන්නවා කාමරෙ දොරලඟ... මම ඉතින් මගේ යතුරින් ඇරලා ඇතුලට යද්දි ඉස්සරහින්ම හිටපු කොල්ලෙක් මට කතා කලා... 


මල්ලි.....


???????


ආරි අයියා නැද්ද?


නෑ මම හිතන්නේ එන්න ටිකක් පරක්කු වෙයි අද? 


මේ මට බොට්ල් එකක් ගන්න පුළුවන්ද? 


හප්පට සිරි.. බලද්දි අර පොර වොඩ්කා බෝතලේ 500 ගානේ විකුණලා.... සිරා ඩයල් තමයි අපටත් සෙට් වෙන්නේ.. ටක් ගාලා කාමරේ ලොක් කරලා පැන ගත්ත මම කෙලින්ම තිඹිරිගස්යායට ගියේ... තිඹිරිගස්යායට ගියෙද? මේ තියෙන්නේ ඒ කථාව.....


මහේන්ද්‍ර (නමෙ කොටසක්) මගේ පන්තියේ අල්ලපු පුටුවේ හිටපු ෆිට් එක.. ඌ මේ කියන දවස්වල පොලිසියේ නිළධාරියෙක්.. ඉතින් අපි දෙන්න බොහෝ වෙලාවට උගේ මෙස් එකේ හරි මගේ බෝඩිමේ හරි සෙට් වෙනවා සති දෙකකට විතර සැරයක්.. දැන් අර තිබ්බ වොඩ්කා බෝතලේකුත් අරන් තමයි මම ගියේ... අපි දෙන්නට තව දෙන්නෙක් එකතු වුනා.. ඒ පාසලේම අපිට වඩා බාල මල්ලිලා දෙන්නෙක් වෙච්ච සුගා සහ සාලි. දැන් හතර දෙනා එකතුවෙලා මහෙන්ද්‍රගේ කාමරේ වැඩේ පටන් ගන්නවා... මම අර ඉහත කියපු වෙරි සටහන අනුව ශොට් 16කින් වැඩේ ඉවර වෙන්න ඕනනේ.. ඒත් බෝතලයක් කියන්නේ මිලි ලීටර් 750ක්ම තියෙන එකක්නේ.. දැන් වට්ටේ යනවා බෝතලේ... අපිත් ඉතින් පරන ඉස්කෝල කථා කිය කියා වැඩේ යනවා... පසැල් කාලේ ඇදුනොත් බෝතල් 10ක් 15ක් හරි ඉවර වෙනකන් කියන්න කතා තියෙනවනේ... කොහොමහරි ඒ බෝතලේ හතර දෙනා එක්ක ඉවර කලා.. මම කොහොමත් මහෙන්ද්‍රගේ කාමරේ රෑ නවතිනවා.. දැන් අරුන් දෙන්නාව ගේට් එක ලඟට දාන්න අපි යනවා.. මතකයිද දන්නෙ නෑ ඉස්සර සහකාර පොලිස්  අධිකාරී වරුන් පාවිච්චි කරපු අර සුදු පාට ටොයියා කාර් එක... ඉංග්‍රීසි අකුරු වලින් ලියාපදිංචි කරන්න පටන් ගත්ත කාලෙම ආවේ.. ඔක්කොම කාර් ලියාපදිංචි වුනේ  wp GA කාන්ඩෙන් වගේ මට මතක.... ඉතින් අපි එන ඉස්සරහට මේ වගේ ටොයියා කාර් එකක් නවත්තලා තියෙනවා.. සුගා සාමන්‍යයෙන් කබරයා දැම්මත් දාන්නේ හොද තැන් වලට.... අනේ මූ එක පාරටම ඕක් ඕක් ගාලා දැම්මනේ කබරයෙක් කෙළින්ම අර කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක පුරා... මාර ලස්සනට....


මහෙන්ද්‍ර හැරුන වේගෙට වඩා වේගෙකින් ආපහු දිව්වා... මම වෙන මොනා කරන්නද? මමත් දිව්වා.. ඒත් දිවවෙන්නේ නෑ.... වෙලාව රෑ එකයි... ඒ නිසා අපේ වාසනාවට මේ සිද්ධිය කිසි කෙනෙක් දැක්කේ නෑ....  දැක්කනම් එහෙම කෝමද? අපි කන එක, හිරේ යන එක පැත්තකින් තියමු.. අරූගේ රස්සාව.....


අමාරුවෙන් මුන් දෙන්නා ගේට්ටුවෙන් යනකන් ඉදලා මම ගියා මහෙන්ද්‍රගේ කාමරේට.... මේ ඉන්නේ පඩි පෙල නැග ගන්න බැරුව බිම ඉදගෙන.... ඒ කිව්වට මටත් බෑ... අපි දෙන්නගේ අන්‍යෝන්‍ය සහයෝගෙන් පඩිපෙල නැගලා කාමරේට ආවා....


දැන් ඉතින් පහුවදා උදේ නැගිටලා මූණ කට හෝදගෙන පහලට බැස්සා.... එලියට එනකොටම ඇහෙනවා එකෙක් ජාතිය අමතනවා... බලනකොට කාර් එකේ රියැදුරු තුමා රෑ ඩියුටි හිටපු එකාව කාර් එක ලඟට ගෙනල්ලා බනිනවා පලු යන්න.. කාර් එක වටේ කට්ටිය පිරිලා.... මමත් නිකන් ලාවට ඔළුව දාගෙන දන්නේ නෑ වගේ මාරු වුනා.....


අන්තිමේට මහෙන්ද්‍රම අර සහකාර පොලිස් අධිකාරීතුමාව එක්කරගෙන ඇවිත් රියදුරු තුමාට කථා කරලා ප්‍රශ්ණේ ගොඩින් බේරලා ලොක්කගෙන් ලකුණකුත් දාගෙන...


අපි සෙට් උනොත් අදටත් කතා වෙන දෙයක් තමයි මේ... පහුවෙලා හරි අර සහකාර පොලිස් අධිකාරී තුමාට ආරංචි උනානම් මහේන්ද්‍රගේ යාළුවෝ තමයි මේ වැඩේ කලේ කියලා.... අනේ සංදුක්කේ....


ප.ලි. මමයි සාලියි ඇර අනිත් දෙන්නම රටෙ නැති නිසා මේක ලිව්වට කමක් නෑ කියල හිතුනා...


ප.ප.ලි.. ආයේ ලිපියක් දාන්න හිතාගෙන ඉන්නේ ලබන අවුරුද්දේ ජනවාරි පලවෙනිදා.. මාතෘකාව මොකක්ද දන්නවද? "සයිබරයේ සිහිණ උළෙල 2012" බලාපොරොත්තුවෙන් ඉන්න...


Friday, December 23, 2011

සුභ විවාහ ජීවිතයක් වේවා................!

බ්ලොග් ලෝකේ මමකරන සමාජ සත්කාර අතරින් මගේ තවත් එක් සත්කාරයක් ගැන ඔයාලා දැනගත්තේ මම පහුගිය පෙබරවාරි මාසෙ දාලා තිබ්බා මහා මඩ බ්ලොග් පෝස්ට් එකකින්... මගේ සොඳුරුම බෝඩිමේ හිටපු මගේ එක් දැවැන්ත මිත්‍රයෙකුට.. දැවැන්ත කිව්වේ උගේ බඩ තමයි දැවැන්ත.... ඒකෙදී මම කිව්වා අපි අතරේ ඉන්න සොඳුරු බ්ලොග් කාරියෙක් හා අදාල මිත්‍රයා වෙච්ච අංජා අතර ප්‍රේම සම්භන්ධයක් ඇති කරගෙන වෙච්ච සංගදි.... තවමත් සංගදි ටික එහෙමමයි.. ඊයේ සුභ පතන්න කතා කරනකොටත් ඌ මනමාලිගේ කොන්ඩේ කටු ටික ගලවනවා.....



මට මේ ලෝකේ හමු වුන සොඳුරුම යුවලක් තමයි මේ... මේ දෙදෙනා ඊයේ ගල්කිස්ස මහ හෝටලයේදී අතිනත ගත්තා... හෙට යන්නත් තියෙනවා මෙයාලගේ දෙවෙනි ගමනට.. (කපුවා නැතුව මොන දෙවෙනි ගමන්ද?.. අනික මාරයා තමයි ඔන්න කේන්දර බැලුවේ....) ඉතින් මම ඊයෙම කථා කරලා සුභ පැතුවා.... මම මේ කියවන ඔබට කියන්නේ... දැන් මේ දෙන්නට මගේ බ්ලොග් එකේ සුභ පතන්න එපා... මේ ලිපිය අවසානේ ඒ බ්ලොග් එකේ ලින්ක් එක දානවා.. එතනට ගිහින් සුභ පතන්න..


අංජා.. නිලූශා...,


උඹලා දෙන්නට සුභ අනාගතයක් වේවා මචන්.. අන්ජාට කියන තියෙන්නෙ අර මම හැමදාමත් කියන කවිය...


සියළු සැප උතුරන....
දරුවන් ගෙදර පොරකන....
බිරිඳ බෙරිහන් දෙන....
දිනය නුඹටත් උදාවෙනු ඇත...


මනාලියගේ බ්ලොග් එකට යන පාර මෙන්න..... සිහින දකින්නියකගේ අඩවිය


චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා දරුවනි... සුභ පැතුම්... නැවත නැවතත්...


ඡායාරූපය මෙතනින්

Thursday, December 22, 2011

ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය... 2

ගිය සැරේ මේ ගැන ලියලා තියෙන පෝස්ට් එක කියවලා නැත්නම් මෙතනට ගිහින් කියවලා එන්න... මම ඒක ලිව්වේ ඇයි කියලා ගොඩාක් දෙනෙක් අහලා තිබ්බා... මාර සීන් එක. මම වත් දන්නේ නැති තරම් ඒක ලිව්වේ ඇයි කියලා.. කියවන ඔබ ඒ කථාව පිළිගන්නෙ නෑ නේද? හික් පිළිගන්න බෑ නේන්නම්..... පිළිගන්න බෑ තමයි....  මම මේ වගේ පෝස්ට් දෙකක් තුනක් ලියලා පුරුදු නෑ.. එකපාර ලඟ ලඟම ඔළුවට පහරවල් දෙකක් වැදුනම මොන මඟුලකට බ්ලොග් ලියනවද කියලා හිතෙනවා.. මම මේක ලියන්න හිතුවේ පුතාගේ කමෙන්ට් එකක් නිසා.. අවසනාවට ඒක මගේ බ්ලොග් එකේ පෙන්නන්නේ නෑ... අයි ටී දැනුම බිංදුවට තියෙන මගේ මොලේට ඒ ඇයි කියලා හිතා ගන්න බෑ.. මෙන්න ඒ කමෙන්ට් එක....


පුතා has left a new comment on your post "ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය....": 


මචං අභියෝ මෙහෙම කමෙන්ට් කරන්ට මට අයිතියක් තියෙනවද කියලා මං දන්නේ නෑ.. ඒත් උඹේ පෝස්ටුව කියෙව්වහම නොදා ඉන්ට බැරි වුනා.. 
උඹ ඔය උඩින් කියල තිවුන හැමදේකටම වගේ මූලික වුනේ උඹ.. එහෙම එකේ අනාවැකියක් විදිහට උඹ මෙතන කියන්නේ උඹේ හිතේ තවත් ඒ වගේ වැඩකට සෙට් වෙන්ට අදහසක් නෑ කියන එක නේද? ඒක උඹේ පුද්ගලික අයිතියක්.. ඒ ගැන මුකුත්ම කියන්ට කාටවත් අයිතියක් නෑ.. හැබැයි උඹට මතකද උඹ ලියපු ටැබූ,කතන්දර පෝස්ට් එකේ කමෙන්ට් එකකදී මාලන් කියල තිවුනා "උඹ ලියන හැම වචනයකටම උඹ වග කියන්ට ඕන" වගේ අදහසක්... 
උඹ ඔය ලිවුව දේ මොකක් හරි කලකිරීමකින් ලියන්ට ඇත්තේ.. හැබැයි ඒකෙන් මෙච්චර කාලයක් උඹත් ඇතුලුව තව බොහෝමයක් දෙනෙක්ගේ උත්සාහයෙන් ගොඩනැගිලා තිවුනු අපේ සයිබර් ජාලයට කොච්චර බලපෑමක් වෙයිද කියලා පොඩ්ඩක් හිතපන්.. අපි හැමෝම පරිපූර්ණ මිනිස්සු නෙවෙයි.. හිතාමතා හරි නොහිතා හරි වැරදි වෙනවා.. හැබැයි ඒ වැරදි හරිගස්සගන්ට තවත් වැරදි කරන එකෙන් වෙන්නේ කවදාවත් හදාගන්ට බැරි විදිහේ මහා වැරැද්දක්.. 





ඇත්ත මචන්... පුතා.. මම ඒ පෝස්ට් එකෙන් අදහස් කලේ නෑ මම ඒ වගේ දෙයක් සංවිධානය කරන්නේ නෑ කියන එක.... ඒත් මම දකින විදිහට ඒකට පෙරමුණ ගන්න කවුරුත් නෑ වගේ..... ඔන්න ඕක තමයි අවුල...


ඒත් මේ පෝස්ට් එකෙන් පස්සේ මගෙන් මේල් වලින් චැට් වලින් මගෙන් කට්ටිය අහනවා ඇයි මෙහෙම එක දැම්මේ කියලා... ඒ ඔක්කොටම කියන්න සුභ ආරන්චියක් තියෙනවා.. ඩාක්ගේ ඔන් ලයින් දිනපොත ලියන නලීන් මල්ලියි අන්සතු දිනපොත ලියන අමිල මල්ලියි මොකක් හරි දෙයක් කරන්න යන බවට ඉඟි පල වුනා.. සමහර විට එහෙම වෙයි..... තව දෙයක් වෙන සලකුණුත් පලවෙලා තියෙනවා... එහෙම දෙයක් වුන දාට මගේ අනාවැකිය වැරදියි කියලා මේකේ ලින්ක් එකක් එක්ක ඔබගෙන් සමාව ගන්න මම අමතක කරන්නේ නෑ.....


ඒ වගේමයි.... එහෙම දෙයක් වෙනවානම් මගේ උපරිම සහයෝගයත් ගිය සැරේ වගේ මගේ පුංචි කම්පැනි එකෙන් අනුග්‍රාහකත්වයකුත් දෙන්න මම ඉදිරිපත් වෙනවා...


හරි එහෙනම් ඊලඟ සයිබර් සිහින උළෙලේදී (පැවැත්තුනොත්) හමුවෙමු... බලාගෙන ඉමු මේ පාර සිහිනය දකින්නෙ කවුද කියලා... දැක්ක පොර වටේ සෙට් වෙලා වැඩේ ගොඩ දාගමු...


ප.ලි. ගිය සැරේ මම දැකපු හීනෙට තව දවස් 15න් හරියටම අවුරුද්දයි.. කියවලා බලන්න ඒක කොච්චර මිහිරිද කියලා අලුතෙන් බ්ලොග් කියවන කට්ටිය.... මෙන්න මෙතනින් පාර..


ප.ප.ලි. මුල් ටික ඊයේ ඩ්‍රාෆ්ට් කලේ... අද ඒක ආයෙත් පුතා දාලා.. කමක් නෑ.. දැන් වෙනස් කරන්න බෑ

Tuesday, December 20, 2011

ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය...

මේ බ්ලොග් අවකාශය තුල මම කරපු කියපු දේවල් ගොඩායි.. ආතල් ගත්ත ඒවටත් වඩා මඩ ගහපු පිස්සු නටපු සැක පහල කරපු දේවල් ගොඩායි... උදාහරණ මඩ කියලා මගේ පෝස්ට් එකක තිබ්බ ගමන් කට්ටිය දන්නවා අසේලයාට දුන්නා තමයි ශොට් එක කියලා... ඊලඟට කට්ටිය බලාපොරොත්තු වෙලා ඉන්නේ අසේල මට පහර එල්ල කරන කල්... 


ඒ වගේමයි දිළුම් වෙනුවෙන් කට්ටිය එකතු වෙච්ච එක.... බ්ලොග් අවකාශයේ කට්ටිය එකා වගේ ඒ වැඩේට උර දුන්නා.. අපි හැමෝම අපේ සහෝදරයෙක්ගේ අපේ දරුවෙක්ගේ වැඩක් වගේ මේ වැඩේට එකතු වුනා.. හැම පැත්තෙන්ම උස්ව නැගුන දල රළ පෙල දිලුම් වෙනුවෙන් සුනාමියක් වුනා... අවාසනාවට අපිට ඒ ඉලක්කයට යන්න බැරි වුනත් දිළුම්ගේ රෝගයට සමාන රෝගයක් තියෙන ජෙරූශා දැරිය සුවය ලැබීම අපිට සතුටු හිතෙන කාරණාවක්...


තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ඒ තමයි සයිබරයේ මහා පික්ෂුව.. සිහින උළෙල.. මගේ කරුමෙට දැක්ක සිහිනේ සැබෑඋනේ හිතුවටත් වඩා හොඳට.... අපි ඔක්කොම එකතු වෙලා නියමෙටම විනෝද වෙච්ච කට්ටිය එදා විසිර ගියේ තවත් ඒ වගේ එකතු වීමක බලාපොරොත්තුවෙන්....


මේ ලඟදි වුනේ මම හිට්ස් බලාගෙන ලියපු පෝස්ට් එක.. මතකනේ අර කතන්දරයි ටැබූයි ඇනොනිමසුයි එක්කෙනෙක්ද කියලා.... ඔන්න මේක නම් මට දැන් ඇත්තටම සැකයක් උනේ මම දාපු කමෙන්ට් එකක් ඇනොනිමොස් ලියන පොර පබ්ලිශ් නොකරපු නිසා....


මෙච්චර වෙලා වටේ පඳුරු වලටනේ තැලුවේ... දැන් තමයි කියන්න හදන්නේ අද මාතෘකාව... ඒ කියන්නේ මේකේ විෂ්මිත අනාවැකිය... පික්ෂු හැඳෙන... ඔන්න එහෙනම් කිව්වා....


මට පේන තරම් දුර අනාගතයේ නැවත බ්ලොග්කරුවන් මුණගස්සලා ආතල් දෙන ඒ වගේ එකක් සංවිධානය වෙන්නේ නැතිවෙයි... 


මේ මට හිතෙන හැටි විතරයි.... සමහර විට එහෙම නොවෙන්න පුළුවන්....   

Monday, December 19, 2011

කාලයක් දෙවිවරු වෙලා හිටපු මේ අයව මතකද?

ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට ගොඩාක් දේවල් අමතක වෙනවා... බ්ලොග් එකේ නම ටිකක් හිනාවෙන්න උනාට හිනා නොවෙන්න සහ සිතිය යුතු බ්ලොග් ලිපි කිහිපයක්ම මම මගේ බ්ලොග් එකේ පල කරලා තියෙනවා.. අද ටිකක් වෙනස් මාතෘකාවක් අරගෙන ලියන්න හිතුවේ මෙය ඔබේ (අදාල අයට විතරයි තොප්පිය ) මනසට නැවතත් සිහි ගැන්විය යුතුයි කියලා මට ලාවට සිතුන නිසා.... පහුගිය දවස් වල මගේ බ්ලොග් එකේ මම ලියපු කවි පලවුනේ නෑනේ.. ඒ නිසා මේ සංසිද්ධිය ගැන 2008 ජනවාරි 25 මගේ අතින් ලියවුණ පද පෙලක් තමයි මම අද පල කරන්න හදන්නේ.....


හීනයක් සේ මැවීයන් සොඳුරේ.. මගේ නෙත් ලඟ....
මල් පොකුරු සේ... පිපීයන් දරුවනේ.. මගේ සිත ලඟ...
බංකරේ ලඟ ඉන්න මොහොතකදී... සිතට එන සොඳුරේ.....
දකින තුරු මගෙ දෙනෙත පියවෙන්නේ... නැහැ මගේ දරුවනේ....


තල්වැටේ මායිමට වී..... අවිය අත තුරුළු වී....
අපේ මව්බිම රකින සිතුවිල්ලෙන්......
බලා ඉන්නා අතරෙදී....
පුංචි ඉඩකට මැවීයන් නෙත් ඉදිරියේ...
මගේ ප්‍රිය සොඳුරේ..... ආදරැති දරුවනේ.....


දරුවෝ ගැන වෙහෙසිලා.... මව්පියන් ගැන බලා....
මගේ දිවියට දිවිය පුද කරලූ...
සොඳුරේ මැවියන් මගේ නෙත් ඉඳිරියේ....
දරු පැටව් සමගින්.... සිනහා වැසි වස්සා.....


කීදෙනෙක් ඒ කාලෙ මෙහෙම කියන්න ඇත්ද? දැන් පවා ඔවුන් උතුර නැගෙනහිර කටයුතු වල යෙදෙන්නේ මාසෙකට සැරයක් ගෙදර එමින්.. ඉතින් ඔවුන් කී දෙනෙකුට මෙහෙම හිතෙනවා ඇත්ද? ඒ කවුරු වෙනුවෙන්ද කියන එක අපි නැවත නැවතත් සිතිය යුතු වෙනවා....


මේ නිසදැස වගේ එක මම ලිව්වේ 2008 අගෝස්තු 11 වෙනිදා... මේ තවත් පැත්තක්....


අන්දර වැට ලඟම තියෙන..
කොට්ටන් ගහ ලඟ බංකුවේ....
ඒ ගහටම පිට දීගෙන....
ගොම්මන් වනතුරු දවසෙම...
ඇස් අයාන බලා ඉන්නේ...
රට වෙනුවෙන් උතුරට ගොස්...
නිර්භීතව නිදි වරාන..
යුධ වදිනා අයියණ්ඩියේ...
නුඹ දකීවි කියන හීනේ...
හැම තිස්සෙම මගේ හිතේ...
උඩ පැන පැන නටන නිසා....
නුඹ එනවැයි කියපු දවස..
පසුවී කාලෙකුත් ගිහින්...
ඒක හිංදා හිතේ දුකට..
මෙහෙම ලිව්වේ පොඩිම නංගි....


තමන්ගේ සමීපතමයා පණපිටින් දකින්න බලාපොරොත්තුවෙන් කී දෙනෙක්නම් මේ වගේ සුසුම් හෙලන්න ඇතිද...


ඔවුන් වෙනුවෙන් දැක්විය යුතු හා පුද කල යුතු ගෞරවය අපි ඊයේ වගේම අදටත් හෙටටත් පුද කල යුතු වෙනවා... "රණවිරු සෙවණ" මෙන්ම "සෙනෙහස" කියන ආයතන දෙක ඔවුන් වෙනුවෙන් පුදුමාකාර සේවයක් කරනවා.. මම නිසා.... අපි නිසා... ඔබ නිසා.. තමන්ගේ ජීවිතය අබාධිත කර ගත්ත ජීවිතය පුද කරදුන්න ඔවුන් ගැන සිතන්නට යලිත් කාලය ඇවිත්.....


ප.ලි. වෙනදා වගේම කියන්නේ.. කමෙන්ට් හරහා පටු චේතනා ඉටු කර ගන්න බලන්නේ නැතුව තමන්ගේ නමින් කමෙන්ට් කරන එක සුදුසුයි කියා යෝජනා කරනවා..

Monday, December 12, 2011

මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබ මේ පිළිබඳවනම් ගොඩාක් අසමත්.....

මට මේ  ලිපිය ලියන්න හිතුනේ මේ දවස්වල බ්ලොග් ලෝකේ යන ලිපි කිහිපයක් දැකලා.. රංගගේ අදේවවාදය, වැප්ගේ සෝම හිමි පිළිබඳ ලිපිය, ඇනොනිමස් ආතල් එකේ පලවුනු සෝම හිමි පිළිබඳ ලිපිය නැවතත් රංග ලියපු නියම සිංහල බෞද්ධයෙක් වන්නේ කෙසේද කියන ලිපි කීපය කියවලා.... ඒ වගේම තමයි මේ ලිපිය ලියන්න කාලෙක ඉඳලා මගේ හිතේ තිබ්බා... මේ ලිපි පෙල එක දිගටම පල වුනාට පස්සේ මට හිතුනා මෙන්න මේ පෝස්ට් එක ලියන්න කාලේ හරි කියලා....


අන්තවාදීන්... මේක සෑම ආගමකටම පොදු දෙයක්... බෞද්ධ හෝ වේවා, හිංදු හෝ වේවා, කතෝලික/ ක්‍රිස්තියානි හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා අන්තවාදීන්නම් මට හිතෙන විදිහට සෑම ආගමකටම පිලිලයක්... ඉතින් මේ පුංචි ශ්‍රී ලංකාව වටේ මේ ආගම් හතරටත් අමතරව තවත් ආගම් විශාල ප්‍රමාණයක අන්තවාදීන් වෙසෙන බව ඔබත් මමත් අනිත් හැමෝමත් දන්නවා.. ඉතින් මේ ලඟදි සහ මම රට වටේ සංචාරය කරන වෙලාවලදි දකින දසුන් තමයි මම මේ ලියන්නේ.. කියවන ඔබ බුද්ධිමත්ව හිතන්න ඕන මම මේ ආගමකට පහර ගැසීම සඳහා නොලියන බව....


මම බෞද්ධයෙක් නොවැ.. ඉතින් බුද්ධාගමට වින කටින්න එනකොට මගේ හිතත් රිදෙනවා... අන්තවාදීන් නිසා දීඝවාපියේ පරිවාර චෛත්‍යයක් ඩෝසර් කරනු ලැබුවා.. ඊලඟට මම දැක්කේ ආරුගම්බේ මුහුදු මහ විහාරයට අන්තවාදීන් විසින් කර ඇති හානිය... මේවා ගැන තවමත් මේ රටේ ඕන තරම් ඇස් ඇරෙන ලංකාවේ රජයේ ඇස්, අදටත් රිලනම් නෑ....


මේ ලඟදි මම ගියා කූරගල.. වැප් නිශාන්ත මල්ලිත් මේ ගැන ලිපියක් දාලා තිබ්බා... බලන්නකෝ මේ පිංතූර ටික පිළිවෙලට..

මේ බෝඩ් එකේ පින්තූරෙන්ම පේනවා අති සබරගමුව පළාත් සභාවේ
සංචාරක අමාත්‍යාංශයේ නිරුවත්භාවය...

මේකෙන් පේන්නේ අන්තවාදීන්ගේ එඩිතරකම (මට හිතෙන හැටී)

මේ තියෙන්නේ පුරා වස්තු විකෘති කිරීම දඩුවම් ලැබිය යුතු බව දන්වලා...

මේ තියෙන්නේ මෙහි ඉදිකිරීම් කඩා බිඳ දැමීම් තහනම් කියලා..

මේක බෞද්ධ ආරමයක අවශේෂ කියලා තමයි මේ තියෙන්නේ..
උඩ තියෙන පුවරු තුනම ගහලා තියෙන්නේ එකම ආයතනයෙන්...
ඒ උනාට ඇතුල් වෙද්දිම ඉදිකරලා තියෙන්නේ මේ..

පුවරුවේ තිබ්බ වගේ බෞද්ධ ආරාමයක නටබුන්

කඳු මුදුනට නැග බැලූ කල කූරගල පුරා දිස්වෙන අනවසර ඉදිකිරීම්

මම හිතන්නේ මේ ඇති කියලයි.. මේ බෞද්ධයින් හට ඉස්ලාම් අන්තවාදීන් (මතක තියා ගන්න... මම මේ කියන්නේ ඉස්ලාම් අන්තවාදීන් ගැන මිස මුස්ලිම් ජාතිකයින් ගැන නෙවෙයි..) විසින් වෙලා තිබෙන හිරිහැරයක තරම... අප රටේ බෞද්ධ අන්තවාදීන් විසිනුත් අන්‍යාගමිකයින් වෙත වෙන මේ හිරිහැර අපි නොදකිනවාට ඔවුන් දකින පුළුවන්.... මේ පිළිබඳ වැඩි විස්තර වැප් නිශාන්ත ලියා ඇති කූරගල සියැසින් දැක ගතිමි කියන ලිපියෙන් බලා ගන්න පුළුවන්...

මට කියන්න ඕන උනේ මේක නෙවෙයි.. අපි කවුද? අතීතයේ මේ රට කාගේ හෝ වේවා.. දැන් මේ රට අපේ.... දැන් උඩ පනින්න යන්න එපා.. මේ මාගේ පෞද්ගලික සිතිවිල්ල. අපේ කියන්නෙද? අපේ කියන්නේ අපේ.... මේ ශ්‍රී ලංකා භූමිතලය මත මේ වෙලාවේ ජීවත් වෙන අපි ඔක්කොගෙම.. ඒ නිසා අපි අනුන්ටත් අනුන් අපිටත් කරදරයක් නොවී ජීවත් වෙනවානම් කොච්චර දෙයක්ද? මට මෙහෙම හිතුණ වාර අනන්තයි.. බ්ලොග් ලෝකය ගත්තත් මමත් අවංක පැට්ට කියලා හදුන්වන මුශ්ඨාක් ෆාරුක් මල්ලිත් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් වෙච්ච ඩිලාන් මල්ලිත් කොච්චර යාළුවෝද? අපි අතරේ මේ ගැටළු තියෙනවද? ඉතින් ආගම් ගැන කිය කියා බෙරිහන් දීම වෙනුවට තමන්ගේ ආගම තමන් අදහගෙන අනෙකාගේ ආගම අනෙකට අදහන්න ඉඩ දීලා බලාගෙන ඉන්න එක නෙවේද හොඳ? ඒත් අපි තමන්ගේ ගොඩ වැඩි කර ගන්න ගිහින් හැමදාම නා ගන්නවා....

මේ තියෙන්නේ මගේ අදහසයි... මනාප නැතිවෙයි, එහෙම නැත්නම් ඡන්ද නැතිවෙයි කියන එකට බයෙන්ද දන්නේ නෑ ගොඩාක් පාලකයෝ මේකට අත ගැහුවෙ නෑ.. අත ගහන පාටක් පේන්නත් නෑ.... ඒත් ඔවුන් මේක විසඳනකන් මේක ඉවරයක් වෙන්නෙත් නෑ.. තවත් චිරාත් කාලයක් යනකන් අපි අනුන්ටත්, අනුන් අපිටත් බෙරිහන් දිදී ඉදීවි....



දැන් ඉතින් කියන්න එපා තොපි වගේ උන් ඉන්නකන් මේ ශාසනේ හැඳෙන්නෙ නෑ යකෝ කිය කිය... මමත් බෞද්ධයෙක් විදිහට ආසයි මගේ ආගම දියුනු වෙනවා දකින්න.... ඒත් අනුන්ව පාගලා නෙමෙයි..


ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමණි, ආගම් ජාති බේදයකින් තොරව සහෝදරත්වයේ හා මිත්‍රත්වයේ බැම්මකින් රට තුල විසීමේ කාලයක් ලබාදෙනු පිණිස මේ ලිපිය ඔබේ අවධානය පිණිසයි....


ප.ලි. හැමදාමත් කියනවා වගේ කමෙන්ට් දානකොට තමන් කවුද කියලත් මිනිසෙකුට කියවිය හැකි වචන පමණක් යොදන ලෙසටත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා... ඔබගේ ගෞරව ඔබ විසින් නඩත්තු කරාවි... 


ප.ප.ලි. මේ ලිපියේ අපි කියන්නේ සිංහල බෞද්ධ අය නෙවෙයි... අපි... මේ ශ්‍රී ලංකා භූමිතලය මත මේ වෙලාවේ ජීවත් වෙන අපි..

Thursday, December 8, 2011

ගෙදරට හොරෙන් ට්‍රිප් ගිහින් චාටර් වෙච්ච කට්ටිය ඉන්නවද?

බ්ලොග් ලියන එක ටිකක් අඩුවෙලා... ඒ ටිකක් කාර්යබහුල නිසා... ඒත් මේක අත අරින්න හිතෙන්නේ නෑ හේතු ගොඩාක් නිසා... පුළුවන් වෙලාවට බ්ලොග් කියවනකොට කථා මතක් වෙනකොට එහෙමම ලියලා දාන්න හිතෙනවා.. මෙන්න මේකත් ඒ වගේ.... බස් රේඩියෝ එකේ කථාබස් වැඩසටහනට මම සහභාගී වෙච්ච වෙලාවේ වැප් මල්ලි ප්‍රශ්ණයක් ඇහුවනේ මෙහෙම...


ඔබ සමහර බ්ලොග් වල කමෙන්ට් කරනවා "අහ් මට කතාවක් මතක් වුනා මේක කියවද්දි.. ඒ කථාව මම මගේ බ්ලොග් එකේ දානවා" කියලා... ඒ ඇත්තටමද එහෙම දාන්නේ.. එහෙම නැත්නම් වෙන දෙයක් බලාපොරොත්තුවෙන්ද?


මෙන්න වැප් මල්ලි උත්තරේ... 


අතීත තොරතුරු, හාස්‍ය රසය, දැනුම වගේම ටිකක් ජුගුප්සාජනක කථාත් මැනැවින් අඩංගු රස සාගරයක් තමයි ඔබ්සවර් අයියගේ බ්ලොග් එක.... ටිකක් ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් නිසා අත්දකීම් වගේම සිහිවටන ප්‍රමාණය ඉතාම වැඩියි.. මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාපු ගමන් මට මේල් එකක් එනවා 'අළුත් පෝස්ට් දැම්මෝ' කියලා.. මෙහෙම මේල් එන්නේ ඔබා අයියගෙනුයි පොඩි කුමාරිහාමිගෙනුයි විතරයි... ඉතින් අද ඔබා අයියා ලියලා තිබ්බේ ටෙලිග්‍රෑම් කථාවක්... ඒක කියපුහාම තමයි මට මෙන්න මේ කථාව මතක් උනේ.... (අම්මෝ ඇති යන්තම්... වටේ ගිහින් ඉවරයි... )



මගේ අප්පච්චි ගැන තිබ්බ කතාවල මම කියලා තියෙනවානේ මගේ අප්පච්චි ඉතාම දැඩි තීරණවල හිටපු ඒකාධිපති පුද්ගලයෙක්.. ඉතින් යාළුවොත් එක්ක ට්‍රිප් යන ඒවා, පිස්සු නටන ඒවා ගෙදරට කියලා කරනවා කියන්නේ තනිකරම නොකෙරෙන වැඩක්... ඒ නිසා මෙච්චරකල් ඔයාලා කියවලා ටිකක් හිනාවුන බොහෝ වැඩ කටයුතු සිද්ධවුනේ ගෙදරට රහසින්... ඉතින් මේ එක අත්දැකීමක් තමයි මම මේ කියන්නේ...


කමල් කියන්නේ දැන් පොලීසියේ ඉහල නිහළධාරියෙක්... මිනිහට ඒ කාලේ ගෑණු ලමයෙක් හිටියා කුරුණෑගල ඉඳලා කිලෝමීටර 40ක් විතර ඈත.. දැන් කෙල්ලගේ ගෙදරින් ට්‍රිප් එකක් ලෑස්ති කලා නුවර එලියේ... දැන් කෙල්ලගේ යාළුවෝ විදිහට තමයි අපි යන්නේ.. දැන් මේ නිධාන කථාව කොහොමද ගෙදරට කියන්නේ.... මෙන්න මෙහෙමයි ට්‍රිප් එක ගියේ.....


ට්‍රිප් එක යන දවසට කලින් දවසේ මම කුරුණෑගලින් මටම ටෙලිග්‍රෑම් එකක් ගැහුවා මෙන්න මෙහෙම කියලා...


අභීත, තාත්තා නැති වුනා.. බැනර් එක ඇදගන්න එකෙක් නෑ.. පුළුවන්නම් ඉක්මනට වරෙන්.. වසන්ත.


එදා ක්ලාස් ඉවර වෙලා ගෙදර යද්දි ටිකක් චකිතෙන් ගියේ... අප්පච්චි ඉන්නවා හාන්සි පුටුවේ... මම ගෙදරට ඇතුල් වෙද්දිම මගෙන් මෙහෙම ඇහුවා... 


කවුද වසන්ත කියන්නේ.....


යි.. මගේ යාළුවෙක්....


කොහෙ එක්කෙනෙක්ද?


නිකවැව.. ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකේ.. අර දවසක් මෙහෙ ආවේ....


මිනිහගේ තාත්තා අසනීපෙන්ද හිටියේ....


ඔව්... මේ ටිකේ ක්ලාස් ආවෙත් නෑ.. දැන් මාස දෙකක විතර ඉඳලා අසනීපෙන්ද කොහෙද හිටියේ... ඇයි අප්පච්චි?


ටෙලිග්‍රෑම් එකක් එවලා තාත්තා නැතිවෙලා කියලා.. බැනර් එක ඇදගන්න ඕන කියලා එන්න කියලා තිබ්බේ... දැන් යනවද?


අයියෝ.. නැතිවෙලාද? දැන්නම් යන්න බෑ.. බස් එහෙමත් නැතුව ඇති... හෙට උදේම යනවා... අප්පච්චිත් එනවද? (මම දන්නවනේ ජීවිතේට එන්නේ නෑ කියලා එච්චර දුරක් යන්න.)


නෑ.. මම එන්නේ නෑ... පරිස්සමින් ගිහින් එනවා.... 


හා... 


අම්මෝ.. කාමරේට යනකන් සීරුවෙන් ගිහින් තමයි ප්‍රෙශර් එක නිදහස් කලේ.. ඇන්දේ ඉඳගෙන හයියෙන් හුස්ම ගත්තා මතකයි විනාඩි පහක් විතර.. දැන් පළවෙනි පිම්ම සාර්ථකයි... හෙට යන්න තමයි දැන් තියෙන්නේ...


ඔන්න දැන් ට්‍රිප් එක ගියා... දවස් දෙකක්ම ඉඳලා කමල්ගේ ගෑණු ලමයයි තව එයාගේ යාළුවොයි අපියි ඔක්කොම දවස් දෙකක් තිස්සේ නුවර එලියේ, ලෝකාන්තයෙ ගිහින් තමයි ආවේ.... ගෑනු ලමයගේ පවුලේ අයත් ගිය නිසා ට්‍රිප් එක පාඩුවේ ගිහින් ආවා.....


ගෙදරට ආවාම අප්පච්චියි මමයි අතරේ ඇති වුණ දෙබස තමයි මේ...


ඊයේ නේද එනවා කිව්වේ.....


ඔව් අප්පච්චි.. එන්න පිටත් වෙද්දි ටිකක් රෑ වුනා.. ඊට පස්සේ අදම ආවා..


ඕකනේ තමුසෙට කොහෙවත් යන්න දෙන්න බැරි....


ඒ වුනාට පරිස්සමින් එනවනේ....


හ්ම්...


සියල්ල සතුටින් නිමා වුනා.....


මාස පහ හයකට පස්සේ මම කොහෙ හරි ගිහින් ගෙදර යද්දි අප්පච්චි කථා කලා....


කසුන් මෙහෙ එනවා.. (මට කසුන් කීම ගැන මම කලින් කියලා තියෙනවනේ..)


ඇයි අප්පච්චි....?


අර කාගෙද මල ගෙදරක ගියේ නිකවැව.. කවුද ඒ යාළුවා.....?


වසන්තනේ.... (මොන මඟුලක් වෙලාදැයි සිතමින්..)


ආ... මිනිහා තමයි.. මෙන්න උගේ මැරිච්ච තාත්තා උඹට ලියුමක් එවලා....


ඈ................?


මම ගැහෙන හදින් ගත්තා ලියුම...


ආදරණීය අභීත මල්ලී වෙත,


එදා කොහොමද නුවර එලියේ ගමන කොහොමද? ඔයාලා හිටපු නිසා අපි පරිස්සමින් ගිහින් ආවා.. ගෙදර අයනම් ඔයාලාව නිතරම මතක් කරනවා.. බ්ලා බ්ලා බ්ලා...


ආයෙත් බ්ලා බ්ලා බ්ලා.... අපි ආයෙත් ඉක්මනටම ඒ වගේ ට්‍රිප් එකක් යමු මල්ලී....


මීට 


කල්පනා.. (නිසංසලාගේ අක්කා)


කිරි අප්පට බල්ලො පැනපි.... කෙලලා තියෙන්නේ තාප්පෙටම... මම ලියුමත් අරගෙන හෙමීට ගෙදර පැත්තට හැරුනා....


කොහෙ යන්නද? මෙහෙ එනවා.....


මම ඉන්නවා දැන් නයා මැරිච්ච අහිකුන්ඨිකයා වගේ....


මීට පස්සේ කිසිම තැනක ට්‍රිප් යෑම, කිසිම යාලුවෙක්ගේ මල ගෙදරක යෑම තහනම්...


වීසා දෙකම කැන්සල්.... කොහොමත් ඊට මාස දෙකකට පස්සේ කොළඹ එන්න වුන නිසා ඒ තහනම ලොකුවට බලපෑවේ නෑ....  


ප.ලි. මගේ පොඩි මෑන් ලොකු වෙලා මේක කියවයිද? ඒ කාලෙට මේක ඩිලීට් කරන්න ඕන....  

Friday, December 2, 2011

කට්ටා සහ තවත් කථා.....

ගොඩාක් කාලෙකින් කාටවත් මඩ ගහපු නැති එකේ අද අරගෙන ආවා පොඩි මඩ පෝස්ට් එකක්... කට්ටා කියන්නේ අපේ බාලදක්ෂ කණ්ඩායමේ හොඳ බරක් අදින්න පුලුවන් වෙලා හිටපු පොඩි එකෙක්... උගේ නම කට්ටා වගේම වැඩත් කට්ටා...  කට්ටා උනේ වාසගම කෙටි කරලා... ලංකාවේ බාලදක්ෂ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව හිටපු අයනම් කට්ටා කියන නමින්ම මෙයාව අදුරනවා... හිටපු ගමන් කරන චේන් වැඩ, සිතියම් අධ්‍යයනය හා ගැට වර්ග ගැන තිබුනු හසල දැනුම වගේම කැලේකට ඇතුළු වෙලාවේ ඉඳන් එයින් පිට වනතුරු ඔහු ඒ පිළිබඳව දක්වන දක්ශතාවයන් නිසා කට්ටා මේ ක්ශේස්ත්‍රයේ ඉතා ජනප්‍රිය චරිතයක්.....


මිනිහගේ තිබ්බ එකම වැරැද්ද තමයි හිටපු ගමන් චේන් පනින එක... ඒ වගේම වහා ගිනි ඇවිලෙන සුළුයි... වලියක් කොතනද? පොර එතැන...  ඒත් සමහර විට අහන ප්‍රශ්ණ හින්දා හිනාවෙලා පණ යනවා... ඊයේ මිනිහා අපේ ඔෆිස් එකට ආවා.. ඉතින් ඊයේ දවසට වෙච්ච සිදුවීම් දෙකක් සහ තවත් එක සිදුවීමක් කියන්නම්....


මම කාර් රෙන්ට් කරන එක කරන නිසා එක එක ජාතියේ වාහන පදවන්න අවස්ථාව හම්බෙනවා. ඊයේ සහ මේ දවස් ටිකේ මම ලඟ තියෙන්නේ ටොයොටා විගෝ ජාතියේ කැබ් රථයක්.. මම මිනිහාව මේකට දාගත්තට පස්සේ දැන් පොරට ප්‍රශ්ණේ.. අන්තිමේට මෙහෙම ඇහුවා...


අභීත අයියා දැන් කාර් ජාති ගොඩාක් එලවලා තියෙනවා නේද?


ඔව් මල්ලි...


තව මොකක්ද එලවලා නැත්තේ....


දැන් නම් ගොඩාක් වගේ එලවාලා තියෙනවා... ජගුවර් එකක් හරි ලිමොසීන් එකක් හරි පෝශේ එකක් හරි තමයි එලවන්න ආස දැන්....


අම්මට සිරි.. ජගුවර් කියන්නේ අර කොටියා ඉස්සරහට දුවන එක නේද?


මේක ඇහුනා සෝරෝට.....


යකෝ කොටියෝ දුවන එක කොහොමද ජගුවර් වෙන්නේ.. ජගුවර් කියන්නේ ජගුවර් ඉස්සරහා ඉන්න කාර් එක.. කොටියෝ දුවනවානම් ඒකට ටයිගර් කියනවානේ.....


ඒ කථාව එතනින් ඉවර වුනා......



ඊලඟට අපි පිවිසුනේ අධිවේගී මාර්ගයට.... ඒ ගමනේ විස්තරේ රන්දිම මල්ලි දාලා තිබ්බනේ.... ඉතින් මෙහෙම යද්දි කට්ටා තමන්ගේ හඬ අවදි කලා ආයෙත්.....


මචන්, මේ පාරේ පයින් යන උන්ට පට්ට රිස්ක් එකක්නේ තියෙන්නේ.. මේ යන වේගෙට වැදුනොත් එහෙම මුන් මැරෙයිනේ....


කවුද බන් පයින් යන්නේ... මේකේ පයින් යන්න තහනම් බන්......


එහෙනම් මේ ලේන් එකක් තියෙන්නේ පයින් යන උන්ට....


යකෝ ඒ පයින් යන උන්ට නෙවෙයි... මොකක් හරි බ්‍රේක්ඩව්න් එකක් උනොත් වාහනේ එතනට දාගන්න ඒක තියෙන්නේ....


අහ්.. එහෙමද? කවුද දන්නේ.....? 



ගිය සතියට ඉස්සෙල්ලා සතියේ අපේ බාලදක්ෂ ප්‍රජාව හිටියේ දකුණු පළාතේ.... ඉතින් අපි ඔහොම ගියාම ඒ පැත්තේ ඉන්න සහෝදර සහෝදරියන්ගේ ගෙවල්වල යනවා.. ඔවුනුත් අපිට ආරාධනා කරනවා කෑමට ඒ වගේම තේ පැන් සංග්‍රහ වලට වගේ.. කොහොමහරි තුන්වේලම තැන් තැන් වලින් කාලා අපේ උන් එක තැනකට ඇවිත් නිදා ගන්නවා.. ගොඩාක් වෙලාවට ඒක හිස් ගෙයක්.. ඒක සෙට් කරන්නේ ඒ පැත්තේ ඉන්න අපේ සහෘදයෙක්.. එතකොට කෑම බීම නවාතැන් ඔක්කොම නොමිලේ... ඉතින් ඔන්න ගිය සතියේ අපේ කට්ටිය ඔය වගේ ගෑණු ළමයෙක්ගේ ගෙදරට ගියා හවස තේ පැන් සංග්‍රහයට... ඒ අතරේ යන සංවාදය මෙන්න මෙහෙමයි....


ඉතින් කොහොමද අයියේ..... උදේමද ඔයාලා ගාල්ලට ආවේ....


ඔව් නංගි, අපි ඔක්කොම එකට ආවේ....


කෝ අභීත අයියලා එහෙම ආවේ නැද්ද? 


එයාලා මග එනවා නන්ගි.. ජීවන්ත අයියලාත් එනවා අභීත අයියලා එක්ක..


අහ් එහෙමද? කට්ටා අයියාත් කෝල් කලා උදේ....


අහ් එහෙමද? මොකද කිව්වේ....


අද රෑ නවතින්න තැනක් නෑ කියලා මෙහෙ එනවා කිව්වා...


නෑ.. ඉතින් ඔයා මොකද කිව්වේ...


ඉතින් අයියේ අපේ ගෙදර කොල්ලෙක්ට නවතින්න පුලුවනෑ.. මම ශේප් කරලා දැම්මා.....


මේ ටික ඊට පස්සේ දවසේ අපේ උන්ට හොඳම මාතෘකාවක් උනා..... දැන් කට්ටව දැක්කම අපේ උන් ඕක මතක් කරලා හිනාවෙන්න අමතක කරන්නේ නෑ... පස්සේ මම කට්ටගෙන් ඇහුවා මොකද බන් මෙහෙම කලේ කියලා...


නෑ අභීත අයියා.. මම එහෙ යන්න ප්ලෑන් කලේ මුන්ට හොරෙන්.. මුන් මට කලින් එහෙ ගිහින්නේ.. මොනවා කරන්නද ඉතින්....


මිනිහගේ කතා ලියනවානම් ඉතින් සීරීස් එකක්ම ලියන්න වෙනවා.....