Meemure Jungle Resort

Tuesday, February 21, 2012

කොල්ලෙක්ගේ තනපට කඩා වැටුනොත් කුමක් වෙයිද?


මේ සිද්ධිය මතක් වුනේ මගේ බ්ලොග් එකම ආයෙත් කියව කියවා ඉද්දී... මතකනේ පංසලේ තිබ්බ වෙන්දේසිය... මේ සිද්ධියෙන් පස්සේ ආයෙත් පංසලේ වෙන්දේසි තියන්න උනේ නෑ කාලයක් යනකම්.. ඒ නිසා ගමේ පොදු වැඩ සඳහා අරමුදල් රැස් කරන්න තිබ්බ සියළු සල්පිල් වෙන්දේසි අරවා මේවා ඔක්කෝම තිබ්බේ ගමේ ඉස්කෝලේ පිට්ටනියේ.. පොල් තොරන් අරවා මේවාත් එක්ක සැරටම යන වෙන්දේසියේ අළුත්ම අංගය වුනේ ඈත ගමක නාට්ටි කණ්ඩායමක් ගෙනල්ලා නාට්ටි පෙන්නන එක.. මට දැන් මතක නෑ මේවාගේ නම්...ඒත් අල්ලපු ගමේ එකා වෙච්ච අපේ ඕනමැන්ටල් කොලුවා යටින් කමෙන්ට් එකක් දායි ඔය ගැන කියලා....


අහ්.. කථාව... ඉතින් එක්තරා සල්පිලක් දව උදා වුනා.. පොල් තොරන වෙන්දේසිය තමයි මුලින්ම තියෙන්නේ... මොකද මල්වට්ටි නෑනේ ඉස්කෝල පිට්ටනියේ.. පොල් තොරන කියන්නෙද? අපේ ගම කුරුණෑගල  ශ්‍රිත නිසා ගමේ හැමෝගේම වත්තේ එක පොල් ගහක් හරි තියෙනවා.. ඉතින් මේ හැමෝම ස්වේච්ඡාවෙන් දෙන පොල්ගෙඩි කීපය එකතු කරලා පොල් වලින් ගහනවා විශාල තොරනක් වගේ එකක්.... ඒකේ පොල් ගෙඩි 2000කට වැඩි උනත් අඩු වෙන්නේ නෑ... ඉතින් ගමේ මුදලාලිලා මේ පොල් තොරන මිලට ගන්න දඟ දානවා.. ඒ අතරේ අනිත් මිනිස්සුත් ලංසුව උස්සලා තමන්ට අයිති කරගන්න බලනවා... ඒ අයිති කරගත්තත් අන්තිමට දෙන්න වෙන්නෙ අර පොල් මුදලාලිටම තමයි....


ආයෙත් කතාව පිට... ඉතින් මේ පොල් තොරණ වෙන්දේසියේ උච්ඡතම අවස්ථාව වෙද්දි සංවිධායකයෝ වේන්දේසිය මඳකට අත් හිටවනවා.... හරියට අර රියැලිටි ශෝවල "මේ විරාමයෙන් පසුවයි" කියලා කියනවා වගේ... එතනින් පස්සේ තමයි අර නාට්ටි කණ්ඩායම එලියට එන්නේ....


"රුගද් තාං" වගේ බෙර සද්දයි මීයෝ කාපු වගේ රවිකිඥ්ඥ සද්දෙයි එක්ක තමයි මේ නාට්ටිය පටන් ගන්නේ.. ටීටරුත් නොවූ, නාට්ටිත් නොවූ අමුතු තාලේ කතා රැගත් මේ නාට්ටි පෙන්නනකොට අපිට චූන් වෙච්ච හැටි තාම මතකයි.... නිළියෝ සබයට එද්දි කොල්ලෝ දෙන විසිල් පාර ගම දෙවනත් කරනවා.... සටන් ජවනිකා යද්දි "ඕකට ගැහු ගැහු" කිය කිය හුරේ දාන උන්ව දැන් මතක් වෙද්දි හිනාත් යනවා.. පෙම් කතාව දුක්බර අවසානයකින් ඉවර වෙද්දි ගමේ ආච්චි අම්මලාගේ ඉදන් පොඩි කෙල්ලෝ වෙනකම්ම ඔක්කොම දෙනා හොටු හූර හූර අඳිනවා උඩට දුකේ බැරුව...


ඊට පස්සෙ නාට්ටිය ඉවර වුනාම ආයේ පුරුදු පරිදි සල්පිල යනවා... දැන් දවසක් මේ නාට්ටි පෙන්නනවා... නිලියක් ආවා සිංදුවකට නටාගෙන.... ආයේ කියලා වැඩක් නෑ.. සුපිරි එකේ හොඳම එක.. ඇඳලා හිටියේ හැට්ටෙයි චීත්තෙයි ටිකක් බුරිය එහෙම පේන විදිහට.... ආයේ ඉතින් නටාගෙන එනකොට කොල්ලන්ගේ චියර් එක මුහුද ගොඩ ගලන්නා වගේ.... ඉතින් මෙහෙම නටාගෙන ඇවිල්ලා සිංදුව ඉවර වෙද්දිම, අර අපි දුන්න නමනවා කියලා ශරීරය පස්සට නමන්නේ.. එහෙම නැමෙන්න ගත්ත විතරයි "ජරස්" ගාලා සද්දයක් ආවා...


හයියෝ සල්ලි... කෙල්ලගේ හැට්ටේ හරි මැදින් දෙකට පැලිලා.... හැට්ටේ අස්සෙන් පොදි දෙකක් බිමට වැටුනා.. ඔක්කොගෙම විසිල් නැවතුනා... මීයට පිම්බා වගේ නිශ්ශබ්ද උනා... ඔක්කොම බැලුවේ කෙල්ලගේ හැට්ටේ අස්සෙන් වැටුනේ මොකක්ද කියලා... මේ තියෙන්නේ රෙදි පොට්ටනි දෙකක්ම බිම.... මේ වෙලාව වෙද්දිත් ප්‍රේක්ෂකයෝ තුෂ්නිම්භූතයි... ඉක්මනටම කට ඇරුනෙ වසන්ත මාමගේ... ඒ මෙන්න මෙහෙම...


"නෙද්දකින් විතරක්.. මේකි කොල්ලෙක්නේ යකෝ....."


මීයට පිම්බා වගේ නිශ්බ්ද වෙලා තිබ්බ පිට්ටනිය අන්තිම කෙලවරටත් ඒක ඇහුනේ ශබ්ද විකාශන යන්ත්‍රයකින් කිව්ව වගේ.... වික්ශිප්ත වෙලා වැහිලා තිබ්බ කටවල් හූ හඩින් පිරිලා ඉතිරිලා ගියා.. නිලි කොල්ල වේදිකාවේ පස්සටත් වසන්ත මාමා ගෙදරටත් දිව්වේ විදුලි වේගෙන්.. වෙන්දේසිය පටන් ගන්න හූ හඬ නවතිනකන් සෑහෙන්න වෙලා ඉවසන්න වුනා සංවිධායක මණ්ඩලේට....


එදායින් පස්සේ වසන්ත මාමා පාරේ යද්දි කොල්ලො කියන්නෙ මෙච්චරයි...


නෙද්දක්..............


කියන්න වෙන්නේ මෙච්චරයි. ඉතිරි ටික තියෙන හොඳම හරුපෙන් කියන්නේ වසන්ත මාමමයි.....




ප.ලි. අපේ පොඩි උන් හොඳ වැඩක් කරලා එහි අවසන් පියවරට ඇවිත් තියෙනවා.. ඔයාලගෙ පුංචි සහයෝගයක් ලැබුනොත් මේ වැඩේ නියමිත දවසට ඉවරයක් කරගෙන සාර්තකත්වයක් දකින්න පුළුවන් වේවි.. මෙතනින් යන්න.... 

Friday, February 17, 2012

තව කුමකටද රටකට මේ මහ පුටුකම්....



පැට්‍රල්, භූමි තෙල්, ඩීසල් ගසන්නේ.....
මහජනයා නෙවෙද මහතුනි කියන්නේ....
ඒවා අහස වෙත යන විට බොලන්නේ.....
බිම අපි ඇට උලා කන්නද කියන්නේ......

ලෝකයේ ලොකුම වනචර තිරිසනුන් කැල....
වනසපු ලක්බිමේ මේ රණවිරුවො කැල...
ධීවර සහෝදරයෙක් වෙත පත්තු කල....
උණ්ඩය කෙරෙහි මොන අනුකම්පාවක්ද බොල.....

දෙදරු පියතුමෙක් ඇත උඩුකුරුව නිදා.....
ඔහුගේ ඔලුවේ පසුපස ඇත සිදුර විදා.....
ඉන්ධන ගැලුම් ගත්තත් සයුරම පරදා......
එය වටිනවද මිනිසත් දිවියක් පරදා.....

තෙල් මිල පාලනය කරනටවත් බැරිනම්......
බස් සල්ලියත් ගැමුනුට ඕනෑ හැටිනම්......
විදුලිය බිලත් වැඩිවෙනු නවතනු බැරිනම්....
තව කුමකටද රටකට මේ මහ පුටුකම්.... 


මිහිඳු මැතිතුමනි පුර සාරම් දොඩන.....
අපගේ මනාපෙත් ඔබ වෙතටයි දුන්න......
අනිත් පැත්තෙ උන් පුක පෙන්නනා කල......
සිහිකල යුත්තේ කාවද පවසනු මැනව...


අපි මෙහේ ඉඳන් කර කුට්ටන් වී යද්දේන්.....
ආශ්චර්ය අපෙ කර මත පැටවෙද්දෙන්.....
තියෙන සියළු බර අපගෙන් අය වෙද්දෙන්...
මැතිඳුනි ඔබ සදාකල් මෙහි වැජඹිද්දෙන්....



මොහු මිය ගියා වැසියට අමතක වේවී....
වැඩි සද්දයක් දැම්මොත් උස්සමු පේවී....
අපි මේ නරාවල තුල සිට ගූ කාවී.....
රජිඳුණි සදාකල් ඔබ මෙහි වැජඹේවී.....

ඇනෝනිමස් ආතල් එකට ලියූ කමෙන්ට් එක ලිපියක් ලෙස පල කෙරුවෙමි.. හිතේ දුක තිබෙන්නේ අපේ ඡන්දය අයාලේ යන නිසාය.... මිනිස් ජීවිතයකට වඩා වැඩි වටිනාකමක් තිබෙන තවත් යමක් ඇත්ද? මොහුගේ මිය යාමෙන් රටටවත් මහජනතාවටවත් පලක් ඇතිද සරුසාර හෙටකට.....?


ජීවිත හානි අවසන් එක මෙය වේවා....
පව්කරුවන්ට කවදා හෝ පල දේවා.....
මිනිසුන් සැවොම එක් පිලකට පැමිණේවා.....
මගෙ රට දිනු දැයක් වී මතු වැජඹේවා..... 

Wednesday, February 15, 2012

කෙල්ලන්ව/ කාන්තාවන්ව ආශ්‍රය කරන්නේ කෙසේද? හික්..


මේ ප්‍රශ්ණය මගේ පුංචි කාලයේ ඉඳලම හිතට වද දුන්න ප්‍රශ්ණයක්.... මේ ප්‍රශ්ණෙට උත්තරයක් හොයා ගත්ත කවුරුත් මෙය කියවන පාඨකයින් අතර ඉඳියි කියලා මටනම් හිතෙන්නෙත් නෑ.. හය හතර නොතේරෙන පොඩි එකා සංදියේත්, ගෙදරට ස්ත්‍රී පාර්ශ්වයක් ආපුහාම දුවලා ගිහින් හැංගෙන පුරුද්දක් මට තිබ්බා කියලා තමයි තතු දන්න වැඩිහිටියෝ කියන්නේ.. ඔවුන් කියන්නේ මම ඒ කාලෙත් ගෑණුන්ට බයයි කියලා.. ඒත් මට හිතෙන්නේ ඒ කාලෙත් මට ඔවුන්ව තේරුම් ගන්න බැරි නිසා මම හැංගෙන්න ඇති කියලයි... මට ඉන්නෙත් අක්කලාම තුන් දෙනෙක් නොවැ.. හප්පේ උන්ට නම් මම තවම බයයි... :D :D


ඊට පස්සේ 1 වසරේ ඉඳලා 13 වසරට යනකන්ම ගියේ පිරිමි ලමයි විතරක් යන පාසලකටනේ.. ඒ කියන්නේ කුරුණෑගල මලියදේව විද්‍යාලයටනේ... කෙල්ලෙක් කිව්වොත් ඔන්න මැජික්.. 7, 8, 9 වසර වලදි අම්මෝ කෙල්ලෙක් කිව්වොත් ඉතින් ඊට එහා දෙයක් නෑ... කෑම්ප් වලට එහෙම ගිහින් ඒවගේ ඉන්න බාලදක්ෂිකාවන් ගාවින් හෙල්ලෙන්නෙ නෑ ඉතින්.. පැණි ගඟයි... ඒත් 11,12 වසර වලට එද්දි කෙල්ලො එච්චර මැජික් උනේ නෑ.... ඒත් වානිජ දිනය, සිංහල සාහිත්‍ය දින අරවට මේවට සහභාගි වෙන්න ගෑණු ලමයි ආපුහාම මේන් හෝල් එක වටේ ගැවසෙන එකනම් පුරුද්දක් විදිහටම තිබුනා... හැබැයි මේ කාලේ මගේ තිබ්බ නරකම පුරුද්දක් තමයි කෙල්ලෙක් කිව්වොත් ඉතින් ඕන දෙයක් කරන එක... ක්ලාස් වල කෙල්ලො මාව රවට්ටගෙන ලොකු අයියලාගේ විස්තර එහෙම අහගත්තා මට අද වගේ මතකයි... උසස් පෙළ කරලා, බාලදක්ශවල ජේෂ්ඨයෝ වෙලා, ශිෂ්‍ය නායකයෝ වෙලා පාසලේ පොඩ්ඩක් විතර කැපී පෙනෙන චරිත උනාට පස්සෙනම් කෙල්ලො නිකන් ටොයිස් උනා... යන හැමතැනම ගෑණු ලමයින්ගේ අවධානය දිනා ගන්න වෙනදට වඩා පුළුවන් වෙනකොට අපි හිතාගෙන හිටියේ අපි පොරවල් කියලා... දැන් මතක් වෙනකොට හිනාත් යනවා අප්පා... 


කොහොම හරි මේ කාලෙදි තමයි මගේ මුල්ම ප්‍රේම සම්භන්ධය ඇති වුනේ... අප්පා.. ඒ කාලේ ලව් එකක් කියපුහාම කොච්චර බයානකද? ඒ ගැන අපිට වඩ පරන අයත් පහලින් කමෙන්ට් කරයි.. නිකන් වහ බෝතලයක් දිවේ තියාගෙන වගේ... සයනයිඩ් කරලක් බෙල්ලෙ එල්ලාගෙන වගේ... හැබැයි දැන් වගේ එළිපිට ලව් නොකර හැංගිලා ලව් කරන එකේ තියෙන්නේ වචනයෙන් කිව නොහැකි තරම් වෙච්ච සුපිරි ආතල් එකක්.. ප්‍රේම සම්භන්ධ කීපයක්ම තිබුනත් මට සුදුසුම හා ගැලපෙනම බිරිඳ හොයලා දෙන්න තරම් දෛවය මට කාරුණික වුනා... 


මේ කාලයේම අපේ ජ්‍යේෂ්ඨයෝ අපේ ඔලුවට කවපු එක දෙයක් තිබ්බා... ඒ කෙල්ලෝ කියන්නේ මේ ලෝකයේ ජීවත් වෙන තවත් එක ජන කොට්ඨාශයක් විතරයි කියන එක.. ඒ වගේම වැදගත් න්‍යායක් කියලා දුන්නා.. කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලොත් එක්ක ගහ ගන්න යන්න එපා.. දෙමවුපියන්ට කරදර කරන්න එපා.... කියලා.  හැම කෙල්ලම එහෙම නොවුනත් හුඟක් කෙල්ලො එහෙමයි කියලා තමයි ඔවුන් කිව්වේ.. ජීවිතේ ටික ටික වයසට යද්දි මේ කතාවේ සත්‍යය කොච්චරද, අසත්‍යය කොච්චරද කියන එකත් අපේ මොලෙට වැටහුනා... අපි ඇතුලේ තියෙන සමහර රහසිගත දේවල් එලියට ගියාම ඔවුන් කිව්වේ 


" නිකම් බඩු වලට ## දෙන්න යන්න එපා යකෝ..."  


ඒවා මතක් වෙද්දි තාවම හිනා යනවා.. අනතුරුව වෘත්තීය පුහුනු වලදීත්, රැකියාවේදීත්, අහ්.. මේ බ්ලොග් අවකාශයේදීත් කාන්තාවන්ව හමු වුනා... දැන් නම් අවබෝධයෙන් ඉන්න නිසා ගැටළු අඩුයි.. ඒ වගේ මම වර්තමානයේ කරන ඉවෙන්ට් මැනේජ්මන්ට් (Event Management) වලදි තමයි කාන්තාවන් ගැන අධ්‍යයනය කරන්නට හැකි විවිධ විවිධ කාන්තා චරිත හමු වෙන්නේ.....



"සෑම සාර්ථක පිරිමියෙක් පසු පසම ගැහැණියක් ඇත" කියලාත් කථාවක් තියෙනවනේ.... අන්න ඒක මටනම් ඇත්ත... ඒත් සමහරුන්ට ඕක වහ කඳුරු වගේ වෙන්නත් පුළුවන්.. හරියට ජ්‍යෝතිශය වගේ.... සමහර අය පිලිගන්නවා.. සමහරු පිලි ගන්නේ නෑ... සමහර පිරිමින්ට කසාද බිරිඳ ඇණයක් වෙද්දි සමහර පිරිමින්ට ඇය ඉෂ්ඨ දේවතාවියක් වෙනවා... මේවා වෙන්නේ ඇයි කියන්න අතීතයේදීත් වර්තමනයේදීත් හරියටම කියුවේ නෑ වගේම අනාගතයේදීත් කියන්න පුළුවන් ජගතෙක් නැති වෙයි...


දැන් මම ලිපිය අවසන් කරන්න විදිහක් නැතුව ඉන්නේ.. අර ඉහලින් දුන්න අවවාද මතකනේ කියවන අයට.. කෙල්ලෙක් නිසා කොල්ලෙක් තරහ කර ගන්නවත් දෙමවුපියෝ තරහ කරගන්නවත් යන්න එපා... මට හිතෙන්නේ ඒ කතාවේ යම් ඇත්තක් තියෙනව කියලා... ඒත් කියවන සමහර අයටනම් ඉතා දැඩිව කියන්න තියෙන්නේ දෙවෙනි අවවාදේ.. මෙන්න තියෙනවා ඒකට කෑල්ලකුත් එකතු කරලම...


නිකම් බඩු වලට ## දෙන්න යන්න එපා බන්..... :D. දීලා හිතවතුන් අතරේ චාටර් වෙන්නත් එපා බන්....

Monday, February 13, 2012

තමන්ගේ බ්ලොග් එකෙන් වෙන උන්ට කෙලීම... කවුද මේ රංග....?

මේ දවස් වල මේක ජයට යන නිසා මේ ගැන ලිපියක් දාන්නමයි හිතුනේ... මගේ බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉඳන් ගියේ මඩ හා සම්භන්ධ දේවල් නිසා නිතරම මගේ යහළුවෙකුට මඩ පාරක් වදින එක සාමාන්‍ය දෙයක් උනා.. බෝඩිමේ කථාවල පොඩ්ඩා, බාලදක්ෂ කථාවල උපුල්, වගේ භාහිර ලෝකයේ චරිතත්, බොන කථා වල මගේ ලෝකයේ රංගත්, වෙනත් බ්ලොග් ලෝකයේ චන්ඩි කිහිපදෙනෙකුත් එකවර ඉලක්ක වුන බ්ලොග් පෝස්ට් කිහිපයකුත් මගේ බ්ලොග් එකේ අනන්තවත් සටහන් වෙලා තියෙනවා... 


ඒ වගේමයි මාව ඉලක්ක වුන බ්ලොග් පෝස්ට් ගමකට තියෙනවා.. ඒ අතරින් ගොඩාක් පෝස්ට් තිබ්බේ මගේ ලෝකය බ්ලොග් එකේ කියලා තමයි මට මතක.. ඒ වගේම මේ ලඟකදි සූස්ති ගුනේ කියලා එක්කෙනෙක් දීලා තිබ්බා අසේලට ඇඩ්‍රස් නැති වෙන්න... මෙහෙම මඩ ගහ ගහ යන ලෝකේ මම අද උදෙ තමයි මරුම කථාව දැක්කේ.. ඒ ගැන කියන්න කලින් තවත් කාරණා කීපයක් තියෙනවා කියන්න....


ඇනොනිමස් ඔරිජිනල් සයිට් එකේ පැවැත්ම තියෙන්නෙත් අනිත් බ්ලොග්කරුවන්ගේ උර මත.. ඒ අතරින් මාරයා හා කතන්දර විශෙශයි... ඇනෝ පෝස්ට් කීපකටෙම මාරයා වස්තු බීජ උනා වගෙම කතන්දරගේ බ්ලොග් එකට පට්ට පබ්ලිසිටියක් දීමටද ඇනොනිමසයා වග බලා ගන්නවා....


ඒ වගේමයි පහු ගිය මාසේ දවසක අනුන්ට කෙලින්න ගිහින් ඒක වලියක් වෙලා බ්ලොග් වහලා අරවා මේවා වෙලා වෙච්ච දේවල් එක්ක බලපුහාම හිතෙන්නේ මොකට කෙලියද කියලා.... තව පොඩ්ඩෙන් අම්මා තාත්තා බිරිඳලා දරුවො පවා ගෑවෙනවා.. ඒකත් ඉතින් එක සංසිද්ධියක්නේ කියලා වැඩේ ඉවර වුනා....


දැන් තමයි මේ ගැන කියන්න තියෙන මරුම කතාව කියන්න වෙන්නේ.. ලඟදි ඉඳන් සමාජයේ කළු පැතිකඩවල් ගැන කථා කරන බ්ලොග් කිහිපයක් බිහි වුනා.. වෛශ්‍යාවක් නොවේ, රමීශා ලියන මගේ ජොයින්ට් එක, ඒත් එක්කම අලුතින්ම එකතු වෙච්ච එක තමයි නිරුවතින් ඇවිද යමු කියන බ්ලොග් එක... ඒකේ තියෙන කථාවේ තුන් වෙනි කොටස අවසානයේ මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා....


'' අන්න රංගය කන පාත් වෙන්න බීල කිරුලපන හන්දියේ ටෙක්ලාව හොයනවලු ' ......................."


ඒ කවුද බන් මේ රංග ........




















ප.ලි. - දැන් ඉතින් මෙතන පහලින් නිරුවතින් ඇවිද යමු ලියන්නේ අභීතනේ කියලා මෝඩ චූන් දෙන්න හදන්න එපා දරුවනි...

Wednesday, February 8, 2012

මගේ රස්සාවද? මිනිස්සුන්ට ආතල් දෙන එකයි මිනිස්සුන්ව හිනස්සන එකයි මචන්....

ගොඩාක් අය ජීවිතේ රැකියාවක් කරන්නේ ජීවිතය සරි කරගන්න... මෙය කියවන ඔබ මෙන්ම මෙය ලියන මමද එහෙමයි.... ඒ නිසා රැකියාවෙන් ජීවිතය සරි කිරීම කොච්චර අසීරු උනත් අපේ අය අනන්තවත් පෙළඹෙනව මේ ලැබෙන වැටුපෙන් යම් ඉතිරියක් කරගෙන ජීවත් වෙන්න.... ඒත් ඉතින් එහෙම කරගෙන යන අයනම් මට කීප දෙනයි හමු වෙලා තියෙන්නේ..... ඒ ඔවුන්ට අති විශාල වැටුපක් ලැබෙන නිසා.. නැත්නම් දෙමවුපියන් ඉතිරි කරගත් සෑහෙන ආදායමක් ඔවුනට තියෙන නිසා... සමහර දේශපාලකයින්ගේ දරුවෝ දිහා බලපුහාම හිතෙන්නේ අනේ උන්ට ගිය කල කියලා.. අල්ලපු ඩෙස්ක් එකේ ඉඳල සාමාන්‍ය පෙලත් අසමත් වෙලා අපට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න මගේ යාලුවෝ බොහොමයි. (උඹ මගේ බ්ලොග කියවනවා කියලා මම දන්නවා මචන්.. උඹට තමයි කිව්වෙ... අපි හැමදාමත් කථා කරන දේ නිසා උඹට මේක අමුත්තක් නෑනේ මචන්... :D)



ඒ කාර්ය බහුල ජීවිතේට මඳ විරාමයක් දීලා තමන්ගේ නිවාඩුව උපරිමෙන් ගත කරන්න සහය ලබාගන්න තමයි ගොඩාක් දෙනෙක් මගේ සහය ලබා ගන්නේ.. නමුත් උපදෙස් දීම මම පුදුම සතුටකින් කරන්නේ.. ඒ වගේමයි දැන හඳුනන කෙනෙක් මගෙන් සේවය ලබාගද්දි මගේ දෙයක් හරි එයාලට දීලා වැඩේ කරලා දෙන්න තමයි හදන්නේ.. ඒත් ඒකෙන්නම් ගොඩාක් පාඩු සහ හිත් නොහොදකම්ද මන්දා ඇති වෙලා තියෙන්නේ.. වැඩි හොඳ දබරෙට කියනවනේ....


අප්පා පදුරු වටේ තලන ගමන් පොඩි මාකටිං පාරක් දී ගත්තා.... හැමෝම මෙහෙම කරන ජීවිකාව වෙනකෙක් පහත් කරලා කතා කරන එක ඒ මනුස්සයාගේ හිතට කොච්චර වදිනවද? මට මතකයි මාරයාත් මේකට හොඳ උත්තරයක් දීලා තිබ්බා දවසක්... හම්බ කරන් කන රස්සාවට, වාහනේට අනන්මනන් කියපුහාම කරපුහාම ඒ අදාල පුද්ගලයින්ගෙ හිත හොඳටම නැතත් පොඩ්ඩක් හරි රිදෙනවා....


ලංකාවේ මාධ්‍යවේදියෙකුයි ගායන ශිල්පී සුනිල් පෙරේරායි අතරේ ගිය සාකච්ඡාවක් තමයි මේ පහල තියෙන්නේ....


ඔබේ ගීත සංස්කෘතියට පටහැනියි නේද?


ඔව්...


ඔබේ ගීත වලින් සමාජයට කිසියම් පණිවිඩයක් දීමක්වත් කෙරෙන්නෙ නැහැ නේද?


නැහැ.. කොහෙත්ම නැහැ...


ඔබේ ගීතවලදි කෙරෙන සමහර රැඟුම් ටිකක් අසභ්‍යයි නේද?


ටිකක් නෙවෙයි... හොඳටම අසභ්‍යයි...


හිතා ගන්න පුලුවන්නේ අර මනුස්සයාට වෙච්ච දේ.... ඉතින් මේ වගේ පසුගිය මාසෙදි මගේ ඥාතියෙක් කට කොනට හිනාවෙලා මගෙන් ප්‍රශ්ණ කීපයක් ඇහුවා.. ඔහු මේ විදිහයි කියලා කලින් දැනගෙන හිටපු නිසා එවෙලෙහි ඔහු වෙනුවෙන්ම සැකසූ උත්තර වගයක් තමයි දුන්නේ....


ආ අභීත... දැන් කොහොමද? බිස්නස් සරුද?


ඔව්.. වරදක් නෑ..


දැන් අර ටාසන් වැඩ එහෙම කරනවද? (මේ කිව්වේ මගේ ත්‍රාසජනක ක්‍රියා විශයයට..)


ඔව්.. සති ගනන් ඉන්නවා කඹවල එල්ලිලා....


ඔයාලා මොනාද ඔය මිනිස්සු අරන් ගිහින් කැලෑ ගානෙ රිංගවගෙන කරන්නේ...?


ආ... මිනිස්සුන්ට ආතල් දෙන එකයි මිනිස්සුන්ව හිනස්සන එකයි තමයි ඉතින්.... 


කතාව එතැනින් ඉවරයි.... මිනිහා මගෙන් ඉවත් උනේ විදුලි වේගෙන්... බලාගෙන ගියාම වැරැද්දකුත් නෑ... මේකනේ ඇත්ත....