Tuesday, July 31, 2012

වටේ යන්න කැමති අය ඇවිත් කියවන්න,,,, 2

පසු ගිය ලිපියෙන් කොළඹ ඉඳන් මන්නාරමට ගිය හැටි ලියවුනා...  පොරොන්දු වූ පරිදි අද මන්නාරම අවට තියෙන විශේෂිත ස්ථාන ඡායාරූප සහිතවම ඔබට දෙන්නයි සූදානම් වෙන්නේ.... මන්නාරමට ගොඩාක් දෙනෙක් පය තැබුවට මේ හැම තැනම බලන්න යනවා අඩුයි.. කාල වේලාව මදි නිසා හෝ නොදැනුවත්කම නිසා හෝ සොයා නොබලා ගමන් යෑම නිසා හෝ මෙවැනි ස්ථාන මඟ හැරෙනවා ගොඩාක් දෙනෙක්ට.. ඉතින් අද මේ කථාව මන්නාරම් අවට තිබෙන ගොඩාක් විශේෂ වූ සංචාරක ස්ථාන කිහිපයක් ගැනයි...


උදේ 7.15ට පමණ අවදි වූ අපි ඔගස්ටින් මහතා(තානායම් කළමණාකරු)ලබා දුන් කිරි තේ එකින් සැහීමට පත්වීමු... ඇත්තටම එය ඉතා මැනවින් සැකසූ තේ එකකි.. පසුව ඔගස්ටින් මහතා ඇමතූ අපි අපේ අනිත් අවශ්‍යතාවය ඔහුට කියා පෑවෙමු.. ඒ ත්‍රිරෝද රියක අවශ්‍යතාවයයි... සුදර්ශන්, ඔහු අපූරු ත්‍රිරෝද රිය රියැදුරෙකි... සිංහල යාන්තමට තේරුම් ගත හැකි නමුත් අමිලට භාශා තුනම එක සේ හැකි වූ නිසා සංනිවේදන ගැටළුවට අපි මුහුණ නොදුන්නෙමු... මන්නාරම් යාමේදී මෙම භාශා ප්‍රශ්ණයට විකල්ප විසදුමක් සකසා ගැනීම ඉතා ප්‍රයෝජනවත්ය. සුදර්ශන්ට අප කීවේ හැකි ඉක්මනට අපව උදෑසණ ආහාරය සඳහා නතර කරන ලෙසයි... ඔහු "නිව් සිවා හොටෙල්" අසල නතර කල අතර, එය නම් කදිම ඉන්දියානු භෝජන අවන්හලක් විය... එය කෙතරම් පිරිසිදුද හා ආහාරවල ඇති ප්‍රණීත බව කියතොත්, අපි මන්නාරමෙන් පිට වනතුරු සිටි වේල් පහටම කෑවේ ඉන්දියානු අහාරයි.


අනතුරුව අප පිටත් වුනේ මන්නාරමේ ප්‍රසිද්ධ බයෝබැබ් ගස බැලීමටයි... මන්නාරම නගරයේ සිට මැදවච්චිය දෙසට එනකොට, වම් අත දෙසට, ඉන්ධන පිරවුම් හල අසලින් දිවෙන මාර්ගය, පල්ලිමුණේ පාරයි... පල්ලිමුණේ පාරේ මඳ දුරක් යන විට මේ යෝධ බයෝබැබ් ගස දකින්නට ලැබෙනවා.. මෙහි අතීතය වසර 500කට එහා බවයි පැවසෙන්නේ.. වට ප්‍රමාණය මීටර් 19.51 වන මේ ගසෙහි උස මීටර් 7.5ක් පමණයි... හරියට අපේ අකුරු බ්ලොග් එක ලියන බීටලේ වගේ.. පොඩ්ඩක් මහතයි, ගොඩාක් මිටියි... අතීත මූලාශ්‍ර ඇසුරින් බලන කොට අරාබියානු නාවිකයන් විසින් ක්‍රිස්තු වර්ශ 1477 දී පමණ රෝපණය කලා යැයි සැලකෙනවා.. මතකනේ සේද මාවත.. එහෙම බලපුහාම ඒක නොවිය යුතු දෙක් විය නොහැකියි නේද? මේ තියෙන්නේ එහි පින්තූර... පල්ලිමුණේ පිහිටි ශාන්ත ලුසියා දේවස්ථානය තමයි මේ ගහ බලා කියාගන්නේ... 





Add caption


ඊට පස්සේ අපි නැරඹුවේ පල්ලිමුණේ ශාන්ත ලුසියා දේවස්ථානය.. 1920 ඉදන් පවත්වගෙන ආපු ශාන්ත ලුසියා දේවස්ථානයේ පිංතූර තමයි මේ පහල තියෙන්නේ.. 


දහම් පාසලේ විභාගයක් අතරෙ හිනාවෙන මේ දැරිවිගේ හිනාව දැක්කම ඔයාලට මතක් වෙනවද අපේ පුංචි කාලේ...

වෙලාව උදේ 9ට විතර ඇති... අපි ඊලඟට මන්නාරම් කළපුවේ පල්ලිමුණේ පෙදෙස නැරඹීමට ගියත් එහි තිබූ අප්‍රසන්න ගතිය නිසාම අපි ආපසු හැරිලා ආවා.. එම වෙරළ තීරය ඇත්තටම ගොඩාක් දූශණය වෙලා තිබ්බේ.. අපේ මීලඟ අරමුණ මන්නාරම් දුම්රිය පල හා ම්ලේඡ්ච එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදීන් විසින් පුපුරවාහරි මන්නාරම් දුම්රිය පාලම නැරඹීමයි.. ඉස්සෙල්ලාම අපි දුම්රිය ස්ථානය ගැන කතා කරමු...

1914 මෙම දුම්රිය මාර්ගය ඇරඹුනේ ඉන්දියාවෙන් ගෙන්වනු ලැබූ භාණ්ඩ කොළඹට ගෙන ඒමේ පහසුව තකායි.. තලෙයි මන්නාරම් ජැටිය හරහා ගොඩ බහින මගීන්ද මෙම  දුම්රියෙන් කොළඹ බලා පිටත් වුනා කියලා වැඩිහිටියෝ පවසනවා.. ඉන්දියානු රජයේ ආධාර ඇතිව නැවත සකසන දුම්රිය මඟ සෑදීමේ ක්‍රියාවලියට මමයි අමිලයි සහභාගී වුන හැටි  මයි මේ...



සංදුක්කේ.. මොකට කියනවද? ඒ කාලේ විරාජමානව බැබලුන මන්නාරම් දුම්රිය ස්ථානයේ අද හැටි....




එතැන් සිට පාලම ලඟට අපි ගියේ පයින්මයි.. කිලෝ මීටරයක පමණ දුරක් නම් තිබුනා... නටබුන් වූ දුම්රිය මාවතේ සලකුණු පමණක් ඉතිරිව තිබුනා... මේ තියෙන්නේ එම සලකුණු හා පුපුරුවා හැරීමෙන් පසු කඩා වැටුණු දුම්රිය පාලම...





ඊට පස්සේ අපි ගියේ කරවල වාඩි බලන්න... කරවල වාඩිනම් අනන්තවත් තිබුනා.. ඒත් කරවල වේලීම කරගෙන කිහිප පලක විතරයි... මේ තියෙන්නේ එහි ඡායාරූප.... 

මෙන්න මුහුදු වෙරළ පුරා දුව ගියපු අපේ යාළුවෝ...


මේ ඉන්නේ ඈත ඉඳන් ගිය මසුන් මරන්නෙක්....


මෙතනින් පස්සේ අපි ගියේ මන්තායි ළුණු ලේවාය බලන්න.. ඇත්තටම ඒක හරි අපූරු අත් දැකීමක්... එහි කළමණාකරු වෙච්ච ලෙනාඩ් මහත්මයාට මම අතිශයින් ස්තූතිවන්ත වෙනවා ඡායාරූප දාන්නට අවසර ලබාදීමත් එහි විස්තර මුලක ඉඳන් අපට කියා දීමත් පිළිබඳව.... එක අවවාදයක්... පොලේ තියෙන 20ට දෙකයි කියන ලුණු පැකට් ගන්න එපා.. රජ ලුණු කියන එක හදන ආකාරය දෑසින් දැක්ක නිසා අපි එයනම් අනුමත කරනවා.. මේ ලුණු සම්භන්ධ පාඩම තමයි අපි ඒ සංචාරයේ හදාරපු හොඳම පාඩම... ඒ කථාව මේ සටහන් පෙළ අවසන් වෙලා වෙනමම කියන්නම්.... මේ තියෙන්නේ එහි ඡායාරූප.. ඔය මාත් එක්ක තොප්පියක් දාගෙන ඉන්න මහත්තය තමයි ලෙනාඩ් මහතා... ඔහු නම් සැබැවින්ම ඉතා සුහදශීලී චරිතයක්.... 







වෙලාව මධ්‍යන්‍ය 12ට විතර ඇති.. ගිනි රස්නෙට හිතෙන්නේ ඉරට හැතප්මක් විතර ඇති කියලා.. 

උදේ වරුව ඉවරයි... ලඟම මත්පැන් අවන්හලින් කූල් බියර් කෑන් දෙකක් ගත්ත අපි නැවතත් තානායමට ගියේ තවත් මඳ වෙලාවකින් පිට වීමට බලාගෙන... ඔන්න දෙවෙනි දවසේ උදේ වරුව අවසන්... පහුගිය ලිපිය අවසානේ දාපු ඉතිරි ටික බලමු ඊලඟ ලිපියෙන්...

ප.ලි.. ත්‍රිරෝද රථයේ වෙච්ච කතා බහ...

මචන් අභියා, මේ මුළු ගමනට එකෙක්ගෙන් කීයක් යයිද බන්....

රුපියල් 6000ක් විතර යයි බන්...

අඩෝ මම හිතුවේ දහයක් විතර යයි කියලනේ... ඉතිරි ටිකට මොකුත් කරගන්න බැරි වෙයිද බන්..?

බලමු.. 

ත්‍රී වීල් මල්ලිගෙන් දන්නා ශිල්ප යොදා මේ මුදල් වියදම් කරන්නට ක්‍රමයක් හෙව්වත් උත්සහය අපතෙ ගියා..


ප.ප.ලි. මේ ලිපි පෙළ ලියන ගමන් මම පටන් ගන්නවා මගේ ජීවිතයේ අඳුරු පැත්ත ගැන ලියන්න... පාසැල් කාලේ කරපු ආනාඩි වැඩ.. ටැක්සි රියැදුරෙක් වෙච්ච හැටි.. බුකියක වැඩ කරපු හැටි.. හෝටලයක වැඩ කරපු හැටි... සල්ලි නැතුව පයින් ගියපු හැටි... පොලීසියේ හිටපු හැටි.. පට්ටෙට කුඩු ගහන එකෙක් එක්ක පොලිස් කූඩුවේ රැයක් නිදි මැරූ හැටි ආදී වශයෙන් මගේ මතකය ගොඩාක් ඈතින් තියෙන දේවල් ලියන්නයි යන්නේ.. අපි බලමු ඉතින්... 

Saturday, July 28, 2012

වටේ යන්න කැමති අය ඇවිත් කියවන්න,,,, 1

ගොඩාක් අය වටේ යන්න කැමතියි... වටේ ගිහින් වටේම තොරතුරු දැනගෙන පින්තූරත් බලලා වටෙන්ම නාලා වටේ තියෙන සිද්ධි දැකලා විනෝද වෙලා එන්න අකමැති කට්ටිය මම හිතන්නේ කොහෙවත් නැතිව ඇති.. ඉතින් ඒක නිසා මම පටන් ගත්තා මගේ දේශාටන සටහන් පටන් ගන්න.. අඩු වියදමින් ගිහින් එන්න පුළුවන් විදිහට තමයි යන්න යන්නේ... දෙවෙනි ගමන යන්නේ සැප්තැම්බර් පලවෙනි සතියේ.. එතකන් බලමු අද ශ්‍රී ලංකාවේ  වයඹ දිග මුහුදු තීරය හා ඒ ආශ්‍රිත සංචාරක වැදගත් කමකින් යුතු ස්ථාන ගැන.... අද මෑතකදි බ්ලොග් කරුවෝ ගොඩ දෙනෙක් ගිය මන්නාරම ගැන තමයි ලියන්න යන්නේ.... මේ තියෙන්නේ එහි තොරතුරු...


දවස ජූලි මාසේ 19 වෙනිදා.... වෙලාව හවස 7.40යි.. හිටියේ කොළඹ සිට මන්නාරම බලා යන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් රථයක අංක 16 දරන අසුනේ.... මන්නාරම බලා යන්න සූදානමින් අපි ඉන්නේ.. අපි කිව්වේ මමත් මගේ ගමන් සඟයා වෙච්ච අමිලත්... අමිල ගැන නම් මගේ බෝඩිමේ කථා ගොඩකදි කියවිලත් ඇති.. තව විනාඩි 20කින් අපි ගමන ආරම්භ කරනවා.... අද ගමනේ අවසානය වෙන්නේ මන්නාරම නගරය. බස් රථය මන්නාරමට ලඟා වෙද්දි ජූලි 20 පාන්දර වෙයි කියලා තමයි කියන්නේ....අපි අද බලමු මේ කාලය උදෑසන හතර වෙනකන් ගෙවෙන්නේ කියලා... බස් රථය පිටත් වෙනකන් මම සටහන් පොතක් අරගෙන මේ සටහන අකුරු කරද්දි අමිල දුරකථන ඇමතුමක එල්ලිලා ඉන්න බවක් පෙනුනේ.. කෙල්ලෙක් තමයි... 


හරියටම අටට බස් රථය පිටත් වුනා.. බුදු සරණින් දෙවි පිහිටෙන් අපි මන්නාරමට ලඟවේවි කියන සිතිවිල්ල අපේ හිතේ ඇති වුනා.. බස් රථය 9.20 වෙද්දි මීගමුවට ආවා.. විනාඩි 5ක් පමණ එතන නවත්වගෙන හිටියා.. හැල්මේ ආපු බස් එක නවත්තන්න වුනේ විශාල මාර්ග තදබදයක් තිබුන නිසයි... පාර පුරා සිටි බැලුම් බෝල වෙළෙන්දොයි විසිතුරු බඩු වෙළෙන්දොයි නිසා යම් උත්සවක් යැයි හැඟුනත් මඳ වෙලාවකින් අසුණු කස පුපුරන හඬ අනුව අපිට කලින්ම හිතාගන්න පුළුවන් වුනා මේ පෙරහැරක් කියලා.. මේ තියෙන්නෙ එහි පින්තූර...






විනාඩි 30ක කාලයක් නවත්වාගෙන සිටි නිසා මගීන්ට දැනුන දහදිය හා නොසන්සුන්තාවය නිසා පොඩි පහේ කසු කුසුවක් ඇතිවුනා.. නින්ද හා අඩනින්ද අතර සැරි සැරුව මගීන්ගේ නිහඬතාවය බිඳින්නට එය රුකුලක් වුනා.. යටි හිතින් ඇලුම් කලත් දෙමල බසින් කියවන එෆ් එම් නිවේදිකාවගේ හුරතල් කච කචය කරදරයක් වුනා... ඉන්පසු නැවතුම වුනේ පුත්තලමට මඳක් මෙහායින් වූ නාගවිල්ලු ප්‍රදේශයයි.. ඒ නිමල් හෝටලේ... මඟීන්ට රාත්‍රී ආහාරය සඳහා... ජීවිතේ මම අහපු මිහිරිතම කොත්තු නාදය මම ඇහුවේ මෙහිදී.... එය එතරම් තාලයකට ඔහු වාදනය කලා... වෙලාව 11.45 යි. අපිත් කොත්තු දෙකකටම වග කියලා බසයට නැග්ගා.. වෙලාව 12.05යි.. බසය පිටත් වුනා... ඒ එක්කම අපත් ඇස් පියා ගත්තා....


අභියා.. මන්නාරමද කොහෙද? බලපන්.. කොන්දොස්තර කෑ ගහනවා...


අඩ නින්දෙන් ඇහැරුනු මම වටපිට බැලුවේ බෝඩ් එකක අකුරු කියවගන්න හිතාගෙන.. කෝ.. මොන බෝඩ් එකක්වත් නෑ.. මිනිසුන් කීප දෙනෙක් බසයෙන් බහින්නට පොරකනවා... මම නැගිටලා රියැදුරු මහතාගෙන් "කොහෙද අයියේ මේ?" කියලා ඇහුවා...


මන්නාරම.. මන්නාරම බහින්න...


දඩ බඩ ගාල තිබ්බ ඔක්කොමත් අරන් බැස්සා.. නිදිමත කොහෙ ගියාද නෑ.. කලින් දැනුවත් වෙලා හිටපු පරිදි අපේ නවාතැන වෙච්ච ගෝල්ඩන් රෙස්ට් එක තියෙන්නෙ මුවර් වීදියේ.. ඒත් මේ මහ රෑ කාගෙන් අහන්නද? අහන්න හිතනකොටම අමිල ත්‍රිරෝද රථයකට නැගලා මුවර් ස්ට්‍රීට් කිව්වා... විනාඩි 2ක් ගත වෙද්දි අපි හිටියේ නවාතැන ඉදිරිපිට.. ත්‍රිරෝද රියේ රුපියල් 50 දුර. 


වෙලාව පාන්දර 04.15 ට පමණ වුවත් නවාතැනේ කළමණාකරු ඔගස්ටින් මහතා අපිව පිලිගත්තේ තානායම්පල්ලකු සතුව තිබිය යුතු අව්‍යාජ සිනාව මුව රඳවාගෙනමයි... ඇත්තටම ඔහු හරි අපූරු සේවකයෙක්... මනාව සැකසූ වායු සමීකරණය කරණ ලඳ කාමරයක් අපට සැපයූ ඔහු, මේ වෙලාවේ අපට අවශ්‍ය මොනවාදැයි කැඩුණු සිංහල බසින් ඉතා ආචාරශීලීව අපෙන් අසා සිටියා...


අපට අවශ්‍ය වෙලා තිබ්බේ නින්දයි... ඔහුට ඒ බව කියා අපි ඇන්දට වැටුනා... එලාම් තිබ්බේ 6.30ට... ඒත් අවදි වුනේ 7.15ට.... අද දවසේ අපේ අරමුණ පහත සඳහන් දේවල් බලා ගැනීමයි...


1. බයෝබැබ් ගස
2. සාන්ත ලුසියා දේවස්ථානය
3. මන්නාරම් දුම්රිය ස්ථානය හා පුපුරවා හැරි දුම්රිය පාලම
4. කරවලා වාඩි සහ කරවල වේලීම
5. මන්න්නාරම් ලුණු ලේවාය
6. තලෙයි මන්නාරම් පියරය, ප්‍රදීපාගාරය හා ආදම්ගේ පාලමෙහි දෙවන වැලි පරය, මුහුදේ නෑම..
7. මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පැගීමේ උත්සවය


ඉතින් මේ සියළු දේවල විස්තර ඊලඟ ලිපියෙන් ඔබට කියන්නට බලාපොරොත්තු වෙනවා... රැදී ඉන්න වටේ යාම දෙවන කොටස එනතෙක්...


ප.ලි. මේ ලියන්නේ මම ලියපු දිගම ප.ලි. එක.. ජැකී චාන්ගේ ෆිල්ම් බලන අපි, ආසයි ඊට පස්සෙ එන වැරදිච්ච කෑලි ටික බලන්න.. මේ දේශාටන සටහන් පෝස්ට් වලත් මම එහෙම අංගයක් එකතු කලා.. ඒ ගමනේ උ රසබර සිද්ධි ටික අවසානයට කියන්න.... අපි බස් එකේ එද්දි නොයෙකුත් දේවල් අපේ මාතෘකා වුනා..  මේ එකක්.. අමිලයා තමයි පටන් ගත්තේ...


නිමල් ලක්ශපතිආරච්චි මලා නේද බන්...


ඔව්.. හොඳ ටැලන්ට් එකක් තිබ්බ මිනිහෙක්...


ඒ වුනාට සංස්කෘතිය නන්නත්තාර කලේ සිරස මචන්..


ඒකනම් ඇත්ත කියලා මාත් හිතනව බන්... අවුරුදු කීයක ඉදන් ආපු දේවල් ඒත් එක්ක වෙනස් වුනාද කියලත් හිතෙනවා...


අවුරුදු 2500කටත් එහා ඉඳන් ආපු සංස්කෘතියක් අවුරුදු 15කින් වෙනස් කරපු හැටිත් ආතල් නේද බන්....?


මේ දෙවෙනි එක... 


බස් රථය කුමක් හෝ අරභයා නැවැත්තුවා හන්දියක.. බෝඩ් එකක් බලපු අමිල මගෙන් ඇහුවා


මේ අපි යන්නෙ මැනාර් කියලා ශුවර්ද උඹට..?


ඔව්.. ඇයි? මමත් ඇහුවේ නින්දෙන් නැගිට්ට ගමන්...


අර බෝඩ් එක බලපන්කො. අපි ඉන්නේ පුදුකුඩි ඉරුප්පු කියන්නේ....


මමත් බැලුවා ඇත්ත තමයි...


යකෝ පුදුකුඩිරිප්පු තියෙන්නේ මුලතිව් වලනේ...


ඉතින් එහෙනම් මේ තියෙන්නේ බෝඩ් එකේ...


හිටපන් ටිකක් ඉවසලා.. අපි බලමු.... මමත් ලොක්ක වගේ හිටියට ඔන්න දැන් සැකයි....


ටික වෙලාවක් යද්දි මුන්දලම කියලා ගහපු බෝඩ් එකක් දැක්කා.. 


බලපුවාම මුන්දලම කිට්ටුවත් තියෙනවා පුදුකුඩිරිප්පුවක්...

Thursday, July 26, 2012

මම නේද? වංචාකරයෙක්ද? හොරෙක්ද? තක්කඩියෙක්ද? නැත්නම් මොකෙක්ද?



කෙටිම පෝස්ට් දාලා ඇතිවෙලා.. මේ දවස්වල මාතෘකාව මම නිසා මමත් මේ ගැන ලියන්න එපැයි.... මේ කාලය මට ඉතා හොඳ කාලයක්.... ඒ මිනිසුන් අදුනා ගැනීම ගැන... මගේ ගණුදෙණු ගැන මම මෙතනින් එහාට එක වචනයක්වත් ආයේ  කතා කරන්නේ නෑ.. මොකද කවුරුවත් මාත් එක්ක ගණුදෙණු කලේ, බ්ලොග් පෝස්ට් දාලා, මම අභියත් එක්ක ගණුදෙණු කරන්නද කියලා අහලා නෙවෙයි කියලා මම විශ්වාස කරන නිසා.. ඒවා මම ගෙව්වද නැද්ද කියන එක බ්ලොග් අවකාශයට කියන්න ඕන දෙයක් නෙවේ කියන එකත් මම විශ්වාස කරනවා... මොකද බ්ලොග් අවකාශය මගේ ප්‍රධානියා නොවන නිසා... මේ ලොකුවට කියන හැමෝටම පුළුවන් උඹ මට ණයයි කියලා මගේ කමෙන්ට් වල සඳහන් කරන්න.... එහෙම කියන්න පුළුවන්නම් සියළු විස්තර එක්ක සටහන් කලෑකි.. තුන් දෙනෙක් එහෙම ලිව්වොත් මම මේ බ්ලොග් අවකාශෙන් සමු ගන්නවා.... දැන් ඉන්දික කියලා තියෙනවනේ.. එතකොට තව දෙන්නයි... ඒ වගේමයි අඩු ගානේ දහ දෙනෙකුටවත් කියන්න පුළුවන්නම් අභියා මාත් එක්ක ගණුදෙණු කරලා තියෙනවා කියලා ඒත් එච්චරයි.... ඒත් දහ දෙනෙකුට වඩා කියයි අභියා මට මේ මේ උදව් කරලා තියෙනවා කියලා... ඒවා ඕනේ නෑ.... මමම මගේ පෝස්ට් වලින් තමයි මම ගණුදෙණු කරපු අය එළි කරලා තියෙන්නේ.. ඕනවට වඩා විවෘත වෙන්න ගියාමත් පස්සෙන් ඇවිත් බෙල්ල කපන සෙට් එක වැඩියි.. අනේ මල්ලි මට පොඩි බිස්නස් එකක් පටන් ගන්න ඕන, පොඩ්ඩක් වරෙන් මාත් එක්ක දවසක් යන්න, අඩේ මචන් මට පොඩි උදව්වක් ඕන අතනට ගිහින් බලපන් මේ වැඩේ., අඩේ මචන් මට පොඩි අදහසක් තියෙනවා මෙහෙම කලොත් හොඳ නැද්ද? වගේ නොයෙක් උදව් මගෙන් ගත්ත පොරවලුත් ඇවිල්ලා මම ගැන ලස්සනට කියලා ගිහින් තියෙනවා මම දැක්කා.. මේ පෝස්ට් වල තියෙන කමෙන්ට් වලින් මම එක දෙයක් දැක්කා.. මගේ වැරදි, සහ මට බැනපු අය ඔක්කොම ඇනෝ ඇවිත් ගිය එක... ඉන්දිකට ඇර මට නමින් බනින්න එකෙක් නැති එක ගැන මම අදත් සතුටුයි... ඒත් මම සම්භන්ධ ප්‍රශ්ණ වලදි වෙන උන්ටත් මඩ ගහලා තියෙනවා මම දැක්කා.. ඒ රනාට, රොබින්ට, මාරයාට, ජ්‍යොත්ට, පසන්ට, කකාට වගේ අයට... උන්ට මඩ නොගහා මටම කෙළියානම් තමයි සහෝදරවරුණි වඩා හොඳ... කියවන ඔබ මතක තියාගන්න.. මේ පෝස්ට් එක මම ලිව්වේ නිවැරදි කාරයෙක් වෙන්න නෙවේ... මම ලිව්වේ මට මුවා වෙලා අනිත් උන්ට පහර ගහන එක වැලැක්වීම සඳහායි.. 

මෙන්න බනින අයට මගෙ මූණට නමින් බනින්න අවස්ථාව..   හැබයි නමින් මූණට කියන්න... නිකන් ඇනෝ විත් තොට හෙණ ගහපන්, තෝ මැරියන් වගේ ඒවා කියන්නේ නැතුව නමින් ඇවිත් කියන්න... 

මේ වෙලාවෙදි මගේ වටේ හිටපු මගේ සැබෑ බ්ලොග් යාළුවන්ටනම් මගේ තුතිමල් පුදන්න ඕන.. විදේශයන් ඉඳන් කෝල් කරලා, මූණු පොතට ගොඩ වෙනකොට හතර වටෙන් චැට් කරලා මාව වචනවලින් දිරි දීලා සනසපු හැමෝටම ස්තූතියි මචන්ලා... අන්තිමට එක දෙයක් කියන්න ඕන.... මතකයි නේද අපි පුංචි කාලේ ගිය මෙන්න මේ වෙළඳ දැන්වීම...

එන්න ඇතුලට...
භය වෙන්න දෙයක් නෑ....
හිතුවා නේද වැටෙයි කියලා මන්....

මම වැටෙන්නෙ නෑ....
මාව වට්ටන්නත් බෑ.....

ප.ලි. මම ඇනෝ කමෙන්ට් ඩිසේබල් කරන එකම පෝස්ට් එක මෙයයි.. ඒ ඔබේ ශක්තිය උදෙසායි....

ප. ප. ලි. අළුත්ම පරිච්ඡේදයක් වෙච්ච දේශාටන සටහන් පෙළක් අරන් මම එනවා ඊලඟට... 



Monday, July 23, 2012

ඇනොනිමස් යහළුවන් වෙත සෙනෙහසින්......

බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ කවි ලියන්න මම මාර කට්ටක් කෑවේ... බෑම කියලා හිතුන නිසා.. අදහස දැම්මට පස්සෙ ඔක්කොම බ්ලොග් ලියන අය එකතු වෙලා සුපිරි තල්ලුවක් දුන්නා ලියන්න ලියන්න කියලා.. එදා ඉඳන් කවි පේලි කිහිපයක් ම ලිව්වා.... පටන් ගත්තේ ඔන්න හැමෝගෙම ඉල්ලීම හින්දා මම කවියක් ලියන්න හිතුවා... කියන කවි පෙළින්.. ඊට පස්සේ පනස් වෙනි සටහනට කවියක් ලිව්වා.. ඊට පස්සේ ලිව්වේ කාලයේ කවි කොලය කියන එක.. අන්තිමට ලිව්වේ තව කුමකටද රටකට මේ මහ පුටුකම් කියන කවි ටික... ඊට පස්සේ තමයි මේ ටික ලියන්නේ.. මන්නාරමට වෙලා අමාරුවෙන් අන්තර්ජාලය කනෙක්ට් කරගෙන මහ රෑ වෙනකන් කවි ලියන එකේ පුංචි ආතල් එකකුත් තියෙනවා හැබයි... හරි කවියට යමු...


පුංචි කාලය ගෙවුණ සුන්දර අතීතය මහ රස විලක්....
පසුව ආ තක්සලා ජීවිතෙ ඊට නොදෙවෙනි රස ගඟක්....
වගකීම් අප කරට පැටවුණ පශ්චාත් පාසැල් කලක්....
බරැති සිතිවිලි හදේ පිරවෙන විවාහෙන් පසු එන කලක්...


මෙහැම විට අප හැමට හමුවණ යහළුවෝ නම් ජන කැලක්...
දුකට සතුටට මගෙත් සමඟින් ගෙව්වේ රසබර මතකයක්...
ඔවුන් නම් විවිධමයි විෂමයි විටක සමහරු කරුමයක්...
අපට සරුවන කාලයෙක නම් සැවොම රසබර මී විතක්...


මුල් අගහිග වලක්වන්නට වයිමටත් බැරි කාලයක්...
සැමට එනවා ඒ වගේ කල් ජීවිතේ එය පිළිලයක්...
තවත් වලටම ඇද දමන්නේ යහළුවෝ නම් නර කැලක්..
ගනින් හැකි වෙර වරෙන් උඩටම දෑත දුන්නෙත් මිතු කැලක්...


අනේ මූ ගොඩ එයිද දන් නෑ, එහෙම ආවොත් කරුමයක්....
තව තවත් වල වෙතට තල්ලුව දෙමුකො එය කල යුතු වැඩක්..
මේ සිතැඟි තම හදේ රඳවා තියෙන හින්දා කිචි ටිකක්...
වදෙනකින් හෝ පිහිට නොම වී වදන් දෙන්නෙත් සම හරක්..


යන්නෙපා ඌ සමඟ භජනෙට ඒකානම් මහ තඩි හොරෙක්..
කියා ලේබල් අලවලා ඇත ඒත් කරනට නැත දෙයක්...
ඕවා ඔහොමයි ජීවිතේ හැටි වරෙන් ගහමුද ශොට් එකක්...
කියා අමතන මිතුරනේ මම ඔබට පුදනෙමි මල් මිටක්..


පුංචි හිඩැසක් තබා බැලුවෙමි කෙසේදැයි මගෙ යහළුවෝ...
නම නැතුව මට බැනලා ගියේ ඇයි ලැජ්ජා හිතුනද මගෙ සහෝ..
සමීපයේ ඉඳ මගෙන් කා බී එකට ජීවිත ගෙවූ වෝ..
නුඹේ රෙදි ගැලවීම ගැනනම් පෙර දිනට මම පින් දෙනෝ...


ව(ර්)චුවල් ලොව සිටින කිසිවෙක් මගේ දිවියේ කොන් නොවේ...
එයින් පෙරිලා මගේ දිවියට ආපු මිතුරණි මේ යුගේ..
මාව දන්නේ නුඹලා විතරයි එයම මට සෑහෙයි සඟේ...
එකතු වූ ඒ පුංචි පවුලට මගේ සේවය නොවැරදේ...


ධනය බලයත් තවත් දේවල් තිබෙන දවසට යහළුවේ..
කුමට ඕනද කුමන ඵලයද නුඹේ අඩුවක් නොම දැනේ...
අපහසුව වැටි හිටපු කාලෙදි දුගු වෙච්ච සුමිතුරු අතේ....
වටිනකම ගැන කියා ගන්නට වචන නොමැතිය මගෙ ලොවේ..


උඩින් හිනැහී පසුපසට වී බෙල්ල සිඳලන මිතුරණී..
නුඹලා එක් වී මගේ ජීවිතේ හොඳම පාඩම මට දුනී....
ඒ නිසා මම දිවිය ඇති තෙක් නුඹට සඳහට ණය ගැතී...
වුනත් නොකරන් වෙන එකෙකු හට උන්ගේ හිත සවි නොම වෙතී....


මගේ ඉදිරිය නවත්වන්නට නුඹට නොහැකිය මිතුරණී...
නුඹ නොවූවත් මෙමට සවිවන මිතුරු කැල දහසක් වෙතී
ජීවිතේ ලියු අරුම පදපෙළ නවතන්ට සිත නොම දෙතී....
කුණුකසල පිසදලා දිනයෙක ආයෙමත් හිනැහෙමු අපී....

Thursday, July 19, 2012

ඇනෝ සංකල්පය පාවිච්චි කරන්නේ කෙසේද? ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතයි...

මෙන්න හිට් බලාගෙන ලියන විමර්ශණාත්මක ලිපියක්. මීට දින කීපයකට ප්‍රථම මම විසින් ලියූ අතන මෙතන බ්ලොග් කාරයෝ මරා ගන්නේ ඇයි..? අයි ඩෝන්ට් නෝ වයි...? කියලා ලියපු ලිපිය විවිධ අයුරින් අර්ථකථනය වුනා... මොනාදැයි මම පස්සේ කථා කරන්නම්... ගොඩාක් බහුලවම ආපු චෝදනාවක් තමයි මම හිට් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයෙන් කරන වැඩක් කියලා.. නමුත් ඒ ලිපියේ අඩංගු කරුණු ගැන කතා කලේ ඉතාම පොඩි සංඛ්‍යාවක්.. ගොඩාක් දෙනෙක් ඇනෝ නැමැති සංකල්පයට මුවා වෙලා තමන්ගේ ඉතා පහත් ගතිගුණ ප්‍රදර්ශණය කලා... මට මගේ ජීවිතයේ ලැබුණ හොදම යහළුවෝ දෙන්නෙකුත් නැතිවුනා... ඇනෝ සංකල්පය යහපත් විදිහට සාකච්ඡා කරන්නට ඔබට අවැසි පාඩම කියලා දෙන්නයි මම මේ හදන්නේ...


පාඩම් කියලා කියපු සැනින් ඔයාලට කම්මැලි හිතෙනවනේ.. ඒනිසා මමයි අපේ සහෝදර බ්ලොග් කරුවෙකුයි අතරේ දින දෙකකට විතර පෙර ගිය පොඩි සංවාදයක් කියලම ඔබට උගන්නන්නම් ඇනෝ සංකල්පය යහපත් අයුරින් භාවිතා කරන අයුරු...



දැන් දුරකථනයෙන් වෙන මේ සංසිද්ධියේ එක්තරා වෙලාවක මම ඔහුගෙන් ඇහුවා මෙන්න මෙහෙම..


උඹ ගිය සෙනසුරාදා ගෙදර ආවා නේද?


ඔව් බන්...


අඩෝ.. සෙනසුරාදා ඇවිත් සඳුදා උදේ යනකොට මරනවා වගේ ඇති නේ....


ඒත් බන් ඒ දවසත් වටිනවා... ඒත් මේ පාරනම් හද්ද මලෙන් මම ආපහු ආවේ....


අම්මට සිරි ඒ මොකෝ? වයිෆ් එක්ක ඇරගත්තවත්ද?


මොන රණ්ඩුද බන්... පෙරුම් පුරාගෙන පැය ගානක් ගෙවාගෙන ගෙදර එනකොට එදා අමාවක කියහන්කෝ.....


හක් හක් හක්.... 


අපි දෙදෙනාම හිනාවෙලා කථාව නිම කලා... පව් නේද ලමයි ඒ අයියා.... දුරු කතර ඉඳන් ඇවිත් ගෙනාපු බර අරගෙන ආපහුත් යනවා.... පව්..


කොතනද ළමයි මම නැවැත්තුවේ පාඩම... ඇනෝ සංකල්පය යහපත් අයුරින් පාවිච්චි කරන්නේ කෙසේද? ඊට කලින් බලමු මගේ පෙර බ්ලොග් ලිපිය ගැන කට්ටිය දක්වපු අදහස්..?


1. මිනිස්සුන්ගෙ හිතෙ තිබ්බ ඒවා කියන්න මෙහෙම එකක් ලියපු එක හොදයි..


2. හිට් බලාගෙන පරණ කුණු ගොඩාක් ඇදලා ගත්ත එක වැරදියි...


3. මේකෙන් උණේ අභීතට මඩ නාගන්න වෙච්ච එක..


4. කකා වගේම අභීතත් හිට් වලට පෙරේතයි...


5. අපෝ උඹනම් හිට් එනවානම් ඕන දෙයක් ලියයි....


ඔය වගේ කථා ගොඩාක් කිව්වා... හිට් සම්භන්ධව ඔබට කිව යුත්තේ මෙපමණයි.... මට ඕනවටත් වඩා හිට් තියෙනවා එය වැඩි කිරීමේ උවමනාවක් මට නැහැ.. නමුත් පවත්වාගෙන යා යුතුයි කියන මත යේ මම ඉන්නවා.. කොහෙද හිට් තියෙන්නේ අහන කෙනෙකුට බලන්න පුළුවන් මගෙ ටොප් චාට් එක දිහා.. මොකද අන්තිම ලිපි දහයෙන් දෙකක්ම දැනටමත් එහි තියෙනවා.... මගෙ ටොප් චාට් එකට ඇතුල් වෙන්නනම් ලිපියක් හිට් 1250 පන්නන්න ඕන.... ටොප් චාට් එකේ මුදුනටම එන්නනම් ලිපියක් හිට් 7150ක් පන්නන්න ඕන.. ඉතින් කුමටද මට තවත් හිට්ස්... 


ඒත් කාටවත් තේරුනාද මන්දා බ්ලොග් ලිපියේ කවුරු ගැණවත් අයහපත් ආකාරයෙන් සඳහන් නොවුනට අනෝ සංකල්පය යොදාගෙන කට්ටිය මරා ගත්ත හැටි... ඇනෝ වලින් ඉතා දැඩිව මම මතු කරපු සංවාදය යටපත් වෙලා පරන ජනප්‍රිය සංවාද කිහිපයක් මතුවෙලා මගේ යුනිකෝඩ් ටික අපතේ ගියා... නමුත් වැදගත් සංවාදත් ස්වල්පයක් මතු වුනා...


ඉතින් ළමයිනේ...., මම කියන්න හදන්නේ මේ ඇනෝ සංකල්පය ඔබ විසින් කෙනෙකුට රිදෙන්න වුනත් තමන්ට කියාගන්න බැරි දෙයක් උණත් ඉතා ඉතා සරල අයුරින් කීමට ප්‍රයෝජනවත් නිසා එය මේ බ්ලොග් අවකාශය තුල ඉතා යහපත් අයුරින් ක්‍රියාත්මක විය යුතුයි... ඇනෝ දාගෙන තමන් දන්නා සියළු නරක වචන පාවිච්චි නොකල යුතුයි..මාතෘකාවට අදාළව සභ්‍ය බසින් අදාල පුද්ගලයාට හිතට දැනෙන්න තම අදහස දැක් විය යුතුයි... මේ ටික තදින් හිතට ගැනීමම දරුවනේ ඉතා යහපත් ක්‍රියාවක්...


ඉතින් දරුවනේ, මම මාතෘකාවේ ලියලා තිබ්බනේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතයි කියලා.. ඒ නිසා මම ඔබට ගෙදර වැඩක් දෙන්නයි යන්නේ.. ඔබට පුළුවන් මේ ලිපියට කමෙන්ට් කරන්න... හැබැයි පහත කොන්දේසි වලට අනුකූලව..


1. ඔබේ ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කිරීම තහනම් වන අතර ඔබ සෑමවිටම ඔබට පහළින් යම් පිළිතුරක් වැටුනොත් එයට පිළිතුරු සැපයීමද ඇනෝ වෙසින් කළ යුතුය...


2. නිර්දය ලෙස විවේචනය කල හැක්කේ මම හා මගේ බ්ලොගය පමණි.. හොඳ කීමටද බාධාවක් නැත.


3.  කිසිදු අසභ්‍ය වචනයක් අන්තර්ගත නොවිය යුතුයි....


4. මගේ බ්ලොග් එක පිළිබඳ හොද සහ නරකද බලාපොරොත්තු  වෙමි.


5. බ්ලොග් අවකාශය පිළිබඳ ඔබේ මතය පළවිය යුතුයි..


6. මාතෘකාවට පමණක් අදාල විය යුතුයි.... බ්ලොග් ලෝකයට පොදු කරුණු සටහන් වූවාට කිසි ප්‍රශ්ණයක් නැති අතර වෙනත් බ්ලොග් අඩවි වල නම් සදහන් කිරීම සපුරා තහනම්ය... 

Wednesday, July 18, 2012

අතන මෙතන බ්ලොග් කාරයෝ මරා ගන්නේ ඇයි...? අයි ඩෝන්ට් නෝ වයි...?

පහුගිය ලිපිය අවසානයේ කියවුන නුවර එලි ගමනේ දෙවෙනි කොටස ලියන්න වෙන්නේ නෑ.. දෙවෙනි දවසේ තියෙන රස මුසු සිද්ධි ලියන්න එපා කියාලා ඉතාම බැගෑපත් ඉල්ලීම් ආව නිසා මා අකමැත්තෙන් උනත් නතර කරන්න හිතුවා.. ඒ ගැන සමාව ඉල්ලන ගමන් කාලීන මාතෘකාවක් ගැන වචනයක් දෙකක් ලියන්න හිතුනා... බ්ලොග් ලියන කියවන ඔක්කොම දන්න පරිදි මේ දවස් වල බ්ලොග් ලෝකය නිකන් බෙංගාල බොක්ක වගේ... හැම තැනම රණ්ඩු.. හින්ට් වගේ දේවල් ගොඩාක් මාරු වෙනවා... නිකන් දාන කමෙන්ට් එක දිහා බලන්නෙත් "අඩේ මූ මට නෙළුවද?" කියලා.. ඒ නිසා පොඩි සිද්ධි කීපයක් එක්ක පොඩි ලිපියක් ලියන්න තමයි මම අදහස් කරන්නේ....



මම බ්ලොග් ගැන දන්නේ මීට අවුරුදු තුනක කාලයක ඉඳන්.. අවුරුද්දක්ම කලේ බ්ලොග් කියවපු එක... ඊට පස්සේ අවුරුදු දෙක බ්ලොග් කියවන ගමන් බ්ලොග් ලිව්වා.. ඉතින් මේ මරා ගැනීමේ අතීතය අර අවුරුදු තුනටත් එහාටත් දිවෙනවා මම හිතන විදිහට... ඒ කාලෙත් විවිධ කල්ලි අතරෙ බ්ලොග් පෝස්ට් වල අනන්තවත් ගැටුම් ගියා.... ටැබූලා, කතන්දරලා (ශේප් එකේ ජාමේ බේරගෙන හීන් නූලෙන්) බියොන්ඩ් ද ෆ්‍රේම් ලා, චමිල ද අල්විස්ලා, මගේ මරණයලා හෙමි හෙමින් මරාගත්තා..... හැබැයි මත වදීමය වශයෙන්... ඊට පස්සේ දුකාලා, සෝඩා ගුනේලා, මාරයාලා (ඒ කාලේ... දැන්නම් පූස් පැටිය වගේ තමන්ගේ වැඩක් බලගෙන හිටියට..) මම, ජ්‍යෝතිශලංකලා වගේ අයත් මරාගත්තා මේ බ්ලොග් කෙරුවාව නිසා.. නමුත් ඒ හැම දෙයක්ම ඉතාමත් හොඳ විනයක් ඇතුව නියම කාරණාවන්ට අදාලව ගිය රණ්ඩු සරුවල්.. එතනින් එහාට කිසිදු සිත් නොහොදක්වත් ඒකට හින්ට් එකක් ලෙස වෙන බ්ලොග් එකකවත් වෙනත් තැනකවත් ඒ කාලේ ඉතා ජනප්‍රිය වුන ගූගල් බස් එකකවත් ගහ ගන්න ගියේ නෑ... එය ඉතාම වැදගත් වලියක් බවට පත් වුනා... ඉතාම දැඩි වදන්වලින් බ්ලොග් හරහා ගිය ගැටුම් වල ගන්නට දෙයක් තිබුනා....


ඒත් අද? බ්ලොග් කරුවන්ගේ පෞද්ගලික ජීවිතත් බ්ලොග් වලට සම්භන්ධ කරගෙන තමයි පෝස්ට් ලියැවෙන්නේ... ඒක ඉතාම නරක වැඩක්.. පහුගිය දවසක අළුතෙන්ම කළ එළි බැස්ස ඇනෝ අඩවියක මම ඉතාමත්ම වැදගත් කමෙන්ට් දෙකක් දැක්කා.. ඒ තමයි මේ පහළින් තියෙන්නේ...



අද සිංහල බ්ලොග් අවකාශයට වෙලා තියන දේ බැලුවම නම් හරිම දුකයි. මේ සිංහල යුනිකෝඩ් හැදුවට පස්සේ ලස්සනට ගලාගෙන ආපු සිංහල බ්ලොග් අවකාශය අද තියන තත්වය හරිම ශෝචනීයයි, කාලිංග,ධනික,සුදාරක,ඉන්දරේ,මලින්ත,පහන්,වැප්,ලසිත්,ආනන්දවර්ධන,ටැබූ,මලී,රංගි,ලිශාන්,චමිල,අසංකා,දුකා,කතන්දර,සුපුන්,පැතුම්,මරණේ,රචින්ත,වරුණ,කැළුම්,පස්සේ කාලේ මාරයා,බුද්ධි,දිල්සරා,දුමී,සදරු,චානුක වත්තේගම,බ්ලොග් ගඩොල්,තරිදු,කුමුදු පිංතු, තව නම් ගොඩක් තියනවා,,මේ ඒ අය ගොඩ දාපු,ලස්සන කරපු බ්ලොග් අවකාශය තොපිලා කන්නේ, පලවෙනි අවුරුදු උත්සවේ,ඉලන්දාරියගේ මිනිය උඩින් නැගිටපු ඒ එකමුතු කම අද වෙනකොට විනාශ කරලා ඉවරයි. අද තියෙන්නේ ලස්සන සිංහල බ්ලොග් අවකාශයක් නෙමේ, ගොඩක් සිංහල බ්ලොග් නම් තියනවා බලන උනුත් ගොඩක් ඉන්නවා,,ඒත් මේක තනිකර වැසිකිළියක්,ගොඩක් කමෙන්ට් වැටුනට උබලා හිතන්න එපා මේ ලියන ඒවා ලස්සනයි කියලා,,ඒවා තිබුනා සිංහල බ්ලොග් පටන් අරගෙන අවුරුදු 2ක් විතර යනකන්,,අද ඒවා නෑ.ආයේ ඒ වගේ කාලයක් එන්නෙත් නෑ.... 

Post a comment.

Unsubscribe to comments on this post.

මෙන්න මේක තමයි එදා මෙදා තුර බ්ලොග් වෙනස වෙනුවෙන් මම දැක්ක හොඳම කමෙන්ට් එක.. බ්ලොග් තුල වාද කිරීමේ ගතිය ඒ කාලේ ඉතාම හොඳින් තිබුනා.. සමහර ආගම්වාදී බ්ලොග් තුල අපි මතවාදීමය අයුරින් මරා ගත්තා.. ඒ වගේමයි බ්ලොග් ලිපි වලට අභියෝග කරමින් අපි ලිව්වා.. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි.. මේ තියෙන්නේ බියොන්ඩ් ද ෆ්‍රේම් අඩවියේ තිබ්බ ලිපියක් විවේචනය කරලා මම 2010 ලියපු ලිපියක්. ඒ වගේම මගේ අර තිබ්බ ටැබුයි කතන්දරයි ඇනෝයි එක්කෙනෙක්ද කියලා දාපු ලිපි තුනක්.. ඒක වෙන අරමුණකට දැම්මත් එය ඉතාම ඉහළින් විවේචනයට ලක් වුනා... ඊට පස්සේ මගේ හිට් ලිස්ට් එකේ උඩ තියෙන එක.. ඒකත් විවේචනයට දැම්මා.. නමුත් ඒ එකක්වත් බ්ලොග් ලෝකයෙන් පිටට ගියේ නෑ.. පෞද්ගලික කරුණු ඉලක්ක කරගෙන බැන ගත්තේ නෑ.. 

නමුත් අද? මම හිතන විදිහට මේ තත්ත්වයනම් ඉතාම වේගයෙන් වෙනස් විය යුතුයි.. එහෙම ගියොත් අපිට කියවන්න ඉතිරි වෙන්නේ ලපටි බ්ලොග් කිහිපයක් විතරයි.. ලපටි කියන එකෙන් මම කලේ බ්ලොග් බාල්දු කිරීමක් නෙමෙයි.. හතු පිපෙන්නා වගේ එන අළුත් බ්ලොග් විතරයි.. දැනටමත් පරන බ්ලොග් රාශියක ලිපි වැටෙන්නේ ඉතා කලාතුරකින්... ඒ වගේම අළුත් බ්ලොග් වල පරන බ්ලොග් වල වගේ රසවත් ලිපි වැටෙන්නෙත් ඉතා කලාතුරකින්.. හැම තැනකම තිබෙන සමබරතාවය බ්ලොග් ලෝකයේත් තිබිය යුතුයි.. පරණ කාලයේ තිබ්බ වැදගත් බ්ලොග් අතරට, මගෙ බ්ලොග් එක වාගේ මෙලෝ වැඩකට නැති ඒවත් තිබ්බ එකෙන් ඒ සමබරතාව රැකුනා කියලයි මට හිතෙන්නේ.. පිස්සාත් ඔළුව වනාවි මාත් එක්ක එක පෙළට...

බ්ලොග් ලිපි අතර රණ්ඩුව තියෙන්නේ ඒ අදාල බ්ලොග් වල විතරයි... එය පිළිළයක් ලෙස බ්ලොග් ලෝකය පුරා පැතිරවිය යුතු නෑ.. අනේ මගේ යාළුවාට මුන් කෙළලා කියාගෙන තමන්ගේ බ්ලොග් එකට එන ඌටත් නිකරුනේ අවි අමෝරාගෙන පහර දෙන්න සූදානමින් සිටීම නොකල යුතු දෙයක්.. ඒ වගේමයි.. බ්ලොග් රණ්ඩුව එතනින් ඉවර කර ගත යුතු දෙයක්.. නැවත අළුත් කාරණයක් නිසා රණ්ඩු විය යුතුයි... නැත්නම් මේකත් දේශපාලනීකරණය වේවි... 

අනික තමන් ලියන දේට එරෙහිව කවුරු හෝ යමක් ලිව්වොත් එය දරාගැනීමේ හැකියාව ඉතා දැඩිව කතෲ සතු විය යුතු වෙනවා... ඒ වෙනුවෙන් බැනුම් ඉවසිය යුතු වෙනවා.. මොකද ඔවුන් අදහස් දක්වන්නේ තමන්ගේ ලිපිය ගැන නිසා... පසුව ඒ පිළිබඳ තම මතය ප්‍රකාශ කිරීම තමයි වැදගත් මම හිතන්නේ... මම දන්නවා.. මේ ලිපිය පරන බ්ලොග් කරුවෝ ගොඩාක් දෙනෙක් කියවයි... ඔබගේ කමෙන්ටුයි වැදගත්... මේ මාගේ අදහසයි... බ්ලොග් ලෝකය අගාධයට යා නොදී රැක ගැනීම ඔබ අප සතු වග කීමක් ලෙස මා දකිනවා... ඒ නිසා පරණම, මධ්‍ය හා නවක බ්ලොග් කරුවන්ගේ අදහස් ඉතාම වටිනවා... මම හිතන්නේ ඔබේ අදහස් ඉතාමත් නිර්ව්‍යාජව මෙහි පළකරාවි...

ප.ලි. : ඊයේ වගේම අදත් හෙටත් මගේ බ්ලොගය ඇනෝලට විවෘතයි. ඒ නිසා ඇනෝ කියන සංකල්පෙට ලැජ්ජා කරන්නේ නැතුව වෙන මිනිස්සුන්ට හිරිකිත නැතුව කියවන්න පුළුවන් වෙන විදිහට ඔබ කමෙන්ට් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා... ඇනෝ සම්භන්ධව රනා, අර අළුත් ඇනෝ සයිට් එකට දාපු කමෙන්ට් එකකුත් දාලම ලිපිය කියවන්න කැමතියි...

රනා has left a new comment on the post "[පාඨක ලිපි] ගල්කාරයෙක්ගේ නිරුවත": 

ඇනෝනිමස් සංකල්පයෙන් මීට වඩා ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවං බං...
උදාහරණෙකිං පැහැදිලි කරන්නං.

ඇනෝනිමස් සංකල්පය කියන්නේ නිකං "යුද්ධ ටැංකිය"ක් වගේ සීන් එකක්.
උඹ මේ කරන්නේ පොඩි කොල්ලෝ සෙට් දෙකක් ජංගි සීන් එකකට ගහගන්න කොට මැද්දට යුද්ධ ටැංකිය බස්සලා වැඩ දානවා වගේ සීන් එකක්.
යුද්ධ ටැංකිය පීචං කරන්න එපා බං.

ජය වේවා!!! 

Post a comment. 

Unsubscribe to comments on this post. 



පසුව ලියන සටහන : හැමෝගෙන්ම ඉල්ලන්නේ බොර දියේ මාළු බාන්න හදන්න එපා..... ඔබට ඇනෝ නිදහස දීලා තියෙන්නේ වෙන බ්ලොග් ගැනවත් වෙන බ්ලොග් කරුවන් ගැනවත් කියන්න නෙවෙයි.... මේ කරුණු ගැන කියන්න විතරයි.... මා බ්ලොග් ලෝකයේ ලද දරුණුම පරාජය මේ බ්ලොග් එකේ කමෙන්ට් මොඩරේට් කිරීමට සිදු වීමයි....

Saturday, July 14, 2012

නුවර එළි ගමන... 1. අප්පච්චි වෑන් එක ගන්නද මම.....

මේ ගමන ගැන මතක් වුනේ පහුගියදා වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයට මම විසින් පැවැත් වූ අභියෝගතා පුහුණු වැඩමුළුවට, මේ ට්‍රිප් එක ගිය සහෘදයෙක්  සහභාගී වී ඔහු විසින් මේ සිදුවීම් මාලාවම නැවත ආවර්ජනය කල නිසයි.. මේ සිද්ධිය වුනේ මම පාසලින් සමු අරන් රැකියාවකට ගිය අළුතම වගේ කාලෙක.. ගෙදර රැකවරන ලබමින් සිටිය කාලයේ... පාසලින් සමු අරන් හිටපු යාළුවෝ ටික සෙට් වුනා ට්‍රිප් එකක් යන්න.. නුවර එළියේ දවස් දෙකක්.... යන්න තීරණය උනේ අපේ ගෙදර තිබ්බ වෑන් එකේ.. උන්ට පොර ටෝක් දුන්නට අපේ අප්පච්චි මට ඕක දුන්නේ ගේට්ටුවෙන් ඇතුලට දාන්නයි එළියට දාන්නයි විතරයි... ඒත් ඉතින් ඕවා කියලා මොකට බයිට් වෙනවද මුන්ට... පළවෙනි ලොකුම මෙහෙයුම තමයි වෑන් එක නිදහස් කර ගැනීමේ මෙහෙයුම... අප්පච්චි හපි මූඩ් එකක ඉන්න වෙලාවක් බලලා ඔන්න දැම්මා මුට්ටිය...


අප්පච්චි.. අපි ටික ට්‍රිප් එකක් යනවා නුවර එලියේ.. ඊලඟ සති අන්තේ...


කවුද අපි ටික...?


මමයි, කමලුයි, දමියයි, සුගයි, තව දෙන්නෙකුයි...


ම්ම්... ඉතින්...?


වෑන් එකේ යන්න හිතුවේ.. එතකොට ඩීසල් වියදම විතරනේ....


එතකොට කවුද එළවන්නේ....?


මමයි, කමලුයි, සුගායි... තුන් දෙනාටම ලයිසන් තියෙනවනේ...


උඹලට තනියෙන් යන්න දෙන්න බෑ... එහෙනම් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න.... නැත්නම් දිදුල අයියව අඩ ගහගන්න...


මෙහෙමවත් ඕකේ වෙච්ච එක ලොකු දෙයක් නේ... විකල්ප දෙකෙන් මම තෝරගත්තේ දිදුල අයියත් එක්ක යන එක.  මොකද දිදුල කියන්නේ මගෙම ලොකු අක්කගේ මහත්තයා.. ඒ කාලේ හිටපු වන් ඇන්ඩ් ඔන්ලි මස්සිනා... ඉතින් පොරටත් කථා කරලා ගෙන්නගෙන ගමන් යන්න සෙට් වුනා...


ඊලඟට අමුද්‍රව්‍ය. කොල්ලො කීප දෙනෙක් ට්‍රිපක් යද්දි වැඩියෙන්ම ඕන වෙන්නේ මත්පැන් නේ.. ඒ වගේම අවශ්‍ය වෙලාවට ගුවන් ගත වීම සඳහා අවැසි දේවල්... ඉතින් ඔය ඔක්කෝම සූජානම් කරගෙන ගමන යන්න පිටත් වුනා,,, කට්ටිය අටයි. පළවෙනි දවසේ නුවර එළිය හරහා බන්ඩාරවෙලට.


දැන් ඉතින් යනවා.. කුරුණෑගල ලිමිට් එක පැනපු ගමන් සියළු බෝතල් විවෘත වුනා... රම්බොඩ හරිය පහු කරද්දි ඔක්කොම අසිහියෙන්.. ඒ එක්කම ඉංදික කියලා පොරක් අහකටම කට්. එතන ගිය උන්ගෙන් හිරෝන් බොන්නේ නැති කොල්ලෙක්.. ඌට වෑන් එක දීලා අයියත් පස්සට ආවා... දැන් හෙමින් හෙමින් වැඩේ යනවා... අතරමග සිද්ධි නෑ... නෑ නෙවෙයි තියෙනවා.... ඒ වුනාට මතක නෑ.... ග්‍රෙගරි වැව ලඟ පිස්සු නටලා අන්තිමට ගියා කාගිල්ස් එකට රෑට උයන්න බඩු ගන්න... දැන් ඉන්දික ජනේලෙන් එලියට ඔලුව දාගෙන කබරයා පාර.. ලැජ්ජාවේ බෑ..... හරියටම වාහනේ නවත්තලා තියෙන්නෙත් ෆුඩ්සිටි එකේ ප්‍රධාන දොර ලගමයි.... එක පාරටම  ෆුඩ් සිටියෙන් එළියට ආවේ වයසක විදේශික යුවලක්.... එළියට ඇවිත් තුන් රෝද රියකට කථා කරන ගමන් අපේ වෑන් එක කිට්ටුවෙන් ගියා... එක පාරටම


ඕවැඇඇඇඇඇඇඇඇඇක්..................


හයියෝ සංසාරේ.. ඉවරයි සුද්දෝ.... මුන්ට සිද්ධිය පැහැදිලි කරන්න අපි ඉංගිරිසි දන්නවා කියලයැ... උන් පොලිසි යන එක නවත්තන්න නොවැන්ද එක විතරයි... අන්තිමේට ඒක ශේප් කරගෙන මම කවදත් බන්ඩාරවෙල කැමතිම නවාතැන වෙච්ච වැල්හේන අන්කල්ගේ ප්ලේස් එකට ගිහින් ආයෙත් පන්දම් පත්තුකරගෙන කට්ටිය අභ්‍යාවකාශ ගත වෙලා... නින්ද ගිය හැටි මතක නැති නිසා ඒ ගැන කියන්න වෙන්නෙත් නෑ... පහුවදා පාන්දර ඇහෙනවා


ජරාස්.... ජරාස්.. කියලා වතුර සද්දේ.. නැගිටලා බැලුවා... අනේ අපි නැගිටලා උගේ සායම යවන්න කලින්ම ඉන්දික මල්ලි වාහනේ හෝදනවා.... දෙවෙනි දවසේ අපි ගියේ ලෝකාන්තය බලලා ගෙදර එන්න.. අම්මාගේ මාමා කොත්මලේ හොලිඩේ රිසෝට් එකේ මැනේජර් වෙලා හිටපු නිසා එහෙ යන්නත් උවමනාවක් තිබ්බා... දැන් පිටත් වුනා.. එදා දවසේ ඉන්දිකගේ උදාන වාක්‍යය උනෙත් 


"අම්මෝ... අදනම් මම බොන්නේ නෑ...."




කොල්ලෝ ඉතින් කොහොමත් ට්‍රිප් යන්නේ ඔහොමනේ.. ඒ කාලේ කරපු ගොඩාක් දේවල්වල හොඳ නරක අපිට දැනුයි තෙරෙන්නේ... ඒත් එහෙම නොකරපු කොලු කාලෙන් වැඩක් නෑ කියලත් යටි හිත කියනවා.... දෙවෙනි දවසේ කෑලි ටික අරන් ඉක්මනටම එන්නම්.. එතන තමයි හොඳම ටික... ලැජ්ජාවේ උපරිමේ තියෙන්නේ...


ප.ලි. මෙතුවක් කල් බ්ලොග් ලෝකෙට නාපු මාතෘකාවක් එක්ක අළුත් බ්ලොග් එකක් ඇවිත් තියෙනවා මෙන්න.. මට මේක කියවද්දි නිකන් දියත අතිරේකය කියවනවා වගේ දැනුනේ.. සමාජයේ එක් තරා කාලයක වූ අඳුරු පැතිකඩක් අපූරුවට හෙළි කරාවි.. ඒ අපේ සුමිත් නිරිඇල්ල අයියගේ  ප්‍රහාරය කියන බ්ලොග් එක.. මේ පාරෙන් ගිහින් කියවන්න එහෙනම් කට්ටිය....

Monday, July 9, 2012

යළි පිබිදීම සහ තවත් බ්ලොග් සම්මාන උළෙලක්....

ජීවිතේ හරිම පුදුමයි.... මිනිස්සු කෙළින් එද්දි මිනිස්සු ඔහු වටේ එතෙනවා.. යන්තම් හරි ඇලවෙනවා කියලා හිතෙද්දි මිනිස්සූ ඔහු වෙතින් පලායනවා.. ඒ විතරක් නෙවෙයි ඔහු වටේ ඉන්න සුහද මිනිසුන් පවා ඈත් කරන්න උත්සහ කරනවා... සෙනසුරු අපලෙට විෂ්ණු දෙවියොත් බට කොල කෑවානම් අපි ගැන කවර කථාද?  මිනිස්සු වෙන අපිට ඒවා දරාගන්න අමාරු වුනත් මලියදේවයේ ශිෂ්‍ය නායකයෙක් විදිහට ගත කරපු අවුරුදු තුනේ ජ්‍යේෂ්ඨයෝ වද දිදී අපිව පුරුදු පුහුණු කලේ මෙන්න මේ වගේ කාලවලදි නොසැලී ඉදිරියට යන්න වෙන්න ඇති... පසුගිය කාලවලදී ඇනෝ ප්‍රහාර මෙන්ම නාමික චෝදනා වලට මාව ලක්වුනා මම බලාගෙන හිටියා.. මගෙන් උදව් අරන් මගෙන් කාලා බීලා තියෙන අයත් මට පයින් ගහන තත්ත්වෙට ආපු වෙලාවල් තිබුනා.. හෙටත් එහෙමම ලක්වේවී.. ඒත් ඒ හැමෝම නැවත මම ලඟට ඒවි... ජීවිතේ හොඳම පන්නරය ලබපු කාල සීමාව නිමා කරමින් මම අද යළි පිබිදීමකට ලක් වුනා..ඒ කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ සිහිනයක් සැබෑ කර ගනිමින්.. හොඳ වෙලාවට මම ලංකර ගත යුතු මිනිස්සු කවුද? නොකර ගත යුතු මිනිස්සු කවුද? කියන එක ගැන පූර්ණ අවබෝධයක් ලබා දුන් ඒ කාලයට ස්තූතිවන්ත වෙමින්... අළුත් වැඩේද? ඉදිරියේදී ජන මාධ්‍ය වලින් එය ඔබ වෙතට ඒවි.

<නයා> අදින් පසුව මගේ ව්‍යාපාරය ඔබට හමුවෙන්නේ නව මුහුණුවරකින්... එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැශනල් සමාගමේ නිල වෙබ් අඩවිය සමඟ අළුත්ම හෝටල් සොයාගැනීමේ පහසුව සඳහා විසිට් ලංකා නමින් අළුත් වෙබ් අඩවියක් ඔබ සඳහා විවෘතයි.. එය ඔබට ඕනම දිස්ත්‍රික්කයක නවාතැන් සොයා ගැනීම සඳහා මහෝපකාරී වේවි.. ඊට අමතරව අපේ දුරකථන මාර්ග විවෘතව තියේවි.

ඒ වගේම අප මෙහෙයවන චාරිකා සහ පුහුණු වැඩමුළු පිළිබඳ ඡායාරූපත් මූණු පොතේ මේ පිටුවෙන් ඔබට බලා ගත හැකි වේවි.. පුළුවන්නම් ගිහින් ලයික් කරලා එන්න... ඔබගේ සේවා සඳහා විශේශ වට්ටම් ලබා ගැනීමට එය ප්‍රමාණවත් වේවි.... 

ඒ වගේමයි, ඉදිරියේදීත් බ්ලොග් අවකාශය වෙනුවෙන් යමක් මගෙන් සිදුවිය යුතුනම් එය ඉටු කිරීමටත් මම පැකිලෙන්නේ නෑ.. බ්ලොග් කරුවන් ගිණුමක් අරඹන තත්ත්වෙකට ඇදගෙන ඇවිත් ඒ ගිණුමේ රුපියල් 60000.00ක මුදලක් තැන්පතුවක් ලෙස ඉතිරි කිරීමට සුළුවෙන් හරි දායක වීමට ලැබීමත් මගේ ජීවිතයේ සනිටුහන් වන සතුටට කරුණක්.. ඉදිරියට එන බ්ලොග් කරුවෝ එය වග කීමෙන් පරිහරණය කරගෙන පවත්වාගෙන යාවි. ඒ වගේම ඉදිරියටත් බ්ලොග් කරුවන් හා බ්ලොග් කාරිනියන් වෙනුවෙන් අවැසි දේ කිරීමට මම පසුබට වෙන්නේ නෑ.. ඒ වගේමයි අතීත කාලය පුරා බ්ලොග් කරුවන්ගෙන් මට ලැබුණ උදව් අසීමිතයි... දුමියා, ඕනය, වැපා, ඔබා, සිංහයා, දුකා වගේ බ්ලොග් කරුවන් කරපු උදව් මට අද වගේ තාමත් මගේ හිතේ රැදී තියෙනවා... ස්තූතියි සහෝදර වරුණි... ඊලඟ 20 වෙනිදාට අපි අළුත් තැනක පදිංචියට යනවා... ඔබට හැකිවේවි අපිව කොළඹ නගර සීමාව තුළදී මුණ ගැහෙන්න. අළුත් ලිපිනය අපි ඊලඟ ලිපිය තුලින් දන්වනවා.. ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් එහිදී මුණ ගැසී සාකච්ඡා කරමු. <\නයා>


මගේ නයා ඉවරයි.. දැන් මොකක්ද මේ බ්ලොග් සම්මාන උළෙල.. අපේ බ්ලොග් කරුවන් විසින්ම කරගෙන යන බස් රේඩියෝව වෙතින් තමයි  මේ සම්මාන ප්‍රදානෝත්සවය තියෙන්නේ... මම හිතන්නේ එය බ්ලොග් කරුවන්ට නැවුම් අත් දැකීමක් වේවි... මේ පහත තියෙන්නේ ඒ වෙනුවෙන් වූ තොරතුරු... මේක අහගෙන හිටියොත් තවත් විස්තර අහන්න පුළුවන් වෙයි ඔබට.


මේ තියෙන්නේ අදාල සින්ඩිකේටරය.. මෙතන දකුණු පැත්තෙන් පුළුවන් ඔබේ බ්ලොගය ඒ වෙනුවෙන් තරඟ කිරීම සඳහා ඇතුල් කරන්න... ඔන්න බ්ලොග් කරුවන්ට හොඳ අවස්ථාවක්..

එහෙනම් අදට ලිපිය ඉවරයි... ඉල ඇදෙන සිනා මාලවක් සමඟින් තමයි ඊලඟ ලිපියෙන් අපි හමුවෙන්නේ... ඒ මදකලකට ඉහතදී ගිය නුවර එළි ගමනක මතක සටහන් පෙළක් අරන්....

ප.ලි. හැඩි දැඩි ශක්තිමත් කොල්ලො ඉන්නවානම් තවත් එකෙක් සෙට් කරගෙන ඒකට කෙල්ලෝ දෙන්නෙකුත් රෙඩි කරගෙන සූදානමින් ඉන්න....


ප. ප. ලි. සනත් විජේවර්ධනයන් (ඔබ්සර්වර්) වෙනුවෙන් වූ පාසැල් පුස්ථකාලය ඉදි කිරීම ගැනත් මේ දිනවල අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලය සමඟ සාකච්ඡා කරමින් යනවා.. එහි වැඩි විස්තරත් ඔබට ඉදිරියේදී දැන ගැනීමට හැකි වේවි.

Thursday, July 5, 2012

තැටිය රත් වෙච්ච වෙලේ රොටිය පුච්ච ගන්න ඕන..... කෙටිම පෝස්ට් එක.....

මම දාන්නේ අද මගේ ජීවිතේ ලියන කෙටිම පෝස්ට් එක..  බ්ලොග් අවකාශෙට මම ආවේ මීට අවුරුදු දෙකකට චුට්ටක් කලින්... එදා ඉඳන් අද වෙනතුරු මම මොනාහරි දෙයක් කරමින් ප්‍රශංසා ලබමින්, නින්දා ලබමින්, බ්ලොග් අයට රැකියා හොයලා දෙමින් මඟුල් කපුකම් කරමින් තවත් නොයෙක් දෑ කරමින් කාලය ගත කලා... සමහරුන්ට මඩ ගැහුවා.. සමහරුන්ට ප්‍රශංසා කලා... සමහරුන්ට බැන්නා... තවත් සමහරුන්ට පවුලේ අයට වගේ ආදරේ කලා.... මේ මල් සහ ගල් මැදින් මම මෙච්චර දුරක් ආවා.... ඉදිරියටත් මම යනවා මගේ ගමන මේ මම ආපු විදිහටම... 


මෙන්න මගේ පාඨකයිනි.... ඔබ මේ කියෙව්වේ.............




පප්පර පෑ.......න්.. පා... පා... පා... පප්පර පෑ..........න්......




ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න බ්ලොගයේ, 

විජයග්‍රාහී.......



දෙසිය වන සටහනයි...........!

ප්‍රශංසා, නින්දා කරමින් දුකේදී සැපේදී සිටිමින් මට සහය වූ මගේ සියළුම පාඨකයින්ට කරුණා පෙරදැරි හදවතින් පුදමි.

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...