Saturday, January 8, 2011

අප්පද බොල මෙහෙමත් හීන...... සැබෑ ලෝකෙ හීන.....

දෙසැම්බර් මාසය ගෙවිලා ගියා... අනේ අම්මේ රට ඉදන් ආපු යාළුවෝ කන්දරාව.. එහෙම කිව්වට 5 දෙනයි ආවෙ... උන් මට කරපු විනාසෙක තරම අම්මපා... ගන්න දෙයක් නෑ.. මම මේ දවස්වල ඉන්නෙ නෝන මහත්තයලගෙ ගෙදරනේ... ඉතින් මේ රට ඉදන් ආපු යාළුවෝ පස් දෙනාම මට තෑගි බෝග ගෙනත් තිබ්බා... දෙයියනේ කියලා පස් දෙනාම පිළිවෙලින් ගෙනාපු තෑගි භෝග තමයි මේ... අපේ ලොකු අයියා (පරණ සිංදු දෙන්නේ) චිවාස් රීගල් එකක්, සුගත් කියලා එකෙක් ආවා අමරුල්ලාද මොකක්ද කියලා ජීවිතේට අහල නැති කොක්ටේල් ඩ්‍රෙසිං එකක් අරන්... නිරෝශ් ආවෙ බ්ලැක් ලේබල් එකක් අරන්... කසුන් ආවෙ රෙඩ් ලේබල් එකක් අරන්... අනිත් එකා ආවෙ හෙනසි එකක් අරන්... අනේ අම්මපා මුංට ගේන්න වෙන දෙයක් තිබ්බෙම නැති හැටි... ලොකු අයියට නම් මම දුන්න ඇනවුමක්..ඒත් සල්ලි ගත්තේ නෑ...ඒකට නම් දෙනවා ගේම කවද හරි... ඔය දුමීලා වැම්පයර්ලා පුතාලා පිස්සලා දිනේශ්ලා එහෙමත් රට ඉඳන් එනවනෙ කියලා මතක් වෙද්දි ඇඟ හීතල වෙනවා... මොකද අහිංසකව ඉන්න මට මේවා තෑගි විදිහට හම්බෙද්දි අපේ හාමිනේලගෙ ගෙදර ඇත්තෝ මම ගැන මොනවා නොහිතාවිද? ඒත් ඉතින් හිත හොඳින් දෙන දේ කොහොම එපා කියන්නද? සිනා පාල භාර ගත්තා අන්තිමේදී....

කලින්ම කියන්නේ මේ පෝස්ට් එකේදි මම මේ බ්ලොග් ලියන හිතවතුන් කීප දෙනෙක්ගෙ නම් සඳහන් කරනවා..ඒත් ලින්ක් දාන්නේ නෑ, මොකද එහෙම කලොත් මේ පෝස්ට් එකේ ලින්ක් දාලා ඉවරයක් කරන්න වෙන්නෙ නෑ... ඒ නිසා කවුරුත් ඒ ගැන තරහ ගන්න එපා... කතාව මම සැබෑ ජීවිතේදි දකින සිහිනයක් ගැන... මම හිතන්නේ මම පහුගිය පෝස්ට් එකේ මම ඒ සිහිනේ ගැන දැම්මා... අප්පට සිරි කමෙන්ට් වැටුනා ඕසෙට... ප.ලි. කෑල්ලට කමෙන්ට් කරලා තමයි සමහර අපේ අය අවුරුද්දට සුභ පැතුවේ.... ඉතින් මෙහෙම එකක් උනොත් කියලා මගේ හිතේ ඇඳුනා පොඩි චිත්‍රයක්.. ඒ කියන්නේ අපි මේ බ්ලොග් අවකාශයේ ඉන්න නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඔක්කොම එක දවසක දවල්ට සෙට් වෙලා නිකන් පොඩි ගෙට් ටු ගෙදර් එකක් වගේ ෆන් එකේ ගියොත් කොහොම වෙයිද කියලා.... මේකෙ චරිත කිහිපයක් මම හිතුවා.... ඒ ඉතින් මම එක්ක කතා බහ කරලා පොඩි ඇයි හොදයියක් තියෙන අය මිසක්, ඒ සඳහා මිනුම් දන්ඩක් පාවිච්චි කරලා තෝරගත්ත කට්ටිය නෙවෙයි.... හරි දැන් පාටියට යමු...



ඔන්න ඉතින් අපි උදේ රැස් වෙනවා... දුමීලා දුකාලා මැද පෙරදිග අරාබි කබා එහෙම ඇදගෙන එන්නෙ.. පුතත් එන්නෙ ඔටුවෙක් පිටේ එහෙම නැගලා... කතන්දරත් තට්ටෙට දිලිසෙන්න තෙල් ටිකක් ගාලා, අර ෆ්‍රේම්ලස් කණ්ණාඩියෙන් වියත් බැල්මක් දාලා එහෙම තමයි එන්නෙ.. ඔය අතරෙ වැප්, මගේ මරණය, නිශ්, සංසාරසිඳු, ජේඩී, රනා, එහෙම කලින්ම ඇවිත් කට්ටිය පිලිගන්න.... පබළු, ජනිතා, ජනනි නංගිලාත් උන්ට එකතු වෙලා කැකිරි පලනවා... ඩෙනිමට උඩින් ටී එකක් බස්ස ගත්ත පිස්සයි, කලිසමට යට කරලා මැදපු ෂර්ට් එකකින් සැරසුනු මාරයයි දෙන්නත් ලස්සනට එද්දි ඔතනට තඩි හාලි බයික් එකක් එනවා... ඒකෙ එන්නෙ කවුද? බදුල්ලෙ ඩොටේ ඉදන් පාත් වෙන ෆා ද බ්ලොගීයි පුවත් මවන කුශාන් ලොක්කයි..ඊයෙ රෑ ඉදන්මලු එන්නේ..... කොල්ලෝ ගැන්සියක් කෙල්ලෝ ටික දිහාට ඇහැ දාගෙනම එකට බහිද්දි කට්ටියට තේරෙනවා පිස්සු පූසෝ රංචුව කියලා... ඒ අතරෙ ජීවිතේ මල් නංගි, අන්ශුවා සුදු හංසි, හිරු ප්‍රභා කට්ටියත් හිචි හිචි ගගා එද්දි වැප්ලා මරනෙලාටත් පොඩි කිචියක් එහෙමත් එනවා... අනුරාධ එන්නෙ තඩි කැමරාවක් අරගෙන... අහ්.. මකරා... චානක මල්ලි මකර මූනක් දාගෙන තමයි එන්නේ... අර චෙස් ශූරයත් එක්ක ගහපු පොටෝ එකත් පපුවෙ ගහගෙන එන්නෙ... දෙපැත්තට කරේ එල්ලගත්තු බෑග් තඩියෙ ඔබා ගත්තු ලැප්ටොප් එක ගැන හිත හිත මේ පැද්දි පැද්දි එන්නෙ ප්‍රියන්ත... උදේම නුවරින් පිටත් වෙන්න ඇති පව්... කවුද මේ කලු ලෝගුවක් ඇදගෙන බහින්නේ.. ආ වැම්පා මලයා... කොල පාට බෝතලේකුත් තියෙනවද මන්දා අතේ... අනිත් අතේ රිඳී හැන්දකුත් තියෙන්නෙ. මෙලෝ පිළිවෙලක් නැතුව කවුද මේ.. ආ.. අකේලේ හම්... තවත් කට්ටියක් කවුද? ඔහ් වාසල, රොයිලි බයිස්කෝප් ගැන්සිය... කවුද මේ කොල්ලො කෙල්ලෝ රංචුවක් එන්නේ... ආ.. හසී පවුල... මැද එන කොට ඩයල් එක පිස්සු හසියා වෙන්න ඇති.. ඔව්නෙ බිලී පිත්තකුත් අතේ තියෙන්නෙ.. සොඳුරු සිතේ වත් එක්ක එන පොඩි ගෑණු ළමයා හා පැටික්කි වෙන්න ඇති.. දෙන්නම මාතර නෙ... රතු පාට ශර්ට් එකක් ඇඳගත්තු ඇට මැස්සත් බරට අඩිය තිය තිය එන ටැබූත් ටිකක් වෘත්තීමය පෙනුමක් තමයි පල කරන්නේ.... ඩෙස්මන්ඩ් මොරිස්ගේ පොතකුත් තියෙනවා කිහිල්ලේ.. රංගත් කවුදෝ කෙල්ලෙක් එක්ක හෙමින් පාත් වෙනවා කෙල්ල නම් කැරොකි ක්ලබ් එකකින් ඊයෙ රෑ සෙට් කර ගන්න ඇති...(මේකට නම් මට හිනා ගියා). ඇස් දෙක රතු කරගෙන විටක් එහෙම හපාගෙන ඊයෙ බීවා වගේ එන්නෙ රවා..ඒ කියන්නෙ තුෂාර රවීන්ද්‍ර මලයා... මේ ඔක්කොමත් ඇවිත් අන්තිමේට කිසිම දෙයක් සිඳු නොවුන ගානට ශර්ට් එකකුත් උඩින් දාගෙන පොඩි උඩු රැවුලකුත් තියාගෙන කවුද මේ එන්නෙ කූල් එකේ..අනේ හද ගී පොත. තිස්ස අයියා... ඊට පස්සෙන් අස්සයා මැරිලා කඩුවත් නැති කරගෙන වගේ තංගල්ලෙ ඉදන් පයින් එනවා වගේ එන පොඩි දරුවා සෝරෝ... ඔන්න මතක් උන අයයි නැති අයයි දැන් ඇවිත්.. නැත්නම් ඉවරයක් වෙන්නෙ නෑ මේක.... ඒ අස්සෙ කවුද අර කලබලේ බොන්ගෝ එකකුත් පිටේ එල්ලගෙන දුවගෙන එන කළු තඩියා.. ආ..මගේ සඳ ලියන පසන් මල්ලි...


දැන් ඔන්න පටන් ගත්තා ගෙට්ටුව.... මොකුත් කතා පැවැත්තිලි නෑ... ඔක්කොම තම තමන්ව අඳුන්නලා දුන්නා.. වැඩේට ටිකක් වෙලා ගියා... කණ්ඩායම් වගේ බෙදිලා පොඩි ගේම්ස් වගේකුත් කරලා පොඩි සුහදත්වයක් වර්ධනය කර ගත්තා.. දැන් ඉතින් එකම පවුලක් වගේ.... බිරින්දෑවරු බ්ලොගියන්ටත් ස්වාමිපුරුෂයින් බ්ලොගයින්ටත් දුවා දරුවො වෙනම ලෝකයකටත් අවතීර්ණ වෙලා මේස ටික එහෙම එකතු කරගෙන දැන් තම තමන්ගෙ එක එක චොයිස් වලට සෙට් වෙලා... කාන්තාවො ටික සෙට් උනාම ආයේ දන්නවනේ.. කකුලෙ ගාන ඒවා.. මූනෙ ගාන ඒවා... ලමයා ලොකු කරගන්න හැටි. උයන පිහන හැටි (ඒ කතා වලට වැම්පාත් ගිහින් පොඩි ටෝක්ස් ටිකක් දීලා එනවා...) රස්සවලට යන හැටි මේ ඔක්කොම ගැන කතාව... පිරිමි ටික බස් එකක් අරන් කොළඹ වටේ ගිහින් ආවත් කිසි කෙනෙක් දන්නෙ නෑ....

පිරිමි දරුවො ඉතින් එක වැඩකට සෙට් උනා... සංවිධායක මණ්ඩලේ සැර බීම අත හැරලා තිබ්බ නිසා තම තමන් ගෙනාපු නෙක නෙක බෝතල් ටික මේසෙට වැටෙන්න පටන් ගත්තා.... වැම්පාගේ ඇබ්සින්ත් එකේ ඉදලා මාරයාගෙ ගල් බෝතලේ දක්වා එක එක ජාතියේ පාට පාට බෝතල් මේසෙ උඩට ආවෙ තම තම ණැන පමණින් අවශ්‍ය දේ පානය කරන්නට නිදහස එක්කයි. කොකා කෝලා, ස්ප්‍රයිට්, සෝඩා සහ පොඩි ස්නැක් එකක් සංවිධායකයෝ දුන්න නිසා බයිට් ප්‍රශ්නෙකුත් නෑ.. වැම්පා හදාගෙන ආපු බීෆ් මොකක්ද එකකුත් තියෙන්නෙ... ඒ ඇති නොවැ... වාසල, ප්‍රියන්ත, ජේඩී වගේ අය බොන්නත් කලින් බයිට් එකට වැඩේ දෙන්න සෙට් වෙලා... මෙච්චර වෙලා හිටපු නැති රචින්තයත් මේ ඉන්නෙ බොන මේසෙ. හරි ශෝයි... දැන් වැඩේ නැගලා යනව..... ඒ අතරෙ අපේ මේසෙ කතා බහ අච්චාරුවක් වගේ....
 

කතන්දරගේ කතා ඉතින් බොහොම හෙමින්... මේ සද්දෙත් එක්ක මොනවා කියනවද කියලා ඇහෙන්නෙත් නෑ.. පිස්සලා වැප්ලා මරනේලා දිනේශ්ලා කොල්ලෝ ටික එක එක බයිලා.. ඒ අතරෙ කෙල්ලො එහෙම පෙන්නලා පොඩි පොඩි ඉඟිබිඟිත් යනවා.. රනාගේ නීඩ් වීදුරුවත් කට්ටියගෙ අවධානෙට ලක්වෙලා... රවා කතාවලට හිනා වෙන ගමන් මගෙ උරහිසේ ඔළුව ගහ ගන්නවා.... ටැබූ ඉතින් අති විශිෂ්ඨ කතා පවත්වනවා කිහිල්ලෙ තියෙන පොතත් ඉඳහිට පෙරලෙනවා.. ඇට මැස්සා ඉතින් මහින්ද මහත්තයාට දෙනවා ඇෂ්ඨි හැලෙන්න.... ඒත් ඉතින් අහගෙන ඉන්න ආසයි... තිස්ස අයියත් පරන සිංදුවක් කොඳුරන ගමන් ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දානවා මේසෙට මේ ඔක්කොම කතා අහගෙන.. දුමියගේ මඩ පාරවල් කාගෙන දුකා එහෙම දත් මිටි කනවා... පූසො ටිකත් වෙනම ආතල් එකක් ගන්න ගමන් වැඩේට සෙට් වෙලා පාඩුවෙ බොනවා ලෝකෙ අන්තිම බීම වගේ.. බොන්නෙ නැතුව ඉන්න මල්ලිලා අයියලා එහෙමත් කිසි කරදරයක් නැතුව අපෙන්ම ආතල් අරගෙන ඉන්නවා... අනුරාධ මලයයි කුශාන් ලොක්කටයි වෙන වැඩක් නෑ.... ඉඳගෙන හිටගෙන නැවීගෙන නිදාගෙන ඇඹරීගෙන දත් මිටි කාගෙන පොටෝ අල්ලන එක තමයි රාජකාරිය... ආපු අයගෙන් 90%ක් වගේ අරගෙන ආපු ඩිජිටල් කැමරා වල එලි හතර අතට පත්තු වෙන අතරෙ තම තමන්ගෙ ජංගම දුරකථනවල කැමරාත් ක්‍රියා කරගෙන හැමෝම දඟලන්නෙ මේ සොඳුරු මොහොතේ සිහිවටන වැඩි කර ගන්න.... ඔය අතරෙ තමයි ඇස් දෙකත් හීනි කරගෙන පසන් මල්ලි එන්නෙ සබේට.. බොන්ගො එක එහෙම අරගෙන. ඔන්න සිංදු යන වෙලාව.. කාන්තා පාර්ශ්වයත් පුටු ටික අපේ මේසෙට ලං කරගෙන වැඩේට රෙඩි....


පසන්ගෙ අඳෝනා සිංදුයි, තිස්ස අයියගෙ පරන සිංදුයි වැම්පාගේ සරල සිංදුයි එකතු වුනාම සින්දු වල කිසිම අඩුවක් නෑ... එකක් ඉවර වෙනකොට එකක් ලෙස පටන් ගන්න සිංදු පෙරහැරට කාන්තාවන්ගෙ අත්පුඩියෙන් ලැබෙන සහයෝගයත් උපරිමයි... ඒක දැක්කම පූසෝ සෙට් එක එහෙම උඩ පැනලා සිංදු කියන්නේ.... නන්ස්ටොප් එකක්ම වෙච්ච සිංදු ටිකට කොල්ලො ටික ඩාන්ස් කරන්න එන්නෙ ආතල් එකේ උපරිමය විඳ ගන්න මිසක් වෙරි වෙලා නෙමෙයි කියන එක හැමෝටම තේරෙන දෙයක්. පාටිය අංග සම්පූර්ණ වෙලා යන්න එකෙක් වැටෙන්න ඕන නිසා ඔන්න කවුරු හරි බිම.... දැන් ඉතින් කට්ටිය ඒ ගැනත් කතාව... මික්ස් වෙච්ච හින්දා වෙන්න ඇති, උදේට කන්නෙ නැතුව හිස්බඩ ගැහුවද දන්නේ නෑ ඔය වගේ කතාව.. ඒ වගේ සිද්දි වලදි පෙරමුණ ගන්න වැපා, ඉතින් අර වැටුන චරිතෙ එක්කගෙන ගිහින් සාත්තුව. මරනෙත් උපදෙස් දෙනවා විතරයි ඌට... මේ අවු අස්සෙ මාරයාගෙ බණකුත් ඉල්ලනවා ගෑණු ළමයි ටික... උගේ කෙටි කාලීන ධර්ම දේශනේ ඉවර වෙද්දි තුන විතර වෙලා.... කෑම උනත් නරක් වෙන නිසා මිසක් බඩ්ගින්නක් නෑනෙ කියන කට්ටිය දහවල් අහාර වේල සට සට ගාල කෑවා... තව ඉතින් කතා බහ කරලා සනීපාරක්ෂක කටයුතු කරලා ඉවර වෙද්දි වෙලාව හතරයි...

සිප ගැනීම්, බදා ගැනීම්, වැළඳ ගැනීම්, කඳුළු සැලීම් වලින් පිරිලා දැන් කට්ටිය එක එක්කෙනාට යනවා කියනවා... ආයෙත් හම්බෙමු කියනවා.. දුරකථන අංක හුවමාරු කර ගන්නවා... සමරු සටහන් දා ගන්නවා... ඔය වගේ නොයෙක් විදි... අන්තිමේට ටැග් ගැහිලා ගැහිලා කට්ටිය විසිර යද්දි මමයි මගෙ නෝන මහත්තයයි ගෙදර එන්නෙත් ග
කරපු දවස ගැන පුදුම සතුටකින්..



ඔන්න ඕකයි මම දැකපු හීනේ.. මේකට තව දේවල් එකතු වෙලා මේකෙන් සමහර දේවල් හැලිලා කරුමෙටවත් වැඩේ උනොත් කොහොම වේවිද?  මටනම් හිතනකොටත් ආතල්..... හික් හික්...

ප.ලි. කට්ටිය කමෙන්ට් කරන්න කලින් මම කියන්නේ.. අර වැටුනේ මම නෙමෙයි.... විදේශ ගත වෙලා ඉන්න කට්ටිය ලංකාවට එන්නෙ කවද්ද කියලත් දාන්න.. මොකද කරුමෙටවත් හීනෙ සැබෑ වුනොත් එහෙම.... නම ලියන්න බැරි වුන අය සමාවෙන්න ඕන... අනවසරයෙන් නම් දාපු එකටත් සමාව ප්‍රසිද්ධියේ ඉල්ලනවා ඕං....

42 comments:

  1. කෝ අනේ මම? :( හ්ම්ම්ම්ම්ම්ම් කමක් නෑ කමක් නෑ. :)
    අම්මෆා අය්යේ අර තෑගි 5 දැන් කෝ???

    ReplyDelete
  2. "කොල්ලෝ ගැන්සියක් කෙල්ලෝ ටික දිහාට ඇහැ දාගෙනම එකට බහිද්දි කට්ටියට තේරෙනවා පිස්සු පූසෝ රංචුව කියලා"

    හික් හික්!! අපි වගේ අහිංසක පූසො සෙට් එකක් ගෑනු ළමයෙක් දිහා ඇහැක් ඇරලා බලනවාද අභීත අයියේ? ඔන්න සන්සුන් ගමනින් බිම බලාගෙන කොල්ලො සෙට් එකක් ආවොත් ඒ අපි කියලා හිතාගන්න පුලුවන් :)

    ReplyDelete
  3. අම්මපා සංජුවා අමතක උනානේ.... ඒ ටික එහෙමම තියෙනවා අයියෝ.... බල බල ඉන්නවා....

    අනේ පූස් බබාලා... එන්නා...

    ReplyDelete
  4. අභීත අයියෙ,මේ හීනෙ හැබෑ කර ගන්න බැරි වෙයිද හැබෑටම.අදනම් ටිකක් හිනා වෙන එක කොහොම උනත් අලුත් බලාපොරොත්තුවක් වාගෙ දෙයක් නම් හිතට ඇතුල් උනා.පිස්ස මාර්තු එනවලු.මාත් මාර්තු අග විතර වෙනකොට ලෑන්ඩ් කරණවා.
    හික්......හික්.....ඔක්කොමල බෝතල් දෙනකොට අගයක් නෑනෙ.අනික අහල පහල වෙච්චි,special gift එකක් රෙඩි කර ගන්න එපායැ.;)

    ReplyDelete
  5. බලපං ඉතිං.. මම ඇවිත් නෑනෙ :D

    ReplyDelete
  6. ඇනොනිමස්ල කව් රුවත් අවේ නැද්ද අනේ.... මරු හීනේ....
    ඔතන හා පැටික්කි බොන එකට කොක්කක් එහෙම දැම්මේ නැතිය...???????

    පූසෝ ලියන තරමක් ලියන්නේ කෙල්ලො ගැන, අනේ අපි නොදන්න අහින්සක..

    ReplyDelete
  7. ඔහ්... කණියා මල්ලී... එදාට ඔයාට පත්තරෙන් ඉන්ටවීව් එකක්....

    ReplyDelete
  8. අර වෙරිවෙලා වැටුනෙ ඇනොනිමස් එකෙක්....

    ReplyDelete
  9. හීනෙ සැබෑ වුනොත් නියමෙට තියේවි, අර ලැබුන බෝතල් ටික බෙදලා දාන්න තියෙන්නෙ,,අපරාදෙ නෙ තියාගෙන ඉන්නේ

    ReplyDelete
  10. හීනයක් උනත් එළ පාටිය අප්පා... මේක කියවලා ඉවර වෙච්ච ගමන්ම මට ඩෝප්ද කොහෙද. මතක හැටියට මට අර චිවාස් එකයි, මාරයාගේ ගල් එකයි කළවං උනාද කොහෙද.... හැබැයි වැටුනෙ නම් නැහැ....!

    මෙහෙම පාටියක් දානවනං ගම හාමිනේගේ යාළුවගේ මාලේ උගස් තියලා හරි ලංකාවට එන්නංකෝ....

    ReplyDelete
  11. යකෝ..යුනිෆෝම් එක ඇරුනහම කමිසයක් යට කරලා ඇඳපු කාලයක් මතක නැහැ...
    ඒ නං මං නෙවී ඔන්න...

    අපි මෙ නොබී ඉන්න හදනවා මුං මෙ අපිව නලක් කොලනවා..මං බබා.

    ReplyDelete
  12. අයියා බෝතල් ටික හොදට මේ දවස් වල බලා ගන්න. දිනේශ්ලා ලංකාවට ආවම අයියට මාර්තු වලින් පස්සේ ඔව්වායේ නාම පත්‍රයක්වත් බලා ගන්න වෙන්නේ නෑ.

    සිරාවට මට විතරද තේරුනේ පූස් බබාලා ඇහැක් ඇරලා නෙමෙයි ඇහැක් වහලයි කෙල්ලො දිහා බලන්නේ කියලා?????

    ReplyDelete
  13. විනෝද වෙන්න..
    විනෝද වෙන්න....
    මේ වගේ තැනක් හම්බ වෙයිද නෑ නේ.....
    බ්ලොග් ලියන්න බ්ලොග් ලියන්න එතකොට තර වෙන්නේ....

    ReplyDelete
  14. මේක මෙහෙමයි.. අපි කරමු.. හැබැයි බොන්න තහනන්.. මොකද මං දැන් බොන්නෑනේ........:-D :-D

    ReplyDelete
  15. මේ මොන විකාරයක්ද :D

    ReplyDelete
  16. මේක හිතේ තියාගෙන ආයෙ බොන්න හිතෙනවනෙ.. :)

    ReplyDelete
  17. මොන අහවල් ෆොටෝ එකක් ගැනද මෙ කියන්නෙ. කො මටත් දෙන්නකො ලින්ක් එකක් ඔය කියන ෆොටෝ එක බලන්න

    ReplyDelete
  18. බෝතල් 5 උඹට කරදරයක් නම් මට කියපන්. මම ඔය පැත්තෙ එන්නම් ;-)

    ReplyDelete
  19. අයිඩියාවනම් නියමයි ඈ... අර කොළ පාට බීම ජාතියත් තියෙනවනෙ...

    ReplyDelete
  20. ෂා මරු පාටිය.... හිනා වෙලාම පණ නෑ...

    ReplyDelete
  21. ලියා ගන්න මගේ ගානේ සෝඩ බෝතලයක්.
    සෝඩා එපා - කියන්නෙපා.

    ReplyDelete
  22. එකම හීනෙ දෙන්නෙකුට පෙනිලා..එ වගෙ.. කොහොම වුණත් එදාට නම් එකම පිස්සුවක් කෙලිමු හරි.

    ReplyDelete
  23. සතියකට කලින්වත් කියන්න මට..... පයින්ම එන්නත් ඕනි නේ... හිහ්...

    කොහො​ම වුනත් මරු පාර්ටිය ආ.... ඈඬෙනවා මතක් වෙනකොටත්... :D

    ReplyDelete
  24. "මෙච්චර වෙලා හිටපු නැති රචින්තයත් මේ ඉන්නෙ බොන මේසෙ."

    යකෝ මාව කුණු බෙබා කරලනේ ලොකු අයියේ..

    ReplyDelete
  25. අප්පේ මේවානෙ ගෙට් ටූ ගෙදර් කියන්නෙ.
    මං යනවා නිදා ගන්න හීනෙ මුල ඉඳලා බලන්න ඕනි ආයෙ

    ප/ලි
    අපි මේක සංවිදානය කොරමුකො බං

    ReplyDelete
  26. රෑට නිදාගනිද්දි ඉතිපිසෝ ගාථාව කියලා නිදාගත්ත නම් මේ වගේ විකාර හොල්මන් භූත රූප පේන්නෑ කියලා කියනවා නේද? අයියා ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගන්න ආයේ...

    ReplyDelete
  27. හපොයි.......
    අන්තිමට
    හී‍නෙන් අභීත අයියා නැගිටිද්දි අක්කා ‍දෙනවා කන හරහා හ‍යේ පාරක්. "ඊ‍යේ රෑ අර තෑගි ලැබිච්චා බීලා බීලා ‍ඔළුව ‍දෙපතුලට වැ‍දෙනකම් මෙතන ‍ජෝගී නටන එව්වා හී‍නෙන් බලනවා......."

    මාර හී‍නේ ඈ.....

    හිරු අක්කියා...... මට ඔව්ව‍යේ ගඳ ඇලජික් නිසා. මං වාස්ප ‍වෙනවා.......

    ReplyDelete
  28. පේනවද මූ මට ආරාධනා කොරල නැති හැටි.. :D

    ReplyDelete
  29. හිනා වෙන්න ආවත් ඇ‍ඬෙනවා ඈ. කලින්ම කියන්න ලැප්ටොප් එකත් අරන් එන්න තියනවානේ. අහුවෙයන්කෝ හීන දැක්කට කමක් නෑ. මඩ පේන්නේ නැතිව...:D

    ReplyDelete
  30. චූට්ටක් වැරදිලා... මන් එන්නෙ කැම‍රාවක් උස්සගෙන නෙවෙයි.... මන් ආවට පස්සෙ තමා ඔය එක එකා මට උන්ගේ කැම‍රා දික් ක‍රන්නෙ.....

    ReplyDelete
  31. අරුණි ෂැපිරෝටත් ආරාධනාවක් ඇරිය නම් බයිට් එකට "බීෆ් ස්මෝරුවක්" හදා ගෙන එයි.

    ReplyDelete
  32. යකඩො කො මම ? මාව අත හරලා වගේ

    ReplyDelete
  33. හලේ... අබේ මාමටත් පේන හීන අම්මපා :)

    ReplyDelete
  34. තව ටික දවසකින් මේ හීනෙ හැබැවෙනවලු ඕන්......... ;)

    ReplyDelete
  35. මේම නම් මාරම මාර වඩක් බන්.

    මේ ලිපිය මම කියෙව්වේ අද.

    ඊයේ උඹ මැසෙජ් ඒකක් එවලා බිසී නැත්නම් බස් එකබලන්න කිව්වාම මම කිව්වනේ අම්බ බිසී කියලා. ඔෆ්ස් එකෙන් ගිය රෑ 10.30ට.

    වැඩේ කියන්නෙ දැන් දවස් තුන හතරක ඉඳන් උදේ හවා වැඩට යන එන ගමන් මම කල්පනා කර කර ගියේ මේ විදිහේ ගෙට්ටුවක් තියන්න පුලුවන් නම් හොඳට හිටී නේද කියලා.

    අඩේ මෙන්න උඹ ඒක ලියලා ඒ අස්සේ ඒක හැබෑ කර ගන්න මුල්ගලුත් තියලා . .

    නියමයි අභියා නියමයි

    මැක්සා

    ReplyDelete
  36. ටී එක යට කරල මේ මම ? හපොයි හික් හික් පට්ට අදහස් අභියා. මගේ පනිවිඩය ආවනේ.. මමත් සැට් වෙනවා අනිවා

    ReplyDelete
  37. නියමයි. නියමයි

    ReplyDelete
  38. මෙන්න හින.. සිරා සිරා..

    හීනේ හැබෑවෙනව කියල ආරන්චියි.... එදාට සුපිරි ෆන් එකක් ගන්න පුලුවන්.. එලzzz

    ReplyDelete
  39. api otuwo wenna ethi neda...anika api bothal genaweth nene....:(

    ReplyDelete
  40. බොන්ඩ නැතත් කමක් නැහැ.. බයිට් ටිකක් වැඩියෙන් තිබ්බොත් හොඳා වගේ....

    ReplyDelete
  41. හේහේහේ....අද තමා හීනේ හරියටම දැක්කේ....නියමයි....
    හීනේ නිසා ඇතිවුනු අතුරු ප්‍රතිඵලය සාර්ථකව ඉටුකරගමු....ජය වේවා..!!!

    අහ් මේ එන්න එපා ඕවට විතරක් හරිද....කොටා කොටා කියන්නේ...මට වඩා අඟලක් විතර උස එකෙක් මට කොටා කියනවා...හරිම අසාධාරණයි...අහුවෙනවකෝ ආයේ දෙන්න හොද ගල් බාගයක්....

    ReplyDelete
  42. මං ටික කාලෙකින් මේ පැත්තේ ආවේ... ෂාහ් මාත් ඉන්නෙ...

    එළ එළ..
    අනිවා එදාට එන්නම්කෝ ඔය හීනේ හැබෑ කරන්න...

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...