Thursday, July 28, 2011

ටෙලි නාට්‍ය නිළියන් පාරට වැටෙන හේතුව දන්නවද? මේ ගැන ලියනවද නැද්ද?

පහුගිය දවසක පුවත්පත් වල වගේම සෑම මාධ්‍යයකම උනු කැවුම් වගේ අලෙවි වෙච්ච ප්‍රවෘත්තියක් ගියා හැමෝටම මතක ඇති... ඒ තමයි ටෙලි නාට්‍ය නිළියන් අයථා හැසිරීම් නිසා අත් අඩංගුවට පත්වීම... මගේ සංචාරක ව්‍යාපාරය කියන ක්ශේත්‍රයේදී ඕක බොහොම ඉහලින් කියැවෙන ක්ශේෂ්ත්‍රයක්... අපේ බ්ලොග් කියවන සමහරුත් මගෙන් ඔය ගැන කෝල් කරලා ඇහුවා.. ඉතින් මම හිතුවා මේ ගැන ලිපියක් ලිව්වොත් හොඳයි කියලා...


ගණිකා ව්‍යාපාරයට වඩා ඉතා සූක්ෂම ව්‍යාපාරයක් විදිහට තමයි මෙම ව්‍යාපාරය පැවැත්වෙන්නේ... ආධුනික නිළියන් පොඩි පොඩි හෝටල් වලට ගියත් වටිනාකමින් වැඩි ජනප්‍රිය නිළියන් මේ සඳහා තෝර ගන්නේ තරු පහේ නැත්නම් තරු හතරේ හෝටල් පමණයි... මේවා ලියලා මාව පොලිසියට ගෙනියයිද මංදා.... ඒත් ඉතින් දන්න දේවල් කියන්න ඕනනේ... ඉතින් මේ ව්‍යාපාරය යන්නේ පහත විදිහටයි...


එක් තරැව් කරුවෙක් මගින් තමයි නිළියන් 20ක් 25ක් සම්භන්ධීකරනය වෙන්නේ... එක් එක් නිළියන් කෙරෙහි වන මූල්‍යමය අගය වෙනස් වෙනවා... රුපියල් තුන්දාහක සිට රුපියල් විසිපන්දහස දක්වා මිල වෙනස්වන මොවුන්ව ලබා ගැනීම සඳහා පාරිභෝගිකයෝ ඕන තරම්..... පාරිභෝගිකයාට අවශ්‍ය වෙලාවට ගනිකාවක් ලඟට යන එක නොවී, ඇයට හැකි වේලාවක් ලබා දී පාරිභෝගිකයා තමන් ලඟට ගෙන්වා ගැනීම තමයි මෙතනදි සිද්ද වෙන්නේ.... 


මේ ලමයි ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා හොයලා බැලුවොත් අනේ මන්දන්නේ නෑ ඒකටත් වැරැද්දක් කියන්න පුළුවන්ද කියලා.. එයාල කියන්නේ ජනප්‍රිය නිළියක් උනහම එයාල ගැන මිනිස්සු අවධානෙන් බලනවා.. උත්සව ගොඩකට ආරාධනා කරනවා... ලඟට ඇවිත් කතා කරනවා.. ඉතින් මේ වගේ හේතූන් නිසා අපි ලස්සනට අඳින්න අපේ තත්ත්වය පවත්වාගන්න අපිට හරිම ලොකු වියදමක් යනවා.... ඉතින් අපි ක්ශේෂ්ත්‍රයේ හම්බ කරන මුදල ඒ වැඩ වලට හොදටම මදි... ඉතින් ඒක තමයි අර්ධ කාලීන රැකියාවක් හැටියට අපි මේ රැකියාවෙ නියැලෙන්නෙ කියලා.... 



තව මේ ගැන කරුණු ගොඩාක් ලිවීමට තිබ්බත් ලිවිය හැකි කරුණු සීමිත නිසා මෙතනින් නවතිනවා... එක එක මානසික අසහන නිසා කුණුහරපෙන් කමෙන්ට් කරන්නෙ නැතුව වියත් සංවාදයක් ලෙස වෙනවානම් හොඳයි... මේ ලිපියෙදි නම් මම කමෙන්ට් වලට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා... ඇනෝ කමෙන්ට් නැතිව නමින් ලියන ලෙසත් ඉල්ලා සිටිනවා.... මොකද එක් බ්ලොග් පෝස්ට් එකක් නිසා මගේ බ්ලොග් එක කැත කර ගන්න අකමැති නිසා.... මේ ටික ලිව්වේ ගොසිප් සයිට් වල කමෙන්ට් ලෙස තියෙන කුනුහරප දැක බියෙන් බවත් පැවසිය යුතුයි....


ප.ලි. මෙයත් ටිකක් හිනාවෙන්න නෙවෙයි.. සමාජයේ තවත් පැත්තක් ගැන මම දන්න දේ ලිවීමක් පමණයි.....

Wednesday, July 27, 2011

අපිට ගහලා බේරෙන්න හිතුවා මදි... කෝ මේ චන්ඩි.....

ගිය සතියේ ලිව්වනේ අභීත පුතාට දෙනෝ දාහක් මැද්දේ හතර දෙනෙක් වට කරගෙන නෙළපු හැටි.... ඒකෙ රිටර්න් එක දුන්න හැටි දාන්න කියලා ගොඩාක් ඉල්ලලත් තිබුනා... මම දානවා කියලා කියලාත් තිබ්බා....  ඉතින් අද ලියන්න යන්නේ ඒ කථාව.. කොච්චර ගුටි කෑවත් මට ත්‍රිරෝද රථයේ නොම්මරේ මතක තිබ්බා... ඒ නිසා පොලීසියට පැමිණිල්ල කරන්නත් ලේසි වුනා... පස්සේ හොයලා බලද්දි මේ සෙට් එක තලවතුගොඩ මැර සෙට් එකක්.. මැර කිව්වට බොරු මැර.. විසිල් විතරයි බල්ටි නෑ.. ඒත් මට වඩා මැර... ත්‍රී වීල් එක තියෙන තැනත් ඒක පාක් කරන ස්ථානයත් බලාගෙන පාඩුවේ හිටියා සති දෙක තුනක් යනකන්.. ඒත් කරන්න දෙයක් කල්පනා වෙන්නෙත් නෑ... ඔන්න ඔහොම හිත හිත ඉද්දි තමයි ධර්මේ අයියා(නම මනහ්කල්පිතයි..) මාව හම්බෙන්න විභාග දෙපාර්තමේන්තුවට ආවේ... මෙතන ඉදන් තමයි කතාව.


ධර්මේ අයියා කියන්නේ මරදානේ මරිය කඩේ හිටපු සිරා පොරක්.. සද්ද නෑ.. වැඩ විතරයි.. මම කලින් වැඩ කරපු තැන ආරක්ෂක සේවේ ප්‍රධානියා... දේශපාලන බලයත්, මැර බලයත් ඕන එකක් ඔහු සතුයි.. ඒත් නිතරම අසාදාරනේට විරුද්ධව පෙනී ඉන්නවා වගේ තමයි මනුස්සයා ඉන්නේ.. කාර්‍යාලයේ එක පුංචි ප්‍රශ්නයක් නිසා මේ මනුස්සයා හිරේ වැටෙන තත්ත්වයක් උදා වුනා.... ඒ වගේම කාර්‍යාලයේ ප්‍රධානියාත් එක්ක මම බොහොම සමීපව වැඩ කලා.... ඉතින් මේ මනුස්සයා මම ලඟට ඇවිත් කිව්ව... අභීත මහත්තයා.. මට පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා... ඔෆිස් එක ඉස්සරහා සයිවර් කඩේට වෙලා පැයක් විතර අපි දෙන්නගේ කථාවකින් පස්සේ මම තීරණය කලා ලොක්කට මේ ගැන කථා කරන්න...


දැන් ඉතින් මම ලොක්කගේ කාමරේට ගියා... මෙන්න මෙහෙම කථාව...


ගුඩ් මෝනින්ග් සර්.. අර මනුස්සයා පව් සර්... උගේ සීන් එක අප්සෙට් ගියොත් උගේ මුළු පවුලම අනාථ වෙන සිද්ධියක් තියෙන්නේ සර්.. ඔන්න ඕක මොකක් හරි කරලා දෙමු සර්.. බ්ලා බ්ලා....


තමුසෙට මොකක්ද අභීත ඌ ගැන තියෙන කැක්කුම...?


නෑ සර්, මිනිහා මාත් එක්ක පැයක් විතර දැන් කතා කලා.. මිනිහා හරි පව් සර්... මිනිහා වැරැද්ද හරි ගස්සන්නම් කිව්වා සර් හෙට උදේ වෙද්දි... බඩු ටික ගෙන්නගෙන ඕක අත ඇරලා දාමු සර්.. පව්නේ සර් ළමයි දෙන්නෙකුත් ඉන්නවා... වයිෆ් රස්සාවක් කරන්නෙත් නෑ...


හරි.. බඩු ටික ගෙනත් දානවා කියලා අභීත වග කීම භාර ගන්නවද?


ඔව් සර්, හෙට උදේ වෙද්දි තිබ්බේ නැත්නම් අපි මේක ඉස්සරහට ගෙනියමු...


හරි තමුසේ බලාගන්නවකෝ ඒ ටික.. මම මිනිහව රිලීස් කරන්නම්...


වැඩේ කියපු පරිදිම වෙලා ධර්මේ අයියා නිදහස් උනා... එදා ඉදන් ඉතින් මිනිහගේ බොක්ක මම... එනකොට පුටුවෙන් නැගිටලා, ඔළුව නමලා එක විකාරයයි... එච්චර මැර ඩයල් එකක් මට සලකන හැටි දැක්කම ඔෆිස් එකේ උන් හිනාවෙන්නත් ගන්නවා.. ඒත් ඉතින් උන්ට සීන් එක කියන්නයැ.. හරි ඒ කතාව ඉවරයි... බැක් ටු ටොපික්.



ඉතින් අර දවසේ විභාග දෙපාර්තමේන්තුවට ආපු ධර්මේ අයියා දැක්කා මගේ නලලේ තිබ්බ ප්ලාස්ටර් එක. ඊට පස්සේ අපි දෙන්නා අතරේ ඇති වුන දෙබස තමයි මේ....


මොකද අභීත මහත්තයා මේ ප්ලාස්ටර් අලවගෙන....


මාර සීන් එකක් උනානෙ ධර්මේ අයියා... මට කට්ටියක් ගැහුවනේ වට කරලා... බ්ලා..බ්ලා.. බ්ලා... මම ඉතින් මුළු කථාවම කිව්වා... 


මුගෙ %^&&^* උන් කොහොමද එහෙම ඔයාට ගහන්නේ.. ත්‍රී වීල් එකේ නොම්මරේ මතකද? කොහෙ උන්ද?


**** 4371. තලවතුගොඩ පාක් එකේ තමයි තියෙන්නේ.... 


හරි කථා ඕනෙ නෑ.. ඉතිරි ටික මම බලා ගන්නම් අභීත මහත්තයා... මම ආපු වැඩේ ගැන පොඩ්ඩක් බලන්න...


හරි ධර්මේ අයියා.. කාඩ් එක මම ගෙනත් දෙන්නම්. ඉතිරි ටික ඔයා කරගන්න.. මම ඕනෙ නෑ ඒකට...


ඉතින් ධර්මේ අයියා ඔහොම යන්න ගියා... මට මෙතනින් නවත්තන්නමයි හිතෙන්නේ..ඒත් ඔයාල පව්නේ.... දවස් තුනකින් විතර මට කෝල් එකක් ආවා ධර්මේ අයියාගෙන්...


අභීත මහත්තයා.. හවස වැඩක් නැත්නම් අපේ ගෙවල් පැත්තේ එනවද පොඩ්ඩක්....


මේ කැඳවීම් මට අමුතු දෙයක් නෙවෙයි... ඇමති පුත්තු වැනි අයට මධුවිතකින් සංග්‍රහ කරද්දි මිනිහගේ යාළුවෙක් විදිහට මාවත් එක් කර ගැනීමේ පුරුද්දක් ධර්මේ අයියට තිබ්බා... ඉතින් මාත් දෙපාරක් අහන්න දෙයක් තිබ්බෙ නෑ.. මම ගියා හවස මිනිහගෙ ගෙදර. දොර ඇරපු වෙලේ ඉදන් පටන් ගත්ත අපේ කථා බහ පටන් ගත්තේ පහළ විදිහට...


අභීත මහත්තයා.... නියම වෙලාවට ආවේ... එන්න ඇතුලට...


මොකද ධර්මේ අයියා.. අද බීමක්වත්ද?


නෑ.. ඔයාට පෙන්නන්න නියම බඩුවක් තියෙනවා පිටිපස්සේ.. එන්නකො... මෙන්න මේක දන්නවද බලන්න....


හත් ඉලව්වේ.. මාව හප්පපු ත්‍රී වීල් එක මෙන්න පොරගෙ ගේ පිටි පස්සේ... මම නිකන් සීතල වෙලා ගියා....


කොහොමද ධර්මේ අයියා මේක ගෙනාවේ.....


උගේ අම්&*&*%^*^$&%$%*%* මම අරන් ආවා.. මොකද මේකට කරන්න ඕන.. කෑලි කරලා විකුනන්නද? ඒත් පොඩි ගැටළුවක් තියෙනවා.. අභීත මහත්තයාගේ වචනෙට තමයි මොකක් උනත් වෙන්නේ... මොකද කරන්නේ...?


මොකක්ද ධර්මේ අයියා ගැටළුව....?


මෙහෙමයි.. මම මේක අපේ උන් එක්ක ගිහින් අරන් ආවේ.. මමම ගේමකට බැස්සේ හෙන කාලෙකින්.. අභීත මහත්තයා දන්නවනේ මගේ හැටි... මේක ගේනකොටම මගේ බත්තර මුල්ලේ යාළුවෙක් කෝල් කරලා කිව්ව.... මචන් මගෙ එකෙක්ගේ ත්‍රී වීල් එකක් උස්සලා.... ඔය පැත්තට ගෙනාවොත් පොඩ්ඩක් බලපන් කියලා... ඒත් ඌ අවුලක් නෑ...


මට තේරෙන්නෙ නෑ ධර්මේ අයියා... මේ කරපු ටික මටනම් ඇති... ඔයා ඕන දෙයක් කරන්න...


එහෙනම් ඌටම විකුනමුද?


හොද දෙයක් කරමු ධර්මේ අයියා.. මට සල්ලි එපා....


අන්තිමට මනුස්සයා අයිතිකාරයාටම 80000.00ට වීල් එක විකුනලා සල්ලිත් ඔක්කොම පොර තියා ගත්තා....


මම ඉතින් ඒකෙන් පස්සේ රිටන් එකක් දුන්න කියා සැනසුනා...


ප.ලි. මට පාට් දැම්මොත් දන්නවනේ.... ධර්මේ අයියට කියලා දෙන්නේ.... 

Tuesday, July 19, 2011

දෙනෝ දාහක් මැද අභීත පුතාට හතර දෙනෙක් වට කරගෙන නෙලයි...

ඔන්න කාලෙකට පස්සේ එක ලඟ දින දෙකක් පෝස්ට් දෙකක් දානවා... බ්ලොග් එක පටන් ගත්ත මුල් කාලෙම ලිව්වට පස්සේ එහෙම ලියවෙනවමද කොහෙද? ඊයේ ලිව්වනේ අසේල අයියා ගැන.. හැරෙන තැපෑලෙන් ඔය ඇවිත් තියෙන්නේ උත්තරේ මඩ බාල්දියකින්ම.. ඒත් මම නිහඬයි... මේ කතාවත් මතක් උනේ හදිස්සියෙන්...


සිද්ධිය උනේ මම විභාග දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ.. උසස් පෙළ, සාමන්‍ය පෙළ තියෙන කාලෙට අපි ගෙදර එන්නේ නැති තරම්.... මේ කියන දවසෙ දවස් දෙකකට පස්සෙ මම ඕෆ් උනේ සෙනසුරාදා හවස 1ට විතර. නිදිමතයි මහන්සියයි නිසා මම මගේ පාඩුවේ ඉතා හෙමින් මගේ යතුරු පැදි බූම් එකත් පැදගෙන කම්මැලිකමේ ආවා.... තලවතුගොඩ හංදිය පහු වුනා විතරයි.... පිටිපස්සෙන් අඩෝ කිව්වා.....


පිටිපස්ස හැරිලා බලනකොට පස්සෙන් ආපු ත්‍රී රෝද රථයක් මගේ යතුරු පැදිය හැප්පුවා.... මම කණුවකුත් කඩාගෙන බයිසිකලෙත් පෙරලගෙන වැටෙන්න ගියෙ බොහොම පොඩි වෙලාවයි.... හෙල්මට් එක වම් අතට ගත්ත මම කවුද යකෝ කියාගෙන චණ්ඩියා වගේ නැගිට්ටා.... ත්‍රී වීල් එක පැත්තකින් නතර කරලා ඒකෙ රියැදුරු පිඹගෙන වේගෙන් මම ලඟට දුවගෙන එන හැටිත් පිටි පස්සෙ ඉඳගෙන හිටපු කොල්ලො තුන් දෙනාත් ඒ පස්සෙන් දුවගෙන එන හැටිත් මම දැක්ක.... මම හොඳට දෙකක් කියන්න හිතාගෙන ඉස්සරහට ගියා... රියදුරායි මායි අතරෙ ඇති වෙච්ච දෙබස මේ....


කවුද **** මේ බයික් එකේ ආවේ....


මම .... ඇයි මොකද? තමුසෙලාට පිස්සුද ඔහොම පාරෙ යන්න...


උබේ අම්මට ****** $%^&#& #&$%*%**#$# 


මෙන්න හතර දෙනා මට වට කරගෙන ගහනවා... ඒ අතරෙ මම කෑ ගහනවා..


යකෝ... තොපි හතරදෙනෙක් මට ගහන්නෙ චන්ඩිකමටද? ගහන්නේ ඇයි කියලා කියපියාව්....


එතකොටත් මට මුන් හොඳටම බීලා කියලා තේරිලා තිබ්බේ....


තෝ අපිට අරක මේක පෙන්නලා පැනලා යන්න හිතුවා මදි *** බල්ලා... තෝ දැනගනින්.. තෝ පෙන්නපු දේවල්වලට වඩා කුණු හරප අපි දන්නවා යකෝ...


මට තේරුනා මුන් වරද්දගෙන කියලා.. මූට කවුරු හරි බයික්කාරයෙක් මොකක් හරි හස්ත සංඥාවක් කරගෙන ගිහින්.. ඒ පිටිපස්සෙන් පන්නගෙන ආපු මේ සෙට් එකට හිතුනේ ඒ විදිහටම කළු ජැකට් දාලා ෆුල් ෆේස් හෙල්මට් දාලා ගිය මම තමයි අදාල පොර කියලා.... කොච්චර කිව්වත් මුං ඇහුවේ නෑ මේ මම නෙමෙයි කියලා... මගෙම හෙල්මට් එක උදුරගෙන මගෙම ඔළුවට ගැහුවා.... මාව බිම දාගෙන හතර පැත්තෙන් පයින් ගහලා අන්තිමට හෙල්මෙට් එකෙන් දමලා ගහලා 


දැන් තොට ඇත්ද කියලා අහලා ගියා.....


මට කරගන්න දෙයක් නෑ.. එදා තමයි මම වඩාත් අසරන උන දවසට.. බිරිඳගෙ මල්ලිට කතා කරලා කිව්වා කාර් එක අරගෙන එන්න මට කවුදෝ කට්ටියක් ගැහුවා කියලා... විනාඩි 5ක් යන්න කලින් මගෙ සෙට් එතනට ආවත් මම ගුටි කාල ඉවරයි... ගහපු උන්ව අදුරන්නෙත් නෑ... වටේ හිටපු උන් උන්ව අදුරනවා කියල දැනුනත් උන් කවුරුත් කිව්වේ නෑ.... 


ත්‍රී වීල් කාරයාට දෙන්නම් කියලා නැගිට්ට මම අන්තිමට නතර උනේ කොස්වත්ත පොලිසියේ.... ඊට පස්සේ කොළඹ හදිසි අනතුරු ඒකකයේ... කොහොම හරි ඔළුව දෙපැත්තෙන් ලොකු ගෙඩි දෙකක් ඇවිත් ඇහි බැමි උඩ තනිකර නිල් පාට වෙලා, නලල පැලිලා ඒ වගේ ලොකු ජරමරයක් කරගෙන තමයි ගෙදර ආවේ.... 


කුරුණෑගල ටව්මේ ලොකු සීන් දැම්මට, බාලදක්ෂ ව්‍යාපාරෙදි හෙන පොරක් වෙලා හිටියට ගුටි කෑවට පස්සේ තමයි හිතෙන්නේ අනික් උන්ටත් මෙහෙම නේද කියලා... එතකන් විතරයිද මංදා අපි චන්ඩි.... එදායින් පස්සේ ඕන කොක්කකට බහින්නෙත් උපරිම ආරක්ෂාවක් තියෙනවනම් විතරයි... 


රිටර්න් එකක් දුන්නේ නැද්ද කියලා නේද අහන්නේ.. දුන්නා... ඒක ඊලඟ ලිපියෙන්....   

ප.ලි. : ඕනයාට සඳරූට නම් මෙහෙම වෙලා තියෙනවා කියලා දන්නවා.. තව කී දෙනෙක් මෙහෙම කාලා කට වහගෙන ඉන්නවා ඇත්ද?

Monday, July 18, 2011

මගේ ලෝකය ලියන රංගගේ, අසේලගේ, මඩයාගේ ප්‍රතිභාව........

මේ දවස්වල ඉතාම කාර්ය බහුලයි..රෑ වෙනකන්ම වැඩනිසා බ්ලොග් පෝස්ට් එකක් අමාරුවෙන් ලියැවෙනවා දවස් තුන හතරකට සැරයක්........ මේ බ්ලොග් එකට මම හරිම ආදරෙයි.. මේ බ්ලොග් එක නිසා තමයි මට බොහෝ දෙනෙක් හඳුනාගන්න ලැබුනේ...  ඒත් ඊට වඩා දැනුම බෙදන මගේ ව්‍යාපාරයට සමගාමීව යන නරඹමු ශ්‍රී ලංකා සහ එහිම ඉංග්‍රීසි පරිවර්ථනය වන Visit Lanka බ්ලොගයටත් මම සෑහෙන්න ආදරෙයි.. බ්ලොග් කලාව ජීවිතයෙම කොටසක් වෙලා.. කතන්දර අංකල්..... ඔයාට ආඩම්බර වෙන්න පුළුවන් හොඳ ගෝලයෙක් ගැන... වැප් මල්ලී... උඹට ස්තූතියි මේ තාක්ෂණික ගැජමැටික් මට කියලා දුන්නට..... පූර්විකා ඉවරයි... පූර්විකා කිව්වට Marketing ටික ඉවරයි.... : D



ඇත්තටම මම හිතාගෙන හිටියේ කට්ටිය මට මොන මඩ ගැහුවත් ආයෙත් කාටවත් මඩ ගහන්නේ නෑ කියලයි.... ඒක නිසා මට විරුද්ධව ලියැවුන මඩ පෝස්ට් බර ගනනක් දිහා මම උපේක්ෂාවෙන් බලාගෙන හිටියා.. එක් අයෙක්ගේ බ්ලොග් එකේ ,අට එරෙහිව මඩ පිට මඩ පල වුනා.. ප්‍රේක්ෂක ජනතාවත් මම රිටර්න් එක දෙයි කියලා බලාගෙන හිටියා.... ඒත් මම එහෙම කලේ නෑ.... ඔන්න අද එලිවෙලා මට මඩ ගහන්න හේතුව.... මේකට කියන්න තියෙන්නේ මෙහෙමයි....


"මගේ ලෝකයේ රංගගේ එහෙම නැත්නම් මඩයගේ නිරුවත නැවත වරක් හෙලිවේ" කියලයි....... අර මගේ, මඩයාගේ පෝස්ට් එක මම දැම්මා මතකද කට්ටියට.. ඒකෙ අන්තිමට මම දැම්මනේ මඩයාගේ හංස ගීතය අහන්න ලැහැස්ති වෙන්න කියලා... ඔන්න 2011 මැයි 26 දපු පෝස්ට් එකේ හංස ගීතය අවිත් තියෙන්නේ 2011 ජූලි 18 වෙනිදා... බලන්න මේ අසරන අහිංසක තරුනයා මොන තරම් හිතේ අමාරුවෙන්ද ඉන්න ඇත්තේ කියලා....


සමාවියන් රංග, ආයෙ මම උඹ ගැන ලියන්නේ නෑ... මම හිතුවේ නෑ ඒ වගේ පෝස්ට් උඹට දීර්ඝ කාලීනව බලපානවා කියලා... හිකිස්.... 



ඔය උඩ තියෙන්නේ මාස තුනකට විතර පස්සේ මගේ පෝස්ට් එකට අසේල අයියා හිත හදා ගන්න දාපු කමෙන්ට් එක.... 


බලන හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලන්නේ..... මම ආයේ රංග ගැන ලිව්වොත් ඒ බොරු හරිද? හැබැයි රංග මම ගැන ලිව්වොත් ඒවා ඇත්ත හරිද? ආයෙත් හික්ස්.....


ප.ලි.     ඒ මචන් රංගයා... දැන් ඇති බන්.. නැත්නම් අපේ පෝස්ට් වලින් වෙන උන් ආතල් ගන්නේ...... හික් හික්....

Friday, July 15, 2011

සිංහල බ්ලොග් ලොවේ අළුත්ම ඕපාදූපය.... හිස් අහස දෙකඩ වෙයි....

අපිට කියවන්න කතා ලියපු සඳරු... කෙල්ලෝ බෑ කිව්වයි කියලා අඩා වැටිච්ච සඳරූ.... ඩබල් ක්ලික් එකෙන් ඔකඳවෙලා ආයෙ කෙළවෙච්ච සඳරු.... අද පස්වනක් ප්‍රීතියෙන් මීට මොහොතකට කලින් බුකිය හරහා මට චැට් මැසේජ් එකක් එව්වා.... මෙන්න සිද්ධිය ඇත්ත ඇති සැටියෙන්.......


අයියේ හදිස්සියක්.....


ඔව් මල්ලි.. කියන්න....


අඩේ අයියේ උඹට තමයි මේ ඉස්සෙල්ලාම කියන්නේ....


මොකක්ද බන්.....


අද සිට මම තනිකඩ නැත.. මට කෙල්ල හා කිව්වා....


අම්මට සිරි.. මරුනේ.... කවුද කෙල්ල...


උඹලා දන්නේ නෑ... මගේ උසස්පෙල කාලෙ එකට ක්ලාස් ගිය යාළුවෙක්...


හරි මල්ලි සුභ පැතුම්....


ඔන්න ඊට පස්සෙ මම පොඩ්ඩක් දැල දාල බැලුවා කොහොමද මේක උනේ කියලා.... ලව් එකට උදව් කරලා තියෙන්නේ අපි කවුරුත් අදුරන ප්‍රසිද්ධ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්... ඒ වෙන කවුරුත් නෙවෙයි... සිංහල බ්ලොග් කලාවේ පතාක යෝධයෙක් වෙන කතන්දර කාරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරයන්.... දැන් ඔයාලට එනවා නේද මෙන්න මෙහෙම ප්‍රශ්නයක්....

ඈ.. හත් ඉලව්වේ.. මේ දෙන්න කොහොමද සම්භන්ධ මේ වැඩේට....

මෙහෙමයි කථාව.... සඳරු සර් උගන්නන ආයතනය ලග තියෙනවා භාහිර උපාධියට අමතර පංති පවත්වන ආයතනයක්... ඉතින් මේ අපේ සඳරූ කොල්ලත් එක්ක එකට උසස්පෙල පංති ගිය ගැටිස්සියක් ඔතනින් නිතර එහෙ මෙහෙ යනවා සඳරූට ඇහැ ගැහිලා තියෙනවා.. කොල්ලගේ හිතත් මේ කෙලීට ඇදිලා ගිහින් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ..ඔන්න ඔය අතරෙ තමයි පහුගිය දවසක කකා දාපු පෙම් කිරීමට උපදෙස් කියන පෝස්ට් එක සඳරූ කියවලා තියෙන්නෙ.... මෙන්න මෙතනින් එහාට තමයි සොයුරු සොයුරියනේ මේ කථාවේ විසිල් බල්ටි....

කථාවේ ඉතිරි කොටස ... මෙන්න මේ විරාමයෙන් පසුව.......


 සිද්ධාලේප වෙද මහතෙකි ඔබෙ ගෙදර... 

සැම වේදනාවන් කැක්කුම් යයි පැහැර.... 

වා, පිත්, සෙං සමනය කර දෙමීන... 

සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර....


සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්තයා...            "සිද්ධාලේප"

ඔන්න දැන් අර කකාගේ පෝස්ට් එක කියවපු සඳරූ මලයත් ගහලා අහිංසක සැලැස්මක්.... අර ගෑණු දැරිවිත් එක්ක ඇල්ලුවා ඔට්ටුවක්.. මොකක්ද මේ ඔට්ටුව... සංගක්කාර අයියා බැඳලා නෑ කියලා.... කෙල්ල හැපි හැපී කියනවා බැඳලා කියලා.... කොල්ලා කියනවා.. පිස්සුද බැඳලා නෑ කියලා... අන්තිමේ ඔට්ටුව පැරදිලා රුපියල් දෙසීයක්ම වටිනා චොකලට් එකක් පුදලා ඇවිත් රෑ වෙලා කෝල් එකක් දෙනවා.. කතන්දරගේ කතාවේ විදිහටම පොරත් කියනවා මම ඔයාට චොකලට් එකක් දෙන්න ඕන නිසයි අර විදිහේ ඔට්ටුවක් අල්ලලා හිතල පැරදුනේ කියලා....

ඔහොම දිගට යන කතාව 2011.07.14 වෙනිදා රාත්‍රී 11.15ට කෙල්ල සඳරුවාට "හා" කීම නිසා ඒ කථාව නිමා වෙනවා.....

හෙට ඉතින් කොල්ල තමන්ගේ පෙම්වතිය බලන්නට යන පලවෙනි දවස.... මොනවද අරන් යන්නේ කියලා අහපුහාම කිව්වෙනම් මාරි පැකට් එකක් අරන් යනවා කියලයි.... හරි එහෙනම් ඕපෙ ඉවරයි....

එහෙනම් සඳරූ මල්ලි...., උඹටත් අනූ නංගිටත් සුභ අනාගතයක් වේවා............... මතකනේ මම මේ වගේ අයට ලියන කවිය....

සියළු සැප උතුරන....
දරුවන් ගෙදර පොරකන.....
ගෑණි බෙරිහන් දෙන....
දිනය නුඹටත් උදා වෙනු ඇත.....

ඔන්න ආයෙත් සුභ පැතුම්.....

Monday, July 11, 2011

සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ...

සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ...
අහපන් රියල් කතා ගුනේ අයියගේ කාමරේ....
ඉඳපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ...
මස්කට් පැණි බූන්දි තියෙනවා මේ කාමරේ....


මේක ගුනේ අයියගේ බජව් දාන කාමරේ....//


 පද පෙල ලියලා තෙරුමක් නෑනේ.... හේමසිරි හල්පිටයන්ගේ පද රචනයක්... මගේ ගීත විචාර කිහිපයක්ම මේ බ්ලොග් එක කියවන ඔයාලා කියවලා තියෙනවනේ... මේක තමයි අළුත්ම එක.... අහ්. කලින් ඒවා කියවලා නැද්ද? එහෙනම් මෙන්න මේවා තමයි ඒ විචාර... විචාර කිව්වට විචාර නෙමෙයි... ඒත් විචාරත් තමයිද කොහෙද?


1. ප්‍රේමකීර්ති ද අල්විස් ගැන ලියපු ලිපියක්....


2. කල්ලඩි පාලම පාලම පාමුල සිංදු කියපු යාළුවෝ..


3. ආදර හැඟුම්....



ඉතින් මේ ලියන්න යන්නේ ඒ සිංදු වලට වඩා වෙනස් සිංදුවක් ගැන.. හේමසිරි හල්පිටයන් වගේම නිහාල් නෙල්සන් කියන ගායකයවත් ලංකාවේ මිනිස්සු අයත් කරලා තියෙන්නේ මොන ගනයටද කියලා කවුරුත් දන්නවනේ... ඒත් මෙහි පද රචනයේ තියෙන අපූර්වත්වය ඔබට පේනවද? 


බජව්වක් දාන තැනක ඉඳලා තියෙන කෙනෙකුට මේකෙ අපූර්වත්වය වටහා ගන්න පුළුවනි... අනික මේක මුඩුක්කුවක තිබ්බ සුපිරි බූරු පොට් එකක්... මේ පද රචනයේ හැම වචනෙකම තියෙන්නේ ඒ කාමරේ ඇතුලේ තියෙන දේවල්... පොඩි මිනිස්සුන්ගේ පාතාල ලෝකයක සිරිය අරගෙන තිබ්බත් සිංදුව අහද්දි අමුතු ගතියක් එනවා නේද? මම කියන නිසා තව පාරක් අහලා බලලා මට කියන්න මොන වගේ කික් එකක්ද එන්නේ කියලා...


මීට වඩා කියන්න මට තේරෙන්නේ නෑ.. මේ සටහන ලියන්න මා පෙලඹෙව්වේ උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ විචාරයක්.. ඒත් මටත් ඒ කථා ඇත්ත කියලා හිතුනු නිසා තමයි මේක ලිව්වේ....


ප්‍රශ්ණයක් අහලම ඉවර කරන්නම්... මේ සිංදුවේ හතර වෙනි පේලියේ තියෙනවා "මස්කට් පැණි බූන්දි තියෙනවා මේ කාමරේ" කියලා.. කවුද දන්නේ ඒවා මොකටද තියෙන්නේ කියලා.. දැන් තේරෙනවද සිංදුව කොච්චර සුන්දරද ව්‍යාංගාර්ථද කියලා....


මෙන්න සිංදුව.. මෙතනින් බා ගන්න........

මෙතනින් බලාගෙනම අහන්න.....


ප.ලි. : බ්ලොග් එකේ හිට් අඩුවෙනවා වගේනම් පාල මාමගේ කතන්දරයක් දාන්න.... අත්දුටුවයි සත්තයි... බොරුනම් මගේ ලෝකය ලියන රංගගෙන් අහලා බලන්න...


ප.ප.ලි. :  ප.ලි එකට අවධානය දෙන්නෙ නැතුව කථාව ගැන හිතන්න.

Monday, July 4, 2011

පිස්සු හැදෙන පොලිස් මාමලාගේ රජ ටෝක්ස්..........

මේ කතාව ලියන්න කාලෙකට කලින් මතක් උනත් ඒක කුමක් හෝ හේතුවක් නිසා අමතකම වෙලා ගියා... පහුගිය සතියේ බුද්ධිගේ කාළකණ්ණි සතුට ගැන කියවපුහාම තමයි ආයෙත් මතක් උනේ... පොලිස් මාමලාගේ සුපිරි ටෝක්ස් අහලා නැති කවුරු හරි ලංකාවේ ඉන්නවද කියලත් සැකයි... මෙයාලගේ කතා මෙගා සීරීස් එකක් විදිහටත් ලියන්න පුළුවන් අර කතන්දර අන්කල්ගේ කාර් සීරීස් එක වගේ... ඒත් හොදම කතා ටික කියලා නවත්තන්නම්....


මම ඉතින් ලංකාව පුරාම වාහන එලවනවනේ... ඉතින් ගොඩාක් ලංකාවේ පොලීසිත් එක්ක කථාබහ කරලා තියෙනවා... දඩයක් ගෙවල තියෙන්නේ අවස්ථා දෙකකදි විතරයි.. දෙකම උසාවිය දක්වාම දුර දිග ගියා... ඒත් මම හිතන්නේ මම හදිසියේ ගිය ගමන් නිසා.. පොලිස් මාමලා ලඟ විනාඩි 5ක් විතර වැය කරන්නේ කාලය තිබ්බනම් ඒ අවස්ථා දෙකත් පොඩ්ඩක් මඟ හැර ගන අවස්ථාව තිබුනා.


කලින් මම වැඩ කලානේ රජයේ අමාත්‍යංශයක.. ඉතින්  ඒකේ නිල හැඳුනුම්පත තමයි ලයිසන් එකටත් කලින් පොලීසියට පෙන්නන්නේ.. මම අහවල් අමාත්‍යාංශයේ අහවල් ඇමතිතුමා ලඟ වැඩ කරන්නේ... එතුමාගේ මහජන සම්භන්ධතා නිළධාරී තුමාගේ අම්මා අන්තරා වෙලා.... ඇමතිතුමා හවස එනවා... ඊට කළින් යන්න ඕන.. ඒකයි මේ හදිස්සියේ යන්නේ... බ්ලා .. බ්ලා.. බ්ලා... කියාගෙන දිග විස්තරයක් පොලිසියට කියනවා... ඒත් අපි ඇමතිතුමාත් එක්ක තුන් පාරකට වඩාවත් කතා කරලා නැතිව ඇති. ඉතින් 90%ක්ම පොලිස් මාමලා යන්න දෙනවා.... ඒත් ඉඳලා හිටලා පොලිස් මාමලා අපිට දෙනවා යමර කථා කට උත්තර නැති වෙන්න... මේ පහළ තියෙන සිද්ධි දෙකම එකම දවසේ උනේ... මගේ වාහනේ... පැදෙව්වෙත් මමමයි... ඇතුලේ හිටියෙ අමාත්‍යාංශෙම තවත් තුන් දෙනෙක්.... ඇත්තටම ගියෙත් අමාත්‍යාංශයේ නිළධාරියෙකුගේ මෑනියන් කෙනෙක්ගේ අවමඟුල් උත්සවේට සහභාගි වෙන්න බලාගෙන. පළවෙනියට පොලීසියෙන් නැවැත්තුවේ ඉඳුරුවේදි.... වාහනේ වේගය 90 පැනලා.. ඒ මදිවට ඉරි දෙකම කපලලු.... මම ඉතින් බැහැලා ගියා ලයිසන් රක්ෂන සහතික ඔක්කොම අරගෙන... දෙබස මෙහෙමයි...


ඇයි රාළහාමි....


ඇයි.. මහත්තයෝ.. වැරදි දෙකයි... ස්පීඩ් එක 92යි.. ඒ මදිවට ඩබල්ලැයිනුත් කැපුවනේ අතන අපි බලාගෙන ඉද්දිම..


මෙහෙමයි රාලහාමි මම අහවල් අමාත්‍යාංශේ වැඩ කරන්නේ අහවල් ඇමති තුමා ලඟ. එතුමගේ මහජන සම්භන්ධතා නිළධාරීතුමාගේ අම්ම අන්තරා වෙලා.. ඇමති තුමා හවස එනවා... ඊට කලින් අපි යනවා... දන්නවනේ ඉතින් ඇමති තුමා එද්දි අපි එතන පසුබිම හඳලා තියෙන්න එපැයි නේද?


මොකක්ද මහත්තයෝ කියපු අමාත්‍යාංශෙ....


අහවල් අමාත්‍යාංශේ.. අර කොල්ලුපිටියේ තියෙන්නේ.... අහවල් ඇමතිතුමාගේ....


ආ.. මම දන්නවා මහත්තයෝ... ඉතින් මහත්තයෝ ඒ අහවල් අමාත්‍යාංශෙ කට්ටියට ඉරි කපාගෙන හයියෙන් යන්න අවසර තියෙනවද?


(ඔළුව කසමින් උත්තරයක් හොයමින්......)


හරි මහත්තයෝ.. මම ලයිසන් එක තියාගන්නෙ නැතුව දඩ කොලයක් දෙන්නම්... මහත්තයා ඒක ගෙවලා රිසිට් එක අපිට එවන්න.. නොගෙවා ඉන්න ගියොත් වරෙන්තු එයි ගෙදරට...


හරි රාළහාමි... ලයිසන් එක තියාගන්නෙ නැතුව ඕන එකක්...


ඔන්න ඉතින් එදා රුපියල් 550.00ක්ම ගෙවන්න උනා...


එතන පහු කරලා ඉස්සරහට එද්දි ආයෙත් අපේ රත්ගමයගේ ගෙදරයට යන හංදිය පහුකරනකොටම නැවැත්තුවා.... එතන පොඩි හංදියක් තියෙන්නේ.. ඒ නිසා යන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 40 කියලා තමයි පොලිස් මාමලා කිව්වේ... ඒත් ඉතින් අපිව අල්ලද්දි 80ත් පැනල කියලත් එතන හිටපු පොලිස් මාමලා කිව්ව... මම අවශ්‍ය ලිපි ලේඛණ අරගෙන පොලිස් මාමලා ලඟට ගිහින් සුපුරුදු වදන් ටික කියන්න ගත්තා....


රාලහාමි මම අහවල් අමාත්‍යාංශේ වැඩ කරන්නේ අහවල් ඇමති තුමා ලඟ. එතුමගේ මහජන සම්භන්ධතා නිළධාරීතුමාගේ අම්ම අන්තරා වෙලා.. ඇමති තුමා හවස එනවා... ඊට කලින් අපි යනවා... දන්නවනේ ඉතින් ඇමති තුමා එද්දි අපි එතන පසුබිම හඳලා තියෙන්න එපැයි නේද?


මේ මහත්තයෝ.. කාර් එකක් තිබ්බට දඩයක් ගෙවන්න සල්ලි නැත්නම් කියන්න.. නිකම් මේ එක එක ඇමති තුමාගේ නම් විකුනන්නේ නැතුව.. යන්න මහත්තයෝ... ඒ උනත් සල්ලි නැත්නම් ලැජ්ජ නැතිව කියන්න... රාළහාමි ලියන්න එපා... දඩේ ගෙව්වොත් මේ මාසේ ජීවත් වෙන්න සල්ලි නෑ.. ගෑණු දරුවෝ බඩ ගින්නේ... ඔන්න ඔහොම කියන්න මහත්තයෝ... අපිත් මිනිස්සු.. එතකොට අපි යන්න දෙනවා.. ඒත් ඔය අනන්මනන් ඇමතිවරුයි අරුනුයි මුනුයි විකුනන්න හදන්න එපා... හරි මහත්තයෝ යන්න යන්න.. ඉස්සරහත් ඉන්නවා රාළහාමිලා වගයක්.. එයාලටවත් එහෙම කියන්න...




මට ඉතින් හැංගෙන්න තැන් නෑ.... නෑ රාළහාමි ලියන්න කියන්නද? අකුලගෙන ආවා ඉතින්.... දැන් අනුගමනය කරන්නේ පහත සඳහන් ක්‍රමය.. මේක වැඩ කරනවා 99%ක්.. වාහනේ නවත්තපු ගමන් යනවා එතනට....


අනේ සර්... වැරැද්දක් උනා තමයි.... ලයිසන් එක නම් ගන්න එපා.. කීයක් ලිව්වත් කමක් නෑ.. මොකද ආයෙත් එන්න වෙලාවක් නෑ මට...


කොහොමද මහත්තයෝ ලයිසන් ගන්නේ නැතුව දඩ ගහන්නේ...


නෑ රළහාමි දඩේ ගාන කියන්න... මම මෙතනින් ගෙවල යන්න. ඔබතුමාල එක තැපැල් කන්තෝරුවට ගෙවන්න.... කීයද රාළහාමි දඩේ?


මහත්තයෝ ඉරි කපනවාට දඩ නෑ.. කෙලින්ම උසාවි... ඒත් මහත්තයා දුර නිසා මම වෙන වැරද්දක් දාන්නම්.. 550.00ක් වෙනවා දඩ මුදල...


අපෝ රාලහාමි.. එච්චර ලියන්න එපා.... පොඩි දඩයක් ලියන්න.. ආ.. මෙතන 500ක් තියෙනවා.. එහෙනම් මම යන්නම් රාළහාමි බොහොම ස්තූතියි කරපු උදව්වට...


හරි මහත්තයෝ පරිස්සමින් යන්න.. ඉස්සරහත් ඉන්නවා පොලීසියෙන්....


ඔන්න ඔහොම කියලා ගානක් දීල මාරුවෙනවා... කිසි දවසක පොලිස් මාමලාගෙන් දඩ නොකාපු මිනිහෙක් ගැන මම දන්නවා.. ඒ තමයි අර මම ඉහලින් කියපු අමාත්‍යාංශේ රියදුරු මහත්තයෙක්... නම ප්‍රදීප්... මිනිහගේ සිද්ධිය තමයි සිද්ධිය. එක දවසක් මාත් එක්ක රාජකාරී වැඩකට යද්දි පාන්දර 4ට විතර නැවැත්තුවා පොලීසියෙන්.... වේගය පැයට කිලෝමීටර් 95යි... මිනිහා බැහැලා ගියා පොලි මාමා ගාවට... නිළධාරියා විදිහට මමත් පොරගෙ පස්සෙන් ගියා... මෙන්න දෙබස....


ඇයි රාළහාමි....


ඇයි.. ඇයි තමයි..... 95යි ස්පීඩ් එක. ඒ මදිවට ටින්ට් කරලත්.. දෙන්නකො ලයිසන් එක...


මේ රාලහාමි.. මේක අපෙ අමාත්‍යංශෙ වාහනේ.... මම දවස් තුනක් ඇතුලත කිලෝමීටර් 800ට වඩා යන්න ඕන.. දවසට පැය 8ක් එලෙව්වත් 80කට වඩා වේගෙන් යන්න වෙනවා.... මේව මගෙ තීරණ නෙවෙයි..


ඒවා මට වැඩක් නෑ.. ලයිසන් එක ගන්න.... දඩේ ගෙවලා ටින්ට් එකත් ගලවලා ගෙනල්ල පෙන්නලා ලයිසන් එක ගන්න...


මහත්තයෝ.. ටින්ට් එක ගැහුවේ මම නෙමෙයි.. අමාත්‍යාංශේ ලේම්තුමාගේ උවමනාවට... ඒකට මට කරන්න දෙයක් නෑ....


මේ තමුසේ කට ගහන්නෙ නැතුව ගන්නව ලයිසන් එක... මෙතන අපිට පරක්කු වෙනවා... මොකද තමුසෙගෙ වාහනේ විතරද අල්ලන්නෙ අපි...


ඇයි රාලහාමි ලයිසන් එක විතරක්... මෙන්න වාහනේ යතුර, මෙන්න වාහනේ රනින්ග් චාට් එක... මට බෑ මේවට වග කියන්න.. අභීත මහත්තයා.. ඔයත් වාහනෙන් බෑග් එක රගෙන එන්න.... රාළහාමි බඩුත් එක්ක වාහනේ ගෙනියන්න.. අපි යනවා ගෙදර.. හෙට උදේ අමාත්‍යාශෙන් කතා කරපුහාම කියන්න මම මෙහෙම කලා කියලා...


තමුසෙනම් මහ වදයක් ඕයි.. යනවා යනවා යන්න මෙතන පව් නොදී....


නෑ.. නෑ.. රළහාමි ගන්න.. අපෙ කිසි ප්‍රශ්ණයක් නෑ.. මටයි මේ මහත්තයාටයි බස් එකේ යන්න පුළුවන්....


යනවා ඕයි යන්න මෙතන පව් නොදී...


අන්තිමට පොලිස් මාමා ඌට වදින්නේ නැති එක විතරයි පලයන් කියලා.. පොර තවත් විනාඩි 15ක් විතර පොලිස් මාමට වාතයක් වෙලා තමයි මිනිහා එන්නේ...


එහෙනම් අදට ඇති... මේ දවස්වල කතා ලියන්න අමාරුයි.. අර ඩුබායි ඉඳන් ආපු කට කහන එකෙක් හැමදාම හවස 6 වෙද්දි කෝල් එකක් දෙනවා ඇවිත් සිහිය විකල් කර ගන්න කියලා... ඊලඟ ලිපියෙන් සඳරූ මල්ලිගේ ලිපියක් සමඟ හමුවෙමු.

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...