tag:blogger.com,1999:blog-7214647036788651053.post5482428554910815541..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: යාපනයේ තයානි, අරගල කරුවන්ගෙන් අහපු සංවේදී ප්‍රශ්ණය..Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7214647036788651053.post-28535697859046691322022-12-10T18:39:46.068+05:302022-12-10T18:39:46.068+05:30රසික සූරියආරච්චිගේ අම්මා මැරුණම නිවන් සැප ලැබේවා ක...රසික සූරියආරච්චිගේ අම්මා මැරුණම නිවන් සැප ලැබේවා කියලා දැන්වීම් ගැහුවේ ඇයි? නාකි උන්දා නිවන් නොයයි කියලා සැක හිතුනද? අනික බෝර්ඩ් ගැහුවා කියලා නිවන් යනවද? අනික් උන් කරන දේ තමුනුත් කරන්නේ ඇයි? ඕකට විරුද්ධ වෙන්න තිබ්බනේ. වෙන උන් ඔහොම කරද්දී ඒවා විවේචනය කරන මිනිහා තමුන්ගේ අම්මා මලාමත් එහෙම තමයි කරන්නේ.

මේ පින්තුරය රසික ෂෙයාර් කර ඇති නිසා මම ප්‍රශ්නේ ඇහුවේ. අනික දු දරුවන් මේක හදලා තියෙන්නේ කියලා යටින්ම දාලත් තියෙන්නේ. ඒ කියන්නේ රසිකත් ඇතුළුව.
මේවා ගැහුවා කියලා නිවන් යනවද? ෆේස්බුක් එකේ ෂෙයාර් කළා කියලා? කොහෙද නිවන තියෙන්නේ? අමන කම නිසා කරන වැඩ.

නිවන් සැප ලැබේවා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-35017896420132325132022-10-23T19:07:28.864+05:302022-10-23T19:07:28.864+05:30ඔක්තෝබර් විප්ලවයේ අවුරෝරාව සහ රුහුණු කුමාරිය....
...ඔක්තෝබර් විප්ලවයේ අවුරෝරාව සහ රුහුණු කුමාරිය....

1917 වසරේ ඔක්තෝබරය උදා වන දින වන විට එතෙක් රුසියාවෙහි ආර්ථික සහ රදල සමාජය බිද වැටී ගොවීන් සාමාන්‍යය ජනතාව රාජ්‍යය සේවකයන් පමණක් නොව සන්නද්ධ හමුදාවන් පවා බෝල්ශෙවික් වරුනට සහය දෙමින් රුසියාවෙහි ප්‍රධාන ආරක්ෂක සහ ආර්ථික මර්මස්ථාන බහුතරයක බලය ලබා ගෙන තිබූ අතර එහි අවසන් මර්මස්ථානය වූ winter palace (හේමන්ත මාලිගයේ ) බලය අල්ලා ගැනීමට ලෙනින් තීරණය කරන්නේ ඔක්තෝබර් මස 25 වනදාය... ඔහු ඒ වනවිට සිය පෞද්ගලික ආරක්ෂාවද පසෙකලා පෙට්‍රොගෑඩ් හි විප්ලවයේ මෙහෙයුම් මධ්‍යස්ථානය කරා පැමිණ අණ දීම් කටයුතු ආරම්භ කල අතර ඔක්තෝබර් 25 වනදා සවස වන විට හේමන්ත මාලිගය හැරෙන්නට අනෙක් සියලුම පාහේ ස්ථානයන්හි බලය විප්ලව වාදීන් සන්නද්ධ බලයෙන් අල්ලාගෙන තිබින...

එවකට සාර් ආන්ඩුවෙහි අග්‍රාමාත්‍ය වරයා සහ ඇමති මඩුල්ල රැදී සිටි හේමන්ත මාලිගය අත්පත් කරගෙන සෝවියට් රුසියාව ලොව පලමු සමාජවාදී රාජ්‍යය බවට පත් කිරීමට යහසුලුව බලාසිටි ජනතාවන්ට සහ හමුදවන්ට කාමර දහස් ගනනකින් හෙබි මේ මහා මාලිගයට කඩා වැදීමට ඔක්තෝබර් 25 රාත්‍රියෙහි අණ දෙන්නේ අන් කිසිවෙකු නොව ඒ වන විට ත්රේව් නදියේ නැංගුරම් ලා සිටි විප්ලවයේ නෞකාව ලෙසින් හැදින්වෙන "අවුරෝරා නෞකාව" විසිනි.. සැලසුම් කරගත් පරිදිම එදින රාත්‍රියෙහි මහා කාලතුවක්කු හඬින් සංඥාව ලබා දුන් අවුරෝරා නෞකාව සමාජවාදී ශ්‍රේෂ්ඨ සෝවියට් රුසියාව බිහිකිරීමෙහි සටනේ විප්ලවීය ජීව වෙඩිමුරය තබා විශිෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කරා ගෙන ගොස් අදට වසර සියගනනක් ඉක්මවූ පසු ආසියාවෙහි එක් කුඩා රටක කෝච්චියක් හෙට දිනයේ අවුරෝරා නෞකාවට යාවජීව වන තරමේ විප්ලවීය වෙනසක් මෙරට ඇති කරනු ඇතැයි ඝන සීත රාත්‍රියක වුව ලියුම්කරුට පුදුමාලංකාර හැගීමක් දැනෙමින් පවතී..

එනම් වසන්ත මුදළිගේ නැමැති සිසු නායකයා අත්තඩංගුවට ගෙන අනීතික ලෙස රදවා ඇති තංගල්ල කරා හෙට උදෑසන 6.30 ඇදෙනා මෙම විප්ලවීය දුම්රිය ශ්‍රීලංකා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම විප්ලවීය බරකට වාරුවෙමින් අවුරෝරාට නොදැවෙනි යාවජීව ගුණයක් සමගින් තංගල්ලට ඇදෙයි..එසේම වසන්ත මුදලිගේ සහෝදරයා හැරුනකොට සමස්ථ විප්ලවීය පක්ෂයේම ආරක්ෂාවෙහි බරපැන සමගින් එහි ගමන් ගන්නා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශ්‍රේෂ්ඨ විප්ලවීය නායකයන් ලියුම් කරුට විරාජ මාන වන්නේ එදා එනම් 1917 වසරේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ මෙහෙයුම් මධ්‍යස්ථානය වූ පෙට්‍රොගෑඩ් කරා තම ජීවිතාපේක්ෂාවද පසෙක තබා ගිය v i ලෙනින් ඇතුලු බෝල්ශෙවික් පරමාදර්ශයන් ලෙසය...

සහුද්ර සහෝදරවරුණි

ඔක්තෝබර් විප්ලවයට වසර එකසිය හයක් සම්පුර්ණ වීමට තවත් දින කිහිපයක් පමණක් ඇති මේ මොහොතේ හෙට දින එදා සුප්‍රකට විප්ලවීය සෝවියට් අවුරෝරා නෞකාව මෙන්ම මෙදා තංගල්ල කරා ඇදෙනා රුහුණු කුමාරී සීග්‍ර ග්‍රාමී දුම්රිය ආසියාවෙහි වගාලිදක වැටී ජීවය අයදින ශ්‍රීලංකාවේ ඔක්තෝබර් විප්ලවයේ කතාව රැගෙන නොයන්නේ යැයි අනුමාන කලනොහැක්කේ කාටද.....

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට ජය වේවා

සන්නද්ධ අරගලයකින් බලය ලබා ගත යුතුය. ඒ සදහා අවැසි වන දීර්ඝ කාලින සන්නද්ධ ක්‍රියාමාර්ගයක් සදහා පක්ෂ සාමාජිකයන් සුදානම් කල යුතුය. සන්නද්ධ කාඩර්වරුන් සෑම ග්‍රාම සේවා කොට්ඨාසයකටම පත්කළ යුතුය.

විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ කාඩර්වරුන්ගේ සහය මුල සිටම අරගලයට ලැබුණි. ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්ගේ සහය, චෙච්නියානු ගරිල්ලන්ගේ සහය, හමාස් සංවිධානයේ සහය, අයර්ලන්ත ගරිල්ලන්ගේ සහය අපට ලැබීමට නියමිතය. ඔවුන් අවශ්‍ය විටදී අරගලයට අවශ්‍ය සන්නද්ධ සහය ලබා දෙනු ඇත.

හිරු නැගෙනා විට සන්නද්ධ අරගලයකින් බලය අල්වා ගමු. අරගලය වෙනුවෙන් ජීවිතය කැප කරන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

-අජිත් ධර්මකීර්ති-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-12558378370971015892022-10-15T17:08:07.088+05:302022-10-15T17:08:07.088+05:30රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!
“අන්න රජතුමා හෙළුවෙන්!...රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!

“අන්න රජතුමා හෙළුවෙන්!” කියලා පොඩිඑකෙක් කියපු කතාව හැමෝම දන්නවානෙ. මේ එකේ ඉතිරිය.

“හෙළුවෙන්” කිව්ව එකා නිසා රජ්ජුරුවන්ට වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. ඇමති තනතුරු වෙනස් කළා. භාණ්ඩාගාර ඇමති අශ්ව ඉස්තාල භාර ඇමති කළා. විදේශ ඇමති සංදේශ ඇමති කළා.
හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් පත් කළා. කුමරයාට වයස අවුරුදු තුනයි! කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මූත්‍රා කළා.
මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව’ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයා ගෙන ගියා.
“මං හෙළුව පෙන්නාදීපු නිසා හැමෝම අමාරුවෙ වැටුණා නේද?” පොඩ්ඩා ඇහුවා.
තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි.
කොහොමද එක පාරටම දැන ගත්තේ මහ රජතුමා හෙළුවෙන් කියලා?
“අයියෝ ඒක සුළු දෙයක් නෙ. ඇඳුමෙන් වැහිලා තියෙන්න ඕනෙ අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ තැනැත්තා හෙළුවෙන් කියලා තමා. මට කරද්දී ගුරුතුමා ඕක කියලා දුන්නේ.

ඇමති මණ්ඩලේ තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේට ම මුල ගුරුතුමන්ලා බව සියල්ලන්ම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමට තමන්ගේ රාජකාරි අමාරුවෙන බව ඒ හැමෝටම පෙනී ගියා. හැමෝ ම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාටයි. ඒ හිටපු ඇමති කෙනා වෙනුවට රජතුමා කෝපවෙලා ඒ තනතුරට දාලා තිබුණේ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.

“ඒ සිද්ධිය වෙන කොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් බාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරි වැදගත්!” බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.
“අපේ ගව පට්ටිවල මස් අඩු වෙන කොට අලුතෙන් තණකොළ, පුනක්කු දෙනවා. ඒ වගේමයි, උන් වැඩිලා තෙල් පිරිලා මස්වල ගුණය පහළ යද්දී අපි හරකුන්ගෙ කෑම පාලනය කරනවා. ඒ වගේ ම ගැළපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දි කරන්න ඕනෑ ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕනෑ.”

පාඨශාලා ඇමති සිය තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින් ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුනගේ දීමනා අඩු කළා. ඔවුන් එහාට මෙහාට මාරු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්වන්න යැව්වා. වෙණ වයන අය කෘෂිකර්මය උගන්වන්න යැවුවා. ඒත් එක්කම පාඨමාලාවල ‘හෙළුව’ පිළිබඳ ලියැවුණු පොතපත ඉවත් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැන ගන්න නිසා ඉතිහාසය උගන්වන එකත් නතර කරලා දැම්මා.
අඩු දීමනා නිසා ගුරුවරු පාඨමාලා හැර දමා ගිහින් කසිප්පු පෙරීම වගේ ජීවන මාර්ග තෝරා ගත්තා. තවත් අය රට ගියා. ඒත් එක දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.

“උඹලාගේ දරුවන්ට හොඳ ඥානයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්වන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා.” ඔවුන් ගම්බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියන් කලබල වුණා. ඒත් ඒක තේරුම් නොගත් අනුවණ පිරිස් ඒ ගුරුවරුන්ට උසුළු විසුළු කළා.
කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා. “කුමක් ද මේ සිදු වන්නේ? වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!” රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.
තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බැව් ඇමති මණ්ඩලය වටහා ගත්තා. පසුදා උදේ ඔවුන් සියලු දෙනාම සීතාම්බර පට සළුවලින් සැරසිලා රාජ සභාවට ගියා.
“රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව ඉදිරියට යද්දී එක් මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියනුත් ඒ කොලුවාගේ බහ පිළිගෙන ඔබතුමාට සිනාසුණා. එහෙත් වරද අපි වැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!”

මෝඩයාට නොපෙනෙන ඒ සළුව හැඳ ගත් රජතුමා ද ඇමති මණ්ඩලයත් සමඟ මහත් ආඩම්බරයෙන් වීදි සංචාරයේ යෙදුණා.

‘හෙළුව’ යන වදන නොදන්න අලුත් දරුවන් ඒ පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව කියන්න හැදුවත් මෝඩ මිනිස්සු එ්ක වැළැක්වූවා. “හෙළුව? ඒ මොකක්ද?” රජතුමා හෙළුවෙන් බව පෙන්වන්න හදපු ගුරුතුමන්ලාගෙන් ඒ පිරිස් ප්‍රශ්න කළා. ඉතිහාසය නූගන්වන නිසා රටවැසියන්ටත් ඒ වචනය අමතකව ගොස් තිබුණා.
කවුරුත් කිසිත් නොකීම ගැන රජතුමා සතුටු වුණා. “ප්‍රීතියි! ප්‍රීතියි! ඇමතිවරුනි, ප්‍රීතියි!” රජතුමා උද්දාමය පළ කළා.
ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට සළු ඇඳ ගෙන යන්න පටන් ගත්තා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ඇඟලා ගෙන ඉන්නවා. ගවපට්ටිකරුවන් සුසුම් හෙළනවා.

-රසික සූරියආරච්චි-
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-4171724163216479342022-09-04T18:01:53.534+05:302022-09-04T18:01:53.534+05:30මගේ නම රසික. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බො...මගේ නම රසික. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'. (සමහරු කියනවා හරි වචනේ බොක නෙමෙයි බොග කියලා. ඒත් අපි පාවිච්චි කලේ බොක කියන වචනේ,ඒකම මෙතැන් යොදා ගන්නවා.)
මට ඒ නම වැටුනේ මේ හින්දයි.

මම පොඩි කාලේ, 4 වසරේ ඉන්නකොට දවසක් ඉස්කෝලේ ගිහිං පාඩුවේ හිටියා.ඉතිං මම ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහෙම කළා ටිකක් වෙලා ඉන්නකොට හදුනා කක්කා බරක්. මම ඉතිං ඕක ඉවසං හිටියා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි මේක මම කිව්වේ නැත්තේ ලැජ්ජාවට. මොකද සාඩම්බර ලාංකිකයන් වන අපි කාටහරි කියලා වැසිකිලි යාමට මැලිවෙනවානේ. ඒක ලැජ්ජාවට දෙයක් කියලනේ අපි දන්නේ.

ඒත් ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී මට කක්කා බර ඉවසන්නම බැරි උනා. මට හිතුනා තනියම ගිහිං බොක දාලා එන්න. ඒත් වැඩේ උනේ බොක දැම්මට පුක හෝදන්න මම දන්නේ නැති එක.අනික රජයේ පාසල් වලටනේ අපි ගියේ. ඒවගේ වතුරත් නෑ. ඉතිං බැරිම තැන මම කලේ මේකයි.

හිමිං සීරුවේ මගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගියා. එතකොට ඉන්ටවල් ඉවර නිසා එකේ කෑම තිබුනේ නෑ. ඉතිං මම කලේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් මගේ සිඟිති පුක පැත්ත පිහදලා ඒකත් දැම්මා කෑම පෙට්ටියට.

ඉතිං ඊට පස්සේ මම පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට බොහොම සතුටෙන් හිටියා.

ඒත් මිත්‍රවරුනි කර්මයක් පලදෙන්න තියෙනවා නං මහා මුහුද මැද සිටියත්,පර්වත වලින් වටවුන මහා ගල්ගුහාවක හිටියත් ඒක පළදෙනවා කියලා බුදුබනේ සදහන් වෙනවා. මටත් ඒක උනා.

මම පන්තියට ගිහිං ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කියන ළමයා කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කියකියා.

බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. මගේ වාරෙත් ආවා. මගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ මගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.

කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. මගේ වැඩේ මාට්ටු. පස්සේ පස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් මම ඕකට සැලුන්නෑ. ඊට පස්සේ මාව දන්නේ සමන් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.
මුලදී මුලදී මට ඔය නම ඇල්ලුවේ නෑ. ඒත් අර හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවා වගේ මාත් ඔය නමට පුරුදු උනා. දැන් නං මම රැකියාවකුත් කරනවා රටේ ලෝකේ පිළිගත්තු.

ඉතිං මම මේ කතාව කිව්වේ මොකද,උබලත් කියපල්ලකෝ උබලට වැටිලා තියෙන නම් එහෙම මොනාද කියලා.Anonymousnoreply@blogger.com