අයියේ හදිස්සියක්.....
ඔව් මල්ලි.. කියන්න....
අඩේ අයියේ උඹට තමයි මේ ඉස්සෙල්ලාම කියන්නේ....
මොකක්ද බන්.....
අද සිට මම තනිකඩ නැත.. මට කෙල්ල හා කිව්වා....
අම්මට සිරි.. මරුනේ.... කවුද කෙල්ල...
උඹලා දන්නේ නෑ... මගේ උසස්පෙල කාලෙ එකට ක්ලාස් ගිය යාළුවෙක්...
හරි මල්ලි සුභ පැතුම්....
ඔන්න ඊට පස්සෙ මම පොඩ්ඩක් දැල දාල බැලුවා කොහොමද මේක උනේ කියලා.... ලව් එකට උදව් කරලා තියෙන්නේ අපි කවුරුත් අදුරන ප්‍රසිද්ධ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්... ඒ වෙන කවුරුත් නෙවෙයි... සිංහල බ්ලොග් කලාවේ පතාක යෝධයෙක් වෙන කතන්දර කාරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරයන්.... දැන් ඔයාලට එනවා නේද මෙන්න මෙහෙම ප්‍රශ්නයක්....
ඈ.. හත් ඉලව්වේ.. මේ දෙන්න කොහොමද සම්භන්ධ මේ වැඩේට....
මෙහෙමයි කථාව.... සඳරු සර් උගන්නන ආයතනය ලග තියෙනවා භාහිර උපාධියට අමතර පංති පවත්වන ආයතනයක්... ඉතින් මේ අපේ සඳරූ කොල්ලත් එක්ක එකට උසස්පෙල පංති ගිය ගැටිස්සියක් ඔතනින් නිතර එහෙ මෙහෙ යනවා සඳරූට ඇහැ ගැහිලා තියෙනවා.. කොල්ලගේ හිතත් මේ කෙලීට ඇදිලා ගිහින් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ..ඔන්න ඔය අතරෙ තමයි පහුගිය දවසක කකා දාපු පෙම් කිරීමට උපදෙස් කියන පෝස්ට් එක සඳරූ කියවලා තියෙන්නෙ.... මෙන්න මෙතනින් එහාට තමයි සොයුරු සොයුරියනේ මේ කථාවේ විසිල් බල්ටි....
කථාවේ ඉතිරි කොටස ... මෙන්න මේ විරාමයෙන් පසුව.......
සිද්ධාලේප වෙද මහතෙකි ඔබෙ ගෙදර...
සැම වේදනාවන් කැක්කුම් යයි පැහැර....
වා, පිත්, සෙංද සමනය කර දෙමීන...
සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර....
සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්තයා... "සිද්ධාලේප"
ඔන්න දැන් අර කකාගේ පෝස්ට් එක කියවපු සඳරූ මලයත් ගහලා අහිංසක සැලැස්මක්.... අර ගෑණු දැරිවිත් එක්ක ඇල්ලුවා ඔට්ටුවක්.. මොකක්ද මේ ඔට්ටුව... සංගක්කාර අයියා බැඳලා නෑ කියලා.... කෙල්ල හැපි හැපී කියනවා බැඳලා කියලා.... කොල්ලා කියනවා.. පිස්සුද බැඳලා නෑ කියලා... අන්තිමේ ඔට්ටුව පැරදිලා රුපියල් දෙසීයක්ම වටිනා චොකලට් එකක් පුදලා ඇවිත් රෑ වෙලා කෝල් එකක් දෙනවා.. කතන්දරගේ කතාවේ විදිහටම පොරත් කියනවා මම ඔයාට චොකලට් එකක් දෙන්න ඕන නිසයි අර විදිහේ ඔට්ටුවක් අල්ලලා හිතල පැරදුනේ කියලා....
ඔහොම දිගට යන කතාව 2011.07.14 වෙනිදා රාත්‍රී 11.15ට කෙල්ල සඳරුවාට "හා" කීම නිසා ඒ කථාව නිමා වෙනවා.....
හෙට ඉතින් කොල්ල තමන්ගේ පෙම්වතිය බලන්නට යන පලවෙනි දවස.... මොනවද අරන් යන්නේ කියලා අහපුහාම කිව්වෙනම් මාරි පැකට් එකක් අරන් යනවා කියලයි.... හරි එහෙනම් ඕපෙ ඉවරයි....
එහෙනම් සඳරූ මල්ලි...., උඹටත් අනූ නංගිටත් සුභ අනාගතයක් වේවා............... මතකනේ මම මේ වගේ අයට ලියන කවිය....
සියළු සැප උතුරන....
දරුවන් ගෙදර පොරකන.....
ගෑණි බෙරිහන් දෙන....
දිනය නුඹටත් උදා වෙනු ඇත.....
ඔන්න ආයෙත් සුභ පැතුම්.....
ආ....... සෝයි සෝයි... මගුලක් මගුලක්...
ReplyDeleteදෙපලටම ජයවේවා....!!
මරු , මාත් ට්‍රය් එකක් දීල බලන්න ඕනි ,
ReplyDeleteකොහොම හරි
නව යුවලට ජය වේවා
මමත් එහෙනම් මේ ක්‍රියාව අත්හදා බලන්නම්
ReplyDeleteහරි හරි මේ පින්තූරෙ ඉන්නෙ ඔය අප්රසිද්ධව ඉඳපු සඳරු කොලුව එහෙනම්.
ReplyDeleteතැන්කූ බන් මූව රටට පෙන්නුවට.
සඳරු මල්ලිට ජය සිරි මංගලම්...
ReplyDeleteඌ එක එක්කෙනාට වෙන වෙනම කිය කිය මහන්සි වෙන්නේ නැතුව ඉසිස්සෙල්ලාම අභියාට කිව්වේ ඇයි කියන එක ඉතා පැහැදිලියි... :D :D
අනේ බෝල අබේපාලයෝ.
ReplyDeleteඑහෙනං සදරු කොළුව ගොඩගියා ආ.. වේවා ජයසිරි මංගලම් කිවුවලු..
ReplyDeleteපලි: උඹට නම දාන්ට තිබ්බෙ අබේපාල නෙවෙයි, අබිලිං කියලා බොල.. :)
අනේ පව් සඳරූ....
ReplyDeleteකෙට්ටුයි .බත් නැහැ කොස් විතරයි කියා කියා අඬ අඬ හිටියට හොඳ හැන්ඩ්සම් කොලුවෙක්නේ මේ සඳරු මල්ලි. ඔය වැඩේ නම් හරි ඇතිම තමයි . නැත්නම් CNN එකට දෙයි යැයි උදේ පාන්දර . සුබ මංගලම් !!!!! බ්ලොග් එකේ ලියා ගන්න බැරි තරම් හදවත ඩිග් ඩිග් ගානවා ඇති . ඒකයි ප්‍රචාරණ කටයුතු වලට වෙනම ආයතනයක් යොදා ගන්න ඇත්තේ . අපිට හරීඊඊඊ සතුටුයි . එක දුකක් තියෙන්නේ උඹ දැක්ක දැක්ක ලස්සන කෙල්ලට ඔකඳ වෙච්ච හැටි ගැන කතා මිට පස්සේ රස කර කර කියවන්න නැති එක . ඒකට මොකද බොට හරියනවනම් .
ReplyDeleteමේ අභීත අද අප්‍රේල් පළවෙනිදා නෙමේ නේද අපිට ලනුවක්ද දුන්නේ . ඔන්න එහෙම පිටින්ම ගිල්ල .
දෙපලටම ජයවේවා....!!
ReplyDeleteමුලින්ම සඳරුට සුභ මංගලම්..!
ReplyDeleteදෙවනුව..මචං දැන් කීයක් ගන්නවද මේ දැන්වීම් දානවට..මං ඇහැව්වේ අර සිඳ්ධාලේප දැන්වීමට..?
තුන් වැනුව... උඹටනං කිසිම දෙයක් කියන්න එපා කියල කියන්න හොඳ නැහැ නේද..? හුඹහකට හරි කට තියලා කියනකල් කට පොපියනවා වගේ ගතියක් තියේ නේද..?
ජය මංගලම් සදරු! ක.සු ගේ උපදෙස් වැඩකරලා නේද?
ReplyDeleteසඳරුට සුභ මංගලම් :) ,
ReplyDeleteමේ ඇඩ් එකක් දාන්න කීයක් ගන්නවද , මගේ යාලුවෙක්ගේ ටොයිලට් පේපරුයි, වැසිකිලි හෝදන විසබීජ නාෂක දියර්යි හදන කොම්පැනියක් තියනව බැරි වෙයිද ඇඩ් එකක් දාගන්න
සුභ පැතුම් සදරූ... ඔඹත් නියම පොරට කිව්වේ.
ReplyDeleteමාර ඇඩ් දැමිල්ලක්නෙ. කියක් ගෙවනවද අභීත අයියේ ඇඩ් එකට...
අඩේ සුභ පැතුම් සඳරුවො !...
ReplyDeletesadaruta jaya wewaa....
ReplyDeletemachan sadaru onna magenuth unusum suba pathum :)
හැමදාමත් ලවු කරන්න ගොස් කෙල වන උඹට මේ ආදරයවත් මගුලෙන්ම කෙලවර කරගන්න ලැබේවා...
ReplyDeleteනැන්දාගේ, අම්මාගේ ආශිර්වාදය ලැබේවා.. !!!!
සුබ පැතුම් සදරු අයියා... ලගදීම කැමක්.. එල එල
ReplyDeleteහික් හික් ...ජය වේවා..... ඊයේ මහ රෑ හීනෙන් බය උනා වගේ මටත් කිව්ව....
ReplyDeleteපාටි ඉල්ලුවම ගොයියා කිව්වා ඒ පැත්ටේ එන්නලු..අපි කෝමද දෙයියනේ ඒ පැත්තේ යන්නේ හරියකට අලින්ට මතුරන මන්තරයක් වත් දන්නේ නැති කොට....
මට කියන්න තියෙන්නේ මෙච්චරයි....සදරු අයියේ....උඹ ඉවරයි බන්...
ජය වේවා!!!
සදරු මල්ලි ගොඩ ගියා කියන්නේ අපට කතා ගොඩක් කියවන්න ලැබෙනවා කියන එකනේ. එහෙනම් මගෙනුත් දෙපලට සුබ පතනවා.
ReplyDeletesadaru aiyata magenuth suba pathum....me adare wiwahaya dakwama pawathwagena yanna ashirwadaya labenna ona....
ReplyDeleteඋඹ මේකද රෑ දෙගොඩහරි ජාමේ ඉඳන් කියන්න වැලි කෑවේ.., එල එල සිරාම නිවුස් එක.., අරුන් දෙන්නට ජය වේවා, උඹට ස්තූති වේවා..!! :)))
ReplyDeleteජය වේවා සඳරුවෝ.... සුබ අනාගතයක් වේවා..
ReplyDeleteයකෝ මේ සඳරුවා කොල්ල පොඩි කාලෙ වගේ පෙනුමක් තියෙන එකෙක් නොවැ...
අන්න දැන් තව මගුලක්
ReplyDeleteඑහෙනම් ඒකත් ජයසිරි මංගලම්......... ජය වේවා ...........
ReplyDeleteසුභ පැතුම් සදරු...හැමදේම හොදින් සිද්ද වෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
ReplyDeleteසඳරු මලයට මගෙනුත් සුබ පැතුම්..
ReplyDeleteපව් අප්පා එයා.. අහිංසකයා..
ReplyDeleteදැවැද්දක් එහෙම ලැබුනොත් කතන්දරටත් පොඩි කොමිසොන්න් එකක් ලැබෙයි මයේ හිතේ...
අපොයි අසරණයා....:D
ReplyDeleteඅපිත් සුභ පැතුවයි කියන්නකෝ...!!!
අඩෝව්ස් සදරුවා සුභ පැතුම් කිව්වා.... බලමුකෝ කතාව ඇත්තනං දැං මූට පෝස්ට් එකක් දාන්නම වෙනවා අභියාට කියලා අපට හොරා ලව් කරන හිතං ඇති දැන් දීපන් අපටත් අයිසිං කේක්....
ReplyDeleteසුබ පැතුම්!
ReplyDeleteඅපොයි අහින්සකයා මේ පාල මාමා ඒ පාර මේ කොල්ලව අල්ලගෙන ඕන වෙඩිමක් සුභ් පැතුම් මල්ලියා
ReplyDeleteප්‍රියා මල්ලිත් කිව්ව වගේ අනේ අපොයි අසරණ කොල්ලා කියනව මිසක් වෙන මක්ක කියන්ටද . .
ReplyDeleteහැබෑවට බින්දි කිව්ව වගේ දකින දකින කෙල්ලට ඔකඳ වෙලා පැනි හලන කතන්දර නැති වෙන එක ගැන නම් මටත් අම්බානක දුකයි ඈ . .
කමක් නෑ . . .
සෙනසුරා ලැබුවාම විශ්ණු දෙයියන්ටත් බටකොල කන්ට උනාලුනේ . .
මූට මක්ක කන්ට වෙයිද දන්නෑ . . . .
සඳරුවෝ ඔන්න එහෙනම් අපෙනුත් සුභ පැතුම්.....!!! දෙන්නාගෙන්ම තමයි බොල... දුන්නම හරස් ප්‍රශ්න නැතිව ගනිං හොදේ....
ReplyDeleteඅපෝ අඹයට වැරදිලා වත් මුකුත් කියන්නේ නෑ.....
හොදයි.. හොදයි.. මනුස්සයත් අපි වගේ සිය කැමැත්තෙන්ම සිරභාරයට පත්වෙලා...
ReplyDeleteඅඩඩා....
ReplyDeleteඑහෙනම් මෙයයි සඳරු.
හා හොදයි හොදයි.මමත් බැලුවා පහුගිය දවස් ටිකේ සදරු පේන්න හිටියෙ නැත්තෙ මොකද කියලා.එහෙනම් මේකට මහන්සි වෙලා.ජයසිරි මංගලම්..
ReplyDeleteහැබැයි කතන්දරගෙ බ්ලොග් එක කෙල්ල කියවපුදාට වැඩෙ අජපල් වෙයිද දන්නෙ නෑ..... :D
ReplyDeleteසදරුට උඹට නිවන් සුව.... !!!
සඳරු කොල්ලට මගෙනුත් සුබ පැතුම්.. .වැඩේ කරලා නේද කිරිගහට ඇන්නා වගේ...
ReplyDeleteඒ උනාට අභියා මෙදා පාර සිද්ධාලේප මුදලාලිගේත් දතක් ගලවලාද කොහෙද... අනේ අනිච්චං
මීට වඩා හොඳ නැද්ද අභීත අයියේ උඹ මාව මරාගෙන කෑවනම් ? . මම උඹ ගැන රට්ටු කියන කතා තඹේකට මායිං කොලේ නෑ අනේ මම වගේ මීහරකෙක් ...
ReplyDeleteඋඹට ඉස්තූතියි බං . හම්බවෙයකෝ මට !
එතකොට අර පත්තරේ ලිපිය දැකලා කතාකරපු මාමණ්ඩි කෝ දැන්??? මට පිස්සු වගේ අප්පා
Deleteහයියෝ කතන්දර සූරින්ගේ ලින්කුවකින් ආවේ මේ පරණ ආරංචියක්නේ හි හි
Deleteමෙන්න තවත් අනුග්‍රාහක නිවේදනයක්!
ReplyDeleteජන-අප්‍රිය කොණ්ඩ(නැති)දෙනියේ ගුරුකම්
අප දුන් ගුරුකමක් වැරදුනේ නැත.
හරි ගිය පසු ගාස්තුව
පේ-පැල් පහසුකම් ඇත.
විමසන්න පාල ඩෙන්ටල් බාරේ
සුබ පැතුම් සඳරු... ආහ් බන් මල්ලියේ. උම එය විදිහටමයි මටත් පණිවිඩය කීවේ...“ අක්කෙ මං අද ඉදල දෙකඩ වුනා, ඔන්න අක්කට තමයි ඉස්සෙල්ලම කීවේ“
ReplyDeleteදැන් බැලුවම කාටත් ඉස්සෙල්ලම කියලා....හෙහ් හෙහ්..
සුබ පැතුම් කොල්ලෝ...
@ කතන්දර
කොල්ලන්ට විතරද ඒ ආදර පාඩම.. ???
අම්මෝ ඇති යන්තම් සඳරුවා ගොඩ ගිහින්...
ReplyDeleteසුභ මංගල්‍යයක්
ReplyDeleteවැඩේ ඇත්තනම් සුභ මංගලම් කිව්වා. සඳරු බ්ලොග් එක වහයි වගේ එහෙනම් !
ReplyDeleteඅනේ වාසනාවන් සඳරු අයියේ....එල එලැ
ReplyDeleteඅහෝ අහිංසක හිස් අහස......
ReplyDeleteසදරුවෝ . . . ඕක කරගන්න නෙ උඹ මෙච්චර දවස් තෙපරබෑවෙ . . . . දැන් කාල වරෙන්කො . . . . . (සුබ පැතුම් ඈ . . .)
ReplyDelete@ දුකා,
ReplyDeleteමූට කන්න වෙන්නෙ ඉතිං කොස් තමයි.
එකත් ජයසිරි මංගලම් කිව්වලු! සුභ පැතුම් සඳරුවෝ. අර ගොඩක් අය කිව්ව වගේ මීට පස්සෙ ඇඬෙන කතා අහන්න වෙන්නෙ නැති එක තමා දුක. මොනව කරන්නද ඉතින්. දැන් ආදර කතා අහන්න පුලුවන් නෙ. සඳරුවෝ උඹට නිවන් සුව!
ReplyDeleteසඳරුට සුභ පැතුම්.
ReplyDelete(නියම තැනට පණිවිඩේ කියලා තියෙන්නෙ; වියදම් අඩු ප්රචාරක ක්‍රමයක්.)
good luck
ReplyDeleteසදරු මලයෝ ජයසිරි සුබ මංගලම්....!!!!
ReplyDeleteමටත් කියන්න තියෙනේ දරුමල්ලෝ දුසිමක් විතර ලෑබි සෑපෙන් සනිපෙන් යුග දිවිය ගෙවන්න ලෑබේවා කියලා තමා..
හිස් අහස මින්මතු හිස්වනු නැත තවත්...
ReplyDeleteසුභ පැතුම් !!!!
ජය වේවා සඳරු වෝ!!!! අභී අයියගේ සිද්ධාලේප ඇඩ් එක නම් නියමයි හොඳේ...
ReplyDeleteඒ කියන්නේ අභීත අයියේ... අපිට හෙන ටුවර් එකක් යන්න වෙයි වගේ...
ReplyDeleteදැම්ම තියා වාහන ටික ලෑස්ති කරගනින්...
සඳරූ මලයට සුභ පැතුම්....
ReplyDeleteඅභීත ප්රචාරක ෙස්වයට ප්‍රණාමය....
සඳරු මලේ නිකං වට් මේ පෝස්ට් එක ඒ කෙල්ල දැක්කොත් උඹ ඉවරයි. ඒ නිසා අර රංග බාරේ හැකර් කෙනෙක් වත් එවපන් මේ සයිට් එක කෙළවිලා යන්න.
ReplyDeleteඅබේ පාලගෙ කවිය තමා කවිය! ඕක ඝන පිහිටුවල කියපන්කො අර මාරයට!
අඩෝ වස් කවි කියලා එහෙම අහු වෙනවා නෙවෙයි..මරනවා..:D
ReplyDeleteවැව් ඉස්මත්තෙ ඉන්න ඇඩ්ඩිං මාමගෙ එලිච්චියො ටිකට නිදහසේ හිටියෑකි..:D
ReplyDeleteසඳරු මලයා...
behind every successful man there is a woman,
behind every unsuccessful man there is women,
සඳරු අලුතෙන් පෙරලූ ජීවිත පරිච්ඡේදයටත් අහීත මහතා අලුතින් ඇරඹූ ප්‍රචාරණ සේවයටත් උනුසුම් සුබ පැතුම් !!!
Maru maru godak sathutui.hangan hetapu face akath dakka.thanx.ok ok hadawathenma suba pathanawa sandaru ayiyata...
ReplyDeleteපවු සඳරුවා ඌත් ඉවරයි එහෙනම්.. ඔක කරගන්නකන් නින්ද ගියෙ නැහැනෙ.. දැන් විඳවපන්....
ReplyDeleteඔන්න්.......න බලන්න්.......න, වාසනාවන්ත පාද දෙකක් ගම් තුලානට ඇවිත් ගියාම වෙන දේ...! හ්ම්ම්..හ්ම්ම්ම්..
ReplyDeleteදැන් ඉතින් අහස තවදුරටත් හිස් නොවනු ඇත. සුළං කුරුල්ලෝ ආදර උයනේ දොරටුව ඇරගෙන හිස් අහස පුරා හෙමින් ඉගිල්ලෙන බව පෙනේ.
ReplyDeleteසිහින පොතේ පෙරළුණු පිටුවේ ආදරය ලියවී ඇත. සඳරුට ආදර බර හෙට දිනකට අසිරි!
පස් වනක් ප්‍රීති ..... ප්‍රීතී ........
ReplyDeleteසඳරු මලයට ජයසිරි මංගලම් ..........
හදවතින්ම සුබ පතනවා මලයා ......
@අබේපාල මාමා,
නරකද මංගල සේවයක් එහෙම පටන් ගත්තොත් .......
සඳරුව ගොඩ යාම ගැන හීනියගේ බලවත් ප්‍රීතිය ඕං......උඹට ජය...
ReplyDeleteනැහැයි කිව්වට උඹටත් ජය අබේපල මාමේ....
විනාසයක් නේ.. නැනැ වෙඩිමක් :D :D
ReplyDelete:D ela
ReplyDeleteවැඩිය කාටවත් කියල නෑ.ජය වේවා !
ReplyDeleteජය වේවා.. සඳරු මල්ලී.. දෙවෙනි පාරටද මංදා..
ReplyDeleteඅඩ් ඩඩ්ඩේ සඳරුවෝ....සුබම සුභ අනාගතයක් මචං....
ReplyDeleteසඳරු ගේ බ්ලොග් එක කියෙව්වට ඒ පැත්තේ තම එක කොමෙන්ටුවක් වත් දැම්මේ නැහැ. ඉස්සෙල්ලම සඳරු ට සුබම සුබ අනාගතයකට wish කරන්න ලැබුන එක කොච්චර දෙයක් ද..
ReplyDeleteසුබපැතුම් සඳරු මල්ලි...
දැන් ඉතින් එකක් සැට් උන හින්දා අලුත් එකක් දැක්කම ඔකද වෙන ගතිය මග ඇරිලා යයි මගෙ හිතේ...... කම්පියුටර් ඉගෙන ගන්න ආපු බිසෝ මැණිකෙලට තාම පාඩුව... ඩබල් ක්ලික් කරන හැටි දැන උවමනාවෙන් කියා දෙන එකක් නෑ මේ සදරැවා........ මගේ සුභ පැතුම් !
ReplyDeleteසියළු සැප උතුරන....
ReplyDeleteදරුවන් ගෙදර පොරකන.....
ගෑණි බෙරිහන් දෙන....
දිනය නුඹටත් උදා වෙනු ඇත.....
ඒක නන් එල :D
ජය වේවා!
ReplyDeleteසයිබරේටම නිව්ස් එක අභීත අයියගෙන් දෙන්න පුලුවන් නිසා පටස් ගාලා මතක් වෙන්න ඇති සදරූට මෙයාව
ReplyDeleteසඳරූ.... අය්යගෙන් අපිට හෙල්ප් එකක් ගන්න බැරි වෙයිද ?
ReplyDeleteධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
ReplyDeleteයමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
http://dahamvila.blogspot.com/
සඳරුට මගෙනුත් සුබ පැතුම්..
ReplyDeleteඇයි බන් සදරුව දැන් ලියන්නේ නැත්තේ ?
ReplyDeleteසඳරු මලයාගේ නොම්බරයක් තියනවනම් කෝල් එකක් දීල බලන්න පුලුවනිද මු මොකද ලියන්නේ නැත්තේ කියල. උඹලා හැමෝගෙම බ්ලොග් කියෝන මමත් ඔන්න බ්ලොග් එකක් හැදුව. එත් උඹල තරම් වැඩ කෑලි දාන්නනම් දන්නේ නැහැ. පුලුවනිනම් උදව්වක් කරහල්ලකෝ මේක හද කරලා ගන්න.
ReplyDeleteමේක තමයි බ්ලොග් එක http://ambalangodakatha.blogspot.com/
මචං please සඳරු ලියන්නේ නැත්ත්ඒ ඇයි බලනවද
ReplyDelete