Friday, November 12, 2010

කෝච්චියෙ කතා අංක 01... ඇබින්දක් විතර 18+

මේ දවස්වල මම ඉන්නෙ හරි සතුටෙන්... මගේ පරිඝණක දැනුම දුර්වල නිසා මම හිතුවෙ කවුන්ටරේ තමයි ආපු ගාන පෙන්නුම් කරන්නෙ කියලා... ඒ උනාට ගූගල් දෙයියන්ගෙ බස් ඩෑෂ් බෝඩ් එකට ගිහින් බලපුහම මෙන්න බොලෙ මාස පහට 18000ක්ම ඇවිත් ගිහින්.. මම හිතුවෙ බොරුවක්ම කියලා... ඒත් වැප් මල්ලි කියන්නෙ ගූගල් දෙයියන්ට වරදින්න විදිහක් නැහැලු... ඉතින් ඒක නිසා මට පොඩි කික් එකක් ආවා මේ බ්ලොග් ලියන එක ගැන.. වැප් මල්ලිට ඔන්න තව පාරක් ස්තූතියි.. ඔන්න මට ඉදිරියටත් උදව් කරන්න ඕන... කතන්දරවත් මතක් කරන්නත් ඕන.. මොකද එයාගෙ බ්ලොග් එක නැත්නම් මම බ්ලොග් ලියයි.... නුවන් කිත්මල් මල්ලිත් මට බොහොම වැදගත් වෙන විද්‍යුත් ලිපියක් එවලා තිබුනා.. බොහොම ස්තූතියි මල්ලි.... 


මේ කතාව ලියන්න කලින් එකදෙයක් ඔක්කොටම කියන්න ඕන.. මම මේ කතාව කියන්නෙ ටිකක් හිනාවෙන්න විතරයි.... ආගම් පහතට දාන්නවත් මිනිස්සුන්ගෙ දුර්වලතා වලට අගරුවක් කරන්නවත් නෙවෙයි... ඒ නිසා මේක කියවන ඔබ හැමෝම මේ ඇහින් කියවලා අනිත් ඇහින් බැහැර කරලා දාන්න... ආ.. ටිකක් හිනාවෙන්නත් අමතක කරන්න එපා..... හරි දැන් ඉතින් කථාවට යමුකො.... මම කියලා තියෙනවා මගෙ මුල්ම කථාවකදි අපේ ජීවිතවල එක එක ජීවිත තියෙනවා කියලා.. ඒ කියන්නෙ කැම්පස් ජීවිතේ, බෝඩින් ජීවිතේ, මාරයගෙ වගෙ පංසල් ජීවිතේ, වගේ එක එක ජීවිත. ඉතින් මට මෙච්චර කලක් අමතක වෙලා තිබ්බ කෝච්චි ජීවිතේ ගැන තමයි අද කියන්න යන්නෙ.... මම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වැඩ කරන කාලෙ අවුරුදු දෙකක් විතර මම කෝච්චියෙ දිනපතාම වැඩට ආවා ගියා.. පුදුම ෆන් කාලයක් ඒක.... උදෙට සහ හවසට පැය දෙක හමාර ගානෙ ආතල් ගත්තා... එතනත් ඔයාලට කියන්න කතා සීරීස් එකක්ම තියෙනවා.... ඉතින් ඒක නිසා ඔන්න පලවෙනි කතාව දිහාට හැරෙමු....


 කෝච්චියෙ වැඩට යන හැමෝටම නිසි අසුනක් තියෙනවා.. අපි ගියෙ මහව කෝච්චියෙ දහතුන්වෙනි පෙට්ටියෙ දෙවැනි කෑල්ලෙ වම් පැත්තෙ දෙවෙනි ශීට් එකේ.... මහව කෝච්චියෙ ඒ කාලෙ තිබ්බ තිරිසන්ම පෙට්ටිය... මරුම කොල්ලො සෙට් එකක් හිටියෙ.... පිස්සු කෙළින්න ජන්මයෙන්ම ආපු හැකියාවක් තිබ්බේ... මේ සෙට් එකේ හිටියා එක්ස් නම් වූ අයියා කෙනෙක්... මිනිහා මුස්ලිම් භක්තිකයෙක්... ඒත් සිංහල වගේ හැසිරෙන්න තමයි ගොඩාක් කැමති... එයාට නිතරම ඕන උනා තමන් චතුර විදිහට සිංහල කතා කරනවා කියලා අනිත් අයට පෙන්නන්න... ඒ උත්සහය නිසාම මනුස්සයට ගොත ගැහෙනවා... ඉතින් මේ උත්සහය නිසා ගොත ගැහෙන එක අනිත් උන් විහිලුවට ගන්නව නිතරම...


ආයෙත් කතාවට.... ඉතින් මේ කෝච්චි සගයෝ කොහෙට හරි මාසෙකට සැරයක් සෙට් වෙනවා පොඩි මධුවිතක් තොල ගාන්න.. ඒ සෙට් වෙන හැටිත් හරි අපූරුයි.. ඊලග කතාවෙදි ඒක දාන්නම්... ඉතින් මේ එක්ස් නම් වූ අයියත් එනවා... මිනිහා බොන්නෙ නෑ.... ඉතින් ඔක්කොම මදුවිත පානය කරලා ඊලග කෝච්චියේ නැගලා ගෙදර එනවනෙ... එක්ස් අයියයි විජේ අයියයි බහින්නෙ පොතුහැර දුම්රිය පලෙන්.. අපි ඊලග එකෙන්.. විජේ අයියගෙ යතුරු පැදියෙ තමයි එක්ස් අයියත් දුම්රියපලේ ඉදලා ගෙදරට යන්නෙ.... දැන් මේ සෙට් වෙලා ගෙදර යන දවසෙත් එක්ස් අයියා නැග්ගා විජේ අයියගේ යතුරු පැදියෙ පිටි පස්සට.... විජේ අයියා කණ පැලෙන්න බීලා... දැන් බීපු එකා පදිනවා බීපු නැති එකා පිටිපස්සෙ ඉදගෙන යනවා....



විජේ අයියා යතුරු පැදිය පැදගෙන අස්ස වේගෙන් යනවා දැන්.. එක්ස් අයියත් කකුල් වෙව්ල වෙව්ල පාර දිහා බලාගෙන යනවා.. එක්ස් අයියට පෙනුනා ඈත වලක්.... මිනිහ විජේ අයියට ඒ ගැන කියන්න හදද්දි අනේ අර ගොතේ ආවා.. දැන් එක්ස් අයියට කියන්න උනේ මෙච්චරයි...


වි ... වි.. ජ්.. විජ්ජ්ජේ..... ව.. ව.. වල්........


කියද්දිම වලේ වැටුන යතුරු පැදිය දඩෝන් ගාලා මහ පාරෙ ඇදගෙන වැටුනා... භක්තිමත් ඉස්ලාම් බැතිමතෙක් වන එක්ස් අයියගෙ මුවින් දෙවියන් සිහි කරන වදන නිකම්ම පිට වුනා...... ඒ කියන්නෙ අල්ලාහ් කියලා...


කරුමෙ කියන්නෙ අර කලින් ගොත ගැහිච්ච වාක්‍යයයි නිතරම චතුර විදිහට කියවෙන දෙවියන්ගෙ නමයි මනුස්සයට එකටම තමයි කියවුනේ.... ඒක නිසා වටේ අයට මේක ඇහුනෙ මෙහෙමයි....


වි ... වි.. ජ්.. විජ්ජ්ජේ..... ව.. ව.. වල්........ලා...හ්.....


පහුවදා උදේම කෝච්චි පෙට්ටියට නැග්ග විජේ අයියා මේ ගැන කියලා මුළු දහතුන්වෙනි පෙට්ටියම ගිනි තිබ්බා... මාස තුනක් විතර වෙන පෙට්ටියක ගිය එක්ස් අයියා පස්සෙ ආයෙත් අපිත් එක්ක සෙට් උනා.....

21 comments:

  1. හේහේහේහේ පට්ට පට්ට....
    "මාස තුනක් විතර වෙන පෙට්ටියක.‍‍......."
    මෙහෙම වුනේ එච්චරකල් ආබාධිත තත්වයේ හිටියද අර කියපු එක්ස් අයියා.... :-P

    අහ් මගෙන් ඔන්න හදවතින්ම සුභ පතනවා...දිගටම ලියමු...
    අහල නැද්ද ලියන්නෝ දිනන්නෝ කියලා....

    අහ් මේ අයියේ බ්ලොගර් ගැජට් එකක් තියෙනවා අපේ විසිටොර්ස් කවුන්ට් පෙන්වන...ඒක බ්ලොග් එකට දාගන්න දැන් තියෙන කවුන්ටරේ අහක් කරලා....

    ReplyDelete
  2. ස්තූතියි හසිත...... බඩු වැඩ එකසිය ගානට.......

    ReplyDelete
  3. කතාව නං නියමයි. දිගටම ලියමු.

    ReplyDelete
  4. කළින්ම ඇවිත් බලලා ගියා..හදිසියේ..ඒත් ඉතින් ටිකක් හිනාවෙන්න අමතක උනා..ඒකයි මතක ඇතුව ආයෙත් ආවෙ...

    හික් හික් හික්...

    ReplyDelete
  5. එලකිරි නොවැ අභීත අයියේ

    ReplyDelete
  6. හික් හික්.. මරු සීන් එක...

    ReplyDelete
  7. මේක ඔයාලට නම් නුපුරුදු වචනයක්..අපිට ගොඩාක් හුරුයි වල්ලාහ් කියන්නෙ Arabic වලින් ඈත්තද කියන එකට

    ReplyDelete
  8. කොහොම හරි ට්‍රයි කරලා ඔය චවන සෙට් එකේ අන්තිමට "ක්" දාගත්තානම් කියන්න ඕනේ වචන සම්පුර්ණ කරගන්න තිබ්බා. අපරාදේ හික්ස්... ෂෝයි කතාව. ඉතුරු ටිකත් ඉක්මනට දානව නේ?

    ReplyDelete
  9. අද තමයි පලමුවෙනි වතාවට මේ පැත්තේ ආවේ . කතාව නියමයි .
    ටිකක් නෙවේ ගොඩක් හිනා උනා ... ආයෙත් දවසක එන්නම්

    ජයවේවා !!

    ReplyDelete
  10. හිස් අහස සාදරයෙන් පිලි ගන්නවා ඔන්න...

    ReplyDelete
  11. තව එක "ල"යන්නක් සහ "අ" යන්නක් කියවුණේ නැත්තේ වෙලාවට......හී....හී....හී.....

    ReplyDelete
  12. ​​මොඩ ආතල් !!!

    ReplyDelete
  13. හා හා අභිත අයියා මට ස්තුති කරලා. බොහොම සතුටුයි..

    ReplyDelete
  14. කෝච්චියේ ගමන බස්වල යෑමට වඩා හැඟ අතින්ම ගුණදායකයි. මිත්‍ර සමාගම විතරක් නෙමේ, මං නං කතන්දර සේරම ලියන්නේත් කෝච්චියේ යන එන කොටයි.
    මහව කෝච්චිය මාත් දන්නවා. ඕක ගනේමුල්ලෙන් 7.10, ඉන්පස්සේ කෙලින්ම මාලිගාවත්ත (දෙමටගොඩ).

    ReplyDelete
  15. ඔයාගේ ස්ටැට්ස් ඉමේජ් එක හොඳට බලන ඛොට තමයි මට තේරුනේ, කතන්දරකාරයා ගේ බ්ලොග් එකත් නිකං පොඩි සින්ඩියක් වගේ නේද?

    ReplyDelete
  16. ඔව් නේන්නම්..... මමත් දැනුයි කකා දැක්කේ.......

    ReplyDelete
  17. හපොයි හිනා යනවා ටිකක් නෙමෙයි බොල ගොඩක්.

    ReplyDelete
  18. එළකිරි ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  19. Elaz ! jaya wewa !!

    ReplyDelete
  20. වල්ලාහ් කියන්නෙ අල්ලගෙ නාමෙන් කියන එකයි. ඒක දිවුරුමක්. wallah ගූගල් කරල බලන්න. තම්බි යාළුව වැරදි නෑ.

    ReplyDelete

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...