මීට වසරකට කලින් වැපා ලියපු ලිපියක් තමයි මීමුරේ තව දුරටත් දුෂ්කර ගමක් නෙවෙයි කියන ලිපිය.... ඒත් පසුගිය මාස දෙක පුරා මම මීමුරේ ගත කල නිසා එය තව දුරටත් දුෂ්කර ගමක් ලෙස හදුන්වා දෙන්න මම කැමතියි... ඒ පහත කරුණු නිසා.. ඔබේ අවබෝධය පිණිස මම වැප් නිශාන්තගේ කරුණුත් එක්කම කරුණු දක්වන්නම්..
අබලන් වී ඇති මීමුරේ මාර්ගය |
පාර හදපු කාලයේ එය එලෙසින් තිබෙන්නට ඇති.. දැන් නම් එම මාර්ගය බොහෝ සේ අබලන්ය. සාමාන්‍ය වාහනයකට ඉතා අසීරුවෙන් එහි ලඟාවිය හැකි අතර 4 X 4 වාහනයක් වඩා උචිතය. පසුගියදා පතිත වුන වර්ශාවෙන් එම මාර්ගයට වූ හානිය මෙතනින් බලාගන්න පුලුවන්.. ඒ වගේම මීමුරේ ගැමියන්ගේ එකමුතු කම වගේම ජවයත් එම පින්තූර වලින් බලාගන්න පුළුවන්...
මී මුරේ ඉතිහාසය - History of Meemure
අනුරාධපුර යුගයේ සිදුවු වියසනයක් හේතුවෙන් රහතුන් වහන්සේලා වෙනත් පෙදෙස් කරා වැඩම කර ඇත. පසුව රජතුමා විසින්, වඩනහලු/රන්දුනුවා හා කහටගහකුඹුරා කියන පුද්ගලයින් තුන්දෙනා ගේඳුරුවා නම් වැදිනායකයාගේ මග පෙන්වීම යටතේ උන්වහන්සේලා සොයාගැනිමට පිටත් කරවා ඇත. එම සිද්ධිය මීමුරේ ගමෙහි ආරම්භයයි. අදටත් පවතින දන්දෙනිකබුර කහටගහවෙල සහ ගලමුදුන ජනාවාස වී ඇත්තේද එහිම ප්‍රථිපලයක් ලෙසය. ඊට අමතරව රන්දුනුවා විසින් ජනාවාස කරන ලද ගලමුදුන සොයාගෙන ඇත්තේ මී වදයක් සොයාගෙන යාමේදිය. නවරත්න මහතාට අනුව ගලමුදුන නම් ගම අති දුශ්කරය. එම ගමට මොන ආකාරයකින් ගියත් කිලෝමිටර් දහයක් පමණ පයින්ම යා යුතුය.
මෙයට එකඟ විය හැකි අතර කන්ද උඩරට අවසන් රජු වෙච්ච ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලා යෑමේදී අන්තඃ පුර බිසෝවරුන් සැඟවූ ප්‍රදේශය ලෙසත් මෙය සැලකෙනවා.. මීමුරේ ගමේ පෞරාණික නිවසක් වෙච්ච "උඩ වලව්ව" ගමේ පැරණිම නිවස යැයි සැලකෙන අතර අදටත් එහි ආයු කාලය කියන්න සමත් කිසිවෙක් මීමුරේ ගමේ නැහැ... පදිංචි අයවත් දන්නේ නෑ...
පහසුකම් - Facility of Meemure
දැනටමත් ලංකාබෙල් CDMA දුරකතන ජාලය වැඩකරයි. ගම කෙළවරට යනතුරු කොන්ක්‍රීට් කරන ලද පාරක් පවතියි. ගම තුල කඩ තුනක් පවතීයි. එවාහි ඒ මිනිස්සුන්ට අවශ්‍යතාවයට සරිලන බඩු බාහිරාදිය විකිණිමට ඇත. ගමපුරා විදුලි රැහැන් ඇද ඇත. ජලවිදුලි බලාගාරයක් හා ඇල්බිසියා වලින් ක්‍රියාත්මක වන තාබ බලාගාරයක් පවතියි. නමුත් තාපබලාගාරය දැනට අක්‍රීයව පවතින්නේ එහි තාක්ෂනික දෝෂයක් පවතින බැවිනි. ඊට අමතරව සූර්ය තාප විදුලි බලය බොහෝ නිවෙස්වලට ඇත. මේ කරුණු සලකා බැලූ කල මි මූරේ තව දුරටත් දුශ්කර නැති බව පැවසිය හැක. ත්‍රීවිල් ලොරි යතුරු පැදි මෙන්වම වැන් ද එහි ගැමියන් සතුය. අනෙක් පෙදෙස් වලින් වෙන්ව පැවතියත් මී මුරේ යනු ස්වයංපෝෂිත ගමක් බව නවරත්න මහතා ආඩම්බරයෙන් පැවසීය.
මෙයද සත්‍යයකි... නමුත් කරුණු කාරණා මීට වඩා වෙනස් වේ... ජල විදුලි බලාගාරය දැන් ක්‍රියාත්මකයි... එයින් ගමට විදුලිය ලැබෙන්නේ හවස 5.30 සිට උදෑසන 7.00 වෙනතුරු පමණි. නියඟය කාලයට එහි ක්‍රියාකරිත්වය ගැමියන්ට තවමත් අවිනිශ්චිතයි.. ගමේ බොහෝ නිවෙස්වලට සූර්ය තාප විදුලි බලය තිබෙන නමුත් එයින් ඔවුන්ට නිපදවා ගත හැක්කේ ආලෝකය පමනයි... වාහන ඇත.. නමුත් ආසන්නම නගරයට යෑමට ඔවුන් කිලෝමීටර 36ක දුරක් ගමන් කල යුතු වේ... වාහන තිබෙන ගැමියන්ද නගරයට යෑමට භාවිතා කරන්නේ ගමට තිබෙන එකම වෑන් රථයයි... එය උදෑසන 5.30ට මීමුරේන් පිටත්වන අතර හවස 2.00ට හුන්නස්ගිරියෙන් මීමුරේ බලා පිටත් වේ... මී මුරේ අවට ගම්වලට වඩා ස්වයන්පෝශිතයි.. ගමේ කඩවල්වල විකුනන්නට තිබෙන්නේ අතිශය ප්‍රාතමික අවශ්‍යතා පමනි..
මීමුරේ ප්‍රසිද්ධ මී ගස සහ ප්‍රාථමික විදුහල |
අධ්‍යාපනය - Education
ළමයිගේ අධ්‍යාපන උවමනාව මෙන්ම දෙමාපියන් ළමයි අධ්‍යාපනයට උනන්දු කිරිමද සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. එයට හේතුව එදිනෙදා වැඩ කටයුතු කරගැනිමේන් පැවතගෙන එන පාරම්පරික කර්මාන්ත ටික රැක බලාගැනිම ප්‍රමාණාත්මක බැවිනි. එම ගමේ උපාධරින් කිහිප දෙනෙක් සිට ඇත. එහෙත් වර්තමානයේ උසස් අධ්‍යාපනයට හිමිකම් කරගත් සිසුන් නැත. වෘත්තිය අධ්‍යාපනයක් හඳුන්වා දෙන්නේ නම් එය වඩා යෝග්‍ය බව නවරත්න මහතා පැවසීය. ගම තුල පන්සල මෙන්ම පාසලද පවතියි.

ආර්ථිකය - Economy
පාරම්පරික කිතුලි පැණි ගම්මිරිස් එනසාල් හා හේන් ගොවිතැන හා වි ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය මර්ගයයි. ගම තුල වෙලඳාම මෙන්ම. නගරයට ගෙන ගොස් විකිණිමද සිදුවේ. ආර්ථිකමය වශයෙන් ඔවුහු සැලකිය යුතු මට්ටමක සිටිති. මුදල් අතේ ඉතුරු විමට ප්‍රධානම හේතුව බොරු වියදම් නැති වීමයි. ඊට අමතරව සංචාරකයන්ගෙනුත් සැලකිය යුතු අදායමක් ඔවුන්ට ලැබෙයි. ගමේ තරුණ තරුණියෝ කිහිප දෙනෙක් ඇඟලුම් ක්ෂේත්රයේද රැකියා කරයි. ඊට අමතරව නගරයේ වෙනත් රැකියා සඳහාද පිටත්ව යයි. තවද විදෙස් රැකියා වලට ගිය කාන්තාවන්ද සිටිති.

සංචාරකයෝ - Tourism
ගමට පැමිණෙන පරිසර හිතකාමි නැති සංචාරකයින්ට ඔවුන්ගේ බලවත් විරෝධය පවතියි. එලෙසම පිටින් පැමිණ ගම තුල අනවශ්‍ය ලෙස හැසිරිමද ඔවුන් අනුමත නොකරයි. ඒ සඳහා ඔවුන් වැඩපිලිවෙලක්ද යෝජනා කරයි. එනම් ඕනැම සංචාරකයෙකුට පැමිණිය හැකි උනත්. ඔවන් සඳහා වෙනම තීරු හෙවත් සංචාරක කලාප ඇති කල යතුයි. එලෙසම එන සෑම සංචාරක කණ්ඩායමකටම ගමේ නියෝජිතයෙකුගේ මගපෙන්විම අනිවර්ය යැයිද පවසයි. දැනට එලෙස සංවිධනය වූ ක්‍රමවේදයක් නැතත් නුදුරේදිම එයදියත් කරන බව නවරත්න මහතා පැවසීය.

ලකේගල සහ මීමුරේ වෙල්යාය |
තර්ජන - Influence
පාසල් වලට පැමිණ තැගි බෝග දිමේ කූට උපක්‍රමයෙන් ආගම මරු කිරිමේ ක්‍රම වේදයට පසුබිම සැකසීමද සිදුවෙයි. ඊට අමතරව බරපතලම කාරණය වන්නේ, හරක් මස් නොකන මිනිසුන්ට හරක් මස් කෑම පුරුදු කිරිමයි.
ඔනෑම ගමක සිටින කසිප්පු බොන පුද්ගලයන් හට නොමිලේ හරක් මස් ගෙන දිමක් මුස්ලිම් හොර හරක් මුදලාලිලා සිදු කරයි. එයට ගිජු හා ලොල් වූ පුද්ගලයන් ගමේ සිටින හරක් හොර රහසේ එම මුදලාලිලාට විකුණයි.
ස්භාවික තර්ජනයක් ලෙස වල් අලි තර්ජනය ඇත. නමුත් තවමත් මෙය ඉතාම බරපතල තත්වයේ නැත

වෙඩි ලුණු ගුහාව ඇතුලත.... |
ගම ඉතා සුන්දරය. අවට කඳුවලල්ල ඉතා අලංකාර ලෙස දර්ශණය වෙයි. ඊට අමතරව ලකේගල හා වෙඩි ලුණු ගලද නැරබිය හැක. එමනිසා ඔබත් මි මුරේ යන්නේ නම් අවම වශයෙන් දවස් තුනක ගමනක් යා යුතුයි. සූරිය අරණ චිත්‍රපටය රූගත කල ස්ථන හා එහි සුන්දර දසුන් මැවූ ගංගාවද දැක ගත හැක. ඊට අමතරව වල් ඌරා වලිකුකුලා දිවියා වැනි සතුන්ද සිටිති.
තාලි කට අසල |
තාලි කට දිය ඇලි සංකීර්ණය.. |
වැප්ට ලියන්න අතපසු වුන නවාතැන් ගැනද ලියන්නට අවශ්‍යය.. මීමුරේ නවාතැන් ගැනීමට නම් ප්‍රධාන වශයෙන් සිටින්නේ පුද්ගලයන් දෙදෙනෙකි. ඒ නවරත්න මහතා සහ මමයි... නවරත්න මහතාගේ ගෙදර නවාතැන් ගත හැකි සේම මගේ නිවාඩු නිකේතනයේ, කඳවුරු භූමියේ මෙන්ම කමත් පැල්පතේද නවාතැන් ගත හැකියි...
හොර තක්කඩියා.... මීමුරේ හැන්ගිලාද හිටියේ
ReplyDeleteමදෑ කඩු ෆයිට් ටිකක් බලන්ඩ ආවා. මේක ඇඩ් එකක් නේ
ReplyDeleteවටිනා හරවත් ලිපියක්, ස්තූතියි ඔබට...!
ReplyDeleteThis call e marketing
ReplyDeleteපොඩි මාකටින් පාරක් ගියාට මොකද ලිපියේ වැදගත් කරුණුත් සැඟවී ඇත ..
ReplyDeleteතමුසෙලාට පිස්සු ඕයි මේ වගේ හොරෙක්ගෙ බ්ලොග් කියවන්නෙ....මූ කම්බ හොරෙක්
Delete
ReplyDeleteමමත් දැක්ක මි මුරේ අය පාරක් හදපු පින්තුරක් නම් ,
නිශාන්ත අයියගේ ලිපිය නම් කියවන්න උනේ නැහැ , දැන් වත් ගිහින් කියවන්න ඕනේ ,
අභිත අංග සම්පූර්ණ චාරිකා ලිපියක්නේ මෙහෙම ලිපි ලියැවෙන්නේ බොහොම කලාතුරකින්. හරිම අගෙයි.සියලුම තොරතුරුවලින් අනූනයි.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
සමකය වටේ ලොකුද... 🤣🤣🤣🤣
Deleteස්තූතියි! අභීත, හරිම වැදගත් තොරතුරු සහිත සුන්දර පරිසරයක් සහිත ලිපියක්. කාලෙකින් මේ වගේ දෙයක් බලන්නෙ. මල්ලී ඔයාටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා! කියා පතනවා.
ReplyDeleteමේ වගේ ගමකට නම් තාක්ෂණික දියුණුව එන එක හොඳයි. ඒත් ඒකෙන් මේ ස්වභාවික සුන්දරත්වය නැති වේවි
ReplyDeleteමේකේ කමෙන්ට් තාම පබ්ලිෂ් කලේ නැත්තේ ඇයි කියන එක නම් මම දන්නේ නැ.. එත් ටිකක් හිනා වෙන්න බ්ලොග් එකේ මෙහෙම ලිපියක් දක්කමද මන්දා..... (මම ඔක්කොම කියවලා නම් නැ) එත් පිළිතුරු ලිපියක් කියල ව්තරක් කියනවට වඩා ගොඩාක් වටිනා ලිපියක් කියලා කියන්න පුළුවන්...
ReplyDeleteදවස් තුනක් වෙන් කරගන්න එක බැරි උනත් දෙකක් වත් දාගන්න පුළුවන් උනොත් මේ පැත්තේ යන්න පුළුවන් ට්‍රයි එකක් දෙනවා...
මාකටින් පාරක් තිබුන නිසා අහන්නේ දැන් ඉතින් රජයේ පොලිසි එකකුත් තියනවනේ ඇඩ් දානවා නම් මිල දාන්න ඕනා කියලා කොහොමද ඉතින් ගාස්තු එහෙම
යන්න හිටපු අවස්ථා දෙකක්ම මඟ ඇරුනා.. මේක දැක්කම යන්න තිබූන ආසාව තව වැඩි වුනා..
ReplyDelete:(
හුන්නස්ගිරිය,උඩුදුම්බර පැත්තේ මේ දවස් ටිකේම කරක් ගැහුවා..පොඩ්ඩක් ඔය පැත්තෙත් ගිහින් එන්න ආසයි...
ReplyDeleteතෑන්ක්ස් අයියා විස්තර ටිකට,.............
වැප්ගේ නම විකුණලා හරි තමන්ගෙ දෙයක් මාකට් කරගන්න පුළුවන්නම් එච්චරයිනෙ නැද්ද කුජීත මහත්තයෝ?
ReplyDeleteආලෝ රංග අයියා
Deleteනයකාරයින්/පොලීකාරයින් ගෙන් බේරී සිටිමට හොඳම ඉසව්ව මේක නේද අබීත...
ReplyDeleteපිළිතුරැ ලිපියක් කියල මුසාවක් දන්නේ නෙතුව, නරකද තමුන්ගේ marketting පාර අනුන්ට මඩ ගහන්නේ නෙතුව කලා නම් ?
ReplyDeleteඅභීත,
ReplyDeleteමගේ සල්ලි ටික දීල, අර ඕනයගෙ මස්සිනාගෙ ණයත් බේරල, පස්සෙ චන්දිම ලියනගේගෙ එකත් සෙට්ල් කරල හිටියනං නරකද පඩ ටෝක් නොදා.
මොනවා උනත් ලිපිය වටිනවා...
ReplyDelete__ජය___
අවුරුදු තුනකට පස්සෙ කියෙව්වෙ...වටිනා ලිපියක් අභීත
ReplyDelete