පහුගිය සතියක මම දැම්මනේ මගේ මීමුරේ කඳවුරු භූමිය ගැන බ්ලොග් ලිපියක් සියළු විස්තර ඇතිව.. එය අද වෙනකොට විශාල හිට් ගොඩක් කරා ගිහින් තියෙන්නේ.. ඊටත් වඩා කාරණය තමයි මේ බ්ලොග් එක කියවන කවුරු හෝ මේ ලිපිය කොපි කරලා මේල් බොඩි එකට පේස්ට් කරලා තමන් දන්න අඳුරන හැමෝටම යවලා තියෙනවා.. අන්තිමේ කොච්චර දුරක් ගියාද කියනවානම් මම ලඟට තුන් පාරක්ම ආවා.. ඒකෙන් වෙච්ච ප්‍රථිපල පහත පරිදියි.. මම ලොකු අමාරුවක වැටුනත් අනාගතය උදෙසා ඒක ලොකු ශක්තියක්.. ඒ නිසා නැවතත් කවුදැයි කියා නොදන්නා නුඹට මහ මෙරක් තරම් ස්තූතියි... අහ්.. ප්‍රථිපල කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන්...
1. මීමුරේ කඳවුරු බිමකට සීමා වෙච්ච මට මී මුරේ කඳවුරු බිම් තුනක් ඉතා කඩිමුඩියේ සකසන්න සිදුවීම
2. මාර්තු අවසන් වන තෙක් මගේ ප්‍රධාන කඳවුරු භූමියේ සියළු සති අන්තයන් වෙන්වී අවසන් වීම
3. පෙබරවාරි 14,15,16 කියන දීර්ඝ සති අන්තයේ ප්‍රථම වතාවට කණ්ඩායම් පහක් හැසිරවිය යුතු වීම..
4. අප්‍රේල් මාසය පුරාවට දින 30ම තාවකාලික වෙන් කිරීම් වලින් දින පොත පිරී යාම..
මේ ආදී තවත් විස්තර තිබ්බත් මගේ බ්ලොග් ලිපිය යැවීම නිසා ඔබට පින් අත් වන ලොකුම ක්‍රියාවලිය මෙයයි..
අසරණ මීමුරේ ගම්වාසීන් 20 දෙනෙක් විතර එක දිගට මගේ කඳවුරු භූමියේ සේවයේ නිරත වෙලා ඉන්නවා.. ඔබ දුන්න ඒ හයිය නිසා අපි අපේ ප්‍රධාන කඳවුරු භූමිය ඉතා සුව පහසු කඳවුරු භූමියක් බවට දින 10ක් ඇතුලත පත් කලා.. ඒ මිනිසුන් ගන්න සතයක් ගානේ ඔබට අත් වෙන්නේ මහා කුසලයක් හිතවතාණණි..
එසේනම් බ්ලොග් පාඨක හැමටත් මීමුරේ විඳින්න අරාධනා කරමින් මම නැවතත් එම මේල් එක යවපු හිතවතාට මාගේ හෘද්‍යාංගම ස්තූතිය පිරිනමනවා..
අළුත් කඳවුරු භූමියේ නව ඡායාරූප ලබන සතියේ බලාපොරොත්තු වෙන්න..
ඒ කියන්නේ ගොඩේ ගොඩ , දැන් සමහරක් විට හැමදාම ඔහොම වැඩේ අල්ලලා යයි
ReplyDeleteall the best
ReplyDelete:D
ReplyDeleteඔය කියපු කඳවුරු 3න් එකක් අපිටම වෙන් කරල තියනව කියල දැනෙනකොටත් හිතට දැනෙන සන්තෝසේ!!!! :D
මගෙනුත් සුබ පැතුම්, ඒ වගේ හොද දේවලුත් වෙනවනම් කොච්චර හොදද. ලංකාවට ආවම අපිත් එන්නම්කෝ අයියේ ,
ReplyDeleteමේ කියාපු කෑම්ප් සයිට් තුනෙන් එකක් අපි වෙනුවෙන් වෙන්වෙලා තියනව කියල දැනෙනකොට හිතට දැනෙන සන්තෝ...සේ.....!!! :D
ReplyDeleteකලින් දාපු කමෙන්ට් එක වැටුනද කියල ශුවර් නැති නිසා ;)
සුබපැතුම්....
ReplyDeleteඑල
ReplyDeleteදුලාගේ අඩවිය ලියන දුලා
ඔය බිස්නස් වලින් හම්බුවෙන සල්ලි වලින්වත් අර පොලු තියපුවා ගොඩ දාපන්...
ReplyDeleteසුභ පතනව අභිත.දවසක එන්නම්
ReplyDeleteඒ කියන්නේ දැන් අභීතට බිස්නස් හොඳයි. හොඳ ලාබෙකුත් තියෙයි. එහෙව් එකේ දැන්වත් අර ඉන්දිකගෙ ණය ටික ගෙවලා දැම්ම නම් නේද හොඳ වැල් බයිලා නොගහ????
ReplyDeleteWe are coming on next weekend. 14,15, 16 :D
ReplyDeleteසුබ පැතුම් බොක්කෙන්ම..
ReplyDeleteමාත් බුක් කරන්න කතා කලා දෙවතාවක්ම ඔබව සම්බන්ධ කරගන්න බැරි වුණා
ReplyDeleteඅපිත් එනවා ලගදීම...
ReplyDelete