බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Friday, August 29, 2014
රසික නානායක්කාරගේ (රනාගේ..) මෝඩ චූන් චැලෙන්ජ් එකට....
එක එක කාලවලින් එක එක මෝඩ චූන් චැලෙන්ජ් එනවා.. අළුත්ම එක අයිස් බකට්.. බැරැක් ඔබාමාගේ ඉඳලා අනන්තවත් මිනිස්සු දැන් මේකට අයත් වෙලා.. සමහරු නානවා.. සමහරු නොනා සල්ලි දෙනවා.. සමහරු බාල්දි ඔළුවේ කඩන් වැටිලා මැරිලා වැටෙනවා.. අනිත් උන් බාල්දිය ඔළුවට වැටෙද්දි ඒ පිම්මටම ඇලට වැටිලා ගිලිලා මැරෙනවා.. මේ ඔක්කොම මොකට කරනවද කියලා හිතෙද්දි එක වෙලාවකට මහ පුදුමත් හිතෙනවා...
මූණු පොතේ තිබ්බ එක කණ්ඩායමක් ගියා විල්පත්තු.. රසිකත් ගියා ඒ එක්ක.. ගිහින් නානකොට මොලේ පෙඟිලද කොහෙද ඌටත් ඇවිත් අර අයිස් බකට් වගේ හද්ද පජාත මෝඩම මෝඩ අයිඩියා එකක්.. මේක කියවන සමහරු දන්නවා ඇති.. දැනටමත් පොර, බ්ලොග් ලෝකේ මූණු පොතේ හෙන පොරවල් වෙලා රඟන සෙට් එකක් එකතු කරගෙන මේ අමු මිරිස් අභියෝගේ කියන සංකල්පය ක්‍රියාත්මක කරන්න අඩි තාලම් දාලා... දැන් මොකද්ද මේකේ අරමුණ...?
ලංකාවේ අපි ඕනම විපත්තියකදි එකතු වෙන්න හරිම ආසයි.. සුනාමියේදිවත් ඒ වගේ අනිත් විපත් වලදිවත් අපි අපේ මිනිස්සුන්ව තනි කලේ නෑ.. ඒ හැම වෙලාවෙම අපි ඒ මිනිස්සුත් එක්ක හිටියා.. ඇත්තටම රසික මේ වෙලාවේ එහෙම එක පාර එන විපතක් නොවෙන, ඒත් කාගෙවත් අවධානයක් වැඩිපුර නොදෙන පැත්තක් ගැන හිතලා මේ වැඩේ පටන් අරන් තියෙනවා.. රජරට ඉන්න අහිංසක මිනිස්සු බොහොම පීඩාවට පත් කරන වකුගඩු ගැටළුවට ලක්ශ 30ක් වැනි දැවැන්ත මුදලක් ප්‍රධානය කිරීම තමයි මේ කාර්යයේ අරමුණ...
මෙතන ඉදන් කියවන අය පහල තියෙන ඕන දෙයක් කරන්න...
ඕන අය අමු මිරිස් කන්න...
එපා අය නොකා ඉන්න...
ඕනනම් මේ වැඩේ සමච්චලයට ලක් කරන්න...
තවත් ඕනනම් ඌට ඇති තරම් මඩ ගහන්න...
නැත්නම් මේ කාර්යයට විරුද්ධ වෙලා කකුලෙන් ඇදලා එක දාගන්න...
දාගෙන හෙන පට්ට පොරක් වෙලා වීරයෙකුත් වෙන්න...
ඒත් අවසානයට අර අහිංසක මිනිස්සුන්ට පොඩි හරි උදව්වක් කරන්න හිතේ තියාගන්න...
එහෙනම් ලෑස්ති වෙන්න....
බ්ලොග් කරුවන්ගේ මුහුණු පොත් මිතුරන්ගේ අති විශාලතම සමාජ සේවයට එකවෙමු... ඔන්න පහල තියෙනවා ලින්ක් එක එතනින් ගිහින් දැන ගන්න විස්තර...
වකුගඩු රෝගීන් සඳහාම වූ අමු මිරිස් අභියෝගය හා ඔබත් එක්වෙන්න......
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
@ මඩ එකතු කරමින්
ReplyDeleteමේ ගැන බස්සිත් හරි අපූරු සටහනක් ලියල තිබ්බා.
ReplyDeleteමුකුත් නොකර කරන අයට බනින එක අපෙ ජාතික සිරිතක් නොවැ.එක නෙමෙයි මොකද ඔයා ගෙ බිස්නස් එකට කොක්ක දාපු කෙස් එකට වුනේ.
ReplyDeleteහිතවත් Abeetha,
ReplyDelete#SLAmuMirisChallenge එක ගැන අදහසක් ආවේ ගිය සෙනසුරාදා (23)...
එදා තමයි මම මේ ගැන කියලා පළවෙනි ෆේස්බුක් ස්ටේටස් එක දැම්මේ...
ඊට පස්සේ තමයි මේ කන්සෙප්ට් එක වටේ කට්ටිය එකතුවෙන්න පටං ගත්තේ...
විල්පත්තු ගියේ ගිය ඉරිදා (24)...
එතනදී ඔය වීඩියෝ එක කරනවා කියන අදහස තිබුණා...
ඒ බව මම චැලේන්ජ් කරන හැමෝටමත් මම කිව්වා සහ විල්පත්තු ගිය කණ්ඩායමේ නායකයින්ටත් කිව්වා...
24 ඉරිදා වීඩියෝ එක කළාට ඒක ෆේස්බුක් අප්ලෝඩ් කළේ 26 අඟහරුවාදා...
මම හිතන්නේ දැං උඹට පැහැදිලි ඇති වැඩේ වෙන විදිය...
ඒ වගේම වැඩේ හරියට කෙරෙන්නනං හොඳ ටීම් එකක් ඉන්න ඕනේ...
ඒ ටීම් එක හදාගෙන වැඩේ හරියට ටයිම් ප්ලෑන් එකක් එක්ක පටං ගත්තේ ඊයේ...
#SLAmuMirisChallenge ගෲප් එකේ,
පෝස්ට් දෙකතුනක් සැලකිල්ලෙන් කියෙව්වනං,
මේ වැඩේ පටං ගත්ත විදිය සහ වැඩ සටහන යන විදිය ගැන,
මෙහෙම ගොං කතා කියන්න වෙන්නෑ නේද...
කණගාටුයි මිත්‍රයා...
දැං ඉතිං අභියෝගේ භාරගන ලෑස්තිවෙලා හිටහං...
අවසාන වශයෙන්,
ගොංකතා කීමට බලපත්‍ර අවශ්‍ය නොවන මුත් එමඟින් ඔබේ ගොංකමේ දිග පළල වටේ සිටින අන්‍යන්ට ප්‍රදර්ශනය වේ...
ජයවේවා!!!
ඔව් ඔව් ඔය රණා කියන පඩත්තරයා නැති බංග වෙන්න කියල එකක් නෙමෙයි ගොනියක්ම කාලා පෙන්නමු අපි..
ReplyDeleteලොක්කා කවද්ද හිරෙන් නිදහස් වුනෙ ?
ReplyDeleteඉතාම හොඳ වැඩක්.
ReplyDeleteමගේ වීඩියෝවට ලයික් පනස් ගනනක් වැටෙද්දී ඇයි මේකට කමෙන්ට් දෙකක් විතරක්?
ReplyDelete