දැන් ඉතින් දන්නවනේ මම මොකක් ගැනද මේ කියන්න යන්නේ කියලා.... පහුගිය දවස්වල ගොඩාක් බ්ලොග් කරුවෝ තමන්ගේ අවුරුද්දේ උපන්දිනේ සැමරුවා..... දුමී, වැම්පයර්, සෝරෝ, ප්‍රියන්ත, පිණිබිඳු ආදී තවත් බ්ලොග් කරුවෝ දෙතුන් දෙනෙක්.... ඔන්න ඉතින් මම අද සමරනවා... උපන් දිනේ අද සැමරුවාට හරි උපන් දිනේ ඊයේ තමයි තිබ්බේ..... ඉතින් මේ අවුරුද්ද තුල සොම්නස හා දොම්නසත් එක්ක ගෙවිච්ච අවුරුද්දක් කිව්වොත් තමයි නිවැරදි.....
හරි ඉතින් මේ අවුරුද්ද තුල වෙච්ච සිදුවීම් ලියන්න ගියොත් ඇනිවසරි සීරීස් එකක් ලියන්න වෙනවා... ඒ නිසා සතුටු සිතෙන සිද්ධි, කටු කාපු සිද්ධි වගේම දුක හිතෙන සිද්ධි වෙන වෙනම සටහන් කරලා පුංචි ඡේද තුනක් ලියලා තවත් ඡෙද දෙකක් ලියලා අවසන් කරමු මේක....
සතුටු හිතෙන සිද්ධි ගැන කිව්වොත් ඒවා තමයි වැඩිම..... හිත හොඳ යාලුවෝ ගොඩාක් දෙනෙක් අඳුරගන්න ලැබීම තම බ්ලොග් එකෙන් මට වුන ලොකුම දේ... ඉතින් ඒ එක වගේ සිත් තියෙන අය ලොකු ලොකු වැඩ ගොඩකට අත ගැහුවා නේ.... සයිබරයේ සිහින උළෙල තමයි ඒකෙදි ඉදිරියෙන්ම ඉන්නේ.... දිළුම් වෙනුවෙන් මුළු සයිබර් අවකාශයම අත්වැල් බැඳ ගත්ත හැටි මතක් වෙද්දිත් හිතට අමුතුම ජවයක් එනවා... මේ වගේ සිද්දිනම් ඉතින් අනන්තවත් ලියන්න පුළුවන් තව....
ඊලඟට ලියන්නේ මේ වසර තුල කාපු කටු.... හොඳම කට්ට තමයි මගේ ලෝකය ලියන රංග මහත්තයාත් එක්ක කාපු කට්ට.... කට්ට කොච්චර රහයිද කියනවනම් කවි සිතුවිලිත් පහල උනා.... ඊලඟට අප්‍රේල් එක සහ දෙකත් කෑවා කට්ටක් පිස්සු හැදෙන්න... ඒවා දන්නේනම් දුකා අයියා විතරයි.... හික්.
දුක හදවතට කිට්ටුවෙන් දැනුනම සිද්ධිය තමයි ඉලංදාරියාගේ වෙන්වීම... ලේසියකට කඳුළු නොගලන අපේ ඇස් වලට කඳුළු අර ආවේ ඉලංදාරියා... ඒ වගේම අපේ ආදරණීය කුමුදු පිංතු ගුරුතුමාගේ වියෝවත් දරන්න අමාරුයි.... ඒත් මේ හැම දුක් සිද්ධියක්ම එක්ක ගැටෙමින් අපි ඉදිරියට යන එක තමයි කරන්න තියෙන හොඳම එක....
ඔන්න පළවෙනි ටික ඉවරයි..දැන් ස්තූතිය..... හැමදාමත් වගේ කතන්දරට ස්තූතිවන්ත වෙන්න ඕන.. අහම්බෙන් හම්බ වුන ඔහුගේ සයිට් එක දැක්ක නිසා තමයි මම බ්ලොග්කරණයට ආවේ..... ඊලගට වැප් නිශාන්ත මල්ලි.... බ්ලොග් කරණයේ තාක්ෂණික පැත්ත හදුන්වලා දීලා මාව ටිකක් ගොඩ දැම්මේ ඔහුයි...අනිකුත් උදව් කරපු.. මෙච්චර කාලයක් මගේ වටේ හිටපු, හිට්ස් 53000කට වඩා වගේම 1800කට වඩා කමෙන්ට්ස් දාපු ඔබට ස්තූතියි... පෝස්ට් 115කට වඩා දාපු මටත් ස්තූතියි.... මම වටේ ඉන්න මගෙම සොයුරු සොයුරියන් වෙච්ච බ්ලොග්, බස්, බුකි, මිතුරු මිතුරියන් හැමෝටමත් ස්තූතියි......
මෙන්න එහෙනම් ඔක්කොටම උපන් දින තෑගි..... මේකට ගොඩ වෙන හැමෝම තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් එක කමෙන්ට් එකක් විදිහට දාන්න..... මේක පටන් ගත්තේ මාරයා.... ඊලඟට රංග... ඔන්න දැන් මම.... හැමෝටම පුළුවන් මෙතන තමන්ගේ බ්ලොග් එකේ මොනවද තියෙන්නේ, මොනවද ලියන්නේ කියලා කෙටි සටහනක් එක්ක ලින්ක් එක දාලා යන්න අමතක කරන්න එපා... එහෙනම්...මම ගියා.... තවත් රස කතා කිහිපයකින් ඉදිරියේදී හමුවෙමු සහෝදර සහෝදරියනි.....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
සුබ උපන්දිනයක් වේවා අබීත අයියාගේ බ්ලොග් එකට
ReplyDeleteඑකක් කියලා කියන්න බැරි අච්චාරුවක් වෙච්ච මගේ
වැඩපොත
මෙලෝ රහක් නැති ... මේලෝ වැඩක් නැති නියම ලිපි ටිකක් කියවන්න මෙතනට යන්න
ReplyDeleteHappy Happy Birthday Abi ayya's Blog.. passe dannam
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා..!
ReplyDeleteමේ තියෙන්නේ ඉතින් මගේ බ්ලොග් කැල්ල තමා
මෙතනින් යන්න
අවුරුද්දේ උපන් දිනේට හදවතින්ම සුභ පතනවා අභීත අයිය.
ReplyDeleteඉක්මනින්ම ඩබල් සෙන්චරිය ගහන්න ලැබෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා..
මගේ ADD එක : ආදරණීය සිහින බ්ලොග් එක ලියන මම තමයි තිශ්.
අතීත ආදරයක මතක සටහන් ටිකෙන් ටික ලියාගෙන යනවා මේ දවස වල.ඔයාලත් ඇවිත් යන්න එන්න.
ආදරණීය සිහින
අභිත අයියට ජයවේවා..!
ReplyDelete(උඹට ඕනේ දෙයක් දාපං ටැංකිය ගැනග හැම දේම ටික ටික තියෙනවනේ...)
සුබ මෙව්වා එකක් වේවා අංකල්... :)
ReplyDeleteසුබම සුබ උපන්දිනක් කිව්වා. ඇඩ් දාන්න නම් පුළුවන් නේ
ReplyDeleteතවත් කාලයක් බ්ලොග් ලියන්න අවස්ථාව ලැබේව
http://dayariya.dcreation.info/
අහ අමතක වුන මැයි 15 මගේ බ්ලොග් එක තුන්වන වසරට පා තැබුවා http://dayariya.dcreation.info/?p=1147
ReplyDeleteහැප්පි හැප්පි මේව්වා එකක් වේවා අභිත අයියේ... චිරාත් කාලායක් හිනස්සවන්න ලැබේවා...
ReplyDeletehttp://kaveej.blogspot.com/ ඔන්න ඉතින් හංසියාගේ තවලම... දුක සතුට උපකල්පන නිර්මාණ සහ නොදැනෙන්න දෙන මඩත් එක්ක ගින්දර වගේ කවි ලියන බ්ලොග් එක...
අභීත අයියා සුබ උපන්දිනයක් වේවා... ලින්කුව දැම්මේ නැති උනාට සොරි හොඳේ.මගේ බ්ලොග් එක මෙලෝ රහක් නැති වැඩකට නැති එකක්....
ReplyDeleteසුබම සුබ උපන් දිනයක් වේවා...ඔන්න මමත් සුබ පැතුවා
ReplyDeletehttp://jeevithayewassanayen.blogspot.com/
සුබ උපන්දිනයක් වේවා සහෝ....
ReplyDeleteසුබ උපන් දිනයක්..චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා..
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා.....
ReplyDeleteසුභම සුභ උපන් දිනයක් වේවා කියන ගමන්ම අභී අය්යේ මම බොක්කෙන්ම ස්තූති කරනවා ඔයාට මගෙ චූටි බ්ලොග් 1 ඔයා කියවන ඒවා ගොඩට දාපු 1 ට.. මගේ චූටි මොන්ටිසෝරි බ්ලොග් 1ට ඒක ලොකු හයියක් හොඳේ...මේ මගේ අහින්සක බ්ලොගය..
ReplyDeletehttp://ravinyasitha.blogspot.com/.
සුභ උපන්දිනයක් වේවා. තව හුඟක් කල් ටිකක් හිනා වෙන්න ලැබේවා.
ReplyDeleteසුභ උපන්දිනයක් අභීතගේ බ්ලොග් එකට. තවත් බොහෝ කාලයක් අපිව හිනස්සවන්න ලැබේවා.
ReplyDeleteමගේ මතකය ගැන වැඩිය කියන්න ඕන නෑනේ. කලින් බ්ලොග් කීපයකම ගියානේ
මමත් ඔබේ බ්ලොග් එක කියෙව්වට අදහස් දක්වලා නැතුව ඇති. සුභ උපන් දිනයක් වේවා.
ReplyDeleteගෙවුන මඟ බෝ දුර
ReplyDeleteසතුටකිය සිහිවන වර
හින්නවෙන්නට වෙර
දැමූවත්, නුඹ කරන් මෙහෙවර
සුභ පැතුම්..
සුබ උපන්දිනයක් වේවා..!
ReplyDeleteමගේ සිතිවිලි කියවන්න මෙතනට යන්න.. :)
ඔන්න බ්ලොග් එකේ උපන්දිනයට මගෙනුත් උණුසුම් සුභ පැතුම්.....
ReplyDeletehttp://kotajeewithe.blogspot.com/
තව ගොඩාක් කල්, ගොඩක් දෙනෙක්ව, ගොඩක් හිනස්සන්න ලැබේවා...
ReplyDeleteදැනට කරන්නෙ බොලා ලියන ඒව කියවන එක විතරයි.....බ්ලොග් එකක් පටන් ගත්ත දවසක ලින්ක් එක දෙන්නම්....
අබේපාල මාමාගේ බ්ලොග් කෙරුවාවට සුභ උපන් දිනයක් වේවා.....
ReplyDeleteමම නම් හිතෙන හිතෙන එව්වා ලියන්නේ...කැමති කෙනෙක් ඉන්නවනම් ගිහින් බලන්න...මෙලෝ රහක් නැති බ්ලොග් එකක් කියලා තමා මටනම් හිනෙන්නේ
සුබ අපන්දිනයක් වේවා..........!!!! වැඩි වැඩියෙන් හිනා වෙන්න ලිපි ලියැවේවා.......!!!!!
ReplyDeleteමේ දවස් වල මගේ බ් ලොග් එක දැකුළු මලින් අලංකාර වී ඇත.
හප්පි බාත් ඩේ අබේපාල මාමේ... වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා..
ReplyDeleteහැපි මෙව්වා එකක් වේවා අබි අයියේ...
ReplyDeleteමගේ ලෝකෙ පැත්තෙත් ඇවිත් යන්න එන්න වෙලාවක...
ෆලෝ පාරකුත් දානන් අමතක කරන්න එපා..
http://superkolla.blogspot.com/
http://newstufflanka.blogspot.com/
සුභ උපන්දිනයක් අබේපාල මාමේ...!
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා.... ඔන්න මමම්ත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා... මාර වෙලාවක තමයි පටන් අරන් තියෙන්නෙ... බ්ලොග් අවකාශෙ ලොකු ලොකු අය දෙන තල්ලුවකුත් එක්ක බොහොම ස්තූතියි... මෙන්න මගෙ බ්ලොග් එක
ReplyDeletehttp://mamaiarui.blogspot.com/
හා සුභ උපන් දිනයක්....
ReplyDeleteමෙන්න මගේ බ්ලොගේ ජනේලයෙන් එහා
http://anything4every1.blogspot.com/
මේක ගැනනං නිර්වචනයක් මට හිතාගන්න බෑ "ජීවිත කොත්තුවක්" කියමුකො.....
සොරි වේවා දොස්තර මාමේ..පලක්කු උනාට..ඈ බං උඹ උඹටම ස්තූති කරගන්නවද..ඒකත් හොදයි..එහෙනං මාත් මටම ස්තූති කරගඤ්ඤං මෙච්චර දවසක් මේක කියෙවුවට..:D
ReplyDeleteසුභ මෙව්වා එකක් වේවා..!
http://ctkumara.blogspot.com/
අඩෝ සුභ මෙවුව එකක් වේවා . . . .
ReplyDeleteඅමාරුවෙං වචන ටිකක් ගලපගත්ත මගෙ මෙවුව එකට http://ornaya.blogspot.com/ යන්න
ටිකක් හිනා වෙන්න කියලා බඩ රිදෙනකන්, ඉක ඇට කැඩෙනකන්, පෙරලි පෙරලි හිනා වෙන්න හිනස්සන අභීත අය්යාගේ බ්ලොග් 1ට හැපී බර්ත් ඩේ...
ReplyDeleteඅන්න වැප් URL එක දාන කොට වරද්දා ගෙන.
ReplyDeleteළමයි! හැම විටම සම්පුර්ණ URL එක දෙන්න.
ඔන්න එහෙනම් මගේ එක. හැබැයි තාම ලියන්න පටන් ගත්තේ නෑ :( කොහෙද ඉතින් ඉස්කෝලෙත් පටන් ගත්තනේ :(
ReplyDeletehttp://www.dragonspacez.co.cc/
සුබ උපන්දිනයක් අභීත අයියේ..!!
ReplyDeleteමෙන්න මගේ බ්ලොග් එක..
අවංක ආදරය අදුනන හැමොටම මගෙ "ඇසි පියක මහිම" ඉඩක් වෙන් කරන්න තමයි මෙ සුදානම.....
ඉතින් මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ... ඔයාලගෙ නිර්මාණත් මගෙ ඇසි පිය තවත් ලස්සන කරවි...
http://asipiyakamahima.blogspot.com/
"ඔය ඇස් අමතක වෙන්න නම්...මගේ ඇස් පියවෙන්න වෙයි..."
~ Mahesh4ever ~
යකෝ, මම මේ අද උදේ මේකට කමෙන්ට් කලානේ..... කෝ බං මගේ කමෙන්ට් එක.....
ReplyDeleteහරි හරි.... ඒක නැති වෙලානන්, මතක විදිහට මම ආපහු දාන්නම්...
උඹේ බ්ලොග් එකට සුභ උපන්දින්යක් වේවා..... උඹ මට වඩා සැබෑ ජීවිතේදි මසයක් දෙකක් බාල උනාට, බ්ලොග් එකෙන් බාල දවස් 5යි නේ බොලං. ඒ කියන්නෙ අපි සම වයසේ.... අවුරුද්දක් ඇතුලත 100 පන්නලා බ්ලොග් ලිව්වා කියන්නෙ ඉතින් සිරාම වැඩක්නේ..... මම මේ අවුරුද්ද ඇතුලත 50ක් ගැහුවෙත් අම්බානෙකට කට්ට කාලා..... ඊලඟ අවුරුද්ද ඇතුලත 1000 පැන්නීමට වාසනාව හා ශක්තිය උදා වේවා....!
ආහ් බං අමතක උනා, මගේ බ්ලොග් කට්ට...
ReplyDeleteසුබම සුබ පැතුම් අභීත අයියේ .. තව සෑහෙන කාලයක් හිනාවෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් ..
ReplyDeleteතව අවුරුදු ගනනාවක්ම ලියන්න වාසනාව ලැබේවා ..!
දන්නෙම නැතිව වසරක් ගෙවිච්චි හැටි බ්ලොග් එකේ ඔයාලියූ මුල් ලිපියත් මම බලලා තියනවා ඒ කාලේ !
සුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteසුබ උපන්දිනක් වේවා, ජීවිතයම සරුවේවා, දෙවියන් මාමව රැකදේවා...!!
ReplyDeleteමෙලොව රහක් නැති මගේ මගේ බ්ලොක්කේ
සුභම සුභ උපන්දිනයක් වේවා ටිකක් හිනාවෙන්න බ්ලොග් එකට....
ReplyDeleteසුභ උපංදිනයක් අබී මාමේ :D
ReplyDeleteමාමාට සුබ උපන්දිනයක් වේවා!
ReplyDeleteටිකක් හිනාවෙන්න ඇවිත් යන්න එන්නම්කෝ ආයම.
මේ තියෙන්නෙ මගෙ බ්ලොග් එක.
http://galaayanajeevithaya.blogspot.com/
සුබම සුබ උපන් දිනයක් වේවා.
ReplyDeleteඔන්න ම්ගේ බ්ලොග් එක.
//podikumarihami.blogspot.com/
මෙච්චර පිරිමි ලමයින්ට ආදරෙන් කතා කරන බ්ලොග් එකක් මේ බ්ලොග් යායේම නැතුව ඇති.
කැමති අයට ඇවිත් බලන්ට පුලුවනි.http:
ඔයාගේ අවුරුද්දේ බ්ලොග් බබාට සුබ උපන් දිනක් .
ReplyDeleteඇඩ් එකක් දාන්න අවස්තාවක් ලැබුනම අත අරින්න හොඳ නැහැනේ . තවම මාසයක් වයස නැති මගේ බ්ලොග් පොඩ්ඩා හරි වාසනාවන්තයි . මේ ලැබුන තුන්වෙනි අවස්තාව. ස්තුතියි හොඳේ.
වැඩිපුර මගේ වියට්නාම ජිවිතේ ..ඒ එක්කම අතීත මතක ..ස්ථිරව කියන්න බෑ මොනවා ලියවෙයිද කියලා.
http://nelumwila.blogspot.com/
සුභ උපන්දිනක් වේවා ටිකක් හිනාවෙන්න!
ReplyDeleteමම තමයි ජයශ්‍රී.මම තමයි මේඝය ලියන්නේ.
මෙන්න යන පාර http://meeghaya.wordpress.com/
සුභ උපන්දිනයක් වේවා අයියේ. දිගු ගමනක් යන්නට සුභපැතුම් මෙන්න මගේ බ්ලොග් එක.
ReplyDeletehttp://lakmisher.blogspot.com/
දැන් දිගටම එන්න යන්නෙ ජුගුප්සාජනක ලිපි....
ReplyDeleteඅනන්තය
මගේ ඇඩ් එක නම් උඩින් දාලම තියෙන්නෙ. ජයවේවා.. සුබ පැතුම්
ReplyDeleteයන යන තැන තැන ජය ජය වේවා අබේපාල මාමේ. මාමට පුරුදු සුභ පැතුමක් තමා එක් කළේ ඕන්.
ReplyDeleteඑක එක ජාතියේ කතා කියවන්න නම් මම ලියන ආගිය කතා බ්ලොග් එකට ගොඩවෙන්න.
http://aagiyakatha.blogspot.com/
අපේ නොදුටු උරුමය ගැන දැනගන්න ගොඩවෙන්න මම ලියන e-අටුවාව බ්ලොග් එකට :)
http://eatuwawa.blogspot.com/
සුබම සුබ උපන්දිනයක් බ්ලොග් එකට... හිනාවෙන කතා තවත් ගොඩාක් කල් ලියන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව..
ReplyDeleteමම නං සිංහල බ්ලොග් කළාවට තාම අලුත්..
සුභ මෙවුව එකක් වේවා....
ReplyDeleteයකෝ අවුරුද්දක් තිස්සෙ පෝස්ට් 100ද බං දැම්මේ. මම මාස 6 ට හෙට අනිද්ද 250 ගහන්න හිතන් ඉන්නේ
මෙන්න මගේ බ්ලොගේ
ටිකක් හිනා වෙන්න බ්ලොග් එකට සුබම සුබ උපන් දිනයක් වේවා...! තව පෝස්ට් බර ගානක්ම බැලීමේ වාසනාව අපට ලැබේවා...
ReplyDeleteමෙන්න කොල්ලගෙ බ්ලොග...
http://aluthkolla.blogspot.com/
සුභ උපන්දිනයක් !. ඇති යාන්තං බ්ලොග් බබා බකල් ගගහා ඇවිදින වයසට ඇවිල්ල. හැරමිටියෙන් යනකල්ම කියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. මං ඉන්න තැන ඉතිං ඔයි උඩින්ම දාල තියෙන්නෙ.
ReplyDeleteඅභියා සුභ උපන්දිනයක් වේවා... පරක්කු වැඩිද මන්දා... කමක් නෑ සුද්ද කියල තියෙනවනේ අර බෙටර් මොකක්ද එකක්.... එහෙනම් එළඹෙන අවුරුද්දෙත් ටිකක් නෙවෙයි හොඳටම හිනා වෙන්ට එන්නම්කෝ
ReplyDeleteආහ්... මමත් බ්ලොගක් කෙරුවා බොහෝම ඉස්සර... ආයෙ හොඳ නැකතක් එනකන් බලන් ඉන්නේ...http://dubaiwattakka.blogspot.com/
පරක්කු උන සුභ පැතුමක්.. හැපි බර්ත් ඩේ කියුවා මාමගෙ බ්ලොග් එකට හිහ් හිහ් හිහ් ඔන්න මගේ බ්ලොග් එකෙත් ලින්ක් එක දැම්මා.. එකකට එකක් ගැලපෙන්නෙ නැති.. කිසිම තේරුමක් තේරෙන්නෙ නැති බ්ලොග් එකක්... http://nagaagesithuwili.blogspot.com/
ReplyDeleteනඟාගෙ සිතුවිලි..
සුබ උපන් දිනයක්.
ReplyDelete115 ට 215 ක් ආයු බෝ වේවා.
--------------
මගේ බ්ලොග් නේද?
බ්ලොග් දෙකක් විතර දැනටත් ලියා දාලා තියෙනව;
/dev/null
නිකමට ලියූ පදවැල්
මත්තටත් දෙකක් ලියනට හිතේ ඇඳිලා...
සංචාර හා ආ ගිය සටහන්
ප්‍රබන්ධ [විහිළු කතා, කෙටි කතා, විද්‍යා ප්‍රබන්ධ]
සිංහලෙන් ලියපු සටහන් වැටෙයි බොහොම ළඟ දවසක
පස් තාච්චියක් හින්දයි වැඩේ හිර වුණේ...
සුභ උපන් දිනයක් වේවා!!! තව තවත් රස කථ, මඩ කථා ඔය අතින් ලියවේවා !!!
ReplyDeleteමමත් බොහොම මෑතකදී තමයි ලියන්න පටන් ගත්තේ...
http://jbasnayaka.blogspot.com/
යකඩෝ සුභ උපන් දිනක් වේවා... කිරි පැණියෙන් ඉතිරේවා...
ReplyDeleteඇත්තමයි මල්ලි හිනැස්සුවාට පින්.. ඒත් සෑම ලිපියක්ම කියවා නැති බව කණගාටුවෙන් දැනුම් දෙමි...
Thanoja's Dreams කියන්නේ කාටවත් කියාගන්න කොතනකවත් ලියාගන්න බැරි වුන ජීවිත අත්දැකීම්නෙ මම ලියන්නෙ... http//thanojar.blogspot.com
ඔන්න මමත් පරක්කු වෙලා හරි සුබ පැතනවා ..........
ReplyDeleteචිරාත් කාලයක් ටිකක් නෙමේ ගොඩක් හිනා වෙන්න ලැබේවා කියලා ....
http://pansalhandiya.blogspot.com/
Suba Upandinayak wewaa !!!
ReplyDeleteමගෙනුත් සුභපැතුම්,
ReplyDeleteමිථ්‍යාදෘෂ්ඨිකයා
http://ananmanansrilanka.blogspot.com/