බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Sunday, September 4, 2011
ඔබ ව්‍යාපාරිකයෙක්නම් නෑදෑ හිතවත්කම් සියල්ල අමතක කරන්න... අංක 3 කොටස.
මේ ලිපිය මම ලියුවේ ගොඩාක් අයට පාඩමක් ඉගෙන ගැනීමේ අදහසින්... මේක විතරක් කියවලා වැඩක් නැති නිසා ගිහින් මේ සීරීස් එකේ පළවෙනි ලිපිය මෙතනිනුත් දෙවෙනි ලිපිය මෙතනිනුත් කියවලා එන්න... ඉතින් අපි අවසන් කොටස නැවැත්තුවේ සෙනසුරාදා දවල් මගෙ අතිජාත මිත්‍රයා සල්ලි අරන් එනකන් නේ..... ඒත් ඔන්න ආවේ නෑ.... නමුත් මට තරහා ගිහින් කරපු තර්ජන හමුවේ වාහනේ විතරක් රෑ එවලා තිබුනා... මට කරන්න දෙයක් නැතිකමටම මම කාර් එක පදවන් ආපු එයාගේ යහළුවත් එක්ක මහ රෑම ගියා මේ මනුස්සයාගේ ගෙදර.. යද්දි ගෙදර නෑ.. හිටියේ ඔහුගේ අම්මයි අක්කයි විතරයි.. මම විස්තරේ කියද්දි තමයි එයාගේ පවුලේ කට්ටිය දන්නේ මේ කාර් එක ඔහුගේ නෙවෙයි කියලා... මෙච්චර කල මිනිහා ගෙදර අයට කියලා තිබිලා තියෙන්නේ කාර් එක මිනිහගේ කියලා... ඉතින් මම ඔහොම කතා කරලා ආවා....
ඒත් සල්ලි දෙයි කියලා මම බලාගෙන ඉන්නවා.. මිනිහත් නෑ.. සල්ලිත් නෑ... ඉදලා හිටලා එස්එම්එස් එකක් එනවා අයියේ මම සල්ලි දෙනවා කියලා... කොහොමහරි ඊලඟ බදාදාත් උදා වුනා.. මෙන්න පොලිස් මාමලා දෙන්නෙක් ආවා අපේ ගෙදර... කොළ කෑල්ලකුත් දුන්නා... ඒකෙ තිබ්බේ අහවල් පුද්ගලයා විසින් ඔබට විරුද්ධව අහවල් පොලිසියේ පැමිනිල්ලක් කරලා තියෙනවා... ඒ නිසා සෙනසුරාදා උදේ 9ට අහවල් පොලිසියට වාර්ථා කරන්න කියලා....
හත් දෙයියනේ... මූ මටම පොල්ල තියලා මට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලකුත් දාලා.....
කොහොමහරි සිකුරාදා දුමී අයියලාගේ ගෙදර තිබ්බ පැදුරු පාටියෙනුත් කලින් ගිහින් සෙනසුරාදා උදේ මමයි බිරිදයි පොලිසියටත් ගියා... පොලීසියයි අපියි අතර ඇතිවෙච්ච දෙබස මෙන්න. ඉස්සෙල්ලාම මගෙන් තමයි අහන්නේ....
දැන් තමුන් මේ පුද්ගලයාට සල්ලි දෙන්න එකඟද?
මම මොකටද සල්ලි දෙන්නේ? මෙයානේ මට සල්ලි දෙන්න තියෙන්නේ....
එතකොට තමුන්ද මේකේ පැමිණිළි කරු....
නෑ. මම නෙවෙයි... මෙයා මට සල්ලි දෙන්න තියෙනවා.. මෙයාම පැමිණිල්ලත් කරලා තියෙනවා....
ඇත්තද මේ කියන්නේ.... තමුන් මොකටද මේ පැමිණිල්ල දැම්මේ...
බලපුහාම මිනිහා පැමිණිල්ල දාලා තියෙන්නේ මම පොරට මරණ තර්ජන කරනවා කියලා... මම පෙන්නපු අගරු චෙක් පිටපත් දැක්කම පොලිස් මහත්තුරුන්ටත් වැඩේ තේරුනා.. දැන් කොහොමහරි මිනිහා පැමිනිල්ල ඉල්ලා අස් කර ගත්තා ඊට දවස් දෙකකට පස්සේ මට සල්ලි ගෙවනවා කියලා... ඒකත් භාගයයි.. ඉතිරි ටික තවත් මාස දෙකකින් ගෙවනවා කියලා.....
මමත් මිනිහත් එක්ක හොඳින් කතා කරලා එදා ගෙදර ආවා....
ඊටත් දවස් තුනකට පස්සේ ආයෙත් කෝල් එකක් ආවා... ඒ පොලිසියෙන්....
අභීත මහත්තයෝ.. හෙට උදේ ආයෙත් පොලිසියට එන්නකො.. මේක බේරුමක් කරගන්න.. මේ මනුස්සයා ආයෙත් පැමිනිල්ලක් දාන්න ඇවිත්....
ඔන්න බදාදා ආයෙත් ගියා....
මිනිහා ගෙවන්න තියෙන්නෙ භාගයයි..ඕනනම් ඒක දෙන්නම්.. නැත්නම් නඩු දාන්න කියලා මිනිහා මිනිහාගේ ගොඩ පෙරකදෝරුවෙකුත් අරන් ඇවිත් දැන් හෙන පොරේ.... පොලීසියෙන් ඇහුවා මොකද කරන්නේ කියලා.. නඩු කිව්වොත් මීට වඩා පාඩු වෙන නිසා මම මෙහෙම කිව්වා.....
හරි දෙන්න කැමති කීය හරි දෙන්න.. හැබැයි පොලිස් පොතේ ලියන්න මීට පස්සේ අපි දෙගොල්ල අතරේ කිසිම ව්‍යාපාරයක් කරන්නේ නෑ කියලා...
මෙන්න මෙහෙම ඒ ප්‍රශ්ණය විසදුනේ 50%කට වඩා වැඩි පාඩුවක් සිදු කරමින්.. ඊට වඩා පාඩුව උනේ මගේ හිටපු පාසල් මිතුරෙකුත්, තවත් හොඳම යෙහෙලියකුත් මේ සම්භන්ධ සිදුවීම් නිසා නැති වෙච්ච එක.
ප.ලි. මේ කාලයේ මම මානසිකව වගේම ආර්ථික අතිනුත් සෑහෙන්න පහලට ගියා.... ඒත් මට වැටෙන්න නොදී අත් වාරුව දුන්න මගේ බිරිඳ වගේම යහළුවෝ ගොඩාක් දෙනෙක් හිටියා... බ්ලොග් යහළුවොත් කිහිප දෙනෙක් හිටියා... ස්තූතියි හැමෝටම....
ප.ප.ලි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් නෑදෑ හිතවත්කම් අමතක කරන්න.. මම නම් මින් මතුවට ඕනෑම හිතවතෙකුට උදව් පෞද්ගලික මට්ටමින් පමණි.
ප.ප.ප.ලි. ගමක කථා තියෙනවා ලියන්න.. කෙටියෙන් මේ සිද්ධිය ඉවර කලේ ඒකයි....
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
ණයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම නැතිවේ!
ReplyDeleteඅනේ අම්මේ ! ඔයින් ගියා මැදැයි.මං හිතුවේ නම් කාර් එකත් අරන් මිනිහා මාරු කියලා.
ReplyDeleteහරි නරක යාලුවෙක්. ආය නම් ඔය වගේ වැඩ කරන්ට එපා මිනිස්සුන්ව හොඳට චෙක් කරන්නේ නැතිව.....:)
ReplyDeleteඅද තමයි මේකෙ කොටස් ටික කියෙව්වෙ... හවුල් ව්යාපාරනම් ඕනම නෑ... ඒකත් මේ වගේ එව්ව... මොනා වුනත් ඔයින් ගියා මදෑ...
ReplyDeleteඅයියා උඹට තිවුනේ බඩු දාලා වන්දියක් ඉල්ලන්න
ReplyDeleteඅන්න වැරදි බඩු නෙවේ නඩු
ReplyDeleteසහතික ඇත්ත. යාලුවොත් එක්ක බිස්නස් කරන්න ගියොත් යාලුවොයි බිස්නසුයි දෙකම නැති වෙනවා.
ReplyDeleteමාත් අභීත එක්ක කිසි බිස්නස් එකක් නොකරන්න හිතාගත්තා!
ReplyDeleteඇයි අර ගෙවන්න තියනව කියල අත්සන් ගත්ත කොලේ ?
ReplyDeleteඒකෙන් වැඩක් උනේ නැද්ද ?
ණයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම නැතිවේ!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවයිට් කණ්නාඩිට වගේ මටත් හිතුනේ පොර කාර් එකත් එක්කම මාරුද කියල . කොහොම උනත් වැදගත් පාඩමක් අපිටත් . බොහොම ස්තුතියි අනෙක් අයගේ හිත සුව පිනිස සටහන් කලාට
ReplyDelete(කමෙන්ට් දානව , මකනව කියල තරහ වෙන්න එපා මේක තමයි මුලින්ම ලිව්ව කමෙන්ටුව හැබැයි දාල තිබුනේ පල්වෙනි ලිපියේ , එතනින් මකල ඕං හරි තැනටම දැම්මා )
ණයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම නැතිවෙයි කියලා කතාවක් තියෙනවනේ. අභීත අයියගේ හිත හොඳ වැඩියි. හිත හොඳ වැඩි මිනිස්සුන්ට බිස්නස් කරන්න අමාරුයි. ඒක නිසා හිත ටිකක් ගල් කර ගන්න එක තමයි කරන්න ඕනා.
ReplyDeleteමුළු කතාවම ඉවර වෙනකම් කමෙන්ට් එකක් දැම්මේ නෑ..ඔන්න..
ReplyDeleteසහතික ඇත්ත අයියේ....අපේ පවුලෙත් තියෙනව ඔය වගේ අමතක කරන්න ඕන,ඒත් අමතක වෙන්නෙ නැති සිදුවීම් ටිකක්...නෑයා ,වේයා, මීයා...ඔක්කොම එකයි....
මදැයි ඔයින් ගියා.
ReplyDeleteයාළුකම් නෑදෑකම් වෙනි.. රස්සාව බිස්නස් වෙනයි.. හොද අත්දැකීමක් නෙ...
ReplyDeleteහපොයි...
ReplyDeleteඑහෙනම් මේකයි සිද්දිය .. මට නම් සෑහෙන කනගාටුයි අභීත අයියා මේ වෙච්ච වැඩේට ..
ReplyDeleteඅමනාප වෙච්ච මිතුරිය ආයේමත් යාලුවෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නම්
ගොඩක් වැදගත් ලිපියක් අයියෙ. යාලුකම් කියාගෙන බිස්නස් කරන්න එන ගොඩක් උන් ඔහොම තමයි. ඔය වගේ කතා ගොඩක් අහල තියනව. ඔයිට වඩා පාඩුවක් වෙන්න කලින් ඔහොම පාඩමක් ඉගෙන ගත්ත එකත් ලොකු දෙයක්නෙ.
ReplyDeleteහෆොයි....
ReplyDeleteඅභීත අයියත් මාර සීන් නේ කොර ගන්නේ ...........
ReplyDeleteහප්පා ඔයින් ගියා මදැයි, අභිත අයියෙ මිට පස්සෙ ඔය මිනිස්සු ගැන ටිකක් හොයල බලලා ගණුදෙනු කරොත් හොඳයි..
ReplyDeleteඅප්පා අභීත අයියා කාලා නේද හොඳ ටොපියක්... බිස්නස් එක්ක නෑදෑකම් හිතවත් කම් පටලගත්තොත් විනාසයි....
ReplyDeleteපාඩුව වෙලා ඉවරයිනේ. ඒ ගැන දුක් වෙලානම් වැඩක් නෑ... ඒත් හිතලා පාඩමට ගමු නේද?
බිස්නස් විතරක්ම නෙමෙයි අයියා කොයි දේවල් හිතවත් කමට දෙන්න ගියත් ඔච්චරයි. සමහරු රත්තරන් බඩු එහෙම අනේ අරකට දැන් යන්න දෙයක් නෑ කියලා ඉල්ල ගත්තත් ගෙනත් දෙන්නැ ඉල්ලනකම්. සමහරු නම් අහද්දි එව්වා බැංකුවෙත් ආරස්සාවට දමලා......
ReplyDeleteටිකක් හිනා වෙන්න ආවට කොහෙද හිනා යන්නෙ?
ReplyDelete"ඒත් මට වැටෙන්න නොදී අත් වාරුව දුන්න මගේ බිරිඳ වගේම යහළුවෝ ගොඩාක් දෙනෙක් හිටියා... බ්ලොග් යහළුවොත් කිහිප දෙනෙක් හිටියා... ස්තූතියි හැමෝටම.... "
ReplyDelete"ඔබ ව්‍යාපාරිකයෙක් නම් නෑදෑ හිතවත්කම් අමතක කරන්න.. මම නම් මින් මතුවට ඕනෑම හිතවතෙකුට උදව් පෞද්ගලික මට්ටමින් පමණි."
ගැටළුව වී ඇත්තේ ඔබට සතා අඳුනාගත නොහැකි වීමය!
හ්ම්.ඔයින් ගියා මදැයි!
ReplyDeleteහැබැයි යාලුවෙ අර ඔයා කීව ජාතියෙ නොවන යාලු මිත්තරයොත් එමට ඉන්නව ඕං!!
හපොයි හරිම නරකයි දැන් ඉතින් අම්මා තාත්තවත් විස්වාස කරන්න බැරි කාලෙලුනේ මේ වගේ සිද්ධියක් මටත් උනා මමත් ඒක දාන්නම්කො ෆ්‍රී උන වෙලාවක
ReplyDeleteමම වගේ නම් කන පැලෙන්න ගහනවා .......
ReplyDelete