Tuesday, December 27, 2011

උසස් පෙළ ප්‍රථිපල වලට මෙහෙම වුනේ ඇයි? මම දන්න හැටි හා මට හිතෙන හැටි...




කාලයක් තිස්සේ විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරපු නිසාත් මේ දවස්වල විභාග දෙපාර්මේන්තුව ගැන හැමෝම කථා වෙන නිසාත් මම මේ ගැන ලියන්න හිතුවා... ඊයේ දාපු පෝස්ට් එකේ අන්තිමට මම ආයෙත් පෝස්ට් එකක් දාන්නේ ජනවාරි පලවෙනිදා කියලා.. ඒත් ඉතින් මේක කාලීන මාතෘකාවක් නිසා වගේම ගොඩාක් අය මගෙන් චැට් එකේදි එහෙම අහපු නිසා මම මේ ගැන ලියන්න හිතුනා... ඒ නිසා මම දන්න තරමින්  මේ පිළිබඳ පූර්ණ විස්තරයක් දෙන්න තමයි හදන්නේ....



විභාග පැවැත්වීම සඳහා දෙපාර්තමේන්තුව සතුව අංශ දෙකක් තියෙනවා.. ඒ පාසැල් හා ආයතනික වශයෙන්... මේ  අංශ දෙක සතුව වෙන වෙනම සංවිධාන, ඇගයීම්, ප්‍රථිපල හා රහස්‍ය ලෙස ශාඛාවන් තියෙනවා... මේ දෙකටම පොදුවේ පරිඝනක ශාඛාවක් හා දත්ත ඇතුලත් කිරීමේ ශාඛාවක් තියෙනවා.... පෞද්ගලිකව මම දන්න සහ හිතන විදිහට මේ සංවිධාන, ඇගයීම් හා රහස්‍ය ශාඛාවන්  විභාගයක් සාර්තකව පැවැත්වීම උදෙසා ඉතා සාර්ථක සේවයක නිරත වෙනවා... ඔවුන් හැම වෙලේම තමන්ගේ සේවය ඉතා විශිෂ්ඨ අයුරින් කරන්න කැප වෙනවා.... ඔබ විභාග දෙපාර්තමේන්තුව අසල ගැවසෙන කෙනෙක්නම් විභාගයක් ලංවෙනකොට එහි ඒ ගොඩනැගිල්ලේ පස්වන මහලේත් බී ගොඩනැගිල්ලේ සිව්වන මහලේත් විදුලි බුබුලු පැය විසි හතර පුරා දැල්වෙනවා දකින්න පුළුවන්... පරිඝණක වලින් එන මුද්‍රිත සටහන් පවා ඔවුන් පරීක්ශා කර බලනවා....


එහෙනම් කොතනද වැරැද්ද තියෙන්නේ..? ඔබටත් වෙන කාටත් තියෙන ගැටළුවක් තමයි ඒ... මට වගේම විභාග දෙපාර්තමේන්තුවේ ගොඩාක් දෙනා හිතන ආකාරයට ඒ වැරැද්ද තියෙන්නේ පරිඝනක අංශව සතුවයි... මගේ අදහස අනුව අලුතින් විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත් වෙන ජයන්ත පුෂ්පකුමාර මහතා පළමුවෙන්ම කල යුත්තේ මේ පරිඝණක අංශය නැවත සැකසීමයි... අනුර එදිරිසිංහ ලබපු අපවාද ඔබට නොඇසීමට එයම ප්‍රමාණවත් වේවි...


දැන් ඔබට තිබෙණ ප්‍රශ්ණය ඇයි මේ පරිඝණක අංශයේ ප්‍රශ්ණය කියලනේ.... මේ අංශයේ සේවය කරන පරිඝණක දත්ත විශ්ලේශක කියන තනතුර තියෙන අයගේ සුදුසුකම් පිළිබඳ ලොකු ගැටළු තියෙනවා.. තනියම ප්‍රෝග්‍රෑම් එකක් ලියාගන්න පුළුවන්ද කියන මූලික කරුණේ ඉඳන් ඉදිරියටම ඒ කාරණය එලෙසමයි.... මේ අංශයේ ඉන්න කණිශ්ඨම නිළධාරියා විතරයි ඒකේ වැඩකරුවෙකුට ඉන්නේ... අනිත් අයට වඩා හැකියාවක් විභාග දෙපාර්තමේන්තුවේ වෙන අංශ වල සේවය කරන කිහිප දෙනෙකුටත් තියෙනවා...  මම අර ඉහත කියපු කැපවීමෙන් දිවා රෑ නොබලා වැඩ කරන පිරිසගේ අප්‍රතිහත උත්සාහය මොවුන් දවස් දෙක තුනක් ඇතුලත නන්නත්තාර කර දමනවා....



උදාහරණ ලෙස ගත්තොත් මීට කලින් අවස්ථාවල විභාගත් ගන්න පුළුවන්.. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා වූ බඳවා ගැනීමේ විභාගය ඔබට මතක ඇති.. එම විභාගය නැවත පැවැත්වීම සඳහා වියදම් කරපු මුදල් කාගේද? මහ ජනතාවගේ මුදල්.. ඉතින් මේ ප්‍රශ්ණය නිසි අයුරින් නොවිසඳා ඉදිරියට ගියහොත් ඊලඟ විභාගයේදීත් විභාග දෙපාර්තමේන්තුවට අඹ සරණයි....


නායකත්වය ගැනත් කියන්න ඕන.... අනුර එදිරිසිංහ යනු සාර්ථක නායකයෙක් කියලා මම හිතන්නේ නෑ.. මුළු විභාග දෙපාර්තමේන්තුවට බලපාපු පොදු නීති ඔහුගේ හිතවතුන්ට බල නොපාපු අවස්ථා ඕන තරම්... ඒක ඉතින් මේ රටෙත් හැටිනේ.... නමුත් ඉදිරියට මේ  දෙපාර්තමේන්තුව භාරගන්න ඉන්න ජයන්ත පුෂ්පකුමාර කියන්නේ ටිකක් කෙළින් වැඩ කරන මිනිහෙක් කියලා තමයි මට හිතෙන්නේ... ඒ නිසා ඔහුට මේ ගැන කටයුතු කරන්න පුළුවන් කියලත් හිතෙනවා...


බලාගෙන ඉමු.. කවුරු මොනවා කලත් ඒ දේ බලපාන්නේ රටේ පොඩි දරුවන්ගේ අනාගතයට කියන එක අමතක කරන්න හොඳ නෑ....


ප.ලි. අපි විභාග අසමත් වුනේ විභාග දෙපාර්තමේන්තුවේ වරදින්දෝ කියලත් හිතෙනවා.. (මේ ටික දැම්මේ කට්ටියට ටිකක් හිනාවෙන්න..)  



පින්තූරය මෙතනින්..

36 comments:

  1. අපි විභාග අසමත් වුනේ විභාග දෙපාර්තමේන්තුවේ වරදින්දෝ කියලත් හිතෙනවා..

    +1

    ReplyDelete
  2. //අපි විභාග අසමත් වුනේ විභාග දෙපාර්තමේන්තුවේ වරදින්දෝ කියලත් හිතෙනවා//

    මුළු පෝස්ට් එකේම සාරාංශය

    ReplyDelete
  3. ටූ තම්බ්ස් අප්.... :D

    ReplyDelete
  4. මම නම් දකින විදහට මේ පාර අවුලට Z අගය පරක්කු කරල , නත්තල් නිවාඩුව අතර මැද කඩිමුඩියේ වැඩකටයුතු සිද්ධ කරන්න සලස්වපු අයත් වග කියන්න ඕනි

    ReplyDelete
  5. //අපි විභාග අසමත් වුනේ විභාග දෙපාර්තමේන්තුවේ වරදින්දෝ කියලත් හිතෙනවා

    නැත්තම් අපිත් මෙහෙම ඉන්න ඕන කොල්ලෝ යැ...

    ReplyDelete
  6. දැන් අපි දන්නවා අපි විභාග සමත් උනේ ඇයි කියලා. ඔහේ නොහිටපු හන්දා හී හී....

    ReplyDelete
  7. අපි විභාග අසමත් වුනේ විභාග දෙපාර්තමේන්තුවේ වරදින්දෝ කියලත් හිතෙනවා..

    හික් දවසේ කියමන..

    ReplyDelete
  8. මේ වැඩ හින්ද විභාග දෙපාර්තමේන්තුවට කොහොම වෙතත් රටේ දරුවන්ට නම් අඹ සරණයි....

    ReplyDelete
  9. "ඔහේ නොහිටපු හන්දා හී හී."

    ඒ කියන්නෙ අභීතය හිටපු නැති හින්ද කියන එකද?

    ReplyDelete
  10. වතාවක් මම පරිපාලන සේවා විභාගයට අයදුම් කල වතාවේ අයදුම් පත යැව්වේ ඉංග්‍රීසියෙන්. ඊට හේතුව උසස් අධ්‍යාපනය ලැබූ භාෂාවෙන් අයදුම් පත එවිය යුතුයි කියලා දැන්වීමේ තිබීම. අවසානයේ මට ලැබුනේ සිංහල මාධ්‍යයෙන් ලිවීම ප්‍රවේශ පත්‍රයක්. මේ ගැන දුරකතනයෙන් කතා කලාම අදාල අංශයේ ප්‍රධානියා අයදුම්පත ගෙන්වාගෙන මාව විවේචනය කළා හරියට අයදුම් පාඨක පුරවා ගන්න දන්නේ නැතිව ඒ විභාගය ලියන්න එන්නේ ඇයි කියා අසමින්..

    මම ඔහුගෙන් අසා සිටියා මම සිංහලෙන් විභාගය ලියන්නද යන්න..

    පිළිතුර : එපා. එපා. ඔයා ඇප්ලිකේෂන් එක පුරවද්දී ඔයාට වැරදිලා කියලා වගකීම අරගෙන ලියුමක් අපට එවන්න ෆැක්ස් නොම්මේරෙකුත් එක්ක..

    මමත් ඉතින් ඒ විදියට කරලා නිවැරදි ප්‍රවේශ පත්‍ර පිටපතක් ගෙන්න ගත්තා.

    ඒත් මම මුලින් යවපු අයදුම්පතේ මගේ ළඟ තිබුණු පිටපත පරීක්ෂා කරලා තහවුරු කර ගත්තා නිවැරදිව පුරවා තිබුණු බව..

    ප.ලි. කොහොම හරි විභාග දෙපාර්තමේන්තුවේ වැරැද්දෙන් මම ඒ විභාගෙන් සමත් වුනේ නැහැ..

    ReplyDelete
  11. මේ ගැන බුවා ලියලා තිබුන ලිපිය හරි වැදගත්. හොදට මතක තියා ගන්න ලේ ගංගාවක පීනලා තියනවා අපි. ඒකට තව බින්දුවක්වත් එකතු කර ගන්න අවශ්‍ය නැහැ. මේවා අවස්ථාව අනුව කොයි අතට හැරෙයිද කියන්න අමාරුයි. ඒ නිසා අපි ප්‍රර්ථනා කරමු මේ වැඩේට සම්මාදන් වූ හැම තකතිරු මෝඩයාටම මොලය පහල වේවා. නැවත අතීතයේ සිද්ධි දකින්න නොලැබේවා කියලා.

    ReplyDelete
  12. කවුරු මොනව කිවුවත් රහස්‍ය අංශය රහස්‍ය වෙන්නෙ අපිට විතරයි. මතක ඇතිනේ පරිපාලනසේවා විභාගෙ ප්‍රශ්න පත්තර පිටවෙච්ච හැටි. අනිත් එක කොමානං වැඩක්ම නෑ. එයා මෑතකාලෙ කලේ ජෝකර් කෙනෙකුගෙ රංගණයක්.
    ප.ලි.-ඇයි මේ ඉසෙඩ් ස්කෝර් එකක්? කලිං තිබුනු විදියට ලකුණු එකතු කරල දුන්නනං ඉවරයිනේ. ප්‍රෝග්‍රෑම් දන්න අය ඕනෙත් නෑ. එක්සෙල් ෂීට් එකක ගහල ගොඩදාගන්න පුළුවන්නේ ලේසියෙන්ම.(කස්ටිය හිනාවෙයිද මංදා).

    ReplyDelete
  13. අනේ මන්දා අපේ කාලෙ නම් 400න් ගන්න ලකුණු තමයි කට් ඔෆ් මාක් දීලා කැම්පස් යැව්වෙ.. ඒක හොඳ මදි නිසාලු z කෝර් හැදුවෙ ???? දැන් !!!! බි.පෙ.සි...බි.පෙ.සි....

    ReplyDelete
  14. z-score haduwe amuru subject ekata wadi lakunu ganna ayata sadaranayak karanna.me sare
    syllabus 2k nisa ekama widiyata z-score denna ba.eth exam denna kalin lamaita lakunu denne kohomada kiyala hoyana tibuna.result out karanna kalin baluwanam me wela tiyana rank waradi lesiyenma penawa.hari plan ekak nati kamen duk widinne lamai.

    ReplyDelete
  15. එහා ගෙදර නංගී කළා කරලා විද්‍යාවෙන් රිසල්ට් ඇවිල්ලු,දැං බයේ ඉන්නව කැම්පස් යන්න උනොත් ගෙම්බෝ කපන්න වෙයි කියලා...හික් හික් හික් ....

    ReplyDelete
  16. @ඉන්දික උපශාන්ත,

    බලන්ට මේ සිංහයත් කියන කතා. ඔහේ කීවේ ලංකාවේ කියන එක. අභීතට නෙමේ...:D:D:D

    ReplyDelete
  17. අවුරුදු 20කට 30කට විතර උඩදි කරපුවා නැවත පරීක්ශා කරන්න පුලුවන්ද දන්නෙ නෑ

    ReplyDelete
  18. වැදගත්ම ලිපියක්... හැමෝම ලේසියට අහුවෙන අහුවෙන පැත්තට බැන්නට ඇත්තටම වරද කොහේද කියල පෙන්නපු එක වටිනව...

    හිනායන කෑල්ල මේකයි... ඇබකස් වලින් ගනන් හදන කාලෙ විභාහ ලියපු කට්ටියට පේල් වෙන්න මේක බලපෑවෙ අයි කියන එක...

    ReplyDelete
  19. ඔය වැඩේ නිසා අපිත් දෙගිඩියාවෙන් හිටියේ මොකින් මොකක් වෙයිද කියලා.දැන්නම් හරි...

    ReplyDelete
  20. ඇත්තටම මම මගේ උසස්පෙළ සංයුක්ත ගණිතය ප්‍රතිපලය අදටත් පිළිගන්නේ නෑ.. දැන් කාලයක් ගෙවිලා නමුත් පේපර් එක ලියපු හැටියට අඩුම ගානේ c එකක් තියෙන්න තිබුණත් සමත් වෙලාවත් තිබුණේ නෑ.. රීකරෙක්ශන් වලින් කවදාවත් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ වගේම එහෙම උනෙත් නෑ.. ඒ නිසා මම වෙන පාරක් තෝරගත්තා.. දැන් මට උසස්පෙළ තිබ්බත් නැතත් එකයි

    ReplyDelete
  21. සිරාවටම කියන්න දෙයක් නෑ ඔය කොමා නම් වැඩකටම නෑ..මං ඒ ලෙවල් කරේ 2009.යන්තම් අවුලක් නැතුව රිසල්ට් ඒක දැනගත්තා..ඊට පස්සේ ඉඳං දිගටම අවුලනේ..
    අලුත් එක්කෙනා ආවම වත් බලමු.

    @ රාජ්- z ස්කෝර් ගෙනාවේ එහෙම එකතු කරලා රෑන්ක් කරන්න බැරි වෙච්ච වෙලාවක තමයි..විෂයන් 4 ක් තිබුනනේ කලින්.ඒත් පස්සේ 3 ක් කරාම එහෙම ගන්න බෑනේ.එකයි ඔය ක්‍රමේ ගෙනාවේ..
    එක් එක් අයගේ විෂය ලකුණු එක්ක සමස්ත සාමාන්‍ය අරන් හදන ක්‍රමයක්..

    ReplyDelete
  22. එතකොට මෙච්චර කාලයක් නොතිබුණු ඔහොම ප්‍රශ්නයක් මේ සැරේ විතරක් ඇති උනේ කොහොමද? මීට කළින් අවුරුදු වලදී ඔය කියන පරිඝණක අංශයේ, වැඩ කාරයෝ හිටියා ද?
    උත්තරය "මෙවර syllabus දෙකක් තිබීම නිසා තත්වය වෙනස්" යන්න විය හැකිය.

    නමුත මම දකින හැටියට ප්‍රශ්නය තියෙන්නෙ එතන නොවේ.

    මේ Z score ක්‍රමය යටතේ syllabus දෙකකින් A/L විභාගය පැවැත් වූ පළවෙනි වතාව නෙවෙයි. මීට හරියටම අවුරුදු 10 කට කළින් තමයි Z score ක්‍රමය ආවෙ. ඒ වෙලාවෙත් syllabus දෙකක් තිබුණා. ඒ වෙලාවෙත් ඔය Z score නිසා ලොකු අවුලක් ඇති උනා. සමහර ළමයි නඩු කියල තමයි campus ගියේ.

    එක සැරයක් එහෙව් පාඩමක් ඉගෙන ගත්තු විභාග දෙපාර්තමේන්තුව මේ සැරේවත් ඒකට කළින් සූදානමකින් හිටි බවක් පෙනෙන්නේ නෑ. මම නම් දකින්නේ එතන යි වරද තියෙන්නෙ.

    ReplyDelete
  23. අනේ මන්ද මේ වගකීමක් නැති වැඩ නම්. . මගේ මල්ලි එයාගේ ප්‍රතිපල කියන්න කතා කරපු වෙලාවේ කිව්වේ "අයියේ මං උදේ වරුවෙ විතරක් ඉන්ජීනේරුවෙක් වෙලා හිටිය කියල" :(

    ReplyDelete
  24. : හැම අවුරුද්දෙම ඔය ප්‍රශ්ණ තිබුනා... රිසල්ට් දීලා මාසයක් යනකන් අදාල නිළධාරින්ගේ වැඩේ මේ ප්‍රශ්ණ විසඳන එක.. මේ පාර තමයි කුජීත වෙලාම ගියේ....

    ReplyDelete
  25. සෙහ් මේපාර පුග්ගලික අයදුම් කරුවෙක් විදිහට වත් උ:පෙ කලා නම් මටත් කියන්න දෙයක් තියනවා ..

    කියන්න දෙයක් නෑ මෙදා ප්‍රතිපලේ පාර නන්නත්තාරයි .සිරාවටම වැඩ බැරි මේ මම වගේ එවුනුත් දැං කියන්නෙම රිසල්ට් එක පිලිගන්ඩ බෑ කියලයි ..

    ReplyDelete
  26. හිතන්න වටින පෝස්ට් එකක්... මම ත් මගේ රිසාල්ට් එක පිළි ගන්න කැමති නෑ... මම කලපනා කලේ කොහොමද මම පාස් උණේ කියලා....

    ReplyDelete
  27. ලංකාවේ සියලුම දේවල් වගේ ම කාළකණ්නි දේශපාලුවන්ගේ කෙරුවාවන් වලට වන්දි ගෙවන්නෙ අහිංසක ලමා පරපුර. තොපි හැමෝම චන්දෙකදි මොලේ උඩ ඉඳගෙන කතිරෙ කෙලලා එනකං මේ දේවල් තව දුරටත් සිදු වෙනවා

    ReplyDelete
  28. මං හිතන්නේ ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්‍රමය ම වෙනස් වෙන්න ඕනේ කියලා.........

    ReplyDelete
  29. සමහර විට මමත් කැම්පස් යන්ඩ හිටපු කොල්ලෙක් වෙන්ඩ ඇති....

    ReplyDelete
  30. රටේ ඉන්න තරුණ තරුණියන්ට අනාගතේ කොහොම වෙයිද කියල හිතාගන්නවත් බෑ..........

    ReplyDelete
  31. කවුරු නමුත් ඉක්මන් වුණේ නැත්නම් රටේ කොඳු නාරටිය ඉවරායි...

    ReplyDelete
  32. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  33. ඒ කියන්නේ මං පාස්.

    ReplyDelete
  34. /* මේ අංශයේ සේවය කරන පරිඝණක දත්ත විශ්ලේශක කියන තනතුර තියෙන අයගේ සුදුසුකම් පිළිබඳ ලොකු ගැටළු තියෙනවා.. */

    මං හිතන්නෙ රජයේ කාර්යාල ගොඩක ඔය ප්‍රශ්ණෙ තියෙනව. ලොකු පුටුවෙ ඉන්න කෙනාගෙ සුදුසුකම් අඩුනං ඊට වඩා සුදුසුකම් තියෙන කෙනෙක්ට අර කෙනා යටතෙ වැඩ කරන්න බෑ. අභීත අයියට අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ තත්වෙ. වැඩක් කරන්න පුළුවන් අයටත් එතකොට වෙන්නෙ අතපය අකුලගෙන පැත්තකට වෙලා බලාගෙන ඉන්න.

    රජයේ පරිගණක අංශ වල ඉන්න අයගෙ සුදුසුකම් පරීක්ෂා කරල බලන්න ICTA වගේ ආයතනයක් මූලික වෙනවනං කාර්යාල වලින් මීට වඩා කාර්යක්ෂම සහ නිවැරදි සේවයක් කරන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  35. මම පාස් වුනේ මුන්ගේ වරදින්ද කියල මට නම් හිතෙනවා..

    ReplyDelete

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...