බ්ලොග් ලෝකයේ දෙවන අවුරුදු සුභ පැතුම පතන්න තමයි මම මේ හදන්නේ.... කාලය ඉස්සර වගේ නෙවෙයි... ඉතාම වේගෙන් ඇදී යනවා.... අපිට හිතන්නවත් බැරි වේගෙකින්... අවුරුද්දක් ගෙවෙනවා කියන එක ඉතාම පහසුයි.. අද ඉඳන් අපි ලබන්නේ අළුත් අවුරුද්දක්..... පරන අවුරුද්දෙන් ඉගෙන ගත් පාඩම් උපයෝගී කරගෙන සාර්ථක නව වසරක් වේවා කියා මමත් මගේ පුංචි ව්‍යාපාරයත් ප්‍රාර්ථනා කරනවා... එහෙනම් මගේ බ්ලොග් එක බලන නොබලන සියළු ලෝක වාසීන්ට සුභ නව වසරක් වේවා......
සුභ පැතීම අවසන්...ඒ එක්කම තවත් අළුත් මාතෘකාවක්.... ගිය අවුරුද්දෙ මම දැකපු හීනයක් තිබුනා... ඒක සැබෑ වුනා... මේ අවුරුද්දේ ආයෙත් හීනයක් දකින්න බෑනේ.... ඒ නිසා මේ පාර කෙළින්ම කතාවට බහිමු...
පහුගිය දවසක මම දාපු පෝස්ට් එකක් නිසා මේ ගැන කථා කරන්න යලිත් මග පෑදුනා... ඒකේ අසේලගේ කමෙන්ට් එකත් පුතාගේ කමෙන්ට් එකත් නිසා මම ආපහු පෝස්ට් එකක් ලිව්වා ඒක තමයි මේ... මේ දෙකටම වැටුන කමෙන්ට් වලින් හා මට චැට් එකෙන් දුරකථනයෙන් ආපු දේවල් අනුව මට හිතුනා ආයෙත් මේක කරන්න තල්ලුවක් දුන්නොත් හොඳයි කියලා... තාරුන්‍යයේ අවකාශය ලියන රාජ් මගේ කාර්යාලයටත් ඇවිත් කිව්වා " අයියේ මොනා හරි කරමු.... දේවත් ඉන්නවා.. අපි දෙන්නත් මේ ගැන කථා වුනා" කියලා... ඔන්න එහෙනම් අපි මේ පාර අවුරුදු උත්සවේට මුල්ගල තියමු...
මම දන්නවා.... ගිය අවුරුද්දෙත් අපි ඔක්කොම එකතු වෙලා ඉද්දි ඇනෝ කමෙන්ට් වලින් ගෝනි ගනන් මඩ ආවා.. මේ අවුරුද්දෙත් ලෙසටම එයි.... ඒ නිසා ඒ තුලින් අඩිය පස්සට තියන්නේ නැතුව සාර්ථක සිහිණ උළෙලක් තුලින් අපි මුණ ගැසෙමු... අපේ තල්ලුවෙන් අලුත් පරම්පරාවකට මේ වැඩේ සංවිධානය කරන්න දීලා ඔවුන්ට ඉතා සුපිරි සහයෝගෙකුත් දීලා අපි එදා වගේම සතුටින් ගත කරන දවසක් ගේමු.... දැනටත් ඒ සඳහා කිඩෝ ප්රමුඛ රාජ්, පොඩි මෑන්, දේවා වගේ කෂ්ඨිය පියවර තියලා තියෙන්නේ.. පොඩ්ඩෝ ටික සාර්ථකව, සාර්ථක පියවර තබන හැටි අපි බලාගෙන ඉන්නවා ඔන්න...
විදේශ ගතව ඉන්න බ්ලොග් කරුවන්ගෙන් ලැබෙන ආරංචි අනුව අප්‍රේල් 22 වගේ දිනක තමයි මේක තියන්න වෙන්නේ.... දැනට කතන්දර, පිස්සා, ඕනයා, ඔබා, ඉන්දික ඒ දවස් වෙද්දි ලංකාවේ ඉදියි කියලා ප්‍රකාශ වෙලා තියෙනවා... ගොඩයාත් ගොඩාක් වෙලාවට එනවා කියලා තමයි කියැවෙන්නේ... අපි ඒවා කථා කරලා බලමු.... බලමුකෝ කට්ටියගේ කමෙන්ට් කොහොම වෙයිද කියලා පහතින්.....
මේ සිහින උළෙල කියන්න මඩ ගුහාවක්නේ.. ඒක නිසා පළවෙනි මඩ පාර ගහලම ආරම්භයක් තියමු.... මේ සිහින උළෙලට අනුග්‍රහාය දක්වන්න ආයතන දෙකක් ඉදිරිපත් වෙලා ඉන්නවා.. ඒක අවශ්‍ය ව්‍යාපෘති වාර්තාවක් හදන එක ගැන මම දෙන්නෙක් එක්ක කතා කලා.. ඒ කතන්දර හා සංජු ටීචර්... සංජු ටීචර්ගෙයි මගෙයි අතර වුන දෙබසෙ අවසන් හරිය මෙන්න...
හරිනේ.. නංගි... එහෙනම් දැන්ම වැඩේ පටන් ගන්න....
අනේ දැන්ම නම් බෑ අයියා.... තව පැය දෙකෙන් පටන් ගන්නම්...
ඒ මොකෝ...
චෙන්නායි වලදි ඇදපු කුණු ඇඳුම් ටික හොදන්න තියෙනවා...
කොහොමද නයා..) ඔබාගේ UFO කැලේ...
සින්ඩිකේටර් ප්‍රශ්ණ, බ්ලොග් යුනියන් ප්‍රශ්ණ, කල්ලිවාදී ප්‍රශ්ණ ඇතුළු නොයෙකුත් මත ගැටුම් අමතක කරලා ගිය සැරේ වගේ අයිතිකරුවෙක් නැති සුපිරි උළෙලක අත්දැකීම විඳ ගමු...
ප.ලි. ඔක්කොටම කලින් මෙයාලා ගාල්ලේ උණවටුන ගමනක් දාගෙනනේ.. අපිත් ඒ සඳහා සහභාගී වෙන්න තමයි බලාපොරොත්තුව.... සයිබර් අවකාශයේ එහෙමත් නැත්නම් බ්ලොග් ලෝකයේ අළුත් පරපුර සංවිධානය කරන පළවෙනි මෙගා වැඩේ... මට පේන්නේ සෑහෙන පිරිසක් රූමස්සල වෙරළට එකතු වෙයි කියලයි දැනට ලැබිලා තියෙන ආරංචි අනුව....
ඒ ගැන විස්තර දැන ගන්න මේ පෝස්ට් කියවන්න....
කිඩෝ.....
පොඩිමෑන්...
කොළඹින් යන අය සුපිරි ෆන් එකක් ගන්න තමයි සෙට් වෙලා ඉන්නේ... ඒ සඳහා සහභාගී වෙන කට්ටිය තාරුන්‍යයේ අඩවිය ලියන රාජ්ගේ මෙන්න මේ පෝස්ට් එක කියවන්න... අඩු වියදමකින් පික්ෂු හැදෙන විනෝදයක් ලබන්න එකතුවෙමු.. ජනවාරි 7 වෙනිදා..
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
මම තමයි මුලින් ම කමෙන්ට කලේ.. එල එල..
ReplyDeleteහුරේ මම එනවා... හි හි
ReplyDeleteසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!
ලොකු අයියේ සුබ අලුත් අවුරුද්දක්....සිතන පතන සියලු කාරනා සාර්ථක වෙන අවුරුද්දක් වේවා කියල පතනව මුලින්ම...
ReplyDeleteඅනිවාර්යෙන්ම මේසැරේ සිහින උළෙලත් අතිසාර්ථක වෙනවා..අනිවා...
ජනවාරි 7ත් වෙනිදා වැඩෙත් අපි ඔක්කොම එකතුවෙලා සාර්ථක කරගම්මු...සතුටුවෙමු..ජය
සයිබරයේ අපි පතන සියළුම සිතුම් පැතුම් ඉටු වේවා ! කියලා 2012 අවුරුද්දෙත් අපි ආයිමත් හමු වෙමු ! සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ දෑත දිගු කර ගෙන !
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් අයියටත්....!
ReplyDeleteඅනේ යකෝ....... පොඩි ගැරඬි පැට්ටෙක් යැව්වම ඒකට නයා කියනවද??? මෙව්වා නයිද? චී චී චී.....! නයි අදුනන්නෙත් නෑ
සුභ නව වසරක් වේවා අළුත් අවුරුද්දේ ප්‍රථම මඩ ප්‍රහාරකයා අභීත අයියා
ReplyDeleteප්‍රථම මඩ කන්නා සංජු අක්කා
අබීත අයියට සුබම සුබ නවවසරක් වේවා !
ReplyDeleteකොහොමහරි සිහින බක්මහ උළෙල ලොකුවටම තියන්න පුළුවන් වෙන්න කියලා පතනවා
ela ela hamadama wage me wadeth ela kiri wage demu...api dennam oni sup ekak puluwan widihakata ..!
ReplyDeleteඅභීත අයියා ඇතුළු බ්ලොග් අවකාශයේ හැමෝටම වැඩ කරන්න ගට ලැබෙන අළුත් අවුරුද්දක් වේවා...! තව තවත් අළුත් දේවල් කරන්න අදහස් පහළ වේවා...!!!
ReplyDeleteසුභ නව වසරක් අයියේ... බක්මහ උළෙලට නම් අපි දැන් ඉඳලම රෙඩි !!! ගිය පාරත් එන්න බැරි වුනා...
ජයවේවා !!!
අභීත අයියට සුබ නව වසරක් වේවා !!!
ReplyDeleteනව වසරේ මුල්ම කමෙන්ටුව 7 වෙනිදට හැමෝම එන්නඩලා අභී අයියේ ඔන්න අයියගෙ වසර අවසාන මහා අනාවැකිය පලවෙනි පාරට වැරදුනා :D :D සතුටු නැද්ද ඒ ගැන අපිට පාටියක් ඕනෙ ;)
ReplyDeleteඕ.....යේ.... ගෙට් එකට තේමා ගීතයකුත් දාලයි තියෙන්නෙ..
ReplyDeletehttp://mamaiarui.blogspot.com/2011/12/blog-post_31.html
පුද්ගලික ජීවිතේත්, වයාපාර ජීවිතේත්, බ්ලොග් ජීවිතේත් තුනම සාර්ථක වෙන සුභ 2012 වේවා...
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteකොහොමත් බ්ලොග් කාරයෝ වෙච්චි අපිටනම් අවුරුද්ද සුභ වෙන ලකුණු තමයි මේ පෝස්ට් එකෙං දිස් වෙන්නේ!
Wish You A Very Happy New Year filled with lots of love and joy ...
ReplyDeleteඔන්න අපි නම් එකෙන්ම... ඕන මඩක් නාලා අන්තිමේ වැඩේ හොදට කරමු...
ReplyDeleteඅලුත් අවුරුද්දේ මගේ පලවෙනි ආසාව නොදුටු බ්ලොග් මිතුරන් හැබැහින් දකින එක... කාලයක් තිස්සේ හිනයක් උන ඒ හිනේ හැබැ වෙන දවස වැඩි ඇතක නෙමේනේ..
මේ දවස් 6 ගෙවෙනකම් හිත නොඉවසිලිමත්...
බ්ලොග් කලාව වැජබි සොදුරු මිනිසුන් වැඩිවේවා
එලැස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.......
ReplyDelete07 වෙනිද එන එක නම් ශුවර් නෑ.
අප්‍රේල් අවුරුදු උත්සවේට නම් මැරිල හරි එනව
2012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා !!!!!!!!!!
ReplyDeleteWish You Happy New Year 2012 !!!!!!!!!!!!!
7 වෙනිදට සෙට් වෙමු එහෙනම්
සුභ අළුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteමඩෙන් පිරුණු සුභ අළුත් අවුරුද්දක් වෙන්න ඕන බොස්!!!
ReplyDeleteකලින් දැන්නුවොත් අපිත් එනවා.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක්....:D
සිහින උළෙලට නොවැරදීම පැමිණෙමි. ජය!
ReplyDeleteඅබි අයියා කලින්ම කිව්වනේ....ඉල්ලන ඕන සප් එකක් දෙන්නම් බක් මහ උළෙලට....ඒ වගේම සුභ අළුත් අවුරුද්දක්....
ReplyDeleteපාලයා : නව වසර සමරන්න ලසිය එක්ක මේ පැත්තෙ වරෙන්
ReplyDeleteමේ උදාවු වසර සුබම සුබ නව වසරක් වේවා !!!!!!!
ReplyDeleteසිහින සැනකෙලියට එන සිහිනය මං මේ දවස් වල බල බල ඉන්නවා..විභාග වැඩ අස්සේ එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ ලංකාවට...මොනව කරන්නද!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteමම එන්ඩයි හිතන් ඉන්නෙ ඕන්. මෙ කෙල්ලො කොල්ලො ටික මාව පරිස්සම් කොරයි නේද?. හැබැයි මාව පරිස්සම් කොරහල්ල... මම බ්ලොග් කලාවටත් අලුත් නිසා ටිකක් බයයිත් වගෙ.... අනික මමත් නිර්නාමික බොලොග් කාරයෙක් (කාරයෙක්, කාරියක් නෙමේ ඕන්..) නෙ.... :)
ReplyDeleteஒரு இனிய வளமான புத்தாண்டு நீங்கள் விரும்பும்..!!!
ReplyDeleteඕකෙ තේරුම නම් මාත් දන් නෑ.පූසගෙන් ඉස්සුවේ.මොකක් කමුත් නරකක් නෙමෙයි කියලා හිතුන මන්දා දැම්මේ.:D
ටිකක් වැඩිපුරත් එක්ක හිනාවෙන්න පුළුවන් විදියට තවතව ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා කියලා මාත් සුභ පතනවා..
(සිහින උළෙලට ඉන්න බැරි වෙන හැඩක් තියෙන නිසා 07 වෙනිදවත් ඇවිත් ඔය මූණත් තහඩු ටික බලාගන්න ආසයි.ඒත් තවම ස්ථීරෙටම කියන්න විදියක් නෑ. බලමුකෝ එන විදියක් .)
:-)
ReplyDeleteමේ වෙලාවේ නො කොමෙන්ට්ස්, ස්ටිල් සෙලිබ්‍රේටින්
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා......
ReplyDeleteකෝඩුකාරයටනම් මේ පාර එන්න වෙන්නෙ නෑ.හැබැයි සිංහල අළුත් අවුරුද්දට එහෙම මොනව හරි තිබුනොත් අනිවා කෝඩුකාරයා එතන ඇති.
ReplyDeleteඅයියටත් ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා...!!
07 වෙනිද එන එක නම් ශුවර් නෑ. :((((
ReplyDeleteසැනකෙලියටවත් එන්න බලන්න ඕනෙ...
රූමස්සල පලයව්... අපිට මොකො... සෑහෙන්න ඉරිසියාවක් තියෙනවා එච්චරයි.
ReplyDeleteඅප්‍රේල් මාසෙ මමත් එන්න ඉන්නේ.
@ නාකියා :
ReplyDeletegoogle අයියා මෙහෙමයි කියන්නේ,
ஒரு இனிய வளமான புத்தாண்டு நீங்கள் விரும்பும்..!!!
You want a happy healthy new year ..!!!