දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසුවාය....
එපමනක් නොව ඇයගේ දියණියගේ නෑසෙන සවනතට හඬ ලබාදීමට එකතු වූ සැමට ඇයගේ මෙන්ම පවුලේ ස්තූතිය පුද කලාය... ඒ හැමට පින් ප්‍රාර්ථනා කලාය...
සිකුරාදා වනතුරු ජෙරූශා දැරිය පේරාදෙණිය ලමා රෝහලේ හතරවන වාට්ටුවේ ඇය වෙනුවෙන් සකසා ඇති විශේෂිත කාමරයක රඳී සිටිනු ඇති... ඔබ ඒ අවටනම්, එහි ගොස් ඇයට ශක්තියක් වී පැමිනෙන්නට හැකිනම්, අප එය මහමෙරක් තරම් අගය කරමු...
වැඩි විස්තර සහ ඡායාරූප ලඟදීම බලාපොරොත්තු වෙන්න..
ඔබ හැමට පින් සිද්ධ වේවා....
ඔරිජිනල් ලිපිය මෙතනින්.....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
එම සත් කාර්යයට මම දායක වුනේ නැති නමුදු සැත්කම සාර්ථක වීම පිලිබද බොහොම සතුටු වෙනවා..
ReplyDeleteමෙවැනි දෙයකට ඔබ සැමගේ සහයෝගීතාව බොහෝ සෙයින් අගය කරමි..
හරිම සතුටුයි අයියේ..... හැම දේම හොදින් වුනා නේද???
ReplyDeleteඔව්..ඔව්.. උනා.උනා.... උඹලා දැන් තමයි අහන්නෙ.......... අනේ මොකටද මගේ කට....
Deleteඔය වැඩේට සල්ලි එකතු කරත්දි සමහරක් එවුන් කිව්ව ඕකත් අබේපාලයගෙ මොත්තයක් කියලා.. උන්ගෙන් උඹ අහපන්, මේ අහින්සකීට දැන් කන් අහෙන්නේ *&#@$ ද කියලා.
ReplyDeleteමගේ අවංක ගෞරවනීය උපහාරය උඹ ඇතුලු සියලු දෙනාට.
හරිම සතුටුයි . . ඇයට ඉක්මනින් සුවය ලැබේවා . .
ReplyDeleteWell done...!!!
ReplyDeleteහරි සෝක් වැඩකි..
ReplyDeleteසතුටුයි වැඩේ සාර්තක උනාට
ReplyDeleteනියමයි...
ReplyDeleteඉලංදාරියා වෙනුවෙන් ඇරඹුනු ඒ සත්කාරය මෙ වගේ අවසන් කරන්න ලැබීම සතුටක්. ඒ වගේම ඒ දේ මේතරම් දුර ගෙනාපු උබල ඔක්කොටම පින්.
ReplyDeleteමෙපින් බලෙන් දිලුම්ගේ ආත්මයට නිවන්දක්නා ජාති දක්වා මෙවන් අකල් මරණ අත්නොවේවා !
ReplyDeleteමේ සද් කාර්යයට දායක වෙච්ච හැමටත් පිං සිද්ද වේවා !
සතුටුයි කියන්නට දෙයක් නැත.. උපරිමයි !
ReplyDeleteනියමයි.අපිටත් හරිම සතුටුයි.
ReplyDeleteගොඩක් සතුටුයි..ඇයට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා..!
ReplyDeleteඇත්තටම සන්තෝසයි . යන දවසකට ගෙනියන්න ඉතිරි වෙන්නේ මේ වගේ පිනක් විතරයි .
ReplyDeleteබොහොම සතුටුයි.
ReplyDeleteහද පත්ලෙන්ම සතුටු වෙනවා...!
ReplyDeleteඒ කාලේ බ්ලොග් එකේ හිටියේ නැති උනාට සතුටු ආරංචියක්....
ReplyDeleteඉතා හොඳ වැඩක්
ReplyDeleteඉතා හොඳ වැඩක්
ReplyDeleteඉතා හොඳ වැඩක්. සාර්ථක උනා කියන එක අහන්නත් සතුටුයි. මටනම් සල්ලි දෙන්න බැරි උනා පොඩි එකා නිසා. කොහොම උනත් ලඟපාත නිසා බලලා එන්න පුළුවන් වෙයි.
ReplyDeleteඉතාමත් හොඳ වැඩක්. පුංචි ගෑනු ළමයාගේ මූන දකිද්දි ඒ වැඩේ සාර්ථක වීම ගැන ලොකු සතුටක් දැනෙනවා.
ReplyDeleteබොහොම හොඳ වැඩක්
ReplyDeleteහ්ම්ම් හරිම සතුටුයි. ඉදිරියට මේ වගේ දේවල් වලට මමත් සම්මාදම් වෙන්න බලාපොරොත්තු වෙනවා
ReplyDeleteඇත්තට ගොඩාක් සතුටුයි..ජෙරූශා දැරියගේ ඉදිරි කටයුතුත් සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDelete