කාලෙකට ඉස්සර මගේ බ්ලොග් එකේ හිට් වුන සීරීස් එකක් තමයි බෝඩිම් කතා ටික.. අළුතෙන් මාත් එක්ක එකතු වුන අයට මම දානවා මෙන්න ලින්ක් ටික.. ගිහින් කියවලා එන්න....
- බෝඩිමේ කථා 01
- බෝඩිමේ කථා අංක 02
- බෝඩිමේ කතා 03 ( අංකල්ගේ සුරුට්ටු සෙල්ලම්)
- තුන්වෙනි බෝඩිමේ හොදම කථාව...
වටේම තලලා තලලා දැන් තමයි කතාව කියන්නේ හදන්නේ.. අපි කතා නායකයා කසුන් කියලා ගමු.. මොකද අපේ බෝඩිමේ එහෙම එකෙක් හිටියේ නෑ.. කතා නායකයගේ නම කියන්නත් බෑ.. බෝඩිමේ උනුත් මේ කතාව දන්නෙ නැති උනාට දැන් කියෙව්වම කවුද කියලා දැන ගන්නවා... මොකද මෙහෙම චරිත හිටියේ එකයි.. ඒ නිසා උගේ නම කියලා කමෙන්ට් කරන්න එපා මචන්ලා... ආයෙත් වටේ යනවනේ.. ඔන්න දැන් නම් කතාවට.. මේ බෝඩිමේ මම විතරයි රස්සාවක් කලේ ඒ කාලේ.. දවසක් මම හාෆ් ඩේ එකක් දාල බෝඩිමට යන ගමන් කැම්පස් එකට ගොඩ වුනා.. අපේ සෙට් එකම හිටියා ජිම් එකේ... මම යතුර ඉල්ලද්දි රුවන් කිව්වා... "මචන් කසුන් ගියා බෝඩිමට.. ඌට හවස ලෙක්චර්ස් නෑ.. උඹ කෑම එකකුත් අරගෙන පලයන්.. ඌ කෑම එකකුත් අරන් ගියේ කියලා.." ඒත් මම ජිම් එකෙන්ම බත් එකක් අරගෙන උනුත් එක්කම කාලා පොඩ්ඩක් කඩේකුත් දාගෙන ඉදලා බෝඩිමට ගියා...
බෝඩිමේ දොර හායි ගාල ඇරලා දාලා.. ඒ කියන්නේ ලොක්ක නෑ.. ලොක්ක හිටියනම් බෝඩිමේ දොර ඇරලා තියපු එකාට බනිනවා ඇදන් ඉන්න රෙද්දෙ කක්ක යන්න... මමත් කාමරේට ගිහින් ඇදුම් මාරු කරගෙන වොශ් එකක් දාන්න ලෑස්ති වෙලා ලිඳ ලඟට යන්න හිතාගෙන කාමරෙන් එලියට ආවා.. එනකොටම මට ඇහුනා වතුර වැක්කෙරෙන සද්දේ... කසුන් ඉන්නෙ කොතනද කියන එකයි, දොර වහන්නවත් මූට අමතක වුනේ කොහොමද කියන එකටයි උත්තර මගේ ඔලුවට එන්න වැඩි වෙලාවක් ගියේ නෑ.. දැන් මම යනවා ඒ පැත්තට.. මූ තාමත් හිතාගෙන ඉන්නේ බෝඩිමේ කවුරුත් නෑ කියලනේ... ඔන්න කතාවේ කිලි පොලා යන හරිය..
බෝඩිමේ කුස්සිය පහු කරලා වමට හැරිලා පඩි තුනක් බැහැලා තමයි මේ ජනේලේ ගාවට යන්න තියෙන්නේ.. මම කුස්සිය පහු කරලා වමට හැරුනා විතරයි දැක්ක දේට මට හිනාව නවත්ත ගන්න බරි වුනා.. බලන්න මෙ චිත්රය හිතේ මැවෙනවද කියලා..
කන්න බෙදා ගත්ත බත් එක, එක අතකින් මල් වට්ටියක් වගේ උරහිසට උඩින් රදවාගෙන... එක ඇහැක් වහගෙන අනිත් ඇහැ අර බෝල් පොයින්ට් තුඩින් හිල් කරපු හිලට තියාගෙන නිදහස් අත සරම අස්සටත් දාගෙන කොල්ල හරිම බැරෑරුම් වැඩක.. මම හිනාව තද කරගෙන සිද්දිය බලාගෙන හිටියා.. නමුත් උගේ වැඩේ උපරිමේටම එද්දි ඒ කියන්නේ ඇස් වහගෙන කෙඳිරි ගාගෙන දත් මිටි කා ගෙන එද්දි මම ඌට මෙහෙම කිව්වා..
මේ මොකද කසුන් මේ......?
කොල්ලගේ ඇස් උඩ ගියා, දිව එලියට පැන්නා, කම්මුල රතු වුනා.. තව තව ඒවා බිත්තිය පුරා විසිරුනා... මල පැනලා, ඒ වගේම අසරණ වෙලා... දැන් ඉතින් මොනා කරන්නද? මගේ හිනාවේ කෙලවරක් පේනතෙක් මානෙකත් නෑ...
තෝ මගේ ආතල් එක කෑවා පරයා... ලැජ්ජ නැද්ද යකෝ කොල්ලො කරන වැඩ දිහා හොරෙන් බලාගෙන ඉන්න... බ්ලා බ්ලා... ඒ උගේ කේන්තිය පුපුරපු හැටි....
අඩේ අභිය.. ප්ලීස් මචන් කාටවත් කියන්න එපා බන්.. මම චාටර් වෙනවනේ.. ඒ ලැජ්ජාව එලියට පැනපු හැටි..
මම මෑතක් වෙනකන් ඔය කතාව කිව්වේ නෑ කාටවත්.. මීට මාස දෙකකට විතර උඩදි ආයෙත් බෝඩිමට ගිය වෙලාවක සුද්දයි අඩයි ලොක්කයි එක්ක තමයි පළවෙනි පාරට ඔය කතාව කිව්වේ... ඒ කියන්නේ අවුරුදු 12කට පස්සේ...
ප.ලි. මගෙම බ්ලොග් එකේ පලවෙනි ලිපියෙ ඉදන් කියවද්දි අතීත රසවත් සිද්දීන් මතක් අලුත්වෙලා ජයසේන ජයකොඩි මහත්තයගේ "පිච්ච මල" කහා මාලාවම කියෙව්වටත් වඩා සිත සැහැල්ලු වෙනවා.. මූඩ් ෆික්ස් කරගන්න හින්ජර් බිස්කට් කුමට..?
සුරාන්තෙට බධා කරන එකනම් පව් වැඩේ ඈ.... :D
ReplyDeleteබලු පූට්ටුවට ෆල් ගහලා වෙච්චි දේ වෙයිද දන්නෙ නෑ..
ReplyDeleteඉතාම ලිංගිකයි ...
ReplyDeleteමාත් කියන්නෙ ඒකම තමයි. අන්තිම මොහොතට බාධා කරන එකනම් පව්. යකෝ එහෙමවත් එකක් කරගන්ඩ නිදහසක් දියල්ලකො උන්ට. :D
ReplyDeleteඔව්ව සහගහන වැඩ යකෝ.... පව් අහිංසකයා...
ReplyDeleteඋබ ඉතින් එහෙම කලේ නැතෙයි ? :D
පව් බං , උගේ ආතල් කුඩු ....
ReplyDeleteඅතල් කැඩිම සම්පුර්නයෙම් හෙලා දකිනව
ReplyDeleteඅඩෝ උබ බලු වැඩක් කරල තියෙන්නෙ.... හැබැයි සිරා බෝඩින් ජීවිතේ....
ReplyDeleteඅන්තිම කැත ක්රියාවකි. අඩු ගානේ ඌ අහවල් ආතල් එක ඉවර කරගන්නකන් වත් ඉන්න තිබුනා
ReplyDeleteඅභීත අයියා, ආයෙත් පරණ විදිහට ලියන එක ලොකු හයියක්.
ReplyDeleteආයෙත් දවසක බෝඩිමේදීම සෙට් වෙමුද මචං. ඒ හිල් ටික තාම තියනවාද දන්නේ නැහැ. ඒ වගේම යක්කු ටිකට මොකද වුනේ දන්නේත් නැහැ.
ReplyDeleteහුකෑස්...අදයි මේ පැත්තට ගොඩ වැදුනේ..මරු අප්පා...
ReplyDelete