බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Tuesday, July 20, 2010
ඔන්න තවත් බාලදක්ෂ කතාවක්.....
ගොඩාක් පිරිමි ළමයින්ගෙ නින්ද ගැන, එයාලගෙ අම්මලගෙන් වගේම බිරින්දෑවරුන්ගෙනුත් ගොඩාක් අහන්න වෙන්නෙ නෝක්කඩු... මොකද එච්චරටම සැරයි..... නින්ද ගියහම මෙලෝ දෙයක් දන්නෙ නෑ... සමහර ගෑණු ළමයිනුත් ඉතින් අනේ දෙයියනේ කියලා නින්දෙන් අඩුවක් නම් වෙන්නෙම දෙන්නෙ නෑ තමන්ගෙ ශරීර සෞඛ්‍යයට.... හොරණෑ කෝටියක් කන ඇතුලට දාලා පිම්බත් ඉතින් හ්ම්ම්... කියන්නෙවත් නැති කට්ටිය ඉන්නව ඕන තරම් අපි දන්න..... කෑම්ප් ගියහම ඉතින් වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින්.. දවසම එක එක වැඩවල යෙදිලා හිටපු නිසා ඇගේ අමාරුවටත් එක්ක කණ පැලෙන්න නින්ද යනවා..... ඒ මදිවට සීනියර්ස්ලා නිදා ගන්න දෙන්නෙත් පරක්කු වෙලා.. එයාලා නිදි වෙලාවට ඇහරවන්නත් තහනම්.... මේ කතා දෙකම පදනම් වෙන්නෙ ඔන්න ඔය සුප්‍රසිද්ධ න්‍යායන් දෙක මත තමයි.........
පළවෙනි කතාව පදනම් වෙන්නෙ අර කණ පැලෙන්න නින්ද යන න්‍යායට අදාලව....වටේ වැඩක් නෑ... කෙලින්ම කතාවට බහිමු....
සදලංකාව මධ්‍ය මහා විද්‍යාලය සංවිධාන කරපු පොඩි පහේ බාලදක්ෂ කදවුරක තමයි මේක උනේ..... දවස අවසන් වෙලා පොඩ්ඩො ඔක්කොම නිදා ගත්තා.... එතන අංජන කියලා මල්ලි කෙනෙකුත් හිටියා.... මිනිහත් ටෙන්ට් එකක් ඇතුලට ගිහින් නිදා ගත්තා.. පොර අර මම කිව්ව ජාතියේ කොල්ලෙක්.. කන ලග තියලා හොරණෑ 100ක් ගැහුවත් මිනිහා නෙවෙයි නැගිටින්නෙ....
ඉතින් මේ කියන දවසෙ අපි ඔක්කොම පිට්ටනියෙ කූඩාරම් ගහගෙන මහ රෑ නිදාගෙන ඉන්නවා... එක පාරටම මහ වැස්සක් කඩාගෙන වැටුනා.... අපි සීනියර්ස්ල විදිහට පුළුවන් තරම් ඉක්මනට පංති කාමරයක් ලෑස්ති කරලා පොඩ්ඩො ටික ඒකට යැව්වා.. අන්තිමේට ගැනලා බලද්දි එකෙක් අඩුයි.... පොඩ්ඩක් හෝදිසි කරලා බලනකොට අංජන එතන නෑ.. එහෙම කියලා අත අරින්නත් බෑනෙ... ආයෙත් කුඩ ඉහලගෙන ගියා මිනිහා හොයන්න..
කොහොමහරි ඒ මල්ලිව හම්බ උනේ මෙච්චර සන්තෑසියක් වෙලා තියෙද්දිත් අර වතුරෙ කූඩාරමක් ඇතුලට වෙලා නිදාගෙන ඉන්නකොට..... දෙයියනේ කියලා කන ලගට වතුර.. මුට ගානක්වත් නැතුව නිදි... දැන් මෙන්න අපේ එකාගෙයි අංජනගෙයි දෙබස........
සීනියර් : මල්ලි නැගිටපන්.. අර පන්ති කාමරේට ගිහින් නිදා ගනින් බන්
අංජන : ම්... ම්.... ඇ..... ඈ.........
සීනියර් : ඒ නැගිටපන් බන්.. ගිහින් ඇතුලෙන් නිදාගනින්
අංජන : ආ යන්.. යන්........ ම්...... ම්..... අ........ඈ....... හා...
සීනියර් : මොකක්ද බන් නැගිටපන්කො කන පලාගන්නෙ නැතුව (මේකනම් ටිකක් සැරෙන් කිව්වෙ ඔන්න)
අංජන දඩි බිඩි ගාල නැගිට්ටා... තේරුනා ඇග පුරාම වතුර කියලා..... මූට එක පාරටම මීටර් උනේ නෑ මොකද වෙලා තියෙන්නෙ කියලා... අංජන මල පැනලා වගේ අපේ එකාට මෙහෙම කිව්වා........
මොකක්ද අය්යෙ බලු වැඩ කරන්නෙ.... ඇයි මේ මහ රෑ අපිට වතුර ගහන්නෙ.......
හිතාගන්න පුළුවන්නෙ ඊට පස්සෙ වෙන්න ඇති දේ.........
කතා අංක දෙක පදනම් වෙන්නෙ දෙවෙනි තියරිය මත.. ඒ කියන්නෙ සීනියර්ස්ලා නින්දෙන් ඇහැරවීම අත්‍යාවශ්‍ය කරුණකදී හැර නොකල යුතුයි කියන න්‍යාය...
මේ කතාව සිද්ද උනේ බලපිටියෙ තිබ්බ ජාතික ජම්බෝරියේදි.. අපි එකට සහභාගි උනෙත් ආදී බාලදක්ෂයන් විදිහට.... අන්තිම දවසට කලින් දවසෙ අපි ගියා බාලදක්ෂ වලින්ම හිතවත් උනු උපුල්ගෙ ගෙදර...තිබ්බෙ ගාල්ලෙ.. ආපහු බලපිටියට එද්දි ටිකක් රෑ වුනත් අපි දෙන්න ඉක්මනට නිදාගත්තෙ හෙට උදේම කුරුණෑගල බලා පිටත් වෙන්න තියෙනව කියලයි.. රැය පහන් උනාආ අපූරුවට...
එක පාරටම ටෙන්ට් එක එතුලෙ හිටපු මට දරාගන්න අමාරු සීතලක් ආවා.. ඒ එක්කම ඇස් දෙක අරිද්දි අහසෙ තරු පෙනවා.... මම කල්පනා කලේ ටෙන්ට් එකක් ඇතුලෙ නිදා ගත්ත මට කොහොමද අහසෙ තරු පේන්නෙ කියලා... තව ටිකක් බලපුවාම දමින්දත් ලගම නිදි... එකම අවුලකට තිබ්බෙ නිදාගෙන හිටපු ටෙන්ට් එක ගලවගෙන ගිහින්.... මලේ උපරිමේටම පැනපු මම නැගිටලා වට පිට බලද්දි අපි දෙන්න නිදාගෙන හිටපු ග්‍රවුන්ඩ් ශීට් එක ඇර අනිත් ඔක්කොම ආපහු ගෙන යන්න පැක් කරලා.. මම දමියට ඇනලා ඌවත් ඇහැරවලා ගත්තා.. අපි දෙන්න පොඩ්ඩක් පැත්තකට උනා විතරයි පොඩි උන් දෙන්නෙක් ඇවිත් ඒකත් නමාගෙන ගිහින් පැක් කරගත්තා.. පොඩ්ඩෙකුට කතා කරලා දමිය කිව්වා.. "ඉතිං කතා කරන්න තිබ්බනෙ බන් එහෙනම් අපි නැගිටිනවනෙ" කියලා... පොඩ්ඩ දුන්න උත්තරයක්
අයියලව නැගිට්ටවලා වැඩ කරන අස්සෙ බැනුම් අහන්නෙ මොකටද කියලා හිතුනා...
අපිත් පාඩුවෙ යන්න සෙට් උනා මොකුත් නොවිච්ච ගානට..
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
nw this is a good one....
ReplyDeleteමරු කතාව !!!
ReplyDelete:D
ReplyDeleteමමත් Junior Scout වෙලා හිටිය කාලේ වගේම Senior Scout වෙලා හිටිය කාලේ ඔය සබ්බු දෙකම කාපු පොරක් තමා. Junior කාලේ රෑ තිස්සේ activities කරලා අන්තිමට හොඳට නින්ද යන time එකට PLC එහෙම කරද්දී සින්නන්ගේ අම්මලා තාත්තලා මතක් වෙනවා. පස්සේ ඉතින් අපි සින්නෝ වුනාමත් වුණේ ඔය ටිකම අනිත් පැත්තට......
ReplyDeleteසදළන්කාවෙ කෑම්ප් 1කට මම කොළබ ඉදල ආපු ගමනම මට මාර අත් දැකීමක්.ඒගමන ගැන මම වෙලා තියන වෙලාවක මගේ අඩවියේ ලියන්නම්,ඔය අන්ජන අපේ සෙට් 1කේ 1ක්,ඕක පිටිපස්සෙම ටෙන්ට් 1කේ ඉන්න ව දැක්කෙ මම,මේක අගල් 3ක් 4ක් උස වතුරෙ හොදටම බුදි,මම ඌ ඉන්න විදිය පෙන්නන්න ඔන නිසා ඇහැරවන්නෙ නැතිව ඔයාලට කතා කරේ තව ටිකක් පරක්කු උනා නම් නහට වතුර යනව;ඒකාලෙ දැන් වගේ කැමරා phone 1ක් වත් තිබ්බ නම්
ReplyDeleteෂෝක් කතාව
ReplyDeleteelakiri
ReplyDeleteබ්ලොග් එකට නොමිලේ ප්‍රචාරයක් ඕනෙ නම් මෙන්න මේක බලන්ඩ : http://freeaddsorg.blogspot.com/
ReplyDeleteඅභීත අයියලා දමින්ද අයියලාට පොඩි උන් ඔහොමත් තරු පෙන්වනවද?
ReplyDeleteමරේ මරු අයියේ....
ReplyDeleteබාලදක්ෂ කියන්නේ කොල්ලෙක්ට කොල්ලෙක් විදියට fun ගන්න පුලුවන් දෙයක්.... අම්මලා ගාව හුරතල් වෙන කොල්ලෝ, කටක් ඇරලා කතා කරගන්න බැරුව දගලන කොල්ලෝ re mix කරලා බොක්කේ සෙට් වෙන්න පුලුවන් සෙට් එකක් හදන්න බාලදක්ෂ වලට බැරි නෑ.....
මොකද අපිත් බාලදක්ෂයෝ.... ඔය කියන බලපිටියෙ තිබ්බ ජාතික ජම්බෝරියට අපිත් ගියා... ගමේ වැඩේට අපි නොගිහින් පුලුවන්ද..???
කතාව නියමයි අයියේ...
ප.ලි. train එකේ හික්කඩුවට/ගාල්ලට ගිය ගමන අයියලත් යන්න ඇති මගේ හිතේ.... ඒ වගේ සෙනඟක් දැකලා තියනවද එක train එකක....
මේ පාර දබුල්ලේ තිබුනු APR එකේ මටත් ඕකම වුනා නේ
ReplyDeleteඅය්යෝ අංජන අය්යේ.. :D :D
ReplyDelete