ගිය සතියේ පොඩි සාදයකට සහභාගී උනා.... වාද්දුවේ තියෙන හෝටලේකට තමයි ගියේ..... අපේ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමේ කොළඹ ශාඛාවේ කමිටු රැස්වීම තමයි තිබ්බේ.... ඒක මෙදා සැරේ පැවැත්වුනේ සුහද හමුවක් විදිහටයි.... අවුරුදු 60 ඉදන් අවුරුදු 25 වෙනකම් අයියලා මල්ලිලා සහ ඔවුන්ගේ පවුල්වල අය ඇවිදින් හරිම විනෝදමත් කාලයක් ගත කරලා තමයි ගියේ... මේකේ වෙච්ච දේවල් ටිකක් හිනාවෙන්න එකේ කියන්න ගියොත් මාස ගානක් ලියන්න පුළුවන්.... ඉදලා හිටලා එහෙම කතාත් ලියමු ඉතින්.....
වසන්ත අයියා අපිට වඩා ගොඩක් ජේෂ්ඨයෙක්..අර්ධ රාජ්‍ය ආයතනයක ඉහළම නිළධාරියෙක්.... අපිත් එක්ක සෙට් වුන මරුම චරිතය තමයි වසන්ත අයියා.... මම වාසගමත් එක්ක කිව්වොත් ඔක්කොම "ආ මේ මෙයාද?" කියලා කියන තරමට රටේ ප්‍රසිද්ධයි... ඒ නිසා එයා ගැන මේ ඇති.... දන්නවනේ ඉතින් ඔය වගේ වෙලාවට එක එක හැඩයේ, එක එක වර්ගේ, එක එක නම් තියෙන බෝතල් ඇරෙනවනේ..... මෙතනත් ඒකෙ වෙනසක් උනේ නෑ.. අපි කීප දෙනෙක් එකකට වග කියමින් ඉද්දි තමයි මේ වසන්ත අයියා එතනට ආවේ... දැන් අපියි වසන්ත අයියයි අතර යන දෙබස මෙහෙමයි....
ආ වසන්ත අයියා.... එන්න .. එන්න.... පොඩ්ඩක් බොමු.. ආ..ගන්න ගන්න..
අරක්කු එපා...ටිකක් වැඩියි වගේ.... ඒත් ප්ලේන්ටිත් එපා.....
ආ.. ප්ලේන්ටි එපා.. මොකක්ද අයියේ ප්ලේන්ටි කතාව.....
ඔන්න වසන්ත අයියා රැල් බුරුල් ඇරලා පටන් ගත්තා කථාව කියන්න....
නෑ මල්ලි ඒක වුනේ මෙහෙමයි.. අපි කැම්පස් ඉන්න කාලේ තමයි මේ සිද්ධිය උනේ.. අපි දවසක් කැන්ටිමට ගිහින් ප්ලේන්ටි හතරක් ඉල්ලුවා... ගෙනත් තියපු වේටර් කොල්ලා ඒ ප්ලේන්ටි හතර ගෙනාවේ උගෙ ඇඟිලි හතරම තේ කෝප්ප හතර ඇතුලට වැටෙන විදිහට අල්ලගෙන....
ඌට දෙන්න එපායැ කන පැලෙන්න අයියේ... අපෙනුත් නොයෙක් ඇඩ් ඉතින්....
ඔව් මල්ලී..අපිත් ඕක දැක්ක.. ඒ මදිවට මිනිහගේ එක ඇගිල්ලක දදයකුත් තිබ්බා... අපේ එකෙකුට තද වෙලා ඌත් එක්ක ගහගන්න ගියා... ඒකත් මරුම සිද්ධියක් මල්ලි... මෙන්න මෙහෙමයි උන් දෙන්නගේ රණ්ඩුව...
මේ ඕයි මොකක්ද මේ කරපු අර ජරා වැඩේ.... බලනවා අර තමුසෙගේ අතේ තියෙන දදේ.... ඒක මොකටද මේ ප්ලේන්ටියට දාගෙන ආවේ....
අනේ නෑ සර්... මම ඒකට දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා.. ඒ මහත්තයා කිව්වා පුළුවන් හැමවෙලාවෙම රස්නේ තැනක ඇගිල්ල තියාගෙන ඉන්න වග බලාගන්න කියලා.....
ඉතින් ඕයි ඒකද තමුසේ අපේ තේ එකට ඇගිල්ල දැම්මේ..ඔච්චර රස්නෙයක් ඕනනම් ගහගන්නවකෝ උඹේ ඔය ඇඟිල්ල *කේ....
නෑ සර් එතන තමයි ගහගෙන හිටියේ.... ඒත් ඉතින් මුදලාලි කිව්වනේ මෙතනට ප්ලේන්ටි හතරක් ගෙනත් දෙන්න කියලා......
හරි නේ ඉතින්...... අපිට ඉතින් සංසාරෙත් එපා වුනා හිනාවෙලා.. ටික වෙලාවක් ගිහින් වසන්ත අයියා තව කථාවක් පටන් ගත්තා....
දවසක් මල්ලි මම වැඩට යනවා.. පාරට ගිහින් වාහනේ එනකන් ඉන්න අතරෙදි ඇහෙනවා එක මනුස්සයෙක් තව මනුස්සයෙක් එක්ක තමන්ගේ බල්ලගේ පුරාජේරුව... ඉතින් වාහනේ එනකන් මමත් කන් දුන්නා.. වෙලාවට වාහනේ එන්න කලින් මුළු සිද්ධියම බලා ගන්න මට පුලුවන් උනා... ඒකත් මරු සිද්ධිය මල්ලි......
කියන්නකො අයියේ ඒකත්... ඔන්න ඉතින් අපෙන් පොරේ....
නෑ මල්ලි උන් දෙන්න මෙහෙම තමයි කතා උනේ... මට නම් මතක නෑ.. අපි ගමුකො අසේලයි නිශාන්තයි වගේ නම් දෙකක්... දැන් නිශාන්තගේ බල්ලා තමයි මේ පුරුදු පුහුණු වෙලා ඉන්නේ... අසේලයා තමයි කතාව අහන්නේ.... දෙබස මෙහෙමයි...
මිස්ට අසේල, බලන්නකො මගේ බල්ලා බ්ලැකේ... මම ඌව හොඳට පුරුදු කරලා තියෙන්නේ.. දැනුත් මේ ඌව ඇරියේ කඩේට මාළු ගේන්න...
අහ් ඇත්තද මිස්ට නිශාන්ත... අපේ බල්ල රොකීගේන්නම් කිසි වැඩක් නෑ.... ඌවත් පුරුදු කරන්න ඕන...
ඔව් ඔව් මිස්ට අසේල... බල්ලෙක් උනාම හොදට පුරුදු කරන්න ඕන ඕනනම් දැන් බලන්නකො අපේ බ්ලැකේ එනකම්...
මමත් ඒ පැත්ත බැලුවා මල්ලී.. පිස්සු සීන් එකක් තමයි දැක්කේ... ලස්සන හැඩ නෝනා කෙනෙකුත් බැල්ලියක් පටියකින් අල්ලගෙන පාරේ... අර මාළු ගේන බල්ලා බැල්ලි දැක්ක විතරයි මූට ගෙදරට එන එක අමතකයි. ඌ ඉතින් ගිහින් අර බැල්ලිගේ පිටේ නැගලා... බැල්ලිත් දුවගෙන එනවා බල්ලවත් පිට උඩ තියාගෙන... ඒ අස්සේ බැල්ලිගේ පටියෙන් අල්ලගෙන ඉන්න නෝනත් දුවගෙන එනවා ඒත් එක්ක.... ඕක දැකපු අර අසේල කියන පොරට හෙනම සතුටුයි..ඇයි මිස්ට නිශාන්තගෙයි උගේ බල්ලගෙයි දෙන්නගෙම පටි රෝල්නේ ඉතින්.... අසේල මහා සවුත්තු හඩකින් නිශාන්තට මෙහෙම කිව්වා.....
අයියෝ මිස්ට නිශාන්ත, අර බලන්නකෝ ඔයාගේ ට්‍රේන් කරපු බල්ල කරන වැඩේ.. මාළු ගේන්න ගිහින් ගෑණියෙකුත් හොයාගෙන එනවද කොහෙද?
මිස්ට නිශාන්ත බැලුවා... දැන් ඉතින් වස ලැජ්ජාව... මිනිහා ස්ථානෝචිත ප්‍රඥ්ඤාව පාවිච්චි කරලා මෙහෙමයි කිව්වේ.....
අයියෝ මිස්ට අසේල.. මම එහෙම තමයි ඌව පුරුදු කරලා තියෙන්නේ... අර බලන්න ඌත් කෙල්ලෙක් සෙට් කරගෙන මටත් කෙල්ලෙක් අරන් එනවා.. අන්න බල්ලෝ....
කොහොමද වැඩේ...? අන්න බල්ලෝ....
ප.ලි. - උඩින් කොච්චර 18+ කියලා දාලා තිබ්බත් පොඩි දරුවෝ කියවන නිසා උපරිමේටම සැර බාල කරලා ලිව්වේ.... මතකනේ ඉතින් අපේ ඒ කාලේ....
නියම කතා සෙට් එක අභිත අයියා. කියවලා තාමත් හිනා. මේ වගේ මිනිස්සු ඉන්න තැන නියමයි ලේත් පිරිසිදු වෙනවනේ.
ReplyDelete......................
ReplyDelete:P
හැක් හැක් හැක්..
ReplyDelete:P
අන්න බල්ලෝ....
ReplyDeleteසිරාවට අන්න බල්ලෝ...ඔය බල්ලො පුරුදුකරන තැන අහල අහල බ්ලොග් එකේම දාන්නකො අභීත අයියේ... අපෙත් ගෙදර ඉනව පොඩි කුක්කෙක්... ඌවත් ඔය විදියට ට්‍රේනින් කරල ගත්තනම් එලම තමා...
ReplyDeleteමට පේන්නේ වටෙන් ගොඩන් එන්නේ... මටත් ඔය වගේ බල්ලෙක් හිටියනම් කියන තැනට වෙන්ටෑ...
ReplyDeleteමරු මරු අයියා.... තව මෙව්වා ඕනේ....
ReplyDeleteහක් හක්... 18+ කිවුවම මාත් මේ හරි දාගෙන කියෙවුවෙ... ඕකෙ කලින් කතාව මං 7 වසරෙදි අහල තියෙනව යාලුවෙක්ගෙන්.. 2වෙනි කතාව 10 වසරෙ විද්‍යාව පංතියෙ සර් කියා දීපු එකක්.. :D හැබැයි ඔය දෙකෙක්න් එකක්වත් අපි සැන්ඩි කොරල නෙවේ ඔන් ඇහුවෙ.. :P :P
ReplyDeleteහොද වෙලාවට...මම පොඩි එකා ඇස් දෙක වහගෙන කියෙව්වේ...
ReplyDeleteඅසේලයි නිශාන්තයි කිව්වහම කාව හරි මතක් වෙනවා මතක් වෙනවා වගේනේ........... :D
ReplyDeleteහික්ස්. මොනාද අප්පා රංගට ඒකෙත් මඩක් ගහලනෙ. අසේල වගේ නමක් මොකට ගත්තද. හික්ස්.
ReplyDeleteහිහ්..හිහ්... ඔයා දැන් ඇඟට පතට නොදැනෙන්නත් මඩ ගහනවා නේද? කෙලින්ම මඩ ගහනවට වඩා ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.... :D
ReplyDeletewasantha duklgannaraala da?
ReplyDeleteඅයියෝ ........ හිනා කාලා පන යනවා .........
ReplyDeleteතේ එක මාර රසට තියෙන්න ඇති නේ ..........
මාලු එක පැත්තකින් තියලද දන්නෙ නැහැ බැල්ලිට අතවර කලේ ..
:D :D
ReplyDeleteමාත් පුරැදු කරන්න ඕන ඔය වගේ බල්ලෙක්.
අන්න බල්ලෝ නේද අභිත අයියේ.....
ReplyDeleteනෑ සර් එතන තමයි ගහගෙන හිටියේ.... ඒත් ඉතින් මුදලාලි කිව්වනේ මෙතනට ප්ලේන්ටි හතරක් ගෙනත් දෙන්න කියලා......
ReplyDeleteහිහි එල අරුන්ට ජීවිතේටම කැන්ටිමේ තේ එපාවෙනන ඇති....
නැද්ද ඔය කියන ජාතියේ බල්ලො ගන්න තැනක්?
ReplyDeleteකොහොමත් කැම්පස් කැන්ටින් වල තේ ඔහොම තමයි.....
ReplyDeleteඅඩේ . . .ඒකද උඹ පහුගිය දවස් වල බලු කුක්කෙක් හොය හොයා හිටියෙ . . . ???
ReplyDeleteඅපෝ නිසාන්තට ඔච්චර ස්ථානෝචිත ප්‍රඥාවක් නෑ ;)
ReplyDeleteබල්ලෙක් වුනත් හදන්න ඕනේ මේ විදිහට ස්වාමියාට හිතවත් විදිහට තමා :))
ReplyDeleteමට හිටපු බල්ලව කවුද බල්ලෙක් හොරකංකරගෙන ගිහිල්ලනේ !
ReplyDeleteඒකාලේ අපේ බල්ලා මම විසිකරන හැමදෙයක්ම අරගෙන එනවා .ඒවගේ බල්ලෙක් අහලගං අහතකවත් හිටියේ නෑ .අපි එහෙමයි බලෝ හැදුවේ .
එලම තමා....තාම හිනා....
ReplyDeleteමරු කතාව ...හෙහෙහෙ.....
ReplyDeleteබලු කතාවනම් නියමයි...
ReplyDeleteදැං කවුද ඔය මිස්ටර් "නිශාන්ත"යි මිස්ටර් "අසේල"යි . . . . ??? අපි අඳුනන දෙන්නෙක් වද්දැ ????
ReplyDeleteමමත් කියවන්ටද?
ReplyDeleteමාත් ඇවිත් හොරෙන් කියවලා යන්නත් හිතලා
ReplyDeleteවැරදි වැඩක් නිසා සටහනක් තිබ්බා.හික්ස්.
අයියලා ටික එකතු වෙලා කතාවෙන එව්වා.
චික් මේක බැලුවට පස්සේ ගෙදර හදන ප්ලේන්ටියත් එපා වුනා .මොකද මේක මතක් වෙලා ඉස්මොල්ලේ යයි කියල දැන් ඔයාලත් ප්ලේන්ටි බොන්නේ නැහැලු නේද.
ReplyDeleteඕකනේ කියන්නේ උන පුරුකේ දැම්මත් බල්ලාගේ ගති අරින්න බැහැ කියල.
මේ කතා දෙකම අහලා තියෙනවා. ඒ කියන්නෙ උඹ දන්න වසන්ත අයියා මටත් හම්බ වෙලා තියෙනවා කියන එකද ?
ReplyDeleteඔය වසන්ත අයියා ගොඩක් උස, මීඩියා වලට සම්භන්ධ පොරක්ද ?
අර බල්ලගේ කතාවනම්, සැර බාල නොකර ලිව්වනම් තමයි අගේ වැඩි....!
වසන්ත අයියා, වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ ද?
ReplyDeleteමං ඇතිකරපු බල්ලා හැමෝටම නැතුව මට විතරයි බුරන්නේ.මං හිතන්නේ ආදරේට වෙන්න ඇති.
ReplyDeleteme katha dekama uputa ganeem
ReplyDeleteapi iskole yana kale kiwwa katha dekak
වසන්ත අයියා කියල තියෙන්නෙ ගොඩාක් පරණ කතා දෙකක්, එයා මුහුණ දීපු සිද්ධි හැටියට වෙනස් කරල.
ReplyDeleteකමක් නැහැ දාපු එක හොඳයි අහල නැති අයට දැනගන්න.
එළකිරි සහ නල ජලය තමයි!!!
ReplyDelete**ck
ReplyDeleteහිහ් හ්ඉහ් ඔන්න බල්ලෝ
ReplyDeleteඑල එල අන්න බල්ලෝ
ReplyDeleteballoth ekka baaaaaa
ReplyDelete