Thursday, October 6, 2016

සුන්දර බත්තලංගුණ්ඩුවට චාරිකාවක් යමුද?



මීට වසර කිහිපයකට කලින් මම පෝස්ට් එකක් දැම්මා මතක ඇති  මීමුරේ පිළිබඳව. මතක නැතිනම් මෙතනින් බලන්න පුළුවන්. මීමුරේ ගම සංචාරක ව්‍යාපාරය ගැන අත්පොත් තබද්දි තමයි මම මීමුරේ ගියේ. එතනින් එහාට මට නොයෙකුත් ඡෝදනා ආවා..  සමහරු බැන්නා... ඔවුන් අද මට හොරෙන් මී මුරේ යනවා...  මී මුරේ මිනිස්සු කිහිපදෙනෙක් මට එක වෙලාවක ගහන්න ආවා.. අද ඔවුනුත් නවාතැන්පලවල්, කඳවුරු බිම් හදාගෙන සංචාරක ව්‍යාපාරය කරනවා.. අද මීමුරේ පුරාවට නවාතැන් පළවල් 52ක්.. සෑම පවුලකම එක සාමාජිකයෙක් හෝ සංචාරක ව්‍යාපාරයෙන් යැපෙනවා. ඒ වගේම මගේ හිතවතුන් පහකට වඩා මගේ ව්‍යාපාරය හරහා ආදායම් උපයනවා.. මම නිසා මීමුරේ ගිය තවත් දහයකට වඩා පිටස්තරයින් මී මුරේ සංචාරක ව්‍යාපාරයෙන් යැපෙනවා මට බැන බැන හරි... ගම් මිරිස් නැති වෙද්දි නියගය නිසා වගාවන් ප්‍රමාද වෙද්දි මම බැනුම් අහමින් හෝ ඇති කරපු සංචාරක ව්‍යාපාරය නිසා මී මුරේ ගමක් විදිහට කෙළින් සිට ගැනීම තරම් මගේ සතුටට තවත් හේතුවක් තිබේද වෙනත්.....

මී මුරේ වගේම අළුත් තැනකට පිය මනින්නයි අදහස.. ඒ තමයි සුන්දර බත්තලංගුන්ඩුව දූපත. කඳවුරු බඳින්න කියාපු තැන. ආරක්ෂිත කලපුව, අනෙක් පැත්තෙන් මහ මුහුද, කදිරවේල් කන්ද උඩින් ඉර පායන හැටි, ඉන්දියන් සාගරයේ ඈත ක්ෂිතජයෙන් ඉර බැස යන හැටි, අළුත්ම මාළු වල කිරි රස, මුහුදු වෙරලේ ඇන තියාගෙන යොත් දාගෙන මාළු අහුවෙනකන් බලාගෙන ඉන්න, ධීවර බෝට්ටුවල නැගලා මාලු අල්ලන්න යන්න... ආපහු එන ගමන් කල්පිටිය ඕලන්ද බලකොටුව බලලා, තලවිල පල්ලිය වන්දනා කරගෙන එන්න, අවැසිනම් ගැඹුරු මුහුදට ගිහින් තල්මසුන් සහ ඩොල්ෆින් යාළුවෝ බලලා එන්න, කදිම තැනක් තමයි මේ බත්තලංගුන්ඩූව දූපත...

මෙහි පළමු ගමන ට්‍රැවල් විත් දිලිනි ආයතනයෙන් සූදානම් කරලා තියෙනවා. මේ තීන්නේ ඒ ඉවෙන්ට් එක. ඒකට කැමතිනම් එකතු වෙන්නත් පුළුවන්... 

ඒවගේම ඔබේ කණ්ඩායමේ පුහුණු වැඩමුළු කරන්න සුදුසුම තැනක්.. හුදෙකලා දූපතක විවිධ වූ ක්‍රියාකාරකම් අතරේ  මේ බැහැරගත පුහුණු වැඩමුළු ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.. 

එසේනම් මිතුරනි, සුන්දර බත්තලංගුන්ඩුව දූපතේදී මුණ ගැහෙමු. වැඩි විස්තර 0725113392 තුලින් ලබා ගත හැකියි...



Wednesday, March 9, 2016

මචං චින්තන ධර්මදාස,


දැන් ඉතින් අර සිකුරුටි කාරයාගේ ගෑණිට දරුවට කන්න දෙන්න ක්‍රමයක් හොයපල්ලා... කරාබු දාලා, අව් කණ්නාඩි දාලා, කොටට ගහලා, ඉංග්‍රිසියෙන් ලියපු පෝස්ටර් ටිකක් අල්ලගෙන උඹලා හිටියා තමයි.. ඒකට හෙන පට්ට වටිනාකමක් දීලා හර්ෂ ද සිල්වාත් එතනට ඇවිත් අර අහිංසක මිනිහාව බයිට් එකට ගත්තා තමයි.. අන්තිමට උන් දෙන්නා රස්සවෙන් අස් කලා.. දැන් උඹලට හම්බුනේ මොකක්ද? නිදහස් චතුරශ්‍රේ ඉදගෙන ඉන්න...
මට කියපන් චින්තන, උඹ දවස් කීයකට සැරයක්ද ඕකේ ඉද ගන්න යන්නේ... ඒ වගේම උඹත් එක්ක හිටගෙන හිටපු මිනිස්සු කී දවසකට සැරයක්ද යන්නේ... අන්තිමේට කොන්ක්‍රීට් එකක පුක තියාගෙන ඉන්න, උඹලා අහිංසක මිනිස්සු දෙන්නෙක්ව ගෙදර එලෙව්වා..
මතක තියාගනින් චින්තන, තොපි ඔය කරන වැඩෙන් කෙලවෙන්නේ උඹලට වඩා උපදින්න ඉන්න අළුත් පරපුරට... ලව් කරන්න තැන් තියෙනවා... මුහුදු වෙරල, විහාර මහ දේවි, දියත උයන, බොරලැස්ගමුව, කොටින්ම නිදහස් චතුරශ්‍රේ කියන්නේ මේ රටේ ලව් කරන උන් ලොවෙත් අඩිය නොගහන තැනක්.. මෙලෝ රහක් නැතිව ලව් කරන්නේ කොහෙද කියලා හිතා ගන්න බැරි අහසෙ පලක් බැදගෙන ෆැන්ටසිවල ඉන්න උන්ට නිදහස් චතුරශ්‍රෙ කියන්නේ ලව් කරන්න හදපු තැනක් කියලා පේනවා ඇති..
අනිත් කාරණේ චින්තන, උඹ ඔය අල්ලන් ඉන්න පෝසටරේ ගිහින් ගහපන් රටේ අධ්‍යාපන ඇමතිගේ පිටේ... ඕක අහපන් උගෙන්...
මාසයක් ඇතුලත පාතාලෙන් මිනී 21ක් මරපු රටක, තාත්තා ඒඩ්ස් හැදිලා මිය ගියා කියලා දරුවට පාසලක් හම්බෙන්නේ නැති රටක, මේ රටේම අපිත් එක්ක සහජීවනයෙන් ඉන්න මිනිස්සු කොට්ඨාශයක් ස්වයං පාලනයක් ඉල්ලන රටක, ගොවියට කිසිදු වටිනාකමක් නොලැබී ඇති රටක, ආර්ථිකය අමු පල්ලමට වැටිලා ඇති රටක, උඹලා නිදහස් චතුරශ්‍රයේ ලව් කරන්න නිදහස ඉල්ලලා උද්ඝෝෂණය කරනවා... අළුත් විදිහට හිතන උඹලට කොතනද වැරදුනේ මචන්...?
මචන් චින්තන, ගොනෙක් උනාට තප්පුලන්න එපා... උම්බෑ කියන්න එපා... කෝවිලේ පුජාවන්ට ගේන කින්නියා හරකෙක් වෙන්න උත්සාහ කරපන්... නිකම්ම බයිට් එකට මේසෙට එන කාලකණ්ණි හරකෙක් වෙන්නේ නැතිව...

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...