ගමනේ අවසන් දවස... අද දවසේ අපි බලන්න හිතාගෙන යන්නේ පහත සඳහන් තැන්...
1. තිරුකේතීශ්වරන් කෝවිල
2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන
3. මඩු පල්ලිය
4. මඩු ගල් පාලම
5. මඩු එල්ලෙන පාලම
6. මන්නාරම් කොටුව
පිළිවෙලට කථා කරමු.. අදත් සුපුරුදු පරිදිම ගියේ ත්‍රිරෝද රථයේ නිසා අපි කෙළින්ම සංචාරක ස්ථාන වලට යමු..
තිරුකෝදීශ්වරන් කෝවිල
ඊශ්වර දෙවියන් සඳහා වූ කෝවිල් කිහිපයක් ලංකාවේ සිව්දිග් භාගයේ පිහිටා ඇත.. හලාවත මුන්නේශ්වරම්, ත්‍රීකුණාමලයේ කෝනේශ්වරම්, හා මන්නාරම තිරුකේදීශ්වරම් කෝවිල් මේ අතර ප්‍රධානව වේ.. ඉන්දියාවේ රාමේශ්වරම් කෝවිලද ඒ හා බැදී පවතී.. අප නරඹන මන්නාරමේ, ඒ-32 මාර්ගයේ පිහිටා තිබෙන තිරුකේදීශ්වරම් කෝවිල රාම රජුගේ මාමන්ඩියකු වන මායන් විසින් ඉදි කල බවට විශ්වාසයක් ඇත.. ස්නානය සඳහා මෙන්ම සියළු පහසුකම් සමඟ සකසා ඇති මෙම කෝවිලේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ..
2. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන
තිස් වසරක ශාපලත් යුද්ධයේ අමිහිරිතම අත්දැකීමක් වූ බිම් බෝම්ම ගොඩ දැමීමේ කාර්යයේ තවමත් කට්ටිය නියැලෙනවා... විදේශ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන මෙම ක්‍රියාවලියේ සියළු කටයුතු ඉතාම හොඳ අධීක්ෂණයකින් කෙරෙනවා අපි දුටුවා.. ජීවිත කාලයේ අපිට අඳින්න ලැබෙන ඇඳුම් විවිධයි.. සමහර ඒවා දුර්ලභයි.. මේ එවැනි ඇඳුමක් ඇඟලාගත්ත අවස්ථාවක් තමයි...
මඩු පල්ලිය
මරිය දේව මතා පිළිරුව තැන්පත් කල ඇති මෙම මඩු පල්ලියේ ඉතිහාසය පෘතුගීසි කාලය දක්වා දිව යනවා.. රුදුරු එල්ටී ටී ඊ ග්‍රහණයට නතුව තිබී 2008 අප්‍රේල් 25 වනදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ 57 වන සේනාංකය විසින් මඩු පල්ලිය මුදවා ගනු ලැබුවා.. දැන් එය නිතරම වන්දනා කරුවන්ගෙන් පිරී පවතින ස්ථානයක්... මගේ ගමන් සගයා වූ අමිල කිතුණු බැතිමතෙක් නිසාම ඔහුටනම් මේ ගමන ඉතාම වැදගත් එකක් වුනා.. මේ තියෙන්නේ පින්තූර....
සංචාරකයින් අතර එතරම් ප්‍රසිද්ධ නැති මෙම පාලමේ, ඡායාරූප තමයි මේ තියෙන්නේ.. මෙහි ඉතිහාසය කීමට කිසිවෙක් අපිට සොයා ගන්නට ලැබුනේ නෑ.. දන්න කෙනෙක් සිටීනම් යටින් කමෙන්ට් කරයි කියලා හිතෙනවා.. මේ තියෙන්නේ ඡායාරූප...
මෙහිත් විස්තර කියන්න ඒ පිළිබඳව දන්න කෙනෙක් සොයා ගැනීම අපහසු වුනා.. මන්නාරම බලන්න යනවානම් යා යුතුම තැනක්.. එතරම්ම එය ලස්සනයි... මෙන්න ඡායාරූප..
1505 පෘතුගීසින් විසින් සාදන ලද මේ මන්නාරම් කොටුවේ අද ඇත්තේ කොටු බැම්ම පමණි.. කලපුවට මුහුන ලා ඇති කොටු බැම්ම තමයි මේ...
මේ තවත් ඡායාරූප...
මාගේ ඊලඟ සිහිනය... ඒ 32 පුත්තලමේ සිට යාපනය බලා.. |
ප.ලි. දේශාටන ඉවරයි.. මම කියපු ජීවිතයේ අඳුරු පැත්ත අරන් මම එනවා ලබන සතිය දිහාවට.. අමාරුවෙන් මේ මාසේ පෝස්ට් 4ක් ලියා ගත්තා...