Sunday, March 10, 2013

ඇනෝනිමස් පෝස්ට් සහ ඒවට වැටෙන ඇනොනිමස් කමෙන්ට්........ කබ්බන්ට විශේෂයි...


මේක තමයි මේ කාලයේ ජනප්‍රියම මාතෘකාව... මම මේ ගැන නම් ලිපි ලියලා තියෙනවා ඕන තරම්... ඒත් ඒ කවදාවත් මේ මාතෘකාව අද තරම් ජනප්‍රිය වෙලා නෑ.. ඇනොනිමස් සයිට් ගොඩාක් මේ බ්ලොග් අවකාශෙට ඇවිත් ගියා.. ඉස්සර වෙලාම ආපු එක තමයි එදා සුපිරි ජනප්‍රිය බ්ලොග් එක වෙච්ච ඇනොනිමසයා කියන බ්ලොග් එක... ඒකේ තියෙන ගොඩාක් දේවල් වලට කට්ටිය බැන බැන හරි කමෙන්ට් කලා.. හැමෝම ආවා ගියා.. ඊට පස්සේ ඒ සයිට් එකේම වර්ශන් තුනක් ආවා.. ඒවත් ඒ ගමන්ම නැතිවෙලා ගියා... ඊට පස්සේ ආවා බ්ලොග් විචාරක, වෛෂ්යාවක් නොවේ, ලකෆ්‍රාන්ස්, දැන් මොකක්ද වර්ඩ්ප්‍රෙස්ස් එකකුත් ඇවිත්... ඉතින් මේ හැමෝම බ්ලොග් අවකාශය වෙනුවෙන් සේවයක් කරනවද නැද්ද කියන එක කියවන ඔයාලා දන්නවා... මේකටත් හරියන්නම දැන් ඇනෝ කමෙන්ට් කියන එකත් උපරිමේටම ඇවිත්.. අද මම කියන්න යන්නේ මගේ ඇනෝනිමස් අත් දැකීම් වලින් බිඳක්... 


දැන් මම බ්ලොග් ලියන්නේ මොකටද? කියලා ඇහුවොත් ඔයාලා අමුතු අමුතු උත්තර දෙයි.. නමින් එන අය කියයි ගොඩාක් කථා.. ඒත් ඇනෝ එන අය කියයි "තෝ බ්ලොග් ලියන්නේ xx xxxx පුතෝ කාව හරි අන්දලා ගානක් කඩා ගන්නනේ බොල කියලා..." මේක තමයි දැන් ඇනෝ ට්‍රෙන්ඩ් එක.. වැදගත් සංවාදයක් ඇනෝ හරහා ගොඩ නැගෙන්නේ නැත්තේ ඇයි කියන එක දැන් සිංහල බ්ලොග් අවකාශයෙන් අහලා වැඩක් නෑ.. ඒක අහන්න ඕන තම තම හිත් වලින් කියන එක තමයි මගේ මතය.. 

ප්‍රියන්ත වෙනිවැල්පිටිය (වෙනී) අයියා ලියලා තිබ්බා මේ ඇනෝ ගැන ලිපියක්.. ඇනෝනිමසයාත් ලියලා තිබ්බා... ඒ ගැන.. නමුත් අපි වර්තමානයේ එතනට තල්ලු වෙන්නේ ඇයි කියන හේතුව මොකක්ද? ඇත්තටම ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මම හිතන්නේ.. මීට අවුරුද්දකට කලින් බ්ලොග් කරුවෝ කියන්න ඕන දේ මූනට කිව්වා... එහෙම කියාගන්න බැරි තව සමහරුන් ඇනෝ වැරදියට පාවිච්චි කරලා කුණුහරපෙන්ම ඒක කියනවා.. ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඒ කාලයේ අතීතය හා වර්තමානයට පුරුක් තිබ්බා.. මම ඒක උදාහරණයක් විදිහට මෙහෙම පැහැදිලි කරන්නම් පහළින්...

මම බ්ලොග් ලියන්න එනකොට කතන්දර, වැපා, රන්දිල්, තිස්ස අයියලා වගේ අය අපිට උපදෙස් දුන්නා... ඇනෝ දැම්මත් ඒකේ වගකීමක් අපේ හිත් වලට දැනුනා.. වර්තමානයේ ඒ පුරුක් සබඳතාවය බ්ලොග්කරුවන්ගෙන් ගිලිහිලා තියෙනවා.. ඇනෝ මොකක්ද? ඇනෝ පාවිච්චි කරන්නේ කොහොමද වගේ සංකල්ප පිළිබඳ දේවල් බ්ලොග් කරුවන්ගෙන් ගිලිහිලා තියෙනවා.. මෙන්න මෙතන තමයි ලොකුම අවුල කියලයි මට හිතෙන්නේ.. 

ඇනෝ කමෙන්ට් දාද්දි අපිටත් වැරදුනා.. උදාහරණයක් ලෙස මම එක්තරා පුද්ගලයෝ දෙන්නෙක් සම්භන්දයෙන් ගෲප් එකක දාන්න ගිය එකක් වැරදිලා ඇනෝ සයිට් එකක වැටුනා.. මම එසැනින් ඒ දෙන්නට මේල් එකක් යවලා සමාව ඉල්ලන්න කටයුතු කලා.. මේ වගේ වැඩ තව කොච්චරවත් වුනා ඒ දවස්වල.. වෛශ්‍යාවක් නොවේ ලියපු බ්ලොග් කාරියටත් බ්ලොග් විචාරක ලියපු බ්ලොග් කරුවාටත් මේ වැඩේම වුනා... මේකේ අළුත්ම අවුට් පුට් එක අපේ සෑම් මල්ලි.. එයා ලකෆ්‍රාන්ස් එකේ දාපු කමෙන්ට් එකක් නමෙන්ම පල වුනා..

මෙන්න මේ හේතුව නිසා උද්ගත වෙච්ච තත්ත්වය නිසා තමයි මම මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න හිතුවේ.... ඒකෙදි ඒ මල්ලි ගොඩාක් කරුණු කියලා තිබ්බා.. පළවෙනි එක තමයි "කවුද මේ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ කියලා එයාට හොයා ගන්න ඕන වුනා.." කියන එක... ලකෆ්‍රාන්ස් අදුන්වන විදිහට ඔහු කබ්බෙක්... නමුත් වටිනා බ්ලොග් එකක හිමි කරුවෙක්.. (බ්ලොග් අවකාශයේ සීනියර්ස්ලා ඉන්නවද? කබ්බෝ ඉන්නවද කියන එක චමිලගේ මෙන්න මේ පෝස්ට් එක කියවලා ඔබට තේරුම් ගන්න පුළුවන්...) ඒත් ඉතින් බ්ලොග් එකක් ලියන්නේ කවුද කියන එක හොයන එක ඔච්චරටම වැදගත්ද?

මීට අමතරව තව බ්ලොග් කරුවෙක් මගෙන් ඇහුවා මෙහෙම ඇනෝලා මට අම්බානට බනිද්දි කොහොමද මට නෙවේ වගේ ඉන්නේ කියලා... මම ඉතින් උත්තර දෙන්න කවුද බැන්නේ කියලා දන්නවයැ.... ඉතින් කොහොමද උත්තර දෙන්නේ...

ප්‍රධාන කාරණය.. ඉතින් මීට පස්සෙවත් ඇනොනිමස් දාද්දි අර ගුගල් දෙවියන් විසින් දීලා තියෙන ඇනොනිමස් ඔප්ෂන් එක සෙලෙක්ට් කරලා කමෙන්ට් එක දාන්න.. මම අත්දැකීමෙන් දන්නවා එක පාරයි වරදින්නේ.. ඒ වැරදීම අතීතයේදී නම් හදා ගන්න පුළුවන් බ්ලොග් කියන්නේ හෙන ආතල් දෙයක් නිසා.. ඒත් වර්තමානයේ බ්ලොග් කියන එක අපි ඉර පායන එක බහින එක වගේ වැදගත් දෙයක් නිසා ඒ වැරැද්ද හදා ගන්න අමාරුයි දරුවනේ...


මෙන්න මේ ටිකත් කියන්න ඕන.. දැන් මේ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ මම කියලා ලේබලේ අලවලා මගේ බිරිඳට දරුවට දෙමවුපියන්ට අම්බානක බනින්න ඇනෝලා පෙළ ගැහිලා ඉන්නවනේ... ඒ වගේම කෝල්ස් එහෙමත් දීලා මගෙන් ගොඩාක් කට්ටිය ඇහුවා උඹද මේක ලියන්නේ කියලා.. ඒ අයට දෙන්න ඕන උත්තරේ තමයි මම මේ පහළින් ලියන්නේ....

නිකමට හරි ඇත්තට හරි හිතපල්ලකෝ ලකෆ්‍රාන්ස් බ්ලොග් එක ලියන්නේ මම කියලා.... හරි.. දැන් උඹලා මට මොනවා කරන්නද? අනේ නිකන් යනවා මනුස්සයෝ වැඩක් බලාගෙන....

(ඇනොනිමස් ලියන්නේ චමිල කියලා ලේබලේ අලවලා තිබ්බ කාලෙක චමිලත් මේ විදිහටම කියලා තිබ්බ... ලින්ක් එක දාන්න පෝස්ට් එක හෙව්වට ලැබුනේ නැති නිසා චමිලට කෝල් කරලා තමයි හරි වචන පේලිය අහගත්තේ...)

ප.ලි. කුණුහරප නැති ඕනම ඇනෝ කමෙන්ට් පළවන බවත් කියන්න ඕන


Friday, March 1, 2013

එතකොට මට විතරද පික්ශු නැත්තේ ඕයි....


පහුගිය දවසක සලාකා එකේ උඩ තට්ටුවේ සෙට් එකක් සිංහල බ්ලොග් අවකාශය කළඹලා තිබුනා උන්ට පික්ෂු කියලා... ඒකට සෙට් වෙච්ච වටේ හිටපු උන් කිහිප දෙනෙකුත් උන්ට පික්ෂු කියලා තිබ්බා.. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ මටත් පික්ෂු කියලා.. ඒත් මම හිතන්නේ දැන් මට විතරක් පික්ෂු නැද්ද කියලා.. 

මට ආපු ප්‍රශ්ණ ඇයි යකෝ මෙච්චර ප්‍රශ්ණ තියෙද්දි මුන්ට මුන්ගේ පික්ෂුව මතක් වුනේ කියලා..

ඕනයාට බියගම කලාපෙ ඇතුලට වෙලා කොච්චර හිතන්න දේවල් තියෙනවද?

අසම්මත ප්‍රේම සම්භන්ධතා වලින් මිදිලා විකෘති ලිංගික ආශාවන්ගෙන් මිදිලා ජීවිතේ ගත කරන එක නොහිතා ඇයි සිහින උගේ පික්ෂුව ගැන විතරක් හිතන්නේ...

හසීට ලොක්කයි ලොක්කියි ලොකු ටෝක් දෙන ඒවා පැත්තක තියලා ඉතාලි යන එක ගැන කල්පනා කරන්න බැරි ඇයි..

ලසිතයාටත් අළුත් ගෙදරට බඩු මුට්ටු ගන්න හිතන එකයි මේ අවුරුද්දෙයි ඉදිරි අවුරුද්දෙයි ඌට වෙන දේවල් ගැනයි හිතන්න බැරි ඇයි...

ලංකාවේ පැය 24ම ඇරලා තියෙන එකම කොමර්ෂල් බැන්කුව තියෙන්නේ උගේ ආසනේ කියලා නොදැන, හෝටල්වල ඩබල් වලට දඩ ගහන්නේ උගේ අල්ලපු ආසනේ කියලා නොදැන දේශපාලනේ කරනවාට වඩා ඒ ගැන තව ටිකක් හොයන එක හොඳයි කියලා ඇයි රනා නොහිතුවේ....

"ෂ" යන්න දාගෙන ආතල් එකක් අරන් ලැට් එකක් දෙකක් විකුනගෙන ඉන්නවාට වඩා අවංක පැට්ටා ඇයි තමන්ගේ පික්ෂුව ගැන හිතන්න ගත්තේ...


කවියක් ලියාගෙන පාඩුවේ ප්‍රේම කර කර ඉන්න එක තමන්ගේ පික්ෂුව ගැන හිතනවාට වඩා හොඳයි කියලා ඇයි පසන් නොහිතුවේ..

ගුලියක් කාගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක පික්ෂු ගැන හිතනවාට වඩා හොඳයි කියලා ඇයි බුල්ටා නොහිතුවේ...

ඔෆිස් එකේ අල්ලපු මේසේ කෙල්ලට ලයින් එකක් දාගෙන අවංක පැට්ටත් එක්ක දෙමළ පොඩ්ඩක් දොඩාගෙන ඉන්න එක හොදයි කියලා ඇයි සෝඩා ගුනෙයා නොහිතුවේ...

එදා මෙදාතුර හොයන තමන්ට ගැලපෙන කෙල්ල ඉක්මනට හොයාගෙන සුදු පූසාත් මොන ඉලව්වකට මේ පික්ෂුව ගැන හිතුවද මංදා...

අපොයි.. යස අගේට හිටපු දිල්ශාරා.. හැබෑට මක් වුනාද ඒකිට... පාරේ යනකොට ගොන්නු අනින එකෙන් බේරෙන හැටි කල්පනා නොකර පික්ෂුවක් ගැන හිතන තරමට මේ කෙලීටත් පික්ෂුද...

ලිශාන්... හික්.. හරි. ඌට පික්ෂු...

අශාන් නේද? "අර කෙල්ලෙක් නෙමේ නේද ඕයි? ඕකෙ කන්ටෝලරේ නෑ ඕයි? කෙල්ලගෙද ඕයි?" මේ තියෙන්නේ ඉතින් මූ ගැන සම්පූර්ණ විස්තරේ.. තව මොන පික්ෂුද?

හිතුවක්කාර කෙල්ල.. මේ කෙල්ල ගැන මම දන්නේ නෑ... ඒ නිසා මමත් හිතන්නේ ඔය කියන විදිහට ඒ කෙල්ලට පික්ෂු ඇති...


අමිලයාට නම් වැටකෙයා පඳුරු ගැනම කල්පනා කරන්න කොච්චර දේවල් තියෙනවද? ඒත් ඇයි මේ ඌත් පික්ෂු ගැන හිතන්නේ.... 


ලඟ ඉන්න ඕනම එකී ලඟ ඉන්න ඕනම කාලෙට ලඟට ගෙන්න ගන්නේ නැතිව උගේ පික්ෂුව ගැන පිස්සා මොකට හිතනවද...?

"අතේ ගහපු ගෝනුස්සා" එළවාගන්න ක්‍රමයක් හොයාගන්න කල්පනා නොකර රුචක මොකට පික්ෂු ගැන හිතනවද?

තමන්ගේ තරමට හරියන වාහන හොයන එක පැත්තක තියලා සංජුවා මොකට පික්ෂු ගැන හිතනවද?


මුචලින්දයාගේ පික්ෂුව නම් අනිවා වෙන එකෙක් දාපු එකක්.. ඌ පාඩුවේ හිටියා මෙච්චරකල් රස්සාවක් කරගෙන... උගේ පික්ෂුව ගැන කථා කරන්න කලින් මොකාද මේ පික්ෂුව ආයෙත් ඌට බෝ කලේ කියලා තමයි බලන්න ඕන....

තව ටිකක් සීරියස් නොවී මොන මඟුලට පික්ෂු හදා ගන්න හිතුනද දන්නේ නෑ බීටලයාට.. පික්ෂු හැදුනාට පස්සේවත් උගේ සැබෑ රූපේ එළියට පෙන්නන්න පුළුවන් වෙයිද දන්නේ නෑ...

පවුලට අළුතෙන් එකතු වෙන්න ඉන්න උන් ගැන හිතනකොට නචියාට පික්ෂු හැදෙන එක සුළු දෙයක්...

නෙරන්ජිට නම් කොහොමත් පික්ෂුව තිබ්බ හින්දා දැන් පොඩ්ඩක් ඒක වැඩි වෙලා කියලා හිතන්න පුළුවන්.. අළුතෙන්ම ගහපු බස් රේඩියෝ පික්ෂුව හින්දා තම්න්ගේ පික්ෂුව ගැනත් මතක් වෙන්න ඇති.. අනික මුහුදෙ නාලා මොලෙත් ටිකක් පෙගෙන්න ඇති නොවැ....

මට වගේම මේ වගේ ගොඩාක් දේවල් හිතිලා තියෙන්නේ ඇනෝටත්.. ඌත් ඉතින් මුන්ගෙන්ම කෙනෙක් නිසා පික්ෂුව හැදෙන එකේ එච්චර පුදුමයක් නම් නෑ.. හැබයි ඉතින් ඌට පික්ෂුවෙන් උනත් හරි දේවල් ටිකක් හිතිලා තියෙනවා...

මම පටන් ගත්තේ මට විතරද පික්ෂු නැත්තේ කියලා... මේ ටික කල්පනා කරපුහාම ඔන්න මටත් ටිකක් පික්ෂු වගේ....

දැන්නම් 
මට පික්ෂු වගේ ඕයි...
වගේ නෙමෙයි ඕයි...
හොඳටම පික්ෂු ඕයි... 



ප.ලි. මට පික්ෂුවෙන් වුනත් එක දෙයක් මතක් වුනා... මේ සලාකා එකේ උඩ තට්ටුවේ උන් ටික ඔක්කොටම පික්ෂු හදවලා සභාපතියයි ලේකමායි විතරක් මොකද පාඩුවේ පැත්තකට වුනේ කියලා....

විශේෂ ස්තූතිය... : වෙනදා වගේ කිසිම අමාරුවක් නැතිව ලින්ක් ටික දාගන්න සහ පින්තූරේ දාගන්න උදව් වෙච්ච පික්ෂු ඕනයාගේ පික්ෂු බ්ලොගේට...

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...