එක කාලෙක ප්‍රියතම විනෝදාංශයක් වෙච්ච බ්ලොග් කෙරුවාවට ආයෙ පණ දෙන්නයි ලෑස්තිය. ලියන්න හිතුනේ කාරණා දෙකකට.. පරණම බ්ලොග් කාරයෝ දෙන්නෙක් වෙච්ච ඕනෑම දෙයක් ලිංගිකත්වයෙන් දකින ඕනයා හෙවත් දුලිප් සිකුරාජපතියි, ප්‍රේමය මල අඩෝවැඩියාවක් කරගෙන කවි ලියන පසන් මධුරංග මල්ලියි එක්ක ඊයේ රෑ පොඩි අඩියක් ගැහුවා.. දුමී අයියාට එන්න කිව්වට සුවාරිසුයි අමාරිසුයි හින්දා එයා දැන් බිසී.... ටිකක් හිනාවෙන කතා, දේශපාලන කතා, මඩ කතා, හිරේ ගිය කතා, ණය කතා, පොලු කතා, පවුලේ කතා මේ හැම එකක්ම ආයෙත් ලියන්න හිතුනා..
සසර සැරි සරන පාදඩයා, මාතලන්, කතන්දර සූරීන්, මාරයා එහෙම තවමත් බ්ලොග් ලියනවා.. ඕවා දැක්කම ලියන්න හිතෙනවා.. ආයෙ අතපසු වෙලා යනවා.. බුකියේ ලියන එක නවත්තලා බ්ලොග් එක ලියලා බුකියේ දාන්නයි අදහස...
අද කථාව මොකක් ගැනද? හිතා ගන්න බෑ මොකක් ලියන්නද කියලා.. ඒක නිසා පරණ සෙට් එකකට අඬ ගහන ගමන් මේ අවුරුද්දෙ නැති බංගස්ථාන වෙලා ගිය සයිබර් සිහිණ උළෙල සැබෑවටම ආරම්භ කරපු හේතුව කියන රහස ලියන්න හිතුනා.. එතන තියෙන කීප දෙනෙක් විතරක් දන්න කුමන්ත්‍රණේ ඔන්න අද එළි කරන්න හදන්නේ..
වරුණ සුදන්ත හේරත් ඉස්සර රට ඉදන් එද්දි මට වයර්ලස් ලෑන්ඩ් ෆෝන් එකක් ගෙනත් දුන්නා.. ඒක තමයි බ්ලොග් මිතුරෙක්ගෙන් මම ලබපු පළවෙනි තෑග්ග.. ඌ දැන් අපේ මහ ගෙවල්වලටත් එහා හරියෙ කැලෙන් ගෑණු ළමයෙක් සැට් කරගෙන බ්ලොග් ලියන්නෙ නෑ.. මගේ ලෝකය කියලා බ්ලොග් එකක් ලියපු අසේල කියලා රැඩිකල් කොල්ලෙකුයි ඒවගේම රැඩිකල් වෙච්ච රමීෂා කියලා කෙල්ලෙකුයි හිටියා.. උන් දෙන්නා පට්ට බ්ලොග් දෙකක් රන් කලා.. ඒත් ඉතින් අන්තිමට උන් දෙන්නා කසාද බැන්දා.. දැන් පුංචි දුවෙක්ගෙ හුරතල් බලනවා එකෙක්වත් බ්ලොග් ලියන්නෙ නෑ.. ලහිරු ප්‍රභාශ්වරී, සංජීවනී, කාවින්ද්‍යා, රන්ධිකා, අපේ කාලෙ හිටපු බ්ලොක් ගෑණු ළමයි.. උන් ඔක්කොම කසාද බැඳලා ළමයි හදලා බ්ලොග් වලට වෙලාව නැතිවෙලා.. ලව් එකට කෙලෝගත්තු ඉතාලියේ මනුරයි, හශිකායි බ්ලොග් ලියන්නෙ නෑ.. සුභාෂ් අයියලා ඉන්දිකලා මාත් එක්ක ඔරොප්පු මගේ වරදින්.. උන් දෙන්නා බ්ලොග් ලියනවා කියලාත් සෑහෙන කාලෙකින් පෙනුනේ නෑ.. අස්පයා නැති සෝරෝ රජයේ සේවෙට ගිහින් කියලා ආරංචියි.. තාම මතක් වෙනවා හයිවේ එකේ හයිස්පීඩ් ගිය ෆොටෝ දාලා ඌ නාපු නෑම.. දිල්ශාරා දැන් ලොක්කියක්.. නුවර වගේ තමයි ආරංචිය.. දුමියා ඉතින් හැම අවුරුද්දෙම ආවම, හිඟන දානයක් දෙන්න වගේ වරුවකට හරි මාව මුණ ගැහිලා යනවා.. සුසන්ත වෙද මහත්තයාත් බ්ලොග් එක පාලුවට ඇරලා.. නුගේගොඩ පහු කරනකොට උන්නැහැගෙ සාප්පුවට ගොඩ වෙලා අතීත කාමෙන් මත්වෙන එකත් හරි සුන්දරයි. රචින්තලා, ලසිතලා, පැතුම්ලා ලිශාන්ලා වගේ දඟ හිතුවක්කාර සෙට් එකෙත් සයිබර් ක්‍රියාකාරීත්වය බොහොම අඩු වෙලා ගිහින්.. හිස් අහසෙ සඳරු, කෙහෙල් කොටුවේ චූටි මහත්තයා, අමුමිරිස් සීන් එක බිහි කරපු රසික නානායක්කාර, බ්ලොග් නොලිව්වත් අපිට කමෙන්ට් කර කර හොරෙන් බීපු අවංක පැට්ටා වගේ උනුත් හිතේ තදටම සටහන් වුන මිතුරු තොමෝ... ජනිතා, දිලුම්ලා ගැනත් සංවේගදායී මතක ඉතිරියි.. දේශපාලනය නිසා කොච්චර මඩ කෑවත්, ඇනොනිමස් ආතල් එකෙන් ලකෆ්‍රාන්ස් එකෙන් කාපු මඩ වගේ පට්ට ලල් එකක් දැනෙන්නෙ නැහැ.. ඉතින් මචංලා, සතියට පැයක් දෙකක් නිදහස් කරගෙන අපි ආයෙ බ්ලොග් ලියමුකො...
හරි දැන් මාතෘකාව... සයිබර් සිහිණ උළෙල පසුපස තිබුන හස්තය කාගේද?
ලාංකීය එකේ හිමිකරු සහෘදයා වැප් නිශාන්තත් එක්ක මම දවසක චැටක් දානවා..
වැපා : අභියා, ලාංකීය සින්ඩිකේටරේ උස්සන්න ඕන බන්.. මොනා හරි කරන්න ඕන.. SBU එකේ උන් නම් ගෙට්ටුවක් වත් තියනවා.. අපිට සල්ලිත් නෑනේ කරන්න..
මම : වැඩක් හදමු ඔක්කොම බ්ලොග් කාරයින්ගෙ වැඩක් විදිහට පේන්න.. ඒක ඇතුලෙ ලාංකීය සිංඩිය මාකට් කරමු..
වැපා : කොහොමද බං එහෙම කරන්නේ...
මම : හිටපන් මුට්ටියක් දාලා බලන්න...
ඔන්න ඊට පස්සෙ තමයි යාළුවනේ අර "අප්පද බොල මෙහෙමත් හීන.. සැබෑ ලෝකෙ හීන" කියන සිහින බ්ලොග් උළෙල ගැන පෝස්ට් එක පබ්ලිශ් වෙන්නේ... ගූගල් බස් එකක පිහිටෙන් දවස් දෙකක් ඇතුලත පිට්ටනි වෙන් කරලා, සමාජ සේවයකුත් කරලා, අනුග්‍රාහක දායකත්වයනුත් හොයාගෙන එදා මෙදා තුර සයිබර් අවකාශය තුල තිබ්බ සොදුරුම සිහිණ උළෙල සංවිධානය වුනේ..
දවස් දෙකකට පස්සෙ...
මම : මොකද කියන්නෙ, වැඩේ හරි නේද?
වැපා : උඹ නම් මාර පොරක් බං...
මම : ඔක්කොමලගෙ හිතේ තිබ්බ වැඩකුත් වුනා.. උඹේ වැඩෙත් වුනා...
මට දුක තාම වැපා කසාද නොබැන්ද එක.... ඕකටත් වැඩි දවසක් යන්න කලින් මට කෝල් එකක් එයිද දන්නෙ නෑ...
ප.ලි. ඔන්න ඉතින් ආයෙ පටන් ගත්තා..එහෙනම් වරෙල්ලා ඇනොනිමස් ඇවිල්ලා පොලුකාරයා, හොරා, මීමුරේ ගස් කපන්නා, කියලා බනින්න...