Saturday, August 31, 2013

කිතුල් මල මදින එකේ අන්තිම කොටස.... රාද? හකුරුද? පැණිද?

බ්ලොග් පටන් ගත්ත දා ඉඳලා බ්ලොග් පෝස්ට් දෙකක් අතරට ගතකල වැඩිම කාලය තමයි මේ.. ජූනි මාසේ මුල දාපු පෝස්ට් එකෙන් පස්සෙ අද තමයි ඊලඟ එක.. මල මදින්න පටන් ගත්තු අය ඊලඟ මල මදින්න ලැහැස්ති වෙන්න.. පෝස්ට් එක ලියන්න කලින් මට මේ අනන්මනන් මේල් වලින් කමෙන්ට් වලින් ඇයි උඹ ලියන්නේ නැත්තේ.. උඹට හිට් නෑ නේද වගේ ප්‍රශ්ණ අහන අයටත් උත්තර දෙන්න ඕන... උත්තරේ තමයි පහත පින්තූරේ තියෙන්නේ...



පේනවනේ ටෙස්ට් පෝස්ට් එකත් කී දෙනෙක් කියවලා තියෙනවද කියලා...

හරි.. දැන් යමු මල මදින එකේ ඉතුරු කොටසට... දැන් ඔයාලා මලට බෙහෙත් තියලා මුට්ටිය එල්ලන්න සියළු කටයුතු කරලා ඉවරයි.. ඔන්න එහෙනම් අද එතැන් සිට...

මුට්ටිය එල්ලා තැබීමෙන් පසු පළමු දින දෙකේ එන සාරය පාවිච්චි කරන්නේ නැහැ... ඉන් පසුව එන සාරය (තෙලිජ්ජ, ඇල්) තමයි භාවිතයට ගන්නේ.. මුට්ටියේ අඩියේ අළුහුණු තවරා එල්ලන එක පැණි හකුරු නිපදවන්නන් කරන වැඩක්... එතකොට තෙලිජ්ජ රා වෙන වේගය අඩු වෙනවා... මේ තෙලිජ්ජ මුට්ටියකට හලා නොනැවතී ගින්දර දමමින් දවසක් දෙකක් පෑස්සවීමෙන් පසු තමයි කිතුල් පැණි එන්නෙ.. එය තව දුරටත් උකු වන තුරු රත් කර පොල්කටුවකට වක්කර ඝන වන්නට තැබීමෙන් තමයි ගැමියන් හකුරු නිපදවා ගන්නේ...

රා බෝතලය යට ඉතුරු වන කුඩු ටික ඔබ දන්නවනේ.. අපි කියන්නේ මණ්ඩි කියලා.. එය තමයි රා සාදන්නට මදින්නාට උපකාරී වෙන්නේ... තෙලිජ්ජ ගෙනවිත් ඔවුන් එය මණ්ඩි සමඟ කලවම් කරනවා.. පැය දෙකකට පසුව ඉතා හොඳ රා ටිකක් රස විදින්නට අවස්ථාව ලැබෙනවා.. ඒ බෝතලයේ ඉතුරු වෙන මණ්ඩි හෙට දවසේත් ප්‍රයෝජනය්ට ගන්නවා.. ඉතින් මේ චක්‍රය නිතරම කැරකෙනවා...

මම කලින් කිව්වනේ රා මදින්නන් දිනකට දෙවරක්වත් මල කපනවා කියලා.. ඒ කියන්නේ මුට්ටිය එල්ලන්න කලින්  ඔවුන් මලේ කෙලවරින් මිලි මීටර් භාගෙක වගේ ප්‍රමාණයක් කපා අයින් කරනවා.. පදමට පණ පොවපු මල් පිහිය හා හුරු පුරුදු වෙච්ච අතක් ඒ ක්‍රියාවලිය කිරීම සැබැවින්ම බලා සිටින්නට ආසා කරන දසුනක්... ඉතින් මෙහෙම මල කපාගෙන කපාගෙන එද්දි මල උඩට හැරෙන්නට බලනවා.. ඊට විකල්පයක් ලෙස ඔවුන් කරන්නේ මල බිට කර තව රැහැනක් ගැට ගැසීමයි... මලේ කෙළවරට එනකන් කැපීමෙන් පසු මේ ක්‍රියාවලිය අවසන් වෙනවා... ඉන්පසු දෙවියන්ට බුදුන්ට වූ භාරහාර ඔප්පු කිරීමෙන් පසුව තවත් අළුතෙන් පීදෙන මලක් වෙත යනවා..

ඔබට තේරෙනවා නේද? ඔබ සුළු මුදලක් දීලා ගන්න විනෝදය වෙනුවෙන් රා මදින්නෙක් කොපමණ මහන්සි වෙනවද කියලා.. කතාවට ඔවුන් කියන්නේ " මලකට බෙහෙත් තියන එක දරුවෙක් හදනවාට වඩා අමාරුයි" කියලයි...

ඔන්න එහෙනම් තම තම මල් තම තමන් මැද ගන්න...

විශේෂ ස්තූතිය :

ඊ. එම්. එම්. ජී. සෙනෙවිරත්න,
මීමුරේ..

ප.ලි.. : මේ ලින්ක් එක මගේ ඉරිසියාකරයින් සඳහායි...

රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....

අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...