බ්ලොග් පටන් ගත්ත දා ඉඳලා බ්ලොග් පෝස්ට් දෙකක් අතරට ගතකල වැඩිම කාලය තමයි මේ.. ජූනි මාසේ මුල දාපු පෝස්ට් එකෙන් පස්සෙ අද තමයි ඊලඟ එක.. මල මදින්න පටන් ගත්තු අය ඊලඟ මල මදින්න ලැහැස්ති වෙන්න.. පෝස්ට් එක ලියන්න කලින් මට මේ අනන්මනන් මේල් වලින් කමෙන්ට් වලින් ඇයි උඹ ලියන්නේ නැත්තේ.. උඹට හිට් නෑ නේද වගේ ප්‍රශ්ණ අහන අයටත් උත්තර දෙන්න ඕන... උත්තරේ තමයි පහත පින්තූරේ තියෙන්නේ...
පේනවනේ ටෙස්ට් පෝස්ට් එකත් කී දෙනෙක් කියවලා තියෙනවද කියලා...
හරි.. දැන් යමු මල මදින එකේ ඉතුරු කොටසට... දැන් ඔයාලා මලට බෙහෙත් තියලා මුට්ටිය එල්ලන්න සියළු කටයුතු කරලා ඉවරයි.. ඔන්න එහෙනම් අද එතැන් සිට...
මුට්ටිය එල්ලා තැබීමෙන් පසු පළමු දින දෙකේ එන සාරය පාවිච්චි කරන්නේ නැහැ... ඉන් පසුව එන සාරය (තෙලිජ්ජ, ඇල්) තමයි භාවිතයට ගන්නේ.. මුට්ටියේ අඩියේ අළුහුණු තවරා එල්ලන එක පැණි හකුරු නිපදවන්නන් කරන වැඩක්... එතකොට තෙලිජ්ජ රා වෙන වේගය අඩු වෙනවා... මේ තෙලිජ්ජ මුට්ටියකට හලා නොනැවතී ගින්දර දමමින් දවසක් දෙකක් පෑස්සවීමෙන් පසු තමයි කිතුල් පැණි එන්නෙ.. එය තව දුරටත් උකු වන තුරු රත් කර පොල්කටුවකට වක්කර ඝන වන්නට තැබීමෙන් තමයි ගැමියන් හකුරු නිපදවා ගන්නේ...
රා බෝතලය යට ඉතුරු වන කුඩු ටික ඔබ දන්නවනේ.. අපි කියන්නේ මණ්ඩි කියලා.. එය තමයි රා සාදන්නට මදින්නාට උපකාරී වෙන්නේ... තෙලිජ්ජ ගෙනවිත් ඔවුන් එය මණ්ඩි සමඟ කලවම් කරනවා.. පැය දෙකකට පසුව ඉතා හොඳ රා ටිකක් රස විදින්නට අවස්ථාව ලැබෙනවා.. ඒ බෝතලයේ ඉතුරු වෙන මණ්ඩි හෙට දවසේත් ප්‍රයෝජනය්ට ගන්නවා.. ඉතින් මේ චක්‍රය නිතරම කැරකෙනවා...
මම කලින් කිව්වනේ රා මදින්නන් දිනකට දෙවරක්වත් මල කපනවා කියලා.. ඒ කියන්නේ මුට්ටිය එල්ලන්න කලින් ඔවුන් මලේ කෙලවරින් මිලි මීටර් භාගෙක වගේ ප්‍රමාණයක් කපා අයින් කරනවා.. පදමට පණ පොවපු මල් පිහිය හා හුරු පුරුදු වෙච්ච අතක් ඒ ක්‍රියාවලිය කිරීම සැබැවින්ම බලා සිටින්නට ආසා කරන දසුනක්... ඉතින් මෙහෙම මල කපාගෙන කපාගෙන එද්දි මල උඩට හැරෙන්නට බලනවා.. ඊට විකල්පයක් ලෙස ඔවුන් කරන්නේ මල බිමට කර තව රැහැනක් ගැට ගැසීමයි... මලේ කෙළවරට එනකන් කැපීමෙන් පසු මේ ක්‍රියාවලිය අවසන් වෙනවා... ඉන්පසු දෙවියන්ට බුදුන්ට වූ භාරහාර ඔප්පු කිරීමෙන් පසුව තවත් අළුතෙන් පීදෙන මලක් වෙත යනවා..
ඔබට තේරෙනවා නේද? ඔබ සුළු මුදලක් දීලා ගන්න විනෝදය වෙනුවෙන් රා මදින්නෙක් කොපමණ මහන්සි වෙනවද කියලා.. කතාවට ඔවුන් කියන්නේ " මලකට බෙහෙත් තියන එක දරුවෙක් හදනවාට වඩා අමාරුයි" කියලයි...
ඔන්න එහෙනම් තම තම මල් තම තමන් මැද ගන්න...
විශේෂ ස්තූතිය :
ඊ. එම්. එම්. ජී. සෙනෙවිරත්න,
මීමුරේ..
ප.ලි.. : මේ ලින්ක් එක මගේ ඉරිසියාකරයින් සඳහායි...

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
// ඔබ සුළු මුදලක් දීලා ගන්න විනෝදය වෙනුවෙන් රා මදින්නෙක් කොපමණ මහන්සි වෙනවද කියලා//
ReplyDeleteඉන්දික උපශාන්ත කොච්චර අමාරුවෙන්ද ලක්ෂ එකහාමාර හොයන්න ඇත්තෙ.... උඹට ඇයි බන් ඒවා නොහිතෙන්නෙ?
සදරුවට පඩි බේරපන්..... ඒ අහිංසකයව හූරන් කන්න එපා....
ReplyDeleteයකෝ මං හින්දා ඌට දාස් ගානක් පාඩුයි .. අනික මම තාම වැඩට ගියෙත් නෑ .. එහෙවු එකේ ඌ මට පඩි ගෙවන්නේ පිං පඩිද ?
Deleteහික්.... අභීත ලියලා දීපු ස්ක්‍රිප්ට් එක උඹ දානවද නැත්තම් ඌට පාස්වර්ඩ් එක දුන්නද?...... අනේ බන් සදරු..... උඹ වගේ හරකෙක්....
Deleteමෙහෙට කියන්නෙ "තෙලිජ්ජවිල" මාතර. දැන් නම් එක කිතුලක් ආසාවට දකින්න නෑ :(
ReplyDeleteමං එකද මන්දා..
ReplyDeleteඔව් උඹ එක :D
Deleteඅර ඉරිසියාකාරයන්ට දාලා තියන ලින්ක් එකට ලයික් එකක් දැම්මා හරිය. ( හැබැයි ඉරිසියාකාරයෙක් නෙමෙයි )
ReplyDeleteඅඩේ උබට පුලුවන්නම් ෆාර්ම් වලිනුත් මදින්න පුලුවන්ද කියල ටිකක් හොයල බලලා කියපන්කො නිකන් ඉන්න වෙලාවට පොඩි ස්ව්‍යන් රැකියාවක් පටන් ගන්න
ReplyDeleteමැලේ මලේ....උඹ කියන්නේ පාම් ගැනද?
Deleteමැලේ මලේ....උඹ කියන්නේ පාම් ගැනද?
Deleteඔන්න මාත් ලයික් කළා ඊරිසියාවක් නං නැ මචෝ.....
ReplyDeleteමමත් ලින්ක් එකට ලයික් කළා ඔන්න ....හැබැයි පට්ට ඉරිසියාවෙන් හොඳේ .......:D
ReplyDeleteමීමුරේ ඉවරයි! නියමයි.
ReplyDeleteමමත් මදිනව රා.... මමත් ලයික් කොරා ඈ....
ReplyDeleteane huke,muge puke raa!
ReplyDeleteමේක හරිම කටුක රස්සාවක්.මම කාලයක් වාද්දුවේ හිටියා. එහෙනම් පොල් රා.
ReplyDeletepivisenna http://videotutorialslk.blogspot.com/
ReplyDeleteයකෝ මගෙ වැඩිම ප්‍රතිචාර හම්බුන එකටවත් උබේ ටෙස්ට් පෝස්ට් එක තරන් හිට්ස් නැතුව ඇති.. අසරණ මම :(
ReplyDeleteබොස්, හුණු විතරක් නෙමෙයි. හල් පොතු දැම්මහමත් තෙලිජ්ජ පැහෙන එක අඩු වෙනවා. එතකොට රා වෙන්නේ නැහැ. අපේ සීයා තමා ඕක කිව්වේ.
ReplyDelete