Wednesday, October 17, 2012

ඔන්න නංගි ඔයාගේ ඩෙනිමේ ****........ දැන් හැදෙන උන් නම් මේවා කරන්න එපා....

පහුගිය දවසක පෝස්ට් එකක මම කීවා මම ඉස්සර කරපු පොඩි පොඩි චාටර් වැඩ ටිකකුත් බ්ලොග් එකේ ලියනවා කියලා... ඉතින් ඒ වැඩේ පටන් ගන්න තමයි මේ හදන්නේ.. දැන් හිතෙනවා මේ වැඩ හරිම වැරදියි කියලා... නමුත් වයසේ වැරැද්ද කියලා හිත හදා ගන්නවා.. කවදහරි දවසක මගේ දරුවොත් ඊටත් එහා අනාගතයේදී ඔවුන්ගේ දරුවොත් මේ විදිහෙම වැඩ කලෑකි.. ඒ කාලෙට අපේ තරුණ කාලේ මතක් කරලා ඉවසලා ඉන්න මේ වැඩත් උපකාරී වේවි..

මේ 1999 හෝ 1998 බිග් මැච් දවස....  ටෙස්ට් මැච් එකත් නෙවෙයි.. වන් ඩේ මැච් එක දවස... ශිෂ්‍ය නායක වගකීම් වලිනුත් මිදිලා දැන් කට්ටිය වැඩ වලට සෙට් වෙලා උදේම.. ආයේ බිග් මැච් එක දවසට අපි තරම් චන්ඩි නෑ.... කොහොමහරි ඇතාගලේ අපිටම කියලා අනන්‍ය වෙච්ච බිං කොහොබ ගහයට සෙට් වුනා.. අමාරුවෙන් හැට් කලෙක්ශන් දාලා ගත්ත ගල් බෝතලෙයි ( මට මතක හැටියට ඒ කාලේ 220යිද කොහෙද) සිගරට් පැකට් තුන හතරයි අරගෙන දැන් කට්ටිය ගජ රාමෙට වැඩ.. බයිට් සැන්ඩි ගන්න සල්ලි නැති නිසා අමුවෙන්ම තමයි වැඩ... මොකක් හෝ කරුමෙකට වෙන උන් බොන අතරේ මම ගල දිහා බලාගෙන දුම් වැටියක් උරමින් උන්නා... වත්හිමිය පිටිපස්සෙන් පැනලා අපිට නොදැනෙන්න අපේ ලගටම ආපු අපේම ආදරණීයම ගුරු පියතුමෙක්ව අන්තිම මොහොත වෙනකන් නොදකින්න අපි හරිම අවාසනාවන්ත වුනා.. 

ආ.. කොල්ලො ටික බොනවා නේද?

සර්ගේ තිබ්බ දරුණුකම නිසා අපිට චූ නොගිය ටික විතරයි....

ඔව් සර්.. අද ඉතින් බිග් මැච් නේ...

බය වෙන්න එපා යකෝ... කෝ ගනින් මටත් ශොට් එකක්.. මේක අරන් ගිහින් සෝඩා බෝතලයක් ගෙනෙන්...

අදටත් මේ ගුරුතුමා බීමට ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ... ඒ කාලේ අපි හිතුවේ ගුරුතුමෙක් එක්ක සෙට් වෙන එක හරි වීර වැඩක් කියලා...

අපි 13 වසරේ ඉද්දි අපේ පන්තියට දොරවල් දෙකක් තිබ්බා... ඉන්ටවල් එකේ පන්තියේ සියළුම ආතල්, මම ඇතුලු තව හතර දෙනෙකුට මිස් වෙන්නෙ අපිට ශිෂ්‍ය නායක රාජකාරී වලට යන්න වෙන නිසා... දවසක් ප්‍රිෆෙක්ට් ඩියුටි ඉවර වෙලා එනකොට අපේ පන්තියේ උන් ඇතුලෙන් ලනුවක් දාලා පන්තියේ දොරවල් දෙකම එකට ගැට ගහලා අරින්න බැරිවෙන්න... අපිටවත් ඇතුලට යන්න විදිහක් නෑ.. කට්ටිය පට්ට ෆන් එකක් ගන්නවා ඇතුලේ... ඊලඟ පීරියඩ් එකේ තිබ්බේ ඉංග්‍රීසි.. සර් ඇවිල්ලා දොර ලඟ... සර් එක පාරට හැරිලා මෙහෙම කිව්වා...

එදිරිසිංහ, ගිහින් ගෙනවා බ්ලේඩ් එකක් මේ ලනුව කපන්න...

කොහෙන් හොයන්නද සර් මේ වෙලාවේ බ්ලේඩ්....

ඒක කියන කොට කලා වාණිජ අංශයේ ගුරුවරු ඔක්කොම එතනට ඇවිත් මේක මහා කලබගෑනියක් වෙන පෙර ලකුණු පහල වෙලයි තිබ්බේ... පිටි පස්සෙ දොර ලඟම හිටියේ කෝට්ටෙයා.. දොරේ හිඩැසින් එබිච්ච මමයි ඌයි අතරේ වෙච්ච දෙබස මේ....

කෝට්ටේ.. දොර ඇරපන්.. වැඩේ වන වෙන්න යන්නේ...

අනේ උඹ **** නැතුව හිටපන්... අපි මේ ආතල් එකේ ඉන්නවා... උඹ මෙතන මඟුලක් කියනවා...

මම ඉතින් පාඩුවේ ඉන්නවා... ඒ අතරේ අංශ ප්‍රධාන සර් ගියා බ්ලේඩ් එකක් ගේන්න.. මම ආයෙත් එබුනා දොරෙන්....

කෝට්ටේ දොර ඇරපන්.... සර් ගියා බ්ලේඩ් එකක් ගේන්න... ඔක්කොටම ශොට් එක හම්බෙන්න යන්නේ...

අභියා පාඩුවේ හිටපන්.. තව එක පාරක් එබුනොත් මම උබට කෙල ගහන්නේ.... 

එහෙම කියලා මූ කාරලා කෙල තලියක්ම කටට ගත්තා.. අනේ නිකන් මම මොකටද කෙල පාරවල් කන්නේ කියලා මම පාඩුවේ පැත්තකට වුනා... 

කවුද එදිරිසිංහ දොර ලඟ ඉන්නේ...?  ඒ තව සර් කෙනෙක්ගේ කටහඬ...

දන්නෙ නෑ සර්.. පේන්නේ නෑ.. මම කියපු ගමන් සර් එබුනා දොර අස්සෙන්...

අහ්.. කොට්ටෙගොඩ.. අරිනව දොර....

ක්‍රෑස්.... තුහ්.....

කෙළ තලියයි සර්ගේ මූණ පුරා... අරූ මම කියලා හිතුවට එබුනේ සර් කෙනෙක් කියලා හිතුවේ නෑ... එතනින් එහාට තත්ත්වය හරිම සෝචනීයයි...

මේ අන්තිම කතාව... මේක සිද්ධ වුනේ අපි කොළඹ ආපු කාලෙමයි.. බොරැල්ලෙ උමං මාර්ගය විවෘත කලෙත් ඒ කාලෙමයි.. ඉස්සර අපිට ඕක හරි කරදරේ.. යන්න ඕන පැත්ත නෙමේ යැවෙන්නේ... අන්තිමට විකල්පෙකට කලේ ඇතුලට බහින්න කලින් යන්න ඕන පැත්තේ වහලේ පාට බලා ගන්නවා.... ඊට පස්සේ ඇතුලට ගිහින් බලනව ඒ පාට වොල් ටයිල් අල්ලපු පැත්ත.. ඊට පස්සේ ඒ පැත්තට යනවා.. මේ සිද්ධිය සිද්ද වුනෙත් ඔය බොරැල්ලේ මගී පාලම යටදි...

මගේ කතා කිහිපයකම හිටපු ජනකයයි මායි බොරැල්ලේ එක පැත්තෙන් පහලට බැස්සා.. ඒ බොරැල්ලේ බස් ස්ටෑන්ඩ් එකට යන්න බලාගෙන... මගී පාලම යටින් ගිය අය දන්නවනේ, යන්න තියෙන්නෙ හරි කෙලින්.. අපි පඩි පෙල බහිනකොටම බස් නැවතුම්පොල පැත්තෙන් ලස්සනම ලස්සන නංගිලා දෙන්නෙක් පහලට බහිනවා... අපිට නිකන්ම හිනාවක් ගියා.. ඒක දැකපු කෙල්ලො දෙන්නා හරියට ලෝකේ ඉන්න අන්තිම ගෑනු ලමයි දෙන්න වගේ රවලා ගස්සලා අහක බලා ගත්තා... ඒක සමාන්‍ය දෙයක්නේ... ඒත් මේ දෙන්නා පමනට වැඩියෙන් මාර ගැම්මක් අරගෙන ඒ වැඩේ කලා....

බලපන්කො බන් මුන් දෙන්නගෙ ගෑස්.. ඉදපන්කො මම දෙන්න වැඩේ.... ජනාට මල පැනලා....

කෙල්ලෝ දෙන්නා අපි ලඟට එද්දිම ජනා එක ගෑණු ලමයෙක්ගේ කණට කරලා බොහොම හෙමින් මොනාදෝ කියලා උගේ ගමන ගියා....

හෑ...යි...... කියලා බෙරිහන් දුන්න ඒ ගැහැණු ලමයා අත් දෙක උකුල උඩ තියාගෙන එතනම ඉඳ ගත්තා... ජනා නවතින්නේ නැතුවම උගේ ගමන යනවා... මමත් ඉතින් මොකුත් උනේ නෑ වගේ ඌත් එක්කම ගියා... ඉවසලා බැරිම තැන මම උගෙන් ඇහුවා මොනාද බන් උඹ අර කෙල්ලට කිව්වේ....

"ඔන්න නංගි ඔයාගේ ඩෙනිමේ සිප් එක ඇරිලා....." කියලා කීවා බන්....


හොඳ කෑමක් නූලෙන් මිස් වෙලා තියෙන්නේ එදා.. දැන් මේව මතක් වෙද්දි අනේ අප්පේ කියලා හිතෙනවා.. වයස නිසා වෙන්න ඇති....


31 comments:

  1. කෙල ගහපු සීන් එකනම් පට්ට.එදා ඒ යකාට මොනවා වුනාද දන්නේ එතනින් පස්සේ.

    ReplyDelete
  2. කොහෙද බොලේ මෙච්චර කල් හැංගිලා හිටියේ................... පව් වැඩේ.

    ReplyDelete
  3. කොහෙද බොලේ මෙච්චර කල් හැංගිලා හිටියේ.............. පව් වැඩේ.

    ReplyDelete
  4. අන්තිමට ලාවට වගේ තේරිලා ටිකක් :)

    මරු කතා දෙක ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. "ඔන්න නංගි ඔයාගේ ඩෙනිමේ සිප් එක ඇරිලා....." ක්‍රෑස්.... තුහ්.....

    කතාවට නෙවේ බොලන් කෙල ගැහුවේ. ලෝකෙ ඉන්න අන්තිම ගෑණු ළමයාගේ ........

    නියම පොස්ට් එක. එල.

    ReplyDelete
  6. ඉස්කෝලෙ කාලේ අත්දැකීම් නම් ඉතින් ඕන තරම් මතක් කර කර සතුටු වෙන්න පුලුවන්.... සර් ට කෙලපාර වැදිච්ච එක නම් මාර ත්‍රාසජනක ජවනිකාවකින් නිමාවෙන්න ඇති නේද?

    ReplyDelete
  7. PATTA SEEN TIKA. A KAALE PATTA AATHAL KALAYAK THAMAYI.


    PISSA. ( palaamalla.blogspot.com )

    PS : log wenna kammaliy

    ReplyDelete
  8. horek ge mooda athel kathawak

    ReplyDelete
  9. හේ හේ අන්තිම කතාව නියමයි.

    ReplyDelete
  10. අපිත් ඔහොම කළ හැටි මතකයි - මට හොඳ හැටි මතකයි....

    ReplyDelete
  11. හත ඉලව්වේ ඇයි අභීත අයියේ මේකට ටිකක් හිනා වෙන්න කියල දැන්මේ , මට අර දෙවැනි සිං එකට තනියම මැරෙන්න හිනා.. , පට්ට ඔයි ජීවිතෙත් :D

    ReplyDelete
  12. නියමයි..ඈ , ඉස්කෝලේ කාලේ මතක් වෙනවා..අර ඩේනිමේ ෂිප් වැඩේ නම් කාට හරි කරලා බලන්නත් හිතෙනවා..

    ReplyDelete
  13. හික්ස් අන්තිම කතාවනම් ලොවෙත් එල ඈ..!!

    ReplyDelete
  14. හයියූ... ෆට්ට කථා සෙට් එක..

    ෆටේ ෆට්ටය...

    ReplyDelete
  15. කෙල ගහපු කතාව නං මරැ. ෂිප් එකේ කතාව මරේ මරැ ...

    ReplyDelete
  16. පිස්සු බම්ප් වෙනවා ඈ මේවා අහලා!

    ReplyDelete
  17. කෙළ ගහපු කතාව පට්ටය. අපි 13 ඉද්දි ඇග්‍රි මිස්ට වැල ගෙඩියකින් ගැහුව සීන් එකක් මතක් වුනා. ජය...!

    ReplyDelete
  18. අප්පට සිරි මේක දැක්කේ අදයි කොහේද බං බ්ලොග් එකට එනඩ තියා කක්කුස්සි යන්ඩත් වෙලාවක් නෑ .

    කතාව නම් මරු අපේ පංතියේ උන්නු ගජූර් කියලා එකෙක් වතාවක් ටීචර් කෙනෙකුට ඔයි සිප් කතාවට යාන්තම් සමාන විහිළුවක් කරන්න ගිහින් පන්තියකටම ගුටි ගැස්සුවා මතකයි .

    ReplyDelete
  19. horakam karanna purudu une iskoole yana kaalemada?

    ReplyDelete
  20. අදනම් ටිකක් හිනා ගියා...

    ReplyDelete
  21. හප්පට සිරි, නිකම් මාත් ඒ කතාවල චරිතයක් රඟ පෑවා වගේ දැනුනා.
    කියනකොට ආතල් වුනාට කොහොම ඇත්ද මූණ පුරවලා කෙළ පාරක් වදිනකොට!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  22. පිස්සු පීකුදු කිව්වලු නියමයි කොල්ලෝ ආයි එනවා මේ පැත්තේ.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  23. කෙල්ලට නම් නියම වැඩේ කරලා තියෙනනේ...

    ReplyDelete
  24. ලස්සන මිස් කෙනෙක් ආවම පොත් බිමට දාලා මිස් නැවෙන කොට සාරි බලවුස් එකේ කර දිහා බලපු අයියලත් ඔයාලම වෙන්ඩෑ

    ReplyDelete
  25. අභීත අයියෙ ඔය කියන්නෙ අර බාස්කට් බෝල් කෝට් එක ලග තියෙන තට්‍ටු තුනේ බිල්ඩිම වෙන්ටෑ!
    මරු අප්පා, කව්ද අර ඇතුගලේ සෙට් උන සර්? අපිත් දන්නවද බලන්න කියන්නකෝ..
    ****************ප්‍රේමෙ**********************

    ReplyDelete
  26. පට්ට කතා කූට්ටම මචෝ පට්ට ඈ....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...