Saturday, August 28, 2010

නාරාහේන්පිට බෝඩිම සහ එන්ජිම.......

බෝඩිම් කතා කිහිපයක් ලියපු එකේ මම හිටපු තවත් එක බෝඩිමක් ගැන කියන්න තමයි හදන්නෙ... අමුතු පහේ අත්දැකීම් රාශියක් එකතු කල මේ බෝඩිම මට විවිධාකරයේ මිනිසුන් රැසක් ඇසුරු කරන්න අවස්ථාව සලසලා දුන්න බෝඩිම.... බෝඩිමේ සංයුතිය උනේ මෙහෙමයි... කාමර 5ක් තිබ්බා... පලවෙනි කාමරේ පුද්ගලික සමාගමක ගිනුම් ලිපිකරුවෙක් සහ කම්කරු අමාත්‍යාංශෙ ලිපිකරුවෙක් හිටියා... දෙවෙනි කාමරේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිලධාරියෙක් හිටියා.. තුන්වෙනි කාමරේ මම සමග කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් වරයෙක් හිටියා... හතරවෙනි කාමරේ හිටියෙ CIMA පාඨමාලාව හදාරන ගාල්ල, නුවර ගම් ප්‍රදේශ වෙච්ච මගෙ වයසෙම කොල්ලො තුන්දෙනෙක්.. අවසන් කාමරේ හිටියෙ 141 මාර්ගයෙ රියැදුරු මහතෙක් සහ පහල තිබුනු දුරකතන කඩේක වැඩ කරපු මල්ලි කෙනෙක්.. තරතිරම කෙසේ වෙතත් අපි ඉතා සමගියෙන් හිටියා කියන එක කියන්න ඕන.. ආ බෝඩිම ඔයාලත් දන්න තැනක තමයි... නාරාහේන්පිට 141 බස් නැවතුම්පල දන්නවනෙ.. හරියටම ඒක ඉස්සරහ තියෙනවා තුන් මහල ගොඩනැගිල්ලක්... ඒකෙ උඩම තට්ටුවෙ තමයි බෝඩිම...

දැන් ඒකෙ දිවි ගෙවපු හැටි... මට 4.30 වෙද්දි කාර්යාලය ඉවරයි... ටක් ගාලා බෝඩිමට ඇවිත් බොටමක් ටී එකක් දාලා බාටා දෙකකුත් දාගෙන ෆෝන් එකයි පර්ස් එකයි අතට අරන් එනවා පහලට.... රන්ජිත් අයියගෙ ටර්න් එක එනකන් (රන්ජිත් අයියා කියන්නෙ අල්ලපු කාමරේ ඉන්නවා කියපු 141 බස් එකේ රියැදුරු මහත්තයා) නාරාහේන්පිට හන්දියේ ඉන්න ලොතරැයි අයියලයි, තැඹිලි මල්ලිලයි, පත්තර අක්කලයි අනිත් නංගිලයි ඔක්කොම එක්ක සිරා චැටක් දාගෙන පොඩි චාටරයක් කනවා... රන්ජිත් අයියගෙ බස් එක එනවා.. මම නගිනවා.. යනවා වැල්ලවත්තට.. ගිහින් බීච් එකේ ටිකක් ඇවිදිනවා... දන්න එකෙක් හිටියොත් පොඩි බියර් පාරකුත් දානවා... රන්ජිත් අයියගෙ ඊලග ටර්න් එකේ නැගලා ආපහු එනව බෝඩිමට... ඉතින් නාරහේන්පිට ටවුම ගෙදර වගේ....

ඉතින් අපේ කාමර වලට උඩින් තිබ්බෙ ස්ලැබ් එක විතරයි... රෑ වෙද්දි කාගෙ හරි පාටි එකක්.. ස්ලැබ් එකේ උඩ තමයි පාටි පැවැත්වෙන්නෙ.. එතන තියෙන නිදහස නිසා අපේ උන්ගෙ යාලුවොත් පාටි දාන්නෙ අපේ බෝඩිමේ උඩ තට්ටුවෙ.. ඕන පිස්සුවක් නටලා සිංදු කියලා කාටවත් පේන්නෙ නැතිව යන්න පුළුවන් නිසා පාටි වලට අපේ බෝඩිමට තිබ්බෙ හොද ඉල්ලුමක්... වාසනාවටද අවාසනාවටද මන්දා ඉතින් බෝඩිමේ උන්ගෙ පාටි වලටයි උන්ගෙ යාළුවන්ගෙ පාටි වලටයි සහභාගී වෙන්න උනාම ඉතින් ඒ කාලේ ටිකක් වැඩිපුර වැනෙන සීන් එකක් තමයි තිබ්බෙ... වැඩිපුර කිව්වට ඉතින් එච්චරම නෑ.. වැඩිම උනොත් සතියට දවස් හතකට වඩානම් වැනිලම නෑ...

පාටි ඉවර වෙලා රෑ 11ට විතර අපේ කාමර තියෙන තට්ටුවට ඇවිත් බැල්කනි එකේ ඉදන් පාර දිහා බලාගෙන ඉන්නවා කට්ටියම පෝලිමට... ඒ වෙලාවට තමයි නාරාහේන්පිට හන්දියේ අප්සෙට් ඩයල් ටික එහෙ මෙහෙ යන්නෙ.. අපි කරන්නෙ උඩ ඉදන් උන්ට අනන්මනන් කියන එක... හැමදාම අපේ බයිට් එක වෙන පොරවල් වගේම ඉදලා හිටලා එක පාරට අපේ බයිට් එකට සෙට් වෙන පොරවලුත් ඉන්නවා කරුමෙට වගේ... නිතරම අපිට සෙට් වෙන ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ කරත්තෙ අන්කල්... කරත්තෙ අන්කල් කියන්නෙ හවසට නද වෙන්න ගහලා කරත්තෙකුත් එක්ක ගෙදරට යන පොරක්... ගොනා පුරුද්දට ගෙදර යන නිසා පොරත් කරත්තෙ අල්ලගෙන විසිවි විසිවි පරන ග්‍රෑම්පෝන් තැටියකුත් හයියෙන්ම දාගෙන තමයි යන්නෙ... අපි සහ පොර අතර වෙන දෙබසකින් එකක් තමයි මේ.....

හලෝ අන්කල්... කොහොමද...? අදත් රෑ වෙලා වගේ නේද?

ඔව් කොල්ලනේ... ඔ.. ඔ.. ඕන්න අපේ ර.. ර..ස්.ස්..සාවේ හැටි.. එන්ජිම ගෙදරට යන හින්.. හින්ද.... මමත් යනවා....

අන්කල් එන්ජිම කිව්වෙ හරකට.. ඇයි ඌනෙ කරත්තෙ එන්ජිම...

ඒ අතරෙ අපේ එකෙක් මෙහෙම ඇහුව...

මේ අන්කල්... දවසක සෙට් වෙලා එන්ජිම කමුද?

මොකක්........................? උඹේ *$####!%^()** ***#$$$$##@$#@@@$$Q###$$$@#4$$

පාලුවට ගිහින් තිබ්බ නාරාහේන්පිට හන්දිය දෙවනත් වෙන කොට අපි කාමරවල දොරවල් වහගෙන නිදාගන්න ගියෙ බඩවල් අල්ලගෙන....

ප.ලි. 1. දැන් මේ වැඩේ වැරදියි සහ පව් කියලා තේරෙනවා... ගොඩක් වැරදි වැඩ වැරදි කියලා තේරෙන්නෙ පහු වෙනකොටනෙ...

ප.ලි. 2. කවි ලියන කේස් එක දැන් එලටම යනවනෙ.. සොදුරු සිතෙයි විහග ගීතයෙයි කවි වලට දාන කමෙන්ට් වලින් තමයි පොඩි ආතල් එකක් හිතට එන්නෙ... ලියන්න වෙනවා තව තවත්.....

19 comments:

  1. අඩේ කොල්ලො, මම දැන් ඉන්නේ මේ ඉසව්වේ තමා..
    ලංගමේ ඉස්සරහා....

    ReplyDelete
  2. එන්ජිම දැන් නැතිව ඇති නේද?

    ReplyDelete
  3. ඔන්න බලාපන් මං උබේ බ්ලොග් එක මෙච්චර කලක් හෙව්වා .....

    අද තමය හම්බුනේ .............

    දැන් ඉතින් නිතර ඇවිත් යන්න එන්නම්

    ReplyDelete
  4. ඒත් කාලෙකට කලින් ගොඩ වෙලා කියලා සටහන් වෙලා තිබ්බනෙ මචන්.... මොනවා උනත් සාදරයෙන් පිළිගන්නවා.... ඔක්කොම කියවලා කමෙන්ට් දාමු එහෙනම්.......

    ReplyDelete
  5. හික්ස්...නියමයි මචෝ!!! අපිටත් බෝඩින් ජීවිතේ කතා සෙට් එකක් තියනවා දාන්න.ඒත් තවම 11 වසරෙ කතා යන නිසා දැන්ම දාන්න විදිහක් නෑ.

    බ්ලොග් එක සින්ඩි වලට දාලා නැද්ද?

    ReplyDelete
  6. මල සේකා මං කලින් ඇවිත් තියේද? ............ එල එල එහෙනම් උඩ කමෙන්ටුව සංසෝදනය කරනවා මෙන්න මෙහෙම

    "කලින් පැමිණියත් පසුව මග ඇරුණු මේ බ්ලොගය කරා අද සිට දිගටම එමි"

    [ අමතක වෙන ලෙඩේ මට නැහැ ඔන් :D ]

    ReplyDelete
  7. blog gadol - දාලා තියෙන්නෙ මචන්.... සමහර ඒවා පෙන්නන්නෙ නෑනෙ... උපදෙස් දියන්කො ඊ මේල් හරහා...

    ReplyDelete
  8. හෙහේ නියමයි නියමයි....ජොලියට කිව්ව හින්ද අවුලක් නෑනෙ

    නියමයි...අපිත් එන්නම්කො හැමදාම කියවන්න...මටත් අද තමයි හම්බුනේ..වැප් අයියගෙ ලින්ක් එක හින්ද...එහෙනම් මේ වගේ එල කිරි කතා ලියමු දිගටම

    ReplyDelete
  9. he he he..niyamai

    ReplyDelete
  10. "වැඩිම උනොත් සතියට දවස් හතකට වඩානම් වැනිලම නෑ..."

    මරු වැනිල්ල...සහෝ
    කිව්වත් වගේ දැන්නං එන්ජිං ගලෝල ඇති නේද?

    "ගොඩක් වැරදි වැඩ, වැරදියි කියලා තේරෙන්නෙ පහු වෙනකොටනෙ..."
    ඒ කතාව නම් සහතික ඇත්ත... ගොඩදෙනෙක්ට ඒක එහෙම තමයි..

    ReplyDelete
  11. මචන්.. බ්ලොගර් වල ඩ්‍රාෆ්ට් සේව් කරන්නෙපා, එතකොට සින්ඩියේ යටිනුයි ලිස්ට් වෙන්නෙ. උඹ ලයිව් රයිටර් වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරල ලියහං බ්ලොග් පෝස්ට්ස්. අවුල් නං මේල් මී!

    ReplyDelete
  12. එන්ජිමේ පිහිට තමා ..............

    ReplyDelete
  13. යකෝ අර එන්ජිමේ සීන් එකට හිනා වෙලා තව ඩිංගෙන් බීපුවත් එලියේ... පිස්සුනේ කෙලින්නේ... හික් හික්... ඈ බන් මේ පැත්තෙ කලින් ආවට මේ බ්ලොග් එක වැඩිය මීටර් වෙලා නෑ නේ සින්ඩි වල...

    අවුලක් නෑ... මම බ්ලොග් එකටම දා ගත්තා... සින්ඩි ඕනි නෑ මේක බලන්න දැන් හික් හික්

    ReplyDelete
  14. ගතවුන මිහිරි මතකය අමතකව නොයත්
    සැතපෙන සිහින සේ ඉදහිට අවදි වුවත්
    ගත වුන කල් ඉතින් අවුරුදු වලට ගියත්
    හිටගෙන වැනෙනවා සිහිවන විටදි තවත්

    ReplyDelete
  15. අම්මෝ මාර අමාරුවකින් මේ බ්ලොග් රක හොයා ගත්තේ. ඔන්න ටිකක් හිනා වෙන්න ඇවිත් ඓාඳටම හිනා උනා.

    ReplyDelete
  16. "දවසක සෙට් වෙලා එන්ජිම කමුද?" කියලා ඇහුවේ CIMA කරන්න ඇවිල්ලා හිටිය ගාල්ලේ dial එකද? :P

    ReplyDelete
  17. අහෝ එන්ජිම .... එල කථාව ඈ ....

    ReplyDelete

ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.

  අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...