බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Friday, August 13, 2010
මෙන්න මගෙනුත් කක්කි කතාවක්.....
කොහොමත් සිංහල කතා බ්ලොග් එකේ ලොක්කා වෙන කතන්දර සීයා තමයි අලුත් අලුත් මාතෘකා අපිට දෙන්නෙ.. මොකද මේ කක්කි කතා සීරීස් එකත් පටන් ගත්තෙ. ඊට පස්සෙ ඉතින් බ්ලොග් ගඩොල්, පිස්සා ඇතුළුගොඩාක් දෙනෙක් කක්කි කතා ගොඩාක් ලිව්වා... මමත් එකක් නොලියන එක හරි නෑනෙ කියලා හිතුනු නිසා ඔන්න මමත් ලියනව කක්කි නොවුනත් කක්කි වගේ කතාවක්.... මේක ටිකක් ප්‍රායෝගිකවත් හොද කතාවක් වගේ කියලා තමයි මට හිතෙන්නෙ...
අපි යනවනේ ඉතින් ඉතින් එක එක වැඩ වලට එක එක තැන් වලට... එහෙම ගියාම කතන්දර සීයා කියන පරිදි 1 වැඩෙයි 2 වැඩෙයි කරන්නත් හිටපු ගමන් නේක දුරකථන ඇමතුම් ගලාගෙන එනවනෙ අහසින් වැටෙනව වගේ.. ඒ වෙලාවට කවුරුත් අන්ත අසරන වෙනවනෙ... දුවන්න ඕනේ ඉතින් වැටවල් කඩාගෙන... පුද්ගලික අංශයේ තැන් වලට ගියාම නම් අවුලක් නෑ. ඒත් පාසැල්, සමහර රෝහල් වගේ එවට ගියොත් නම් බඩුම තමයි... සමහර පාසැල් වල ගුරුවර, ගුරුවරියන් සදහා වූ වැසිකිලි වුනත් අපායට යනව වගේ යන්න වෙන ඒවා...
මේ ලගදි.. (ලගදි කිව්වට අවුරුද්දක් විතර වෙනවා..) මම ගියා කුරුණෑගල තියෙන නිශ්ශංක මහා විද්‍යාලයට... ඔන්න අර වගේ කෝල් එකක් ආවා.. ගියා ටොයිලට් එකට.... බිම කෑම දාගෙන කන්න තරම් පිරිසිදුයි... හේතුව දැක්කෙ ඊටත් පස්සෙ... අතුලට ගිය ගමන් පේන බිත්තියෙයි අර වට භාගයක් කැරකුනාම පේන දොරෙයි මරු වාක්‍යයක් ගහලා අලවලා තිබ්බා.. මම හිතන්නෙ ඒ ඉස්කෝලෙ ඔක්කොම ටොයිලට් වල මේක ගහල ඇති... මොකක්ද දන්නවද ඔය ලොකුවට කියපු වාක්‍යය.... මෙන්න මේකයි..
වැසිකිලියෙ පිළිවෙල...
කියයි පෙලපත...
යන එකා අනිවාර්යයෙන්ම හොදට ක්ලීන් කරල තමයි එන්නෙ...
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
සිරාවටම.....:D
ReplyDeleteවැඩේ නම් පට්ට....හැබැයි අපේ ඉන්න දැන් උන් නම් ඕකත් වෙනස් කරයිද දන්නෑ.මෙකද කලේ කවුද කියලා දන්නේ නෑනේ.
ReplyDeleteහික් හික්!! මරු කතාව.....
ReplyDeleteවටින කතාවක්
ReplyDeleteඅර කිව්ව වගේ අපේ උන් ඕකත් මොකක් හරි බලි කුරුට්ටක් ගහල වෙනස් කරන්න බැරි නැහ...
ReplyDeleteවෙනස් කලොත් පෙලපත වැරදියි කියලනෙ උන්ටත් හිතෙන්නෙ :D
ReplyDeleteනියම කතාව තමා මේක. මේ වගේම එකක් තමා.
ReplyDeleteපෙලක් විසිතුරු භාණ්ඩ වගේ ඒවා තියලා තියන තැන්වල එහෙම ගහලා තියෙනවා "වඳුරාගේ සිරිත දුටු දේ අතගෑම" කියලා.
එතකොට එකෙක්වත් යන්නේ නැහැ ඒවා අල්ලන්න. වඳුරෙක් වෙන්න ඕනේ නැති නිසා :)
ඇත්තටම වටින කතාවක් !
ReplyDeleteහිහ්... හැබෑවටම වටින කතාවක්... කොහොමත් දැන් හැදෙන ළමයි ආයෙත් හොද පරම්පාරාවක් ඇති කරනව. ( මේ අපි වගේ)
ReplyDelete@ වත්. අපි වගේ කියපුවම සිංහල වැරදියි නේද? අපේ මුණුපුරෝ වගේ කියලා නේද නිවැරදි වෙන්න ඕන.. හික්ස්
ReplyDelete