Wednesday, June 9, 2010

තුන්වෙනි බෝඩිමේ හොදම කථාව...


මෙච්චර කල් කිව්වෙ දෙවෙනි බෝඩිමේ රස කථානේ.... ඒකෙ කියන්න කථා තවත් ඉතුරු වෙලා තියෙද්දි මම හිටපු තුන්වෙනි බෝඩිමේ වෙච්ච හොදම සිද්දිය තමයි මම කියන්න යන්නෙ..... මගෙ බෝඩිං ජීවිතේ ගැන මම කිව්වනෙ බෝඩිමේ කථා අංක එකෙන්. තුන්වෙනි බෝඩිමේ සංයුතියත් කොල්ලො පහකට සීමා වුනා.. හිටියෙ උඩ තට්ටුවක... යට තට්ටුවේ හිටියෙ ගෙදර අය.. ඒ කියන්නෙ අයියයි අක්කයි පොඩි එකායි....

හරි.. දැන් කතාව... අපි ඔය කියන බෝඩිමේ හිටපු එකෝමත් එක දවසක මහ රෑ පාර පැත්තෙන් මහ ඝෝෂාවක් ඇහුනා. අපිත් නිදිමර ගාතෙ නැගිටලා එලියට යනකොට ඉස්සරහ ගෙදරට හොරු පැනල කියලා අක්ක කිව්වා. අපිත් ගේට් එක ඇරගෙන චන්ඩි වගේ එලියට ගියා... දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනව වගේ මෙන්න හොරා දුවගෙන එන්නෙ අපේ ලගටම... හොරා හිතල එහෙම කලා නෙමේ.... ඌ දුවපු පැත්තෙන් අපි දන්නෙත් නැතුව අපි මතු වෙච්ච එක තමයි උනේ... අපිත් එක්ක අපේ යාලුවෙක් හිටිය චන්ද්‍රකාන්තන් කියලා.. මිනිහ පැන්න ගමන් හොරාව බදා ගත්තා.. අපිත් ඉතින් ඌට උඩින් පල්ලෙන් සපෝට් එකක් දීල හොරාව අල්ල ගත්තා.... ඔන්න දැන් අපි තමයි ගමේ වීරයෝ.. ඔක්කොම එනවා.. පුතාලා හොද වැඩක් කලේ කියනවා... ඔයාල හරි හොදයි කියනවා... තේ ගෙනත් දෙනවා.. අපිට ඉතින් මරු සැලකිලි.... දැන් ඉතින් අපිට පාරෙ යනකොටත් කරදරේ.. ආ පුතා කොහෙද යන්නෙ අහනවා.. එදා මාර වඩේ උනේ නේද අහනවා.... හරියට තත්පරේට කෝච්චියට යන අපේ උන්ට යන්න වෙන්නෙම අනිත් කෝච්චියේ... ඔය වගේ නොයෙක් භාහිරතා මේ හොරාගෙ සීන් එක නිසා ඇති උනා.... ඒ අතරෙ ගෑනු ලමයි එහෙමත් අපි දිහා බලන එකත් වැඩි නොවුනාමත් නෙමෙයි... හැබැයි මේකෙන් අපේ කොල්ලන්ට වෙච්ච එක හොද දෙයක් තිබුනා.. අපේ බෝඩිමට වම් පැත්තෙ තිබුනු ගෙදර හිටියෙ කාන්තාවන් තුන් දෙනෙක් හිටපු ගෙයක්.. ඒ කියන්නෙ ආන්ටියි දුවල දෙන්නයි.. ලොකු දුව උසස් පෙළ කරල ගෙදර.. පොඩි දුව උසස් පෙළ පලවෙනි අවුරුද්දෙ.. ආ.. ඒ ගෙදර අංකල් නේද? අංකල් රට කියල තමයි අපේ බෝඩිමේ අක්කා අපිට කියල තිබ්බේ... මොන තරම් වැඩ තිබුනත් අපේ එවුන් මේ ගෙදර පැත්තට දවසට එක පාරක් හරි ඇහැ දාන්න අමතක කලේ නෑ. ඉතින් අර හොරාගෙ සිද්දියෙන් පස්සෙ ඒ ගෙදර අයත් අපිට ටිකක් සලකන්න පටන් ගත්තා.. ටිකක් කිව්වෙ උදේට දැක්කම Good Morning කියනවා... හවසට එනකොට දැන්ද එන්නෙ අහනව වගේ දේවල්.. අපේ උන්ට ඉතින් ඒකත් ලොකු දෙයක්නෙ..

මෙච්චර වෙලා කිව්වෙ වස්තු බීජ.. ඔන්න කතාවට අදාල දවස උදා වුනා.. හවස මම ගෙදර එද්දි අනිත් ඔක්කොමත් ඇවිත්.. මම පහලට ගිහින් .... එකක් දානකොට මට ඇහුනා එහා ගෙදර ආන්ටි අපේ උන්ට කතා කරනවා.. ආන්ටි කිව්වෙ මෙහෙමයි.. "පුතා පුතා අපේ ගෙදරට නයෙක්ද කොහෙද ඇවිල්ලා.. අනේ පුතා පොඩ්ඩක් ඇවිත් බලන්න"... ඔන්න ඉතින් අපේ උන්ගෙ සිහිය විකල් වුනා... ඇදන් හිටපු ෂෝට් පිටින් සහ සරම් පිටින් දිව්වා අල්ලපු ගෙදරට... දැන් කට්ටිය හොයනවා නයාව.. මම .... දාලා ඉවර වෙලා රූම් එකට ඇවිත් ෂොර්ට් එකකුයි ටී ෂර්ට් එකකුයි දාගෙන කොන්ඩෙත් පීරල එහෙම සෙන්ට් එකකුත් පොඩ්ඩක් හලාගෙන හෙමින් හෙමින් ගියා නයා හොයන්න.. කිව්වම මොකද අපේ උන් හඩ්ඩො වගේ නයා හොයනවා... සමහර උන් ටී ෂර්ට් එකක්වත් නැතුව තමයි ඇවිත් තියෙන්නෙ.. බලන්නකො තියෙන උනන්දුව... මම විතරයි ඉන්නෙ වැදගත් විදිහට.. ඉතින් ඒ විදිහට හැසිරෙන්නත් ඕනනෙ.. මම දැන් අනිත් උන්ට කියනවා එක එක දේවල් මේ වගේ.. "ඒ මචන් සුගා.. පොඩ්ඩක් බලපන් අර මල් පෝච්චිය යට" දැන් අරු මගෙ දිහ රව රව මල් පෝච්චිය යට බලනවා... එතකොට මම අනිත් පොරට කියනවා " දමියා මචන් ඔන්න ඔය මුල්ලෙ බලපන්" ආදී කතා.. ඒ අතරෙ මම ආන්ටිත් එක්කත් කතාව... " බලන්න ආන්ටි, ආන්ටිලගෙ එම්.සී. එකෙන් මේ එහා පැත්තෙ කැලේවත් සුද්ද කරන්නෙ නෑනෙ.. ඒකනෙ මේ වගේ කරදර" වගේ කතා... ඒ අතරෙ ලොකු නංගි තේ ගෙනාවා.. මම තේ එක බොන ගමන් අනිත් උන්ටත් කතා කලා මෙහෙම "ඒ ලමයි ඇවිත් තේ බොන්න" කියලා... මට පේනවා අපේ උන්ගෙ මූනෙ තියෙන තරහා.. ඒත් ඉතින් මම මොනව කරන්නද නේද? දැන් මම පොර වෙලා... අනිත් උන් බලු වෙලා....

කොහොමහරි නයා හම්බ උනෙ නෑ. අනිත් උන් ආවට පස්සෙත් මම ටිකක් ආන්ටිත් එක්ක කතා කරලා නංගිලාටත් අවවාද දීලා අධ්‍යාපන කටයුතු ගැන එහෙම ආපහු ආවා.. එනකනුත් මට තනියම හිනා අපේ උන්ට වෙච්ච දේවල් ගැන. කොහොමහරි මම එද්දි කාමරේ දොර වහලා.. මම තට්ටු කලා.. දොර ඇරුනු ගමන් මගෙ මූන වැහෙන්න සරමක් වැටුනා... ඒ එක්කම මගේ පිට හරහා වැදුනු පාරවල් වලට මට තරු විසි උනා.... උන්ගෙ හිතේ තියෙන තරහ පිට වෙන්නත් ඕනනෙ කියලා මම ගුටි කකා හිටියා.....

14 comments:

  1. සිරා!!! ෆන් ජීවිතේ :)))

    ReplyDelete
  2. අනේ පව්...හැබැයි නයා හිටියනම් උඹලගෙන් බාගයක් සරම එපා කියල දුවනව...
    හික්z

    ReplyDelete
  3. ඇන්ටි නයෙක් පිටින් දාලා ළමයි කට්ටියට ගෙවල් දොරවල් පෙන්නලා වගේ. ආ තව තේ දුවලට තේ හදන්න පුළුවන් කියලත් ....

    ReplyDelete
  4. මකරයිය කියපු දේවල් පෙන්නුවැයින් ඇන්ටිට වැඩක් වුනේ නැද්ද ?

    ReplyDelete
  5. මටත් මචන් මේ ලගදි හිත්න ආන්ටි කලේ ඕකද කියලත්............

    ReplyDelete
  6. අනේ මංද මං හීනෙන් කමෙන්ට් දානවද කියල මට හොඳට මතකයි මං මේකටත් යමක් කොටල ගිය වග ඒත් නෑ........ අයියෝ මංද......

    මේ ඊට පස්සේ කට්ටිය නයෙක් තියා ඇනකොන්ඩෙක් ආව කිව්වත් ගියේ නැතුව ඇති මයේ හිතේ..........

    ReplyDelete
  7. Niyamai suga damiya ehenam ubata kade giya ne da....ela ela api wage wadagathunam owata ahuwenne na

    ReplyDelete
  8. දෙවියෝ මේ බෝඩිමේ හිටිය අහිංසක කොල්ලෝ ටිකට අනුකම්පා කරලාම එවපු නයෙක්ද කොහෙදෝ මට හිතෙන්නේ :)

    ReplyDelete
  9. මට මචන් දැන් නම් හිතෙනවා නයෙක් ආවෙ නැද්ද කියලත්... අපේ උන් අහු උනේ නෑ හැබැයි

    ReplyDelete
  10. හික් හික් ... මරු කතා සෙට් එක ... ලොල්

    ReplyDelete
  11. පට්ට සිද්ධිනේ අභීත ලොක්කටත් වෙන්නේ.

    ReplyDelete
  12. ගුටි කාපු එක කෙසේ වෙතත්, සරමෙ සුගන්දය ඉවසගෙන හිටපු එක තමයි ලොකුම අමාරුව වෙන්න ඈත්තෙ ......

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...