මට මෙන්න මේ කතාව මතක් උනේ මයියගේ කොරවෙලා යන ප්‍රශ්නෙ කියන පෝස්ට් එක දැක්කට පස්සෙ.... දැන් ඉන්න පුංචි උන් අපි පොඩි කාලෙ වගේ නෙමෙයි හරිම ක්‍රියේටිව් විදිහට තමයි නෙ හිතන්නෙ.... අපිනම් ඉස්සර අම්ම අප්පච්චි එහෙම නැත්නම් ගුරුවර ගුරුවරියො කියලා දෙන දෙයක් අහගෙන ඒ විදිහටම පිලි අරගෙන විභාගෙටත් ඒවම ලියලා එතනින් අමතක කරලා දාලනෙ එන්නෙ..... ඒ උනාට දැන් පොඩි උන් ඉස්කෝලෙන් ඉගෙන ගෙන ගෙදර ඇවිත් නෙට් එකෙන් බලනවනෙ ඉස්කෝලෙ උගන්නපුව හරිද කියලා.. මේකත් ඒ වගෙ පොඩ්ඩෙක්ගෙ කතාවක් තමයි
අපේ පුංචි කෙනෙක්ගෙ පුංචි පුතෙක් තමයි මේකෙ කතා නායකයා.... හරිම හුරතල් නියම කොලු පොඩ්ඩෙක්... ඉස්කෝලෙ 2 වසරෙ විතර වෙද්දි තමයි මේ සීන් එක වෙලා තියෙන්නෙ.... ඔන්න ඉස්කෝලෙ ගිහින් ආපු මේ පොඩ්ඩට අපේ පුංචි උගන්නනවා බුද්ධාගම... බෝසත් උපත තමයි දැන් උගන්නන්නෙ...
දැන් ඉතින් "ඇත් පැටියා නෙළුම් මල් හොඩෙන් අරන් මහාමායා දෙවිගෙ කුස තුලට රිංගලා දස මසක් ගෙවෙන්නට ආසන්නව තියෙද්දි මව්පියන්ගෙ ගෙදර යන්න හිතිලා ඔහොම යනකොට" කියන තැනට එනකන් කිසිම ගැටළුවක් නැතුව පොඩ්ඩට තෙරෙන භාශාවෙන් අපේ පුන්චි කියලා දුන්නා... රස කතාවක් නිසා පොඩ්ඩගෙන් කරදරේකුත් නෑ අහගෙන ඉන්නවා හරිම උනන්දුවෙන්....
ඊට පස්සෙ කොටස පුංචි පටන් ගන්නවා මෙහෙම... "ඉතින් පුතේ මෙහෙම යනකොට මහාමායා දේවීන් වහන්සෙට මහන්සියි කියලා ඒ මග තිබ්බ සල් උයනකට ගොඩ උනා විවේක ගන්න.... එතකොට අර සේවකයො දෝලාව එහෙම බිමින් තියලා මහාමායා දේවීන් වහන්සෙට විවේක ගන්න අවශ්‍ය පහසුකම් සලසලා දුන්නා.. ඉතින් පුතේ දේවීන් වහන්ස මෙහෙම ඉන්නකොට එතුමියට දරුවා ලැබෙන්න යනවා වගේ කියලා දැනුනා... ඉතින් දේවීන් වහන්සෙ එතුමියගෙ සේවිකාවන්ට ඒ බව කිව්වා.. සේවිකාවොත් ඉතින් වටේ පිටේ ඒ වෙනුවෙන් ලෑස්ති කරලා දේවියට දරුවා ලැබෙන්න අවශ්‍ය පහසුකම් සැලැස්සුවා.." කියල පුංචි කතාවෙ තව කොටසක් ඉවර කලා.... පොඩ්ඩත් හැපි මූඩ් එකේ අහගෙන ඉන්නව.. ලස්සන කතාවක්නෙ ඉතින්....
ඊලග කොටස පුංචි මෙහෙම පටන් ගත්තා... "ඔන්න පුතේ අපේ සිදුහත් කුමාරයා මෙලොවට බිහිවුනා... ඉපදුනු ගමන්ම සිදුහත් කුමාරයා පිපුනු නෙළුම් මල් හතක් උඩින් සක්මන් කරලා..." කියන කොටම පොඩ්ඩගෙ මූනෙ මතු උනා පොඩි ප්‍රශ්නාර්ථයක්... ඒක පුංචිත් දැක්ක නිසා ඇහුවා "ඇයි පුතේ?" ඔන්න පොඩි එකා පුංචිගෙන් ඇහුවා මෙහෙම.....
"කොහොමද මමී සල් උයනෙ නෙළුම් මල් පිපෙන්නෙ?"
දැන් දීපල්ලකො උත්තර.....
ප.ලි. පින්තූර දාන්න විදිහක් නෑ... ඒ නිසා සමාවෙන්න ඕන ඔක්කොම ලමයි...

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
බැරි වෙලාවත් මේ ගැන ඇහුව නම්.......
ReplyDelete"ඇත් පැටියා නෙළුම් මල් හොඩෙන් අරන් මහාමායා දෙවිගෙ කුස තුලට රිංගලා දස මසක් ගෙවෙන්නට ආසන්නව තියෙද්දි මව්පියන්ගෙ ගෙදර යන්න හිතිලා ඔහොම යනකොට"
හපොයි .. පොඩිවුන් නම් කියල වැඩක් නැහැ. පුදුම තර්කන හැකියාවක් තියෙන්නේ...
හිහිහිහි....
ReplyDeleteපොඩි එකාට තියන ප්‍රශ්නේ මටත් තියනවා...
පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් තියනවා නේද...
ඉපදුන ගමන් සිදුහත් කුමාරයා ගියේ නෙළුම් මල් හතක් උඩින් කියලා නිවැරදි වෙන්න ඕනා නේද...?
හික් හික් හික්...ඔක කියෙව්වාම මටත් කතාවක් මතක් උනා, මේක මගේ අයිය කෙනෙක් කන්තලේ ප්‍රධාන ඉස්කෝලෙකට පලවෙනි ගුරු පත්වීම හම්බවෙලා ගිය කාලේ, 3හ්‍හරි 4 හරි ළමයෙක්ගෙ බුද්ධාගම උත්තර පත්තරයක තමයි දැකලා තියෙන්නේ.ඒකේ අහලා තියෙන ප්‍රශ්නය මහමායා දේවිය දුටු සිහිනය කුමක්ද කියලා, මේ ළමයා ලියලා සුද්ධෝධන රජතුමා මහමායා දේවියගේ යහන වටා තුන් වරක් පැදකුනු කොට ඇඳට පැනීම කියලා... බලාගෙන ගියාම biologically ඒකත් ඇත්ත වෙන්න බරි නෑ.
ReplyDelete@චමිදේවා : උඹ විතරයි අවබෝධයෙන් කියෙව්වෙ..... මම ඒක හදන්නම් මචං
ReplyDelete@ මැනික් : ඕව ගැන කියන්න ගියොත් බ්ලොග් පෝස්ට් ලොට් එකක් ලියන්න වෙනවා.... හික්ස්
@ වත් : ඔයාටත් එන ප්‍රශ්න අම්මපා
මේ හදිස්සිය වැඩි කමට ද නෙළුම් මල් සල් මල් වුනේ හැබෑටම?
ReplyDeleteඒත් ඉතිං ඒ ප්‍රශ්නේ නම් එච්චර ගැටළුවක් නැතිව ඔයාගේ පුංචි විසඳගන්න ඇති නේද? අපේ ගෙවල් වලත් කොච්චර නම් මල් වර්ග තියෙනවාද? සල් වනේ සල් විතරක් තියෙනවා කියලා පොත් වල නැහැනේ. :D
හ්ම්ම්.. ඒක නම් ඇත්ත
ReplyDelete"ඔන්න පුතේ අපේ සිදුහත් කුමාරයා මෙලොවට බිහිවුනා... ඉපදුනු ගමන්ම සිදුහත් කුමාරයා පිපුනු සල් මල් හතක් උඩින් සක්මන් කරලා..."
ReplyDeleteපොඩි එකාට කියන්න තිබුනේ "මමී දන්නේ නැත්තං කතාව නොකියා ඉන්නකෝ!" කියලා.....
මගෙන් දවසක් දහම් පාසලේදී 3වසරෙ පොඩ්ඩියෙක් ඇහුවනේ ඉස්පිරිතාලයක් නැතුව කොහොමද සිදුහත් කුමාරය හම්බවුනේ කියලා. ඉස්සර කොක්කු ළමයි ගේනව වගේ මේ පොඩ්ඩි හිතන් ඉඳල තියෙන්නේ ඉස්පිරිතාල තියෙන්නේ ළමයි දෙන්න කියලා.
ReplyDeleteපොඩි එකත් මරු එකා ...
ReplyDeleteකතාව නම් සිරා.
ReplyDeleteකොහොම වුණත් සල් උයනේ අනික් මල් වර්ගත් තියෙන්න පුලුවන් නේ.
අනික් කාරණේ තමා පොතේ තියෙන විදිහට නම් සිදුහත් කුමාරයා නෙළුම් මල් 7 ක් උඩ සක්මන කළේ නැහැ. පියවර 7 ක් ඉදිරියට තබද්දී ඒ තබන තබන පියවරක් පාසාම මහ පොලවෙන් නෙළුම් මල් පිපිණා කියන එක.
කොහොම වුණත් පොඩි එවුන්ට කතන්දර කියා දෙද්දී හරි පරිස්සමෙන් නිවැරදිව කතන්දර කියලා දෙන්න ඕනේ
නියමයි . . නියම පුතෙක් . .අන්න එහෙම තමයි ඉන්න ඕන ළමයි උනාම . .. හැමදේම විචාර බුද්ධියෙන් විග්‍රහ කරන්න ඕන . . . එලකිරි කොල්ලෙක් . . .
ReplyDeleteඅහ් තව අහන්න තිබුනා "මමී ළමයි කොහොමද ඉපදුනු ගමන් ඇවිදින්නේ" කියලාත් හික්ස්
ReplyDelete