Wednesday, September 8, 2010

චොසා අයියගේ මාතර සිට කුරුණෑගල බලා පැමිනීම......


ඔන්න තවත් පුංචි කතාවක් දිග අරින්නයි යන්නෙ..... මේක සිද්ද උනේ පාසැල් ජීවිතේ අන්තිම කාලේ.. ඔය වෙද්දි අපිට ශිෂ්‍ය නායක පදවි එහෙමත් ලැබිලයි තිබුනෙ... මේ ශිෂ්‍ය නායක ජීවිතෙත් රස කතා එමටයි... ඒවා තියාගෙන ඉන්නෙ තව ටිකක් කල් ගොහින් දාන්න.... හරි දැන් කතාවට එමුකො...
ශිෂ්‍ය නායක ජීවිතේ මනරම්ම අත්දැකීම තමා ඈත පළාත් වල තියෙන විද්‍යාලවල තියෙන ශිෂ්‍ය නායක දින වලට සහභාගී වෙන එක... දවසක් යනවා යන්න.. ශිෂ්‍ය නායක දිනයට සහභාගී වෙනවා... ඊලග දිනයේ ආපසු එනවා... කැමැත්තෙන්ම යන ශිෂ්‍ය නායක දින කිහිපයක් ලැයිස්තු ගත වෙලා තිබුනා... ඒ අතරෙ ගාල්ල මහින්ද, ගාල්ල ඇලෝසියස්, මාතර ශාන්ත තෝමස්, මාතර රාහුල, වගේ විද්‍යාල වලට යන්න පුදුම ආසාවක් තිබ්බෙ... ඒ වගේමයි උන් අපේ ශිෂ්‍ය නායක දිනයට එන්නත් තිබ්බෙ පුදුම ආසාවක්... මේ ඉස්කෝල කිහිපය අතරෙ තිබ්බ බැදීම නිසාම අදටත් කුරුණෑගලට පස්සෙ වැඩිම යහලුවෝ ප්‍රමාණයක් ඉන්නෙ ගාල්ල මාතර ප්‍රදේශ වල... ඔන්න ඉතින් වටේ යනවනෙ.. කතාවට එමු....

මේ සිද්ධිය උනේ මාතර ශාන්ත තෝමස් විදුහලේ ශිෂ්‍ය නායක දිනයට ගිහින් එද්දි,,, කුමක් හෝ සිද්දියක් නිසා උත්සවය ඉවර උන ගමන් එදා රෑම අපි එන්න පිටත් උනා.. මාතර දුම් රිය ස්ථානයට එද්දි සීග්‍රගාමී කෝච්චියක් තිබුනා මඩකලපුව බලා යන.. අපිටත් ජොලි... කෙලින්ම කුරුනෑගලින්ම බහින්න පුලුවන්නෙ... දැන් කට්ටිය නැගලා ආතල් දෙන්න පටන් ගත්තා.... අපි හිටියෙ කෝච්චියේ මැද හරියෙ...ගාඩ් රූම් එකට පිටි පස්සෙනුත් තව පෙට්ටි දෙකක් විතර තිබුනා..... ඔන්න සිද්ධිය පටන් ගන්න යන්නෙ....

අපිත් එක්කම ඩේ එකේ හිටපු ගාල්ල පැත්තෙ බාලිකාවියො සෙට් එකක් එක පාරටම දුවගෙන ඇවිත් නැග්ගා අර කියපු අන්තිම පෙට්ටියට.. ඒ ගැන්සියේ හිටියා අපේ චොසා අයියා දවස පුරාම බැල්ම හෙලාගෙන හිටිය නන්ගි බබෙක්..... එයා දැක්කා විතරයි ඉතින් කොල්ලට උඩින් චූන්... මචන් මම අරක ටෝක් කරලා එන්නම් කියලා අයියා දිව්වා පිටිපස්සෙ පෙට්ටියට... දවස පුරාම කතා කරලා හිනා වෙලා යාලුවෝනෙ.. දැන් අයියා එතනට වෙලා ආතල් එකේ කයියකුත් ගහගෙන ඉන්නවා... ගාඩ් අන්කල් විසිල් එක ගහලා කොඩිය වැනුවා... කෝච්චියත් හූ කියාගෙන පිටත් වෙනවා.. අපි අපේ පෙට්ටියේ යනවා.... චොසා අයියා අර පෙට්ටියේ ගෑණු ළමයි එක්ක එනවා.... ඔන්න ටික වෙලාවකින් බලද්දි අර පෙට්ටිය එන්නෙ නෑ... ඒක ගලවලා තිබිලා තියෙන්නෙ... බලපුහාම අපි යන සීග්‍රගාමී කෝච්චිය ගියාට පස්සෙ අර පෙට්ටි දෙකට එන්ජිමක් අමුනලා මන්දගාමීව ගාල්ලට එනවා.... අපිටත් කරන්න දෙයක් නෑ.... අපිත් ඌට වෙච්ච දේ ගැන කතා කර කර යනවා.. මොකද ඒ කාලෙ ජංගම දුරකතන කියලා ජාතියක්වත් තිබ්බෙ නැනෙ... කොහොමහරි කුරුණෑගලට යනකන් අපි මිනිහව දැක්කෙ නෑ.. අපි ඉතින් ශිෂ්‍ය නායක කාමරේට වෙලා ගෙවල් වලට යන්නෙත් නැතුව ඉන්නවා මිනිහා එනකන්... ඔන්න පැය 6ට විතර පස්සෙ මිනිහා ආවා, කෝච්චි අන්කල්ලා පරපුරේම දෙමවුපියන්ගෙ ඉදන් පට්ට ගහගෙන.... අපි ඇහුවා මොකද අයියෙ උනේ කියලා.. එතන ඉදන් තමයි චොසා අයියගෙ සුවිසැරිය පටන් ගන්නෙ... අයියගෙ වචන වලින්ම කියනවනම් මෙන්න මෙහෙමයි....

අඩෝ මාර සීන් එකනෙ උනේ.. මම අරක ටෝක් කර කර ඉද්දි කෝච්චිය ආවනෙ... මට කෝච්චිය නෑ කියලා දැනෙද්දි කෝච්චිය පේන්නවත් නෑ... එතන හිටපු එකෙක්ගෙන් අහද්දි කිව්වා ටක් ගාලා ගාල්ලට ගියොත් නම් කෝච්චිය අල්ලාගන්න පුළුවන් කියලා.. මම දුවගෙන ඇවිත් කොළඹ බස් එකකම එල්ලිලා ගාල්ලට ආවා... ස්ටේශන් එකට එනකොටම මම දැක්කා උඹලා ආපු කෝච්චිය යනවා.... කරුමෙ කියන්නෙ එතන හිටපු එකෙක් කිව්වා අම්බලන්ගොඩට යන්න මල්ලි ඉක්මනට... ඔයාට නගින්න පුළුවන් වෙයි කියලා..රෑ දෙකයි වෙලාව..

ඉතින් කෙලින්ම කොළඹටම එන්න තිබ්බනෙ..

නෑ බන් කෝච්චියේ ටිකට් එකත් තිබ්බනෙ.. වෙලාවට ඒ එක්කම බස් එකක් ආවා.. මම එකේ ඇවිත් අම්බලන්ගොඩින් බහිනකොට ආයෙත් කෝච්චිය ඇස් දෙකට පෙනි පෙනී ගියා බන්.... අම්බලන්ගොඩ ඉදන් බස් එකක් නැතුව පැයක් විතර කට්ට කාලා පිටකොටුවට ඇවිත් අනුරාධපුර බස් එකක එල්ලුනා.. දැන් තමයි බන් එන්නෙ... මම නම් අයේ ඩේ වලටනම් යන්නෙ නෑ.... එපා උනා ජීවිතේම....

අපේ උන්ට ගිය ආතල් එක කොහොම වෙන්න ඇත්ද?


23 comments:

  1. හිකිzzzzzzzz

    පව් අප්පා.....

    ReplyDelete
  2. හම්මේ. මනුස්සයා අර Action Film වල දෙන ටයිප් එකේ ගේමක් නේ දීලා තියෙන්නේ??

    ReplyDelete
  3. බස් ගාස්තු කීයක් විතර ගියාද දන්නේ නැහැ නේ.. ඔය කියන කාලේ ගාස්තු අඩු වෙන්ඩ ඇති මයෙ හිතේ..

    ReplyDelete
  4. හප්පොච්චියෝ ගාල්ලෙ කෙල්ලෙක්ට අහුවෙලා ඔයින් ගියා මැදැයි...
    ඔය කියන තෝමස් ස්කූල් එක තියෙන්නේ මාතර ස්ටේෂමට ලගම නේ. ස්කෝලේ පාරෙන් මෙහා ස්ටේෂම පාරෙන් එහා ( ටිකක් වෙන්න පාරෙන් ඇතුලට)මාතර කෙල්ලෙක්ට අහුවුනා නාම් ‍එහෙම චොසා අයිය තාමත් පයින් කොළඹ එනව ....

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. අප්පේ ඉතින් චොසා අයියට කෙල්ලො අරහං වුනාද? ආය දකිනකොට ඇ‍ඟේ කෝච්චි නටන සයිස් වුනාද දන්නේ නෑ. අයියේ....කොමෙන්ට්ස් මොඩරේට් කරන වැඩේ කල් දාන්නෙ නැතුව කලානම් හොඳයි නේද? මෙවුන්ට සහලෝලා උණ.

    ReplyDelete
  7. කතා වනම් හොදයි ඈයි රිච්මන් එක්ක නත්තෙ ඔතනට ගල්ලෙ බඩු නියමයි මචො

    ReplyDelete
  8. හෆොයි මරු සීන් එක.. එතකොට අර ගෑණු ළමයට මක්කෙයි උනේ..??

    ReplyDelete
  9. මට හීරෝට කියන්න තියෙන්නෙ මෙච්චරයි... මම බලාගෙන හිට්යෙ උඹ මට කමෙන්ට් එකක් දානකන්.... දැන් උඹ බලාගනින් ඉතිරි ටික.....

    ReplyDelete
  10. අයියො මාරවැඩේ.පවු හැබැයි.අපිටත් ඔහොම වුනා කෝච්චියේ බදුල්ලෙ යද්දි.ඒනම් හැබැයි ගැනු ලමයෙක්ට ටෝල්ක් කරන්න ගිහින් නෙමෙයි.කෝච්චියෙන් බෑහැලා බුලත් විටක් ගන්න ගිහින් හික් හික්

    ReplyDelete
  11. හහා.. නියම කතාව.. :) එපා වෙන සීන් එකක් නෙව වෙලා තියෙන්නෙ. හික් හික්..

    ReplyDelete
  12. සිරාම සීන් එක දෙපාරක් ම මූ දෑක දෑක කොච්චිය ගිය එකනෙ

    ReplyDelete
  13. එක්කෝ ඌට තිබ්ඛෙ එහෙම නවතින්න..
    ඇයි ඉතින් ඊළග අවුරුද්දේ උඔලා එහෙ ගිය වෙලාවක ආපහු එන්න තිබ්බනේ..

    ReplyDelete
  14. මාරයගේ කල්පනාව බින්න බහින්නම තමයි දැන් . . . කමක් නැහැ බං. කෙල්ලට ටෝක් කරානෙ කොහොම හරි.කෝච්චි නම් ඕන තමං තිබුනට හිතට වදින කෙල්ලො ඕන තරම් නැහැනෙ . . . !

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. හික්ස්... පවු අප්පා චොසා අයියා...

    ReplyDelete
  17. ඇයි බොල අපේ ස්කෝලෙ පැත්තෙ ගියේ නැතෙයි ??

    පව් බන් ඌ... දැක දැක කෝච්චිය යද්දි කොමද ආතල් එක... හි හි හි... පට්ට කතාව..

    ReplyDelete
  18. හික්. මාර පරිප්පුව :)

    ReplyDelete
  19. මොනා වුනත් කොල්ලා පව්. හි හී. :)

    ReplyDelete
  20. සිරාවටම අයියෙ.. ඒක නං අර Film වල එන ජාතියේ සීන් එකක්නෙ...

    :)

    ReplyDelete
  21. සිරා කතාව මචන්.මොකාද ඔය හීරෝ කියන නපුංසකයා. ඕකගෙ වැඩේ අනුන්ගෙ බ්ලොග් වලට කුණුහරුප කමෙන්ට්ස් දාන එක.

    ReplyDelete
  22. අපේ ඉස්කෝලේ බන්. ඇත්ත සීන්නම් මොන අවුරුද්දෙද උනේ

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...