Monday, January 31, 2011

විනාඩි විස්සකට අත් හිටවූ ගමේ සල්පිල........

සල්පිල් කියන්නේ ගමක සංවර්ධනයට බලපාන මරුම සංකල්පයක්.... පංසලේ හුණු පිරියම් කරන්න... ඉස්කෝලෙ පිට්ටනිය සංවර්ධනය කරන්න.. ආදී මෙකී නොකී සමාජ සේවා කටයුතු සඳහා මුදල් හොයා ගන්න, අපේ ගමේ හොඳම බේත උනේ සල්පිල් වෙන්දේසිය.... මල්වට්ටිය වෙන්දේසියෙන් පටන් ගත්තම කෑම බීම, ගොවිතැන් උපකරණ, සුවඳ විලවුන් මෙකී නොකී ලට පට සියල්ල වෙන්දේසියේ විකිණීම වෙන්නෙ සුහඳ සිතින්.... අද කියන්න යන්නෙ අපේ ගමේ වෙන්දේසිවලදි සිදු උන සිදුවීම් කිහිපයක්....


හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට කියලා ඉස්සෙල්ල යහපත් සිදුවීම් ගැන කියලා පස්සෙ කියමු ආතල් සීන්.. සල්පිලක සිදුවුන පින්බරම සිදුවීම තමයි මේ... සල්පිල යද්දි රෑ 12ට නිමල් කොලුවා ගෙනාවා වෙන්දේසියට අපූරු භාණ්ඩයක්.... මොනාද දන්නවද?  කඬුපුල් මල් හතරක්... ඒක එවෙලෙම වෙන්දේසි කලා.. මොකද කඬුපුල් මල් ඉක්මනට පර වෙනවා... වෙන්දේසිය පටන් ගද්දිම මම ඊට රුපියල් 500ක ලංසුවක් තිබ්බා... ඒක ඒ ගානටම මට හිමි උනා.... ඒක ගත්ත ගමන් මම එය දුන්නෙ අපේ අම්මට.... අම්මා ඇහේ කඳුලු පුරෝගෙන ගිහින් බුදු මැදුරට පූජා කලා... අම්මගේ ඇහේ නැගෙන්න ඇත්තෙ සතුටු කඳුළු වෙන්න ඇති... ඒත් ඒ කඳුළු මට තාම මතකයි... ඔය ඉතින් පිනක් කරාමද කොහෙද... 



ගමේ සල්පිලේ නිවේදන කටයුතු ගොඩාක් උනේ සෝමපාල අත්තා අතින්... "ෆ්" අකුර ශබ්ධ කරන්න හරිම අමාරුයි ඔහුට... ඒ වෙනුවෙන් "ප්" කියලා තමයි කියවෙන්නේ... ඉතින් කොල්ලෝ ඔය වගේ සිද්දියක් වෙච්ච ගමන් සෝමපාල අත්තව බයිට් එකට ගන්නවා.... හැබැයි එයාගෙ පුතා හේමන්ත අයියා හිටියොත් කොල්ලෝ මීක් නෑ.. මොකෝ එහෙම උන ගමන් අරූ ඇවිත් දෙනවා කන කූං ගාන්න.... ඔන්න මේ කියන දවසෙ වෙන්දේසිය යද්දි සෝමපාල අත්තට හම්බුනා ලෙමන් පෆ් පැකට් එකක්.... ඔන්න දැන් පොර කියනවා මෙහෙම.....


මෙන්න නියම කෑමක් හම්බුනා.. කෝ දෙන්න ලංසුවක්... ලොකු සයිස් ලෙමොන් පොහ් පැකට් එකක්....


අන්න කොල්ලෝ ටිකට ආතල්... දැන් එක එකා අහනවා...


මොනාද අත්තේ.....?


ලෙමොන් පොහ්.. කෝ කියන්න බලන්න ලංසුව...


ලෙමන් පෆ්ද?


ඔව් ඔව් ලෙමොන් පොහ්.... ලොකු සයිස් පැකට් එකක්...


මොකක්ද වර්ගේ... මැලිබන් ද මන්චිද?


මම දන්නෙ නෑ... ලෙමොන් පොහ්....


අරුණයා අන්තිමට නක්කලේට වගේ ඇදලා පැදලා මෙහෙම කිව්වා.... 


ලෙමොන් පොහ් රහද.....අ...අ........අ.....ආ.....?


එක පාරටම ඌ හිටපු පැත්තෙන් මෙහෙම සද්දයක් ඇහුනා...


අඩෝ තෝ දැනගන් ඒ මගෙ අප්පච්චි කියල.. වල්$#$#@#$$$$*&^.......


බුදු හේමන්ත අයියේ ගහන්න එපෝ.... ආයේ කියන්නෙ නැතෝ.......




ඔන්න ඊලඟ කතාව... අපි තරුණ ගැටව් කාලෙ.. (ඒ කිව්වේ මේ ඊයෙ පෙරේදා) තිබ්බා පංසලේ සල්පිලක්... අපි තමයි සංවිධායකයෝ.. ඉතින් හැමදාමත් වගේ නැගලා යන මල් වට්ටි වෙන්දේසිය එදා නැගලා ගියෙ නෑ... වෙන්දේසියේ ප්‍රධාන ආදායම් මාර්ගය ඕක නිසා අපිත් පොඩි උපක්‍රමයක් යෙදුවා... මොකක්ද දන්නවද වැඩේ... සල්ලි දෙන එක්කෙනා කියන දේ අපි යකඩ කටින් කියනවා..... දැන් වැඩේ නැගලා යනවා.... හොඳ මඩ පාරවල් යනවා... උදාහරණ විදිහට මෙහෙම ඒවා යනවා.... එදා නිවේදක චමිර අයියා.. මිනිහා චන්ඩියා නිසා ඕනම දෙයක් කියනවා.... මෙහෙම කතා තමයි දැන් යන්නේ.....


385යි... සුපුන්, කෙල්ලෙක් එක්ක බර කතාවක බණ මඩුව පිටි පස්සේ....


අරූට ඇඩ්‍රස් නෑනෙ ඉතින්.....


749යි.. විමලේ අයියා ඇඳන් ඉන්න සරම හේමන්ත අයියගෙ එකක්.....


1050යි සුපුන්ගෙ අම්මට මල පැනලා අන්න ඌව ගෙදර එලෙව්වා... ශී ශී නැන්දෙ ඒක කැත වැඩේ...


ඔහොම සිනාවෙන් කතාවෙන් සල්පිල නැගලා යනවා... රෑ 12 වෙද්දිත් මල් වට්ටිය යන්නේ.... අපිටත් හරි ජොලි.. මොකෝ ඒ වෙද්දිත් මල් වට්ටිය 15000ත් පන්නලා ගිහින් තිබ්බේ... පංසලේම පොඩි මඩුවක එදා දවසෙ කැන්ටිම කරගෙන යන්නෙ සාපින් මාමා... ඒකෙ ආදායමත් යොදවන්නේ මූලික කාරණාවටමයි... කෑම ඉවිමේ හා තේ හැදීමේ දක්ශතාවය නිසාම ඔහුට ඒ වගකීම නිතරඟයෙන් පැවරුනා... ඉතින් රෑ වෙන්න වෙන්න සාපින් මාමත් සරම කැහැපට ගහගෙන පිල උඩ ඇල උනා... පොරට නින්දත් ගිහින්.... ඒ අතරෙ සල්පිල යනවා... තව මේ වගේ කතාත් කියවෙනවා...


10500යි.. අන්න රමනි නැන්දයි කුසුමා අක්කයි හෙන ඕපදූපයක් කියනවා පංසල් ඇවිත්...


12740යි... අන්න ප්‍රසන්නයා විහාර ගේ පිටි පස්සෙ සිගරට් එකක් පත්තු කලා....


15850යි... අමල් යාළුවෝ තුන් දෙනෙක් එක්ක පොඩි හාමුදුරුවෝ ශේප් කරලා පන්සලෙන් තේ බොනවා අන්න...


ඔය වගේ කතා යද්දි කතා වලට බඳුන් වෙච්ච අයට යකා ආරූඪ උනාට හැමෝම ඒක විහිළුවෙන් වින්දා... ඒ අතරෙ චමිර අයියගේ කටින් මෙන්න මෙහෙම දෙයක් කිය උනා....


18230යි අන්න සාපින් මාම ඔක්කොම එලියෙ දාලා කැන්ටිමේ පඩිය උඩ නිදි.....


මේකෙන් ඇත්තටම අදහස් කලා කියන්නෙ කැන්ටිමේ ඔහුට බාරදුන්න බඩු ඔක්කොම නිකන් ඔහෙ අනාරක්ෂිතව දාල ඔහු නිදි කියන එක...


ඒ උනාට අහගෙන හිටපු උන් මේක තේරුම් ගත්තේ වෙන විදිහකට.... කොල්ලන්ගෙ හූව පැතිරෙන්න තත්පරේකට වැඩි වෙලාවක් ගියෙත් නෑ.. ඉන්නෙ පංසලේ කියලත් අමතකයි.... විනාඩියක් යන්නත් කලින් ඇහෙන්නෙ කැන්ටිම පැත්තෙන් සාපින් මාමගෙ සද්දේ....



ඈ බොල චමිරයෝ... ඉදපිය තොට කරන්නෙ වැඩේ.. මුන්ට ඉප්පීකරේ අහු උනාම ඉන්න තැන මතක නෑ... කොන්ද කඩනව මම @#$#%^$&$^%#@*$$$&#*#*@*@)$)#()# කියලා මෙන්න පොල්ලකුත් අරන් එනවා.... අන්තිමේට සල්පිල විනාඩි 20කට කල් තබලා ලොකු හාමුදුරුවෝත් වැඩම කරලා තමයි ප්‍රශ්ණේ විසඳලා ආයෙත් පටන් ගත්තේ....


එදා ඉඳන් සාපින් මාමා ගමේ ඇවිදිද්දි, හැන්ගිච්ච කට කැඩිච්ච කොල්ලෙක් මෙන්න මෙහෙම කියනවා....


අන්න සාපින් මාමා කැන්ටිමේ.....


ඌට එච්චරයි කියන්න වෙන්නේ.. සාපින් මාමා මෙහෙම කියනවා.....


තොපෙ @#%$#%@^#%$%@*&%$#%@......... 

17 comments:

  1. හික්ස්.......අපිත් පටන් ගන්න ඕනා වෙන්දේසියක්...ඒත් ඉකේයියා වගේ නේ බන් අයියේ...........

    ReplyDelete
  2. නියම කතා ටික අබීත,හොඳම එක සාපින් මාමගේ සීන් එක.

    ReplyDelete
  3. හෙහ් හෙහ් ෆට්ටයිzzzzzz අෆිත් ඔයවගේ සල්පිලක් තියමු ;)

    ReplyDelete
  4. @ ජේ.ඩී අනේ ඔව් අභීතව ගන්න එනවුන්ස් කරන්න හොදේ??

    ReplyDelete
  5. ප්ට්ටයි ඈ............................

    ReplyDelete
  6. niyamai....kalekata passe tikak hina una....

    ReplyDelete
  7. ඔව් ඇත්තටම හිනා උනා...

    ReplyDelete
  8. අයියා "@#%$#%@^#%$%@*&%$#%@" කීවේ මොකක්ද හැබෑට?

    ReplyDelete
  9. සිරාවට අවුරුදු උත්සවේ දවසෙ හැන්දෑවෙ තියමුද මේ වගේ ගුටි කන්න වෙන සල්පිලක්? ආයෙ අවුරුද්දකට පෝස්ට් දාන්න තරං එව්ව අඩුවක් නැතුව හොයාගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  10. නවම් : අභීතයට දෙමු එනවුන්ස් කොරන්න

    ReplyDelete
  11. පට්ට පට්ට, ඇත්තටම සාපින් මාමා එලියෙ දාලද නිදාගෙන හිටියේ?? :P

    ReplyDelete
  12. මරු සල්පිල, මේ අයියේ උඹට මඩක් වැදුනේ නැද්ද බං?

    අන්න අභියා මුල්ලකට වෙලා බ්ලොග් ලියනවා වගේ සීන් එකක්?

    ReplyDelete
  13. බීපෙසී. සිරා කතාව :D

    ReplyDelete
  14. අපොයි...... කරන වැඩ....... :D :D

    ReplyDelete
  15. තව පොඩ්ඩෙන් ගෙදරින් බැනුමුත් අහනවා හිනා වෙලා.... :))

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...