Tuesday, January 25, 2011

ලොමු දැහැගැන්වෙන සිනා වී කඳුළු පනින ත්‍රිරෝද රථයෙන් මාර භවනට චාරිකාවේ විස්තර මෙන්න....

කතාව කියන්න කලින් වෙනත් වල්පල් කතාවක් කියන්න තියෙනවා ඕං... ඊයෙ මගෙ කතාවට කවුරු හරි (ඇනොනිමස්) මලයෙක් දාලා තිබ්බ කමෙන්ට් එකකින් මට නිකමට හිතුන දෙයක් නිවැරදි කරන්න තමයි මේ කෙටි සටහන ලියන්නේ... මේ බ්ලොග් අවකාශේ තියෙන කිසිදු සිංඩියක් එක්ක මාගේ සෘජු හෝ වක්‍ර සම්බන්ධතාවක් නෑ... සින්ඩි කරගෙන යන යාලුවෝ ඉන්නවා.... ඒවත් දුකට සැපට පිහිටවෙන ප්‍රභල මිතුදම් විතරයි.... සින්ඩිත් එක්කනම් මගේ සම්භන්ධයක් නෑ... අනික මම මේ අයිටී පැත්ත දන්නෙම නැති තරම්..... අනිත් කාරණේ තමයි ඊයෙ ගෑනු ලමයෙක් මගෙන් කෝල් කරලා ඇහුවා මගෙ බ්ලොග් එකේ එයාලා දාන කමෙන්ට් වලට රිප්ලයි කමෙන්ට් දාන්නෙ නැත්තෙ ඇයි කියලා.... ඔන්න ඒකට නම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලන ගමන් තරහා වෙන්න එපා කියලත් ඉල්ලනවා.... මම හරිම අමාරුවෙන් කාලෙ හොයාගෙන තමයි බ්ලොග් එක ලියන්නෙත්.... ඒ නිසා කමෙන්ට් දාන්න කාලෙ හොයාගන්න එක අමාරුයි.... බැරි වෙලාවත් එහෙම කරන්න උනොත් මට අනිත් අයගෙ බ්ලොග් කියවන වෙලාව තමයි කැප කරන්න වෙන්නෙ... මෙන්න නැවතත සමාව ඉල්ලන්නේ හිස නමා.... 

යක්කල යන ටුවර් එකට කට්ටිය හොයා ගත්ත හැටි මම ඊයේ කීවනේ..... මගේ රථය හදිසි අනතුරකට භාජනය වෙලා ගැරේජ් එකේ නිසා ගෙවල් ගාවා හන්දියේ තුශාර මලයට තමයි හයර් එක වැදුනේ.... කොට්ටාවෙ ඉඳලා යක්කලට ගිහින් පැය දෙකක් විතර ඉඳලා ආපහු එන්න...එන රූට් එක කියන්න බෑ.. එන උන් මොන තත්ත්වෙන් එයිද කියලා දන්නෙ නෑනේ.. ගෙවල් වලට බස්සන්න උනොත් එහෙම... මම කොට්ටාවෙ ඉඳන් මාළබේට ඇවිත් SLIIT එක ලඟින් පසාව දාගත්තා.. අනේ දැක්ක කෙනෙක් ඉන්නවානම් හිනා කාලා මැරෙන්නේ..... කොල්ල ඉංග්‍රීසි භාශාවෙන් ලියපු ලොකු සයිස් පොත් තුනක්ම අරන් තමන් වාහනේට නැග්ගේ... අනේ අර අරක්කු ගඳ තමයි ඉවසන්න බැරි උනේ... ගිය පන්තිය මොකක්ද කියලා මම ඇහුවට කිව්වේ නෑ.. මම ඇහුවේ මමත් යන්න.. බස් එකේ ඉංග්‍රීසි පොත් කීපෙකුත් ලස්සනට අරන් ගිහින් බීලත් එන්න පුළුවන් පන්ති ඔච්චරමනෙ ඇත්තෙ ලංකාවටම... 


පොඩ්ඩක් විතර පරක්කුත් වෙලා... වැප් මල්ලිත් ඉන්නවා කිව්වනේ බියගම ට්‍රැෆික් ලයිට් එක ලඟ... මේ වෙද්දිත් ප්‍රමාදය නිසා ඔහුගෙ ජංගම දුරකතනයෙන් මට හරි ජුගුප්සාජනක කෙටි පණිවිඩ එන්න පටන් ගෙන තිබුනේ.... කොහොමහරි එතන්ට යද්දි කොල්ල ඉන්නවා... අපේ රියදුරු වාහනේ නැවැත්තුවේ වැපාට පොඩ්ඩක් ඉදිරියෙන්.. එක පාරටම අපෙ ත්‍රී වීල් එකේ හිටපු එකෙක් මෙහෙම කෑ ගැහුවා...


ඒ සිරිපාල...... වරෙන් වරෙන්..........


වැපා ක්ෂණයෙන් අහක බලා ගත්තත් ඊලඟ තත්පරේ දුවගෙනම ඇවිත් වාහනේට නැග්ගා... වෙන කියලා ඉතින් මොනවා කරන්නද? දැන් ඔන්න කට්ටිය හරි... දැන් යන ගමන් කතා කලා යක්කල ඉන්න දෛවඥ්ඥ මහත්තයාට...


ඒ මචන්... හවස මොනා හරි කරමු නේද?


හා හා.....


මොනාද බ්‍රෑන්ඩ් එක...


උගුරෙන් පහලට යනවා නම් ඕන දෙයක් බන්..


මොනවාහරි විශේෂ සැන්ඩි ඕනද?


ඇල්වතුර හරි කමක් නෑ බන්.... උඹලා කොහෙද ඉන්නේ?


මිරිස්වත්ත කිට්ටුව...


කලබලයක් නැතුව පරිස්සමින් හෙමින් වරෙන්....


අනේ සංසාරේ කියාගෙන අපි දුරකථනය විසංධි කලා... මිරිස්වත්තේ හන්දියෙන් ඔය පාට බෝතල් කිහිපෙකුයි රුපියල් 100ක තම්බපු කඩලයි අරගෙන පාර හොයාගෙන අමාරුවෙන් මාර භවනට සැපත් උනා.... ඉතා උණුසුම් ආකාරයෙන් අපිව පිළිගත්ත මාර දෛවඥ්ඥ මහත්තයා එයාගෙ මාර භවන ඇතුලට අපිව එක්කගෙන ගියා.... කවුරු හරි දැකලා නත්නම් හිතාගන්න අර කෙසෙල් කොටුවෙ චූටි මහත්තයා ඇඳපු චිත්‍රෙමයි... වෙනසකට තියෙන්නෙ ඒකෙ තිබ්බ ඩෙස්ක්ටොප් එක වෙනුවට ලැප්ටොප් එකක් තියෙන එක විතරයි.... මාර භවන අති විශාලයි.. කාමර තුනක් තියෙන ලොකු සයිස් උඩු මහලක්... (මේවා කියන්නේ දුමීලට දුකාලට) කුස්සියේ උයන පිහින බඩුත් එක්ක සෑහෙන ආදායමක් ගන්න පුළුවන් හිස් බෝතල් ප්‍රමාණෙකුත් නොතිබුනා නොවෙයි.....



මගේ නක්ෂත්‍ර කටයුතු යන අතරේ බෝතල් වල මූඩිත් ඇරිලා වටේ යන්න පටන් ගත්තා... නොයෙකුත් කතා මාතෘකා අතරේ බ්ලොග්වල ලියන්න බැරි කතාත් සෑහෙන්න කිය වුනා.... අහ් බයිට් එක... දුමියා මචන්...අර නමේ තේරුම කියපු රමණි අක්කා සුපිරි චිකන් ඩෙවල් එකක් එවලා තිබ්බා.. මොන අදහසකින් මෙහෙම උදව් කරනවද මන්දා....? ඉතින් කිසි වරදක් නැතුව වැඩේ නැගලා ගියා....


අවවාදයක් දෙන්නේ.... පැනි මුට්ටිත් එක්කනම් කවුරුත් බොන්න සෙට් වෙන්න එපා... උදෙත් බීලා රෑත් බොන්න බෑ කියපු එකා ගහපු ශොට් පහේදිම වීදුරුව කටට ගන්නකොටම කෝල් එකක් එනවා.. ඉතින් කනේ තියන් කුණු කුණු ගානවා...ඒ වෙලාව ඇතුලත අපේ කොල්ලට ගෑණු ළමයි දහයක් නම් කෝල් කලා..ඊට වැඩි උනත් අඩු වෙන්න විදිහක් නම් නෑ.. අන්තිමට ෆෝන් එක උදුරගෙන කෙල්ලන්ටත් බැන්නට පස්සෙ ඔන්න යන්තම් වැඩේ ශේප්.


ඉතාම සොඳුරු මොහොතකට සමු දීලා එන්න හදන කොට නිවැසියා නිදි... ඒවට හෙතු අවවාද අනුශාසනා ආකාරයෙන් කමෙන්ට් එකක් විදිහට පහතින් වැටෙයි මම හිතන්නේ... ඔක්කොම අස් කරලා එහෙම අපි පිටත් උනා... උඩ මම කියපු විදිහටම ගමන් මාර්ගය වෙනස් උනා.... කට්ටියම ගෙවල් ලඟින් බස්ස ගෙන මමත් සතුටින් ගෙදර ආවා....



පහුවදා උදේ මම දුරකතන ඇමතුමක් දුන්නා පොරකට....


ඒ මොකෝ බන් උනේ.. මට මොකෝ උනේ......


මම කොහොමද දන්නේ.... උඹටනෙ බන් උනේ.... හික්z


මේකෙ නොකියවුනු තැන් අනිත් උන් දායි කමෙන්ට් විදිහට.... මේ කිසි තැනක මඩ නෑ... ඇත්ත ඇති සැටියෙන්... සත්‍යය ප්‍රථමයෙන්.....


ප.ලි. බ්ලොග් සතියෙ දවස් දෙකක් ඉවරයි.. හෙට මොනාද ලියන්නෙ ?



22 comments:

  1. මදෑ වෙච්ච දේ දැන ගන්න මාත් බලන් හිටියා...
    කොහේද ඒත් නැහැනේ..?

    ReplyDelete
  2. ආ තව එකක්..හෙට ලියන්නත් මොනවා හරි හොයා ගත්තෑකි..පලයන් බ්ලූමැන්ඩල් පැත්තේ හරි අත්තිඩිය පැත්තේ හරි..

    ReplyDelete
  3. හරේ මාරම වැඩේ නේ අප්පා..... දැන් එතකොට කතාවේ හැටියට අයියා සියල්ල දැනන් සිහියෙන් ඉඳලා.... මාරයි මාරයි..... :D

    ReplyDelete
  4. ඒ ටික කිව්වේ නෑ මාරයියේ.... උඹ පව්නේ මචෝ..... එකට බීලා එහෙම කරන එක හරි නෑනේ....

    ReplyDelete
  5. කෝ ලොමු දැහැගැන්වුනේ නැ නේ........... හෙහ් හෙහ් :) ඒ කැල්ල හැලුවද අභී අයියාzzzzzzz ;)

    ReplyDelete
  6. ලොමු දැහැගැන්වෙන කෑල්ල බලධාරියා විසින් කපා හැරියා ජේඩී...

    ReplyDelete
  7. කෝ බොල කොත්තු ඔතන් ආපු කතාව :D

    ReplyDelete
  8. කෝ මේකේ හිස් තැන් පුරවලා නැද්ද???

    ReplyDelete
  9. මදැයි පෙරුම් පුරන් ලොමු දැහැගැන්වෙන කථාව බලන්න බලා හිටියා... කමක් නෑ, කමක් නෑ.. ඇත්තටම අබේපාල මාමා සිහියෙන් හිටියැයි ;)
    (අහීත අයියා සිතමින් - හසීයෝ අහුවෙයන්කෝ මට.. :@)

    ReplyDelete
  10. සුරාවේ ගුනයත් . . . .
    එහි ඇති මිහිරි රසයත් . . . .
    බොන සුදනෝ මිසක් . . . .
    නොබොන අනුවන දනෝ නොදනිත් . . .

    ReplyDelete
  11. එතකොට වෑඩේ ඉවර වෙන්න ඉස්සෙල්ලා මාරයා නිදිද???..අපරාදේ.........මාරයනම් මොනවත් දාල නෑ මෙගෑන...

    ReplyDelete
  12. ඕකෙ ලොමු දැහැගැන්වෙන කෑල්ල මොකක්ද දන්නවද? අභීතයො මම ඉතුරු ටික ලිවුවට තරහ වෙන්න එපා ඕං. මාරය කට් උනා නෙ. පසන කොහොමත් බීලනෙ ආවෙ. දැන් අභීතයට බොන්න එකෙක් නැති තැන ත්‍රීවීල් මල්ලිව තමා බොන්න අල්ලගත්තෙ.

    අන්තිමට ත්‍රීවීල් බුවා කට් වෙලා. මුන් ඔක්කොම දාගෙන ත්‍රීවීල් එක එලවගෙන ඇවිත් තියෙන්නෙ අභීතය තමා. ජීවිතේට එලවපු නැති වාහනයක් පලවෙනි සැරේට එලවද්දි (නිකම් නෙමේ අම්බානෙක ගහල) ලොමු ඩැහැගැන් වෙන්නෙ නැද්ද?

    ReplyDelete
  13. අච්චර බොන මාරයාට මූඩියක්වත් පෑගුනාද වේලපහින්ම දොයියගත්තෙ?

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. ඇඟ කිලිපොලා යන විහිලු . . . .
    ත්‍රාසජනක ප්‍රේම ජවනිකා . . . .

    ReplyDelete
  16. මොකක්ද උඹල ගහපු බ්‍රෑන්ඩ් එක...මෙච්චර පළපුරුදු මාරයා කට් උනා කිව්වම නිකං විශ්වාස කරන්නත් අමාරුයි වගේ...

    ඌට වැදුනේ බ්‍රෑන්ඩ් එකේ හොදකමටද නැත්නම් කටේ තියන් ගහන්න ගිය නිසාද ?

    ReplyDelete
  17. හත් ඉලව්වේ මාරයියා බොනවද ? :P

    ReplyDelete
  18. දැන් එතකොට කවුද මෙතන නොබී හිටියෙ......

    ReplyDelete
  19. කස්ටිය සෙට්වෙලා වෙගේ ...

    ජය වේවා !!

    ReplyDelete
  20. පේන්නේ නැද්ද මේ... මගේ නම් ලොමු දැහැගැන්විලා.... එ මදිවට ඇස් දෙකෙන් කඳුලුත් පනිනවා.... ෂා මාරයි ඈ....

    ReplyDelete
  21. අභිත අයියා උඹ මොකද්ද බං මට අර කිව්වේ... භවනේ අයිතිකාරයා දෙකක් දාද්දිම, කබරයා... කේස් එකක්?

    ReplyDelete
  22. රංගය කියල තියෙන්නේ ලොමු දැහ ගැන්වෙන පාර්ට් එක හික් හික්... යකෝ උබල මාරයට කවල්මේ වත් පෙව්වද... ??

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...