Tuesday, January 11, 2011

පිස්සු හැඳෙන සඳ... එන්න කියවන්න වෙබ් අවකාශෙ ඉන්න ඔක්කොම......

රැයේ දැකපු හීනේ අද උදේ සැබෑ වී ගියා...... මෙහෙම සින්දුවක් අහලා තියෙනවා මතකද හැමෝටම.. අම්මපා මට එහෙම සිද්ධියක් වෙන්නයි යන්නේ... ප්‍රියන්ත අයියගෙ මගේ මතක බ්ලොග් එක කියෙව්වනම් දැනටමත් දන්නවා මම මේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා... මම අර දැක්ක සැබෑ ලෝකෙ හීන කියලා දැම්මනේ ගිය සතියෙ පෝස්ට් එකක්.... අර අපි ඔක්කොම එකතුවෙලා පට්ට පිස්සුවක් කෙළියේ.. ඉතින් දැන් ඒක සැබෑ වෙන්නයි යන්නේ...

ඊයෙ දවසේ අපි ගියා ගූගල් බස් එකේ.. නිශාන්ත මල්ලි දැම්මානෙ බස් එකක් අබියගෙ හීනෙ සැබෑ කරමුද කියලා.. මෙන්න බොලේ බස් එක නැගලා ගියා... ඒක කැඩිලා දැන් දෙවෙනි බස් එකකුත් යනවා... ඉතින් මේ ගැන විස්තර කියන්නයි හදන්නේ..... මටනම් මාර සතුටුයි මෙහෙම වෙන එක.... පසන් මල්ලි හදපු මල් වැකිය එහෙමම දාන්නයි හදන්නෙ මම.. මෙන්න ඒක..


සයිබරයේ සිහින බක් මහ උළෙල




මෙතුවක් කාළයක් පුරා සයිබර් යාය පුරාවට
දෙනෙතින් නොව හදවතින් හදුනාගත් සහෘදයන් එක්කොට 
තවත් එක් සොදුරු දිනයක මුන ගැසෙන්නට අවසරයි!!!
බක්මහේ සුන්දරත්වය විදින්නට එන්න අප හා එක්වන්න... 


සයිබර් අවකාශයේ සිටින ඔනෑම සහෘදයකුට හෝ 
ඔ​හුගේ මිතුරන්ට සහභාගි විය හැක.


තවත් එක් නිමේෂයක එක් වෙමුද විදින්නට නොදුටු මිතුදම.....



ඊයේ හවස වෙද්දි කට්ටිය පිට්ටනියත් වෙන් කරගෙන ඉවරයි.... ඔන්න මගේ වචනයෙන් මේ ගැන විස්තර.... මේ උත්සවේ තියෙන්නේ අප්‍රේල් 3වෙනිදා උදේ 9.30 ඉදන් හවස 03.30 වෙනකන්....... තිඹිරිගස්යායේ තියෙන හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ... බ්ලොග් කරුවන්ද බස් කරුවන්ද කියන එක අදාළ වෙන්නෙ නෑ... සයිබර් අවකාශයේ සැරි සරන මිතුරන් හඳුනාගන්න කැමති ඕනම කෙනෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන්.... ඉතින් ඒ නිසාම මේකට කිසිඳු බේදයකින් තොරව ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්.... අනේ මම බ්ලොග් ලියන්නෙ නෑ.. අනේ මම බස් වල යන්නෙ නෑ... මේ කෙඳිරිලි මොකුත් ඕන නෑ... ඊ මේල් ඇඩ්‍රස් එකක් තියෙනවම්, සයිබර් අවකාශයේ ඉන්නවනම්, මූණු පොතේ ඉන්නවානම් ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්...


පිට රටවල්වල ඉන්න කට්ටිය මම හිතන්නෙ මේකටම එයි කියලා... මොකද දුමියත් කියලා තිබ්බනෙ පවුලගෙ යාළුවගේ මාලෙ හරි උකස් කරලා හරි එනවා කියලා.. ඔන්න කට්ටියම දිනේ මතක තියා ගන්න.... ඒ නිසා එන්න පුළුවන් අය හැමෝම එන්න උත්සහ කරන්න.... එය ලාංකීය වෙබ් අවකාශයේ සොඳුරු මොහොතක් වේවි.... අනිත් කට්ටිය අනුග්‍රාහකයෝ.... අපි මේක පුළුවන් තරම් අඩු වියදමින් කරන්න හදන්නෙ..දැනට තීරණය කරලා තියෙන්නෙ එන එක්කෙනෙක්ගෙන් රුපියල් 150ක් වගේ මුදලක්.. ලැබෙන අනුග්‍රාහකයෝ මත ඒ මුදලත් අඩු කරන්න හිතාගෙන ඉන්නේ.... දැනටමත් රුපියල් 30000ක අනුග්‍රාහකත්වයන් අපිට ලැබිලා තියෙනවා.... එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැෂනල් ආයතනය රුපියල් 15000කුත් ලංකාවේ ගූගල් බස් පදින අය රුපියල් 5000කුත් හද ගී පොතේ තිස්ස අයිය රුපියල් 5000කුත් බ්ලොග් සහ බස් ප්‍රේක්ශකයෙක් වෙච්ච සුලෝචනා සහෝදරිය රුපියල් 5000කුත් ලෙසින්.... ඔයාලා කාටත් පුළුවන් නම් මේ කෙරෙහි රුපියල් 5000ක බැනර් එකක් තමන් වැඩ කරන ආයතනයෙන් අරන් දෙන්න ඒක නම් අපිට ලොකු හයියක් වෙයි......

එහෙනම් මේකට එනවා කියන එක අපිට කියන්නෙ කොහොමද කියන එක ඉදිරියේදී දන්වන්නම්..
තියෙන තරඟ සහ සියළු විස්තරත් එක්කම.....

එහෙනම් ඩීජේ සංගීතයත් දිවා ආහාරයත් සිසිල් පැනුත්.. තව එකී, මෙකී සහ නොකී දේවලුත් (හොරෙන් ඇහැක් ගැහුවා ඕන්..) එක්ක සුපිරි දවසක් ගෙවන්න කට්ටිය රෙඩි වෙන්න.....

වැඩි විස්තර දැන ගන්න ඉතින් මටම කතා කරන්න.... +94714449162.

27 comments:

  1. මේ තියෙන්නේ එලටම...

    ReplyDelete
  2. නියමයි අබ්යා...නියමයි....නියමෙටම පොස්ට් එක තියෙන්නවා..හෑමොටම උපරිම්යෙන් සතූටු වේන්න පුලුවන් විදියට වෑඩේ කෙරෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා......

    ReplyDelete
  3. අලුත් වැඩසටහනක් වාගෙ.බලමු ඉදිරියට විස්තර.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අනේ ළමයිනේ මගේ නිවඩුව ගන්න හිතාගෙන ඉන්නේ ජුනි මාසයේ අග හරි ජුලයි මාසයේ මුල හරි.

    මොකද අපේ කොලුවව කින්ඩර්ගාඩ්න් එකකට රෙජිස්ටොර් කොලා.

    ස්කෝල පටන් ගන්නේ අප්‍රේල් මාසයේ. සාම්‍ර නිවාඩුව ලැබෙන්නේ ජුලයි -
    අගෝස්තු.

    ඉතිං මට එන්ට හැටියක් නෑ අයියෝ.

    ඒත් මට ත් ඇහක් වෙයි අපේ යාලුවෝ වෙනුවෙන් රුපියල් 5000ක විතර අනුග්‍රහයක් දක්වන්න.

    සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝමට සුභ පතුම් . . !

    ReplyDelete
  6. "සයිබරයේ සිහින බක් මහ උළෙල" සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මගෙනුත් සුබ පැතුම් :)

    ReplyDelete
  7. ෂුවර් නේද අප්රියෙල් දෙවෙනිද කියල, පලවෙනිද නෙමෙයිනෙ. මමත් ලංකාවෙ ඔය දවසට,ෂුවර් එකටම එනවා.සිංහලෙන් කියනව නම් අනිවා ඩෙෆා.

    ReplyDelete
  8. අඩේ මෙකට නෑවිත් කොහොමද? අනිවා එනවමයි.....

    ReplyDelete
  9. අභී අයියේ...... ගින්ද‍ර ඈ....

    ReplyDelete
  10. හදිස්සියේ උද්ගත වූ තත්ත්වයක් නිසා දිනය අප්‍රේල් තුනට දැමීමට සිදු විය.... (ලෝක කුසලාන අවසන් තරගය සහ පිටියේ ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් මත මෙය කිරීමට සිදු වූ බව කාරුනිකව සලකන්න....

    ReplyDelete
  11. හරි, එතකොට දැන් අභී හිතන්නෙ මම ගම හාමිනේගෙ යාළුවාගේ මාලේ උස්සන්න ඕනෙ ?

    මමත් ඉතින් එන්න ඉන්නෙ ලබන ජූලි අගෝස්තු දිහාවට තමා... මොනව උනත් එල ප්ළෑන.... මගෙනුත් රුපියල් 5000ක් ලියගන්නකෝ එහෙනන්. මූනු පොතේ මැසේජ් එකක් කාරිය එවල කියන්න කොහොමද, කවද්ද එවන්න ඕනෙ කියලා.....!

    ReplyDelete
  12. අභීත අය්යා ගින්දර වගේ වැඩක්. එහෙනම් ඉතින් පිස්සත් සැබෑ නම් ගමින් කල එලි බහින්නම් එදාටම. හික් හික්.

    අභීත අයියා ලංකාවට ගොඩ බැහලම දු.ක ඇමතුමක් දෙන්නද... තව මාසෙකින් හමාරකින්.

    ReplyDelete
  13. අය්යේ..... මේ හිනේ සැබැ වීමේ රහස..... කියන්න....

    ReplyDelete
  14. apppaaa... aniwaryen maath enawa ekata nan.. hamadama ude hawasa yana ena paare thanak thora gaththa eka gana sathutui.... amaruwen hoyagena enna ona nane... :) me wage adahasak genapu ayata pin...

    ReplyDelete
  15. පූසො සෙට් එකත් එදාට බහිනවා...නියම වැඩක්.

    ReplyDelete
  16. එහෙනම් ඕං මාත් එනවලු එදාට...ආධාර පත්තරෙ කොනකින් නම ලියාගත්තත් කමක් නෑලූ ඕං... :)

    ReplyDelete
  17. සියලු දෙනාටම සැබැ වෙන හීනය මට විතරක් හීනයක් වෙන හැටි.......

    ReplyDelete
  18. මමත් එනවෝ. එද්දි අර ඇහැ ගහපුවා අරගෙන එන්නම් :-P

    ReplyDelete
  19. නෑවිත් බෑනෙ... එන්න ඕනා කොහොමහරි... තොරතුරු දන්වන්නකො... :D

    ReplyDelete
  20. අඩේ අයියා ​ඕං එකම මාලුවත් අවුරුදු උත්සවේට පීනන්න තීරණය කොලා. තව මාළු කාරයෝ, ආහ්...වැරදුනා මාලු යාළුවෝ දෙතුන් දෙනෙකුත් එක්කංම එන්නං.

    ReplyDelete
  21. ඔන්න රනිල්ගේ අඩවියෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  22. මට නම් ආයේ හදිසියේම කට්ටියට බයි බායි කියන්න වුණා. ඊයේ රෑ ලංකාවට සමු දීලා ආයෙම කටාර් ආවා නොවැ...

    ReplyDelete
  23. මාත් වැඩේට බහිනවා....බිලී පිත්තක් තමා නැත්තේ.....

    ReplyDelete
  24. මං නැවිත් කොහොමද ?

    ඩෙනිමට උඩින් අර අළුත් SBU T එක දාලා, කිට මරලම බහින්නන්කෝ...

    ReplyDelete
  25. එක එකාගෙ බ්ලොග් කියව කියව ඉදල මේ ඊයෙ පෙරේද කොමෙන්ට් දාන්න පටංගත්ත මාවට් ඕකට වැද්දගනී නේද ආවොත් . . . .????

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...