Saturday, February 5, 2011

කසියා ගහපු අපිට මොන විස්කිද?

ලියන්න කතාවක් නැතුව කැරකි කැරකි ඉන්නකොටම  මෙන්න මගේ ලෝකයෙන් පෝස්ට් එකක් දාලා මමත් චරිතයක් කරලා.... මගේ කොටස ඒකෙ කමෙන්ට් එකක් විදිහට දැම්මත් පස්සෙ රංග අයියා (කොල්ලා වගේ හිටියට මටත් වඩා නාකියි ඌ...) දාපු කමෙන්ට් එකක් නිසා කතා තොගයක් මතක් උනා... ඒකටනම් මචන් බොහොම පින්.... බීම ගැන මම කියවනවා වැඩියි වගේ මට හිතෙනවා.. ඒ නිසා මේකෙන් පස්සෙ පෝස්ට් 25ක් යනකන් බීපු කතා කියන්නෙ නෑ ඔන්න... කාලෙකට කලින් මගෙ පෝස්ට් එකකට සොඳුරු සිතේ වත් දාපු කමෙන්ට් එකක් මගෙ ඔළුවෙ තවම තියෙනවා...... ඒ නිසාම මම ඒ ගැනනම් පරිසම් වෙනවා....



මේ කතාව පාසල් කාලෙ ගැන.. ශිෂ්‍ය නායක දින වලට සහභාගී වෙන්න යන හැටි ගැන මම කලින් කියලා තියෙනවනේ.... ඔව්.. අර  චොසා අයියා මාතර ඉඳන් කොළඹ ආපු හැටි කතාවේ තමා.... ඒ නිසා හැදින්වීම ඕනෙ නෑ කෙළින්ම කතාවට බැස්සෑකි... ඉතින් ඒ කතාවේ උඩින්ම තියෙන ඉස්කෝල අතරේ අපේ නවම් මාවතගේ, රංගගෙ, පිස්සගේ ඉස්කෝලත් ඇතුලත්... දැන් අපි යන හැටි දන්නවනේ.. කලින් දවසෙ තුන විතර වෙද්දි අදාල පලාතට ගොඩ බහිනවා... ඊට පස්සෙ එයාලා දීල නවාතැනට ගිහින් පොඩි වොෂ් එහෙම දාලා ඊවිනින්ග් ගමන් වලට සෙට් වෙනවා.... ඒ ගමන් ගෙන කිව්වොත් වර්ග තුනයි... උදාහරණයක් විදිහට අපි ගාල්ලේ ගියා කියමුකො..


1. කලින් ශිෂ්‍ය නායක දින වලට ගිහින් සෙට් වෙච්ච ගෑණු ළමයි ඉන්නවනම් ඔවුන්ගේ ගෙවල්වලට යෑම හෝ වෙන තැනකදි හමුවී රෑ වෙනකන් දෙඩීම...


2. අහින්සක උදවිය, සංචාරය.. ගාලු කොටුව.. උණවටුන.. ආදී නොයෙක් තැන්..


3. අදාළ පාසලේ බොන එවුන් අපි වෙනුවෙන් සකසා ඇති සංග්‍රහය භුක්ති විදීමට යෑම....


ඔය තුන් වෙනි කාරණාව තමයි නැගලා යන්නේ... තමන්ගෙ පාසලට එන උන්ට හොඳට සලකන්න ගොඩාක් එවුන් මහන්සි වෙනවා.. අතේ සල්ලි නැති නිසා අඩු වියදමින් වැඩි ආතල් දෙන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ.... අනිවාර්යයෙන් සඳහන් කල යුතු දෙයක් තියෙනවා... මගේ ලෝකය බ්ලොග් එකේ කතා කීපෙකින්ම හම්බුන කළු මල්ලි තමයි එදා මෙදා තුර අපට හොඳටම සලකලා තියෙන්නෙ.. රංගයත් පැත්තකින් ඉන්න ඇති.. ඒත් ඌ වැඩිය මතක නෑ... 


දැන් ඉතින් අපි ගාල්ලෙ මොන ඉස්කෝලෙට ගියත් කළුවාට කෝල් එකක් දීලා තමයි යන්නේ... රට වටේ තියෙන නම ගිය විද්‍යාල කීපෙකම කොල්ලො ටික සෙට් වෙනවා 8 විතර වෙද්දි ගාළු කොටුවට.... තඩි සයිස් ප්ලාස්ටික් භාජන කීපෙක එනවා කෝඩියල් පාට බීමක්... රහ වෙනස්.... උඩ මාතෘකාවෙන් වැඩි ප්‍රමානයක් දාලා තව ඔය ගනන් අඩුම ගල් කියන එකෙනුත් බෝතල් දෙක තුනක් රහ එන්න වගේ දාලා කෝඩියල් බෝතලේකුත් හලාලා භාජනේ පිරෙන්න වතුර දාලා ඇපල් අන්නාසි කෑලි කපලා දාලා තඩි පොල්ලකින් කලවම් කරලා තමයි ඔය භාජන දෙක තුන එන්නේ.... ගෙවල් වලින් උස්සපු ප්ලාස්ටික් කෝප්ප තමයි පිහිටට එන්නේ.. මොකද පේපර් කප් කියන ඒව ගන්නවත් ඒ එන කවුරුත් අතේ සල්ලි නෑ.... 


විශේෂත්වය මේකයි.... පලවෙනි කෝප්පේ ගහපු ගමන් ඇස් දෙක හීනි වෙනවා... දෙවෙනි කෝප්පෙ ගහපු ගමන් තොලකට වේලෙනවා... තුන්වෙනි කෝප්පෙ ගහපු ගමන් බෙල්ල කඩන් වැටිලා ගොත ගහන්න ගන්නවා.... කරුමෙටවත් හතර වෙනි කෝප්පෙ ගැහුවොත් නොදන්න එකෙක් ඌව ගෙනියන්න වෙන්නෙ කරේ.... ඕන චන්ඩියෙක් ඔය බීමට නාග සලං.... අපි ඉතින් බොහොම පරිස්සමින් තමයි ඕක බොන්නෙ.. මොකද බීලා චොර උනොත් අරුන් හෙට උදේ ඔක්කොටම කියනවානේ.... 


ඉතින් ඕක ගහලා පටන් ගන්නවා සිංදු.... හෙමීට පටන් ගන්න සින්දු විශාල ගෝශාවක් වෙන්න ටික වෙලාවයි යන්නේ.. අහල පහල උන් කෝල් කරනවා පොලීසියට.... ඊට පස්සෙ පොලීසියේ ජීප් දෙකක් විතර සැර දාගෙන කුණුහරප කියාගෙන එක සද්දෙන් බහිනවා... දෙබස මෙහෙමයි...


කෝ කෝ කවුද කවුද ඔතන. නැගපියව් ඔක්කොම ජීප් එකට... මුන් කොල්ලො නෙමෙයි කොලු තාත්තලා... බේබද්දෝ වගේ බීලා මෙතන අහල පහල ගෙවල් වලට නිදා ගන්නත් නෑ... ඔහොම බැනලා ඉවර වෙද්දි අපේ ගාල්ලේ උන් අතරින් දෙන්නෙක් විතර ඉස්සරහට එනවා පොලිස් අන්කල්ගෙ නමම කියාගෙන....


ආ.. xxxxx අන්කල්..මේ අපි යාළුවෝ ටිකක් එක්ක සෙට් උනා.. හරි ආ... අපි ඉකමනට යන්නම්.. හරි හරි..


ආ.. සර්ලත් ඉන්නවද? යාලුවෝත් එක්ක ඉක්මනට යන්න සර්.. නැත්නම් අපියි තැලෙන්නේ....


කවුද මේ ඉස්සරහට යන උන්... ගාල්ලේ ඒඑස්පීලගෙ, ඩීඅයිජීලගෙ, ඇමතිවරුන්ගෙ පුත්තු.. උනුත් මේ ඉස්කෝල වල ශිෂ්‍ය නායකයොනේ.... ඉතින් ඔන්න ඔහොමයි අපේ පාටිය අවසන් උනේ ඒ කාලේ......


ඊට පහුවදා නැගිටලා ලස්සන සුදු ඇඳුම් ඇඳලා බ්ලේසර් දාලා ඉතා විනය ගරුකව අපි අපේ විද්‍යාලය නියෝජනය කරලා එනවා....


මම මේ කතාව කිව්වේ ටිකක් හිනා වෙන්න නෙවෙයි.... කවුද අපට මේ ජරා වැඩ පුරුදු කලේ කියලා කියන්න... මේ පෝස්ට් එකේ පහලින්.... "observer : ඔව් ඔව් ඒ කාල කසිය එහෙම ගහපු එකා දැන් විස්කි නැත්නම් බොන්න බැරිලු." කියලා කමෙන්ට් කරපු උන් තමයි අපිට ඕවා පුරුදු කලේ කියන්නයි.....


ප.ලි. රංගයා...  ශේප් මචන්.... ආයෙ නෑ..... (ලාවට හිනා)   

22 comments:

  1. අෆ්ෆා මොනවද අර කවලම් කරලා තියන ජාති o_O කියවනකොටත් වදිනවා :/

    ReplyDelete
  2. හෙහේ මරු ශිෂ්‍ය නායක පහසුකම් නේ අප්පා...ඉතින් ඔය ශිෂ්‍ය නායක දින වලට ගුරුවරු යන්නේ නැද්ද.... ??? ඔච්චර සෙල්ලම් දාන්නේ..

    ReplyDelete
  3. දංකො‍ටුව ඉස්පැසල් බීල තියනවද . . . . ??? වෙල් ටොනික් නෙමේ . . . ඔරිමජිනල් "වෙනිවැල් ගැට" ඉස්පැසල්

    ReplyDelete
  4. කචල් පැන්ටා වගේ ..ඔයවගේ පානයක් ගැන මම කලින් අහලා තිබුනේ නෑ ..ගෙදරදී හදාගන්න පුලුවන් එකක් වගේ..ට්‍රයි කරලා බලමු .

    ReplyDelete
  5. ඒ කලේ ඉඳන් බේබද්දෝ නේ?

    ReplyDelete
  6. අපේ ක්ලාස් එකේ හටපු ශිෂ්‍ය නායකයො දෙන්නව අයින්කලා බන්..
    උන් දෙන්න බෙන්න නායකත්වය දීල පිනාට මාට්ටු.....

    ReplyDelete
  7. ඉකේයියා...ගමේ බඩු අපිට....

    ReplyDelete
  8. හක් හක්....
    ගන්න අපේ දේ.........

    ReplyDelete
  9. හරියටම රෙසපිය දාන්ඩකො අපිටත් ඔක හදාගන්න, ෂොට් 2කෙන් වදිනවා නම් එල කිරි

    ReplyDelete
  10. අඩේ smirnoff පලතුරු බීම එක්ක බොනවා වගෙ!!! අපේ එවුන් මේ සීන් එක දන්නේ නෑ!! දන්නවා නම් ඉන්ටර්නසනල් අත ඇරලා දේශිය නිශ්පාදන වලට බහිනවා
    හික් හික්ස් :D

    ReplyDelete
  11. හලේ.... ඉරේශ් ට දෙන්න අය්යා ඔය රෙසපිය. ඇඩ්‍රස් එකත් ඒ එක්ක ඉල්ලා ගන්ට. හරි ගියොත් කට්ටිය හැමදාම එහෙ

    ReplyDelete
  12. මරු සංග්‍රහනේ ශිෂ්‍ය නායකයන්ටත් සෙට් වෙන්නේ. :D

    ReplyDelete
  13. මමත් ඉතින් ඒ කාලේ ඉස්කෝලේ, අමධ්‍යප සංගමයේ සභාපති... හැබැයි, කොහොමත් ඉස්කෝලෙන් අස්වෙනකං නං කටේ වත් තිබ්බෙ නැහැ.... ඊට පස්සෙනෙ බොලේ බීමේ රහ දැනුනේ..... අපරාදේ අමධ්‍යප සංගමේට වැය කරපු කාලේ....!

    ReplyDelete
  14. කොහෙද ඉතින් ගාලුම එන්න ඕනි ....

    රංග හැබැට අභීතට වඩා වැඩිමල් නේද? අභී අයියෙ ඒ වුනාට ඒ බවක් පෙන්නෙම නැහැනෙ...

    ReplyDelete
  15. අඩෝ උඹ කසියත් ගහල තියෙනවද? හොඳ වෙලාවට ඒ කාලෙ උඹව අඳුරන්නෙ නැත්තෙ. මම නම් දුර පලාත්වල ප්‍රිෆෙක්ට් ඩේස් වලට යන්නෙ නෑ. යන්නෙ ගාල්ලෙ මාතර ගෑනු ඉස්කෝල වල තියෙන ප්‍රිෆෙක්ට් ඩේස් වලට විතරමයි ;-)

    ReplyDelete
  16. අනේ යකඩෝ මට ඒකාලෙ ඔය තැරියෙක් වෙන්න බැරි උන්නානෙ [ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ ප්‍රිෆෙක්ට්ස්ලට එහමයි කියන්නෙ. ඔව් ඔව් අකුරු මාරුවෙලා නමෙයි. "තැ" තමයි] ඒත් ඉතිං ඔය වෙල්ෆැන්ටා සුවඳටම මං කර්පට් වෙලා.

    ReplyDelete
  17. මමත් ඔයවගෙ එව බිල තියනව..
    ලොකල් කොක්ටෙල්..
    හදන්න විශෙශ ක්‍රමයක් නැ..
    කොඩියල් (සන් ක්වික්) වගෙ 1ක් හදල හල් පොල් බිර
    ඔක්කොම දාල කවලම් කරන1ක තමයි කරන්නෙ...
    හොදට නටන්න පුලුවන් ශන්තිජනක පානයක් නෙ ඔක...

    ReplyDelete
  18. කස්ටිය වරදවා වටහාගන්න එහෙම එපා,ඔබ්සර්වර්ගෙ කොමෙන්ට් එකකට "මගේ ලෝකයා" දුන්නු උත්තරයක් මිස ඔබ්සර්වර් කියපු කතාවක් එහෙම නෙවි ඕන් අර අභීත + කසිය කතාව. ඔබ්සර්වර් අහිංසකයා.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. හතර වරං ෆන් කරනන්

    ReplyDelete
  21. ෆන් රස ඕනාවට වැඩී

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...