Friday, February 11, 2011

හුටා..... මාරම සීන් එකක්.... මාව මැරුවත් මදිද මන්දා.........

ඊයෙ ලියපු පෝස්ට් එක නිසා ඇති වෙච්ච සන්තෑසි ගොඩයි.... මගේ බ්ලොග් එක නිසා ඉතිහාසයේ වෙච්ච පලවෙනි සිත් රිදුම ඊයෙ තමයි උනේ.... ඒ පිළිබඳව සමාව අයදින ගමන් මේ කතාව ආරම්භ කරන්නයි යන්නේ.... අනිත් එක තමයි හපොයි මේ බ්ලොග් අවකාශෙ කොල්ලො කෙල්ලො හොයාගන්න නැතුව කට්ටිය විඳින දුකක්.. ඔක්කොම දාලා තියෙන්නෙ අනේ මටත් මටත් කියලා කමෙන්ට්.... බුදු නංගියේ මල්ලියේ  පුතේ දුවේ අනේ මම නම් ආයෙ කරන්නෙ නෑ මේ වගේ වැඩ..... උඹලම හොයා ගනිල්ලා... මාරයාට කිව්වම පොරොන්දමුත් හුටස් ගාලා බලලා දෙනවා නොවැ..... මේ කතාවත් එක්ක තව රස කතා ගොඩාක් ඇදිලා ආවා..ඒවත් කියලම පටන් ගමු....


බ්ලොග් ලෝකය අන්ජාව දන්නෙ නැති නිසා තමයි ඌව ප්‍රසිද්ධියේ දැම්මේ..ඒත් කතාවට අදාල නංගියාව දැම්මෙ නැත්තෙ එහෙම මඩ ගහන එක හරි නැති නිසා... ඒත් මැය කවුද කියලා හොයන්න කට්ටිය සෑහෙන මහන්සියක් ගත්තා.... ඒත් හොයාගන්න බැරි උනා මම හිතන්නේ... මාව අන්දලා අහගන්න මාරම උත්සහයකුත් ගත්තා.... ඒකෙන් හොඳම නෑම නෑවෙ කවුද කියන කතාව තමයි මම මේ කියන්න හදන්නෙ. නෑවා කියන්නේ හවුලෙ නෑවේ.... කවුද මේ දෙන්නා.. සිහින තවලමේ සුදු හංසි නංගියි මාරයාගෙ හෝරාවේ දෛවඥ්ඥ මහත්තයයි තමයි.. කතාව මෙහෙමයි.....


අද දවසෙ දිව්වේ වැප් මල්ලිගෙ ගමට යන බස් එක.. මේකෙ ඔය උඩ කියපු දෙන්නා චොකලට් එකක් මුල් කරගෙන කතාවක් හෙමින් හෙමින් ගියා... ටිකකින් සුදු හංසි නන්ගි ආවා ගූගල් චැට් එකට.. මෙහෙම දෙබසක් යනවා...


අභී අයියා.. ඉන්නවද?


අභී අයියේ.... අඩේ අභී අයියේ.. තෝ ඉන්නවද ඔතන?


ආ.. නංගි කියන්න.....


මේ.. පොඩි චීත්ත කතාවකට ආවේ....


මොකක්ද කියන්න....


කවුද අයියෙ අර ගෑනු ලමයා...


කියන්න බෑ නංගි.. පුලුවන්නම් හොයාගන්න...


නෑ නෑ... මම රහසක් විදිහට තියාගන්නම්..


අනේ මම නොදන්න ගෑනුන්ගෙ රහස්..... ඒ නිසා කියන්න බෑ....


ඔන්න දැන් ටිකකින් මාරයා එනවා ගූගල් චැට් එකට....


ඒ මචන්.. කවුද බන් අර කෙල්ල..... කොහෙද අම්පාරෙද මඩකලපුවෙද නේද ඉපදුනා කිව්වේ...


ඔන්න එතකොට මට මතක් උනා මුන් දෙන්නගේ චොකලට් කතාව... බz එකේ ගිය.... මම නිකමට කණා පාරක් ගැහුවා කෝකටත් කියලා....


අනේ පලයන් මාරයියේ යන්න... උඹ සුදු හංසිත් එක්ක එකතුවෙලා මාව අන්දලා අහගන්න නේද හදන්නෙ කෙල්ල කවුද කියලා.....


ඒ පිස්සුද බන්......


මොකක්ද පිස්සු.. සුදු හංසි උඹට චොකලට් එකක් දෙනවා කියලා මගෙන් අහගන්න කිව්ව කියලා අර මාත් එක්ක කිව්වෙ චැට් එකේදි... 


යකෝ.. ඕකි කිව්වද? හිටුකො මම ඕකිට කියන්න.....


මම ඊලඟට හැරුනේ සුදු හංසි නංගි පැත්තට.... ගූගල් චැට් එක යන්නෙ මෙහෙමයි.....


අනේ නංගි.. උඹලට බෑ මාව තම්බන්න... උඹ මාරයාට චොකලට් එකක් දෙනවා කියලා මගෙන් ගෑනු ලමයගෙ නම අහගන්න කිව්ව නේද?


හී හී... අනේ අයියෙ මම කරනවද ඔහොම වැඩ....?


එහෙනම් අර මාරයා කිව්වේ....?


හිකිස්..අයියෝ..එහෙම කිව්වද? ශිහ්.... හිකිස් හී හී.....


කෙල්ලන්ගෙ චොකලට් එකක් වෙනුවෙන් කඩේ යනවට මාරයාටත් හොඳ පාඩම් මේවා..... :D ඕකට කියන්නේ නාකි විසේ ගෙටත් උසේ කියලා.... ආයෙත් :D


මේ කතාවත් අන්ජා ගැන... අත්තටම ඒ පෝස්ට් එක ලිව්වට පස්සෙ මට හෙන අවුල්.. සැරින් සැරේ කතා කරලා ඌට කියවන්න කියලා ඇහුවා "මචන් උඹ බලලා අවුල්නම් කියපන්.... මම මේ පෝස්ට් එක ඩිලීට් කරන්නම්" කියලා. මොකද කොච්චර මඩ ගැහුවත් අපේ හිත දන්නවනේ මූ අපි වගේ චොර වෙච්ච නැති ඩයල් එකක් කියලා... ඒත් මූට හවස් වෙනකම්ම මේක බලන්න උනේ නෑ... ඉතින් කතා කලා අමිලට... උගෙන් වත් උපදෙසක් ගන්න හිතාගෙන.... ඒ දෙබස මෙහෙමයි.....


මචන් අමිලයා... මාර සීන් එකක් බන්....


ඇයි බන්....


මම අන්ජට මඩක් ගැහුවා... ඒක ටිකක් සැර වැඩියි වගේ.... පොඩ්ඩක් උඹත් බලලා කියහන් ඒක සැරද කියලා... එහෙමනම් ඒක ඩිලීට් කරලා දාමු..


හිටපන් බලන්න.. මොකේද?


මගෙ බ්ලොග් එකෙ.. ඔන්න ෆේස්බුක් එකේ ලින්ක් එක එව්වා....


දැන් අමිල කියවනවා.. මම ෆෝන් එකට කන තියාගෙන ඉන්නවා... විනාඩි දෙකක් විතර ගියාට පස්සෙ මූ මෙහෙම කිව්වා....


ආ... මේ තියෙන්නෙ ලස්සනට..... ශෝයි එකට ලියලත් තියෙන්නේ.. ඇයි ඩිලීට් කරන්නේ.. ඔහොමම තියහන්....


ඒ උනාට සැර වැඩිද මන්දා බන්.. ඌ හොඳ එකානෙ....


මේ !@#$#@..... තෝ #$^%&%&%& හදන්න එපා.... ඕකාට ඒ කාලෙ ඉදන්ම මඩක් ගහන්න බැරි උනා... ඕකවත් තියපිය... නැත්නම් ඕකට කොහොමත් මඩක් ගහන්න වෙන්නෙ නෑ ජීවිතේට..... (ගොඩාක් සැර වචන හිතන්න එපා..ලියලත් බැරි නොලියත් බැරි වචන තමයි මූ පාවිච්චි කලේ...)


උදේ ඉඳන් අවුල් වෙච්ච හිත හදාගෙන මම පෝස්ට් එක ඩිලීට් නොකර ඉන්න තීරණය කලා... 


ප.ලි. ඊයෙ කමෙන්ට් විදිහට මගුල් කපුකම් ඉල්ලලා එවපු අයගෙන් සමාව ඉල්ලන්න ඕනෙ.. දෛවඥ්ඥ මහතාගේ සහාය ඉදිරියට නොලැබෙන බව දන්වා ඇති හෙයින් මම ඒ රස්සාව ලත් තැනම නවත්තන්න තීරනය කලා.....


ප. ප. ලි.   හෙට හවස දෙකට.... ඒ කියන්නෙ 2011 පෙබරවාරි 12 වෙනිදා පස්වරු දෙකට විහාරමහාදේවි එකට ඔක්කොම එකතු වෙන්නෙ ඉලන්දාරියාව ගොඩ ගන්න.... එතනට එන අය පහත දුරකතන අංකවලට කතා කරන්න... 0779917666 දුකා, 0718689555 නිශාන්ත 0714449162 අභීත සහ 0773652592 අසංක

19 comments:

  1. ඇයි බොල බස් එකේ එවුව මෙතන ආයෙම දාන්නේ. ශෙහ්.. පරිස්සමින් බස් වල යන්න වෙයි වගේ..

    ReplyDelete
  2. බස් එකේ නෙවෙයි... ගූගල් චැට් එකෙ උනේ තාරක

    ReplyDelete
  3. හෙහ් හෙහ් හෙහ් ;)

    ReplyDelete
  4. හික් හික්.. අභිත අයියා නොදැන මඩක් ගහලා.... හී හී......:-D

    ReplyDelete
  5. @$#$&^$^&*%^*&$^%#%^&*^$#&%^^%&^%E#%$

    දැන් හරිද..?

    අනේ බං උඹ හිතුවද මං ඕවාට තරහා වෙයි කියලා...

    අවුලක් නැහැ..අනික ඉතිං මේ දැන් විනාඩි ගානකට කළින් මට හම්බ වෙච්ච ආරංචි මෙවෑ ලියන්න පුළුවන්ද..?
    අපි එහෙමයි...මට එකක් විතරක් කියහං අභියෝ..
    උඹෙ ඇත්තම රස්සාව මොකක්ද..?
    දන්නැති හින්දයි අහන්නේ..හොද සැපයුම් කරුවෙක් කියන්නේ බොරුවක් නේද..?
    අනේ අර රත්ගමයාගේ වචනේ ටිකක් ණයට ගන්න ඕන
    චිකේයියා...

    ReplyDelete
  6. අයියෝ මම හීන මව මවා උන්නේ අභීත අයියා මට කෙනෙක් හොයලා දුන්නම ඉස්සරහට කරන දේවල් ගැන. දැන් ඉතින් මොනවා කරන්නද හිත හදා ගන්නවා ;)

    ReplyDelete
  7. මාරයා වල් මාරයා...අපෙත් ඉන්නවා කෙල්ලො දෙන්නෙක් බ්ලොග් ලියන..පහු ගිය දොහේ මුනු පොතේ මේ කෙල්ලොන්ගේ ෆෝටෝ වලට ලයික් වැටෙන්න ගත්තා..කොමෙන්ට් වැටෙන්න ගත්තා..කාගෙන්ද බැලුවම..මාරයාගෙන්...ඉකේයියා...විහිලුවකට වත් අපේ බ්ලොගක් පැත්තේ ඇවිල්ලා...ආ...රත්ගමයා මලේ...උඹ කාලද කියලා අහන්නේ නැති එකා අර කෙල්ලගේ බ්ලොග් එකේ පැල වෙලා..කෙල්ල පෝස්ට් එක දැම්ම ගමන් උඩින්ම කොමෙන්ට් එක මාරයාගෙන්...වයසට කොරන වැඩද අප්පා මෙව්වා..ඉකේයිය නේ මම අහන්නේ...
    මම කෙකටත් කෙල්ලට කිව්වා...කෙල්ල පරිස්සමෙන් ඉදපන් කියලා....
    දැන් මේක දැක්කොත් කියාවි...අඩෝ රත්ගමයා...කුප්ප කතා කියන්න එපා යකෝ කියලා...ඕක කියන්න කලින් මම අදාල අවස්තා වල ස්ක්‍රීන් ශොට් ගත්තා...දැන් කියපිය කෝ බලන්න...ඉකේයියයා කියලා....

    ReplyDelete
  8. මම දෙකක් දාල ඉන්නෙ දැන්... මට ෆුල් අඤ්ඤකොරොස්, දැන් රෑ 2ටත් ලඟයි... මේක මේ මාරයාගේ බ්ලොග් එකද නැතිනම් අභියාගේ බ්ලොග් එකද ? මොකෑ මේ ඔක්කොම මාරයාට බනින්නෙ...?

    ReplyDelete
  9. අනේ අභී අයියේ අපිත් ලිස්ට් එකට එන්නද? අභී සහ මාරයා එකතු වෙලා අපිට කෙල්ලො හොයල දෙන වැඩේ පටන් ගත්තා නම් කොහොමට හිටීද?

    ReplyDelete
  10. Abjata mada gahapu eka kethai thama...eth sudu kiwwa wage anjatath madak wadinna epai..e hinda delete koranna epa....
    yakoo rassawa nawattala komada uba ape ammalatath porondu una neda mata magulak hoyanawa kiyala...

    ReplyDelete
  11. Abeetha ubata duka den Anjata mada gahapu ekatada?...thopi apita mada gahaddi oya duka nehe neda...ei ubath den Runa wageda?...

    ReplyDelete
  12. අභියා..මචං ම හිතන්නේත් අර දුමියා කිව්වා වගේ දැන් මේක මගේ බ්ලොග් එක වේගන එනවා වගේ..
    ඇයි යකෝ මේකේ උඹ ගැන මෙලෝ සටහනක් නැහැනේ..
    ඒක හින්දා මෙව්වට රිප්ලයි කොරන වැඩෙත් මටම කරන්න වෙයිද මංදා...

    රත්ගමයා...

    ගහපං මල්ලියා උඹලා ඔක්කෝම එක්කාසු වෙලා වට කරලා ගහපල්ලා..මට එතකොට මාරම සතුටක් දැනෙනවා..ඇයි යකෝ මොකද මේ ගැටව් මේ තරමට මට බය කියලා..පස්සෙන් වැටීගෙන ගිහින් යන එන තැන් හොය හොය..ෂෙහ්..මාත් නිකං එංගලන්තෙ රජ පවුලේ එකෙක් වගේනේ..උඹලා වගේ පැපරාසින්ට ටාගට් එකක් වෙන්න...
    නියමයි රත්ගමයෝ...කිසිසේත්ම ඉකේයියා නැහැ හොදේ...
    උඹ මොනවට හරි බය වෙලාද මල්ලියා ඉන්නේ..ඇත්තම කියහං..?

    @ඩිලා...

    උඹට පිස්සුද බං මල්ලි..මේ අභියත් එක්ක එකට එකතු වෙලා මේලෝකේ දෙයක් කරන්න හොද එකෙක්ද..?
    උඹලට ඕනනං කියහං මං මොනවා හරි උදව්වක් කරලා දෙන්න බලන්නං..මොකද උඹලට ආසද අභියට කියලා උදව් අරං ඊ ළගට පත්තරේ දාගන්න..

    @පූසා...

    මල්ලි උඹ දුක් වෙන්න එපා..වරෙං හොද පුසියෙක් හොයලා දෙන්ට...

    ReplyDelete
  13. මදෑ බොට කියලා මාත් මගුලක් කරගන්න හිටියා...

    ඒක නෙවේ බං.. නාකි විසේ ගෙටත් උසේ නේද? පවු බං අහිංසකයා... ඔහොම කරන්න කරන්න එපා අභියා...

    ReplyDelete
  14. හප්පේ....... චැට් හිස්ට්‍රියේ හොදම ටික කොපි කරගත්ත එන හොදට ගියා... මෙන්න මෙහෙමලු උනේ...

    සුදු හංසී: හලේ සුදු අයියා
    මගේ දෙයියා
    12:49 PM හලේ අයියා
    12:50 PM මේ යුවර් ඇටෙන්ෂන් ප්ලීස්
    12:54 PM අඩෝ අ‍ඩේපාල මාමා

    අභියා: කියන්න


    සුදු හංසී: හිකිස්‍
    සුද්ද සිංහලෙන්ම අමතන්න ඔනි ඇයි අහන්න
    බිචීද හප්පා
    :)


    ඔන්න ඔහොමලු උනේ.... අනිත් එක මාරයා අයියා නෙවෙයි හප්පා ඔය චීත්ත වැඩේට මාව පෙළඹුවේ.. වෙන එකෙක් ඒක උඩ කමෙන්ටුවකුත් දාල තියෙනවා.... පව් මාරයා අයියා... කමක් නෑ ඉනිත් තව තව නම ප්‍රසිද්ද වෙන එකනේ වෙන්නේ.... අනික අභි අයියේ මේ හැටි මඩක් නොගහ චොකොලොට් එකක් අරන් ෂේප් කරලා දෙන්න තිබුනනේ යාළුපිට් එකට....

    ReplyDelete
  15. ඔන්න අපි ආව විහාරමහ දේවි එකට හවස....

    ReplyDelete
  16. ආව විතරන් නං මදෑ . . .

    ReplyDelete
  17. කිවුවත් වගෙ මෙක මාර බ්ලොග් 1ක් නොවැ..... !!!
    වෙන වැඩ නැද්ද?
    කාඩ් බෙදන්න...
    හොල් බුක් කරන්න...
    කැක් හදන්න..

    මම හිතන්නෙ තාම කාඩ් ගහන 1ක එවර නැ වගෙ...
    මම කියුවෙ වෙඩින් මගුලෙ කාඩ්...

    ReplyDelete
  18. වෙඩින් එක මද්‍යපද? අමද්‍යපද?
    කලින් කියන්න වෙයි මගෙ හිතෙ....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...