Saturday, March 5, 2011

2011ට පෙරලියක්... එන්න අපිත් එක්ක එකතු වෙලා විනෝද වෙන්න...

100 වෙනි පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ඉස්සෙල්ලම ස්තූතිවන්ත වෙන්න ඕන... අනේ මේ බ්ලොග් එක ගැන අදහස් තියෙනවනම් ගිහින් පළ කරලා එන්න දැන් උනත් පරක්කු නෑ... කමෙන්ට් නොකරපු කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් කමෙන්ට් කරන්න... මොකද ඒක මට ලොකු හයියක්.. හරි හරි යන්න යන්න.... ගිහින් කමෙන්ට් එකක් දාලා එන්න.... කමෙන්ට් ටික නම් මල් හතයි.... ආයෙ ඉතින් නිල් කැටේ වාගේ... මගේ බ්ලොග් එක යා යුතු මාවත ගැන නිසි අවබෝධයක් මට ලබා දුන්නා ඒක... ඒ ගැන නම් කමෙන්ට් කරපු අයට මෙන්න මගෙන් ආයෙත් තුති මල් මිටි දෙකක්......



සියවෙනි පෝස්ට් එක දාලා ගොඩාක් කල් යනකන් සද්දයක් තිබ්බේ නැත්තේ පහුගිය දවස්වල තිබ්බ අධික වැඩ කන්දරාව නිසයි.... ව්‍යාපාරික ගැටළු වගේම රජයේ බැංකුවක් මට කල හදියකුත් නිසා ඉතා දැඩි අවිවේකී කාලයක් තමයි ගෙවුනේ... ඒ අතරේ මගේ ආදරණීය අම්මා පොඩි පහේ අසනීපයකට රෝහල් ගත කිරීම නිසා සියළු වැඩ නවතා එක දිගට දින හතක් පමන කුරුණෑගලටම වී සිටියා... ඒ අතර තුරේ කුඩු උන කාර් එකත් යන්තම් අමුනගෙන කොළඹ ගෙනාවා.. (කොහොමද කාර් නයා..) අද කතාව ටිකක් හිනා වෙන්න නෙවෙයි.. පොඩි වෙළඳ දැන්වීමක් වගේ එකක්.... මගේ අළුත් පුංචි සමාගම ගිය සතියෙ නිළ වශයෙන් විවෘත කෙරුනා.... අද මම ඒ ගැන පොඩි හැඳින්වීමක් එක්ක පොඩි මාකටිං පාරක් දෙන්න යන්නේ....




බ්ලොග් එකේ දකුණු පැත්තේ දෙවැනියට තිබ්බ ලාංඡනය වෙනුවට අලුත් ලාංඡනයක් ඇවිත් නේද? ඒක තමයි මගේ අළුත් ව්‍යාපාර පොඩ්ඩ.... ලංකා ටුවර් ඕගනයිසර්ස් වෙනුවට දැන් ඔයාලට පේන්නේ එක්ස්ප්ලෝ(ර්) ලංකා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම Explore Lanka International (pvt.) Limited කියන නමින්... ව්‍යාපාර දෙකම එක වගේ උනාට අළුත් එකේ සේවා පරාසය ඉතා විශාලයි... මෙන්න ඒ ගැන.... ප්‍රධානව අපේ සේවාවන් බෙදෙන්නෙ කොටස් හතරකට...


01. හෝටල් වෙන් කරදීම් හා චාරිකා සංවිධානය කිරීම....

 මෙය ශ්‍රී ලංකාවේ ඕනම ප්‍රදේශයකට, අවශ්‍ය දින ගනනකට, අවශ්‍ය පහසුකම් අනුව අපි විසින් සංවිධානය කර දෙනවා.... ඊට අමතරව දඹදිව වන්දනා චාරිකා, සිංගප්පූරුව මැලේෂියාව වැනි රටවලට ව්‍යාපාරික චාරිකා, කෙන්යාවේ වන ජීවි චාරිකා, ඊජිප්තුව වැනි රටවල පුරා විද්‍යාත්මක චාරිකා වැනි දේවලුත් සංවිධානය කෙරෙනවා..... තවත් රටවල් රාශියක් එක්ක අපි සංචාරයීය කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.... ලංකාව තුල තියෙන විවිධ වර්ගයේ හෝටල් වල අසිරිය විඳ ගැනීමට වගේම කොහේ හෝ ගිහින් අතේ තියෙන ගානට ගැලපෙන, වගකීමක් සහිතව නවතින්න හැකි හෝටලයක් හොයාගන්න අපව අමතන්න ඔබට පුළුවන්...


02. කඳවුරු චාරිකා සහ ධීර චාරිකා....


ශ්‍රී ලංකාව තුල වගේම ලෝකය තුලත් සංචාරක ක්ශේත්‍රය තුල ඇති වී තිබෙන අළුත්ම රැල්ල තමයි මේ කඳවුරු හා ධීර ක්‍රියා.... ලංකාව තුල සිටින  මේ ක්ශේත්‍රයේ ප්‍රවීනයන් සමග අත්වැල් බැඳගෙන සිටින අපිත් මේ පිළිබඳව හසළ දැනුමකින් හා හැකියාවකින් හෙබියි..... ජාතික වනෝද්‍යාන තුල වගේම පාරිසරිකව ත් ඇද ගන්නා ස්ථාන බොහොමයක් අපි සතුයි... කඳවුරු උපකරණ මෙන්ම ධීර ක්‍රියා සඳහා අවැසි උපකරණද අප සතුයි... අවශ්‍ය අයට කුලියට ගැනීමක්ද කළ හැකියි.... මේ වර්ගයට අයත් වෙන තවත් ක්‍රියාකරකම් බොහොමයක් තිබෙන බවද පැවසිය යුත්තකි... ඒ අතර ලෙන් ගවේශණ, වයිට් වෝටර් රාෆ්ටිංග්, ගෑස් බැලූන් චාරිකා, දිය ඇලි චාරිකා, පා ගමන්, ආදී විවිධ ක්‍රියාකාරකම් ඉතා පහසු මිලට අපෙන් ලබාගත හැකියි... ලණුවක එල්ලිලා ලෙනකට බහින්න, කැළණි ගඟේ සැඩ පහර දිගේ ඩිංගි බෝට්ටු පදින්න, අලගල්ල බතලේගල ආදී කඳු පන්ති තරනය කරන්න වගේ ක්‍රියාකාරකම් වලට ඔබ කැමතිද? අපට කථා කරන්න.. ඔබේ අවශ්‍යතාවය ඉක්මනින් ඉටු වේවි....


03. වන ජීවී චාරිකා සහ කුරුළු නැරඹුම් චාරිකා....


ශ්‍රී ලංකාව තුළ තිබෙන ජාතික වනෝද්‍යාන තුල මෙන්ම වෙනත් ස්ථාන වලදීත් වන සතුන් නැරඹීම සඳහා මෙන්ම ගොඩාක් දෙනෙකුගේ විනෝදාංශයක් වෙච්ච කුරුල්ලන් නැරඹීමද අප ලවා සංවිධානය කරවා ගත හැකියි... අග නුවර සිට කිලෝ මීටර සිය ගානක්                             ඈතට ගිහින් ගහක මැස්සක් උඩට වෙලා, ඈත වතුර බොන වල් අලින් දිහා රැයක් බලා ගෙන ඉන්න ඔබ කැමතිද? ශ්‍රී ලංකාවට ආවේනික මෙන්ම සංචාරක කුරුල්ලන් වගේම සමණලයින් නැරඹීමට ඔබ ප්‍රිය කරනවාද? එහෙනම් මේ වෙලාව ඔබගෙයි.... යාල විල්පත්තු වගේ ජාතික වනෝද්‍යාන ඇතුලේ කුඩාරමක් ගහගෙන දිවියෙක් හරි වලහෙක් හරි නෙත ගැටෙනකන් බලන් ඉන්න ඔබ කැමතිද? අපට කතා කරන්න.. ඔබේ අවශ්‍යතාවය ඉටු වේවි... 






4. උත්සව, සම්මන්ත්‍රණ ව්‍යාපෘති කළමණාකරනය

මේක ගොඩාක් වැදගත් වෙන්නේ ආයතනික වශයෙන් හෝ විදේශිකව ඉන්න ශ්‍රී ලාංකික උදවියටයි.... ආයතනික විදිහට ගත්තොත් ඔබේ ආයතනයේ සීමාවාසික පුහුණු, විනෝද චාරිකා, ආදී කටයුතු සියල්ල අප ලවා ඉතා සාධාරණ මිලකට ලබා ගත හැකියි...  විදේශීය රටවල ඉන්න ශ්‍රී ලාංකිකයින්ට  අපෙන් වෙන සේවාව කුමක්ද කියලයි මම කියන්න යන්නේ... ඔබට ලංකාවේ ඉන්න අම්මව, තාත්තව, බිරිඳව පුදුම කරවන්න උපන් දින සාදයක් පවත්වන්න අවශ්‍යනම් අපට කතා කරන්න... ඔබේ විවාහය සංවිධානය කරන්න ලංකාවට එන්න ඔබට වෙලාවක් නැත්නම් අන්තර්ජාලයෙන් අපව මෙහෙයවමින් අප ලවා එය ඉටු කරවා ගන්න.... ඉතින් ඉකමනට අපට කතා කරන්න...

ඉතින් ඔන්න ඕක තමයි සාරාංශය.... අපිව සම්භන්ධ කර ගන්න පුළුවන් ක්‍රම තමයි පහත දැක්වෙන්නේ....  


ලිපිනය                       : Explore Lanka International (Pvt.) Limited.
                                    180\3, Malapalla,
                                    Pannipitiya,
                                    Sri Lanka.

                                    මෙන්න වෙබ් අඩවිය

විද්‍යුත් ලිපිනය           :  info@explorelankainternational.com

දුරකථන අංකය          : 0094714449162 අභීත

                                    0094715364077 මාලක


ප.ලි. ටැබූ විසින් මගේ සියවන පෝස්ට් එකට දමපු කමෙන්ට් එකට අදාල දේ ගැන මම අවධානය යොමු කලේ මීට ටික කලකට පෙරයි... කාර්ය බහුලත්වය හා වෙනත් කාරණා නිසා එය මඳින් මඳ කල් ගියා.. ශ්‍රී ලංකාවේ සුන්දර තැන් ගැන සිංහලෙන් වගේම ඉංග්‍රීසියෙන් ලියැවුනු බ්ලොග් දෙකක් ලබන සතියට කළින් එළි දකීවි... ස්තූතියි නැවත සැරයක් මගේ අවධානය ඒ කෙරෙහි යෙදෙවූවාට..... 

40 comments:

  1. අපිටත් යන්න බැරිය එහෙනම් ට්‍රිප් එකක් :P ඔය අන්තිමට කියල තියන එක ගැන (ලංකාවෙ සුන්දර තැන් සිංහලෙන්) නම් මටත් ගොඩ කල් ඉදල ආසාවක් තිබුන.. පොඩි ඩොමේන් කෑල්ලකුත් ගත්ත.. ඒත් හදන්න අයිඩියා එකක් නැතුව කල් ගෙවනව :D

    ReplyDelete
  2. අලුත් කොම්පැණිය සාර්ථක වෙන්න කියලා ඔන්න මගෙන් උණුම උණු සුභ පැතුම්. රවුමක් ගහන්න ඕන උන ගමන්ම ඔයාව අමතන්නම්කෝ. රවුම් ගහන්න ඕන කට්ටියවත් මේ පැත්තට එවන්නම්.... :)

    ReplyDelete
  3. අයියගේ අලුත් කොම්පැනිය දිනෙන් දින සාර්ථක වේවා .. ඇස්වක් කටවක් නෑ ..

    ReplyDelete
  4. මෙන්න මාර්කටින්, ෂුහ්!
    මෙයා cubic inch ගානට ධර්මයාව මාර්කට් කරයි වගෙ!! :P

    best wishes for an environmentally healthy initiative!

    ReplyDelete
  5. PS. Pannipitiya 10230; post code එක හෙම දාලා ප්‍රොෆෙෂනල් ලුක් එකක් දෙන්ඩ... :P :P

    ReplyDelete
  6. හලේ මගෙත් ආසම වැඩේ.... රස්තියාදු ගැසීම. මම තාමත් කල්පනා කරන්නේ මට අර ඩිස්කවරි එකේ හරි ට්‍රැවල් ඇන්ඩ් ලිවින් එකේ හරි ට්‍රැවල් ප්‍රෝග්‍රැම් එකක් කරන්න යන්න තියෙනවා නම් කියලා.

    අයියාගේ අළුත් වැඩේ ට කිරි උතුරන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  7. කොම්පැණිය දිනෙන් දිනෙම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    ඉංග්‍රිසියෙනුත් එකක් දාන 1 හොඳයි. ලංකාව ගැන කිවුවහම ගොඩක් උනන්දු සුද්දො සෑහෙන්න ඉන්නවා මෙහෙ.

    ReplyDelete
  8. මටත් ගොඩක් වැදගත් වෙයි,,මමත් විශ්වාසයෙන් මේ වගේ සේවයක් ගන්න හිතාගෙන ඉන්නවා,මොකද එක සැරයක් හොරෙක්ට අහු උනා,අභීත අයියා ගැන විශ්වාසයක් තියනවා....
    අලුත් කොම්පැණියට සුබ පැතුම්!!!

    ReplyDelete
  9. මගේ සුභ පැතුම්.

    දන්න දන්න අයට කියන්නම්. Word-of-mouth ඇඩ්ස් වැදගත් මේ අංශයේ.

    අපි හැමෝම ලොකු ට්‍රිප් එකක් යන ගමන් පොඩි පොඩි අතුරු ට්‍රිප් යනවා නේද?

    ReplyDelete
  10. එලම තමා.දැන් අපිටත් ආඩම්බරයෙන් කියන්න පුලුවන් ‍ටුවරිස් කම්පැණියක් තියන පොරක් අපිත් අඳුරනව කියල :).ආයතනය දියුණුවෙන් දියුණුවට පත්වේවා කියල ප්‍රාර්තනා කරණවා.

    ReplyDelete
  11. සුභ පැතුම් අභීත අයියා....

    ReplyDelete
  12. ඔන්න මගෙනුත් සුභ පැතුම්. ඔයා කරන දේ හරිම වටිනවා අද කාලෙ ට්‍රිප් එකක් ඕගනයිස් කරගන්නවත් වෙලාවක් නැති මිනිස්සුන්ට. ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා.

    ReplyDelete
  13. සුභ පැතුන් අයියේ.
    අපිටත් ට්‍රිප් එකක් යන්න ඕනේ වුන ගමන් අයියට කතාකරන්න විතරයි දැන් තියෙන්නේ :)

    ReplyDelete
  14. ඔයාගේ අළුත් වැඩේට සුභ පැතුම් අභීත අයියා. සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට කොහේහරි මගුලක යන්න හිතුන ගමන් ඔයාගේ පිහිට තමා ඉතිං.

    ReplyDelete
  15. අලුත් කොම්පැනියේ වැඩ සාර්ථක වේවා... අපිත් ඉතින් උදව්වට ඉන්නවා... :)

    ReplyDelete
  16. අලුත් වැඩේට බොක්කෙන්ම සුභ පතනව අයියා...කලින් දුන්නා වගේම සපෝර්ට් එක දෙනවා...වැඩේ දිගටම අරන් යමු..

    ReplyDelete
  17. All the very best Abhitha ayya...man hithanne scouting kale karapu kiyapu dewal nisa me wede maaarama saarthakawa kara ganna puluwan wei.Apith gamanak yanawanam ennamko oyge company1 peththe...

    ReplyDelete
  18. උණුසුම් සුභපැතුම් සහෝ!!! අලුත් ආයතනය දිනෙන් දින සාර්ථක වේවා!!!

    අපිත් ට්‍රිප් එකක් එහෙම යද්දි කතා කරන්නම්කෝ

    ReplyDelete
  19. සුබ පැතුම් අයියේ.. අලුත් වැඩේ දිනෙන් දිනම සාර්ථක වේවා..!

    ReplyDelete
  20. All the very best for ur new company Abeetha aiya!!! Diunuwen Diunuwata path wewa!!!

    ReplyDelete
  21. මස්සිනා . . . . . මෙන්න මගෙං අත පිච්චෙන ගානට ලිපේ දාල රත්කරගත්ත සුබ පැතුම් . . . .

    ReplyDelete
  22. All the best මචං.....ඉක්මනට වෙබ් සයිට් එක complete කරගනින්....මමත් මෙහෙ දන්න දන්න අයට කියන්නම්...

    ReplyDelete
  23. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  24. දන්නා කියන මඟ පෙන්වා අභීතව
    පැන්නා කඩොළු ව්‍යාපාරික ලොවේ නව
    යන්නා මඟ දනී, ජය කොඩි බඳි තව
    පෙන්නා පන් ලොවට ලක් මව අගේ බව

    ReplyDelete
  25. සුභ පැතුම් ලොක්කා..!

    මං වැඩි යමක් මෙතන කියන්න යන්නේ නැහැ..අපි වෙන තැනකදී හම්බෙලා කතා කරමුකෝ..
    ආ හරි හරි රවන්න ඕන නැහැ..ඕං මං ගියා

    ReplyDelete
  26. පට්ට සතුතියි අයියා ජයවෙවා!!!!!!!

    අරුණ වෙලෙහි දුටුව මුණිරජ දහම් දෙසු ජය මංගලම්
    දරුන වසවත් දහම් බලයෙන් පෑරදු පින් සිරි මංගලම්
    සොබන පරසතු මදාරා මල් අටමිටක් පිදු මංගලම්
    ඉරුගේ අපලේ එමුණි බලයෙන් දුරු වෙවා ජය මංගලම්

    පිදුව දෙගුරුන් දේඅත් බෑද බමුණාට වෙසතුරු මංගලම්
    සදුගේ විමනේහි එමුණි ගුණ්කින් ඈන්ද සද මෑද මංගලම්
    හිදුව යහනෙක යශොදර සෑම පවිදි වුන ජය මංගලම්
    සදුගේ අපලේ එමුණි බලයෙන් දුරු වෙවා ජය මංගලම්

    දරන ලා සිට නා රජුන් පිට වෑඩ සිටින ජය මංගලම්
    දෙ අග සව්වන් සහිත සගගන පිරිවෑරු ජය මංගලම්
    සගුන් දෙදෙනා රහත් පන්සිය සමග වෑඩසිටි මංගලම්
    අගහරුගෙ දොස් එමුණි බලයෙන් දුරුවෙවා ජය මංගලම්

    නොහෑර ඔත්පල දෙනෙත් නෑති මවුපියන් රෑකි ජය මංගලම්
    අදහසින් දෑඩි කරන මවුපිය නොවිද කී ජය මංගලම්
    බ්දුහු ගිරිමෙකලා ඈතු දෑක දෑපන කල ජය මංගලම්
    බුධහුගෙන් වන අපල උවදුරු දුරුවෙවා ජය මංගලම්

    රහස් උමගය කෑපෙව් මහඔසු පඩිතුමා ජය මංගලම්
    දහස් සියයන් දනො එනුවර යුදෙන් ගෑලවුන මංගලම්
    දහස් සාවක පාල ධර්මය නිපුන කල ජය මංගලම්
    බ්‍රහස්පතිගෙන් පෑමිණි උවදුරු දුරුවෙවා ජය මංගලම්

    එකුරු දහමය ලොවට පූජිත කරපු ජයසිරි මංගලම්
    අකුරු නිපුනව එසිව් සෑට සිල්පයක් දෑරු ජය මංගලම්
    අකුරු පළමුව නිපෑදු මුනිදුගේ බෙලෙන් වේ ජය මංගලම්
    සිකුරුගෙන් වන අපල උවදුරු දුරුවෙවා ජය මංගලම්

    වෙන අයෙක් නෑත යුද කරන්නට පුත්‍ර ලෙලදුන් මංගලම්
    වෙන කෙනෙක් මට නෑතෑයි සිතමින් දස පෙරුම් පිරු මංගලම්
    සෙන හඩින් හඩ තලා මරසෙන් දසත එසවු මංගලම්
    සෙනසුරාගෙන් පෑමිනි උවදුරු දුරුවෙවා ජය මංගලම්

    පාදවත් නෑවතත් නොගත් සිරිපාද විහිදෙව් මංගලම්
    රාහු අසුරුදු එබල රජු මේ ලොවට වෑඩමෙව් මංගලම්
    රාහුලත් කුමරුන් කෙනෙක්වත් නෑතෙයි සිතු ඒ මංගලම්
    රාහුගෙන් වන අපල උවදුරු දුරුවෙවා ජය මංගලම්

    දාතු දාගෑබ් වෙහෙර මහියංගනේ පිහිටෙවු මංගලම්
    දෑතු නා ලෝ නා රජුන්ගේ බලෙන් වෙවා මංගලම්
    දාතු දළදා තුනුරුවන්ගේ බලෙන් වෙවා මංගලම්
    කෙහෙතුගෙන් වන අපල උවදුරු දුරුවෙවා ජය මංගලම්

    ReplyDelete
  27. ව්‍යාපාරය සාර්ට්ක වෙන්න කියලා සුබ පතනවා!!!!!!!!

    ReplyDelete
  28. අළුත් ව්‍යාපාරයට සුභ පැතුම් අභීත අයියා. දන්න කියන අයටත් මේක ගැන කියලා පුලුවන් සප් එකක් දෙන්නම්කෝ

    ReplyDelete
  29. මුළු හදවතින්ම සුභ පැතුම් අභීත අයියේ....සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    ReplyDelete
  30. ඔන්න අපෙනුත් සුභ පැතුම්. උඹෙ වෙබ් සයිට් එකත් බැලුව. එකත් එල.
    ටෙම්ප්ලේට් එකෙන් එලියෙ ක්න්ටෙන්ට් ලෝඩ් වෙනව. ඒක චෙක් කරපන්.

    ReplyDelete
  31. අළුත් කොම්පැනිය කිරියෙන් පැනියෙන් නෙමෙයි සංචාරකයන්ගෙන් ඉතිරේවා කියල ඔන්න නවම් සුභපතනව !

    හිත අමනාප කරගන්න එපා, සයිට් එකේ කලර් තීම් එක එච්චර හිට් නොවෙන ගතියක් මට දැනෙනව. කන්ට්‍රාස්ට් එකේ පොඩි අවුලක් නැද්ද ?

    ReplyDelete
  32. ඉස්සෙල්ලම කස්ටමර් කෙනෙක් එව්වට කොමිෂන් දෙනවද මට?

    මගේ සුභපැතුම් !!!!!

    ReplyDelete
  33. සුබ පතනවා අභිත අයියා

    ReplyDelete
  34. මගෙ සුභ පැතුම්..
    මමත් එන්නම් තව මෙහෙ හම්බවෙන අයට ෆුල් පබ්ලිසිටි පර දෙන්නම් කො...

    ReplyDelete
  35. සුභ පැතුම්

    ReplyDelete
  36. සුබ පැතුම්!

    ReplyDelete
  37. awesome awesome

    ReplyDelete
  38. Ela Ela.. Congatz... Abeetha aiya.!

    ReplyDelete
  39. ජය වෙවා!!!

    ReplyDelete
  40. Well done machan. Maxaaaa.

    මගේ සුභපැතුම් !!!! සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...