Friday, June 10, 2011

දැනුම අත්දැකීම් සපිරි සුපිරි බ්ලොග් කිහිපයක් කියවන්න එන්න......

මේ දවස්වල අපි ගොඩාක් දෙනෙක් සිංහල බ්ලොග් ජනප්‍රිය කිරීමේ වෑයමක යෙදී ඉන්නවා.. පටන් ගත්තේ මාරයාගේ හෝරාව ලියන මාරයාගේ පෝස්ට් එකකින්... ඊට පස්සේ මගේ ලෝකයේ රංගත් මමත් ලිපි කිහිපයක් දැම්මා... බ්ලොග් අවකාශයේ දැවැන්ත කට්ටිය වෙන කතන්දර, දුකා වගේ අයගේ බ්ලොග් වලිනුත් අති මහත් සේවාවක් වෙන අතරේ ඇත්තටම අළුත් බ්ලොග් ගොඩාක් මේ බ්ලොග් අවකාශෙට එකතු වුනා.... පුරුද්දක් විදිහට බ්ලොග් කියවන ගොඩාක් දෙනා වෙනුවෙන් තමයි මම මේ ලියන්නේ.... ඉතින් ප්‍රමානයට වඩා ගුනාත්මක භාවය වටින නිසා තමන් මොනා හරි දන්න දෙයක් ගැන හොඳින් ලියන එක කෙරුනනම් හොදයි කියලා තමයි හිතෙන්නේ....


අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ.... ටිකක් හිනාවෙන්න කියලා අනංමනං ලිය ලිය ඉන්න අතරේ මමත් පටන් ගත්තා දැනුම බෙදන බ්ලොග් දෙකක්... නරඹමු ශ්‍රී ලංකා තමයි එකක්... ඒ බ්ලොග් එකේම ඉංග්‍රීසි පරිවර්තනය තමයි Visit Sri Lanka. ඔන්න මගේ ඇඩ් ඉවරයි... ඊලඟට කියන්න යන්නේ මට අලුතින් කියවන්න ලැබුනු බ්ලොග් කිහිපයක්.... කවුරුත් තරහ වෙන්න එපා... මට හිතට අල්ලපු කිහිපයක් තමයි මේ කියන්නේ... අනිත් ඒවා හිතට ඇල්ලුවේ නැතුව නෙමෙයි, මේවා තමයි ටිකක් වැඩියෙන් හිතට ඇල්ලුවේ ඔන්න.... හරි පටන් ගමුකෝ.....

මේ බ්ලොග් එක ලියන්නේ මම හිතන විදිහට හෙද සේවයේ නිළධාරියෙක් හෝ නිළධාරිනියක්.... වැදගත් ලිපි මාලාවක්ම පසුගිය දිනවල පළ වුනා.... මමත් ඉතා උනන්දුවෙන් කියවපු සහ කියවන බ්ලොග් එකක්. නම තමයි සොඳුරු සුව අසපුව. මෙන්න ආයෙත් පාර.

ඊලඟට අනිත් එක..ඒ බ්ලොග් එකත් ඒ වගේමයි... පාරම්පරික වෙදකම නූතන පරපුරට ගැලපෙන ලෙස ලස්සනට වටහලා දෙන බ්ලොග් එකක්... අපිටත් ප්‍රයෝජනවත් ලිපියක් පහු ගිය ටිකේ පල උනේ ඔය... ලැජ්ජයිත් එක්ක... අපි හිතේ තියාගෙන ඉන්න ගොඩාක් රෝග ගැන කියන සහ ඒ සඳහා හේතු සාධක වගේම බෙහෙත් හේත් ගැනත් කියන මේ බ්ලොග් එකේ නම වෙද ගෙදර. මෙන්න මෙතනින් යන්න...

අහ්..මේ බ්ලොග් එක බටහිර වෛද්‍යවරියකගේ.. කලින් මාරයාත් පාර කියලා තිබුනා.... ලස්සන රචනා ශෛලියකින් හිතට වදින කථා කිහිපයක්ම පල කරලා තිබ්බා පහු ගිය දවසක.. අත්දැකීම් සහ උපකල්පිත සිදුවීම් එකතු කරලා ලියන දේවල් එක හුස්මට කියවන්න පුළුවන් කියලා මට බ්ලොග් යාළුවෙක් කීවා.. බ්ලොග් එකේ නම සිත් ආර... මෙන්න පාර.

අමුතු කෝණයකින් සමාජය දිහා බලන තවත් බ්ලොග් එකක් තමයි මේ... මේකට මට පාර කිවුවේ වැප් නිශාන්ත සහෝදරයා... සමාජයේ සමහර පැතිකඩවල් අපිට නොදැනෙන පැත්තකින් ලහිරු දකිනවා කියලා තමයි මට හිතෙන්නේ.. බ්ලොග් එකේ නම අකූ... මෙන්න ඒ සඳහා පාර.


මේක ගද්‍ය බ්ලොග් එකක්... කවිවලින් නොවුනත් මේ මලයත් ටිකක් යථාර්තය දකින්න මහන්සි වෙන හැඩක් පේන්නේ.... ඉතින් ඒක නිසා මට හිතෙන හැටියට හොද ගමනක් යන්න හැකියාවත් එක්ක මේ බ්ලොග් එක දියුනු වේවි..... බ්ලොග් එකේ නම රවීන් යසිතගේ මොන්ටිසෝරිය... ඒ සඳහා මෙන්න පාර...

කවුරුත් තරහා වෙන්න නම් එපා.... මේ මම මේ ලඟදි බලපු බ්ලොග් වලින් හොදට හිතට වැදුනු බ්ලොග් පහක්... මාසෙකට සැරයක් මේ වගේ ලිපියකුත් ලියන්නයි හිතාගෙන ඉන්නේ.... 

ඔයාලගේ බ්ලොග් වල ඇඩ් එක දාන්න දුන්නනේ පහුගිය ලිපියක.. අද කරන්න තියෙන්නේ වෙන වැඩක්.. තමන් වැඩියෙන් ආස කරන බ්ලොග් එකක ලින්ක් එකක් පහළ සටහන් කරන්න.. පුළුවන් තරම් වෙන කෙනෙක් සටහන් නොකරපු බ්ලොග් ලිපිනයක් සටහන් නොකරන්න වග බලාගන්න. 

ඔන්න එහෙනම් අදට ගියා.... මේ කතාවත් ටිකක් හිනා වෙන්න නෙවෙයි.

35 comments:

  1. එක හුස්මට :-D

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ගොඩාක් ස්තූතියි අයියේ මගේ මොන්ටිසෝරිය ගැන සඳහන් කරාට.ම්ම්ම්ම් ගොඩා........................ක්ම ස්තූතියි!!!!

    ReplyDelete
  4. http://tlr.thelastrow.net/

    ඉහත ලින්ක් එක මං කැමති බ්ලොග් එකක, ඕනෙ කෙනෙකුට එතන රෙජිස්ටර් වෙලා තමන්ගෙම කතා සහ කවි ලියන්න පුළුවනි

    තමන්ගෙ බ්ලොග් එකක් නැති, ඉඳල හිටල විතරක් ලියන කෙනෙකුට "අන්තිම පේලිය" හොඳ සයිට් එකක්. සමහර තමන්ගෙ බ්ලොග් තියෙන අයත් "අන්තිම පේලියට" කතා සහ කවි ලියනව.

    ReplyDelete
  5. http://dinesh-dinu2000.blogspot.com/
    හුඟක් ආසාවෙන් කියවගෙන ආපු බ්ලොග් එකක් අකේලේ හම්. දිනේෂ් අයියට නම් දැන් වෙච්ච දෙයක් නෑ.

    ReplyDelete
  6. ඔන්න එක එක කාණ්ඩ ව්ලට හා එක එක මතවාදයන් නියෝජනය කරන මම කැමති බ්ලොග් කිහිපයක්(කැමැත්තේ අනුපිලිවෙලට නොවේ )

    http://w3lanka.blogspot.com

    http://bollywood-sinhala.blogspot.com/

    http://sinhala-nazi.blogspot.com

    http://sathsamudura.blogspot.com

    http://meeghaya.wordpress.com

    http://maruwaxx.wordpress.com

    ReplyDelete
  7. මම කලින් කමෙන්ට් කරාට ආසම බ්ලොග් එකක නම දාන්න බැරි වුනා නේ.. මේ මම ආසම බ්ලොග් වලින් එකක්.. තිෂ් බබාගේ,http://heenayak.blogspot.com/

    ReplyDelete
  8. http://sirikoluwa.blogspot.com/ - සිරී කොලුවා
    http://powerofdx.blogspot.com/ - දඟයා ෆාවර්
    http://kavidinesh0078.blogspot.com/ දිනේෂ් සංජ්‍ය (හංස)

    මේ සේරම අළුත් බ්ලොග්.. ලියන්නේ නමි තාම ඉගෙන ගන්න පොඩි මල්ලිලා තුන්දෙනෙක්

    ReplyDelete
  9. ඇත්තටම හොද වැඩක් අභීතයියේ.. ඉස්සරහටත් අපිට නොපෙනුන බ්ලොග් අඩවි පෙන්නල දෙන්න.. මම කැමති බ්ලොග් ලිස්ට් එක මෙතන ලියන්න ගියොත් ඉඩත් මදි.. මම පස්සෙන් යන හැම බ්ලොගයකම ඉගෙනගන්න අලුත් දෙයක් තීයෙනවා.. හැටමිටි ගහන කාලේ වෙනකන් බ්ලොග් කෙරුවාව කරන්න වාසනාව ශක්තිය ලැබේවා..

    ReplyDelete
  10. mamath me gana lipiyak liwwa !
    http://dayariya.dcreation.info/?p=1160

    menna mage blog eka :D http://dayariya.dcreation.info

    ReplyDelete
  11. ඕං ඉතිං මුන්නැහේ කරොත් කරන්නෙ ඔයිවගේ වැඩක් නෙව. දැං ඉතිං ගෙදට ගිහිල්ල නිදාගන්න පැය පහ හයෙන් තවත් එකක් දෙකක් අඩුවෙනව නෙව. මේව ලියල තියන අපුරුවට නොකියවා ඉන්නෙ කොහොමෙයි

    ReplyDelete
  12. පත්තරයාJune 10, 2011 at 6:56 PM

    It's a great work.
    You have a broad heart!
    and visit kolayak.wordpress.com
    වෙනස් මානයකින් බැල්මක්

    ReplyDelete
  13. ඔව් ඔව් දිනේශ් අයියගේ බ්ලොග් එකත් පට්ට... තව මදුරන්ග ගෙ බ්ලොග් එක,,, හිස් අහස,, ඔබෙ බ්ලොගය .. එවා තමා මම ආස බ්ලොග්

    ReplyDelete
  14. අභීත, හැම දේකටම බොහොම ස්තුතියි කියලම පටන් ගන්නම්. මම දැනට ගිහින් කියෙව්වෙ අකූගෙ බ්ලොග් එක විතරයි. බෙහෙවින්ම හිතට වැදුණු හොඳ බ්ලොග් එකක්. ඉතිරි ඒවත් කියවලා කමෙන්ට් කරන්න හිටියොත් දවස් ගානක් යන නිසා, ඊට කලින් මං කියවන බ්ලොග් කීපයක් ගැනත් කියන්නම්. ("වැඩියෙන් ආස කරන බ්ලොග් එකක ලින්ක් එකක්" කියන කෑල්ල මම දැක්කෙ නැල්ලු.)

    ඩීන් අය්යගෙ ගල්මල්- Coral. http://galmal.blogspot.com
    එයා හුඟක් තාක්ෂණික දේවල් කවියට හරවන හැටි මට පුදුමයි. ඒ වගේම කෙටි කතාත් ලියනවා. ඒ අතරට හැම දෙයක් එක්කම දැණුමට යමක් එක් කිරීමටත් මහන්සියක් දරනවා.

    සරත් ලංකාප්‍රියගෙ http://lankapriyagesithivili.blogspot.com
    කියන විදිහටම එයාගෙ සිතුවිලි. සංගීතය ගැන, වන අරණවල් ගැන, යම් යම් සිද්ධි ගැන, පුද්ගලයන් ගැන. සමහර සිතුවිලි ගීතයක් වගේ ලස්සනයි.

    වසිලිස්සා අකුරු කරන (දැන් බින්දි එයි දුවගෙන... ;-)) http://hapifly.blogspot.com සුමිහිරි බස්වහරකින් ලියවුණු කවි මෙන්ම, ගද්‍ය රචනාත් තියෙන බ්ලොගයක්. ඇතැම් රචනා ඇයගෙම අදහස්- කතන්දර ගැන, සමාජය ගැන, ආකල්ප ගැන... තවත් ඒවා පරිවර්තන.

    රසිකගෙ මගේ සිත් ඉම. රසිකත් මහගම සේකරගෙ ඌරුවට වගේ බොහොම මුදු බස්වහරකින් කවි ලියන්නෙ. http://archirasika.blogspot.com

    හර්ෂණගෙ පාර දිගේ http://harshana101.blogspot.com
    එදිනෙදා අහන්න දකින්න ලැබෙන සිද්ධි මුල් කරගෙන ටිකක් විතර විනාකිරි භාෂාවකින් ලියන කවි.

    සුජීවගෙ ෂෝට් කතා.
    http://short-katha.blogspot.com සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙනුත් ලිව්ව කතා කීපයක් තියෙනවා. තවම ටිකයි තියෙන්නෙ. හැබැයි හරිම තාත්වික විදිහට ලියවුණු ඒවා.

    එතකොට අභීතගෙ ටිකක් හිනා... ආ, ඒක ඕන නෑ.

    තව හුඟක් තිබුණට දැන්මම ලිමිට් එක පැනලා නිසා නවත්වන්නම්.

    ReplyDelete
  15. හා හා මම දැක්ක නලිනි. පැය 24 ද මෙයා ඇත්තටම දවසට . කොහොම කියවන්නද මන්දා මේ සේරම . http://fotostory2011.blogspot.com අසංක මලයාගේ . දිනේෂ් ගොඩක් මහන්සි වෙලා කරන සත්සමුදුර පරණ වුවත් එය තව ජනප්‍රිය වීමට වටිනා බවයි මට හිතෙන්නේ .

    ReplyDelete
  16. "ආදරණීය සිහින"
    http://heenayak.blogspot.com

    යසන්ත ඔන් ලයින්
    http://yasanthaonline.blogspot.com/

    "Ravin Yasithaගේ මොන්ටිසෝරිය"
    http://yasanthaonline.blogspot.com/

    මුන් තුන්දෙනා ..හොඳයි

    ReplyDelete
  17. http://nawammawatha.wordpress.com/ නවම්මාවත

    http://hisahasa.blogspot.com/ හිස් අහස

    ReplyDelete
  18. http://lakmisher.blogspot.com/2011/06/blog-post_08.html - මේකත් පට්ට බ්ලොග් අඩවියක්. පිණිබිදුගේ බ්ලොග් එක.

    http://galaayanajeevithaya.blogspot.com - නදී අක්කාගේ ගලායන ජීවිතයත් නියමයි.

    http://lowethne.blogspot.com - මේකත් මරු අඩවියක්. සරදියෙල් ගේ අඩවිය. පට්ට. කියවලා හිනා වෙන්න පුලුවන් මැරෙනකන්ම.

    තව සදරු මල්ලිගේ බ්ලොග් එක. (හිස් අහස) ඒ වගේම තව ගොඩාක් තියෙනවා. ලියන්න ගියොත් පට්ටම දිග කමෙන්ට් එකක් වෙයි.

    ReplyDelete
  19. අභීත
    පලමුව ඔබෙන් සමාව ඉල්ලනවා කලින් කමෙන්ට් එකක් නොලිව්වට. මට ටිකක් වැඩ තිබුනා ඒක නිසා වෙලාව සොයා ගන්න ලැබුන් නැහැ. මම දන්නවා, ඔබ මාරයා මල්ලී ඇතුළු පිරිස මේ බ්ලොග් අවකාශේ ඉතා සුවිශේෂී පිරිසක් ඔබලා වැනි අය නිසා අපි වැනි ආධුනිකයන් ඉහලට යනවා නිකන්ම. ඔබ ගොඩක් දුක් විද පැමිණි ගමන අප පහසුවෙන් යන්නේ ඔබගේ කැප කිරීම නිසා. ඔබට බොහෝ පිං. මමත් ඔබගේ ඕනෑම වැඩකට මීට පසු මගෙත් සයෝගය තියනවා. ඔබගේ බ්ලොග් පවුලේ මාත් සාමාජිකයෙක් දැන්.

    ඔබගේ ප්‍රශ්නයට පිලිතුර.
    වයස මාස තුන පිරෙනකම් පමණයි මේසේ කල හැක්කේ. බබා නාවන විට ඔබට ප්‍රවේසමෙන් ස්පර්ෂ කර බැලිය හැකියි. එවිට වෘෂණැ දෙක වෙන වෙනම අතට දැනේවි.

    ජය!

    ReplyDelete
  20. නියමයි

    ReplyDelete
  21. තවත් හොද බ්ලොගයක් http://arunishapiro.wordpress.com

    ReplyDelete
  22. ඔන්න අපිත් බ්ලොග් කෙරුවාවට අලුත්..බලල හොද නම් සප් එකක් දෙන්න :)
    http://chaterkolla.blogspot.com/

    ReplyDelete
  23. මම නිතරම කියවන බ්ලොග් වලින් 3ක් තමයි මේ,
    http://awaataya.blogspot.com/
    http://buwagesithuvili.blogspot.com/
    http://lankajhothisha.blogspot.com/

    ReplyDelete
  24. බොහෝම ස්තුතියි හැම දෙනාටම.මම ලැබෙන කෙටි වෙලාවෙන් පුලු පුලුවන් විදිහට මේ මුහුද ඉහින්න තමා උත්සාහ කරන්නෙ.අපි ඉස්සරහටත් මේ අවකාශයෙදි හම්බෙලා ජීවිතේ ගැන කතා කරමු.

    ReplyDelete
  25. හිතට වැදෙන කවි කතා තියෙන බ්ලොග් එකක් බින්දිගේ නෙළුම් විල
    http://nelumwila.blogspot.com/

    ReplyDelete
  26. මේක ගැනත් කිවයුතුයි.

    http://status-chanaka.blogspot.com

    ReplyDelete
  27. බොහොම ස්තුතියි , ඔබේ සහයෝගයත් ....අපි හැමෝගෙම එකමුතු ශක්තියත් යොදාගෙන සිංහල බ්ලොග් කළාව .....අපේ ජනතාවට සොදුරු යමක් ....වැදගත් යමක් ....කරන්නට උත්සාහ දරමු....සිංහල බ්ලොග් කළාවේ සියලු දෙනාට දිරි පතමි..

    ReplyDelete
  28. බොහොම ස්තුතියි යාළුවා හොඳ බ්ලොග්ස් ටිකක් පෙන්නලා දුන්නට. හිතට සමීප දේවල් තවත් අපූරුවට හදවතට ලංකරන දුකාගේ http://dukaa.blogspot.com/ බ්ලොග් එකට තමයි මං වැඩියෙන්ම කැමති.

    මනුසත් කමින් පොහොසත් මනුසත් ගේ http://manusathuyana.blogspot.com/ මගේ සිත් ගත් බ්ලොග් දෙකක්. ඩීන් අයියගේ ගල්මල්-කොරල් බ්ලොග් එකටත් රසික ගේ මගේ සිත් ඉම කලින් කියැවුණු මා ප්‍රිය කරන බ්ලොග් දෙකකි.

    ReplyDelete
  29. Observer

    ගිහාන් චන්දික වික්ස් ගේ කෝච්චි blog එකත් මරු.

    ReplyDelete
  30. නියම වැඩක් අභිත අයියේ....

    ReplyDelete
  31. මේ වැඩේ නම් නියමයි මම නම් කැමතිම මගේ බ්ලොග් එකට එකේ නම් තාම ගොඩක් දේවල් ලියල නෑ අනික තමන්ම තමන්ට ඇඩ් එකක් දා ගන්න එක හරි නැනේ එක නිසා එකේ ලින්ක් එක ඕනේ නෑ කොහොම උනත් ටිකක් හිනාවෙන්න කියල කියන්නෙත් මම බ්ලොග් එකක් හදන්න කලින් ඉදන් කියවපු බ්ලොග් එකක්

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...