Wednesday, October 5, 2011

ඔබත් බ්ලොග් කියවන අවිවාහක තරුණයෙක්ද අවිවාහක තරුණියක්ද එහෙනම් එන්න කියවන්න.....

මංගල දැන්වීම් වලට දැන් තියෙන්නේ පුදුම ඉල්ලුමක්.... ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙනුත් අප්‍රමාණ තල්ලුවක්නේ දෙන්නේ මේ වගේ වැඩ වලට..... මතකනේ මේ පෝස්ට් එක.. ඔන්න දෙසැම්බර් කසාදත් බඳිනවලු... මේ පෝස්ට් එක ලියන්න හිතුනේත් ඊයේ ගිය ගූගල් බස් එකක් නිසා... මේකේ රියැදුරු ප්‍රවීන් ඉන්ද්‍රනාම.. ඔහු සමාජයීය වගකීමක් තනියම කරට අරන් තමයි මේ බසය පාරට දැම්මේ... දැන් ඉතින් කියන්න එපා මොනාද මේ කියන්නේ කියලා... දැන් ඉවසිල්ලක් නෑ නේද? මෙන්න මෙහෙම දැන්වීමක් ඊයේ පල වුනා... ඉතින් සැමගේ සුභ සිද්ධිය පතා මම මේක බ්ලොග් එකේ පළකරන්න අවසර ගත්තා ප්‍රවීන්ගෙන්... එහෙනම් කට්ටිය හිතන්න බලන්න මේ මනාල මනාලියෝ කවුද කියලා....


1. [මනාලයෝ] ගම්පහ පදිංචි කොණ්ඩය ඉත්තෑකූරු සේ සැකසූ කඩවහන තරුණයෙකුට මනාලියක් සොයයි... මත්පැනට ගිජුය.. අනන්මනන්(කෙටි ඇසුරකින් පසු දැනුවත් කෙරෙනු ඇත.) උපකරණ ගැන හසල දැනුමක් ඇත.... කුළුදුල් ප්‍රේමයට අවංක නිහතමානී රුවැති යුවතියකට ඇරයුම්.. කේන්ද්‍ර කොපිය සමග විමසන්න චතුෂ තුෂර කුමාර (සොහොයුරා) බාරේ..

2. [මනාලයෝ] මූණ මඳක් සුදුමැලි, වයස 33ක් වන, මත්පැනට මඳක් . ගිජු ෆුල් ස්ට්‍රේට් ගති ඇති, ලක්ෂ දෙක ඉක්මවා වැටුප් ලබන, නිතර විදේශ සංචාරයන්හි නිරත වන, උස අඩි 6 ඉක්මවූ දෙහධාරී මිතුරාට, පාරේ එක්කගෙන යා හැකි මනාලියක් මිතුරු කැල සොයයි..... කුල බේද නොසැලකේ.... වරදට සමාව දෙන අතර ඇයද වරදට සමාව දිය යුතුය (මෙය අනිවාර්ය වේ :D)....


3. [මනාලයෝ] සිංහල බ්ලොග් අවකාශයම භූමිකම්පාවක් සේ සෙලවූ, හැක්පෙටිපොල බලකායේ අතිගරු කැඳවුම්කරුට මනාලියක් සොයනු ලැබේ. ජාති ආගම් කුල මල ලිංග භේද නොසැලකේ. දෙහි මංගල්‍යය පවත්වා ඇත. මනාලිය උදේට හවසට සැතපුමක් පයින් යා යුතුය... නියරේ කෙළින් යා හැකි විය යුතුය.... කලුවරකදී දත් කුට්ටමෙන් හැදිනිය හැකි බුද්ධියක් තිබිය යුතුය..



4. [මනාලයෝ] නිට්ටඹුව වෙසෙන ප්‍රවීන ජ්‍යෝතිෂවේදිවෙකුට නිට්ටඹුව අවටින්ම පුන්චි පහේ කෑල්ලක් සොයයි.. වයස නොපෙනේ යැයි ඔහු සිතයි... තරුණියන් කිහිප දෙනෙකු සමඟ කෙටි ඇසුරකින් වෙන් වී ඇතත් නීතිමය බැඳීමක් නොමැත....අම්බානෙක කෙට්ටු වීම, රෑකදී පේන තරමට පාට තිබීම, දෙන දෙයක් කෑමට හැකි වීම, ඔහු සිටිනා හැටියකට වැටී සිටීමට හැකි වීම, දරුවන් පිලිබඳ සිහින මාලිගා නැති වීම අවශ්‍යයි. වරදට සමාව දෙනු ඇති අතර ඔහුගේ වරදටද සමාව අපේක්ෂා කරයි. වැන්දඹු දික්කසාද සලකා බැලේ. ලිංග බේදය පමණක් සලකයි. ඉක්මනින් අයදුම් කරන්න.

5. [මනාලියෝ] දකුණු ලක රැජින.. රජයේ රැකියාවක් ඇති, කාව්‍යමය සිතක් ඇති, බ්ලොග්කරණයට හිතැති, කොල්ලෙක් තවම නැති මදක් චබී තරුණියට සුදුසු සහකරුවෙක් බ්ලොග් කරුවෝ සොයයි..... අවසන් තීරණය ඇය සතුය.... [පාවා දී අවසන්]

6. [මනාලයෝ] පොලොස් ඇඹුල හදන්න පුලුවන් යුවතියකටයි මේ ඇරයුම.....
සතියකට දෙතුන් වතාවක් උදේට,දවල්ට හා රෑට පොලොස් ඇඹුල් රසට සදා දීමට ඹබටත් හැකිනම් මා සොයන සහකාරිය ඹබ විය හැකිය. රසට පොලොස් හදන්න පුලුවන් නම් කොල්ලෙකු උවද සලකා බලනු ලැබේ.


7. [මනාලයෝ]  අවුරුදු 4ට කලින් විවාහ වී ඇති නිසා ඉවත් කරන ලදී.... සමහර විට කමෙන්ට්වල නැවත පලවේවී...

8. [මනාලයෝ] 86 පසු ඉපදුන.. රුමත්, ගුණවත්, බුද්ධිමත්, උගත් තරුණියකට මෙන්න මහගු අවස්ථාවක් තම ජිවිතය සතුටින් පුරවා ගැනිමට..සුරාවෙ පිරුණු, සුදුවෙන් තොර, සුදු පිරිවටක් මෙන් බුද්ධියෙ කොටසක් වර්ධනය වී නැති නිති පන්සිල් පොය අටසිල් ( පාර්ටිස් වලදි වලංගු නැත) රක්නා රත්‍රන් පුතෙකගෙන් පිරිනැමෙන පහත පැකෙජයන් සදහා ඔබත් දැන්ම අයදුම් කරන්න

පැකෙජ් අංක 1. වරදට සමාවදෙමි - අවමය කොටි 2.5 දැවද්දක් සමග ගොඩින් අක්කර 10 යි මඩින් අක්කර 4 යි

පැකෙජ් අංක 2. සියල්ලොම එක වහලක් යට. - අවමය කොටි 5 ක දැවැද්දක් සමග නිවසක් සමග මාමන්ඩියගෙ බිස්නස් වල නිත්‍ය හිමිකාරත්වය(රත්තරන්, මැනික් සම්බන්ද ව්‍යාපාර සලකනු නොලැබෙ)

පැකෙජ් අංක 3. පැත්තක් නැහැ. - අයදුම්කාරියන්ව සම්මුක පරික්ෂනයක් සදහා යොමු කිරිමෙන් අනතුරුව සලකා බලනු ලැබෙ.

පැකෙජ් අංක 4. මුකුත් නැහැ. - අයදුම් කරන්න. උඩ තුනෙන්ම ආවෙ නැත්තම් ඩෙෆා.. ඉස්සලාම එන අයදුම් පත්‍රය ගැන විසෙස සැලකිල්ලක්.

ඔබගෙ ලිපියෙහි ඉහල වම් කෙලවරෙයි, පැකෙජ් අංකය සදහන් කරන්න..


9. [මනාලියෝ] වයස 22 ක් වන බොදු ඩොක් තරුණියකට ගුණවත් නැනවත් චරිතවත් කියන දේකට එහෙයි කියමින් ජීවිත කාලෙම ඩොක් සමග ජීවත් විය හැකි තරුණයෙකු ඇගේ යහලුවන් විසින් සොයනු ලැබේ . අවසන් තීරණය ඇය සතුයි

10. [මනාලියෝ] නුවර එළීයේ පදිංචි පැහැපත් පිරිපුන් ගුනවත් මට සුදු සහකරුවෙක් මම සොයමි දැවැද්දට බර වාහනයක්, රේල් පීලි ඇඳක් සහ හෙන්ඩුවක්... !!

11. [මනාලයෝ] ඓතිහාසික කන්ද උඩ රට පුරවරයේ දැනට ඉතිරිව ඇති එකම අවිවාහක බස් ජොකියෙකුට රෑමත්.. උගත්.. ලාමක.. අවිහිංෂක.. සුකුමාල..විනීත ළඳක් සොයනු ලැබේ...
බයිසිකල්වල පිටිපස්සේ යැමට හැකියාවක් තිබිය යුතු අතරම..වංගු ගනිද්දි බිය වි කෑනොගැසිය යුතුය. බ්රේක් ගසන විට බෙල්ල මිරිකන අයෙක් නොවිය යුතු අතර එම අවස්ථාවන්හිදී වඩාත් තදින් පිටේ හැපීම අගය කරනු ලැබේ.


12. [මනාලයෝ] ඉතාලියේ වෙසෙන කට්ට කළු යොවුන් කුමරෙකුට මන්ද මානසිකත්වයෙන් පෙලෙන රූමත් තරුනියකගේ අවශ්‍යතාවය දැනී ඇත..... ඔබම ඉල්ලුම් කරන්න... විවාහයෙන් පසු විදේශ ගත වීමට සූදානම් විය යුතුය.... සුදු පැහැයට වඩා කැමතියි.. වෙන අයැදුම්කාරියන් නැත්නම් කාපිරි වුවද සලකා බැලේ... වැඩි කලක් ඉවසිය නොහැකි බව අවධාරනය කරන්නෙමු



13. [මනාලයෝ] ඇඹිලිපිටියේ උපන් කොළඹ වගේ හැසිරෙන යකෙක් වගේ තරුණයෙකට කොළඹ හතෙන් පොෂ් කෙල්ලෙක් සොයයි... අවුරුද්දක වගකීම සහිත ඇන්ඩ්‍රොයිඩයක් හිමිය.... රෑට දැක්කොත් භය නොවිය යුතු අතර මත්පැන් කිසිවක් කටේ නොතියන බව පවසයි..... අයැදුම් කිරීම @#$%$% බාරේ......


විවාහක අයගේ ඒවත් තිබ්බා... ඒවා වැඩක් නැති නිසා අයින් කලා.....



මේ අය කවුද කියලා හිතන ගමන් අයදුම් කරන්න හිතෙනවානම් අයදුම් කරන්න.. ඔබේ දැන්වීමත් මෙහි පලකරන්නේ නම් කමෙන්ට් එකක් හැටියට පල කර යන්න.... මේ වෙලාවෙත් ඒ බස් එකේ සමහර මංගල දැන්වීම් ලියවෙනවා..... පුළුවන් උනොත් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙනවා...


ප.ලි. මා විසින් ඇතුල් කල යම් යම් සංශෝධනවල වගකීම මා විසින්ම භාරගනු ලැබේ..

63 comments:

  1. 7. [මනාලයෝ] සංචාරක ආයතනයක් හිමි මෙලෝ රහක් නැති පුරුෂයෙකුට භාර්යාවක් ඔහුගේ බිරිඳ සොයයි. දත් සියල්ල තිබීම අත්‍යාවශ්‍ය වන අතර ගලවා ගැනීමට සූදානම්ව සිටිය යුතුය. හෝටල් හිමිකාරයක් හෝ හිමිකාරයෙකුගේ බිරිඳක් නම් වඩා සුදුසුය..

    ReplyDelete
  2. සමාවෙන්න ආදරණීය ඇනෝ... පුළුවන්නම් ඒ කමෙන්ට් එක ආයෙත් දාන්න.. මම හදිස්සියට ඩිලීට් කලා... මගේ බ්ලොග් එකට කාලෙකින් එහෙම එකක් වැටුනේ නැති නිසයි කලබල උනේ.... අනේ තරහ අවසර.. ආයෙත් දානවද සමාවෙලා.....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සික්.නිශ් වැඩේ කාලා.මම දාන්න ගිය පෝස්ට් එක කලින් දාලා :D

    ReplyDelete
  5. මාර මනමාලයෝ ටිකක්නේ...පොඩ්ඩක් ඉන්ට තාම කියවනවා. පින්තූරු දාන්නේ නැද්ද? අර කෙහෙල්වත්තේ චූටි මහත්තයාට කීවානම්, විදේශ සිත්තරා ලව්වා එයාලගේ පින්තූරු අන්දවගන්ට තිබුනා...:D

    ReplyDelete
  6. ඔක්කොම එක දවසෙද බඳින්න යන්නේ..

    ReplyDelete
  7. අන්න සිළුමින, දිවයින මංගල යෝජනා තීරය අත් හිටුවලා..
    අභීතට මාර පිනක් කොහොම උනත්. :)

    ReplyDelete
  8. පින් සිද්ද් වෙන වැඩක්. දිගටම කරගෙන ගියොත් නරකෙයි. මම මේ නිකමට අහන්නේ. බි.පෙ.සි.

    ReplyDelete
  9. marunee! :) dan meekada aluth job 1~

    ReplyDelete
  10. මචො...නියම වැඩක්නේ..පටං අරන්තියෙන්නේ....

    " මචං අර උබේ ලැප්ටොප් කෙස් එකත් කොහොම හරී මෙකේ ලියපං...." හැබැ අවුලක් නැත්තං විතරක් "

    ReplyDelete
  11. මුලටම වැටිලා තියෙන කමෙන්ටුවට මගේ මනාපය... හික්ස්ස්

    ReplyDelete
  12. @රාජ්.. මොකක්ද බන් ලැප්ටොප් කේස් එක

    ReplyDelete
  13. මචො....අර මත්තේගොඩ සමීරයගේ...අයියගේ...පලහිලවුව....

    ReplyDelete
  14. //ලිංග භේද නොසැලකේ.//ලිංග බේදය පමණක් සලකයි// ෆට්ටය!
    අංක 5 නං මම දන්නවා(කියල හිතෙනවා)
    ෂිහ් කලිංම බැන්දනෙ...!
    //බ්රේක් ගසන විට බෙල්ල මිරිකන අයෙක් නොවිය යුතු අතර එම අවස්ථාවන්හිදී වඩාත් තදින් පිටේ හැපීම අගය කරනු ලැබේ.//
    ඒකනං තේරුනේ නෑ...

    ReplyDelete
  15. @රාජ්... ලැප්ටොප් නෙමෙයි බන්.. අයි පෑඩ්.. ඒකෙ සීන් එකක් නෑ.. මගේ වැරැද්දක් නිසා වෙච්ච දෙයක්.. ඒකෙ ලියන්න තරම් දෙයක් නෑ.. ඒක වෙන්න හේතුව මම ලියලා තිබ්බා සීරීස් එකකින්....

    ReplyDelete
  16. එළ මචො...මට ඒ ලින්ක් එක එවපංකෝ....මාත් ඔය එරියල් එකේ ඉන්නේ බං
    traj1981@gmail.com

    ReplyDelete
  17. මටත් ඊයේ ඔය බස් එක බලලා හිනා වෙලා පන යන්න ආවා බන්

    ReplyDelete
  18. සික් විතරක් වටිනා බස් එකක් මිස් වෙලා ඊයේ :(

    ReplyDelete
  19. අපේ එකකුත් දාගන්න බැරි වෙයිදෝ

    ReplyDelete
  20. හික් මටත් බැරිද අප්පා මොකුත් කරගන්න...

    ජය,,

    ReplyDelete
  21. නිශ් සමඟ 1000% එකඟයි !

    ReplyDelete
  22. එතකොට බැඳලත් තනියම ඉන්න අපිට නැද්ද චෑන්ස් එකක් ????

    ප.ලි.
    අර අස්පය මැරුනු එකාව අමතකම කරල දාල නේද තොපි ??? ගුනමකු අමනයෝ . . . .

    ReplyDelete
  23. මටත් දාගන්න ඕනේ.....බැරිවෙයිදෝ???

    ReplyDelete
  24. http://aadarayadukak-dush.blogspot.com/2011/08/blog-post_10.html (මට මේ සුදුසුකම් සහිතව තමා අපේ අම්මයි තාත්තයි හොයන්නේ)අනේ මත් ඕකනම් දැම්මා තාම කවුරුත් හම්බ උනේ නෑනේ

    ReplyDelete
  25. මටත් දාගන්න ඕනේ.....බැරිවෙයිදෝ???

    ReplyDelete
  26. මූණ මඳක් සුදුමැලි, වයස 33ක් වන, මත්පැනට මඳක් . ගිජු ෆුල් ස්ට්‍රේට් ගති ඇති, ලක්ෂ දෙක ඉක්මවා වැටුප් ලබන, නිතර විදේශ සංචාරයන්හි නිරත වන, උස අඩි 6 ඉක්මවූ දෙහධාරී මිතුරාට, පාරේ එක්කගෙන යා හැකි මනාලියක් මිතුරු කැල සොයයි.....

    meya nam dannava..

    ReplyDelete
  27. අපි නම් දන්නේ නෑ මේවා,සික් මෙහෙමත් කුජිතයෝ

    ReplyDelete
  28. බස් එක ෆුල් ලෝඩ් කරල ගිහින් වගේ!

    ReplyDelete
  29. කීයක් ගන්නවැයි අයියෙ ඔහේ මේ වැඩේට ?

    ReplyDelete
  30. ම්ටත් පොඩි ඇප්ලයි පාරක් දාගන්න බැරි වේද අ-බීත අයියා !!!

    ReplyDelete
  31. අමාරුවෙන් කීප දෙනෙක් අදුර ගත්තා... හොරෙන් වගේ නම් ටිකත් කියන්න බැරිද...

    ReplyDelete
  32. අර මූන සුදුමැලි මත්පැනට ගිජු රට සවාරි යන පුද්ගලය නේද මේ ලඟකදී සුද්දගෙ බතල කොටුවකට සිස්ටම් එකක් හදන්න ගියේ? :පී :පී

    ReplyDelete
  33. හික්ස්...හිනා කාල පන යනවා! 9. මකුලු පැන්චිද?

    ReplyDelete
  34. කියන එකෙක් මටත් කියනවකො...

    ReplyDelete
  35. මේ අභී අයියේ අවිවාහක පොඩි උන්ට මනාලියො හොයන්න පුලුවන්ද ;)

    ReplyDelete
  36. ඔන්න ඕක තමයි අපි බස් වල ගමන් බිමන් යන්නැත්තේ !!

    මටත් අනාගතයේදී ඕනෑ වුනොත් මෙතන දාන්න දැන්වීමක් හදාගන්න ඕන

    ReplyDelete
  37. ශෝක් මංගල යෝජනා ටික.. කාටහරි හරියනවනම් අපිටත් සතුටුයි.....

    ReplyDelete
  38. මෙනන් මංගල දැන්වීම් වාරණයක් කරලා....අබේපාල මාමේ කෝ 7 වෙනි එක?:D

    ReplyDelete
  39. ෆට්ටයි ෆට්ටයි ඇයි මචං අර දේහදාරී අයියට විතරක් පාරේ එක්කගෙන යන්න පුලුවන් කැල්ලක් හොයන්නෙ?

    ReplyDelete
  40. 1. [මනාලයෝ] ගම්පහ පදිංචි කොණ්ඩය ඉත්තෑකූරු සේ සැකසූ කඩවහන තරුණයෙකුට මනාලියක් සොයයි...

    අර මියයාමට සම්බන්ද එකාද?

    2. [මනාලයෝ] මූණ මඳක් සුදුමැලි, වයස 33ක් වන, මත්පැනට මඳක් . ගිජු ෆුල් ස්ට්‍රේට් ගති ඇති, ලක්ෂ දෙක ඉක්මවා වැටුප් ලබන, නිතර විදේශ සංචාරයන්හි නිරත වන, උස අඩි 6 ඉක්මවූ

    ආ..... ලඟදි රට ගොස් ආව එකා...

    3. [මනාලයෝ] සිංහල බ්ලොග් අවකාශයම භූමිකම්පාවක් සේ සෙලවූ, හැක්පෙටිපොල බලකායේ අතිගරු කැඳවුම්කරුට මනාලියක් සොයනු ලැබේ.

    හහ් හහ්.... සභාපතියා .....

    4. [මනාලයෝ] නිට්ටඹුව වෙසෙන ප්‍රවීන ජ්‍යෝතිෂවේදිවෙකුට නිට්ටඹුව අවටින්ම පුන්චි පහේ කෑල්ලක් සොයයි..

    මෙයත් මිය යාමට සම්බන්දයි නේ???

    5. [මනාලියෝ] දකුණු ලක රැජින..

    ආ... හා... බියුටිෆුල් මයින්ඩ්වත්ද? වැරදුනාද?

    6. [මනාලයෝ] පොලොස් ඇඹුල හදන්න පුලුවන් යුවතියකටයි මේ ඇරයුම.....

    මේක නොදනී ... ????

    8. [මනාලයෝ] 86 පසු ඉපදුන.. රුමත්, ගුණවත්, බුද්ධිමත්, උගත් තරුණියකට

    මෙයා ගොඩක් කවිත් කියනවද?

    පැකෙජ් අංක 1. වරදට සමාවදෙමි - අවමය කොටි 2.5 දැවද්දක් සමග ගොඩින් අක්කර 10 යි මඩින් අක්කර 4 යි

    නෑ නෑ. මෙයා වියතෙක්...

    9. [මනාලියෝ] වයස 22 ක් වන බොදු ඩොක්

    මේ????

    10. [මනාලියෝ] නුවර එළීයේ පදිංචි පැහැපත් පිරිපුන් ..

    මෙයාගෙ නම වතුරට සම්බන්දයිද?

    11. [මනාලයෝ] ඓතිහාසික කන්ද උඩ රට පුරවරයේ දැනට ඉතිරිව ඇති එකම අවිවාහක බස් ජොකියෙකුට රෑමත්.. උගත්..

    ආ ....හා... මෙයා නම් සුවර්... ඉන්නෙ මැයි මාසෙට මල්බර වෙන අඩවියක නේද?

    12. [මනාලයෝ] ඉතාලියේ වෙසෙන කට්ට කළු යොවුන් ...

    ම්ම්ම්.... නොදනිමි...

    13. [මනාලයෝ] ඇඹිලිපිටියේ උපන් කොළඹ වගේ හැසිරෙන යකෙක් වගේ තරුණයෙකට

    ?????

    මචෝ... සිරා පෝස්ට් එක...

    ReplyDelete
  41. මටත් ඇඩ් එකක් දාගන්න බැරිවෙයිද? :D

    අභියා : නම් 13ම දාන්නද? ;-)

    ReplyDelete
  42. මගේ එකකකුත් තියනවා මචං... හැබැයි "රෙඩි මේඩ්".. දෑවැස්සට ළමයි කීපදෙනෙක් දෙන්න පුලුවන්... කව්රැහරි ඉන්නවා නම් කියපන්.. පට්ට පෝස්ට් එක ඈ..

    ReplyDelete
  43. කට්ටියව හරියට දන්නවානම් මීට වඩා හිනා වෙන්න තිබුනා.

    ReplyDelete
  44. menna kattiya''

    01. mage maranaya
    02. madaya
    03. wap nishantha
    04. marayage horawa
    05. -
    06. -
    07. abepala
    08. rawa
    09. hasi
    10. hansi
    11. priyantha
    12. dilan
    13. lasitha

    ReplyDelete
  45. හිනා කාලා පණ ගියා.

    ඊයේ ඉන්දරයා මේක බස් එකෙ දාලා තිබුනට ලින්ක් තිබුන්නැනේ. දැනුයි දැක්කෙ.

    එක අතකට පරක්කු වෙච්ච එක හොඳයි.... පෝස්ට් එකටම හරියන කමෙන්‍ට් ටික.

    දැං ඔය ඇඩ් එකක් දාන්න වචනෙකට කීයක් අය කරනවද?

    ReplyDelete
  46. ඩිලන්,
    උඔ කලුයිද බං....... සික් මං හිතුවේ උඔ එහෙ ඉඳලා සුද්දෙක් වගේ පාට වැටිලා ඇති කියලා.

    ReplyDelete
  47. අභීතයා,
    තුන් වැනියා කොන්ඩමුරුක්කුවා නේද? කෝ ඒ ගැන දාලා නෑනේ. කොන්ඩෙ‍ උස්සන පනාව තිබෙන තැන ගැන සහකාරිය නිරන්තර සැලකිලිල්ලෙන් සිටිය යුතුයි කියලා.

    ReplyDelete
  48. පුල් ආතල්.... අහි අයියේ.. අපිටත් චෑනිස් එක දීපල්ලකො...

    ReplyDelete
  49. හික් හික්.. මෙව්වට කියන්නේ සමාජ සත්කාර කියලා..;)

    ReplyDelete
  50. @ඹුද්ධි ..
    මුන් කියන තරම් මම කලු නෑ බන්

    ReplyDelete
  51. @ Dush / Geethika Dilruk (ගීතික දිල්රුක්)
    ඇයි ගිය මාසේ 24 වෙනිදා එක්කෙනෙක් හම්බ උනා නේද .....?

    ReplyDelete
  52. පොඩි අවුලක් තියෙනවා..

    10. [මනාලියෝ] නුවර එළීයේ..
    නුවර එළීයේ නෙවේ.. මහනුවර :D

    ReplyDelete
  53. ඕං කිව්වා මටනං එපා ..මේ රස්සාව කරගෙන ඉන්නවා..මගේ හස්ත කරුමාන්තේ......

    ReplyDelete
  54. වලත්ත පෙරේත හාවා.... (බනී) පොට්ටද හලෝ ඔය මගේ ගැන නෙවෙයි ලියලා තියෙන්නෙ. ඕක ඔරිජිනල් නුවර එළියම තමා. මම නම් දැන් ඔය සබ්ජෙක්ට් එකට නෑ. පාඩුවෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන මාසෙකට 3 පාරක් විතර මහරගම බඩ ගගා ඉන්නවා.

    ReplyDelete
  55. අම්මේ පොස්ට් එක කියවලා හිනාකාලා මැරුනා,, කොහොමෙන් කොහොම හරි ගොඩ යන අයගේ වෙඩින් වලට අපිටත් ඉන්වයිට් කොරහල්ලා

    ReplyDelete
  56. අර පැකේජ කාලෙන් කාලෙට වෙනස් වෙන ඒවාද දන්නේ නෑ......

    ReplyDelete
  57. හෑ ,.,මේ මගේ එකත් දා ගන්න බැරි වේවිද ආ

    ReplyDelete
  58. [මනාලයෝ] රූමත් නිවසක් හිමි දෙමහල් සහකාරියට මනාලයෙක් සැමියා සොයයි.

    ReplyDelete
  59. හු‍ටා....

    ReplyDelete

රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....

අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...