Monday, December 12, 2011

මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබ මේ පිළිබඳවනම් ගොඩාක් අසමත්.....

මට මේ  ලිපිය ලියන්න හිතුනේ මේ දවස්වල බ්ලොග් ලෝකේ යන ලිපි කිහිපයක් දැකලා.. රංගගේ අදේවවාදය, වැප්ගේ සෝම හිමි පිළිබඳ ලිපිය, ඇනොනිමස් ආතල් එකේ පලවුනු සෝම හිමි පිළිබඳ ලිපිය නැවතත් රංග ලියපු නියම සිංහල බෞද්ධයෙක් වන්නේ කෙසේද කියන ලිපි කීපය කියවලා.... ඒ වගේම තමයි මේ ලිපිය ලියන්න කාලෙක ඉඳලා මගේ හිතේ තිබ්බා... මේ ලිපි පෙල එක දිගටම පල වුනාට පස්සේ මට හිතුනා මෙන්න මේ පෝස්ට් එක ලියන්න කාලේ හරි කියලා....


අන්තවාදීන්... මේක සෑම ආගමකටම පොදු දෙයක්... බෞද්ධ හෝ වේවා, හිංදු හෝ වේවා, කතෝලික/ ක්‍රිස්තියානි හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා අන්තවාදීන්නම් මට හිතෙන විදිහට සෑම ආගමකටම පිලිලයක්... ඉතින් මේ පුංචි ශ්‍රී ලංකාව වටේ මේ ආගම් හතරටත් අමතරව තවත් ආගම් විශාල ප්‍රමාණයක අන්තවාදීන් වෙසෙන බව ඔබත් මමත් අනිත් හැමෝමත් දන්නවා.. ඉතින් මේ ලඟදි සහ මම රට වටේ සංචාරය කරන වෙලාවලදි දකින දසුන් තමයි මම මේ ලියන්නේ.. කියවන ඔබ බුද්ධිමත්ව හිතන්න ඕන මම මේ ආගමකට පහර ගැසීම සඳහා නොලියන බව....


මම බෞද්ධයෙක් නොවැ.. ඉතින් බුද්ධාගමට වින කටින්න එනකොට මගේ හිතත් රිදෙනවා... අන්තවාදීන් නිසා දීඝවාපියේ පරිවාර චෛත්‍යයක් ඩෝසර් කරනු ලැබුවා.. ඊලඟට මම දැක්කේ ආරුගම්බේ මුහුදු මහ විහාරයට අන්තවාදීන් විසින් කර ඇති හානිය... මේවා ගැන තවමත් මේ රටේ ඕන තරම් ඇස් ඇරෙන ලංකාවේ රජයේ ඇස්, අදටත් රිලනම් නෑ....


මේ ලඟදි මම ගියා කූරගල.. වැප් නිශාන්ත මල්ලිත් මේ ගැන ලිපියක් දාලා තිබ්බා... බලන්නකෝ මේ පිංතූර ටික පිළිවෙලට..

මේ බෝඩ් එකේ පින්තූරෙන්ම පේනවා අති සබරගමුව පළාත් සභාවේ
සංචාරක අමාත්‍යාංශයේ නිරුවත්භාවය...

මේකෙන් පේන්නේ අන්තවාදීන්ගේ එඩිතරකම (මට හිතෙන හැටී)

මේ තියෙන්නේ පුරා වස්තු විකෘති කිරීම දඩුවම් ලැබිය යුතු බව දන්වලා...

මේ තියෙන්නේ මෙහි ඉදිකිරීම් කඩා බිඳ දැමීම් තහනම් කියලා..

මේක බෞද්ධ ආරමයක අවශේෂ කියලා තමයි මේ තියෙන්නේ..
උඩ තියෙන පුවරු තුනම ගහලා තියෙන්නේ එකම ආයතනයෙන්...
ඒ උනාට ඇතුල් වෙද්දිම ඉදිකරලා තියෙන්නේ මේ..

පුවරුවේ තිබ්බ වගේ බෞද්ධ ආරාමයක නටබුන්

කඳු මුදුනට නැග බැලූ කල කූරගල පුරා දිස්වෙන අනවසර ඉදිකිරීම්

මම හිතන්නේ මේ ඇති කියලයි.. මේ බෞද්ධයින් හට ඉස්ලාම් අන්තවාදීන් (මතක තියා ගන්න... මම මේ කියන්නේ ඉස්ලාම් අන්තවාදීන් ගැන මිස මුස්ලිම් ජාතිකයින් ගැන නෙවෙයි..) විසින් වෙලා තිබෙන හිරිහැරයක තරම... අප රටේ බෞද්ධ අන්තවාදීන් විසිනුත් අන්‍යාගමිකයින් වෙත වෙන මේ හිරිහැර අපි නොදකිනවාට ඔවුන් දකින පුළුවන්.... මේ පිළිබඳ වැඩි විස්තර වැප් නිශාන්ත ලියා ඇති කූරගල සියැසින් දැක ගතිමි කියන ලිපියෙන් බලා ගන්න පුළුවන්...

මට කියන්න ඕන උනේ මේක නෙවෙයි.. අපි කවුද? අතීතයේ මේ රට කාගේ හෝ වේවා.. දැන් මේ රට අපේ.... දැන් උඩ පනින්න යන්න එපා.. මේ මාගේ පෞද්ගලික සිතිවිල්ල. අපේ කියන්නෙද? අපේ කියන්නේ අපේ.... මේ ශ්‍රී ලංකා භූමිතලය මත මේ වෙලාවේ ජීවත් වෙන අපි ඔක්කොගෙම.. ඒ නිසා අපි අනුන්ටත් අනුන් අපිටත් කරදරයක් නොවී ජීවත් වෙනවානම් කොච්චර දෙයක්ද? මට මෙහෙම හිතුණ වාර අනන්තයි.. බ්ලොග් ලෝකය ගත්තත් මමත් අවංක පැට්ට කියලා හදුන්වන මුශ්ඨාක් ෆාරුක් මල්ලිත් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් වෙච්ච ඩිලාන් මල්ලිත් කොච්චර යාළුවෝද? අපි අතරේ මේ ගැටළු තියෙනවද? ඉතින් ආගම් ගැන කිය කියා බෙරිහන් දීම වෙනුවට තමන්ගේ ආගම තමන් අදහගෙන අනෙකාගේ ආගම අනෙකට අදහන්න ඉඩ දීලා බලාගෙන ඉන්න එක නෙවේද හොඳ? ඒත් අපි තමන්ගේ ගොඩ වැඩි කර ගන්න ගිහින් හැමදාම නා ගන්නවා....

මේ තියෙන්නේ මගේ අදහසයි... මනාප නැතිවෙයි, එහෙම නැත්නම් ඡන්ද නැතිවෙයි කියන එකට බයෙන්ද දන්නේ නෑ ගොඩාක් පාලකයෝ මේකට අත ගැහුවෙ නෑ.. අත ගහන පාටක් පේන්නත් නෑ.... ඒත් ඔවුන් මේක විසඳනකන් මේක ඉවරයක් වෙන්නෙත් නෑ.. තවත් චිරාත් කාලයක් යනකන් අපි අනුන්ටත්, අනුන් අපිටත් බෙරිහන් දිදී ඉදීවි....



දැන් ඉතින් කියන්න එපා තොපි වගේ උන් ඉන්නකන් මේ ශාසනේ හැඳෙන්නෙ නෑ යකෝ කිය කිය... මමත් බෞද්ධයෙක් විදිහට ආසයි මගේ ආගම දියුනු වෙනවා දකින්න.... ඒත් අනුන්ව පාගලා නෙමෙයි..


ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමණි, ආගම් ජාති බේදයකින් තොරව සහෝදරත්වයේ හා මිත්‍රත්වයේ බැම්මකින් රට තුල විසීමේ කාලයක් ලබාදෙනු පිණිස මේ ලිපිය ඔබේ අවධානය පිණිසයි....


ප.ලි. හැමදාමත් කියනවා වගේ කමෙන්ට් දානකොට තමන් කවුද කියලත් මිනිසෙකුට කියවිය හැකි වචන පමණක් යොදන ලෙසටත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා... ඔබගේ ගෞරව ඔබ විසින් නඩත්තු කරාවි... 


ප.ප.ලි. මේ ලිපියේ අපි කියන්නේ සිංහල බෞද්ධ අය නෙවෙයි... අපි... මේ ශ්‍රී ලංකා භූමිතලය මත මේ වෙලාවේ ජීවත් වෙන අපි..

32 comments:

  1. නියමයි අයියා..මේව පෙන්නල දෙන එක ගැන.වගකිවයුතු උදවියගෙ ඇස් ඇරෙයි කියා සිතමු.

    ReplyDelete
  2. බීරී අලින්ට වීණා ගහල පලක් නැහැ. අස්සයා ඉස්තාලෙන් එලියට ගිහින් ඉවරයි.

    ReplyDelete
  3. මේ සම්බන්ධව ලියවුනු ලිපි, බ්ලොග් පෝස්ට් බර ගානක් මමත් කියෙව්වා
    මේකේ තියෙන අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න කියල දෙපාරක්ම උසාවි නියෝග දීලා තිබුනත් ඒවා ක්‍රියාත්මක කරන්න කෙනෙක් මේ වෙනතුරු ඉදිරිපත් වෙලා නැහැ :((
    උසාවි නියෝගයක් ක්‍රියාත්මක කරන්න බැරි කමක් තියෙනවා කියන්නේ මේ පිටිපස්සේ තියෙන බලවේගය බොහොම බලවත් කියන එක වෙන්න ඕනේ
    නමුත් එහෙමයි කියලා අපි නිකම්ම කට පියාගෙන හිටියොත් තව තවත් මේ වගේ දේවල් සිද්ධ වෙයි
    බොහොම වැදගත් කාලින ලිපියක්...

    ReplyDelete
  4. මම කුරගල ගිහින් නෑ අතේ දුරින් තියන දීඝවාපිය ගැන මම ගොඩක් දේවල් දන්නවා .

    එක්තරා අන්තවාදීද වෙන මොනවා හරි වාදීද කියලා නොදන්නා ඇමති කෙනෙක් දීඝවාපිය ඩෝසර් කරලා එහි තිබූ වටිනා පුරාවස්තු බොහොමයක් ඉස්සුවාය කියන එක මේ පැත්තේ කාටත් රහසක් නෙවෙයි .

    හිඟුරාන පාරේ ගිහින් දීඝවාපී විරාහාරයට ඇතුල් වෙන තැනම හරක් මස් කඩයක් තිබුණාට මේ පැත්තේ කිසිම සිංහල මිනිහෙක් ඒගැන කිසිවක් නොකියන්නේ ඒ මුස්ලිම් අයත් එක්ක කෝලහල ඇති කරගෙන පලක් නැති බව දන්න නිසාත් ඒ අයගේ කෑම බීම වලට විරුද්ද වෙලා ලබා ගන්න දෙයක් නැති බව හොඳින් දන්න නිසාත් .

    බලුම වැඩේ තියෙන්නේ ඊට පස්සේ ඔය දීඝවාපි විහාරයට හැරෙන තැන් පාර දිගටම වේගෙන් එහේ මෙහේ යන හීරෝ හොන්ඩා බයිසිකල් වල යන අය හෙල්මට් දාන්නේ නෑ කවදාවත් . සිංහල අය විතරයි හෙල්මට් දාලා පැදං යන්නේ එතනට ට්‍රැෆික් කෙනෙක් කිසිදවසක එන්නේ නෑ .. ඒකත් කමන් නෑ කියමු කවුරු වැටිලා ඔලුව පොඩි වෙලා මලත් මගෙ මොකෝ ?

    වැඩේ කියන්නේ දීඝවාපිය කියන්නේ පට්ට කාස්ටක පලාත . ගිහිං බැලුවොත් ඔබට තේරේවි යාපනේ ගියා වාගේ . ඒතරමට දූවිල්ලයි පෑවිල්ලයි . ඒ පැත්තේ මිනිස්සු ලිං හාරනවා වතුර හොයාගන්න නිකම් පිස්සුවෙන් වගේ අඩි සිය ගනං හෑරුව ලිං වලත් වතුර නෑ . ඒත් අපේ සිංහල මිනිස්සුන්ගේ ඉඩම් වලට උඩින් ෆිල්ටර් කරපු වතුර බට යනවා . තවත් අය කාන්ඩෙකගේ ගම් බිම් වෙත . අපේ එවුං වියරු වැටිලා හිටියත් තවම ගහ මරාගන්න ගිහින් නෑ . වරද අපේ සිංහල උන්ගේ වතුර දෙන්වා කියලා බොරු කියාගෙන ආපු උන්ට උඩ පැනලා කතිරේ ගහපු එක .

    ඒත් පිපාසය දරා ගන්න බැරි නිසාම දීඝවාපිය පැත්තේ සිංහල එවුං ඔය මුස්ලිම් ගමට යන වතුර බට කඩලා වතුර ගන්න හැටිත් මම දැකලා තියනවා . වරද කාහෙද ? තිබහෙන් ඉන්න මිහාගෙද ?

    දැන් නම් දීඝවාපිය පන්සලේ ඉඩමත් කස්ටියක් ටිකෙන් ටික අල්ලගෙන යනවා

    දීඝවාපිය සුරැකීමේ සංවිධානය නොවෙන්න අද වෙනකොට වෙලා තියන දේ හිතාගන්නවත් බෑ

    ReplyDelete
  5. සඳරුගේ කොමෙන්ට් එක අපි නොදන්නා දෙයක් දැනගත්ත.ඇත්තටම මේක එක එක්කෙනා හිතල කරන්න ඕනේ දේවල්.

    ReplyDelete
  6. ඕක මොකක්ද බන්. උඹ දන්නේ නැති උනාට දුටුගමුණුගේ ඔටුන්නක් හොයන්න. පුරාවස්තු සම්බාරයක් විනාශ කරනවා මේ වෙලාවේ. බුද්ධාගම නැති කරන්නේ බුද්ධාගමේ උන්මයි. මට වඩා උඹ දන්නවනේ දඹුල්ලේ හාමුදුරුවන්ට වෙච්ච දේ හා දැන් කරන දේ. සුද්දන්ට රෙදි අන්දලා යවනවා. අපේ උන් හෙලුවෙන් ගිහින් තන් මිරිකනවා..

    ReplyDelete
  7. අදහසට සම්පූර්නයෙන්ම එකඟයි , හැබැයි ලොකු අකුරින් දාල තියන පොරගෙන් නම් ඉල්ලල වැඩක් නැ , එයාට ඕව කොරන්න වෙලාවක් නැ , වරාය හදන්න අධිවේගි හදන්න කොච්චර වැඩ තියනවද කරන්න

    ReplyDelete
  8. කතාවත් කොමෙන්ට් ටිකයි...
    හරිම දුකයි මේගැන.... හයියෙන් කතාකළොත් අන්ත වාදී ... නිකන් හිටියොත් පොන්නයෝ.... මොකදෑ කොරන්නෙ..... මගෙත් සෑහෙන්න මුස්ලිම් යාළුවො ඉන්නවා ...

    ReplyDelete
  9. යන්කො රවුමක් අප්‍රියෙල් මාසෙ, අභීත කියන ඒවයි, සඳරු කියන කියන ඒවයි බලන්න.

    ReplyDelete
  10. මම නම් හිතන්නෙ ආගම් කියන ඒව අපේ රටට ඇනයක් වෙලා.ඒක ආගම් වල වරද නෙවේ.ඒව අතට අරගෙන ඉන්න අයට ,ආගමේ තියෙන දේට වඩා,වෙන වෙන ව්යාපෘති ගොඩක් තියෙනවා.බොහොම ඉක්මනට නිර් ආගමික පැලැන්තියක් ඇති වෙන්න ඉඩ තියෙනවා.කුහකත්වයට වඩා ඒක හොදය් කියල මට නම් හිතෙනවා.

    ReplyDelete
  11. මේක හදල කොයි කාලයක් වෙලාද දැන්,ලගදි ඉදිවුන අනුරාධපුර මහමෙව්නාවෙ පල්ලිය,ගාලු කොටුව තුල අලුතින් ඉදිකර ඇති මුස්ලිම් ඉදිකිරීම් ගැන අන්තර් ජාලයේ රජයේ හා පුද්ගලික මාධ‍යවල කොතෙකුත් වැඩ සටහන් තිබුනද ඒවයින් වැඩක් වූයේ නැත.ආණ්ඩුව මීට එරෙහිව ජනතාව හා ස0ගයා වහන්සේලා පෙල ගැසී අනුරාධපුර පූජා භූමියේ පල්ලිය ඉවත් කරද කොලබ දිනවීමට මුස්ලිම් අන්තවාදීන්ගේ සහය ගැනීම සදහා ජනාධිපති තුමා ඇතුලු ආණ්ඞුවට කිසිම ලැජ්ජාවක් නැතිව ආරක්ෂක අමාත්‍යන්සේ මැදිහත් වීමෙන් හමුදාව යොදවා නැවත ඉදිකර දී ඇත.එම නිසා ආණ්ඞුවට මේවා කියනවා කියන්නේ බීරි අලින්ට වීනා වයනවා වගේය.

    ReplyDelete
  12. අපේ අයියලාගේ ජාත්යාතලය ටිකක් වෙනස්.
    මුස්ලිම් අන්තවාදය ගැන කරපු සයිබර් අවකාශයේ කරපු කතාබහක් කෙළවර වෙලා තිබුනෙ මුස්ලිම් වෙළඳ ව්යාලපාර වර්ජනය කිරීමේ උත්සාහයක් සමග. අද ඒක හුලං බැහැල. නෝ ලිමිට් එක වහල දාන්නයි කතාව තිබුනෙ. කරන්න තියන දේ, කරන්න අවශ්ය් ‍දේ කරන්නෙ නැතුව..... මට මතකයිනෙ 83 ජූලි කලබල...... ජාත්යාමලය වැඩි කමට කඩවල්වල තිබුනු ටීවී සෙට් අරව මේව ගෙවල් වලටම අරගෙන ගියා.
    උන්ට ජාත්යා්ලෙ මතක් වෙන්නෙ තමන්ගෙ බිස්නස් එකට මුස්ලිම් වෙළෙන්දන්ගෙන හිරිහැර පාඩු වෙනවනං විතරයි.

    ReplyDelete
  13. බුදුහිමියන්ටත් කලියුගයෙ දෙවියන්ගෙ පිහිටයි කියන්නෙ මේවට වෙන්න ඇති ...

    ReplyDelete
  14. කාලෙට වටින ලිපියක්. අර කීවත් වගේ ගොඩ ලොකු කරගන්න දගලන්නේ නැතුව කවුරු කවුරුත් ගොඩයන්න දැගලුවොත් තමයි හොඳ..... ඔය ගොඩවල් ලොකු කරගෙන අපි අවුරුදු දාස් ගාණක් ඉන්නවයෑ...... ආගම ලොකු කරනවා වෙනුවට මනුස්සකම ලොකු කරන්න උත්සහ කරන්න ඕනේ කාලයක්....

    ReplyDelete
  15. හැමෝම කියනවා වාගේ මමත් කියන්නෙ මේවා ආණ්ඩුවට කියලා වැඩක් නෑ...ඒ වගේම නිකන් කථාකර කර ඉදල වැඩකුත් නෑ...පාරට බැහැල උද්ගෝෂණ කරන්නත් බෑ....මං කියන්නද වැඩක්..# අපි fb එකට බැහැල උද්ගෝෂණයක් කරමු! # ඇත්තටම මං ලඟ ඹය කියන කරුණු වලට අදාල කරුණු තිබුණානම් දැන්ම වැඩේ පටන් ගන්නවා.

    මොකද කියන්නේ,,,,අන්තවාදීන්ගෙන් නිර්මල බුදුදහමත්,බෞද්ධ-මුස්ලිම් සමගියත් බේරාගැනීමට face book හරහා අපි එකතු වෙමුද?

    commentonlymachan@gmail.com

    ReplyDelete
  16. ජාත්‍යාලය, ආගමට ඇති ආලය ගැන බොරැවට දගලන මිනිස්සු ඇත්තට ක්‍රියාකරන්න පටන්ගත්තොත් මේවා හරි ගැස්සෙනවා. හොද පෝස්ටුවක් ජය..

    ReplyDelete
  17. අභීත සහෝ කියලා තියෙනවා වගේ අපේ දේවල් අපි රැක ගන්න ඕනේ. හැබැයි මෝඩයෝ වගේ කෑගහලා නෙමෙයි. ඉවසීමෙන් සහ බුද්ධියෙන්.

    @ සඳරු,

    ඔය දේවල් කමෙන්ට් එකක් හැටියට තිබිලා වැහිලා යනවට වඩා වටිනවා පෝස්ට් එකක් විදිහට ලියුවනම් [පුළුවන්නම් ඡායාරූප එක්ක].

    උදාහරණයක් විදිහට ඔයා ලියපු "ගාමනී චිත්‍රපටියේ නොතිබුණු, ගෝනගල ගමේ සැඟව ගිය ඇත්තම ආදර කතාව" වගේ.

    ReplyDelete
  18. අපේ මිනිස්සුන්ගේ ඔලු හැදෙන්න තව කොච්චර කාලයක් යයිද කියන්න බෑ අභීත අයියේ

    ReplyDelete
  19. ටිකක් හිනාවෙන්න කියලා ආවට මේක අඩන්න වෙන කතාවක්. මේ වගේ හැම තැනින්ම මේ ගැන කතා වෙන්න ඕනේ. එතකොට වත් ලොකු පුටු වල ඇස් ඇරෙයිද මන්දා

    ReplyDelete
  20. @මාලන් .

    මාලන් අයියා මම ඒක කරන්න කාලයක් තිස්සේ හිතාගෙනයි ඉන්නේ .. වෙලාවක් ලැබුනු ගමන් මම ඒ වැඩේට අත ගහනවා ..

    ReplyDelete
  21. සහතික ඇත්ත.. කවදා හරි ‍සිංහලයන්ට තියෙන එකම රටත් නැති වෙලා යයි.

    ReplyDelete
  22. Kanishka | කණියා ++++++++++

    ආගමික, ජාතික සහජීවනය ගොඩාක් හොඳ දෙයක්...අවශ්‍ය දෙයක්.. ඒ වගේ අපේ ජතික අනන්‍යතාවය, අතීත උරුමයන් මතු පරම්පරාවලට දැකගන්න වත් රැකිල තියෙන්න ඕනා.... මම මේ ඉන්න රටට බුදු පිළිමයක් තියෙන වෙසක් කාර්ඩ් එකක් ආවොත් ආපහු රිටර්න් කරනවා. ඒ රටේ රාජ්‍ය ආගම ඉස්ලාම් නිසා. ඒත් බුද්ධාගම රාජ්‍ය ආගම තියෙන අපේ රටේ හැමදෙයක් මොනතරම් නම්‍යශීලීද? ඒත් අන්තිමේ අපිට වෙන්නේ කණිෂ්ක කියපු දේම තමයි... වඳ වෙලා යන ජාතියට අවශ්‍ය ළමයි හදන්න කියපු සෝම හාමුදුරුවො ජාතිවාදියෙක්ලු.. හරි දැන් උන් වහන්සේ කිව්ව නම් තොපි අහවල් කාරිය කොරපල්ලා කොපු දාගෙන, ළමයි හැදිල්ල කොරන්න එපා... කියල කිව්ව නම් උන්වහන්සේ හරිද? හොඳයිද?? එහෙමනම් උන්හන්සේ වැටෙන්නේ මොන වාදියෙක් විදියටද?

    ReplyDelete
  23. @ Kush කුෂ් ++++++++++++++
    උඹ උන්නෙත් මම ඉන්න රටේම හරි ඒ වගේම රටක වෙන්න ඇති
    මටත් මේ රටෙන් දීල තියෙන හැඳුනුම්පතේ දාල තියෙන්නේ බෞද්ධ කියල නෙමෙයි
    ක්‍රිස්තියානි කියලා
    මුන් බුද්ධාගම කියල හැඳුනුම්පතකවත් දාන්න කැමති නැහැ
    එහෙව් එකේ.... අපේ රට නම්‍යශිලියි කියන්නේ නැමිලා තියෙන තරමට කොන්දක් නැද්ද කියලත් හිතෙනවා... :((

    ReplyDelete
  24. උඹේ ලිපිය හරි වැදගත් එකක්, ඒත් ඔව්ව කිව්වට අපේ බූරුවන්ගෙ ඇස් ඇරෙන්නෙ නැහැ. මම ඔය කූරගල කේස් එක දන්නෙ ගොඩක් කාලයක් තිස්සෙ, වැඩක් නැහැ මචං හිත රිදෙන එක විතරයි වෙන්නෙ.
    අර අ'පුරේ පල්ලියට විරුද්දව නිත්‍යානුකූලව වැඩ කරපු දිසාපති නෝනව ට්‍රාන්සර් කරලා.
    අපේ එවුන් චන්දයට පෙරේතකමේ ඉතිහාසය වෙනස් කරන්න උනත් ඉඩදෙයි.
    තමුන්ගේ බල තන්හාව වෙනුවෙන් අම්ම අප්ප උනත් ඕකුන් විකුනනවා, ඒක තමයි ඇත්ත.
    මහින්ද නෙමෙයි, රනිල් නෙමෙයි, මොන ප#*#* ආවත් ඕක තමයි තිත්ත ඇත්ත.
    (අනිත් එක උඹේ බ්ලොග් එක මහින්ද බලන්නෙත් නැහැ.)

    ReplyDelete
  25. කොන්ද පණ නැති පාලකයෝ ඉන්න රටක ඕවා සුළු දේවල්!

    ReplyDelete
  26. නියමයි !!!!
    තවත් මේවගේ ලියන්න ශක්තිය ලැබේවා...

    ReplyDelete
  27. අබියා මේක බොහෝම බැරෑරුම් ප්‍රශ්නයක් මෙව්ව මෙහෙම කතා කරන්න බැහැ... කෝක් ටිකක් ශැන්ඩි කරගෙන බොන ගමන් කතා කරන්න ඕනා. මොකො කියන්නෙ කාලෙකින් කෝක් ටිකක් බීපු නැති එකේ සෙට් වෙමුද? ;)

    ඔබා මාම ... ඔය අප්‍රේල් වල යන රවුමට මාත් එනව හොඳේ :) :) :)

    ReplyDelete
  28. අවංක පැට්ටා...කෝක් එකක් ශැන්ඩි කරන ගමන් මැදිහත්ව මේ ගැන හිතෙන දේ කියන්න. ඔයාල කියන දේත් දැනගන්න අපි කැමතියි
    ෴ධනුෂ්ක෴

    ReplyDelete
  29. ඇනෝ.. (ධනුශ්ක.): අවංක පැට්ටා ඉලක්ක කරලා අහන එක වැරදියි.. අපේ බෞද්ධ අන්තගාමීන් කරන වැඩවලට (උඩ කළු ජූලිය ගැන කියලා තියෙනවා වගේ) අපි හැමෝම උත්තර බඳින්න බෑ.. මම පිංතූර මේ සිද්ධියේ දැම්මට හැම ආගමකම අංතවාදීන් විසින් අන් ආගමිකයන්ට මේ හිරිහැරය කරනවා.. අන්න ඒක නිසයි මම හිතුවේ මෙතනට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි කියලා....

    ReplyDelete
  30. මේ අයියා.. සභාපති තුමා මේක බලලා ටිකක් හිනා වේවිද ? :D
    මං නම් හිතන්නැ මේක ප්‍රින්ට් කරලා දුන්නත් වැඩි ඔනි කමක් දක්වාවී කියලා..

    ReplyDelete
  31. [[මේ ලිපියේ අපි කියන්නේ සිංහල බෞද්ධ අය නෙවෙයි... අපි... මේ ශ්‍රී ලංකා භූමිතලය මත මේ වෙලාවේ ජීවත් වෙන අපි..]]

    මගේ ආචාරය. අවුරුදු ගානක් බ්ලොග් වල මුහුණු පොතේ මේක කියලා කියලා ඇතිවෙලා බං. ඒත් කවදාවත් මේ කුළු හරක් ඒක දකින්නේවත් නැහැ.

    සිංහල ජාතිවාදියා, දෙමල ජාතිවාදියා, මුස්ලිම් ජාතිවාදියා, මුන් ජීවත් වෙන්නේ සහජීවනේක. එකෙක් හින්දා අනිකා පවතින්නේ.

    අවාසනාවට වාර්ගික පසුබිම් පසෙක තියා තනි ශ්‍රී ලාංකිකයින් හැටියට හිතන්න පුළුවන් එව්වෝ කීයද ඉන්නේ. වැරදි කාලයක් අභියෝ.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...