Wednesday, February 8, 2012

මගේ රස්සාවද? මිනිස්සුන්ට ආතල් දෙන එකයි මිනිස්සුන්ව හිනස්සන එකයි මචන්....

ගොඩාක් අය ජීවිතේ රැකියාවක් කරන්නේ ජීවිතය සරි කරගන්න... මෙය කියවන ඔබ මෙන්ම මෙය ලියන මමද එහෙමයි.... ඒ නිසා රැකියාවෙන් ජීවිතය සරි කිරීම කොච්චර අසීරු උනත් අපේ අය අනන්තවත් පෙළඹෙනව මේ ලැබෙන වැටුපෙන් යම් ඉතිරියක් කරගෙන ජීවත් වෙන්න.... ඒත් ඉතින් එහෙම කරගෙන යන අයනම් මට කීප දෙනයි හමු වෙලා තියෙන්නේ..... ඒ ඔවුන්ට අති විශාල වැටුපක් ලැබෙන නිසා.. නැත්නම් දෙමවුපියන් ඉතිරි කරගත් සෑහෙන ආදායමක් ඔවුනට තියෙන නිසා... සමහර දේශපාලකයින්ගේ දරුවෝ දිහා බලපුහාම හිතෙන්නේ අනේ උන්ට ගිය කල කියලා.. අල්ලපු ඩෙස්ක් එකේ ඉඳල සාමාන්‍ය පෙලත් අසමත් වෙලා අපට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න මගේ යාලුවෝ බොහොමයි. (උඹ මගේ බ්ලොග කියවනවා කියලා මම දන්නවා මචන්.. උඹට තමයි කිව්වෙ... අපි හැමදාමත් කථා කරන දේ නිසා උඹට මේක අමුත්තක් නෑනේ මචන්... :D)



ඒ කාර්ය බහුල ජීවිතේට මඳ විරාමයක් දීලා තමන්ගේ නිවාඩුව උපරිමෙන් ගත කරන්න සහය ලබාගන්න තමයි ගොඩාක් දෙනෙක් මගේ සහය ලබා ගන්නේ.. නමුත් උපදෙස් දීම මම පුදුම සතුටකින් කරන්නේ.. ඒ වගේමයි දැන හඳුනන කෙනෙක් මගෙන් සේවය ලබාගද්දි මගේ දෙයක් හරි එයාලට දීලා වැඩේ කරලා දෙන්න තමයි හදන්නේ.. ඒත් ඒකෙන්නම් ගොඩාක් පාඩු සහ හිත් නොහොදකම්ද මන්දා ඇති වෙලා තියෙන්නේ.. වැඩි හොඳ දබරෙට කියනවනේ....


අප්පා පදුරු වටේ තලන ගමන් පොඩි මාකටිං පාරක් දී ගත්තා.... හැමෝම මෙහෙම කරන ජීවිකාව වෙනකෙක් පහත් කරලා කතා කරන එක ඒ මනුස්සයාගේ හිතට කොච්චර වදිනවද? මට මතකයි මාරයාත් මේකට හොඳ උත්තරයක් දීලා තිබ්බා දවසක්... හම්බ කරන් කන රස්සාවට, වාහනේට අනන්මනන් කියපුහාම කරපුහාම ඒ අදාල පුද්ගලයින්ගෙ හිත හොඳටම නැතත් පොඩ්ඩක් හරි රිදෙනවා....


ලංකාවේ මාධ්‍යවේදියෙකුයි ගායන ශිල්පී සුනිල් පෙරේරායි අතරේ ගිය සාකච්ඡාවක් තමයි මේ පහල තියෙන්නේ....


ඔබේ ගීත සංස්කෘතියට පටහැනියි නේද?


ඔව්...


ඔබේ ගීත වලින් සමාජයට කිසියම් පණිවිඩයක් දීමක්වත් කෙරෙන්නෙ නැහැ නේද?


නැහැ.. කොහෙත්ම නැහැ...


ඔබේ ගීතවලදි කෙරෙන සමහර රැඟුම් ටිකක් අසභ්‍යයි නේද?


ටිකක් නෙවෙයි... හොඳටම අසභ්‍යයි...


හිතා ගන්න පුලුවන්නේ අර මනුස්සයාට වෙච්ච දේ.... ඉතින් මේ වගේ පසුගිය මාසෙදි මගේ ඥාතියෙක් කට කොනට හිනාවෙලා මගෙන් ප්‍රශ්ණ කීපයක් ඇහුවා.. ඔහු මේ විදිහයි කියලා කලින් දැනගෙන හිටපු නිසා එවෙලෙහි ඔහු වෙනුවෙන්ම සැකසූ උත්තර වගයක් තමයි දුන්නේ....


ආ අභීත... දැන් කොහොමද? බිස්නස් සරුද?


ඔව්.. වරදක් නෑ..


දැන් අර ටාසන් වැඩ එහෙම කරනවද? (මේ කිව්වේ මගේ ත්‍රාසජනක ක්‍රියා විශයයට..)


ඔව්.. සති ගනන් ඉන්නවා කඹවල එල්ලිලා....


ඔයාලා මොනාද ඔය මිනිස්සු අරන් ගිහින් කැලෑ ගානෙ රිංගවගෙන කරන්නේ...?


ආ... මිනිස්සුන්ට ආතල් දෙන එකයි මිනිස්සුන්ව හිනස්සන එකයි තමයි ඉතින්.... 


කතාව එතැනින් ඉවරයි.... මිනිහා මගෙන් ඉවත් උනේ විදුලි වේගෙන්... බලාගෙන ගියාම වැරැද්දකුත් නෑ... මේකනේ ඇත්ත....

46 comments:

  1. හම්බ කරන් කන රස්සාවට, වාහනේට විතරක් නෙමෙයි ඒ ඒ අයගේ රුචි අරුචි කම් වලට උනත් පහර ගහන එකෙන් මිනිස්සුන්ට රිදෙනවා...

    සුනිල් පෙරෙරගෙ උත්තර සැට් එක නම් මරු අහ්... අබීත එදිරිසිංහගෙ ටිකත් එළ... :D

    ReplyDelete
  2. " ඔයාලා මොනාද ඔය මිනිස්සු අරන් ගිහින් කැලෑ ගානෙ රිංගවගෙන කරන්නේ...?

    ආ... මිනිස්සුන්ට ආතල් දෙන එකයි මිනිස්සුන්ව හිනස්සන එකයි තමයි ඉතින්..!!"

    අන්න කතාව, ඔය වගේ කස්ටියට ඔහොම තමා උත්තර දෙන්න ඕනේ..!!

    ReplyDelete
  3. තමන් ගේ වැඩක් බලන් ඉන්නැතුව අනුන්ගේ ඔන්නැති රෙද්දවල් උස්සල බලන එක තමයි..ඔය කියල තියෙන එවුන්ගේ රස්සාව..හැබැ උන්ට සතුටක් නම් ලැබෙන් නෑලු..කුනුකමනම් උතුරල යනවලු..

    ReplyDelete
  4. තමන් ගේ වැඩක් බලන් ඉන්නැතුව අනුන්ගේ ඔන්නැති රෙද්දවල් උස්සල බලන එක තමයි..ඔය කියල තියෙන එවුන්ගේ රස්සාව..හැබැ උන්ට සතුටක් නම් ලැබෙන් නෑලු..කුනුකමනම් උතුරල යනවලු..

    ReplyDelete
  5. නියම උත්තරේ දීල තියෙන්නේ....

    ReplyDelete
  6. ඇයි හත් ඉලව්වේ.....හෙන ගහන්න වගේ ඔහොම කිවුවහම කාටද තවත් එතන ඉන්න හිතෙන්නේ......හැබැයි මචෝ උඹ දීල තියෙන්නෙ නියම උත්තරේ....අනුන්ගෙ රෙද්දවල් හොයන්න යන එව්න්ට ඔය වගේ උත්තර වලින්ම තමයි සංග්‍රහ කරන්න ඕනේ.......

    ReplyDelete
  7. ++++++++++++
    මටත් ඉන්නවා ඔය වගේ නෑදෑයෝ.... ඉගන ගන්නේ IT කිව්වාම මුලින්ම ඇහුවේ ඕවට රස්සා තියනවාද කියලා... :D

    ReplyDelete
  8. අභීත, ඕකෙ මෙහෙම පැත්තකුත් තියෙනවා. හොරාට හොරකම් කිරීම කියන්නෙ රස්සාව. හරක් මරන මිනිහට හරක් මැරීම කියන්නෙ රස්සාව. කුඩු විකුණන මිනිහට කුඩු විකිණීම කියන්නෙ රස්සාව. ඒවයින් ඒ මිනිස්සුත් පවුලුත් ජීවත් වෙනව ඇති. ළමයි ඉස්කෝලෙ යන්නෙ, ලෙඩට දුකට බෙහෙත් ගන්නෙ ඒ රස්සා හන්ද වෙන්න ඇති. නමුත් ඒ නිසාම ඒ රස්සා වලට සමාජයෙන් ගෞරව ලැබෙයි කියල බ්ලාපොරොත්තු වෙන්න බෑ.

    සුනිල් පෙරේරා ගැන කියනව නම්, රූපවාහිනියෙ දකින සුනිල් පෙරේරා නෙවෙයි අපි ප්‍රසංග වල දකින්නෙ. මා සහභාගි වූ යම් උත්සවයකදී මේ පුද්ගලයා කළ දේවල් නිසා මා ඔහු ගැන සම්පූර්ණයෙන්ම කළකිරුණා. සින්දු වල කුණුහරුප වරුසාවයි. පිරිමි නම් උඩ පැණ පැන හිනා වුණා. නමුත් එතැන හිටි කාන්තාවන් ලක් වුණේ ඉතාම අසීරු තත්ත්වයකට. කුඩා දරුවන් පවා එතැන හිටියා. මුදල් ඉපැයීම වරදක් නොවුණා වුණත් හුදෙක් මුදල් ඉපැයීම පිණිස මේ වගේ දේවල් කවුරුන් හෝ විසින් කළ යුතු නෑ කියලයි මට නම් හිතුනෙ.

    වරදවා වටහා ගන්න එපා, මේ කියන්නෙ ඔබ කරන රස්සාව ගැන නෙවෙයි. ඔබ කරන්නේ සමාජයට හිතකාමී රැකියාවක්. නමුත් හැම දෙනකුගේම රස්සා සමාජ හිතකාමී නෑ.

    ReplyDelete
    Replies
    1. එකඟයි.... ඒ ගැන කිසිම විවාදයක් නෑ... වෙනත් පැත්තක් පිළිබඳ අවධානය යොමු කරවීම ගැන ස්තූතියි....

      Delete
    2. කවුරුත් දන්නවනෙ සුනිල් පෙරෙර ගැන. සුනිල් පෙරෙරා කොහෙ ගිහින් කුනුහරප කිවුවත් පුදුම වෙන්න දෙයක් නෑ. ඒක හරි නැති වෙන්න පුලුවන්. හැබැයි ඒක කුඩු විකුනනව වගෙ දෙයක් නෙමෙයි, බාර් එකක් දාගෙන හොර අරක්කු විකුනනව වගෙ වැඩක්

      Delete
    3. ඇනෝ දන්නවද තවත් සමහරු රස්සා එකතු කල්ල කරන්ව. ඒ කියන්නේ බස් කොන්දොස්තරකම කරන ගමන් ඉතුරු නෙදී හොරකම් කරන්ව. හොඳ පලතුරු කියල කුණු පලතුරු විකුනල වන්චා කරන්ව. හොද සින්දු කියල සතුටු කරන්න පුලුවන් තෑන කුනුහරුප කියල විනාස කරන්වා. හරි අමාරුයි උන්ව තේරුම් ගන්න. නමට කියන්නේ පලතුරු වික්න්නනව කියල . නමුත් කරන්නෙ වන්චාව සොරකම

      Delete
    4. උදාහරණ හරියටම නොගැළපෙන්න පුළුවන්. නමුත් මෙතැන සුනිල් පෙරේරා කරන වැරද්ද තමයි, තමන් කුණුහරුප කියන එක, වනචර කතා කියන එක විවේචනය කරන හැමෝම එහෙම කරන්නෙ තමන් එක්ක තියෙන තරහට ඉරිසියාවට කියන මතය පතුරුවලා අනුකම්පාව දිනා ගන්න උත්සාහ කරන එක. එතකොට හැමෝම කියන්නෙ "අනේ මේකා කීයක් හරි හොයා ගන්නවට තරහෙ මේවා කරනව කියලනෙ". සුනිල් ආරියරත්න ගැන මගේ විශේෂ පැහැදීමක් නෑ, ඒත් මං දන්න තරමින් එයා සුනිල් පෙරේරා විවේචනය කළේ පෞද්ගලික මට්ටමින් නෙවෙයි, ගීතවල තියෙන දේවල් ගැන. ඒක ඉතින් සුනිල් ආරියරත්නට විතරක් නෙවෙයි ඕනැ කෙනෙකුට කරන්න පුළුවන්. නැතුව සුනිල් පෙරේරා කියන්නෙ දෙවි කෙනෙක්ද අනෙක් අයට එයා ගැන අදහස් දක්වන්න බැරි?

      Delete
    5. කළා කරුවෝ, ලේඛකයො කියන්නෙ දෙවිවරු තමයි. හැබැයි අනුගාමිකයො නැති දේව්යන්ට පැවැත්මක් නෑ. මේ ගැන ලඟදි ලක්බිමේ සහ හින්දු පත්තරේ පොඩි කතිකාවක් ගියා.
      සුනිල් පෙරේරා කුණුහරුප කියනව කියල දැනගෙන ඔහුව ගෙන්නන මිනිස්සු තමයි මුලින්ම වැරදි. සුනිල්ව ඉල්ලන්නෙ ඒව බලාපොරොත්තුවෙන්නම්, සුනිල් එනව කියන තැනකට යන්නෙ මිනිහගෙ කුණුහරුප අහන්න බලං නම්, පස්සෙ දොස් කියනන්නෙ ඇයි?

      සුනිල් පෙරේරා කියන්නෙ ගායන ලෝකෙ ඉන්න යුනික් චරිතයක්. ඒ වගේම සෑහෙන්න හොඳ ගති තීන බොහොම වෙනස් හොඳ මිනිහෙක්. මිනිහගෙ දේශපාලනේ සහ කළාව සුනිල් ආරියරත්නල වගේ වයසට යනකොට වැල යන පැත්තට හැරවුවෙ නැති මිනිහෙක්.

      Delete
    6. @ඉන්දික උපශාන්ත,

      මෙතැන තියෙන්නෙ මහත්තයො එයා vs. මෙයා ගැටළුවක් නෙවෙයි. සුනිල් පෙරේරා ජරා වැඩක් කරමින් අනෙක් සියළු දෙනා ඔහුට "සල්ලි හොයන්න තියෙන අයිතිය නිසා" ඒ ජරා වැඩේ අනුමත කළ යුතුයි කියල මතයක් ගොඩ නඟනව නම් ඒක වැරදියි.

      Delete
  9. //ඔයාලා මොනාද ඔය මිනිස්සු අරන් ගිහින් කැලෑ ගානෙ රිංගවගෙන කරන්නේ...?//

    වරෙන් කැලේට මම කරන දේ පෙන්නන්න කිව්ව නම්.......:D

    ReplyDelete
  10. You've hit the Jackpot Dude, so has Sunil Perera. Wow!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ජැක් ගහන කතාවනං හරි . . ඒත් අර පොට් කතාව තමා තේරුනේ නැත්තෙ

      Delete
  11. හිනස්සන එකනම් ලොකු දෙයක් අඬවන්නෙ නෑතුව .

    ReplyDelete
    Replies
    1. අන්න hint එකක් ගැහුවා

      Delete
  12. එතකොට අභිත අයියා පිරිමි නේද ඔය කැලැ පල්ලෙ එක්ක යන්නෙ වැඩි පුර ?
    (දන්න එකෙක්ට කියන්න නරකයි අභිත කියන එකා එක්ක ට්‍රිප් යන්ඩ කියලා:P)

    සුනිල් පෙරෙරා දවසක් TV ප්‍රොග්‍රැම් එකකට ඇවිත්.. එකෙදි සුනිල් ආරියරත්න ගැන හිතෙන්නෙ මොකක්ද ඇහුවාම කියලා තියෙන්නෙ
    බොක්ක හොද නැති එකෙක්නෙ කියලා :D

    ReplyDelete
  13. හි හි අන්තිම ප්‍රකාශෙට නම් පොර හොඳටම බය වෙන්න ඇති
    ....
    අබීත අයියට ඔය වගේ ඔළුවක් හම්බුවෙලා තියෙන්නේ කොහෙන්ද මන්දා..... :D

    ReplyDelete
  14. නියම උත්තරේ තමයි අර අහපු කෙනාට දීලා තියෙන්නේ. ඔහොම තමයි කරන්න ඕන. මමත් උත්තර සෙට් එකක් හදාගෙන ඉන්නේ මගේ වැඩ ගැන අහන්න ආපුවාම දෙන්න.

    ReplyDelete
  15. ඔව් ඔව් මමත් මේ උත්තර හොයන ගමන් .බොහොම ස්තූතියි මතක් කලාට

    ReplyDelete
  16. කියන්න ඕන ටික ලෙසටම කියලා තියනවා, හැමදාම වගේ....;)

    ReplyDelete
  17. මරු රස්සාව...වටින එකක්...මාත් ආසයි ඔහොම කක් ලබන ආත්මෙ විතර කරන්න..

    ReplyDelete
  18. ටාසන් වැඩේ මොකක්ද? මටත් හිතෙනව දවසක සෙට්‍වෙන්න!හික්.

    ReplyDelete
  19. කස්ටමර්ලට 'ගිණිගෙඩි ' දීම ...හෙහ්..හෙහ්...

    ReplyDelete
  20. පරණ කතාවක් මතක් වුණා!

    අමරදේවලාගේ ප්‍රබුද්ධ ගීත ගැන ප්‍රශ්ණයක් අහපුවෙලාවේ ජෝතිපාල කිව්වා තමන්ගේ සින්දු "පීචං" ඒවා බව. නිහාල් නෙල්සන් ඒඛ අහලා කිව්වේ පොර ගේ සින්දු "සුප්‍රබුද්ධ" බවයි.

    ReplyDelete
  21. ආතල් දෙන එකයි හිනස්සන එකයි වෙන වෙනමද කරන්නෙ... ??

    ReplyDelete
  22. කමක් නෑ හොඳ මාකටිං පාරක් දැම්මා නේද ... හික් හික්

    ReplyDelete
  23. සුනිල් පෙරේරාගෙයි අභීත අයියගෙයි උත්තර වල වෙනසක් නෑ.. ප්‍රශ්ණ අහපු මනුස්සයම අන්තිමේ කට වහගෙන යන්න ගිහින්...

    ReplyDelete
  24. පව් අප්පා කස්ටමර්ස්ල... හික් හික්

    ReplyDelete
  25. මිනිස්සුන්ව හිනස්සන එකත් මරු ඈ.

    ReplyDelete
  26. ඇයි අර කපු වැඩේ ගැනත් කියලා දෙන්න තිබ්බානේ... ;)

    ReplyDelete
  27. අඩේ බැරිද අප්පා මාවත් ඔය යන වෙලාවක නඩේකට සෙට් කොරගන්න..

    එක්කො මේ බ්ලොග් ලියන අපි ඔක්කොම අවුරුදු උත්සවෙ අල්ලල කැලේ එක්ක ගිහින් ආතල් එකක් දෙන්නකො හිනස්සල

    ReplyDelete
  28. අපේ යාලුවෙක්ට තියෙනවා ටේලර් ශොප් එකක්...වැරදිලා එකෙක් මැශින් එකක් උඩ වාඩි වෙලා..අරු පුකට ඇන්නා කතුරෙන් ...හම්බකරන් කන එක යකෝ ඕක උඩ වාඩිවෙන්න එපා කියලා....එදායින් පස්සෙ ඌ එක්ක කථා කරන්නේ එළියේ ඉඳන්....

    ReplyDelete
  29. //ආ... මිනිස්සුන්ට ආතල් දෙන එකයි මිනිස්සුන්ව හිනස්සන එකයි තමයි ඉතින්....//

    එකක් මිස් වෙලා. "මිනිස්සුන්ට හිනා වෙන " එක. ඒකත් ඇඩ් කරන්න :D

    ReplyDelete
  30. රස්සාව බාල්දු කරන්වටනං මමත් කැමති නෑ

    ReplyDelete
  31. හික්..ගැලපෙන උත්තර ටික..!!!!

    ReplyDelete
  32. හි හි අහන එකාට බෝම්බ ගැහුවා වගේ තියෙන්න ඇති හි හි

    ReplyDelete
  33. මාර ටෝක්ස් තමයි දෙන්නෙ

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...