Friday, February 17, 2012

තව කුමකටද රටකට මේ මහ පුටුකම්....



පැට්‍රල්, භූමි තෙල්, ඩීසල් ගසන්නේ.....
මහජනයා නෙවෙද මහතුනි කියන්නේ....
ඒවා අහස වෙත යන විට බොලන්නේ.....
බිම අපි ඇට උලා කන්නද කියන්නේ......

ලෝකයේ ලොකුම වනචර තිරිසනුන් කැල....
වනසපු ලක්බිමේ මේ රණවිරුවො කැල...
ධීවර සහෝදරයෙක් වෙත පත්තු කල....
උණ්ඩය කෙරෙහි මොන අනුකම්පාවක්ද බොල.....

දෙදරු පියතුමෙක් ඇත උඩුකුරුව නිදා.....
ඔහුගේ ඔලුවේ පසුපස ඇත සිදුර විදා.....
ඉන්ධන ගැලුම් ගත්තත් සයුරම පරදා......
එය වටිනවද මිනිසත් දිවියක් පරදා.....

තෙල් මිල පාලනය කරනටවත් බැරිනම්......
බස් සල්ලියත් ගැමුනුට ඕනෑ හැටිනම්......
විදුලිය බිලත් වැඩිවෙනු නවතනු බැරිනම්....
තව කුමකටද රටකට මේ මහ පුටුකම්.... 


මිහිඳු මැතිතුමනි පුර සාරම් දොඩන.....
අපගේ මනාපෙත් ඔබ වෙතටයි දුන්න......
අනිත් පැත්තෙ උන් පුක පෙන්නනා කල......
සිහිකල යුත්තේ කාවද පවසනු මැනව...


අපි මෙහේ ඉඳන් කර කුට්ටන් වී යද්දේන්.....
ආශ්චර්ය අපෙ කර මත පැටවෙද්දෙන්.....
තියෙන සියළු බර අපගෙන් අය වෙද්දෙන්...
මැතිඳුනි ඔබ සදාකල් මෙහි වැජඹිද්දෙන්....



මොහු මිය ගියා වැසියට අමතක වේවී....
වැඩි සද්දයක් දැම්මොත් උස්සමු පේවී....
අපි මේ නරාවල තුල සිට ගූ කාවී.....
රජිඳුණි සදාකල් ඔබ මෙහි වැජඹේවී.....

ඇනෝනිමස් ආතල් එකට ලියූ කමෙන්ට් එක ලිපියක් ලෙස පල කෙරුවෙමි.. හිතේ දුක තිබෙන්නේ අපේ ඡන්දය අයාලේ යන නිසාය.... මිනිස් ජීවිතයකට වඩා වැඩි වටිනාකමක් තිබෙන තවත් යමක් ඇත්ද? මොහුගේ මිය යාමෙන් රටටවත් මහජනතාවටවත් පලක් ඇතිද සරුසාර හෙටකට.....?


ජීවිත හානි අවසන් එක මෙය වේවා....
පව්කරුවන්ට කවදා හෝ පල දේවා.....
මිනිසුන් සැවොම එක් පිලකට පැමිණේවා.....
මගෙ රට දිනු දැයක් වී මතු වැජඹේවා..... 

78 comments:

  1. එදා පෞද්ගලික අංශය සඳහා යෝජිත විශ‍්‍රම වැටුපට එරෙහිව උද්ඝෝෂණය කරද්දි පොලිස් වෙඩි පහරින් මිය ගිය රොෂේන් චාමික ගැන සිහිපත් කරද්දි අපි කිව්වෙ මෙය අවසාන ඝාතනය වේවා කියල.. අද වෙද්දි පොලිස් හෝ හමුදා වෙඩි පහරින් තවත් පුද්ගලයෙක් ඝාතනය වෙලා.. අදත් අපි කියන්නෙ මෙය අවසාන ඝාතනය වේවා කියල.. මොකද්ද මේකෙ තේරුම.. හැමදාම අපිට වෙන්නෙ මෙය අවසාන ඝාතනය වේවා කිය කිය ඉන්න තමයි.. රටේ නීතිය බල්ලට ගිහින් අභීත අයියෙ..මේ වගේ තව කී දෙනෙකුට මැරුම් කන්න වෙයිද ... ප්‍රශ්නයක් !!

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹ සීරියස් දෙයක් ගැන කතා කරනවා දැක්කමයි මම

      Delete
    2. ඌ අවශ්‍ය වෙලාවට විතරයි ඉතින්...

      Delete
    3. මේ සිද්ධියත් මීට කලින් කටුනායක වුන සිද්ධියත් බොහෝ දෙනෙක්ගේ සිත් කම්පාවට පත් කරවපු සිද්ධීන් ලෙස අතීතයට එක් වේවි. මේ විදියට නිරායුධ පුද්ගලයන් ඝාතනය වෙන එක නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. මේ කවි පෙළ තුලින් පිටු දහස් ගණනකින් වත් කියාගන්න බැරි දේවල් ඉස්මතු කරලා තියෙනවා. ඒ වගේම මේ අනාත වුන දරුවන් වෙනුවෙනුත් බ්ලොග් අවකාශයේ සියල්ලන්ම එක්වී යමක් කළහොත් ඔබලාගේ යහපත් ක්‍රියා ගොන්නට තවත් එක් සුන්දර මතකයක් එක් වේවි!

      Delete
  2. ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා කියන්න බැරි තත්වයක් ටික ටික උදා වෙනවා වගේ...:(((

    ReplyDelete
    Replies
    1. ඒක නං උදාවෙලා ටිකක් කල් නිසූපා

      Delete
  3. වැඩිකල් උඩ පනින්න වෙන්නෙ නෑ කට්ටියට
    මිනිස්සුන්ටත් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ බන්...

    මල ඉලවු සංවර්ධනේ පැත්තකින් තියලා මිනිස්සු ජීවත් කරවල ඉන්න එපැයි මුලින්ම.
    අපිට කන්න බොන්න තියෙන සල්ලි වලින් පොලවට කාපට් දාලා හරි අලුතින් ගැරේජ් එකක් හරි හදල හරියන්නෙ නෑ නේ බන් මුලින් කාල බීල ජීවත් වෙලා ඉන්න් එපැයි


    හ්ම්ම් ..............
    හිතේ දුක තිබෙන්නේ අපේ ඡන්දය අයාලේ යන නිසාය....

    ReplyDelete
  4. වෙල්කම් බැක්...! :)

    කතා කරලා වැඩක් නෑ. මටත් ඔය ප්‍රශ්නෙමයි තියෙන්නේ, දීපු චන්දෙ දිරවගන්න බැරුව ඉන්නේ. අර දෙවියන්ට වගේ සලකපු හමුදාවත් බලු වෙනවා මුන්ගේ මේ වැඩ නිසා. මේ පාරත් ප්‍රාර්ථනා කරමු මේ අවසාන ඝාතනය වෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කරන්නද බන් අපි...

      Delete
  5. ඉගාව ගොදුර අපිද දන්නෑ....කැපුවත් නීල්..අපිට වෙඩි තියපියවු...ඔක්..

    ReplyDelete
    Replies
    1. උණ්ඩයට කොහෙද බන් පක්ෂ භේදයක්...

      Delete
  6. මේ අන්තිම ඝාතනය වේවා!!
    මිනිසුන්ගේ තර්කය හරි. සහනාධාරය ඕනෙනම් සතියක් තියෙයි. ඒ නිසා උන්ට හැකි ලෙස උන් විරෝධය පෑව. නමුත් දුන්නු උත්තරය නම් හරිම කැතයි. මම නම් 88 - 89 අමතක කරන් නැහැ. ඒ නිසා මේ ගැන මට පුදුමෙකුත් නැහැ. කොහොම හරි මහත්තුරුනේ වෙන දේ සහ වෙන්න යනදේ ගැන තව හිතන්න.
    සොයුර ඔබට නිවන් සුව!!
    දෙව්මව් තුරුලේ සැනසීම ලැබෙවා!!
    අර පියතුමන්ලාටත් මගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. ඔය අත්දැකීම අපිට ලා මතකයක් විතරයි.... තත්ත්වය සමනය කරන්න පියතුමන්ලා ගත් උත්සාහය අමතක කරන්න හොඳ නෑ තමයි වෙද මහත්තයා...

      අර එකෙක් කියලා තිබ්බේ පල්ලියෙන් වෙඩි තිබ්බා කියලා සැකයකුත් තියෙනවා කියලා.... :D :D :D

      Delete
  7. මට නම් දුක නෑ දුන්නු ඡන්දය ගැන..දුක රටට හා ජනතාවට වෙන දේ ගැන..

    කෝ මේකට තාම ඇවිල්ලා නෑ නේද? උණ්ඩෙ ගැන කිය කිය යන ඇනෝවා...

    ReplyDelete
    Replies
    1. මට ලිපියෙන් මතු නොවෙච්ච කාරණය හරියටම මතු කරලා තියෙනවා.. ඡන්දය හරි..ඒත් රටට හා ජනතාවට දැන් වෙන දේ තමයි වැරදි.....

      තාවම නම් ආවේ නෑ... :D

      Delete
  8. //මේ අන්තිම ඝාතනය වේවා!!//
    කටුනායක කේස් එකේදිත් ඔය කතාව කිව්ව අපි.

    ReplyDelete
    Replies
    1. හැමදාම ඕක තමයි කියන්න වෙන්නේ...

      Delete
  9. එදා ආරකෂක අංශ සාමාජිකයිනගේ ජිවිත රැකදෙන්න කියලා දෙවියන් යැද්ද බෝධි පූජා පවත්වපු ඔවුන්ව දේවත්වයෙන් පුදපු අහිංසක මිනිසුන්... අද ඉල්ලන්නේ රජ කම හෝ රටෙන් භාගයක් නොවෙයි තුන් වෙීල නැත්නම් දෙවෙලක් හරි කාලා ඉන්න පුළුවන් කමක් ඇති කරන්න කියලයි.
    අවු 30 වැඩි කලක් යුද්ද කරද්දි මෙ රටෙි මිනිස්සු කවදාවත් තමන්ගේ බත්පත ගැන කථා කලේ නැහැ බඩු මිල අඩු කරන්න කියලා පාරට බැස්සේ නෑ එවන් උතුම් මිනිසුන්ට නේද අද මෙී තුවක්කුව මාණනනේ.

    ReplyDelete
    Replies
    1. ඔවුන් කරන්නේත් රාජකාරිය.. ඒත් දිගින් දිගටම මෙහෙම උනොත් ජනතාව ඔවුන්ට පයින් ගහන කාලයත් වැඩි ඈතක නෙමෙයි....

      Delete
  10. හැම වැඩෙන්ම තැලෙන්නෙ අහිංසක මහජනයා තමයි. බලාගෙන ගියාම කොයි ආණ්ඩුවත් එකයි.

    ReplyDelete
  11. මොනවා කියන්නද මන්දා? හොද වෙලාවට මටනම් තවම එක ඡන්දයක්වත් ඔය මහරජාට දෙන්න ලැබිලා නෑ.
    දැන් ඔය ලයිට් බිල වැඩි කරන්න යන්නේ ඇයි? අනේ මන්දා ඉන්න ගෙදර අයියා කියන්නේ බට්ටි දැන් නම් හරි යන්නැ දුටු තැන ලයිට් නිවන්න කියලා.

    ReplyDelete
    Replies
    1. දර පන්දම්, දර ලිප් එලියට ගන්න කාලේ හරි බට්ටි...

      Delete
  12. පෝස්ට් එක ගැන කියලා තියෙනවානෙ අනිත් කට්ටිය. ඒක නෙවෙයි අභීත, මේ බ්ලොග් එකට ඊයෙ යන්න බෑ. එහෙම බ්ලොග් එකක් නැහැලු. has been removedලු. මේ දැනුත් හෝම් පේජ් එකට ආවට මේ පෝස්ට් එක ලෝඩ් කලේ පස් පාරක් ට්‍රයි කරලා. මේ කනෙක්ෂන් එකේ අප්සෙට් එකක් නෑ. 3G. මොකද අවුල?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. උත්තරේ ටිකක් යටට ගියා හෙන්රි...

      Delete
  13. අපිවත් හඬක් නගමු.. මිළ වැඩිවෙනවා තමයි. නමුත් ඒකේ සාධාරනත්වයක් තියෙන්න ඕන. මේකට එකම විසඳුම ආන්ඩුව වෙනස් කරන එක නෙමෙයි. මේ කාළකන්නි දේශපාලන ක්‍රමය අවසාන කිරීමයි. නමුත් ඒක පේන තෙක් මානයකවත් නෑ..

    ReplyDelete
    Replies
    1. මේකමයි මටත් හිතෙන්නෙ....

      Delete
    2. ඉතාම නිවැරදියි. මේ ජරාජීරණ වෙච්ච සමාජ ක්‍රමය මිස ආන්ඩු වෙනස් කිරීමෙන් කිසිම සුගතියක් ජනතාවට අත් වේ දැයි මටත් සැකයි. උනුත්, මුනුත්, අරුනුත්, කොයිකත් එකයි.

      Delete
    3. මනාප ක්‍රමය වෙනස් කරගන්න බැරුව දගලන කට්ටිය දේශපාලන ක්‍රමය වෙනස් කරයිද?

      මේ මාතලන් උණ විකාරෙන්නම් දොඩවන්න එපා.... :D :D :D

      Delete
  14. පාට පාට සිහිනවල වැරැද්ද..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ගංජා ගහන්න පුරුදු කරන්න ඕන මිනිස්සුන්ට...

      Delete
  15. අපි නම් මෙහෙම වෙන බව කලින්ම දැක්ක... දැන් ඉතින් අස්පය ගියාට පස්සේ ඉස්තාලේ වහන්න දඟලල වැඩක් වෙයිද මන්ද
    http://www.gunegethippola.blogspot.com/2011/08/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. මේ රටේ කවදද බන් ඉස්තාලේ වැහුවේ කලින්..... පොඩිම උදාහරණේ බලපන්කො.. අපි ඉර කපන කල් බලන් ඉඳලා පොලිස් කාරයා ලියන්නේ අපූරුවට.. ඌට ඕන කමක් තිබ්බනම් ඉරට කලින් ඉඳලා අපි ඉර කපන එක වලක්වන්න තිබ්බනේ....

      Delete
    2. ඇයි බන් ගුනේ නියම ප්‍රොෆයිල් එක පාවිච්චි කරන්නේ නැත්තේ..

      http://www.blogger.com/profile/06698847163265200948

      Delete
    3. මචන් ජ්‍යොති, උඹලගේ දේවල් උඹලා ලඟ තියා ගත්තානම් තමයි හොඳ? මෙතන කක්කා කරන්නේ නැතුව...

      Delete
    4. හරි හරි මම තරහ ගන්න දෙයක් කීවේ නෑනේ අභීත ලොක්කා.මම මේ සොඩා ගුනේව කට්ටියට හදුන්වලා දුන්නා විතරයි.අනික මම ඕක දැම්ම කියලා ගුනයා ඌ ලියපු ගූ ලිපි අයින් කරන්නෙත් නෑනේ.අභීත ඔන්න සොරි හොදේ.

      Delete
    5. අනික මම හොදටම දන්නවා සෝඩා ගුනේ මගෙත් එක්ක පෞද්ගලික තරහක් නෑ කියලා.මමයි මිනිහ එක්ක මලෙන් ඉන්නේ,ඒ අතින් සෝඩා ගුනේ හොදයි බන්.මමයි සෝඩා ගුනෙයි තරහ නැහැ. ඒත් අහක හිටපු අභීත නරක මිනිහ වෙන්න හදන්නෙපා ඔන්න අපි දෙන්නව තරහ ගස්සන්න හදලා....හික්..

      Delete
    6. ජෝති ලොක්ක මාර හොයාගැනීමක් කරල තියෙන්නේ?? අංජනමක් ඇරලද හොයා ගත්තේ? :D හැබැයි මචන් උඹ හැමදාමත් වගේ අදත් පරක්කුයි... උඹ අදුන්නලා නොදුන්නට ගාල්ලේ ගෙට්ටුවට ආපු එවුන්ගේ ඉදල බ්ලොග් ලියන කියවන ගොඩක් එවුන් මාව පුද්ගලිකව දන්නව. ඇයි බන් උඹ මාත් එක්ක මලෙන් ඉන්නේ??? උඹල වපුරන මිත්‍යාවට කෙලපු නිසාද?? උඹ හරි බන් මට උඹත් එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ... ජයවේවා!!!!

      Delete
    7. හරි බන් ගුනේ.උබයි මායි කොහොමත් හොදයිනේ... මම දාපු මුල් කමෙන්ට් එකේ උබේ ප්‍රොෆයිල් එක දැම්මා විතරනේ.අභීත ඒක කක්ක වැඩක් කියලා කියපු එක තමයි මට තියෙන පුදුමේ.

      Delete
    8. ඉතින් ඌ කියන්නේ ඇත්ත නේ බන් උඹ කරන්න හැදුවේ කක්කි වැඩක් නේ... Soda ගුනේ ගෙ ඇත්ත ප්‍රොෆයිල් එක ලෝකෙට පෙන්නල පොර වෙන්න.... ඒකට කෙල උනාම දැන් බොරු බයිල ගහන්න එපා බන්. මෙතනින් එහාට මේ ගැන කතා කරන්න ඕන නම් මගේ මේල් එකට වරෙන් අභියගේ බ්ලොග් එක ගඳ ගස්සන්නේ නැතිව.

      Delete
  16. ඊයේ හවස මේක ඩිලීට් වෙලා තිබ්බා... ආයේ උදේ බලනකොට ඕකේ වෙලා තිබ්බා... දැනුත් සමහර වෙලාවල්වලට පෙන්නන්නේ නෑ.. තුන් හතර සැරයක් රිෆ්‍රෙශ් කරනකොට ආයේ ඕකේ වෙනවා.... බ්ලොගර් වල අවුලක් කියලා තමයි හැමෝම කියන්නේ.... ස්තූතියි ඩුඩ් දැනුම් දීමට සහ අවධානය යොමු කිරීමට...

    ReplyDelete
    Replies
    1. රජයේ වාරණයක් ක්‍රියාත්මක වෙනවද දන්නෑ

      Delete
    2. ඒවා කියන්න බෑ.. මේ ලිපිය පබ්ලිශ් කරනකොටම ඒක නැති වුනා....

      Delete
  17. අපේ රටේ ගොඩක් ප්‍රසිද්ධ කලාකාරයෙක් කිව්ව දෙයක් මතක් උනා
    'අපි වෙන් වෙන් වශයෙන් වගේම සමුහයක් වශයෙන් උනත්, අපිට තියෙන පවර් එක අපි දන්නේ නැහැ. දැන ගත්තත් ඒක acknowledge කරන්න කැමති නැහැ.'

    මීට එහා කීමට දෙයක් නැත!

    ReplyDelete
    Replies
    1. කව්ද ඒ කලාකාරය කියලත් කිව්ව නං....

      Delete
  18. අපි ලියනවා කතා කරනවා ඒත් එලියට බැස්සම කිසිම දෙයක් වෙලා නෑ වගේ.. අන්තිමට අපිව තමයි විහිළුවක් වෙන්නේ අයියේ.. මොනවා වුනත් සෑහෙන්න සංවේදී පෝස්ට් එකක්..

    මීගමුව හලාවත ධීවර ජනතාව මේ සොයුරා වෙනුවෙන් අද මුහුදේ යන එකත් නවත්තලා.. ශෝකය පල කරන්න. අනේ ඉතින් කියන්නත් අම්බානක් ලැජ්ජයි, මම අර උදව් කරන්න හදපු කප්පරතොට ධීවර ජනතාවට නම් මේ ගැන ගානක්වත් නෑ.. සමහර අය දන්නේවත් නෑ.. මිරිස්සේ ධීවර ජනයාත් මේ ගැන කිසිම පියවරක් (මම කියන්නේ ශෝකය පල කිරීමක්) වත් කරන්නේ නෑ වගේ..

    මේකෙන් මම අදහස් කරන්නේ නෑ ධීවරයෙක් මැරුණම ශෝක වෙන්න ඕන ධීවරයෝ විතරයි කියල.. ඒත් එහෙම හරි එකමුතුවක්‌ තියෙන්න ඕන කියලා මට හිතෙනවා.. ලිපියට ගැලපෙනවද මන්ද කමෙන්ට් එක. ගැලපෙන් නැත්තන් සොරි වේවා..

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ ඔය උද්ගෝශන එක එක්කෙනාගේ උවමනාවට කරපු දේවල්. මොකද ධීවරයෝ ඔහොම කිරීමේ ලොකු අවශ්‍යතාවක් මටනම් පේන්නෙ නෑ. මාළු මිළ වැඩිකරාම ඉවරයි. මිනිස්සු නොකා ඉන්නවද? මාළු වලට පාලන මිලක් නැහැ නේද?
      ඔතනදි මිරීස්සෙ හරි කප්පරතොට හරි මඩකලපුවෙ හරි ඔය තවත් ධීවර ජනතාවට නැති ප්‍රශ්නයක් ඔය මීගමු හලාවත ධීවර ජනතාවට විතරක් ඇයි?
      ඒ මිරීස්සෙ හරි කප්පරතොට මිනිස්සුන්ට බනින එක හරිද ?
      ඇත්ත මුළු රටේම ජනතාවට තෙල් මිලේ වැඩිවීම දරාගන්න අමාරු තමා. ඒත් ඔය දේවල් උනේ තව බලවේගවල උවමනාවට කියල හිතෙනවා.
      ඒ බලවේගවල උවමනව ඉටු උනා කියල තමා හිතෙන්නෙ.
      අර අහිංසක මනුස්සය නිරපරාදෙ නැති උනේ.

      පලි.

      පොලීසිය හරි ආණ්ඩුව හරි කලදේ සාධාරනීකරනය කලා නොවෙයි. බොර දියේ මාළු බාන සෙයියාවක් පෙනුන ඒ ගැන ලිව්වෙ.

      Delete
    2. මේ උද්ඝෝෂණය පිටි පස්සේ තව විවිධ පාර්ශ්ව ඉන්න ඇති කියන එක මම දන්නවා.. අනිත් ධීවරයෝ වර්ජනය නොකලෙ මොකද කියන එකත් ප්‍රශ්ණයක්.... බලාගෙන ඉන්න තමයි වෙන්නේ කවුද මේ බළල්ලු ලවා කොස් ඇට බාවලා තියෙන්නේ කියලා...

      අදින් පස්සේ මේවා මිනිස්සුන්ට අමතකත් වෙයි, මොකද මැච් එකත් දිනුම්නේ....

      Delete
    3. ano වෙත ,

      මම නම් මෙතන බොරදියේ මාළු බෑමක් බලාපොරත්තු වෙන්නේ නෑ කීයටවත්. මම සඳහන් කරේ එයාල ශෝකය පල කරන එක ගැන. ධීවරයන්ගේ දුක බෙදාගන්න ධීවරයෝවත් එකතු වෙන්නේ නැති එක. ඔය විදියට හිතනවා නම් එයාගේ ගෙදර අය ශෝක වුනාම ඇති නේද. අහක ඉන්න අපි ලිපි ලියන්න, කමෙන්ට් දාන්න ඕන නෑ නේ. ඒවා කාගේවත් උවමනාවට වෙන ඒවාද??

      මාළු මිල එහෙම වැඩි කරන්න බෑ සහෝදරයා හෝ සහෝදරිය.. ඔයා පොඩ්ඩක් හොයලා බලන්න මාළු වලට මිල නියම වෙන්නේ කොහොමද කියලා.. එදා අල්ලාගෙන එන මාළු හිතෙන හිතෙන මිල ගණන් වලට විකුණා ගන්න පුළුවන් නම් ධීවර මහත්තුරු මේවා ප්‍රශ්න කරගෙන උද්ඝෝෂණ කරන්නේ නෑ නේ. එයාලටත් ඔයාට වගේම ඔය ටික හිතන්න පුළුවන්.

      තව එකක්. ඔයා හිතන්නේ මාළු මිල වැඩි කරා කියලා මිනිස්සු නොකා ඉන්න එකක් නෑ කියලද?? මම දන්නා තරමින් පාන් මිල වැඩි වුනාට පස්සේ, ගොඩක් පාන් පරිභෝජනය නම් අඩු වුනා. මාළුවලට එහෙම වෙන එකක් නැද්ද??

      Delete
    4. ඇනෝගේ කතාවේ හිතන්න දෙයක් තියෙනවා!
      කුණුහරුප දේශපාලනෙයි, බල්ලට ගිය නීතියයි තියෙන අපේ රට නම් ලෝකේ ආස්චර්යයක් වෙලා ඉවරයි. අඩුම තරමේ පාලන පක්ෂේ පිස්සු කෙලිනකොට ඊට විරුද්ධව නැගී හිටින්න ශක්තිමත් විපක්ශයක්වත් නෑ. පක්ෂ විපක්ෂ ඔය එකෙක්වත් රට ගැනවත් මිනිස්සු ගැනවත් හිතන්නේ නෑ. ඔක්කොම තම තම්න් ගැන තමයි හිතන්නේ.

      Delete
    5. රවින් කරුනාකරල කියනවද මාළු මිල වැඩි කරන්න බැරි හේතුව හෝ මාළු වලට පාලන මිලක් තියෙනවද හෝ කියලා. අපි ගන්න ගියාම නම් අද 100 එක හෙට 200යි.
      එහෙම තියෙනව නම් කරුනාකරල කියන්න ගොඩක් වැදගත් ප්‍රවෘතියක් ඒක

      Delete
    6. මුලින්ම කියන්නම් ඇනෝ, මාළුවලට පාලන මිලක් නෑ.ඔන්න පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ.

      දෙවැනියට කියන්නේ ,

      "මාළු වල මිල තීරණය කරන්නේ ධීවර මහතුන් නෙවේ!!!!!".

      ඒක තීරණය කරන්නේ මුදලාලිලා. මාළු මිල ඉහල ගියත් පහල ගියත් ඒකෙ වාසිය වැඩි හරියක් එන්නේ මුදලාලිලාට මිසක් ධීවර මහතුන්ට නෙවේ.ඒක දන්නවද ?? එහෙම නැත්තන් ඒකත් මම පැහැදිලි කරන්නම්.. මුදලාලි සහ ධීවර මහතා යන දෙන්න පටලව ගන්න එපා..

      වෙළඳ පොලේ අනිත් බඩුවලට වගේම මාළු මිලටත් ඉල්ලුම,සැපයුම, බලපානවා.අපට හාල්, උම්බලකඩ , වගේ මාළු සගබඩා කරගෙන ඉන්න බෑ ඇනෝ. එච්චර ශීතාගාර පහසුකම් නෑ අපේ ධීවර මහත්තුරුන්ට. ඉතින් මාළු වැඩි කාලෙට මාළු හන්ගන් ඉඳල ටිකෙන් ටික නිකුත් කරන්න බෑ.. එදාගේන මාළු එදාම දෙන්න ඕන. ඉතින් මාළු ගොඩක් අහු වෙන කාලෙට මාළු ලාභ වෙනවා.. ඔයා මාළුවා ව 100 ට ගන්නේ අන්න ඒ වගේ දවස්වලට.

      ඒ වගේම ඔයා ඔය 100 ට ගන්න මාළුවා , තව තැනක 110 , තව තැනක 90 එහෙමත් ඇති. බහුදින ධීවර යාත්‍රාවල ගේන මාළු විකුනන්න කලින් ඒවායේ තත්ත්වය අනුව බෙදන නිසාත් ඔය තත්ත්වේ එනවා..

      උදා:
      මේ දවස්වල අපේ පැත්තේ තැලුන,පල් වෙච්ච (නැත්තන් පෙරේද හරි ඊයේ හරි ගෙනාපු ) බලයෝ කිලෝ එකක් ඔයාට 160ට -170 ට ගන්න පුළුවන්. ඒත් හොඳම කොලිටි කිලෝ එකක් 220ක් වත් වෙනවා .

      ඒ වගේම මාළුවල මිල තීරණය කරද්දී ශාන්තජෝන් මාකට් එක වගේ මාළු මාකට් නිසා සිදුවන දේවලුත් සෑහෙන්න වැදගත්. මම හිතනවා ඔයාට ඒ සාමාන්‍ය දැනීම ඇති කියලා..

      ඒවා ගැන දන්නේ නැත්තන් දුක් වෙන්න එපා.. මම අපේ අය දැනුවත් කරන්න ඕන නිසාම මේ ගැන ලිපියක් ලියනවා. ඔයාට ඒක බලන්න පුළුවන්.ලියල ඉවර වුනාම මම ඒ ගැන ඔයාව දැනුවත් කරන්නම්. අභී අයියගේ අකමැත්තක් නැත්තන් මම මෙතනම ඒකෙ ලින්ක් එක දෙන්නම් ලියල ඉවර වුනාට පස්සේ...එහෙම එපා නම් , ඔයාට ඒක ලබා ගන්න පුළුවන් විදිය මට කියන්න. මම ලැබෙන්න සලස්සන්නම්.මොකද මගේ බ්ලොගේ add එක වෙන බ්ලොග් එකක දාන එක සදාචාර සම්පන්නද කියල මම දන්නේ නැති නිසා..

      මාළු මිලට බලපාන්නේ මොනවගේ කරුණුද කියල දන්නවා නම් ඔයා මගෙන් මෙහෙම අහන එකක් නෑ ඇනෝ. කමක් නෑ. ඔයා නිසාම මම ලිපියක් ලියන්නත් තීරණය කරානේ. ඒකෙ සම්පූර්ණ ගෞරවය ඔයාට මම දෙනවා. ඒ කරුණු ගැන එකඟ නැත්තන් එතැන සංවාදය ගොඩ නගමු අපි.අභී අයියට කරදරයක් වෙන්නේ නැතුව. එහෙම හොඳයි නේ??

      මම ඉතා කෙටියෙන් කිව්වා ටික තේරුනාද දන්නේ නැති නිසා ඔයාට මේ චූටි උදාහරනෙත් දෙන්නම්. තේරෙනවද බලන්න පොඩ්ඩක්. හැබැයි මේක කියවල හිතන්න එපා මාළු මිල ඉහල යන්නේ මේක නිසා විතරයි කියල.

      වාරකන් කාලය කියල එකක් ඔයා අහල ඇති නේ. අන්න ඒ කාලෙට ධීවරයන්ට මාළු අහු වෙනවා අඩුයි..මාළු අහු වෙනවා අඩු වුනාට එයාල බෝට්ටුවට ගහන්න ඕන තෙල් ප්‍රමාණයේ නම් මහා ලොකු අඩුවක් වෙන්නේ නෑ ඉතින්..ඒ කාලෙටත් වෙනද වගේම තෙල් ගහගෙන මුහුදු යන්න ඕන එයාල. ඉතින් ඒ කාලේදී මාළුවල මිල ඉහල යන්න ඕන කියල ඔයාට තේරෙනවා නේද??

      ඒ කාලයට මාළු මිල ඉහල ගියාට,බෝට්ටුවේ මාළු තියෙන්නේ අඩුවෙන් නිසා ධීවර මහත්තුරුන්ට සිද්ද වෙන්නේ මොකද්ද?? මහා ලොකු ලාභයක් හොයා ගන්න පුළුවන් වෙනවද?? .. ගිය වියදම පියවගන්නවත් ඇති වෙයිද ඔය තත්ත්වයක් (තෙල් මිල ඉහල දානවා වගේ ) ආවොත් ??

      හැබැයි පුතේ මාළු මුදලාලිට ඔය වගේ වෙලාවක ධීවර මහතෙක්ට තරම් ප්‍රශ්නයක් එන්නේ නෑ.. ඒක තේරුම් ගන්න පුලුවන්ද?? පොඩ්ඩක් හිතන්න. වාරකන් වාසියත් ඒ මහත්තයට.

      ඒ වගේමයි එක්දින යාත්‍රාවක අඩුම ගානේ 4 දෙනෙක් යනවා.. ඔය හතර දෙනා සහ යාත්‍රාව අයිතිකාර පුද්ගලයා අතර ලැබෙන ලාභය බෙදෙන්නේ 1:1 අනුපාතයට. එහෙමත් නැත්තන් 2:1 විදියට. ඒකත් 4 කට බෙදුනම ධීවර මහතෙක්ට මහා ලොකු ලාභයක් එන්නේ නෑ.. ධීවර මහත්තුරු මූණ දෙන ප්‍රශ්නය සරලව බලන්න එපා සහෝ.

      මාළු මිල වැඩි කරාම මාළු කන්නේ නැති මිනිස්සු ඉන්නවා කියලා ඔයා දන්නේ නැද්ද ඇනෝ?? රට අයිනේ අපට නම් 365 දවසෙම මාළු තිබුනට රට මැද්දේ පොඩ්ඩක් හොයන්න බලන්න තත්ත්වේ?? දැන් වුනත් අපට පේරාදෙණියේ කඩේකවත් බලමාලු හොයාගන්න නෑ ගොඩක් දවස් වලට..

      මම මේ කමෙන්ට් එක දැම්මේ ඇනෝලා දෙන්නම එක්කෙනෙක් කියල හිතාගෙන. මගේ කමෙන්ට් එක පැටලිලි සහගත නම් සමාව ඉල්ලන්නම්.. ඒත් මම කියන්න ඕන දේවල් ඉතාම කෙටියෙන් කියන්න උත්සහ කරේ, කමෙන්ට් එකක් විදියට පොස්ට් එකක් දාන එක එච්චර හොඳ දෙයක් නෙවේ නිසා..

      ඔයාට උත්තරේ මේකෙන් ලැබුනේ නැත්තන්, ලිපිය ලියනකන් ඉවසන්නත් බැරි නම්, මම ඔයාගේ මේල් ඇඩ්රස් එක දැනගන්නවට අවුලකුත් නැත්තන්, අහන්න තියෙන ප්‍රශ්න ටික මට ඊ මේල් කරනවද. සැරින් සැරේ මේකට එනවට වඩා මට ඒක ලේසියි. මෙන්න මගේ ලිපිනය.

      ravinyasitha@gmail.com

      ප.ලි.
      අභී අයියා අවුලක් හිතන්න එපා හොඳේ මෙතන ඇවිත් මේවගේ පෝස්ට් වගේ කමෙන්ට් එකක් දාපු එක ගැන.. එහෙම අවුල් වගේ නම් කියන්න.

      Delete
    7. නෑ රවීන් කිසි අවුලක් නෑ.. බ්ලොග් එකෙන් මමත් බලාපොරොත්තු වෙන්නේ සංවාද.....

      Delete
    8. බොහොම ස්තූතියි අයියේ.. එහෙනම් මෙන්න මම ඇනෝ ට ලින්ක් එක දෙනවා හොඳේ.. ඇනෝ ට මම මේ නමින් ආමන්ත්‍රණය කරනවට අවුලක් හිතන්න එපා. නම දන්නවා නම් මම මෙහෙම කතා කරන්නේ නෑ නේ ඉතින්.
      http://ravinyasitha.blogspot.com/2012/02/i.html

      Delete
  19. ඇයි බැරි හැමොටම එකතුවෙලා මිනිස්සුන්ට සේවයක් කරන්න. ඒකනෙද ඇවැසි? කවුරු බලයට ආවත් සමාන්‍ය අපි දුක් විඳිනවා විනා අපිට වැඩක් වෙලා නෑ . අපි ශ්‍රිලංකා, අපි යූ.එන්.පී අපි ජේ.වී.පී. කියනවා විතරයි. අපිට වැඩක්වෙන ක්‍රමයක් නැද්ද ? හැමෝටම සතුටුවිය හැකි.

    ReplyDelete
    Replies
    1. එතකොට එයාලට වැඩ කරලා දෙන්නේ අපිද ලොකු ජෝන්.... :D

      Delete
    2. නෑ එතකොට "එයාලා" කියන්නෙ අපිට

      Delete
  20. සිංහලයො කවද්ද ඇත්තටම අනික් එකෙක් වෙනුවෙන් එක් වුනේ... එක් වෙලා ඉදලා සද්ද නැතුව අනිත් පැත්තට ඔත්තුව දෙන මහ ජරා ජාතියක්. ඒක සුද්දන් ගේ සිට අද පාලකයින් දක්වා හැමොම දන්නවා. උන් ඒවයන් ප්‍රයෝජන ගන්නවා.ඒක නිසා ඔයාගේ අන්තිම ප්‍රාර්ථණය මේ සම්මජාතියට ඉටුවෙන්නේ නෑ. මේ ජාතිය හදන්න බෑ.අච්චර ආදරය කරපු සිංහයට වැඩේ දීලා ආපු පරපුරක් නේ මේක(සිංහබා).මට මෙක දැන් එපා වෙලා. සමාවෙන්න මම වැරදි නම්.

    ReplyDelete
  21. අම්ම ගහයි . .අඩෝ අබියා . .. . මේ උඹද බන් . .. එල එල . .

    දැන් වත් ඇස් ඇරුනා මදෑ (සදහටම පියවෙන්න කලින්) . . එ

    ල එල . . . පස්ට කවි ටික . .

    බොක්ක පතුලෙන්ම ආපු දුකෙන් ලියවුනු බව හිතට දැනෙනවා .. .

    මොනවා කරන්නද බන් . . .

    අසාධාරණයට විරුද්ධව අපි නැගිටින්නේ නැතුව අනිත් එකා නැගිටින කම් ආඬි හත් දෙනා තියරිය දාගෙන බලන් ඉමු මචං . ..

    ReplyDelete
    Replies
    1. මන් කියන්න උන්න ටික උඹ කියල තීන්නෙ. අපි ඌට අනුකම්පා කරමු, සහ සතුටු වෙමු!

      Delete
    2. අනිත් පැත්තෙ උන් පුක පෙන්නනා කල......
      සිහිකල යුත්තේ කාවද පවසනු මැනව...

      මේක ලියනකොටම දුකා අයියගේ කමෙන්ට් එක මට දැනුනා.. ඔය ඉහත පද දෙක ඇතුල් කලේ ඒ සඳහාමයි....

      Delete
  22. තුවක්කු එල්ල කරන ඕනැම පැත්තකට පත්තු වෙනවා වගෙයි නේද?

    ඇයි කොස් කොටන්න කියලද කියන්නේ තුවක්කුවලින්? ළමයෝ ඔච්චර වටිනා ආයුධ මලකඩ කන්න දෙන්න ඇහැකියැ?

    ReplyDelete
  23. නිකමට වගේ පොඩි කතන්දරයක සබැඳියක් දාන්න හිතුනා.

    http://kathandara.blogspot.com.au/2010/06/blog-post_21.html

    ReplyDelete
  24. අහ් ... අභීතත් දේශද්‍රෝහියෙක් වුනා එහෙනම් ! , තමන්ගේ හිසට පත්තුවුනු උණ්ඩේට ගිය වියදම , තුවක්කුව පත්තු කරපු එකාගේ පඩියේ ඉඳන් උණ්ඩු පත්තු වෙන්න මුල් වුන් ඇයින්ගේ රාජ ආසන දක්වා ඒ අහිංසකයගෙත් දායකත්වයක් තියනවාය කියල මතක් කරගත්තා නම් ... ..

    ReplyDelete
  25. මේ අවසාන ඝාතනය වේවා කියලා අපි කීපාරක් නම් කියන්නද?

    ReplyDelete
  26. දකින්න පතමු හීන බොඳ වෙලා යනකොට මටත් තියෙන්නෙ උඹට තියෙන කැක්කුමමයි අභියො, හැමෝටම එහෙම ඇති..

    ReplyDelete
  27. අපි හැමෝම එකතුවුණේ නැත්තං.. රටම ඉවරයි. යුද්දෙට දුන්න සපෝට් එක දැන් හොඳටම ඇති. හැමදාම මේක කරන්න දෙන්න පුළුවන්ද.

    ReplyDelete
  28. පරෙස්සමෙන්.. සුදු වෑන් එයි..
    මහ පුටුවේ ඉන්න චූල පුරුෂයා ඇහරුණොත් මේ ධර්මද්වීපේ ආයේ බ්ලොග් කියවනවා බොරුකොල්ලෝ!

    ReplyDelete
  29. සතියකින් ඕක අමතක වෙලා යනවා....

    ReplyDelete
  30. මෙතන ප්‍රශ්නය දම්වැලක් වගේ බැදිල තියෙන්නේ.වෙඩි තියපු කෙනා ඒක රාජකාරිය ලෙස කලත් ජීව උණ්ඩ වලින් වෙඩි තැබීම ගැන පාලකයන් වග කිව යුතුයි.අපි දන්න විදියට භූමිතෙල් මිල වැඩි වීම සෘජුව බලපාන්නේ බෝට්ටු හිමියන්ට. ආන්ඩුව භූමිතෙල් මිල වැඩි කරපු එකේ පාඩුව බෝට්ටු හිමියන් පටවන්නේ අසරණ ධීවරයන් මත.මෙතන සිදුවන්නේ බෝට්ටු හිමියන් හා ආණ්ඩුව අතර තරගයේ ධිවරයන් ඉත්තන් බවට පත්වීමයි.ධීවරයන් පිරිසක් අතරේ අයිතිය බෙදී ඇති බෝට්ටු ඉතා සීමිත ප්‍රමාණයක් ඇතත් වැඩි ප්‍රමාණයක් ඇත්තේ තනි මුදලාලි කෙනෙකුට අයිතිය ඇති බෝට්ටු හා වෙනත් ධීවර උපාංගයන්ය.පසුගිය කාලයේ ආන්ඩුව විසින් ධීවරයන් පිරිසට අයිතිය බෙදෙන පරිදි බෝට්ටු ලබා දුන්නත් දේශපාලන බලය ඇති බෝට්ටු හිමියන් ධීවරයන් ලෙස තම පවුලේ අයගේ නම්(අයියා,මල්ලී,මස්සිනා ආදී ඥාතීන්) දමා එම බෝට්ටු වලින්ද වැඩි ප්‍රමාණයක් කොල්ල කෑවා.
    උඩ කමෙන්ට් කරපු කෙනෙක් කියල තිබුනනේ මාලු මිල වැඩි කලානම් උද්ඝෝසන අනවශ්‍යයි කියලා.ඒකෙන් විසදුමක් ලැබුනත් එහි වැඩි වාසිය අත්වන්නේ බෝට්ටු හිමියන්ටම තමයි.
    ඉන්ධන මිල වැඩි වීමේදී බස් හිමියන්, ආන්ඩුව, මහ ජනතාව,ඩ්‍රයිවර් කොන්දොස්තර ආදී පාර්ශ්වයන් වලින් වැඩිම පීඩාවට ලක්වන්නේ මහජනතාවයි.ඩ්‍රයිවර් කොන්දොස්තර ආදීන්ට දැඩි පීඩාවක් එල්ල වෙන්නේ නෑ.මෙවර ඉන්දන වැඩිවීමෙන් ආන්ඩුවත් දිනුම් බස් හිමියනුත් දිනුම් මහ ජනතාව පරාදයි.නමුත් ධීවර ප්‍රශ්ණයේදී ඤූමිතෙල් වැඩිවීම බලපෑවේ ඩ්‍රයිවර් කොන්දාස්තරට අනුරූප භූමිකාව රඟන ධීවරයන්ටයි.ඇත්තටම අපි පරණ ගානටම මාලු කන නිසා මහජනතාව වෙච්චි අපි පැරදිලා නැහැ.ඒත් මේ ධීවරයා වෙඩි කෑවේ ඒගොල්ලො වෙනුවෙන්ම විතරක් නෙවෙයි මහ ජනතාව වෙච්චි අපිත් වෙනුවෙන්.

    ReplyDelete
  31. මම නම් ඕකුන්ට චන්දෙ දෙන්නේ නැහැ

    ReplyDelete
  32. //ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න//

    අභියො දැන් කොතෙන්ටද, කොහෙන්ද හිනාවෙන්නෙ ? :-))

    ReplyDelete
  33. ලබන පාරත් ඡන්දෙ දෙමු අපි :))

    මට පු-- හිනා මචං...

    ReplyDelete
  34. ඕනෑම වෙනසක් කරනකොට ඒකට ප්‍රතිවිරෝධයක් එන එක ස්වාභාවිකයි. ඒ රෙසිස්ටන්ස් එක සමනය කරන්න පූර්ව සූදානම් නොවී පිස්සො වගේ යම් යම් වෙනස් කම් කරන්න ගියාම ඔහොම තමයි. පඬි කතා මිසක් මැනේජ්මන්ට් ස්කිල්ස් බොහොම අඩු එවුන් ඔය තීරණ ක්‍රියාත්මක කරන පු‍ටුවල වාඩි වෙලා ඉන්නකල් මේක අවසාන ඝාතනය නොවේවි. ඒක නිසා අපේ හිත රවට්ටගන්න "මෙය අවසාන එක වේවා" කියල කියල පැත්තකට වෙන්නෙ නැතිව මෙහෙම වෙන්න ඇයි කියල පත්තරේ හෙඩ්ලයින් එකෙන් එහාට හිතන්න පුරුදු වෙමු. එතකොට දැනුවත් සමාජයක් එක්ක ක්‍රමක්‍රමයෙන් සියල්ල වෙනස් වෙයි. ඒ වෙනකන් එක ‍රැයින් සිද්දකරන ජනවිප්ලව නිකං නිලා කූරක් වගේ සුරුස් ගාල පත්තුවෙලා නිවිල යයි.

    දීපු ඡන්දෙ වැ‍රැද්ද කියල තම තමන් වැ‍රැද්ද පටවගන්න එක තරම් නෙවෙයි. ඡන්දෙ නොදී බලයට ගේන්න හදන්නෙ කාවද ? උන් ආවත් මුන් ආවත් බල්ටිගහන්නෙ එකම පෙරහැරක නෙමෙයිද?

    ReplyDelete
  35. උබ මෙව්ව ලියල තමා අර බ්ලොග් එකට කෙලවිලා තිබුනේ

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...