Monday, March 19, 2012

පෝලියෝ, පිළිකා පරදපු යකඩ හිතක් ඇති ගැහැණියක් දුටිමි......

ජීවිතයට ගත හැකි පාඩම් විවිධයි... අනෙක් අයගේ චරිත තුලින්... උදාහරනෙකට පිළිකාවක් පැරදවූ ලාන්ස් ආම්ස්ට්‍රෝං වැනි ක්‍රීඩකයින් ගන්න පුළුවන්.. ඒ වගේම සිත එඩිතර කාන්තාවන් භයානක රෝග පරදවා ජය ගන්නවානම් එය අපේ ජීවිතවලටත් ඒ වගේම සංවේදී කාන්තා සිත්වලටත් ඉතා හොඳ පිටු වහලක් වෙන නිසා මම මේ කතාව අකුරු කරන්න හිතුවා....


දවස, මීට සති දෙකකට විතර කළින් දවසක්... තැන මගේ කාර්‍යාලය... අපි අපේ පාඩුවේ වැඩේ කරගෙන යද්දි එකපාරටම මගේ කාර්යාල සගයා වෙච්ච සෝරෝ මෙහෙම කිව්වා....


අභීත අයියා.... සිරා වැඩක් තියෙනවා යමුද?


මොකක්ද?


ඉන්න මම ලිංක් එක එවන්නම්...


හැරෙන තපෑලෙන්ම ලින්ක් එක එව්වා මිනිහා මට... ඒකේ සටහන්ව තිබුනේ ලංකාවේ සිටින ඉතා ප්‍රවීණ ගායිකාවක් වන විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ මාස්ටර් සර් ප්‍රසංගය මාර්තු 17වන දින නෙළුම් පොකුන රඟහලේදී පැවැත්වෙන භවයි.... ඒ වගෙම එහි තිබ්බ දුරකථනයකට කතා කලොත් එහි ප්‍රවේශපත්‍ර නොමිලයේ ලබා ගන්න පුළුවන් කියලා තිබ්බා... අපි ඉතින් පටස් ගාලා කථා කරලා ප්‍රවේශ පත්‍ර වෙන් කරගත්තා.... මොන වැඩ තියාගත්තත් එදාට යන්නත් අපි අමතක කලේ නෑ... මමත් මගේ ප්‍රිය බිරිඳත්, මගේ මරණයත්, ජේඩීත්, වාසලත්, තුශාර රවීන්ද්‍රත් (රවා) එදා ඇවිත් හිටියා... තංගල්ලේ ගොසින් සිටපු නිසා සෝරෝට මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබුනේ නෑ....


මේ තියෙන්නේ ඒ දැන්වීම....




නීලා වික්‍රමසිංහ කියපු ගමන් අපේ මතකෙට නැගෙන ගීත රාශියක් තියෙනවනේ.. මගේ ලොකු පුංචි මාව නලවපු කාලේ කියපු සිංදුවක් තියෙනවා.... ඒක තමයි මට නීලා වික්‍රමසිංහයන්ගේ ගීත වලින් කලින්ම සිහියට එන්නේ.... මෙන්න බලන්නකො මට කළින්ම මතකෙට එන විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ ගීත ටික....


1. පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ.....
2. බෝධියේ.. විහාරයේ.. පිදූ පියුම් වැනි වූ.....
3. වියෝ ගී ගැයෙනා හදේ.....
4. රහසේ හඬනා අප පැතුම්... (ක්ලැරන්ස් සමඟ.. මේකනම් ඉතින්..)
5. පාලොස්වක සඳ (පණ්ඩිත් අමරදේවයන් සම්ඟ.)
6. තුන් සිත දැහැන් ගත වෙනා... (කමල් සමග.)
7. හිරුට අයිති බව හිරු පවසනවා...
8. දුවෙක් සිටියානම්..... (මේක එන්න ඕන තුන්වෙනියට විතර.)


මේ තමයි ලිස්ට් එකේ උඩම ඉන්නේ.... තව පෝලිමක් ලිව්වෑකි... ඒත් ඉතින් පෝස්ට් එක ඉවර කරන්නත් එපායැ... ගොඩාක් ගායක ගායිකාවන් තමන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංග වල ගායනා කරන්නේ උපරිම සිංදු 20යි.. ඇය ඇගේ රසිකයින් වෙනුවෙන් ගීත 37ක් ගායනා කලා... අවසානයේ තව ගීත කොටස් 6ක් විතරත් ගායනා කලා.. පැය 5ක ප්‍රසංගයක සජීවී අත් දැකීමක් වින්දමයි මම.. ඉදිරියටත් විඳින්නේ නැතිවෙයි.. ඒ ඇගේ මනුස්සකම.... ඒ මනුස්සකමටත් එහා ගිය හැකියාව.. පොඩ්ඩක් හිතලා බලන්න.. විවිධ වූ ස්වර පරාස ගොඩාක් ඇතුලේ ලියවෙච්ච සින්දු 36ක් පැය 5ක් තිස්සේ එක දිගට ගායනා කරලා අවසානයට මාස්ටර් සර් ගීතය ගයන්න කොපමණ නම් හැකියාවක් ඇය සතුව ඇතිද?


ඔබ කවුරුත් දන්නා පරිදි ඇය පෝලියො රෝගියෙක්... 1989 වසරේ ඇය පෝලියො රෝගයෙන් කුඩා දරුවන් බේරා ගැනීම සදහා දැන්වීමකටත් පෙනී සිටියා... 1994 වෙද්දි අපේ රට පෝලියෝ වලින් මිදිච්ච රටක් වෙන්නට ඇයගේ දායකත්වයත් බෙහෙවින් බලපෑ හැටි ගැන ඔබට අවබෝධයක් ඇති.... ඒ වගේමයි පෝලියෝ රෝගය ඇයගේ ජීවිතයට බාධාවක් කර නොගෙන ඇය අපිට ගැයුවා.. ඇය ඉතාමත් ප්‍රවීණ ගායිකාවක් වුනා... පෙලියෝ රෝගයට පයින් ගැසූ ඇය තමන්ගේ අනාගතය ඉතා හොඳින් හා දැඩි සිත විවර කරගෙන ඇගේ ගමන ආවා...


පහුගිය අවුරුද්දේ ඇය බිලි ගත්ත තවත් මාරාන්තික ලෙඩක් තිබුනා..ඒ තමයි ඇය ගොදුරු වුනා පිළිකාවකට. ඇගේම වචන වලින් කිව්වොත් ඇය මරණයේ දොරකඩට ගොස් යළිත් ආවා.. වෛද්‍යවරුන් මෙන්ම හිතවතුන්ගේ සහායෙන් සහ ඇගේ සිතේ ශක්තියෙන් ඇය පිළිකා මාරයාවත් පරාද කරලා ඇවිත් අද අප වෙනුවෙන් ගී ගයනවා.. ඒ අතරෙම "ද මදර්" සංවිධානය පිහිටුවාගෙන අසරණ වුන කලා කරුවන්ට මහත් වූ සේවයක් කරනවා... ඒ වගේමයි.. ඉදිරියටත් අපේ රටේ මහ ජනතාවට ඇගේ හඬ රස සාගරයක් වේවි... ඇගේ සමාජ සුභ සාධන කටයුතු වල හයිය අපේ මිනිස්සුන්ට ලොකු පිට කොන්දක් වේවි... 


ඒ නිසා මැතිණියනි.. ඔබට දීර්ඝායු වේවා.....


ප.ලි. අනේ මට පෝලියෝ, අනේ මට පිළිකා කියමින් පසුබාන හා අනුකම්පාව දිනාගන්න උත්සාහ කරන හැමට සේම, අභියෝග ජය ගැනීම ගැන කට මැත දොඩන සහ ඒ සඳහා විදේශ චරිත මවාපාන අයගේ  දෑස්,  ලංකාවේ සිටින, මෙවන් චරිත ගැන විවර වේවා... 


ප.ප.ලි... මම 8 වෙනියට දාලා තියෙන දුවෙක් සිටියානම් ගීතයේ අන්තර්ජාල සබැඳියක් ලබා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් මම ස්තූති වන්ත වෙනවා...


62 comments:

  1. නීලා වික්‍රමසින්හ කියන්නේ මගේ ප්‍රියතම ගායිකාවක්...

    දවසක් දා රෑ සින්දුව කිව්වේ නැද්දයියේ :)

    ReplyDelete
    Replies
    1. කිව්වා නංගි.... නොකිව්වයි කියන්න මතක් වෙන්නේ නෑ කිසි ගීතයක්...

      Delete
  2. මම පොඩි කාලෙ දන්නෙ නෑ මේ ගායිකාවට පෝලියෝ කියන තත්වය තියනව කියල. ලස්සනට සාරියක් ඇඳන් වේදිකාවට ඇවිත් එක තැනක හිටගෙන ගීත කියන ගායිකාවක් විදියට මම නීලා වික්‍රමසිංහ ව දැක්කෙ.ඒ විදියට නොසෙල්වී ගීත ගායනා කරන අය තව එක්කෙනයි මම දැක්කෙ. ඒ මිල්ටන් මල්ලවාරච්චි.හදිසියෙම කොන්ඩ විලාසිතාව මාරු කරන්න ඇත්තෙත් මේ පිළිකාව නිසා වෙන්න ඇති.රටට වටින හඬක් !!

    ReplyDelete
    Replies
    1. ඔව් සිහින, සිනාව සහ හැඟීම් මුහුනෙන් ප්‍රකාශ කිරීම තුලින් ඇය හරිම පොහොසත්...

      Delete
  3. අපේ අම්ම ඔය ටික මට ඉස්සර කිව්ව නීලා මහත්මිය ටිවි එකෙ සින්දුවක් කියන වෙලාවක..සහතික ඇත්ත අභීත අයියේ මේ කතාව...

    ReplyDelete
    Replies
    1. ඔව් පැන්ඩෝ. අපි බොරු ලියනවද? :D

      Delete
  4. ආසාවෙන් හිටියත් බලන්න යන්න බැරිවුනා. ඇය සැබැවින්ම දිරිය ගැහැණියක්....

    ReplyDelete
    Replies
    1. ගියානම් හරිම අපූරුයි ඉතින්....

      Delete
  5. ඊයෙත් හොයා හොයා හිටියා නේද දුවව ..
    මමත් හොයලා බලන්නම්කෝ.
    මමත් ආසම ගායිකාවක් තමයි

    ReplyDelete
    Replies
    1. ඒක කොහෙවත් නෑ.. දන්න අදුනන සර්ච් එන්ජින් තුන හතරකටම කිව්වා... හරි ගියේ නෑ...

      Delete
  6. ඇත්තටම අපි ඇය ගැන සතුටු වෙන්න ඕන.................

    ReplyDelete
  7. අවංකවම නිහතමානී ගායිකාවක්..

    ReplyDelete
  8. සමහරු මිනිසත්කමට වැඩ කරන්නේ අවංකවම..ඒකයි ඒ වැඩ නිහඬ..වැඩිය කාත් කවුරුත් දන්නේ නැත්තේ!තව සමහරු වැඩ කරන්නේ හෝ කරනවා කියලා කියන්නේ ලෝකෙට පේන්න.එයාලා තමයි මාධ්‍ය හමු තියාගෙන ටීවී රේඩියෝ වල අඬ බෙර ගහන්නේ!අනාථ නිවාස වල උපන්දින සමරලා පත්තරවලට පොටෝ යවන්නේ!
    දීගායු වේවා!

    ReplyDelete
  9. නීලා වික්‍රමසිංහ මැතිනියනි, ඔබතුමියට දීර්ඝායු වේවා......!

    ReplyDelete
  10. නීලා වික්‍රමසිංහ කියන්නෙ සාර්ථක විදිහට මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කරලා සින්දුවේ භාවාතිශය බව වැඩි කරන ගායිකාවක්..ඇය තරම් වේදිකාවේ සිනහාවෙම්න් ගී ගයන වෙනත් ගායිකාවක් මා දැක නෑ..

    ReplyDelete
  11. මට මතකයි ටීවි එකේ කකලුක් කොටයි කියලා දැක්කාම.. අනේ පවු කියවුනා..
    එයා අනුකම්පාව ඉල්ලුවෙ නැ.. එත් අපේ හිත් තුල නිකන්ම අනුකම්පාව හටගත්තා..

    මං නම් ආසම සිංදුව-

    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපාවාරු නැත ඔබ හැර යන්නට..//

    ReplyDelete
  12. එතුමිය පාසලේ මගේ 6-11 වසර දක්වා සංගීත ගුරුතුමිය.මන් දැකපු හරිම ලස්සන ඒ වගේම හරිම දෛර්යසම්පන්න කාන්තාවක්..එක පාරක් ස්කොලේදී ඇය පවත්වපු ප්‍රසංගයක දුවෙක් සිටියානම්... සින්දුව කිව්වා, එතකොට ඉදිරිපෙළ අසුනක හිටපු නිරංජල සරෝජිනී ගායිකාවට හොඳටම ඇඩුනා . මිස් ටත් පස්සේ සින්දුව කියාගන්න බැරිව ඇඩුනා ..එවෙලේ හැමෝගෙම ඇස් වලට කඳුළු ආව.. විවාහ උන ගැහැණු කෙනෙකුට දරුවෙක් නැතිවීම කොච්චර හිතට බලපානවද කියල එදා අපිට දැනුන.. මිස් ට ඉක්මන් සුවය පතනවා..

    ReplyDelete
    Replies
    1. අක්කා විසාකාවියක් වගේ...

      Delete
    2. එතකොට මෙකුවි දන්නවද "අයි.ඩී.එච්" වල කාලයකට කලින් ජීවත් වුන ගංගා විතානගේ කියන සොයුරිය.

      Delete
    3. ඔව් එයා අපේ batch එකේ .. එත් සංගීත වැඩ වලදී ඇරෙන්න අපි එකට ඉන්දල නෑ..එත් පස්සේ කලෙක දැනගන්න ලැබුන ඒ girl suicide කරගත්ත කියල, එක ඇත්තද කියල නම් දන්නේ නෑ ..ඇත්තනම් හරිම පව් නීල මිස් ගේ හොඳම ගෝලයා.. හරි ලස්සන ළමයෙක්..

      Delete
  13. මටවන් දුක, අම්මේ...
    ජාතිජාතිත් සංසාරේ...
    දරුවට ඔ‍බෙ අත්වන්නට, දෙන්න එපා...
    රුදුරු පෝලියෝ බිඳු කිහිපෙන්,
    බේරාගන්න ඔබේ දරුවා...

    ReplyDelete
    Replies
    1. ෙම්ක තමයි මම ලියන්න හිටපු ෙකාමන්ට් ඒක. මම අහලා තිෙයන විදිහට ඔය අැඩ් ඒකට හිටිෙය් ෙනාමිලෙය්.
      නමුත් ලංකාදීප පත්තරෙය් ඉන්න දයාරාජපක්ෂ කියන චිත්‍ර කථා අදින හාල්පාරුවා සාජ සමයං කියන කාටූන් ඒෙක් දැන් අබ්බගාත කමත් විකුණන් කනවා කියලා හින්ට් ගැහුවා. මුංට අපි කියන්න උවමනා ෙකාෙහාමද?

      Delete
  14. එතුමියගේ සිංදු වලට මාත් කැමති.. නිහතමානි ගායිකාවක්.. හිතේ ශක්තිය අභියෝග වලදි කොච්චර මග කියනවද කියලා ඉගෙන ගන්න ඇය හොදම උදාහරණයක්..

    ReplyDelete
  15. නීලා වික්‍රමසිංහ මහත්මියගේ සමහර සිංදු තවමත් මට මතකයි....
    එතුමියගේ දිරිමත් පිරිපුන් සිනහව මා වැනි ආබාධිත අයටත් ජිවත් වෙන්න ලොකු ශක්තියක්....

    එතුමියට ඉක්මන් සුවය හා දීර්ඝායු ලැබේවා...!!!

    ReplyDelete
  16. පළමුව එතුමියට නිරෝගී සුව පතනවා , ඒ වගේම මල්ලී මේ තොරතුර අපි අතරේ බෙදා දීම වෙනුවෙන්ඔබට ස්තුති වන්ත වෙනවා . මක් නිසාද ඔබ කියන්නාක් වගේ මෙවන් දිරිය මිනිසුන් අපේ රටේ , අප අතරේමත් සිටින බව සිතන්නට අවස්ථාවක් දුන් නිසා ..ඔබ දන්නවාද ? ඔබ සැමගේ උපකාරය ලද තයිරොයිඩ් පිළිකාවෙන් පෙළෙන මගේ සිසුවිය අද ඇයගේ සේවයේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වුනා , අද මම ඇයට සුබ පතන්නට කතා කළා . මගේ හිතට සතුටක් ආවා , මක් නිසාද යත් මේ දරුවා තවමත් බොහොම හිත ධෛර්යයෙන් එම කටයුත්තට සහභාගී වෙනවා . මට මේ ලිපියෙන් ඇය ආයෙත් මතක් කළා ...ස්තුතියි මල්ලි...

    ReplyDelete
  17. නීලා වික්‍රමසිංහ මහත්මිය ගැන මම මුලින්ම දැන ගත්තේ මගේ අම්මාගෙන් , ඇය සහ මගේ මව ඉගෙන ගෙන තියෙන්නේ එකම පාසලකින්, මගේ අම්මා කියන විදියට නීලා කියන්නේ ගොඩක් හිත හොඳ චරිතයක්, හැබැයි එක වරම මිත්‍රශීලි වන චරිතයක් නොවෙයි කියලා තමා මම අහල තිබුනේ, මොනවා උනත් අභීත කියන දෙයක් ගැන මම එකග වෙනවා, අපේ ගොඩාක් අය බොහොම උජාරුවට තමාගේ ජිවිතේ පරමාදර්ශී චරිත විදියට තොර ගන්නේ පිට රටවල් වල අයව. එත් අපේ රටේ ජිවත් වෙන / ජිවත් වුන මේ වගේ චරිත දිහා බලන්න, ඒ අයාගෙන ලබා ගත යුතු ආදර්ශ ලබා ගන්න අපි ගොඩාක් පසුබට වෙනවා. ඒක අපේ අවාසනාව හෝ අදක්ෂ කම කියලා තමා මම හිතන්නේ.
    ජිවිතේ මොන බාදක තිබුනත්, නීලා වික්‍රමසිංහ මහත්මියගේ මුහුණේ තියෙන සිනහව ඇයගේ කටහඬ තරම්ම අද අපේ සමාජයට ගොඩාක් වටිනවා.

    visit : www.thunsitha.tk (තුන් සිත )

    ReplyDelete
  18. ඊයේ ඉදන් මේ සිංදුව හොයන්නේ,,තාමත් මේක හොයාගන්න බැරි උනා,, මමත් නීලා මහත්මියගේ ප්‍රසංගයක් බලලා තියනවා එතකොට නම් කොන්ඩේ හොදට තිබුනා,,මම හිතන්නේ මෙයාගේ කොන්ඩේ යන්න ඇති පිළිකා රෝගය නිසා,,,,මමත් ආසම ගායිකාවක්

    ReplyDelete
  19. මෙයාට පිළිකා රෝගය වැලදුනු බවක් දැන හිටියේ නෑ. මාත් මෙයාගේ ලස්සන සිංදු අහලා තියනවා.

    බලාගෙන යනකොට ඇත්ත තමයි. දිරිය ගැහැනියක්...

    ReplyDelete
  20. මවක් නොවුනත් දරුවන් වන් දහසක් ගීත බිහිකල මවක්ද ඇය තුල විය ...

    ReplyDelete
  21. මල්ලී , මෙන්න අර සිංදුවේ ලින්ක් එක (දුවෙක් සිටියානම්) ..http://www.neelawickramasinghe.com/frame_set/hit_collections.html#

    ReplyDelete
  22. මගේ ප්‍රියතම ගායිකාවක් . ඇයට නිරෝගී සුවය පතනවා .

    ReplyDelete
  23. නීලා කියන්නේ පුදුම කටහඬක්. සැබවින්ම ඇය දිරිය කාන්තාවක් . ලෙඩ රෝග වලට විතරක් නෙමේ තනියම ඉන්න රූමත් ගැහැනියක් ලෙස අපමණ අවලාද වලටත් දිරියෙන් මුහුණ දුන්න කෙනෙක් . කියන්න ඕන නැහැනේ ජනප්‍රිය වෙද්දී පිරිමියෙක්ට වඩා ගැහැනියකට අභියෝග වැඩියි අපේ සමාජයේ .
    ''වැදු මවටත් මහපොළවටත් ..නොමැත නිවනක්
    මේ මහා භද්‍ර කල්පයෙහි ...''
    මන් ආසම ඇගේ ගීයක් . හැකි නම් ලින්ක් එකක් දාන්න .

    ප. ලි . කෑල්ල ඇතුලේ නම් පොඩි තරහවක් වගේ දෙයක් තියෙනවා ද කියල මට හිතෙනවා . අපි අපේ රටේ අයගෙන් ආදර්ශ ගන්න ඕන තමයි . ඒත් ලෝකේ කොහේ හිටියත් දිරිය මිනිසුන් දිරිය මිනිසුන් මයි . නීලා වගේම නන්දා මාලිනියත් පසු ගිය කාලේ ඇයගේ කටුක ජිවන ගමන ගැන ඉතාම අවංකව ප්‍රකාශ කරලා තිබුන . වෙන්න ඕනේ මේ අපේ ඇය ගැන වෙනත් භාෂා වලින් ලෝකෙට හඳුන්වා දීමයි කියල මට හිතෙන්නේ . විශේෂයෙන් කලාකරුවන් විශ්වයටම අයිතියි . අපේ අය ගැන වගේම වෙන රටවල අය ගැන ත් අපි දැන ගන්න ඕනේ . මේ මට තේරුණ විදිහ . ඔබ අදහස් කලේ වෙන විදිහකට නම් මට සමාවෙන්න . [ විවාදයකට නොවේ . මගේ අදහස පමණයි ]

    P.S

    ඔබේ මේ ලිපිය ඉතාම අගය කරන බවත් කියන්න ඕනේ

    ReplyDelete
  24. මමත් එදා ප්‍රසංගය බැලුවා.... මම කලින් ඉඳන්ම ඇයගේ අසනීප තත්වයන් පිළිබඳව පෞද්ගලිකවම දැන හිටිය නිසාවෙන් මම කීයටවත් බලා පොරොත්තු වුනේ නෑ ඇය මෙතරම් ගීත ගොඩක් කියාවි කියලා... ඇත්තටම එදායින් පසු මටත් කියන්නට තියෙන්නේ අර ඇයගේ සැමියා ඇය ගැන කියපු කතාවමයි.... "නීලා කියන්නේ යකඩ ගෑණියෙක්"

    ReplyDelete
  25. එතුමියට දීර්ගායුෂ ලැබේවා.

    ReplyDelete
  26. නීලා මිස් මට මියුස්ක් උගන්නලානම් නෑ. උගැන්වුවෙ වෙන මිස් කෙනෙක්.ඒත් එක එක මියුසික් වැඩ වලට පුහුණුවීම් කලේ මිස් යටතෙ.සමස්ත ලංකා තරග වලට එහෙම පුහුණු වීම් නීලා මිස්.

    හරිම දිරිය ගැහැණියක්. පෝස්ටුවක් ලියන්න ඕනෙ ඒ මතක ඇසුරෙන්.

    ReplyDelete
    Replies
    1. අර යූ ටියුබ් එකේ තියෙන සිංදුව එතකොට ? :-))

      Delete
    2. හික්ස්... ඒ කැම්පස් කාලෙ කියපු එකක් ඔබා මාමෙ.

      Delete
  27. නීලා වික්‍රමසිංහට පිළිකාවක් තිබුන බව මේ පොස්ට් එක දකිනතුරු දැනගෙන හිටියේ නෑ. කොන්ඩ මෝස්තරය වෙනස්වෙන්න හේතුව මේකයි එහෙනම්. ඇත්තටම දිරිය යකඩ ගැහැනියක්. අභීත, මේ ගැන පොස්ට් එකක් දාල ඔයා කරලා තියෙන්නේ අගය කලයුතු හොඳ වැඩක්.

    ReplyDelete
  28. නීලා මිස් ට කැන්සර් එකක් කියලා දැනන් හිටියේ නැහැ. මිස්ට ඉක්මනින්ම සුවය ලැබේවා!

    ReplyDelete
  29. ඉගි බිගි කරනා තරු නෙතු වලට හොරා...
    …සෑගව සිනාසෙමු අපි ලොව හිදින තුරා.
    …මේ ගීතය තමා මගේ ජීවිතයට ගොඩාක් සම්බන්ද..
    …කවුදෝ මූනු පොතේ ඈයගේ නමින් හොර එක්වුන්ට් එකක් හදා ගෙන හිටියා,
    …මමත් රික්වෙස්ට් කලාම මාවත් ඈක්සෙප්ට් කලා. මම හිතුවෙ ඈත්තටම් ඒ නීලා වික්‍රමසින්හ කියලා. පස්සේ මට අඹේපුස්ස අවන්හලේ දි හම්බ වුනාම මම ඒක ගෑන් ඈහුවා. එයා කිව්ව අනේ ඒ මම නෙවේ. කමක් නේ මගෙ නමට හානියක් වෙන විදිහට ටෙක්ස්ට් කරන්නේ නෑත්නම් ඔහොම කරගෙන ගියවෙ කියලා. කොහොමත් එයා දෑන් මූනුපොතේ නෑ.

    ReplyDelete
  30. ආදර්ශයට ගන්න ඕන චරිත....නිහතමානී මෙගා ස්ටාර් කෙනෙක්.....

    ReplyDelete
  31. මම කැමතිම ගායිකාවක්...ඒ වගේම 'මාස්ට සර් ' මම කැමතිම සින්දුවක්...

    ReplyDelete
  32. නියමයි මචං.. සින්දුව උඹට මේල් කරලා ඇති..

    ReplyDelete
  33. නියම පෝස්ට් එක අබියා . . . .

    ReplyDelete
  34. මැණිකක් ඔප දැම්මා වගේ වැඩක්

    ReplyDelete
  35. මමත් ආසාවෙන් හිටියෙ මේක බලන්න යන්න. ඒත් යන්න උනේ නැහැනේ :(

    ReplyDelete
  36. නීලා වික්‍රමසිංහ කියන්නෙ සොඳුරු මනුස්සයෙක්. ඇයට නීරොගී සුව ලැබේවා !

    ReplyDelete
  37. ඊළඟ ප්‍රසංගයට කොහොම හරි යනවා.. අපි සින්දු අහන්න පටන් ගත්ත 70 අග සහ 80 මුල දශකවල ඇහිච්ච මේ කටහඬ කොහොම අමතක කරන්නද ?

    ReplyDelete
  38. මමත් හරි ආසා ගායිකාවක්...

    ReplyDelete
  39. පෝස්ටරේ පාරෙදි දැක්ක.. මේ දවස්වල විජයානන්දනය කියල සිකුරු හතේ තුමාගෙ එකකුත් තියෙනව නොවැ.. දෙන්නම සුපිරි.. ඒත් සෑමට පින නැහ බලන්ට යන්න..

    මේවා ‍හොද වැඩ..

    ReplyDelete
  40. මෙන්න පෝස්ටු...ඇඩෙනවා!!!

    ReplyDelete
  41. මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු කවදාවත් මැරෙන්නේ නෑ! එතුමියගේත් ශක්තිය , එතුමියගේම මිනිසත්කම! ජය!

    ReplyDelete
  42. මම නම් නීලාගේ සින්දුවලට ආස නෑ, voice එකටත් ආස නෑ, එත් ගැහැණියෙක් විදියට සෑහෙන්න අගය කරනවා.

    ReplyDelete
  43. මම කැමතිම 'වියෝ ගී' සින්දුවට.

    ඇත්තෙන්ම මේ පිළිකා කතාව දන්නෙ මේ පෝස්ට් එක කියෙව්වට පස්සෙ.

    අර සින්දුවට ලින්ක් එකක් දාලා තියෙන නිසා තව දුරටත් හෙවීම අත හැරියා.

    මේ තමන්ගෙ නම කැත නොවෙන ආකාරයට ජීවත් වෙන වැදගත් කාන්තාවක් හැටියටයි මම ඇය ගැන දන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  44. අබීත අයියා ලංකාවේ එක එක යුග වලට ගායකයෝ පහල වෙනවා...ඒ අතරින් අතීත යුගයේ අය විතරයි අදටත් ර‍ටේ ගායක ගායිකාවෝ විදියට රැඳිලා ඉන්නේ...නීලා වික්‍රමසිංහ මහත්මිය ගැන කියනව නම් මම මුලින්ම ඇගේ ගීයක් ඇහුවේ මතක හැටියට 6 වසරේ ඉන්නකොට....එතකොට කිසිම තේරුමක් නෑ...හැබැයි මට සංගීතය ගැන උන බෝවුනේ අන්න ඒ සිංදුවත් එක්ක....සිංදුව තමා තුන් සිත දැහැන් ගත වෙනා....සිංදුව මට කොයිතරම් වාර ගණනාවක් ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නෑ.....
    මගේ ජීවිතේ එක හීනයක් තමා නිලා වික්‍රමසිංහ මහත්මියගේ මාස්ටර් සර් ප්‍රසංගය නරඹන එක බලමු අනාගතේදිවත් අවස්ථාවක් ලැබෙයිද කියලා.... :)

    පෝස්ට් එක නම් නියමයි අබීත අයියේ...

    ReplyDelete
  45. 1. yalith hamu nowewa...
    2. Sabada kamak nathi dedeneku wemu api...
    3. Etha Duraka Dease...
    4. Ingi Bingi Karana...
    5. Rata Heradaa...
    6. Sadaa Ukulu Thala...
    7. Sanda Mala ipaduna...
    8. Udaa Unaa Hiru...
    9. Upa Nupan Jaathi...


    Mee mage favourites. Ahala balanna http://infolanka.com/miyuru_gee/

    ReplyDelete
  46. http://laksongs.blogspot.com/2012/03/duwak-hitiyaanam-neelaa-wickramasinghe.html

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...