Wednesday, March 21, 2012

සඳරූ මචන්........., සතුටු කඳුළු අතරින්, හිස් අහසට සුභම සුභ පැතුම්......


මම මූ ගැන ලියන දෙවෙනි දවස.. පළවෙනියට ලිව්වේ අර කෙල්ලෙක් සෙට් වෙච්ච හැටිනේ... අපේ බ්ලොග් අවකාශයේ වැඩිම දෙනෙක් කියවන හිස් අහස බ්ලොග් අඩවිය අද ඉතාම ලොකු ජයග්‍රහණයක් ලැබුවා.... "අසෙනිය කුසුම" සාහිත්‍ය උළෙලේදී, 


හොඳම බ්ලොග් අඩවිය
හොඳම පෞද්ගලික බ්ලොග් අඩවිය


කියන සම්මාන දෙකම හිමි කරගෙන ඉතා දිගු පිම්මක් පැන්න එකට සතුටින් තමයි මේ බ්ලොග් පෝස්ට් එක ලියවෙන්නේ...


ඔහු කියන විදිහට මිනිහා ඉන්නේ උතුරු වැව්ගම් පත්තුවේ... එක්තරා දවසක මටත්, සෝරෝටත්, බ්ලොග් පාඨිකාවක් වෙච්ච දීටත් අවස්ථාව ලැබුනා මොහුගේ ගම් පලාතෙ රස්තියාදුවක් ගහන්න... මේ මම ඔහු දැකපු හැටි සහ ඔහු හැඟුණ හැටි....


මිනිස්සු ගොඩාක් අවශ්‍යයි කියන මූලික සාධක ඔක්කොටම පයින් ගහලා, ගැමිකමයි මනුස්සකමයි විතරක් ඔළුවට අරගෙන ලොකු මහ මන්දිර ගැන නොසිතා එදා වේල කාල ඇඳලා ඉන්න මනස හදාගෙන ඉන්න සුපිරි කොල්ලෙක්.... "අඩෝ උඹ සුපිරියට ලියනවා" කියලා අපි කියද්දි, "මොනවද බන් එදිනෙදා වෙන ඒවා බන් ලියන්නේ" කියලා සරලව කියපු එකෙක්.... ඒ සරලකමනම් උපරිමයි මචන්... 


සඳරු, උඹට මතකද? අපි උඹලගේ ගෙදර දවස් දෙකක් හිටියා... ඒ දවස් දෙක ඇතුලේ උඹට සලකන්න පුළුවන් උපරිමේටම අපිට සලකපු හැටි... අලි බලන්න කැලේ එක්ක ගිය හැටි... උඹේ බ්ලොග් එකේ තියෙන උඹලගේ ගෙවල් පැත්තටම ආවේනික ඒවා අපිට කවලා පොවලා උඹ හැබෑ ආගන්තුක සත්කාරයක් අපිට ලබා දීලා උඹ තනියෙන් සතුටු වෙච්ච හැටි අපි දැක්කා....


උඹනම් හැබෑ දක්ෂයෙක් මචන්, කොළඹ ආපුහාම උඹට යන්න දෙන්නේ නැතුව තව දවසක් හරි තියාගන්න අපි උත්සහා කරන්නෙත් උඹේ ඒ දක්ශකමයි මනුස්සකමයි නිසා.. උඹ ගැන තව බොහෝ දේවල් ලියන්න පුළුවනි... වෙන්නේ පෝස්ට් එක දික්වෙන එක විතරයි.. 


එහෙනම් ලොක්කා... උඹේ තවත් ලිපියකින් ආයේ හම්බෙමු.. ඉස්සෙල්ලාම හමු වුන දවසේ මම උඹට කියපු කතාවම මම අදත් උඹට කියන්නම්....


"උඹ ඉන්න ඕන තැන මෙතන නෙවෙයි, තව ගොඩාක් ඉස්සරහා දුරක......"


සුභ පැතුම්... සඳරුවා... 7 වෙනිද සෙට් වෙමු එහෙනම් කොල්ලෝ..... 


ප.ලි. මේ දැන් ඌ ගැන අදහස් මේකේ දාලා උගේ බ්ලොග් එකේ සුභ පතන්න... 


ප.ප.ලි. අවුරුදු උත්සවේ වෙනවද හැබෑට....... මොකද මූට අම්පාරේ ඉඳන් ඇවිත් හැරිලා යන්න වෙයිද දන්නේ නෑ...

81 comments:

  1. උණුසුම් සුභ පැතුම් සඳරු !...

    ReplyDelete
  2. සුභ පැතුම් සඳරු මල්ලී!!!!!!!

    ReplyDelete
  3. ජය වේවා සඳරු අයියේ. ජයම වේවා. සරලකම හා අව්‍යාජත්වය ආත්මය කොටගත් අපේ එකෙක්

    ReplyDelete
  4. සුභ පැතුම් සදරුවෝ!!! හොදම බ්ලොග් අඩවිය සම්මානේ උඹට හම්බුවේවී කියලා මගේ හිතෙත් ලොකු විශ්වාසයක් තිබ්බා.. දිගටම ලියන්න ජය සදරුවෝ..

    ReplyDelete
  5. උණුසුම් සුබ පැතුම් මචං........!!!

    ReplyDelete
  6. සදරුට සුභ පැතුම්.....!!!

    ReplyDelete
  7. මම මේ සම්මාන උලෙලට ගියේ සඳරූ, වීදුරු ගෙවල් සහ සයිබර්යාය නිසා..ඇයිද මන්දා මේ සම්මාන මට හම්බ වෙච්ච එව්වා වගේ මට සතුටක් දැනෙන්නෙ..? සම්මාන දෙකම ගත්ත වෙලාවෙත් මේ නිරහංකාර පොඩි එකාගෙ තිබ්බෙ අර "මොනවද බන් එදිනෙදා වෙන දේවල් බන් ලියන්නෙ" කියන එකම තමයි..

    ReplyDelete
  8. උණුසුම් සුභ පැතුම් සඳරු !...

    ReplyDelete
  9. උණුසුම් සුභ පැතුම් සඳරු.....!!!!

    ReplyDelete
  10. සඳරු...උඹ වගේ වෙන්න අපට බැරි හින්ද... උඹ අනභිබවනීයයි...
    උණුසුම් සුබපැතුම්...!! දිගටම ලියපන්...

    ReplyDelete
  11. දිගු ගමනකට ආසිරි සුභපැතුම් .......!!!!!!!

    ReplyDelete
  12. සුභ පැතුම් සඳරු මලේ.....!!!! ජය වේවා.!!!!

    ReplyDelete
  13. සිංහල බ්ලොග් කරන තරඟාවලියේදී යෝජනා වී තිබූ බ්ලොග් කෙසේ වෙතත් අවසානයේ සුදුස්සාටම සුදුසු සම්මාන ලැබිණී!!
    සඳරුට සහ බුද්ධි අයියාට මගේ සුභ පැතුම්! :)

    ReplyDelete
  14. එහෙට මෙහෙට දුවන අතරේ බිලොග් එකේ පල කරලා තිබිබ මෙි පෝස්ටි එක දැක්ක නිසා කියවන්න හිතුනා. මට මුලින්ම බිලොග් එකක් ලියන්න හිතට ශක්තිය දුන්නේ උඹයි. මං ඒක ඔින තැනක බය නැතුව කියනවා. ඒ නිසා උඹ මෙි ගත්ත සමිමාන දෙක ගැන මගේ හිතේ තියන සතුට ඇත්තටම මෙතන මෙහෙම ලියලා පල කරන්න බැහැ. නැගනහිර පලාතේම ගම වෙචිචී අපේ කොල්ලෙක් මෙහෙම සමිමාන ගත්ත එකම අපේ පලාතටත් එක්කම ආඩමිබරයක්.

    එහෙනමි සදරුවෝ... මෙි බිලොග් අවකාශයේ තව චීරාත් කාලයක් වැජඹෙින්න උඹට ශක්තිය, ධෛර්්‍ය ප්‍රාර්ථනා කරනවා...!!!


    ජයවෙිවා..!!!

    ReplyDelete
  15. බ්ලොග් අවකාශයේ "අ"යන්න කියල දුන්නු සන්දරුට මගේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අසරණයා වැදගත් තැනකින් පටන් අරං.. ජය !

      Delete
  16. සඳරු උඹට සුභ පතලා වැඩක් නෑ බං... මොකද මෙතන මෙහෙම කොටම සුභ පැතුමත් කියන්නේ නිකම්ම වචන ගොඩක් විතරක් නිසා... අනෙක උඹ මේ වචන ගොඩට ඔඵව උදුම්මා ගන්න එකේක නොවෙන නිසා. ‘ගොඩේ‘ කියා සම්මත තැනකින් සයිබරයට පැමිණ සයිබරයම ජයගත් උඹේ උත්සාහයට මගේ ආචාරය !!! ජයවේවා කොල්ලෝ... මැරෙන කල් ලියපන් !!!

    ReplyDelete
  17. අමුතුවෙන් පතන්නට දෙයක් නැත. එහෙත් පතමි ජය..

    ** සදරුවා ඉස්සෙල්ලම මගේ බ්ලොගේ දාපු කමෙන්ටුව මට හොදටම මතකයි. එදා මම අහිංසකව සතුටු වුනා ඒක සදරුවා දන්නෙ නැතිව ඇති. සදරුවා දෙවෙනි කමෙන්ටුව දැම්මෙත් ඒ කතාවෙ දෙවෙනි කොටසට (වැලහින්නකට පෙම් බැදිමි කතාවේ)**

    මේ බ්ලොග් පෝස්ටුව දකින් කලින් අසරණයා නිව්ස් එක දුන්නා.. පොරටත් තුති..

    ReplyDelete
  18. සඳරු මලේ ඔයාට උණුසුම් සුභ පැතුම්....

    ඔයාට ලැබිය යුතුම සම්මානයක් තමා ලැබුනෙ...

    ReplyDelete
  19. සඳරු ගැන මොනවා කියන්නද . අව්‍යාජ ..නිහතමානි ...ඔව්ව අහල කොලුවටම එපා වෙලා ඇති . සඳරු මල්ලි ලැබූ ජයග්‍රහණයට මගේ උණුසුම් සුබ පැතුම් . ඒ එක්කම ඔබේ හැකියාව බ්ලොග් වලටම සිර කර නොතබා වෙනත් සාහිත්‍ය ඉසවු කරා දියුණු වේවා කියා මන් පතනවා . ඔන්න ඔයාට එපා වුනත් කරන්න දෙයක් නැහැ . ඔයාගේ ලියවිලි නම් සුපිරි කියල ආයෙමත් කියනව .

    ReplyDelete
  20. නියමයි....මගේ සුභ පැතුමත් එක් කරනවා

    ඇභීතගේ පෝස්ට් එක දකිනකන් මේ ආරංචිය දැනගෙන හිටියෙ නෑ

    ReplyDelete
  21. ඇත්තටම සඳරුව අද මුණ ගැහුනේ අද මම.. අභිතයියා කියපු විදියම තමා.. ජයවේවා සඳරු.. අනිවා උබට මිට වඩා ඉස්සරහාට යන්න පුළුවන්.. හදවතින්ම සතුටුයි...

    බුද්ධි අයියාටත් සුබ පතනවා... ජයවේවා..!

    ReplyDelete
  22. සඳරු මල්ලිට සුබ පතන අතරේම මේ ගැන පෝස්ට් එකක් දෑ අභිත මල්ලිටත් ස්තුති කරනවා ..

    ReplyDelete
  23. මට නං හර්ෂණ අයිය තමා පයිණ්ඩෙ කිව්වෙ මුලිම්ම.... සඳරු අයියට හදවතින් ම සුභ පතන ගමං හර්ෂණ අයියටත් ස්තූති කරනව කතාව කිව්වට... බුද්ධි අයියටත් වීදුරු ගෙදර පූස අයියටත් ඒ වගේම හදවතින් සුභ පැතුම්!

    ReplyDelete
  24. සුදුස්සාටම සුදුසු සම්මාන ලැබිණී!!

    අනිත් ප්‍රතිපල බලාගන්න පුළුවන් ලින්කුවක් නැද්දෝ ?

    ReplyDelete
  25. උණුසුම් සුභ පැතුම් සඳරු.. !

    ReplyDelete
  26. https://www.facebook.com/media/set/?set=a.2811067962870.116291.1443870166&type=3

    මේ ෆොටෝ ටිකත් බලන්න එහෙනම් ..... වීඩියෝ කෑල්ලක් දාන්නම් හෙට වගේ ....

    මගේ උණුසුම් සුභ පැතුම් සඳරු මලේ .....

    ReplyDelete
    Replies
    1. http://www.youtube.com/watch?v=eiVjGNItO10

      මෙන්න පොඩි වීඩියෝ කෑල්ලක්.....

      Delete
  27. අපේ ඉසව්ව බ්ලොග් එකේ සඳරුට සුභපැතුම් පොස්ට් එකක් දැකලා වැඩි ව්ස්තර හොයන කොට තමයි මේ පොස්ට් එක දැක්කේ.මම මුලින්ම දැකපු සිංහල බ්ලොග් එක තමයි හිස් අහස ඉංග්‍රීසි දැනුමක් නොමැති මට සිංහල බ්ලොග් කියලා දෙයක් ගැන දැන ගත්තාම ලොකු සතුටක් දැනුනා.කියවපු පළමු බ්ලොග් එකෙ තිබුන මටත් පුරුදු ගමේ කම නිසා ඒසතුට තවත් වැඩිවී අන්තිමට මම සිංහල බ්ලොග් වලට අබ්බැහි වුනා. කාලයක් යනකම්ම මම කියෙව්වෙ "හිස් අහස" විතරයි ඒකේ කොමෙන්ට් වලින් තමයි කියවන්න අනෙක් බ්ලොග් තොරා ගත්තේ .ඉතිං මම සිංහල බ්ලොග් වලට ඇබ්බැහි කල සඳරුට ලැබුන සම්මාන මට ලැබුන වගේ සතුටතක් මට දැනුනා.සඳරුට හදවතින්ම මගේ සුභ පැතුම්! (කොමෙන්ට් එක දිගවැඩිද මන්දා)

    ReplyDelete
  28. උණුසුම් සුභ පැතුම් සඳරු..

    ReplyDelete
  29. බුකියෙන් තමයි දැනගත්තේ මේ ගැන පෝස්ට් එකක් දැම්මට ගොඩාක් ස්තූතියි......ඇත්තටම සඳරු අයියේ මම බ්ලොග් එකක් පොඩි කාලේ පටන් ගත්තට කොහොමද ලියන්නේ කියලා දැනගෙන හිටියේ නෑ ලිපි දෙකකින් බ්ලොග් අඩවිය වැහුවා ඊට අවුරුදු දෙකකට පස්සේ තමයි අයියා ලියපු ගාමණි චිත්‍රපටියේ නොතිබූ ආදර කතාව කියන පෝස්ට් එක දැක්කේ.....ඒකත් හෙනම හෙන අහම්බයකින් එදා ඒ කියවපු ගැම්ම නිසා මම අයියගේ පෝස්ට් හැම එකක්ම කියෙව්වා එකක් නෑර....මට පුදුම හිතුනා මේ තරම් අත්දැකීම් කොහොම ගත්තද කියලා...අදටත්ත අයියා ලියන අකුරක් ගානේ මට හිතාගන්න බෑ මේ සුපිරි ලිවිල්ල ලියන්නේ කොහොමද කියලා....

    බ්ලොග් ලියන්නේ මෙහෙමයි කියලා කියලා දුන්නේ සඳරු අයියා...තව කී දෙනෙක්ට ගුරුහරුකම් දෙන්න ඇතිද....සිංහල බ්ලොග් ලියන්නන්ට ඔයාගේ බ්ලොග් එකෙන් ලැබෙන ගුරුහරුකම් කියලා වැඩක් නෑ...මේ නම් ලැබිය යුතුම සම්මාන ටිකක්...මගේ මුළු හදවතින්ම අයියට සුභ පතනවා....දැන් නම් අයියගේ අහස හිස් නෑ...දැන් අයියා දිගටම ජයග්‍රහණය කරගෙන යන්නේ....ජය වේවා සඳරු අයියේ තව දුර යන්න සුභ පතනවා සෑහෙන්න සතුටකින් මේ කොමෙන්ටුව දාන්නේ...

    ReplyDelete
  30. සුබ පැතුම් සඳරු මල්ලි !

    ReplyDelete
  31. මමත් හිතනවා සුදුස්සන්ට සුදුසු සම්මාන ලැබුනා කියලා,,,සදරු උබේ බ්ලොග් එකේ ආරම්භයේ ඉදන් කියවද්දී උබ මේ තැනට ඉක්මනින්ම් එනවා කියලා,පහු ගිය සැරේ මාරයට මේක යද්දී ඊලගට යන්නේ උබට කියලා අපි එතන කමෙන්ට් කලා මට අද වගේ මතකයි..සුභ පැතුම් බන්

    ReplyDelete
  32. උණුසුම් සුබපැතුම් යාළුවා... දිගටම ලියපන්... සයිබර් සිහින උළෙල මේ පාරත් තියෙනවා...ලබන මාසේ 22 වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදි.... එදාට හමුවෙලා කතාකරමු....

    ReplyDelete
  33. හිස් අහස තවත් නම් හිස් නැත....! හිස් අහස හිත් අහසක්ව සැමදා දිලේවා!

    ReplyDelete
  34. අභීත අයිය වගේම මටත් වාසනාව ලැබුන සඳරුවගෙ ගමට ගිහින් ඌත් එක්ක ඔය ඌ ලියන තැන් වල ඇවිදින්න. අපි එතකොටයි දැනගත්තෙ මූ මේ ලියන කිසිම දේක අතිශයෝක්තියක් නෑ ‍වෙන දේ ඒ හැටියෙන්මයි ලියන්නෙ කියන එක.ඇත්තටම කොච්චර ප්‍රසිද්ධ උනත් උඹේ ඔය තියන නිරහංකාරකම තමයි වටින්නෙ.ජය පතනව උඹට..

    ReplyDelete
  35. සඳරුට සහ චුටි මහත්තය දෙන්නටම මගෙනුත් උණුසුම් සුබ පැතුම්.....!

    ආරංචිය දීපු එකට අභිතටත් ස්තුතියි... :)

    ReplyDelete
  36. මගෙත් උනුසුම් සුබ පැතුම් සඳරූ!!!

    ReplyDelete
  37. "හිස් අහස" බ්ලොග් අඩවිය ගැන බ්ලොග් අවකාශයේ සැරිසරන්නන්ට අමුතුවෙන් හදුන්වා දිය යුතු නැත.දෙදහසක් පමන වන බ්ලොග් අඩවි අතරින් වඩාත්ම ආකර්ශනීය අයුරින් පාඨකයන් ඇද බැද තබා ඇති බ්ලොග් අවකාශයේ වඩාත්ම ජනප්‍රියම බ්ලොග් අඩවිය "හිස් අහස" බ්ලොග් අඩවිය ලෙස හැදින්වුවහොත් එය අතිශෝක්තියක් නොවනු ඇත.
    "චින්තක සදරුවන් ජයවික්‍රම" නමැති අවු 22 ක නව යොවුන් තරුණයා මෙම අඩවියේ කතුවරයාය.සරල හා සුගම බසින් භාෂාව හසුරවමින් ගලායන ගඟක් ආකාරයට අව්‍යාජව හා මනස්කාන්ත අයුරින් තම ජීවිත අත්දැකීම් ඇසුරින් තම "හිස් අහස" බ්ලොග් අඩවියේ ලිපි ලියන සදරු ස්වකීය ලේඛන දක්‍ෂතාවය නිසාම බ්ලොග් අවකාශයේ දිදුලන තරුවක් බවට පත්වී ඇත්තේ වසරක් වැනි ඉතා කෙටි කාල සීමාවක් තුලය.
    බ්ලොග් ලියන්නකු තම අඩවියේ ලිපි ලිවිය යුතු ආකාරය ස්වභාවය රටාව මෙන්ම බ්ලොග් අවකාශයේ වෙනත් සාමාජිකයන් සමඟ ගනුදෙනු අදහස් දැක්වීම් සිදු කරන ආකාරය පිළිබදව ඔහු හා ඔහුගේ අඩවියෙන් ආධුනිකයන්ට මෙන්ම ප්‍රවීනයන්ටද ආදර්ශයක් දක්වා ඇත.
    සදරු ගැන කතා බහ කිරීමට පෙර ඔහුගේ අඩවිය පිළිබදව ආරම්භයෙන් සටහනක් තබමු.
    " හැමෝටම ආයුබෝවේවා!!!!
    අද තමයි මගේ මංගල බ්ලොග් එක ආරම්භ කරන්න යන්නේ.! පොඩි අමුත්තක් දැනෙනවා පහුවෙද්දී හරියයි .මීට කලින් කොමන්ට් වලින් නම් මගේ සහයෝගය දැක්වූවා . දැන් මට මගේම බ්ලොගක් තියනවා (ආඩම්බරයි ) මම ලියන වල්පල් වලට තරහගන්න ඔට්ටු නෑ ඕං . දැං ඉතිං මාව නවත්වනවා බොරු ලියනවා මම හැටට හැටේ . මම තාම අළුත් නේ රැග් කරන්න නම් එපා ! වරදක් ඇතොත් පෙන්නා දෙන්න . මම කරන හැම වැඩක්ම අතරමග නවත්වනවා බලමු මේකවත් අල්ලගෙන යන්න . එහෙනම් කරුනාකරලා මාවත් පිලිගන්න . ජයවේවා !!!! "

    මේ සදරු "හිස් අහස" බ්ලොග් අඩවිය ආරම්භ කල අයුරුය.අඩවියේ මාතෘකාවට පහලින් "කතා නොකරන හදවතක් තුල, කොයි තරම් නම් කතන්දර වේද...?" යන කෙටි හැදින්වීම සමඟ තම ආරම්භය සරලව දක්වන මෙම යොවුන් තරුණයා එම කෙටි ආරම්භක සටහනේ දැක්වූ
    "දැං ඉතිං මාව නවත්වනවා බොරු ලියනවා මම හැටට හැටේ ." වැකියෙන් දැක්වූ ආකාරයට මේ දක්වා හැටට හැටේ ලියමින් යන්නේ කියන දේ කිරීම බ්ලොග් කරුවකු තුල පැවතිය යුතුම ගුණාංගයක් බව අන් අයටද මතක් කරමිනි.
    සාර්ථක බ්ලොග් කරුවකු ලෙස ලිපි ලියන සදරුගේ "හිස් අහස" අඩවිය වෙනත් බ්ලොග් අඩවි වලින් වෙනස්වන සුවිශේෂී විශේෂ අංග කිහිපයක් කෙටියෙන් සදහන් කරන්නේ ඒවා ආධුනික මෙන්ම ප්‍රවීන බ්ලොග් කරුවන්ටද දැන සිටීම වටින බව දැනුන හෙයිනි.

    ReplyDelete
  38. * අඩවියේ පැරණි ලිපි වලට පහසුවෙන් ලගා විය හැකි වීම.
    * නරඹන්නන්ට ඇසට ප්‍රිමනාප හා පහසුවක් දැනීම
    * පාඨකයන්ට කමෙන්ට් කිරීමට වැඩි පහසුවක් දැනීම.
    * තොරණක් මෙන් අනවශ්‍ය විසිතුරු ගැජට් නැති නිසා ඉක්මනින් ලෝඩ් වීම
    * අඩවියේ ලිපි සර්ව කාලීන වටිනාකමක් හා රසයක් තිබීම
    බ්ලොග් අඩවියක ලියැවෙන ලිපි සියල්ලක්ම සර්ව කාලීන වැදගත් කමකින් ලිවිය හැකි නොවුවත් අඩුම තරමින් ලිපි හත අටක්වත් මෙම තත්ත්වයේ තිබිය යුතුය.සදරුගේ ලිපි සියල්ලම පාහේ තව වසර 50 කින් පමන ඉදිරි පරපුරේ අයකු කියෙව්වද මහත් රසයක් එම තැනැත්තාටද ලැබෙනු ඇත.

    * කමෙන්ට් කරන පාඨකයන්ට සුහදව පිළිතුරු සැපයීම හා ඔවුන් අතේ දුරින් පවත්වා ගෙන යාම
    මෙයද සදරුගේ අඩවියේ දක්නට ඇති විශේෂී ලක්‍ෂණයකි.ඔහු කිසිවිටෙක තම අඩවියට පිවිසෙන්නන්ගේ සිත් රිදවීම් නොකරයි.අනවශ්‍ය කමෙන්ට් මොඩරේට් කරමින් පාලනයක් ඇතිව ප්‍රසිද්ධ කරන අතර බ්ලොග් අවකාශයේ සියල්ලන්ට එකසේ මිතුරුකම දක්වන අතර බ්ලොග් අවකාශයට මහා පිළලයක් බදු විවිධ කල්ලි වලට ඔහු සම්බන්ධ වන්නේ නැත.තම අඩවියට එන අය සමඟ මතවාද ඇති කරගන්නා අයට(දේශපාලන බ්ලොග් සම්බන්ධයෙන් නොවේ.) ඔහුගේ ක්‍රියාව මහඟු ආදර්ශයකි."ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න" ලෙස බ්ලොගයට ආරාධනා කරමින් තම බ්ලොගයට පැමිනෙන්න්ට ඉතා දරුණු අයුරින් බැන වැදීම් සිත් රිදවීම් සිදු කරන අභීතට සදරුගේ බ්ලොගය හා ඔහු කමෙන්ට් වලට පිළිතුරු ලියා ඇති අයුරු නැවත බලන ලෙස මා විසින් සුහද උපදෙසක් දෙමි.

    * සදරුගේ අඩවියේ වැඩිපුර ඇත්තේ ඔහුගේ ජීවන අත්දැකීම් ගැනය.බ්ලොග් අවකාශයේ වෙනත් බ්ලොග් ලියන්නන් ගැන කිසිදු ආකරයට සම්බන්ධ ලිපි කිසිවක් ඔහු ලියන්නේ නැත.ලිව්වත් ඒ කමෙන්ට් වලදී පමනකි.

    * හිස් අහසේ ලිපි ලියැවෙන ශෛලය සරලය සුගමය පාසැල් සිසුවකුට පවා එක දිගට කියවාගෙන ගොස් රසවිදිය හැකි ආකාරයෙන් ඇත.අක්‍ෂර වින්‍යාසය ව්‍යාකරණ භාවිතය ඉතා ඉහළ මට්ටමක ඇත.සැබවින්ම එය සදරු උපතින්ම ගෙනා ලේඛන හැකියාවේ ලක්‍ෂණයකි. ඒ පිළිබදව වැඩි විස්තර ඉදිරියට දක්වමි.

    * බ්ලොග් අඩවිය හා පලකැරෙන ලිපි ජනප්‍රය කරවීමට අවැසි තාක්‍ෂණ දැණුම "ගරිල්ලා" ආකරයට භාවිතා කරන අතර කිසිවිටෙක වෙනත් බ්ලොග් කරුවන් මෙන් කමෙන්ට් හා හිටිස් වලට කෑදරකමක් විදහා නොදැක්වීම.

    * ලිපි වල අන්තර්ගතය අව්‍යාජය. අතරින් පතර කතා රසය ඉස්මතු කිරීමට අතින් දැමීම් සිදු කලත් එයින්ද පාඨකයාට ලේකකයා තමා පිනවීමට දරා ඇති උත්සාහය විදහා දැක්වීම.ක්‍රිකට් තරගයකට කොළඹ ගොස් තම සඟයකු සින්ක් එකකට මලපහ කිරීමේසිද්ධිය දැක්වීමේදී
    "ඇදපල්ලා උඹලා සේරමත් එක්ක මේ ගූ ගොඩ ඔක්කෝම" එහෙම කියලා ලොකු සර් ලොකූ කිරි උගුරක් බිවුවා ! .ගූ ගොඩ දිහා බලාගෙනම ."
    මේ කෙටස තමා අතින් දැමූ බව සදරුම පවසයි.නමුත් ඔහු අතින් දැමූ ඒ කොටස කියවා කී දෙනෙකුට සිනා පහළ වන්න ඇත්ද?

    * හිස් අහස බ්ලොග් අඩවියේ ලිපි එකකට එකක් විවිධත්වයෙන් යුතු වීමද එහි ඇති සුවිශේෂී වැදගත් ලක්‍ෂණයකි.ආදරය ත්‍රාසය භීතිය කුතුහලය මෙන්ම සමාජයේ විවිධා පුද්ගයන් තුලින් මතුවන කුහකකම් වැනි ගති ලක්‍ෂණ පිළිබදව ලියා ඇත්තේ විවිධත්වය උපරිම අයුරින් තබමිනි.

    ReplyDelete
    Replies
    1. //"ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න" ලෙස බ්ලොගයට ආරාධනා කරමින් තම බ්ලොගයට පැමිනෙන්න්ට ඉතා දරුණු අයුරින් බැන වැදීම් සිත් රිදවීම් සිදු කරන අභීතට\\

      හුටා, කොහෙද බොලේ එහෙම කරලා තියෙන්නේ...

      Delete
  39. ඉහතින් දැක්වූයේ සදරුගේ "හිස් අහස" බ්ලොග් අඩවියේ විශේෂ ලක්‍ෂණ කිහිපයක් ගැනය.මෙම වටිනා අඩවිය ලියන සදරු ගැන කතා බහද මුල පුරමු.ඇත්තෙන්ම සදරු තමාගේ බ්ලොග් අඩවියෙන් තමා හා තමාගේ පවුලේ විස්තරත් කුඩා කාලයේ සිට තමන් මුහුණ දුන් විශේෂ සිුවීම් ඔහු බ්ලොග් ලිපි වලින්ම දක්වා ඇත.ඔහුගේ ප්‍රොෆයිල් එකෙන් දැක්වෙන පරිදි ඔහු.
    "මගේ ජීවිතයේ ජය කෙසේ වෙතත් පරාජය නම් මට නොඅඩුව ලැබෙනවා ..............! "
    ලෙස තමාව හදුන්වා දී ඇත්තේ තමන් ආමඟ ඉතා කටුක බව කෙටියෙන් පැවසීමටය.
    සදරු ඉතා කුඩා අවධියේම ග්‍රාමසේවා නිලධාරියකු වන ඔහුගේ පියා ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කොට ඇත.තම මව,නැන්දා වැනි ඥාතීන්ගේ පිහිට ආරක්‍ෂාවෙන් හැදුන සදරු තම පවුලට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් මැනවින් ඉටු කරන තරුණයෙකි.යකඩ බජාර් එකේ කෙල්ලකුට ආදරය කල මිතරකුට උදවු කිරීමට ගොස් ස්වකීය පාසැල් ගමන අතරමඟ ඇණ හිටීම පිළිබදව සද්ධිය සදරු බ්ලොග් ලිපියකින් දක්වා ඇත.සදරුගේ පාසැලේ විදුහල්පති තුමා මීට වඩා මානුෂික වූයේ නම් සදරු උසස්පෙළ විභාගයද ලියා විශ්ව විද්‍යාලයට තේරීපත්වී රටම පිළිගත් වියත් ලේඛකයකු වීමටද ඉඩ තිබුනි.
    සදරුගේ බ්ලොගයේ ලිපි සියල්ලම වාගේ මාවිසින් කියවා ඇත.එමෙන්ම සදරු ගැන වෙනත් බ්ලොග් ලියන්නන් ලියා ඇති හා පවසන දෑ මා එමට දැක ඇත.ටැබූ,මාරයා,කතන්දර වැනි ජනප්‍රිය බ්ලොග් ලියන්නන් බොහෝ අඩවි වල විවේචනයන්ට ලක්වී ඇත.අනිත් ජනප්‍රිය බ්ලොග් ලියන්නන් වැඩියෙන් බැනුම් ඇසීමත් සදරු අඩුවෙන් බැනුම් අසා වැඩියෙන් ප්‍රශංසා ලැබීමත් කෙනෙකුට ගැටළුකාරී විය හැකිය.උදාහරණයකට ජනප්‍රිය සිංහල බ්ලොග් අඩවියක් වන මාරයාගේ හොරාව ලියන චතූෂ තුෂර කුමාර හෙවත් මාරයා හා සදරු දෙදෙනාව සන්සන්දනය කරමු.මාරයා තරම් නින්දා අපහාස බැනුම් ගැරහුම් ලැබූ බ්ලොග් කරුවකු බ්ලොග් අවකාශයේම නැත. "මෝඩයා,බේබද්දා,හීරළුවා,සෙක්කා" ආදී අපහාස වදන් ඔහුට නිරන්තරයෙන් එල්ල වේ.සදරු මාරයා මෙන්ම මත්පැන් පානය කරන්නෙකි.දෙදෙනාම තමන් මත්ද්‍රව්‍ය ගත් බව බ්ලොග් පෝස්ට් ලියා ඇත.නමුත් සදරුගේ මත් ලිපි බැනුම් නොඅසා මාරයාගේ මත් ලිපි කුණු බැනුම් ඇසීමට හේතු කාරණා විමසා බැලීම වටී.තමා විසින් මත් ද්‍රව්‍ය ගැනීමෙන් ලද අත්දැකීම් ගැන දෙදෙනා ලියන්නේ දෙආකාරයකටය.රහස ඇත්තේ එතැනය.
    * මාරයා මත් ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය ගැනීම ගැන ලිවීමේදී මත්ද්‍රව්‍ය ගැනීම සුමිහිරි අත්දැකීමක් බවත් එය ඉතා වින්දනාත්මක අති වීර ක්‍රියාවක් බවත් මත්ද්‍රව්‍ය ගැනීම පෞර්ෂත්වය නංවන දෙයක් බවත් විහා දැක්වෙන පරිදි ලියයි.ඇත්තෙන්ම මෙය බ්ලොග් කියවන ගැටවර තරුණයන්ට වැරදි ආදර්ශයක් සපයයි.

    * සදරු මත්ද්‍රව්‍ය ගැන හා තමා විසින් මත්ද්‍රව්‍ය ගැනීමෙන් ලත් අත්දැකීම් විස්තර කර ඇත්තේ ඊට හාත්පසින් වෙනස් අයුරකිනි.ඔහු විසින් මත්ද්‍රව්‍ය ගත් සෑම අවස්ථාවකදීම වගේ ඔහු දක්වා ඇත්තේ එහිත තමා විදි අපහසුතා අවදානම පිළිබදවය."මුල්ල පටස් පානය" ගැන ලිපියෙන් ඔහු පවසා ඇත්තේ මුල්ල පටස් පානය කිරීමෙන් තමා කලාන්තව සිහිනැතීවී මහත් අපහසුතාවකට ලක්වූ බවය.තමා මත්ද්‍රව්‍ය ගත් සෑම අවස්ථාවකදීම තමාගේ ශාරීරික හා මානසික ශක්තිය හීනවී තමා අබල දුබලයකු පිස්සෙකු ලෙස හැසිරුන බවත් අනිත් අයගේ නින්දා අපහාස වලට පමනක් නොව ගුටි කෑම් වලටද ලක් වීම සිදු වී ඇති බව සදරු කියයි.ඇත්තටම සදරුගේ මත් ලිපි වලින් දැක්වෙන්නේ තමා ඊට පුරුදු වී ඇති නිසා එය කරන බවත් ඉන් මිදීමට තමාටත් උවමනාවක් අවශ්‍යතාවක් ඇති බවත්
    "බලාපල්ලා බීපු නිසා මට වෙච්චි අකරතැබ්බි කරපු මෝඩකම් කාපු ගුටි,ඇත්තටම මම ඒ වෙලාවේ බීලා නොහිටියානම් මම ඒ මෝඩ වැඩේ කරන්නේ නෑ මම ඒ වෙලාවෙ බීලා හිටියේ නැත්නම් මම උන්ගෙන් ගුටි කන්නේ නෑ මමයි උන්ට ගහන්නේ.බලාපල්ල බීම නිසා මම විදින දුක.උඹලා මේ ජරාවට පුරුදු වෙන්න එපල්ලා වැනි දෙයක් සදරුගේ අත්දැකීම් වලින් පාඨකයන්ට ලබාදීමක් සිදුවේ.
    සදරුගේ ජනප්‍රියතාවට හේතුවූ තවත් විශේෂ කරුණක් වන්නේ තමා ලත් ජනප්‍රියතාව නිසා අනවශ්‍ය ලෙස හිස උදුම්වා ගැනීමක් නොකිරීමය.2010 ඔක්තෝම්බර් 13 වැනි දින "සභාවෙන් අවසරයි." සිය පලමු ලිපිය ලියපු සදරුම අදද ඒ මානසිකත්වයෙන්ම සිටී.ඔහු කිසිවිටෙක තමා ලද ජනප්‍රියතාවය නිසා හිස උදුම්වාගෙන නැත. කතන්දර,වැප් නිශාන්ත වැන්නවුන්ගෙන් ඉදහිට තමන්ගේ උද්දච්ච කම් අදහස් වලින් එළියට පැන්නත් සදරුගෙන් එවැන්නක් හීනියට වත් දකින්නට නොලැබේ.
    සදරුගේ ජනප්‍රිතාවට ඔහුගේ කඩවසම් පෙනුමද මද වශයෙන් හෝ බලපා ඇත.ඇත්ත වශයෙන්ම සදරු කඩවසම් ප්‍රියමනාප පෙනුමැති නව යොවුන් තරුණයෙකි.බ්ලොග් කියවන තරුණ කෙල්ලන් ඔහු වටා එකතු වීමට එයද හේතුවක් විය හැකි බව කිව නොහැක්කේ කාටද?

    ReplyDelete
    Replies
    1. ෆොහ්.. නියම විචාරයක්.. ඇත්තටම මේ කරුණු ගැන අපේ බ්ලොග් ලියන්නන් අවධානය යොමු කළොත් හොඳයි..

      විශේෂයෙන්ම සඳරු මල්ලිගේ පෝස්ට් වල මම දැකපු වැදගත්ම දේ තමයි.. පාඨකයාගේ හිත් තුළ ඉස්මතු කරන මනුස්සකම.. ඒක හැම ලිපියකින්ම කරන්න වෙන කාටවත් පුළුවං වෙලා නෑ..

      Delete
    2. කියන්න වචන නෑ මම ගැන මේ තරම් විස්තරයක් ලියැවිලා තියනවා දැක්කාම පුදුම සතුටක් දැනුනා ..ස්තූතියි blog reader

      Delete
  40. හැම කමෙන්ටුවකටම ප්‍රතිචාරයක් දීම ගැනත් සඳරූ ට සම්මානයක් දිය යුතුයි.

    ReplyDelete
  41. සුභපැතුම් මචෝ !!

    ReplyDelete
  42. සුබ පැතුම් සඳරුවා.... අම්බානෙක සතුටුයි....

    ReplyDelete
  43. තවතවත් හොඳට ලියන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා

    ReplyDelete
  44. බොක්කෙන්ම සුබ පැතුම් සඳරු මල්ලී. දිගටම ලියන්න ශක්තිය ලැබේවා !

    ReplyDelete
  45. සඳරු මල්ලිට ජයෙන් ජයම වේවා !!

    ReplyDelete
  46. wish u all the best SANDARU macho.......

    ReplyDelete
  47. සඳරුව සුබ පැතුම් මචො

    ReplyDelete
  48. මගේ උණුසුම් සුභ පැතුම් සඳරු !

    ReplyDelete
  49. සුබ පැතුම් සඳරු මල්ලි !

    ReplyDelete
  50. අවංකවම සතුටුයි. මගේ සුබපැතුම්!

    ReplyDelete
  51. අභීතයියා . උඹට ස්තූතියි බං දහසක් වැඩ රාජකාරි මැද්දේ වුණත් විටින් විට මට කෝල් කරලා මං ගැන හෙවුවට වගේම මේ පෝස්ට් එකටත් ස්තූතියි .මොනා කියන්ඩද බං උඹලා තව වතාවක් අපේ පලාතේ එනකම් තමා මම බලාන ඉන්නේ . අහවල් එක උකස් කරලා හරි මම උඹලා හැමෝටම ඉතින් එදා වාගෙම ආයේ සලකනවා (ඊට පස්සේ බැරියැ ඩොල්ෆින් අල්ලන්න යන්ඩ) .. :)

    සූටි සමාන කෑලි දෙකක් හම්බ වුණා තමා ඒත් මට දැනෙන සතුට සූටි නෑ . උපන්දා ඉඳන් මට මෙලව සමානයක් තිබුන්නෑ අප්පා . තිබ්බ එකම සහතිකේ උප්පැන්න සහතිකේ විතරයි ඕං ඉතිං කටක් ඇරලා කියන්ඩ හරි දෙයක් තියනවා .. මේ ඔක්කෝම ඉතින් බ්ලොග් එක කියවවලා මට හයියක් වෙලා ගිය පාඨකයෝ නිසා තමයි මෙතන තියන කමෙන්ට් ටික බැලුවාම සම්මානෙ ලැබුනට වඩා සතුටක් ආවා ..

    ස්තූතියි උඹලා හැමෝටම ..!!

    ReplyDelete
    Replies
    1. සුභපැතුම් මචං, උඹල ඕක සමරද්දි අනිවා එනව මම

      Delete
  52. උණුසුම් සුභ පැතුම් සදරු..

    ReplyDelete
  53. අඩේ මම පරක්කුයි, ඔන්න මලයා මගෙනුත් හදවතින්ම සුබ පැතුම් ......

    ReplyDelete
  54. සඳරු ආරංචිය ලැබුනේ දැන්. මමනම් බලාපොරොත්තුවුනා උඹට මේ සම්මානේ ලැබෙයි කියලා. මගේ සුභ පැතුම් !!!

    ReplyDelete
  55. සුභ පැතුම් සඳරු. දිගුකල් දිනේවා.

    ReplyDelete
  56. අභියගෙ පෝස්ට් එක දකිනකල් හාංකවිසියක් දන්නෙ නෑ මං මල්ලී. වචන මහ ගොඩක් ලිවත් අන්තිමට ලියවෙන්නෙ "උඹට සුභපැතුම් !" කියල. ආවා වගේම සැහැල්ලුවෙන් දිග ගමනකට උඹට ආයෙමත් සුභ පැතුම් !

    අභීත උඹටත් ස්තූතියි පණිවිඩේ දුන්නට !!

    ReplyDelete
  57. උණුසුම් සුභ පැතුම් සඳරුවා!.

    අභීත කිව්වාමයි දන්නෙ. අර ලින්ක් එකට ගියාම තවම තියෙන්නෙ නිර්දේශිත බ්ලොග් අඩවිනෙ. ඇත්තටම අවසාන ප්‍රතිඵල බලන්නෙ කොතනින්ද?

    henryblogwalker the Dude

    ReplyDelete
  58. තව චිරාත් කාලයක් ඔයවගේ ලස්සනට ලියන්න.. සඳරු මල්ලිට හදවතින්ම සුභ පතනවා..

    ReplyDelete
  59. සඳරු අයියට සුභ අනාගතයක් වේවා :)
    මොකක්ද මේ 7 වෙනිද කතාව?

    ReplyDelete
  60. එහෙම සම්මානයක් දීපු එකාට සම්මානයක් දෙන්ට වටිනවා.. අවංකව වැඩේ කොළාට.. ඇත්තෙන්ම සඳරු තරං සුපිරියට ලියන එවුං හරිම අඩුයි.. සුබ පතනවා.. මල්ලී.. ඒ වගේම අභීත ටත් ස්තුතියි.. මේ ආරංචිය අපිට දුන්නට..

    ReplyDelete
  61. සදරුට සුභ පැතුම්.....!!!

    ReplyDelete
  62. උණුසුම් සුභ පැතුම් සඳරු ලොක්කා......

    හිමිකරුවාට හිමි දේ හිමිවිය :)

    ReplyDelete
  63. බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියලා නොදන්න එවුන් පවා හිස් අහස ගැන දන්නවා.. ඒ සඳරු ගේ ලේඛන හැකියාව නිසා. සුදුස්සා ට සුදුසු තැන ලැබුණා..බොහොම සතුටුයි මචං.. එල!

    ReplyDelete
  64. හදවතින්ම සුභපතනව සඳරු... ජය වේවා!

    ReplyDelete
  65. මගෙනුත් උනුසුම් සුභ පැතුම් සඳරු....

    ReplyDelete
  66. සුභ පැතුම් සඳරු අයියෙ.....ඕක ලබන පාරත් ලැබෙන්න කියනව වෙන මොකටවත් නෙවෙයි ඔය තියෙන නිහතමානීකමට.....අභීත අයිය මේක ගැන කියල දැනුවත් කරාටත් බොහොම ස්තූතියි.....ජය වේවා....!!!

    ReplyDelete
  67. සඳරූ අයියාට හිතූගෙ හදපිරි සුභ පැතුම්!!! බ්ලොග් ලෝකෙ ඉන්න පුදුම නිහතමානී චරිතයක් වෙච්ච සඳරු අයියා ට ලැබුණු ඇගයීමට හුඟාක් සතුටුයි!!! අයියා කියවන බ්ලොග් අතරේ ,මගේ බ්ලොගයත් තියෙන එක ඔක්කොමටම වඩා සතුටුයි!!! නිහතමානී කමයි,අවංකකමයි මිනිස්සුන්ව හුඟාක් දුර ගෙනියනවා අයියේ!! අයියාතව හුඟාක් දුර ය්නවා... හිස් අහසට ජයම වේවා!!!!

    ReplyDelete
  68. පුදුමේ ඕක ඌට නැතුව වෙනෙ එකෙකුට ලැබුන නම්

    ReplyDelete
  69. ජය වේවා! ජය වේවා! ජය වේවා! හද පත්ලෙන්ම සුභ ප්‍රර්ථනා !!!සඳරුට
    මල් පියලි

    ReplyDelete
  70. ජය වේවා අය්යේ උබ අම්පාරට ආඩම්බරයක්.දිගටම ලියපන් අපි උබ එක්ක.
    ඩ්ස් kollek

    ReplyDelete
  71. This comment has been removed by the author.

    ReplyDelete
  72. එල සඳරුවා එල..!! උඹට සුභ පැතුම්..!!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...