Sunday, March 25, 2012

සංගීතය බැරිව, සංගීතය නිසා ඉංජිනේරු පීඨයට ඇතුළු වෙන්න පුළුවන්ද?


මාතෘකාව දැක්ක ගමන් අඥ්ඥකොරොස් වෙලා යනවා නේද? නිකන් අයිසින් කේකුයි ලුණු මිරිසුයි වගේනේ... කිසිම ගැලපීමක් නෑ.... මීට දින කිහිපයකට කලින් මම විශාරද නීලා වික්‍රමසිංහයන් ගැන ලියූ ලිපිය කියවලා නිසූපා නංගිත් ඇය ගැන මතක සටහනක් ලියලා තිබුනා... ඉතින් ඒක කියවලා මේ කතා ටික මතක් උනේ.. මේ වගේ රස කතා කීපයක් ආපහු මතක් කරලා දුන්න එකටනම් සෑහෙන ස්තූතියි නිසූපා නගේ... පළවෙනි කතාව මගේ ඉස්කෝලේ සංගීත පංතියේ වෙච්ච  කථාවක්.... ප්‍රධාන කථාව වුනේ මගේ සුපුරුදු බෝඩිමේ...


ඉස්සර ඉස්කෝල කාලේ අපේ රැස්වීම තියෙන්නේ පිට්ටනියේ... උදේට ගිනි කන අව්ව... ඒත් සංගීත කණ්ඩායමේ උන් ටික පෝලිමක් ඉස්සරහා හෙවනේ ඉන්නවා ජාතික ගීය කියන්නයි, පාසැල් ගීය කියන්නයි... ඉතින් සංගීතය කරන උන් වැඩිය නෝන්ඩි නොවෙන්න ඔය පෝලිමට එකතු වෙනවා.. මොකද හෙවනනෙ උන් ඉන්නේ... ඔය බොරුව මාට්ටු වෙච්ච දවස තමයි සුපිරි... එක දවසක් පාසැල් ගීය කියන්න 100ක් විතර නැග්ගා පැවිලියන් එකට. ගුරු මන්ඩලෙත් ඉන්න නිසා ඉඩ මදි ඔක්කොටම.. එදා තමයි විදුහල්පති තුමාට තේරුනේ මොකක් හරි යටි කූට්ටු වැඩක් මෙතන තියෙනවා කියලා... සංගීත ගුරුතුමා දිහා බලපු විදුහල්පතිතුමා මෙහෙම ඇහුවා..


ඈ මිස්ට අබේසිංහ, ගායක කණ්ඩායමේ මෙච්චර සෙනගක් ඉන්නවද?


දැන් සර්ට වෙච්ච ලැජ්ජාව ගැන කියන්න දෙයක් නෑනේ... ආවා ගායක කණ්ඩායම ලඟට... නායකයා ලඟට ගිහින් කණට කරලා කිව්වා... ඌ විනාඩි දෙක යද්දි ඔෆිස් එකේ තිබ්බ පත වේවැලත් අරන් ආව... මූණ බලනවා ගහනවා දෙකක්... හොඳම වැඩේ කියන්නේ ගායක කණ්ඩායමේ උන්ටත් ගැසුවා... කොහොමද මුළු ඉස්කෝලෙම ඉස්සරහා ස්ටේජ් එකේ ඉඳන් කද්දි..... වාසනාව කියන්නේ එදා විතරයි මම ඔය ඉස්සරහා පේලියට නොගියේ....



ඒ කිව්වේ අනු කතාව.. මෙන්න ප්‍රධාන කථාව.. මේක සිද්ද වුනේ අපේ අර අමරණීය බෝඩිමේ.... ලුනා මතකනේ... ඔව් අංජාගේ අයියා තමයි.... අපි දවසක් ඔය අනන්මනන් ගැන කතා කර කර ඉන්නවා බෝඩිමේ.... දැන් මාතෘකාව කට්ටිය කැම්පස් සිලෙක්ට් වෙච්ච හැටි සහ භාහිර ක්‍රියාකාරකම් වලින් ලකුණු අරගෙන ගොඩ ගිය උන් ගැන..


උඹලා දන්නවද සංගීතෙන් ඉන්ජිනේරින් ගිය එකෙක් ගැන... එහෙම කිව්වේ ලුනා...


අනේ පලයන් බන් යන්න.. මියුසික් කරලා කොහොමද යකෝ ඉන්ජිනේරින් යන්නේ... දැන් අනික් උන් මූට වදේ ගහනවා..


නෑ බන් ඌ මියුසික් කලේ නෑ... ඌට මියුසික් කියලා මෙලෝ මඟුලකුත් බෑ.. ඒත් ඌ ඉන්ජිනේරින් ගියෙනම් මියුසික් නිසා.... අරූ අපේ කුතුහලේ වැඩි කරනවා....


අනේ පලයන් ලුනා... තොගේ තව බෙගලයක් තමයි ඔය... මේ ටෝක් දෙන්නේ පොඩ්ඩා....


නෑ බන්.. මමත් හිටියා අපේ ඔකෙස්ට්‍රා එකේ... සමස්ත ලංකා තරඟ තිබ්බ දවසේ එකෙක් ආවේ නෑ බන්... අපිත් එක්ක ගිය එකෙක් හිටියා උට මෙලෝ මලදානයක් බෑ.. මිස් කලේ කොම්බුවක් අතට දීලා ඌව කෙලවරෙන් හිටවලා කොම්බුව අල්ලපු එකාට තාලම්පට දීලා වැඩේ මැනේජ් කලා..


ඉතින් කොම්බුව අල්ලපු එකෙයි, කැම්පස් සම්බෙන්ධෙයි මොකක්ද බන්...


කරුමෙට අපි සමස්ත ලංකා පළවෙනියා උනා බන්... 


ඉතින්....


ඉතින් ##$% ඒකෙන් ලකුණු 10ක් හම්බෙනවනේ කැම්පස් යන්න... ෆිසිකල් තෙරිච්ච ඌ ලකුණු 10න් ඉන්ජිනේරින් ගියා... අර කැප වෙලා පන්ති කට් කරගෙන මියුසික් කරපු උන් තාම බෑන්ඩ් හදාගෙන දුක් විදිනවා අරහේ....


අනේ පලයන් ලුනා බොරු නොකියා....


කොහොමත් අංජා ඒ කථාව තහවුරු කල නිසා තමයි අපේ උන් කතාව පිළිගත්තේ...


පේනවනේ මිනිස්සුන්ගේ වාසනාව......               

44 comments:

  1. අඩේ මාරයිනේ මම ෆුල් හොල්මන් වෙලා කියෙව්වේ කොහොමද මේක වුනේ කියලා....ඒ අයියට නම් වාසනාව පන්න පන්න දීලා...

    ReplyDelete
  2. මුලින් දාපු කොමෙන්ට් එක උස්සා ඇත....දෙවෙනි කොමෙන්ට් එක මට පේන්න ඇත....

    ReplyDelete
    Replies
    1. Oyata mongal da ??

      Delete
    2. කව්ද උඹේ එක ඉස්සුවේ ??? :ප

      Delete
    3. නෑ ගැමියෝ.... ස්පෑම් එකේ තිබ්බේ... ඊට පස්සේ මම හැදුවා....

      ඇනෝලා නාන්නෙම හොයන්නෙ බලන්නෙ නැතිකම නිසා.... :D

      Delete
    4. මම දැම්ම එකත් ඒකෙද බලපන්කෝ... :(

      Delete
    5. ආනේ තියෙනවා තියෙනවා.... තැන්කූ අභී අයියේ

      Delete
  3. ස්ටේජ් එක උඩ ගායක කණ්ඩායමේ අභි අයියත් හිටියමයි කියලයි මගේ හිත කියන්නේ.

    කැම්පස් යන්න පල දුන්න වාසනාව තමයි වාසනාව.

    ReplyDelete
  4. ඒකට තමයි වාසනාව කියන්නේ.. මම ඒත් මාතෘකාව දැක්කම බැලුවා මේ මොකක්ද කියලා..

    ReplyDelete
  5. අන්න වාසනාවන්ත පොරවල්... ප්‍රින්සිපල්ලට පන්දම් අල්ලන අයට ලකුණු හම්බුවෙන්නේ කොහොමද දන්නේ නෑ ....

    ReplyDelete
  6. මාර වාසනාව.අඥ්ඥකොරොස් කියලා ලිව්වේ කොහොමද? :-D

    ReplyDelete
    Replies
    1. අඥ්ඥකොරොස් කියලා ලියන විදිහට

      Delete
    2. බොටත් මාර ප්‍රශ්න තමයි තියෙන්නෙ, ඔය ඇනෝ දීල තියෙන්නෙ උත්තරේ..... හික්.

      Delete
  7. මටත් ඔය 10 නම් තිබුනා.. නැතිවුනේ ඉතුරුවා තමයි... :)

    උපන්දින සුභ පැතුම් අභීත.....
    පාර්ටිය 22 ම ගමු..:)

    ReplyDelete
  8. පෙර පින... අපිට නැත ඒ පින

    ReplyDelete
  9. අහ් ඔව්වට කියන්නේ පොට්ට චාන්ස් කියලා....හි හි හි

    ReplyDelete
  10. ඇහින්දාස් කට්ටියටයි පැරශුට්ටන්ටමයි ගිය රටනෙ අභීත!

    henryblogwalker the Dude

    ReplyDelete
  11. යකෝ කොම්බුව තියෙන්නෙ නිකන් අල්ලන්න නෙවෙයි හක් ගෙඩිය වගේ පිබින්න...

    ReplyDelete
  12. හික් හික් උගේ වාසනාව...මට නං ලකුණු 132ක්ද කොහේද මදි උනා කැම්පස් යන්න.....

    ReplyDelete
  13. මොකද්ද මේ කොම්බුව ?

    ReplyDelete
    Replies
    1. ඔය ගෑල්ලමය අතේ තියං ඉන්නේ...අපේ සහෝදර ගෑනු ඉස්කෝලේ මහත කෙල්ලෙක් ඕක උස්සන් ගියේ..කහ පාට රෙද්ද හැට්ටේ ඇඳලා..ඇඟ හිරිවැටෙනවා ඒ කාලේ මතක් වෙනකොට ඔබා මාමේ.....

      Delete
    2. @ ඔබ නොදු‍ටු ලොවක්,
      Thanx

      Delete
  14. විශ්වවිද්‍යාලවලට යාමට කැමති අය මීට පසු සංගීතය හදාරත්වා....:D

    ReplyDelete
  15. වෙලාව වෙලාව.................

    ReplyDelete
  16. සමහර වෙලාවට අපි අවාසනාව කියල හිතන දේ ඇතුලේ අපේ වාසනාව තියනවා .

    ReplyDelete
  17. වාසනාව තියේ නම් වැල්ලෙත් ඹබරේ කැරකෙවෙනවා ලු නේද ???

    ReplyDelete
  18. හෆොයි දෙය්යනේ. මියුසික් හරියට කළ උන්ට මොනා හිතෙන්න ඇද්ද. :D

    ඒක නෙමෙයි නිසුපගෙ නම ලියල තියෙනව වැරදියි. නිසූපා නෙමෙයි නිසුපා.

    ReplyDelete
    Replies
    1. හැබෑට වැරදියි නේන්නම්.මාත් දැක්කෙ ඔයා කිව්වට පස්සෙනෙ.. :D

      Delete
  19. මරු කතාව.. ඇත්තමද මචං

    ReplyDelete
  20. ela dannawa num Buddie th music karanawa engineering faculty yanna :(

    ReplyDelete
  21. මාර ලක් එකක්නෙ ඒක.

    අපි සමස්ත ලංකා ගිය පාර අපිට ප්ලේස් එකක් හම්බ වුනේ නෑ නෙ.අපරාදෙ...:((
    හැබැයි වෙලාවට ලකුනු මදි වුනේ නෑ. :)))

    ReplyDelete
  22. ඉංජිනියරින් දමල ගහල ඇවිල්ල මියුසික් වලින නමක් හදාගත්ත අයත් ලංකාවේ ඉන්නවා නේද??

    ReplyDelete
  23. හෙහ් ඕක මොකක්ද බං ඔය ඉන්නෙ "මියුසික් ඉන්ජිනේරුවො" දැං වැහි වැහැල

    ReplyDelete
  24. මටනම් ප්‍රදාන එකට වඩා අනු කතාව පට්ට අභීත අයියේ ආ ඒක නෙවේ හැපි බර්ත් ඩේ ඈ

    ReplyDelete
  25. බලපං ඉතිං අපිට කොම්බුවක් තියා බම්බුවක් වත් අතට දෙන්ට එකෙක් හිටපු නැති හැටි...

    ReplyDelete
  26. හික්ස්...
    හොද වෙලාවට ඌට කොම්බුව සෙට් වුනේ...වෙන මොකක් හරි අහුවුනා නම් නාන්න තිබුනා :D

    ReplyDelete
  27. 97න් පස්සේ වෙච්ච එකක් මගෙ හිතේ. එතකන්නම් ම්ලියදෙවයේ ඔහොම උනේ නෑ.

    ReplyDelete
  28. iyaa koo ban rangaya mokada unee ekata...kallak set wela adinawada..?

    ReplyDelete
  29. අපෝ මේවා කොහොම විශ්වාස කරන්නඩ මන්දා..:D..
    කොහොම උනත් අර කැම්පස් ගියපු කෙනා නම් හරිම ලකී...

    ReplyDelete
  30. ඕකට තමයි මචං කියන්නෙ කන්න පින තියනවනම් , ඉබ්බා තුන පහ පිටේ බැඳගෙන එනවා කියලා.

    ReplyDelete
  31. මන් හිතුවේ මියුසික් බැරි නිසා ගණන් ඉගෙන ගෙන කැම්පස් ගියා කියල . මෙයාට ඊට වඩා පිනක් පල දීලනේ

    ReplyDelete
  32. ඕකට කියන්නෙත් වාසනාව කියලම වෙන්න ඇති නේද....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...